ශුද්ධලියවිලි
අනු ලිපිය 1


ආබ්‍රහම්ගේ පොතෙන් අනු ලිපියක්

අංක 1

රූපය
අනු ලිපිය 1

පැහැදිලි කිරීම

1 වෙනි රූපය ස්වාමින්වහන්සේගේ දේවදූතයා.

2 වෙනි රූපය ආබ්‍රහම්ව අල්තාරයක බැඳ තිබීම.

3 වෙනි රූපය එල්කෙනාගේ රූප වන්දනා කළ පූජකයා ආබ්‍රහම්ව බිලිපූජාවක් ලෙස ඔප්පුකිරීමට තැත්කරයි.

4 වෙනි රූපය එල්කෙනාගේ, ලිබ්නාගේ, මහමක්රාගේ, කොරාෂ්ගේ සහ පාරාවෝගේ දෙවිවරුවන් ඉදිරිපිට, රූප වන්දනා කරන පූජකවරුන්ගේ බිලිපූජා සිදුකරන අල්තාරය.

5 වෙනි රූපය එල්කෙනාගේ දෙවියන්ගේ රූපය.

6 වෙනි රූපය ලිබ්නාගේ දෙවියන්ගේ රූපය.

7 වෙනි රූපය මහමක්රාගේ දෙවියන්ගේ රූපය.

8 වෙනි රූපය කොරාෂ්ගේ දෙවියන්ගේ රූපය.

9 වෙනි රූපය පාරාවෝගේ දෙවියන්ගේ රූපය.

10 වෙනි රූපය ආබ්‍රහම් මිසරයේ.

11 වෙනි රූපය මිසර ජාතීන්ගේ අවබෝධය අනුව, ස්වර්ගයේ කුළුණු නියෝජනය වන මෝස්තරයකි.

12 වෙනි රූපය රෝකියෑන්ග් හි, අදහස පරාසය හෝ අපගේ හිසට ඉහළින් පිහිටි අවකාශය යන්නයි; එහෙත් මෙහිදී, මේ කාරණය සම්බන්ධව, මිසර ජාතීන් අදහස් කරන්නේ, ඉහළ යමක් හෝ අහස් තලය හැඟවීමයි, එය හෙබ්‍රෙව් බසින් ෂවූමාහිම් [Shaumahyeem] යන වචනයෙන් පැමිණ ඇත.