2010–2019
දෙවියන්වහන්සේගේ බලයෙන් හා අධිකාරියෙන් දේවසේවය කිරීම
2018 අප්‍රියෙල්


දෙවියන්වහන්සේගේ බලයෙන් හා අධිකාරියෙන් දේවසේවය කිරීම

අපි උන්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරිත්වයෙන්, සහ උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාවෙන් යුතුව දේවසේවය කරමු.

මාගේ දයාබර සහෝදරයනි, ස්වාමීන්වහන්සේ හා උන්වහන්සේගේ කාර්ය වෙත ඔබේ කැපවීමට ස්තුතියි. ඔබ සමග සිටීම ඇත්තෙන්ම ප‍්‍රීතිමත්ය. නව සභාපතිත්වයක් වශයෙන් ඔබේ යාච්ඤාවන් හා දරා සිටීමේ උත්සහයන් වෙනුවෙන් අපි ඔබට ස්තුති කරමු. කර්තව්‍යය ඔබේ කැපවීම හා ඔබේ පරාර්ථකාමී සේවය ඔබේ කැඳවීම් වල වැදගත් වන තරම්ම එම ගුණ අපට අපේ කැඳවීම් වල වැදගත් වේ. මේ සභාවේ ජිවිත කාල සේවයක් තුළින්, යමෙකු සේවය කරන ස්ථානය සැබවින්ම වැදගත් නොවන බව මම ඉගෙන ගත්තෙමි. ස්වාමින්වහන්සේ වඩා සැලකිලිමත් වන්නේ යමෙකු සේවය කරන්නේ කෙසේද යන්න ගැනයි.

වසර 50 ට වැඩි කලක් මට ආදර්ශයක් වු සභාපති තෝමස් එස්. මොන්සන් හට ගැඹුරු කෘතඥබවක් මම ප‍්‍රකාශ කරමි. ඔහුගේ උපදේශයන් සභාපති හෙන්රි බී. අයිරින් හා සභාපති ඩියේටර් එෆ්. උච්ට්ඩ්රොෆ් හට මම මාගේ දැඩි අගය කිරීම ප‍්‍රකාශ කරමි. ස්වාමීන් හා උන්වහන්සේ ගේ අනාගතවක්තෘන් හට ඔවුන්ගේ සේවයට මම ඔවුන්ට ප‍්‍රශංසා කරමි. මෙම කැපවුනු සේවකයන් දෙදෙනාම නව පැවරුම් ලබා ඇත. ඔවුහු තවදුරටත් ප‍්‍රාණවත් ව හා කැපවීමෙන් සේවය කරති. මම ඔවුන් දෙදෙනාටම ආචාර හා පේ‍්‍රම කරමි.

ස්වාමීන්වහන්සේගේ අධිකාරිය හා බලය සමග උන්වහන්සේගේ සත්‍ය හා ජීවමාන සභාවේ සේවය කිරීම අපුරු ආශිර්වාදයකි. පූජකවර යතුරු ඇතුළුවීම, දෙවියන්වහන්සේගේ පූජකවරය නැවත ස්ථාපිත කිරීම, සුදුසු පසුදවස්වල ශූද්ධවන්තයින්ට සියළු ආත්මික ආශිර්වාදවලින් උතුම්ව ඒවා විවෘත කරයි. ලොව පුරා කාන්තාවන්ට පුරුෂයන්ට හා දරුවන්ට එම ආශිර්වාද ගලා යනවා අපි දකිමු.

ඔවුන්ගේ කැඳවීම්වල හා එන්ඩවුමන්ට් හා වෙනත් දේවමාලිගා නියෝගවල අන්තර්ගත බලය වැටහෙන ඇදහිලිවන්ත කාන්තාවන් අපි දකිමු. මෙම කාන්තාවෝ ඔවුන්ගේ සැමියන්, ඔවුන්ගේ දරුවන් හා ඔවුන් පේ‍්‍රම කරන වෙනත් අය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට ස්වර්ගයේ බලය කැඳවීමට දනිති. මේ දෙවියන්වහන්සේගේ බලයෙන් හා අධිකාරීත්වයෙන් ඔවුන්ගේ කැඳවීම් තුළ නිර්භය ව මඟ පෙන්වන උගන්වන හා මෙහෙ කරන ආත්මිකව ශක්තිමත් කාන්තාවන්ය!1 කොතරම් කෘතඥ වනවාද මා ඔවුන් වෙනුවෙන්!

එසේම පූජකවරය දරන්නන් ලෙස ඔවුන්ගේ වරප‍්‍රසාද රකින ඇදහිලිවන්ත පුරුෂයන් අපි දකිමු. ඔවුහු පේ‍්‍රමය කරුණාව හා ඉවසීම සමග ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයේ කැප කිරීමෙන් මඟපෙන්වීම හා සේවය කරති. ඔවුන් දරණ පූජකවර බලයෙන් ඔවුහු අනුන්ට ආශිර්වාද කිරීම, මඟපෙන්වීම ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම සිදු කරති. ඔවුන් සේවය කරන්නට ඔවුහු ප‍්‍රාතිහාර ගෙන දෙන අතර ඔවුන්ගේ විවාහයන් හා පවුල් ඔවුහු රකිති. ඔවුන් නපුරෙන් වැළකෙන අතර ඊශ‍්‍රායලයේ මහඟු වැඩිහිටින්ය. 2 ඔවුන් වෙනුවෙන් මම බොහෝ ස්තුතිවන්ත වෙමි.

දැන් මා සැලකිය යුතු කරුණක් හඬ නගන්නද? එය මෙයයි. අපේ සහෝදරයන් හා සහෝදරියන් වැඩි ප‍්‍රමාණයකට පූජකවර බලය හා අධිකාරියේ සංකල්පය පුර්ණ ලෙස වැටහී නැත. දෙවියන්වහන්සේගේ බලය භාවිතා කර උන්වහන්සේ ගේ දරුවන්ට ආශිර්වාද කරනවා වෙනුවට ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් හා රුචියන් ඉටු කර ගැනීමට වැඩි කැමැත්තක් ඇති මෙන් ඔවුහු හැසිරෙති.

අපේ සහෝදරයන් හා සහෝදරියන් වැඩි දෙනෙකුට ඔවුන්ගේ විය හැකි වරප‍්‍රසාද අවබෝධ නොවීම ගැන මම බිය වෙමි. 3 නිදසුනක් ලෙස අපේ සමහර සහෝදරයෝ, පූජකවරය කුමක්ද හා ඉන් ඔවුන්ට කළ හැකි වන දේ නොතේරෙනවා සේ හැසිරෙති ඔබට විශේෂ නිදසුන් දීමට මට ඉඩ දෙන්න.

නොබෝ කලකට පෙර, නව බිළින්දෙකුට නම් තැබීම හා පියෙකුගේ ආශිර්වාදය දීමට තිබු සක‍්‍රමේන්තු රැස්වීමකට මම සහභාගී වුණෙමි. තරුණ පියා ඔහුගේ වටිනා බිළින්දා දෑතේ හොවාගෙන ඇයට නමක් දී සුන්දර යාච්ඤාවක් පිදුවේය. නුමත් ඔහු එම දරුවාට ආශිර්වාදයක් දුන්නේ නැත. ඒ මිහිරි බිළිදු දැරියට නමක් ලැබුණ ද ආශිර්වාදයක් නොලැබුණි. එම දයාබර වැඩිහිටියා යාච්ඤාවක් හා පූජකවර ආශිර්වාදයක වෙනස නොදැන සිටියේය. ඔහුගේ පූජකවර අධිකාරිය හා බලයෙන් ඔහුට ඔහුගේ බිළින්දාට ආශිර්වාද කළ හැකි වුවද, ඔහු එසේ කළේ නැත. “කොතරම් පැහැර හැරුණු අවස්ථාවක්ද?” කියා මට සිතුනි.

වෙනත් උදාහරණ උපුටන්න මට ඉඩ දෙන්න. ප‍්‍රාථමිකයේ තරුණ කාන්තාවන් හෝ සහන සමිතියේ නායිකාවන් හා ගුරුවරියන් ලෙස සහෝදරියන්ව වෙන් කරන නමුත් ඔවුන්ගේ කැඳවීම් පිරීමට බලය ලැබීමට ඔවුන්ට ආශිර්වාද කිරීමට අසාර්ථක වන සහෝදරයන් ගැන අපි දනිමු. ඔවුහු අවවාද හා උපදෙස් පමණක් දෙති. තම බිරිඳ හා දරුවන්ට ඔවුන් අවශ්‍ය වන පූජකවර ආශිර්වාද දීමට අසාර්ථක වන සුදුසු පියවරුන් අපි දකිමු. පූජකවර බලය මේ පෘතුවියේ නැවත ස්ථාපති කර ඇත. එහෙත් බොහෝ සහෝදර සහෝදරියන් කිසි විටක සැබෑ පූජකවර ආශිර්වාදයක් නොලබා ජිවිතයේ දරුණු පරික්ෂා වලට මුහුණ දෙන ලදී. මොනතරම් ඛේදවාචකයක්ද! එය අපට තුරන් කළ හැකි ඛේදවාචකයකි.

සහෝදරයනි, අපි දෙවියන්වහන්සේගේ ශූද්ධ වු පූජකවරය දරමු. උන්වහන්සේගේ ජනයාට ආශිර්වාද කිරීමට අපට උන්වහන්සේගේ අධිකාරිය බලය ඇත. ස්වාමීන්වහන්සේ, “නුඹ ආශිර්වාද කරන ඕනෑම කෙනෙකුට මම ආශිර්වාද කරමි”යි4 කියා දුන් අපුරු ස්ථිර කිරීම ගැන සිතන්න. ඔවුන් කරා උන්වහන්සේ ගේ කැමැත්ත අනුව දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ක‍්‍රියා කිරීම අපගේ වරප‍්‍රසාදයයි”සභාපතියනි හා සභානායකවරුනි, ඔබේ කළමණාකාරීත්වය තුළ ඇති ඝනපූර්ණවල සෑම සාමාජිකයකුටම පූජකවර ආශිර්වාදයක් දීමට දෙවියන්වහන්සේගේ බලය පුර්ණව කැඳවීමට අවශ්‍ය පුද්ගලික සුදුසුකම් හා ආත්මික පෙර සුදානම ඇතුළුව වැටහෙන බව සහතික කරන්න.5

පූජකවරය දරණ සෑම සහෝදරයකු වෙත, ඔවුන්ගේ ගිවිසුම් රැකීමට, නිරාහාරව උපවාස කිරීමට හා යාච්ඤා කිරීමට, ශූද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමට, දේවමාලිගාව තුළ වන්දනා කිරීමට, හා දෙවියන්වහන්සේගේ පුරුෂයන් හා කාන්තාවන් ලෙස ඇදහිල්ලෙන් සේවය කිරීමට සාමාජිකයන්ව පොළඹවීමට මම ඔබට ආරාධනා කරමි. ඇදහිල්ලේ ඇසින් කීකරුකම හා ධර්මිෂ්ඨකම ඔවුන්ට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ සමීපයට ගෙන යන බව ඔවුන්ට ශූද්ධාත්මයාණන්ගේ හවුල්කාරත්වය භූක්ති විඳීමට හා ජිවිතය ප‍්‍රීතියෙන් අත් විඳීමට ඉඩ සලසන බව දැකීමට අප සැමටම උදව් කළ හැක!

ස්වාමීන්වහනසේගේ සත්‍ය හා ජීවමාන සභාවේ සැමදා පවතින මුද්‍රාවක් නම්, දෙවියන්වහන්සේගේ දරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට මෙහෙ කිරීමට සංවිධානයවූ හා යොමු කරන ලද උත්සහායකි.6 මේ උන්වහන්සේගේ සභාව වන බැවින් උන්වහන්සේ කළ සේම අපිද උන්වහන්සේගේ සේවකයෝ ලෙස යමෙකුට මෙහෙකරන්නෙමු.7 අපි උන්වහන්සේගේ නාමයෙන් උන්වහනසේගේ බලය හා අධිකාරියෙන් හා උන්වහන්සේගේ පේ‍්‍රමබර කරුණාවෙන් මෙහෙ කරන්නෙමු.

වසර 60 ට වඩා ඉහත බොස්ටන්හි මා ලත් අත්දැකිමක් එක් අයෙකුට මෙහෙකිරීමේ වරප‍්‍රසාද කොතරම් බලවත් විය හැකි ද යන්න මට උගන්වන ලදී. එකල මම මැසචුසෙට්ස් මහා රෝහලේ නේවාසික ශල්‍ය වෛද්‍යවරයෙකු වුණෙමි. සෑම දිනකම සෑම රාත‍්‍රීන් දෙකකට වරක් හා සෑම සති අන්ත දෙකකට වරක් රාජකාරියේ නිරත විය. මාගේ බිරිඳ අපේ දරුවන් සතර දෙනා සහ සභාවේ ක‍්‍රියාකාරීත්වය සදහා මට තිබුණේ සීමිත කාල සීමාවකි, කෙසේ නමුදු මාගේ ශාඛා සභාපති සහෝදර කොක්ස් නැවත ක‍්‍රියාකාරී වන බව බලාපොරොත්තුවෙන් මාව විල්බර් හා ලියොනාරා කොක්ස්ගේ නිවස බැහැදැකීමට පත් කළේය. ඔහු හා ලියොනාරා දේව මාලිගාවේ මුද්‍රා තබා තිබුණි.8 එහෙත් විල්බර් වසර ගණනාවක් සහභාගි නොවුයේය.

මාගේ සහකරු හා මම ඔවුන්ගේ නිවසට ගියෙමු. අප ඇතුළු වනවා සමග සොහොයුරිය කොක්ස් අපව උනුසුම්ව,9 පිළිගත්තද සහෝදර කොක්ස් එකවරම වෙනත් කාමරයක් තුළට ගොස් දොර වැසුවේය.

මම වැසූ දොරට තට්ටු කළෙමි. මොහොතකට පසු මට අපහැදිලිව “එන්න”යි ඇසුනි. මම දොර ඇර ආධුනික ගුවන්විදුලි උපකරණ පෙළක් අසල වාඩි වී සිටි සහෝදර කොක්ස් දුටුවෙමි. එම පුංචි කාමරයේ, ඔහු සුරුට්ටුවක් දැල් වුවේය. පැහැදිලිවම මාගේ බැහැදැකීමට එතරම් පිළිගැන්වීමක් නොතිබුණි.

මම කාමරය වටා පුදුමයෙන් බලා කිවෙමි, “සහෝදර කොක්ස්, ආධුනික ගුවන් විදුලි වැඩ ගැන තව ඉගෙනීමට මට බොහෝ කල් කැමැත්තෙන් සිටියෙමි. මට ඒ ගැන ඉගැන්වීමට ඔබ කැමතිද? මම අද ? තව සිටීමට නොහැකිවීම ගැන සමාවන්න. එහෙත් වෙන වේලාවක මට නැවත පැමිණිය හැකිද?”

ඔහු මඳක් පැකිලී, එකඟ වූයේය. එය තමා සුන්දර මිත‍්‍රත්වයක් බවට පත් වුවක ආරම්භය මා නැවත ගිය අතර ඔහු මට ඉගැන්වුයේය. මම ඔහුට පේ‍්‍රම කිරීමට හා ගෞරව කිරීමට ඇරඹුවෙමි. පසුව වූ බැහැදැකීම් හරහා මේ පුද්ගලයාගේ ශ්‍රෙෂ්ඨත්වය මතුවිය. අප සමීප මිතුරන් වු අතර අපේ දයාබර සදාතනික සහකාරීයන්ද එසේ විය. ඉන්පසුව කාලයේ ගමනත් සමග අපේ පවුල ස්ථාන මාරුවිය. ප‍්‍රදේශිය නායකයෝ තවදුරටත් කොක්ස් පවුල බලා ගත්තේය.10

එම පළමු බැහැදැකීමෙන් වසර අටකට පමණ පසුව, බොස්ටන් ස්ටේකය නිර්මාණය විය.11 එහි පළමු ස්ටේක සභාපති කවුරුන්ද කියා ඔබට උපකල්පනය කළ හැකිද? ඔව්! සහෝදර කොක්ස්! ඊට පසු වසරවල ඔහු ධර්මදූත සභාපතිවරයෙක් හා දේවමාලිගා සභාපතිවරයෙක් ලෙස සේවය කළේය.

වසර ගණනාවකට පසුව, දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ සාමාජිකයෙක් වශයෙන්, සන්පෙට්, යුටා හි නව ස්ටේකයක් නිර්මාණය කිරීමට මට පවරන ලදී. සුපුරුදු සම්මුඛ පරික්ෂණයන්හි දී නැවතත් මාගේ දයාබර මිත‍්‍රයා සහෝදර කොක්ස්ව හමු වීම ගැන මම ප‍්‍රසන්න වී පුදුමයකට පත් වුණෙමි. ඔහුව නව ස්ටේක ආදී පීතෘවරයා ලෙස කැඳවීමට මට පෙළඹීමක් දැනුණි. මා ඔහුව නියම කළ පසු, අපි එකිනෙකාව බදාගනිමින් හැඬුවෙමු. කාමරයේ සිටි පුද්ගලයෝ මෙම වැඩුණු පුරුෂයන් හඬන්නේ කුමකටද යන්න සිතුවෝය. නමුත් අපි දැන සිටියෙමු. එසේම කොක්ස් සහෝදරියද දැන සිටියාය. අපේ කඳුළු ප‍්‍රීතියේ කඳුළු විය. එක් රැයක ඔවුන්ගේ නිවසේ , වසර 30 ට වඩා පෙර ඇරඹුනු පේ‍්‍රමයේ හා පසුතැවිල්ලේ විශ්වාස කළ නොහැකි ගමන අපි නිහඬව මතක් කළෙමු.

කථාව එතකින් අවසාන නොවීය. සහෝදර හා සහෝදරිය කොක්ස්ගේ පවුල දරුවන් තිදෙනෙකු මුණුපුරු මිණිපිරියන් 20 දෙනෙකු හා මුණුපුරු මිණිපිරියන්ගේ දරුවන් 54 දෙනෙකු අඩංගු වීමට වර්ධනය විය. ධර්මදූතයන් සිය ගණනක් මත දේවමාලිගාව තුළ තවත් දහස් ගණනක් මත හා විල්බර් කොක්ස්ගෙන් ආදීපීතෘ ආශිර්වාද ලබා ගත් තව සිය ගණනක් මත ඔවුන්ගේ බලපෑම එයට එකතු කරන්න. ඔහුගේ හා ලියොනාරාගේ බලපෑම ලොව පුරා බොහෝ පරම්පරාවල තවදුරටත් රැළි ඇති කරාවි.

විල්බර් හා ලියොනාරා කොක්ස් සමග වැනි අත්දැකීම් සෑම සතියකට බලාපොරොත්තු ඇතිව දෛනිකවම මේ සභාව තුළ සිදුවේ. ස්වාමින් වු යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ කැපවුණු සේවකයෝ උන්වහන්සේගේ කාර්ය, උන්වහන්සේගේ බලය හා අධිකාරියෙන් ඉටු කරති.

සහෝදරයනි, අප දෙවියන්වහන්සේගේ පූජකවරය දරන නිසා,.... අපට ඇරිය හැකි දොරවල් ඇත, අපට දිය හැකි පූජකවර ආශිර්වාද ඇත අපට සුව කළ හැකි හදවත් ඇත. අපට එසවිය හැකි පීඩාවන් ඇත. අපට ශක්තිමත් කළ හැකි සාක්ෂියන් ඇත. අපට බේරාගත හැකි ජීවිත ඇත. සහ පසුදවස් වල ශූද්ධාවන්තයින්ගේ නිවෙස් තුළට අපට රැගෙන යා හැකි ප‍්‍රීතිය ඇත. අපි, මේ කාර්යය ඉටු කිරීමට “[අපේ] බලවත් ඇදහිල්ල පදනම්ව දෙවියන්වහනසේගේ පූර්ව දැනුම ඇතිව ලෝකයේ අඩිතාලමෙන් කැඳවන ලද හා සුදානම් කරවන ලද”පුරුෂයෝ වෙමු. 12

අද රාත‍්‍රියේ අපේ මහඟු සදාතනික සහෝදරත්වයේ මා සමග ඇත්ත වශයෙන්ම නැගී සිටින ලෙසට මම ඔබට ආරාධනා කරමි. මම ඔබේ පූජකවර තනතුර නම් කළ විට, කරුණාකර නැගිට නැගී සිටින්න. උපස්ථායකයනි, කරුණාකර නැගී සිටින්න, ගුරුවරයනි, නැගී සිටින්න, පූජකවරුනි! සභානායකවරුනි! වැඩිහිටියනි! උසස් පූජකවරුනි! ආදී පීතෘවරුනි! හැත්තෑවරුනි! අපෝස්තුළුවරුනි!

දැන් සහෝදරයනි, ඔබ කරුණාකර නැගී සිටිමින්, “Rise Up, O Men of God”13 යන්නෙහි පැදි තුනම ගැයීමට අප හා එක්වෙනවාද? ඔබ ගායනා කරන විට, ස්වාමීන්වහන්සේගේ දෙවන පැමිණිම සඳහා ලොව සුදානම් කිරීමට උපකාර කිරීමට දෙවියන්වහන්සේගේ බලවත් සේනාව ලෙස ඔබේ යුතුකම ගැන සිතන්න. මෙය අපේ කාර්යයි. මෙය අපේ වරප‍්‍රසාදයයි. මා මෙසේ සාක්ෂි දරන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.