2010–2019
ස්වාමිනී, මාගේ දෑස් විවෘත වනු පිණිස ඔබවහන්සේ සලස්වන සේක්ද
2017 ඔක්තෝම්බර්


ස්වාමිනී, මාගේ දෑස් විවෘත වනු පිණිස ඔබවහන්සේ සලස්වන සේක්ද

අප ගැලවුම්කරුවාණන්වහන්සේගේ දෑස් තුලින් අන් අය දෙස බැලිය යුතුය.

“The Lion King” යනු අප්‍රිකාවේ සැවානාහි කතා වස්තුවක් පෙන්වන සම්මානනීය කාටුන් චිත්‍රපටියකි. සිංහ රජු තම පුතුන් බේරන්නට ගොස් මිය ගිය පසු,  දේශද්‍රෝහී පාලකයෙකු විසින් සැවානා විනාශ කරමින් තරුණ සිංහ කුමරා බලහත්කාරයෙන් පිටමං කරනු ලැබේ.  සිංහ කුමරා උපදේශකයෙකුගේ උදව්වෙන් නැවතත් රාජධානිය අයිති කරගනියි. සැවානාහි උතුම් වූ ජීවන චක්‍රයේ සමබර වීමේ අවශ්‍යතාවය ගැන ඔහුගේ දෑස් විවර වෙයි. රජු වීමට පුහුණු වන විටදී, තරුණ සිංහයාට  අවවාදයක් හිමිවුණි, “පේන දෙයින් එහා බලන්න.”1

පියණන්වහන්සේගේ සියල්ලට උරුමකම් කීමට අපි ඉගෙනගන්නා විටදී, අපි දකින දෙයින් එහාට බලන්නට ශුභාරංචිය අපට උගන්වයි. එසේ කරන්නට අපි ගැලවුම්කරුවාණන්වහන්සේගේ දෑස් තුළින් අන් අය දෙස බැලිය යුතුය. ශුභාරංචිය විවිධාකාර මිනිසුන් අතර පැතිර ගිය විශාල දැලකි. අපගේ ලෝකයේ, වැඩපලේ සගයින් , සහ සාමාජිකයන්, අපේ පවුල් සාමාජිකයන් සියලු දෙනාගේම සැබෑ ස්වරූපය සම්පූර්ණයෙන්ම නොදන්නා නිසා, ඔවුන්ගේ තීරණ හා මනෝවිද්‍යාත්මක පසුබිම මුළුමනින්ම අවබෝධ කරගන්නට අසීරුය. අපි පහසු උපකල්පන හා පොදු ආකෘතීන්ගෙන් එපිට බලා අපගේ අත්දැකීම් යන කුඩා කාචය පුළුල් කළ යුතුයි.

ධර්මදූත සේවා සභාපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි කාලයේදී “පෙනෙන දෙයින් එහා බලන්නට” මාගේ දෑස් විවෘත කෙරිණි. ඇස්වල බයෙන් යුතුව එක් තරුණ ධර්මදූතයෙකු මා වෙත පැමිණියේය. සාකච්ඡාවක් සිදු කරන විටදී, ඔහු පරාජිතව “මට ගෙදර යන්න ඕනි” යැයි කීවේය. “මේක අපිට හරිගස්සන්නට පුළුවන්” කියා මම මටම සිතාගෙන, සතියක් මහන්සි වී වැඩකර ඒ ගැන යාච්ඤා කර නැවත මා අමතන ලෙස මම ඔහුට අනුශාසනා කළෙමි. හරියටම කියූ වෙලාවටම වගේ, සතියකට පසුව ඔහු කතා කළේය. ඔහුට තවමත් ගෙදර යන්න අවශ්‍ය බව කීවේය. මම නැවත ඔහුට අනුශාසනා කළේ යාච්ඤා කර, මහන්සිවී වැඩ කර, සතියකින් පසු ආපසු කතා කරන්නටයි. අපගේ ඊළඟ සාකච්ඡාවේදී, කිසිවක් වී තිබුනේ නැත, ඔහුට තවමත් ගෙදර යන්න අවශ්‍යව තිබුණි.

එය සිදුවීමට ඉඩනොදීමේ චේතනාවෙන් මම සිටියෙමි. මම ඔහුගේ කැඳවීමේ ශුද්ධවත් බව ගැන උගන්වන්නට පටන්ගත්තෙමි. “තමන්ව අමතක කර වැඩ කරන්නට”2 මම ඔහුව දිරිමත් කළෙමි. නමුත් මම කුමන අදහස ඉදිරිපත් කළත් ඔහුගේ අදහස වෙනස් නොවීය. මම මුළු සිද්ධියම නොදන්නවා ඇති යැයි අවසානයේ මට සිතුණි. එවිට මම ප්‍රශ්ණයක් අසන්නට පෙළඹුණි ; “එල්ඩර්, ඔයාට අමාරු මොකක්ද?” ඔහු කී දේ මගේ හදවත පසාරු කළේය, “සභාපතිතුමනි, මට කියවන්නට බෑ.”

මම දී තිබුණේ, මට නැණවත් යැයි හැඟුණු, එහෙත් ඔහුගේ අවශ්‍යතාවයට කිසිම වැදගත්කමක් නැති, අනුශාසනාවකි. උන්වහන්සේට අවශ්‍යව තිබුනේ මගේ හදිසි අනුගමනයන්ගෙන් එපිට බලා ඒ එල්ඩර්ගේ සිතේ තිබුණ දෙය වටහාගන්නට ශුද්ධාත්තමයාණන් මට දෙන අනුබලයට ඉඩදීමයි. ඔහුව නිවැරදිව දැක ඔහුට බලාපොරොත්තුවක් ඇති කරගන්නට හේතුවක් දෙන්නට, ඔහුට මගේ උදව් අවශ්‍යව තිබුණි. ඒ වෙනුවට මම ක්‍රියාකලේ විශාල ගොඩනැගිලි කඩන යන්ත්‍රයක් මෙනි. මේ අභීත එල්ඩර් කියවන්නට ඉගෙනගෙන අවසානයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ඉතා නිර්මල ගෝලයකු බවට පත්වුයේය. ස්වාමින්වහන්සේගේ වචන වලට මාගේ දෑස් ඔහු විවෘත කළේය. “මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙසය. එහෙත් ස්වාමීන්වහන්සේ බලන්නේ හදවත දෙසය,”(1 සාමුවෙල් 16:7).

ස්වාමීන්වහන්සේගේ ආත්මය අපේ දැකීම පුළුල් කිරීම කෙතරම් නම් ආශිර්වාදයක්ද. ඇනාගතවක්තෘ එලීශා නින්දෙන් නැගිට, හතරවටින්ම සිරියන් යුද්ධ හමුදාව තම නගරය අශ්වයින් හා අශ්ව රථ වලින් වටලා සිටි බව දුටු අවස්ථාව මතකද? ඔහුගේ සේවකයා බියට පත්වී මෙවැනි අවස්ථාවකදී ඔවුන් කුමක් කරන්නේදැයි එලීශාගෙන් විමසුවේය. මතකයේ රැව්දෙන වචනවලින් එලීශා පිළිතුරු දුන්නේය : “බිය නොවන්න මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝය(2 රාජාවලිය 6:16). දිවැසිවරයා කියා සිටි දෙය සේවකයාට නොතේරුණි. තමන්ට පෙනෙන දෙයින් ඔබ්බට ඔහුට බලන්නට නොහැකි විය. නමුත් දේවදූතයින් භට පිරිස් ගණනාවක් දිවැසිවරයාගේ මිනිසුන් වෙනුවෙන් යුධවැදීමට සූදානම්ව සිටි බව එලීශා දුටුවේය. එම නිසා, එලීශා තරුණයාගේ දෑස් විවර කරන ලෙස ඉල්වමින් ස්වාමීන්වහන්සේට යාච්ඤා කළේය, “එවිට එලීශා වටේට ගිනි අශ්වයින්ද, ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.”(2 රාජාවලිය 6:17).

රූපය
එලීශා සහ ස්වර්ගීක හමුදාව

අප දකින වෙනස්කම් වලින් නිතරම අපි අපව අන් අයගෙන් වෙන්කරගන්නෙමු. අපි වගේම සිතන, කතාකරන, අඳින, ක්‍රියාකරන අය සමඟ අපි පහසුවෙන් සිටින අතර විවිධාකාර තත්වයන් හා වටපිටාවන්ගෙන් පැවතෙන අයත් සමඟ අපි නිරාසයෙන් සිටීම අපහසුවක් ලෙස අපට දැනේ. යථාර්තය දෙස බැලුවොත්, අප සියලු දෙනාම විවිධාකාර රටවලින් පැවතෙන්නේ, විවිධ භාෂාවලින් කතාකරන්නේ නැත්ද? අපේ ජීවිත අත්දැකීම්වල විශාල සීමාවන් තුළින් මුළු ලෝකය දෙසම බලන්නේ නැත්ද? එලීශා දිවැසිවරයා මෙන් සමහරුන් අධ්‍යාත්මික ඇස්වලින් දකී, කතා කරයි එමෙන්ම, මම හා මගේ කියවීමට නොහැකි ධර්මදූතයා අත්දැක්කා මෙන් සමහරුන් භෞතික පෙනුමෙන් දකියි, කතාබස් කරයි.

සැසඳීම, විවේචනය, හා නම්පැටවීම් වලින් පෝෂිත ලොවක අපි ජීවත් වන්නෙමු. සමාජ මාධ්‍යය කාචය තුලින් පමණක් බලනවාට වඩා, අපිට හිමිකම් ඇති දිව්‍යමය ලක්ෂණ දිහා අපි බැලිය යුතුයි. මෙම දිව්‍යමය ලක්ෂණ හා අවශ්‍යතා Pinterest හි පෙන්වන්න වත්, Instergram හි පළ කිරීමටවත් නොහැකිය.

අන් අයව පිළිගැනීමෙන් හා ප්‍රේම කිරීමෙන්, ඔවුන්ගේ අදහස් වැළඳගැනීම හැඟවෙන්නේ නැහැ. නිසැකවම, සත්‍යට අපගේ උසස්ම පක්ෂපාතිත්වය දැරීම අනිවාර්යකි, නමුත් එය මෙම කාරණාවට බාධකයක් විය යුතු නැහැ. සැබැවින්ම අන් අය ට ප්‍රේම කරන්නට, අපි කවදාවත් සම්පූර්ණයෙන් දැනගන්නට නොහැකි වුවත්, මිනිසුන්ගේ ජීවිත අත්දැකීම් හා සීමාවන් මැද ඔවුන්ගේ උපරිම උත්සාහයන් පිළිගැනීමේ සක්‍රීය බව අවශ්‍යය.

රූපය
බහුකාර්ය රථය

2016 මැයි 28 දිනයේදී, 16 හැවිරිදි බියු රිචී හා ඔහුගේ මිත්‍ර ඕස්ටින්, කොලරාඩො ප්‍රාන්තයේ පවුලට අයිති ගොවිපලක සිටියහ. බියු හා ඕස්ටින් වික්‍රමාන්විත දවසක බලාපොරොත්තුව ඇතිව තම තමන්ගේ බහුකාර්ය රථවලට නැගගත්හ. වැඩිදුරක් යන්නට කලින් ඔවුන්ට අවදානම් තත්වයක් හමුවී, ඛේදවාචකයකට මුල පිරුවේය. බියු පදිමින් සිටි රථය අනපේක්ෂිතව පෙරලී බියු රාත්තල් 400 (180 kg) කට යටවුණි. බියු ගේ මිත්‍ර ඕස්ටින් එහි ළඟා වූ කල්හි, ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක සිටි බව දුටුවේය. තම මිතුරාගෙන් රථය අහක් කරන්නට මුළු ශක්තියම වැය කළත් එය අසාර්ථක වුණි. බියු වෙනුවෙන් යාච්ඤාවක් කරමින් ඔහු උදවු ඉල්ලන්නට ගියේය. හදිසි අනතුරු සේවාව පැමිණියත්, පැය කිහිපයකට පසුව බියු මියගියේය. මැරෙනසුළු මේ ජීවිතයෙන් ඔහු නිදහස් විය.

ඔහුගේ සිත් බිඳුණ දෙමව්පියන් පැමිණියෝය. ඒ කුඩා රෝහලේ බියු ගේ මිතුරන් හා පවුල සිටිය විටදී, පොලිස් නිළධාරියෙකු කාමරයට ඇතුළු වී බියු ගේ ජංගම දුරකථනය ඔහුගේ මවට භාර දුන්නේය. එය අතට ගත් විටදී ඉන් නාදයක් පිටවිය. දුරකථනය විවෘත කළ ඇය බියුගේ දිනපතා සීනු ඔරලෝසුව දුටුවාය. ඇගේ විනෝදකාමී, බෙහෙවින් දඟකාර දරුවා දිනපතා කියවන්නට සකස් කෙරූ පණිවුඩය ඈ කියෙව්වාය, “ඔයාගේ ජීවිතයේ මැද යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රධානව තබාගන්නට මතක තබාගන්න.”

බියු තම ගැලවුම්කරුවාණන් කෙරෙහි දැක්වූ අවධානයෙන් ඔහුගේ හිතාදර පිරිස් හට ඔහු නොමැති වීමේ දරුණු ශෝකය අඩුවුණේ නැතිමුත්, එයින් බියු ගේ ජීවිතය හා ජීවිතයේදී ගත් තීරණ වලට අර්ථයක් හා උතුම් බලාපොරොත්තුවක් දී තිබිණි. එයින් ඔහුගේ අකාලයේ මියයාම කෙරෙහි ශෝකයෙන් එහා ඇති මීළඟ ජීවිතයේ ප්‍රීතිමත් යථාර්ථයන් දෙස බලන්නට ඔහුගේ මිතුරන්ට හා පවුලට ඉඩ සැලසුණි. තම පුතාට වඩාත් අගනා දෙය ඔහුගේ ඇසින් බියු ගේ දෙමව්පියන්ට දකින්න ලැබීම කොතරම් මහිමයක්ද.

සභාවේ සාමාජිකයින් වශයෙන්, ගැලවීමෙන් ඉවතට, මැරෙන සුළු ඇසෙන් අහක බලන විට අපිට අනතුරු හඟවන පෞද්ගලික ආධ්‍යාත්මික සංඥා අපට තිලිණ කර ඇත. දිගටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවධානය දී, සැමවිටම උන්වහන්සේගේ ශුද්ධාත්මය තබාගන්නට, සැමවිටම උන්වහන්සේ සිහිකරන්නට සතිපතා මතක් කරන්නේ සක්‍රමේන්තුවයි. (දහම සහ ගිවිසුම 20:77). නමුත් මේ මතක් කරවීම්, සංඥා අපි සමහරවිට නොසලකා හරිනවා. අපගේ ජීවිත මැද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපි තබාගන්නා විටදී, අපිට තනිව වටහාගත නොහැකි අවස්ථාවන්ට අපගේ දෑස්, උන්වහන්සේ විවෘත කර දෙනු ඇති.

ඇදහිලිවන්ත සහෝදරියක් අත්වින්ද ආරක්ෂක සංඥාවක් පිළිබඳව සැබවින්ම සිත්ගන්නා සුළු ලිපියක් මට ලැබුනා. ඇයට දැනුන දේවල් තම සැමියාට තේරුම්කර දෙන්නට උත්සාහ කිරීමක් වශයෙන්, ඔහු නිසා ඇයට නුරුස්සන්නට හේතු ලැයිස්තුවක් තම දුරකථනයේ තබාගන්නට ඈ පටන් ගත්තාය. ඇගේ තර්කය වූයේ කාලය හරි වේලාවට ඔහුගේ පුරුදු වෙනස් කරන්නට, ඔහුත් සමග බෙදාගන්නට ලිඛිත ඔප්පුවක් ඇය සතුබවයි. නමුත් එක්තරා ඉරිදාවකදී සක්‍රමේන්තුව ලබාගෙන ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන සිතන අතරතුරේදී, තම සැමියා කෙරෙහි වූ ඇගේ සෘණාත්මක සිතුවිලි සටහන්ගත කිරීම නිසා, ඇගෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ඈත්වන බවත් එයින් ඔහුව වෙනස් කරන්නට නොහැකි බවත් ඇය වටහා ගත්තා.

“මේ ඔක්කොම අතාරින්න. ඒවා අයින් කරන්න. ඒක හොඳක් වෙන දෙයක් නොවේ” යැයි ඇගේ හදවත තුළ අධ්‍යාත්මික සංඥාවක් නාද විය. ඉන්පසුව ඇය ලියුමේ, “සියල්ලම” තෝරන්න මට ටිකක් වෙලා ගියා වගේම “ඉවත්කරන්න” ඔබන්න ඊටත් වඩා වෙලා ගියා. නමුත් එසේ කළ පසුව, ඒ සෘණාත්මක අදහස් ඒ එක්කම මැකී ගියා. මගේ හදවත ප්‍රේමයෙන් - මගේ සැමියා කෙරෙහි ආදරයත්, ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රේමයකිනුත් පිරුනා.” දමස්තය වෙත යන මාවතේ උන් සාවුල් මෙන්, ඇගේ දෘෂ්ඨිය වෙනස් වන්නට විය. විකෘතියේ තුලාව ඇගේ ඇසින් එළිය වැටුණි.

ශාරීරිකව හා අධ්‍යාත්මිකව අන්ධවූ අපගේ දෑස් ස්වාමීන්වහන්සේ නිතරම විවෘත කළ සේක. උපමාවක් ලෙස හෝ ඒ අර්ථයෙන්ම අපගේ දෑස්, දිව්‍යමය සත්‍යයන්ට විවෘත වීමෙන් අපිව මැරෙන සුළු බවේ කෙටි දෘෂ්ඨියෙන් සුව වන්නට අපිව සූදානම් කරයි. මඟ නිවැරදි කරගැනීමට, පුළුල් සදාකාලික පැතිකඩක අවශ්‍යතාව හඟවන ආධ්‍යාත්මික “සංඥා“ වලට සවන් දෙන විටදී, අපි සමඟ උන්වහන්සේගේ ශුද්ධාත්මය තිබෙනු බවට ඇති සක්‍රමේන්තු පොරොන්දුව ඉෂ්ඨ වේ. මෙය ජෝසප් ස්මිත් හා ඔලිවර් කවුරි, කර්ට්ල්න්ඩ් දේවමාළිගාවේදී සිදුවිය. නොමනා තීරණවල හා මැරෙනසුළු සීමාවන්හි තීරය, “ ඔවුන්ගේ මනසින් ඉවත්කර, අවබෝධයේ දෑස් විවෘත වනු ඇතැයි” පොරොන්දු වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට වැදගත් සත්‍යයන් ඉගැන්වූ සේක” (දහම සහ ගිවිසුම 110:1).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය තුළින්, අපි ඉදිරියේ පෙනෙන දෙයට එහායින් අධ්‍යාත්මිකව බලන්නට හැකියාව ලැබෙන බවට මම සාක්ෂි දරමි. “උන්වහන්සේ සැමවිටම සිහිකරමින් ..... උන්වහන්සේගේ ශුද්ධාත්මය සැමවිටම ළඟ තබාගන්නා” විටදී, හිතමිත්‍රයින් හා නාඳුනන පිරිස් ඔවුන්ගේ සම්පූර්ණ විෂයෙන් තේරුම්ගන්නට අපේ ඇස් විවෘත වේ. එවිට අපගේ හදවතේ ගැලවුම්කරුවාණන්ගේ ගැලවීමේ සැලසුමේ යථාර්තය වඩාත් බලවත්ව සටහන් වනු ඇති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. From The Lion King 1½ (2004); outside North America, known as The Lion King 3: Hakuna Matata.

  2. Teachings of Presidents of the Church: Gordon B. Hinckley (2016), 201.