2010–2019
සභාව සඳහා එළිදරව්, අපේ ජිවිත සඳහා එළිදරව්
2018 අප්‍රියෙල්


සභාව සඳහා එළිදරව්, අපේ ජිවිත සඳහා එළිදරව්

එළබෙන දින වලදී, ශුද්ධාත්මයානන් වහන්සේගේ මගපෙන්වීම, මෙහෙයවේම, සැනසීම සහ නිරන්තර බලපෑම නොමැතිව ආත්මිකව නොනැසී පැවතීම අසීරු වේවි.

මේ ඉරිදා ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඔබ හා පාස්කු ඉරිදාව සමරන්නට ලැබීම කෙතරම් මහිමාන්විත වරප්‍රසාදයක්ද! මේ පොලවේ මෙතෙක් ඇවිද ගිය වඩාත්ම වැදගත් ජීවයාණන්ට වන්දනාමාන කිරීම සහ මේ පොලවේ මෙතෙක් සිදුවූ වැදගත්ම සිදුවීම සිහිපත් කිරීම තරම් මහත් ගැලපීමක් තවත් කොයින්ද. මේ කාරණයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නූතන සාන්තුවරයන්ගෙන් යුත් සභාවේ අපි, ගෙත්සෙමනි උයනේදී උන්වහන්සේගේ අපරිමිත වන්දිගෙවිම ආරම්භ කල උන්වහන්සේට වන්දනා කරමු. අපේ හැම කෙනෙකුගේම පාප සහ දුර්වලතා වෙනුවෙන් දුක් විඳීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටි අතර, “සෑම රෝම කුපයකින්ම ලේ හෙලා”.1 දුක් විඳි සේක. උන්වහන්සේව කල්වාරියේ කුරුසියේදී කුරුසිපත් කල2 අතර අපේ ස්වර්ගීය පියාණන්ගේ දරුවන්ගෙන් පළමුව නැවත නැගිටි තැනැන්වහන්සේ ලෙස තුන්වන දිනදී නැවත නැගිටි සේක. මම උන්වහන්සේට ප්‍රේම කරන අතර උන්වහන්සේ ජීවමාන බව සාක්ෂි දරනවා! උන්වහන්සේගේ සභාවට නායකත්වය දෙන්නෙත් මෙහෙයවන්නෙත් උන්වහන්සේයි.

අපේ මිදුම්කරුවාණන්ගේ අපරිමිත වන්දිගෙවීම නොමැතිව, අපේ ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත නැවත යාමට අපි එක්කෙනෙක්ටවත් බලාපොරොත්තුවක් තියාගන්නට නොහැකිවන්නට තිබුනා. උන්වහන්සේගේ නැවත නැගිටීම නැත්නම්, මරණය අවසානය වන්නට තිබුනා. අපේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සදාකාල ජීවිතය ලබන්නට පුලුවන්කමත් සහ අමරණීයත්වය හැමටම යතාර්ථයක් කරන්නටත් සමත් උනා.

උන්වහන්සේගේ අති මහත් වූ මෙහෙය සහ උන්වහන්සේගේ අනුගාමිකයන්ට උන්වහන්සේ ලබාදෙන සාමයත් නිසා, 2018 ජනවාරි 2 වන දින මමත් මගේ බිරිඳ වෙන්ඩිත් සභාපති තෝමස් එස්. මොන්සන් තිරයෙන් එපිට පා තැබූ බව පවසමින් ලැබුණු දුරකථන ඇමතුමේදී සහනය ලබාගන්නට සමත් උනා.

රූපය
සභාපති රසල් එම. නෙල්සන් සහ සභාපති තෝමස් එස්. මොන්සන්

අපිට කොච්චරනම් සභාපති මොන්සන්ව මතක් වෙනවද! ඔහුගේ ජීවිතයටත් ඔහුගේ උරුමයටත් අපි ගෞරව කරනවා. ආත්මික යෝධයෙකු වූ ඔහු, ඔහු ආදරය කල මේ සභාවේ ඔහුව දැනසිටි සෑම කෙනෙකුම මත නොමැකිය හැකි කාවැද්දීමක් තබා ගියා.

2018 ජනවාරි 14 වන ඉරුදින, සෝල්ට් ලේක් දෙවමාලිගාවේ ඉහළ කාමරයේදී, ස්වාමීන්වහන්සේ විසින් ස්ථාපිත කල සරල නමුත් ශුද්ධවූ ආකාරයකට පළමු සභාපතිත්වය නැවත සංවිධානය කරනු ලැබුවා. ඉන්පසු, ඊයේ උදෑසන ගරු රැස්වීමේදී, ලොවපුරා සභා සාමාජිකයන් විසින්, ප්‍රේරිතවරයන් විසින් කලින් ගන්නා ලද තීරණය තම අත් ඔසවමින් ස්ථිර කළා. ඔබගේ ස්ථිර කිරීමේ සහය වෙනුවෙන් මම නිහතමානීව ස්තුතිවන්ත වනවා.

මම නැගී සිටින උරහිස් වෙනුවෙන් මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ප්‍රේරිතවරු දොළොස්දෙනාගේ ගනපුර්ණයේ අවුරුදු 34ක් පුරාවට සේවය කරන්නට ලැබීමත් සහ සභාවේ පූර්ව සභාපතිවරුන් 16 දෙනාගෙන් 10 දෙනෙක්වම පෞද්ගලික දැන සිටින්නට හැකිවීමත් මා ලද වරප්‍රසාදයක්. ඔවුන් එකිනෙකාගෙන් මම බොහෝ ඉගෙනගත්තා

මගේ මුතුන්මිත්තන්ටද මම බොහෝ ණයගැතියි. මගේ මී මුත්තන් අට දෙනාම යුරෝපයේ සභාවට හැරී ආ අය. සයොනයට පැමිණෙන්නට මේ ශක්තිසම්පන්න ආත්මයන් හැම කෙනෙක්ම හැමදෙයක්ම පරිත්‍යාග කළා. ඉන්පසු අපරාපරිත පරම්පරා අතරතුර, කොහොමවුනත් මගේ මුතුන් මිත්තන් සියලු දෙනාම ඉතා කැපවීමෙන් රැඳුනේ නෑ. එහි ප්‍රතිපලයක් විදියට මම හැදී වැදුනේ ශුභාරංචි මධ්‍යගත වුනු ගෙදරක නෙවෙයි.

රූපය
සභාපති නෙල්සන්ගේ දෙමාපියන්
රූපය
තරුණ සභාපති නෙල්සොන්ගේ පවුල

මම මගේ දෙමව්පියන්ව අගය කරනවා. මට ඔවුන් මුළු ලෝකයක් වගෙයි ඒ වගේම ඔවුන් මට ඉතා වැදගත් පාඩම් ඉගැන්නුවා. මටත් මගේ සහෝදරයන්ටත් ඔවුන් නිර්මාණය කල සතුටුදායක ගෙදර ජීවිතය ගැන කොයිතරම් ස්තුති කලත් මදි. ඒ කොහොම නමුත්, පොඩි පිරිමි දරුවෙක් කාලෙදිත් මම දැනගෙන හිටියා මොකක් හරි අඩුවක් තියනවා කියලා. දවසක් මම වීදි රථයක නැගලා සභාව ගැන පොතක් හොයාගන්න LDS පොත් සාප්පුවකට ගියා. ශුභාරංචිය ගැන ඉගෙනගන්නට මම ආදරය කළා.

ඥානයේ වචනය මම තේරුම්ගත්තට පස්සේ, මට ඕනා උනා මගේ දෙමවිපියෝ ඒ නීතිය අනුව ජීවත් වෙනවාට. ඉතින්, එක දවසක් මම ඉතාමත් බාල කාලයෙදී, අපේ පහතමාලයේ තිබුණු හැම මධ්‍යසාර බෝතලයක්ම කොන්ක්‍රීට් පොලවේ ගහලා බිඳලා දැම්මා! මගේ තාත්තා මට දඬුවම් කරයි කියලා මම බලාපොරොත්තු උනත්, ඔහු වචනයක්වත් කිව්වේ නෑ.

මම පරිණත වෙලා ස්වර්ගීය පියාණන්ගේ සැලැස්මේ අපූර්වත්වය තේරුම්ගන්නට පටන් ගද්දි, මම නිතරම මටම මෙහෙම කියා ගත්තා, “මට නත්තල් තෑගි එකක්වත් එපා! මට තියන එකම උවමනාව තමයි මගේ දෙමව්පියන්ට මුද්‍රා වෙන එක.” මගේ දෙමව්පියන්ගේ වයස 80 කටත් වඩා වැඩිවෙනකන්වත් මම ආශාවෙන් බලා හිටපු ඒ අවස්තාව සිදුවුනේ නෑ, නමුත් පසුව එය සිදුවුනා. එදින දැනුනු ප්‍රීතිය සම්පුර්ණයෙන්ම පැහැදිලි කරන්නට මට බෑ. ,3 සහ හැම දවසකම ඔවුන්ගේ මුද්‍රා තැබීමේ සහ මම ඔවුන්ට මුද්‍රා වීමේ ප්‍රීතිය දැනෙනවා.

රූපය
රසල් සහ ඩන්ට්සෙල් නෙල්සන්

1945 දී, මම වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලයේ, සෝල්ට් ලේක් දේවමාලිගාවේදී මම ඩන්ට්සෙල් වයිට්ව විවාහ කරගත්තා. ඇයත් මමත් ඉතා ප්‍රසන්න දුවරු 9ක් සහ ඉතා වටිනා පුතෙක් ලබන්නට ආශිර්වාදිත උනා. අද අපේ වර්ධනය වෙමින් තියන පවුල තමයි මගේ ජිවිතේ ශ්‍රේෂ්ටතම ප්‍රීතියෙන් එකක් වෙන්නේ.

රූපය
සභාපති සහ සහෝදරි නෙල්සන් සහ ඔවුන්ගේ දුවරු
රූපය
සභාපති නෙල්සන් සහ ඔහුගේ පුතා

2005 දී, විවාහයෙන් අවුරුදු 60 කට විතර පස්සේ, මගේ ආදරණීය ඩන්ට්සෙල්ට අනපේක්ෂිත විදියට ගෙදරට ආරාධනා කරලා තිබුනා. මොකක් හරි හේතුවකට, මගේ ශෝකය ගොඩක් දුරට අස්ථිර වෙලා තිබුනා, නමුත් පාස්කු මංගල්‍යයේ සහ නැවත නැගිටීමේ පොරොන්දුව මාව ශක්තිමත් කළා.

රූපය
වෙන්ඩි සහ රසල් නෙල්සන්

ඉන්පසු ස්වාමින්වහන්සේ වෙන්ඩි වොට්සන්ව මගේ පසකට ගෙනාවා. 2006 අප්‍රියෙල් 06 වෙනිදා, අපි සෝල්ට් ලේක් දෙවමාලිගාවේ මුද්‍රා වුණා. මම කෙතරම් නම් ඇයට ප්‍රේම කරනවාද! ඇය සුවිශේෂී ගැහැණියක් - මටත්, මගේ පවුලටත් සහ මුළු සභාවටත් ශ්‍රේෂ්ට ආශිර්වාදයක්.

මේ හැම ආශිර්වාදයක්ම ආවේ, ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම ගැන සෙවීමේත් සහ සැලකිල්ලට ගැනීමේත් ප්‍රතිපලයක් වශයෙන්. සභාපති ලොරෙන්සෝ ස්නෝ මෙහෙම කිව්වා, “මේ තමයි සෑම නූතන සාන්තුවරයෙකුගේම සුවිශාල වරප්‍රසාදය... ඒ තමයි ආත්මයාණන්ගේ ප්‍රකාෂවිම අපේ ජිවිතයේ හැමදිනකම ලැබීමට අපිට ඇති අයිතිය.” 4

සභාවේ සභාපතිවරයා ලෙස මට ලැබුණු අලුත් කැඳවීම ලැබුණු අවස්ථාවේ ඉඳලම ආත්මයාණන් මගේ මනසට නොනවත්වාම කාවද්දපු දෙය තමයි ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ මනසත් කැමැත්තත් අනාවරණය කරන්නට කෙතරම් කැමැත්තක් දක්වනවද. එළිදරව් ලැබීමට ඇති වරප්‍රසාදය දෙවියන්වහන්සේගෙන් උන්වහන්සේගේ දරුවන්ට ලැබුණු ශ්‍රේෂ්ටතම ත්‍යාග වලින් එකක්.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීමත් සමග, අපේ ධර්මිෂ්ට කාර්ය වලදී ස්වාමීන්වහන්සේ අපට සහය ලබාදෙනවා. මට මතකයි ශල්‍යකර්ම කාමරයකදී, පෙර නොවූ ක්‍රියාදාමයක් කරන්නට අස්ථිරව - මම රෝගියෙක් ඉදිරියේ හිටගෙන උන්නා - සහ එවිට ශුද්ධාත්මයාණන්වහන්සේ මගේ මනසේ කල රූප සටහන් සහිත ක්‍රමයක් මම අත්වින්දා.5

වෙන්ඩිට කල මගේ යෝජනාව ශක්තිමත් වීම පිණිස, මම ඇයට මෙහෙම කිව්වා, “මම එළිදරව්වීම් ගැනත් ඒවා ලබාගන්න විදියත් දන්නවා.” ඇයට ණයගැති වන්නට - ඇයගේ විදිය අනුව ඇය ඒ වෙනකොටත් අපි ගැන එළිදරව් වීම් සොයා ඇය සඳහාම එළිදරව් වීමක් ලබාගෙන තිබුනු බව - මම දැනගත්තා, ඒ තුලින් කැමැත්ත ප්‍රකාශ කීරිමට ඇයට ධෛර්ය ලැබී තිබුනා.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගනපුර්ණයේ සාමාජිකයෙකු විදියට, එළිදරව් වීම් සඳහා මම දිනපතා යාච්ඤා කළා සහ ස්වාමීන්වහන්සේ මගේ හදවතට සහ මනසට කතා කල හැම අවස්ථාවේදීම උන්වහන්සේට ස්තූති පුද කළා.

එහි ආශ්චර්ය ගැන හිතලා බලන්න! අපේ සභා කැඳවීම මොකක් වුනත්, අපිට පුළුවන් අපේ ස්වර්ගීය පියාණන්ට යාච්ඤා කරලා අනතුරු සහ නොමග යැවීම් වෙනුවෙන් අවවාද ලබාගන්නත්, අපිට අපි විසින්ම කරන්නට බැරි දේවල් කරන්නට පුළුවන්කම ලබාගන්නත්, උන්වහන්සේගේ මෙහෙයවීමත් මගපෙන්වීමත් ලබාගන්න. අපි ශුද්ධාත්මයාණන්වහන්සේව සත්‍ය වශයෙන්ම ලබාගන්නටත්, උන්වහන්සේගේ පෙළඹවීම් වටහාගන්නත් තෙරුම්ගන්නත් ඉගෙනගන්නා විට, කුඩා හා විශාල දේවල් වලදී අපට මගපෙන්වීම ලැබෙනවා.

මෑතකදී මම මුහුණදුන් භය ගන්වන ක්‍රියාවක් වන උපදේශකයන් දෙදෙනෙකු තෝරාගැනීමේ ක්‍රියාවේදී, මම ප්‍රේම කරන සහ ගෞරව කරන මිනිසුන් දොළහක් අතරින් දෙදෙනෙක් පමණක් තෝරාගැනීම කොහොම කරන්නද කියලා මම පුදුම උනා.

මොකද මම දන්නවා හොඳ පෙළඹවීම් ලැබෙන්නේ හොඳ තොරතුරු මත, මම යාච්ඤාශීලීව එක් එක් ප්‍රේරිතවරයාව වෙන වෙනම හමුවුනා.6 ඊටපස්සේ මම දේවමාලිගා කාමරයක මාවම හුදෙකලා කරගෙන ස්වාමින්වහන්සේගේ කැමැත්ත හෙව්වා. ප්‍රධාන සභාපතිත්වයේ උපදේශකයන් විදියට සේවය කරන්නට සභාපති ඩාලින් එච්. ඔක්ස් සහ සභාපති හෙන්රි බී. අයරින්ව තෝරාගන්නට ස්වාමින්වහන්සේ මට උපදෙස් දුන් බවට මම සාක්ෂි දරනවා.

ඒ ආකාරයෙන්ම, උන්වහන්සේගේ ප්‍රේරිතයන් ලෙස වැඩිහිටි ගෙරිට් ඩබ්. ගොන්ග් සහ වැඩිහිටි උලිසෙස් සොරෙස් පත් කරන්නට ස්වාමීන්වහන්සේ අනුභාවය දුන් බවටත් මම සාක්ෂි දරනවා. මෙම අද්විතීය සහෝදර සේවයට මම සහ අපි ඔවුන්ව පිලිගන්නවා.

පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගනපූර්ණය මන්ත්‍රණ සභාවක් ලෙස රැස් වූ විට, අපේ සභා ශාලා එළිදරව් ශාලා බවට පත් වෙනවා. ආත්මයාණන්වහන්සේ පැහැදිලි ලෙසම වැඩසිටිනවා. සංකීර්ණ ගැටලුත් එක්ක අපි පොර බදිද්දී, ප්‍රේරිතවරුන් එකිනෙකා ඔහුගේ සිතිවිලි හා දැකීමේ කෝණය නිදහස්ව පැහැදිලි කරද්දී විශ්මයජනක ක්‍රියාවලියක් දිග ඇරෙනවා. අපේ මූලික දෘෂ්ටි කෝණ එකිනෙකට වනස් වුවත්, එකිනෙකා කෙරෙහි දැනෙන ආදරය ස්ථිරයි. අපේ එකමුතුකම උන්වහන්සේගේ සභාවේ ස්වාමින්වහන්සේගේ කැමැත්ත තේරුම් ගන්නට අපිට උදව් වෙනවා.

අපේ රැස්වීම් වලදී, බහුතරය කවදාවත් පාලනය කරන්නේ නෑ! අපි හැමෝම එකමුතු වන තෙක්ම අපි එකිනෙකා එක්ක යාච්ඤාශීලීව කතා කරනවා සහ ඇහුම්කන්දෙනවා. ඊටපස්සේ සම්පුර්ණ ඒකමතියට අපි ලඟා වුනාම, ශුද්ධාත්මයාණන්ගේ එකමුතුකමේ පෙළඹවීම ඇඟ හිරිවට්ටනවා! අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් දැනසිටි සහ ඉගැන්වූ දේ අපි අත්දකිනවා, “එකමුතුකමේ සිතුවිල්ලෙන් අපි දෙවියන්වහන්සේ සමග බලය ලබාගන්නවා.” 7පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගනපුර්ණයේ කිසිදු සාමාජිකයෙක් තම විශිෂ්ටම විනිශ්චය මත ස්වාමින්වහන්සේගේ සභාවට තීරණ ලබාදෙන්නේ නෑ!

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේට අවශ්‍ය විදියට පිරිමින් සහ ගැහැනුන් - ක්‍රිස්තුස්වහන්සේ වැනි සේවකයින් බවට පත්වෙන්නේ කොහොමද? අපව ව්‍යාකුල කරන ප්‍රශ්ණ වලට අපි පිළිතුරු සොයාගන්නේ කොහොමද? ශුද්ධවූ වනයේදී ජෝසෆ් ස්මිත්ගේ ශ්‍රේෂ්ට අත්දැකීම අපට යම් දෙයක් උගන්වනවා නම්, ඒ ස්වර්ගය විවෘත වී ඇති බවත් සහ දෙවියන්වහන්සේගේ උන්වහන්සේගේ දරුවන්ට කතා කරන බවත් නොවේද.

අපේ ප්‍රශ්ණ විසඳාගන්නට අපට අනුගමනය කරන්නට පුළුවන් රටාවක් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සකස් කළා. යොහාන්ගේ පොරොන්දුවට යමින්, අපිට ඥානය මදි නම් අපි දෙවියන්වහන්සේගෙන් ඇසිය යුතුය, 8 ජෝසෆ් ස්මිත් නමැති පිරිමි ළමයා ඔහුගේ ප්‍රශ්නය සෘජුවම ස්වර්ගයේ පියාණන්වහන්සේට අරගෙන ගියා. ඔහු පෞද්ගලික එළිදරව්වීම් සෙව්වා, සහ ඔහුගේ සෙවීම මේ අවසාන කාලපරිච්චේදය විවෘත කළා.

ඒ ආකාරයටම, ඔබෙගේ සෙවීම් ඔබට කුමක් විවෘත කරයිද? ඔබට හිඟ ඥානය කුමක්ද? දැනගැනීමට හෝ තේරුම්ගැනීමට වහාම අවශ්‍ය යයි ඔබට දැනෙන්නේ කුමක්ද? ජෝසෆ් ස්මිත්ගේ ආදර්ශය අනුගමනය කරන්න. ඔබට දිනපතා යන්නට පුළුවන් නිහඬ ස්ථානයක් සොයාගන්න. දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබව නිහතමානී කරගන්න. ඔබේ ස්වර්ගයේ පියාණන්වහන්සේට ඔබේ හදවත වගුරන්න. පිළිතුරු හා සහනය සඳහා උන්වහන්සේ දෙසට හැරෙන්න.

ඔබේ ගැටළු, ඔබේ බිය හා ඔබේ දුර්වලකම වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන්න - ඔව්, ඔබේ හදවතේ පතුලෙන්ම. ඉන්පසු සවන් දෙන්න! ඔබේ මනසට එන සිතිවිලි ලියන්න. ඔබේ සිතුවිලි වාර්තා කර පෙළඹවීම් ඔබව ගෙන යන දෙසට ඔබේ ක්‍රියා සමග අනුගමනය කරන්න. දවසින් දවස, මාසෙන් මාසේ, අවුරුද්දෙන් අවුරුද්ද ඔබ නැවත නැවත මෙය කරද්දී, ඔබ “එළිදරව් ලැබීමේ මූලධර්මය දෙසට වැඩේවි.” 9

ඔබට කතා කරන්නට දෙවියන්වහන්සේට ඇත්තටම අවශ්‍යද? ඔව්! “මිසුරි නදියට නතර වෙන්නට නියෝග කරන්නට බලසම්පන්න මිනිසෙක් තම ඉතා දුර්වල ඇත දිගහැරියා සේ... ඊට විරුද්ධ ලෙස නූතන සාන්තුවරයන්ගේ හිසට ස්වර්ගයෙන් පහලට සර්වබලධාරියාණන් විසින් දැනුම වගුරවයි.”10

කුමක් සත්‍ය දැයි කියා මවිත වෙන්නට ඔබට අවශ්‍ය නෑ. 11 කාව ආරක්ෂිතව විශ්වාස කල යුතුද කියා ඔබ පුදුම විය යුතු නෑ. පෞද්ගලික එළිදරව් තුලින්, මෝර්මන් පොත දෙවියන්වහන්සේගේ වචනය බවටත්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයෙකු බවටත්, සහ මේ සභාව ස්වාමින්වහන්සේගේ සභාව බවටත් ඔබේම සාක්ෂියක් ලබාගන්නට ඔබට පුළුවන්. අනිත් අය කුමක් කිව්වත් සහ කලත්, සත්‍ය පිළිබඳව ඔබේ හදවතටත් මනසටත් දරනු ලැබූ සාක්ෂිය ඉවතට ගැනීමට කිසිවෙකුටත් නොහැකියි.

පෞද්ගලික එළිදරව්වීම් ලබාගැනීම සඳහා ඔබේ වර්තමාන ආත්මික හැකියාව වැඩි කරගන්න ලෙස මම ඔබව පොළඹවමි, මන්ද ස්වාමීන්වහන්සේ මෙසේ පොරොන්දු වී ඇත “ඔබලා සේවුවොත්, ඔබට එලිදරව්වෙන් එලිදරව්වට, දැනුමෙන් දැනුමට, ලැබෙනු ඇත, ඔබට ප්‍රීතිය ගෙන එන, හා ඒ තුලින් සදාකාලික ජීවිතය ගෙන එන අභිරහස් සහ සාමකාමී දේවල් ඔබට ලැබෙනු ඇත.” 12

ඔබේ ස්වර්ගීය පියාණන් ඔබ දැනගත යුතුයි සිතන බොහෝ දේවල් තියනවා. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් ඉගැන්වූ ආකාරයට, “අසන්නට කන් සහ බලන්නට ඇස් ඇති අයට, විශ්වයේ රහස් පියාණන්වහන්සේත් පුත්‍රයාණන්වහන්සේත් ලබාදෙන බව පැහැදිලිය!”13

වර්ධනය වන පවිත්‍රභාවය, ස්ථීර කීකරුකම, උවමනාවෙන් සෙවීම, මෝර්මන් ග්‍රන්ථයේ ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත දිනපතා පෝෂණය වීම,14සහ දේවමාලිගා සහ පවුල් ඉතිහාස කාර්යයන්ට හැම මොහොතකම බැඳීම යන දේවල් වල එකතුවට හැර කිසිවකට ස්වර්ගය විවර වන්නේ නැති තරම්ය.

ඔබට පැහැදිලි වන්නට, සමහර වේලාවට ඔයාලට දැනෙයි ස්වර්ගය වැහිලා වගේ. ඒත් මම පොරොන්දු වෙනවා ඔබ නිරතුරුව කීකරුවෙන විට, ස්වාමීන්වහන්සේ ඔබට දුන් හැම ආශිර්වාදයකටම ස්තූතිය ප්‍රකාශ කරනකොට සහ ස්වාමින්වහන්සේගේ කාලසටහනට ඉවසීමෙන් ගෞරව කරනකොට, ඔබ සොයන දැනුමත් තේරුම්ගැනීමත් ඔබට දෙනු ලබයි. ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න හැම ආශිර්වාදයක්ම - ප්‍රාතිහාර්යනුත් - සිදුවෙයි. මේ තමයි පෞද්ගලික එළිදරව් ඔබට කරන දෙය.

අනාගතය ගැන මම සුභාවාදීයි. අප හැමකෙනෙක්ටම වර්ධනය වෙන්නත්, කොටස්කරුවෙකු වෙන්නත්, ශුභාරංචිය පොලවේ හැම කොනකටම ගෙනියන්නත් අවස්ථා ගොඩකින් අනාගතය පිරෙයි. ඒ වගේම ඉදිරියට එන්නට තියන දවස් ගැන මම අව්‍යාජ දේ කියන්නේ නෑ. අපි ජීවත් වෙන්නේ සංකීර්ණ සහ ඉතා කලහකාරී ලෝකයක. නිතරම පවතින සමාජ ජාලා සහ 24 පැයේ ප්‍රවෘත්ති අපට නපුරු පණිවිඩ වලින් පහර දෙනවා. සත්‍යට විරුද්ධව පහර දෙන දස දහස් හඬවල් සහ දාර්ශනික මත පහත හෙලන්නට අපිට බලාපොරොත්තුවක් තියනවා නම්, එළිදරව් ලබාගැනීමට අපි ඉගෙනගත යුතුමයි.

අපේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේ නැවත පැමිණෙන කාලයත් මේ කාලයත් අතර උන්වහන්සේගේ ශ්‍රේෂ්ට කාර්යයන් වලින් සමහරක් සිදු කරයි. පියාණන් වන දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන්වහන්සේත් වන යේසුස් ක්‍රිස්තුස්වාහන්සේත් මේ සභාව මත මහිමයෙන් සහ තේජසින් ඉටුකරන පුදුමාකාර ඇඟවීම් අපි දකියි. නමුත් ඉදිරියට පැමිණෙන දින වලදී, ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීමත්, හැසිරවීමත්, සැනසීමත් සහ නිරන්තල බලපෑමත් නොමැතිව ආත්මිකව නොනැසී පවතින්නට පහසු වන්නේ නෑ.

මගේ ආදරණිය සහෝදර සහෝදරියනි, එළිදරව් ලබාගැනීමට ඇති ආත්මික හැකියාව වර්ධනය කරගන්න ලෙස මම ඔබ සමග අයැද සිටිනවා. මේ පාස්කු ඉරිදාව ඔබේ ජිවිතයේ අර්ථාන්විත මොහොතක් කරගන්න. ශුද්ධාත්මයාණන්වහන්සේගේ ත්‍යාගය භුක්ති විඳින්නටත් සහ ආත්මයාණන්ගේ හඬ නිරතුරුවත් පැහැදිලිවත් අසන්නටත් හැකිවන ලෙස අධ්‍යාත්මික කාර්යන් කිරීමට තෝරාගන්න.

මේ පාස්කු ඉරිදා දින මොරෝනිත් සමග මම ඔබව උනන්දු කරවනවා, “ක්‍රිස්තුස්වහන්සේ තුලට එන්න, තවද සියලු යහපත් දීමනාවන් අල්ලාගන්න,”15 ශුද්ධාත්මයාණන් හා සමග ආරම්භ කර, ඒ ත්‍යාග ඔබගේ ජීවිතය වෙනස් කරයි.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ වෙමු. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට සාක්ෂි දරන ඉතා වැදගත්ම සාක්ෂිය වෙන්නේ යේසුස් තමයි ක්‍රිස්තුස්වහන්සේ, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවයි. උන්වහන්සේ ජීවමානයි! උන්වහන්සේ පියාණන් සමග අපේ උපදේශ ලබාදෙන්නායි, අපේ උදාහරණයයි, සහ අපේ මිදුම්කරුවානනුයි. මේ පාස්කු ඉරුදින, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයත්, උන්වහන්සේගේ සත්‍ය වූ නැවත නැගිටීමත් සහ උන්වහන්සේගේ දේවත්වයත් අපි සමරනවා.

මේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් නැවත පිහිටවූ, උන්වහන්සේගේ සභාවයි. තවත් මම සාක්ෂි දරන්නේ, ඔබ හැමදෙනෙක් කරාම ඇති මගේ ආදරයේ ප්‍රකාශ කිරීමත් සමගයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙනි, ආමෙන්.