ශුද්ධලියවිලි
ආබ්‍රහම් 3


3 වෙනි පරිච්ඡේදය

ඌරීම් සහ තුම්මීම් ආධාරයෙන් ආබ්‍රහම් හිරු, සඳු සහ තාරකා ගැන උගනියි—ආත්මයන්ගේ සදාකාලික ස්වභාවය ගැන ස්වාමින්වහන්සේ ඔහුට එළිදරව් කරන සේක—ඔහු පොළොවට පෙර-ජීවිතය, පූර්ව නියම කිරීම, මැවීම, මිදුම්කරුවෙකු තෝරාගැනීම සහ මනුෂ්‍යයාගේ දෙවන තත්වය ගැන උගනියි.

1 තවද ආබ්‍රහම් වන මා සතුව ඌරීම් සහ තුම්මීම් තිබිණ, තවද ඒවා මට මාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ විසින් කල්දියේ ඌර් හිදී ලබාදුන් සේක;

2 තවද මම තාරකා දුටුවෙමි, ඒවා ඉතා ශ්‍රේෂ්ඨ විය, තවද එයින් එකක් දෙවියන්වහන්සේගේ සිංහාසනයට සමීපව තිබිණ; තවද ඊට සමීපව තවත් ශ්‍රේෂ්ඨ ඒවා බොහොමයක්ද විය;

3 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: මේවා පාලක තාරකාය; තවද ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තාරකාවේ නාමය කොලොබ් ය, මක්නිසාද එය මට සමීප හෙයිනි, මක්නිසාද මම නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන්නෙමි: මම මෙම තාරකාව සූදානම් කර තිබෙන්නේ, නුඹ සිටගෙන සිටින ස්ථානය මෙන් එම පිලිවෙළටම අයත් අනෙක් සියල්ලම පාලනය කිරීම සඳහාය.

4 තවද ඌරීම් සහ තුම්මීම් තුළින්, ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක, කොලොබ් එහි පරිභ්‍රමණය අනුව එහි කාලය සහ සෘතු සම්බන්ධයෙන්, ස්වාමින්වහන්සේගේ ආකාරයට අනුව වේ; එහි එක් පරිභ්‍රමණයක් ස්වාමින්වහන්සේ හට එක් දවසක් වන්නේය, උන්වහන්සේගේ කාලය මැනීමේ ආකාරයට අනුව, නුඹ සිටගෙන සිටින ස්ථානයට නියම කර ඇති කාලයට අනුව එය අවුරුදු දහසකි. මෙය කොලොබ් හි කාලය මැනීමේ ආකාරයට අනුව, ස්වාමින්වහන්සේගේ කාලය මැනීමේ ආකාරයයි.

5 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: දහවල මෙන්ම රාත‍්‍රිය පාලනය කිරීමට පවා ප්‍රමාණවත් නැති මෙම මද ආලෝකයක් සහිත ග්‍රහලෝකය, කාලය මැනීමේ ආකාරයට අනුව නුඹ සිටගෙන සිටින ස්ථානයට වඩා ඉහළින් වන්නේය නැතහොත් විශාල වන්නේය, මක්නිසාද එය ගමන්කරන්නේ නිසි පිලිවෙළට වඩා සෙමිනි; මක්නිසාද මෙය එම පිළිවල අනුව වන්නේ නුඹ සිටගෙන සිටින පොළොවට වඩා ඉහළින් එය පිහිටා ඇති නිසාය, එසේහෙයින් එහි කාලය මැනීම පොළොවේ දින, මාස, සහ අවුරුදු වලට වඩා වැඩි වන්නේ නැත.

6 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: දැන්, ආබ්‍රහම්, මෙම කාරණා දෙක පවතින්නේය, බලන්න නුඹේ ඇස් එය දකිනු ඇත; එය නුඹ හට දී තිබෙන්නේ කාලය මැනීමේ ආකාරය දැනගැනීම උදෙසා සහ කාලය සකස්කිරීම සඳහාය, එසේය, නුඹ සිටින පොළොවේ සකස් කළ කාලය, තවද දහවල පාලනය කිරීමට විශාල ආලෝකය සකස් කළ කාලය මෙන්ම, රාත්‍රිය පාලනය කිරීම සඳහා අඩු ආලෝකයට සකස්කළ කාලය සකස් කිරීම සඳහාය.

7 දැන් අඩු ආලෝකය සකස්කර තිබෙන කාලය, එහි කාලය මැනීමේදී, නුඹ සිටින්නාවූ පොළොවේ කාලය මැනීමට වඩා දීර්ඝ කාලයක්ය.

8 තවද මෙම කාරණා දෙක පවතින්නේය, එහි ඒවාට වඩා ඉහළින් තවත් කාරණයක් ඇත්තේය, එය නම්, කාලය මැනීම තවදුරටත් දීර්ඝ වන වෙනත් ග්‍රහලෝකයක් එහි ඇත්තේය;

9 තවද මෙසේ එක් ග්‍රහලෝකයක කාලය මැනීම තවත් එකකට වඩා ඉහළින් තිබිය හැකිය, ඒ නුඹ කොලොබ් දෙසට පැමිණෙන තුරුය, එම කොලොබ් ස්වාමින්වහන්සේගේ කාලයේ මිම්මට අනුව ඇත්තේය, එම කොලොබ් දෙවියන්වහන්සේගේ සිංහාසනයට ආසන්නව පිහිටා ඇත්තේය, එනම් ඔබ සිටගෙන සිටින ග්‍රහලෝකය ඇතුළු එම පිළිවෙලට අයත් අනෙකුත් සියලු ග්‍රහලෝක පාලනය කිරීම සඳහාය.

10 තවද නුඹ දෙවියන්වහන්සේගේ සිංහාසනය අසලට පැමිණෙන තුරු, ආලෝකය ලබාදීමට ස්ථාපිත කර ඇති තාරකා වලට නියම කර ඇති කාලය ඔබට දැනගැනීම සඳහා ලබාදී ඇත්තේය.

11 මෙසේ ආබ්‍රහම් වන මම, මනුෂ්‍යයෙකු තවත් කෙනෙකු සමඟ කතාකරන ආකාරයට, ස්වාමින්වහන්සේ සමඟ මුහුණට මුහුණ කතා කළෙමි; තවද උන්වහන්සේගේ හස්තයන් සාදන ලද සියලුම කාර්යයන් පිළිබඳ උන්වහන්සේ මට කී සේක;

12 තවද උන්වහන්සේ මා හට මෙසේ කී සේක: මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය, (තවද උන්වහන්සේගේ හස්තය දිගුකර තිබිණි), බලන්න මම නුඹට මේ සියල්ල පෙන්වන්නෙමි. තවද උන්වහන්සේ සිය හස්තය මාගේ දෑස් මත තැබීය, තවද උන්වහන්සේගේ හස්තයන් සෑදූ සියලු දේවල් මම දැක්කෙමි, ඒවා බොහෝ විය; තවද ඒවා මාගේ ඇස් ඉදිරිපිට වැඩි වර්ධනය වූයේය, තවද එහි අවසානය දැකීමට මට නොහැකි විය.

13 තවද උන්වහන්සේ මට මෙසේ කී සේක: මේ සිනේහා ය, එනම් හිරුය. තවද උන්වහන්සේ මට මෙසේ කී සේක: කොකොබ්, එය තාරකාය. තවද උන්වහන්සේ මට මෙසේ කී සේක: ඔලී, එනම් සඳය. තවද උන්වහන්සේ මට මෙසේ කී සේක: කොකව්බීම්, එයින් හැඟවෙන්නේ තාරකා, හෝ සියලුම විශාල ආලෝකයන්ය, ඒවා තිබුණේ අහස් තලයේ අවකාශයේය.

14 තවද ස්වාමින්වහන්සේ මට මේ වචන කතා කරන විට එය රාත්‍රී කාලය විය: මේ දේවල් මෙන්, මම, නුඹගෙන් පසු නුඹගේ පරම්පරාවද, නුඹවද වැඩි වර්ධනය කරන්නෙමි; තවද නුඹට වැලි ගණන්කිරීමට නොහැකි නම්, නුඹේ වංශයද එලෙසම වන්නේය.

15 තවද ස්වාමින්වහන්සේ මා හට මෙසේ කී සේක: ආබ්‍රහම්, මා නුඹට මේවා පෙන්වූයේ නුඹ මිසරයට යෑමට පෙරය, එනම් නුඹට මේ සියලුම වචන ප්‍රකාශ කරන පිණිසය.

16 යම් දේවල් දෙකක් පවතී නම්, තවද එකක් අනෙකට ඉහළින් තිබේ නම්, ඒවාට උඩින් තවත් විශාල දේවල් තිබෙන්නේය; එසේහෙයින් නුඹ දැක තිබෙන සියලු කොකව්බීම්වලට වඩා විශාලම එක කොලොබ් ය, මක්නිසාද එය මා හට සමීපවම තිබෙන නිසාය.

17 දැන්, එකකට ඉහළින් තවත් එකක් තිබෙන ලෙස, යම් දේවල් දෙකක් තිබේ නම්, තවද චන්ද්‍රයා පොළොවට ඉහළින් තිබෙන්නේය, එවිට ග්‍රහලෝකයක් හෝ තරුවක් එයට ඉහළින් පවතින්නේය; තවද ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ යමක් කිරීමට උන්වහන්සේගේ හදවතින් තීරණය කරන්නේද උන්වහන්සේ එය ඉටුකරන සේක.

18 ඒ කෙසේ වෙතත් උන්වහන්සේ විශාලම තාරකාව සෑදූ සේක; එසේම එහි ආත්මයන් දෙකක් ඇත්නම්, තවද එකක් අනෙකට වඩා බුද්ධිමත් වන්නේය, එහෙත් මෙම ආත්මයන් දෙක, එකක් අනෙකට වඩා බුද්ධිමත් වුවද, ඒවාට ආරම්භයක් නොමැත්තේය; ඒවා පෙර පැවතුණි, ඒවාට අවසානයක් නොමැත්තේය, ඒවා පසුවද පවතින්නේය, මක්නිසාද ඒවා ග්නොලම් නොහොත් සදාකාලික වේ.

19 තවද ස්වාමින්වහන්සේ මා හට මෙසේ කී සේක: මේ කාරණා දෙක පවතින්නේය, එනම් එහි ආත්ම දෙකක් ඇත්තේය, එකක් අනෙකට වඩා බොහෝ බුද්ධිමත්ය; ඒවාටත් වඩා බොහෝ බුද්ධිමත් තවත් එකක් තිබෙන්නේය; මම ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේය, මම ඒ සියල්ලටම වඩා බුද්ධිමත් වන්නෙමි.

20 එල්කෙනාගේ පූජකයාගේ හස්තයෙන් නුඹව ගලවාගැනීමට ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ දේව දූතයාව එවූ සේක.

21 මම ඒ සියල්ලන් මධ්‍යයෙහි සිටින්නෙමි; මම දැන්, එසේහෙයින්, නුඹ වෙතට පහළට පැමිණියේ මාගේ හස්තයන් සෑදූ කාර්යයන් නුඹට පෙන්වීමටය, මාගේ ප්‍රඥාව ඒවා සියල්ල අභිබවා යයි, මක්නිසාද නුඹගේ දෑස් ආරම්භයේ සිට දුටු සියලුම බුද්ධියේ ආත්මයන් කෙරෙහි, මම ඉහළ ස්වර්ගයන් හිත්, සහ පහළ පොළොවෙහිත්, සියලු ප්‍රඥාවෙන් සහ නුවණින්ද පාලනය කරන්නෙමි; මම ආරම්භයේදී නුඹ දැක ඇති සියලුම බුද්ධියේ ආත්මයන් මධ්‍යයෙන් පහළට පැමිණියෙමි.

22 දැන් ස්වාමින්වහන්සේ ආබ්‍රහම් වන මා හට, ලෝකය ආරම්භයටත් පෙර සංවිධානය කර තිබූ බුද්ධිමත් අය පෙන්වා ඇත්තේය; තවද මේ සියලු දෙනා අතර බොහෝ උතුම් සහ ශ්‍රේෂ්ඨ අයද විය;

23 තවද දෙවියන්වහන්සේ මෙම ප්‍රාණයන් සියල්ල යහපත් බව දැක, තවද උන්වහන්සේ ඔවුන් මාධ්‍යයේත් සිටගෙන, තවද උන්වහන්සේ මෙසේ කී සේක: මම මොවුන්ව මාගේ පාලකයන් කරන්නෙමි; මක්නිසාද උන්වහන්සේ ආත්මයන් වූ අය අතර සිටගෙන සිටියේය, තවද ඔවුන් යහපත් බව උන්වහන්සේ දුටුවේය; තවද උන්වහන්සේ මා හට මෙසේ කී සේක: ආබ්‍රහම්, නුඹ ඔවුන්ගෙන් කෙනෙකි; නුඹ උපදින්නටත් පෙර නුඹව තෝරාගෙන ඇත්තේය.

24 තවද එහි ඔවුන් අතර දෙවියන්වහන්සේට සමාන අයෙක් සිටියේය, තවද ඔහු සමඟ සිටි අයට ඔහු මෙසේ කීවේය: අපි පහළට යමු, මක්නිසාද එහි අවකාශයක් ඇත, තවද අපි මෙම ද්‍රව්‍ය රැගෙන ගොස්, තවද මොවුන්ට වාසය කළ හැකි පොළොවක් අපි එහි සාදමු;

25 තවද ඔවුන් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කරන සියලු දේවල් ඒවා කුමක් වුවත් ඔවුන් ඒවා කරන්නේ දැයි බැලීම සඳහා, අපි මෙමගින් ඔවුන්ව පරීක්ෂා කරමු;

26 තවද තමන්ගේ පළමු තත්වය තැබූ අය තවත් වැඩියෙන් ලබන්නෝය; තවද තමන්ගේ පළමු තත්වය නොතැබූ අය, පළමු තත්වය තැබූ අය සමඟ එම රාජ්‍යය තුළ මහිමය නොලබන්නෝය; තවද එසේම තමන්ගේ දෙවන තත්වය තැබූ අයට ඔවුන්ගේ හිස්මත සදාකාලයෙන් සදාකාලයට මහිමය වැඩි වැඩියෙන් ලැබෙන්නේය.

27 තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මා කාව යැවිය යුතුද? තවද මනුෂ්‍ය පුත්‍රයාණන් හා සමාන වූ අයෙක් මෙසේ පිළිතුරු දුන්නේය: මම මෙහිය, මා යවන්න. තවද තවත් අයෙක් පිළිතුරු දෙමින් මෙසේ කීවේය: මම මෙහිය, මා යවන්න. තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මම පළමුවැන්නාව යවන්නෙමි.

28 තවද දෙවෙනියා අමනාප වී, තවද ඔහුගේ පළමු තත්වය තැබුවේ නැත; තවද, එම දවසේ, බොහෝ දෙනෙක් ඔහු පසුපස ගියහ.