ශුද්ධලියවිලි
අනු ලිපිය 2


ආබ්‍රහම්ගේ පොතේ අනු ලිපියක්

අංක. 2

රූපය
අනු ලිපිය 2

පැහැදිලි කිරීම

1 වෙනි රූපය කොලොබ්, යන්නෙන් හඟවන්නේ පළවෙනි මැවීමයි, එය සෙලෙස්ටියල් ආසන්නයේ, හෝ දෙවියන්වහන්සේගේ වාසස්ථානයට ආසන්නයේ පිහිටයි. ප්‍රධාන පාලක රාජ්‍යයයි, කාලය මැනීමේදී අවසානයට ගණන් ගනු ලැබෙන්නේ එයයි. කාලය මනිණු ලබන්නේ සෙලෙස්ටියල් කාලයට අනුවයි, එනම් සෙලෙස්ටියල් හි කාලය හඳුන්වනු ලබන්නේ එක් දවසකින් රියනක් ලෙසයි. කොලොබ් හි එක් දවසක් මේ පොළොවේ කාලයේ මිම්මට අනුව අවුරුදු දහසක් වේ, එය මිසර ජාතීන් හඳුන්වහන්නේ ජා-ඕ-ඒ වශයෙනි.

2 වෙනි රූපය කොලොබ් සමීපයේ ඇති රූපය, මිසර ජාතීන් හඳුන්වන්නේ ඔලිබ්ලිෂ් ලෙසය, එය වනාහි සෙලෙස්ටියල් හෝ දෙවියන්වහන්සේ ජීවත්වන ස්ථානයට පමණක් දෙවන වන මහා පරිපාලන මැවීමයි; වෙනත් ග‍්‍රහලෝකවලට අදාලව, ආබ්‍රහම් ස්වාමින්වහන්සේ වෙනුවෙන් සෑදූ අල්තාරය මත, බිලිපූජාවක් ඔප්පු කළ විට, දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එළිදරව් කළ පරිදි, එය බලයේ යතුරද උසුලයි.

3 වෙනි රූපය එය සාදා තිබෙන්නේ දෙවියන්වහන්සේ, බලයේ සහ අධිකාරීත්වයේ සළු පැළඳ, සදාකාලික ආලෝකයේ ඔටුන්නක් සහිතව, උන්වහන්සේගේ සිංහාසනයේ හිඳගෙන සිටීම නියෝජනය කිරීමටය; එසේම, ඒදන් උයනේදී ආදම්ට මෙන්ම සෙත්, නෝවා, මෙල්කිසදෙක්, ආබ්‍රහම්, සහ පූජකවරය එළිදරව් කළ සියලලන්ටම එළිදරව් කළ පූජකවරයේ විශිෂ්ඨ ප්‍රධාන වචනද ඉන් නියෝජනය වේ.

4 වෙනි රූපය හෙබ්‍රෙව් රෝකියෑන් යන වචනයට පිළිතුරු ය, එයින් හැඟවෙන්නේ, විශාල ප්‍රදේශයක්, හෝ අවකාශයේ අහස් තලයයි; එමෙන්ම මිසරය හඟවන එක්-දහසේ සංඛ්‍යාත්මක රූපයකි; ඔබ්ලිෂ්ගේ කාලය මැනීමට පිළිතුරු සපයයි, එය කොලොබ් හි පරිභ්‍රමණයට සහ එහි කාලය මැනීමට සමානය.

5 වෙනි රූපය මිසරවරුන්ගේ ආකාරයට එය හඳුන්වන්නේ එනිෂ්-ගෝ-ඔන්-ඩොෂ් ලෙසය; මෙයද එක් පරිපාලන ග‍්‍රහලෝකයකි, තවද මිසරවරුන් විසින් හිරු යයිද කියනු ලැබේ, තවද කොලොබ් වෙතින් ඊට කේ-ඒ-වන්රාස් මාධ්‍යය තුළින් ආලෝකය ලබාගනියි, එය විශිෂ්ඨ යතුරයි; නැතහොත්, වෙනත් වචන වලින්, පරිපාලන බලයයි, එමගින් වෙනත් ස්ථිර ග‍්‍රහලෝක පසලොසක් හෝ තාරකාද, ෆ්ලූසීස් හෝ චන්ද්‍රයාද පාලනය වෙයි, පොළොව සහ හිරු එහි වාර්ෂික පරිභ්‍රමණයේ යෙදෙයි. මෙම ග‍්‍රහලෝකය එහි බලය ලබාගන්නේ ක්ලී-ෆෙලාස්-ඊස්-එස් හෝ හා-කෝ-කව්-බීම් වෙතිනි, 22 සහ 23 යන සංඛ්‍යා වලින් නියෝජනය වන තාරකා, ආලෝකය ලබාගන්නේ කොලොබ්ගේ පරිභ්‍රමණයෙනි.

6 වෙනි රූපය මෙම පොළොව එහි දිශා හතරෙන් නියෝජනය කරයි.

7 වෙනි රූපය දෙවියන්වහන්සේ සිංහාසනය මත හිඳගෙන සිටීම නියෝජනය කරයි, පූජකවරයේ විශිෂ්ඨ ප්‍රධාන වචන ස්වර්ගයන් තුළින් එළිදරව් කරයි; එසේම, ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවියෙකු ලෙස ආබ්‍රහම්ට දෙන සළකුණයි.

8 වෙනි රූපය ලෝකයට එළිදරව් කළ නොහැකි ලීවීම් ඇතුළත්ය; එහෙත් ඒවා දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගාව තුළ තබාගැනීම සඳහාය.

9 වෙනි රූපය වර්තමාන කාලයේ එළිදරව් නොකළ යුතුය.

10 වෙනි රූපය මෙයද එසේමය.

11 වෙනි රූපය මෙයද එසේමය. තවද මෙම ගණන් ලෝකයාට සොයාගැනීමට හැකි නම්, එයට ඉඩහරින්න. ආමෙන්.

12, 13, 14, 15, 16, 17, 18, 19, 20, සහ 21 වෙනි රූප ස්වාමින්වහන්සේගේම ස්වකීය යථා කාලයේදී දෙනු ලබන්නේය.

ඉහත සඳහන් පරිවර්තනය දැනට අප සතුව ඇති යම් අයිතිවාසිකම් අනුව ලබාදී ඇත.