2010–2019
පූජකවරය හා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය
2017 ඔක්තෝම්බර්


පූජකවරය හා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය

ස්වර්ගීය පියාණන්වහන්සේගේ අරමුණු ඉටුවීම සඳහා, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගේවීමේ බලය දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා ලබා ගත යුතුව ඇත. පූජකවරය මෙම අවස්ථා උදාකර දෙනු ලබයි.

පිටත්වයාම සඳහා සූදානම් කල රොකට්ටුවක් දියත් කිරීමේ පුවරුවක් මත සීරු මාරු කිරීම මා සමග ඔබේ සිතේ මවාගන්න. දැන්, පත්තුවිම ගැන සිතන්න. ඉන්ධන භාවිතයෙන් පාලනය කල ඇවිලීමකින් රොකට්ටුව අභ්‍යාවකාශයට යැවීමට අවශ්‍යය තෙරපුම ලබාදෙමින්, පිටතට විදිනා වාතය උණුසුම් කෙරේ. අවසානයේදී රොකට්ටුව මත ඇති උපකරණ ආදිය හෝ භාණ්ඩ තොගය මවාගන්න. උපකරණවල සැබෑ වටිනාකම හඳුනාගන්නේ එය යා යුතු තැනට ගිය පසු හා සක්‍රීය ලෙස පරිහරනය කල විටය. උදාහරණයක් ලෙස මිල අධික ගෝලීය සන්නිවේදන චන්ද්‍රිකාවක් ගබඩාවක තිබීමේදී වටිනාකමක් නැතිබව අගැයීමට  ඔබ රොකට්ටු විද්‍යාඥයකු විය යුතු නැත. රොකට්ටුවක මෙහෙයුම බඩු තොග භාර දීම පමණය.

මේ සැන්දෑවේදී අප දරන පූජකවරය රොකට්ටුවකටත් හා ගැලවුම්කරුවාණන්ගේ වන්දි ගෙවීමේ බලයෙන් ප්‍රතිලාබ ලැබීමේ අවස්ථාව, රොකට්ටුවකින් බාරදෙන උපකරණ වලටත් සම කිරීමට මම කැමැත්තෙමි.

යේසුස්වහන්සේගේ වන්දි ගෙවීම නිසා මනුෂ්‍ය වර්ගයාට ගැලවීම ලබා දීමට උන්වහන්සේට බලය හා ආධිපත්‍යය ඇත. එම වන්දි ගෙවීම තුළින් ලබාගත හැකි බලයට ලඟාවීමට, යේසුස්වහන්සේ එම බලයෙන් හා අයිතියෙන් කොටසක් පොළවේ වෙසෙන මිනිසුන්ට ලබා දී ඇත. එම අභිනියෝජනයකල බලය “පුජකවරය” ලෙස හඳුන්වයි. එයින් දෙවියන්වහන්සේ හා යේසුස්වහන්සේගේ කාර්යය වන ගැලවීම හා සදාතනික ජිවිතය උන්වහන්සේගේ දරුවන්ට ලගා කර ගැනීමට උදව් වීමට, පුජකවරය හිමි අයට අවසර ලැබී ඇත. එමගින් ඔවුන්ට උන්වහන්සේගේ වන්දි ගෙවීම තුළින් ආශිර්වාද ලබා ගැනිමට හැකි වනු ඇත.

යේසුස්වහන්සේගේ එම වන්දි ගෙවීම තුළින් අපට ලැබෙන බලය ඉතාමත් වැදගත් වන්නේ එය නොමැතිව අපට දෙවියන්වහන්සේ වෙතට යාමට නොහැකි නිසාය. මිනිසුන් ලෙස අප අතින් අනිවාර්යයෙන්ම වැරදි සිදුවන අතර දෙවියන්වහන්සේගේ පණත් කඩවෙයි. අප පව් වලින් කිලිටි වූ පසු දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීමට හැකියාව අපට අහිමි වී යයි. දෙවියන්වහන්සේ සමග නැවත එකතු වීමට නම් අපට ගැලවුම්කරුවාණන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය උවමනාය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ භෞතික මරණයේ බැමි බිඳ, අප සෑම දෙනාටම නැවත නැගිටීමේ අවස්ථාවක් උදාකර දුන්සේක. ශුභාරංචියේ අණ පණත් හා වත්පිළිවෙත් වලට කීකරු වීමේ පොරොන්දුව මත උන්වහන්සේ අපගේ පව් වලට කමා කරන සේක. උන්වහන්සේ තුලින් අපට උසස් වීමේ හැකියාව ලැබෙනු ඇත. උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින් අපට ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව, මැවීමේ ඉතා වැදගත් ප්‍රතිඵලයකි.

දෙවියන්වහන්සේගේ සැලැස්ම ඒ ආකාරයෙන් ඉටුවීමට නම්, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දි ගෙවීමේ බලය දෙවියන්වහන්සේගේ දරුවන්ට ලැබීමට සැලැස්විය යුතු විය.1 පූජකවරය මෙම අවස්ථා ලඟා කරදෙයි. ඒ රොකට් එකය. පූජකවරය වැදගත් වන්නේ එය තුලින් පමණක් සිදුකළ හැකි වැදගත් ගිවිසුම් හා නියෝග ඉටු කළ හැකි බැවිනි. පූජකවරය තුළින් යේසුස්වහන්සේගේ වන්දිගෙවීම හරහා අපට හිමිවන බලයට ලගාවිය නොහැකි නම් එහි ඇති ඵලය කුමක්ද? එය නිකම් අවධානය ලබා ගන්නා සංකීර්ණ රතිඤ්ඤා කරලක් වගේ වෙයි නේද? දෙවියන්වහන්සේගේ වුවමනාව පූජකවරය ඉරුදින පන්ති හා සේවා අවස්ථාවකට වඩා දෙයක් කිරීමට යොදාගැනීමයි. එමගින් බඩුතොග යැවීම උන්වහන්සේගේ අරමුණයි.

රොකට් එකක ඇති පුංචි දෝෂයක් මෙහෙයුමක් අසාර්ථක වන්නට බලපායි. බිඳෙන සුළු ඇවුරුම්, ද්‍රව්‍ය හිඟකම නිසා රොකට්ටුවක් ක‍්‍රමවත්ව ක‍්‍රියා නොකරන්නට ඉඩ තිබෙනවා. පූජකවරයේ රූපාත්මක බිඳෙන සුළු ඇවුරුම් හා ද්‍රව්‍ය හිඟකම වලින් ආරක්ෂා කිරීමට දෙවියන්වහන්සේ එහි පැවරීමත්, භාවිතයත් ආරක්ෂා කරන සේක.2 පූජකවරය පැවරීම, මනුෂ්‍යයාට ලබා දී ඇති සභාපතිත්වයේ අයිතිවාසිකම් වන පූජකවර යතුරු මගින් ආරක්ෂා කෙරෙයි.3 පුජකවරයේ භාවිතය, පුජකවර යතුරු මගින් මෙන්ම පුජකවරයා එලඹෙන ගිවිසුම් තුල ආරක්ෂා වෙයි. පුජකවරය භාවිතය ආනුශංගිකව පුජකවර යතුරු හා ගිවිසුම් මත පාලනය වෙයි. පූජකවර අධිකාරය තනි තනිව දී තිබුනත්, එය ස්වාධීනව එය එක් එක් අයට අයිතියක් නැත.4 පූජකවරය ස්වාධීන බලයේ නිසරු මූලයක් නොවේ.

ආරෝනික හා මෙල්කිසදෙක් පූජකවරය ලැබෙන්නේ ගිවිසුම් මතයි.5 දෙවියන්වහන්සේ කොන්දේසි තීරණය කරන අතර මිනිසා එයට එකඟ වෙයි. සෘජුව පවසනවානම්, පූජකතත්වය හිමියන් දෙවියන්වහන්සේගේ වැඩවලට උදව් විය යුතුය. යේසුස්වහන්සේ සිටි මුල් වාකවානුවේ උන්වහන්සේ මෙසේ පැහැදිලි කල සේක, “පුජකත්ව ගිවිසුම ස්ථිර කරන්නේ ඔබගේ යහපත සඳහාය, නමුත් ඔබගේ යහපත සඳහා පමණක් නොව, මුළු ලෝකයේම යහපත පිණිසය.... ඒ ඔවුන් මා වෙත නොඑන නිසාය”6

පුජකත්වයේ අරමුණ, ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ නැවත පිහිටවූ ශූභාරංචිය වැළඳගන්නට සියල්ලනටම ආරාධනා කිරීමය. අපට පූජකවරය ඇති නිසා, දෙවියන්වහන්සේගේ දරුවන්ට පාපයෙන් මිදී උන්වහන්සේ මෙන් වන්නට උදව් කරන්නට අපට පුළුවන්. ශුභාරංචි ගිවිසුම් තබාගන්නා හා ඒ හා සම්බන්ද වූ වත්පිළිවෙත් ලබාගන්නා සැමටම දේවත්වයේ බලය ඔවුන්ගේ ජිවිත වල අත්දැකීමට හැකියාව ලැබෙයි.7 අප හැමදෙනාටම ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණ, පිරිසිදු වී, දෙවියන්වහන්සේ හා එකතු වීමට ඇති මාර්ගය මෙයය. ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගේවීමේ බලය පුජකත්වයට සුදුසුකම් දෙයි, බඩුතොගය ගෙනයයි.

දෙවියන්වහන්සේ සමග වන ගිවිසුම ගාම්භීරය, බරපතලය. මිනිසෙකු එයට සුදානම් වී සොයා බලා එම ගිවිසුමට ඇතුලත් විය යුත්තේ ගරු භක්තියක් ඇතිවය. ගිවිසුමට අප කැපවිය යුතුය. රොබර්ට් බෝල්ට් ලියු ඉංග‍්‍රීසි කථාවක අනුවාදයන් නම් මෙසේ විය, මිනිසකු ගිවිසුමකට එන්නේ ඔහුට පොරොන්දුවක් තිබීම පිලිබඳ දැඩි අවශ්‍යතාවයක් ඇති විටය. ඔහු ඔහුගේ පොරොන්දු වන සත්‍යතාවය හා ඔහුගේ යහපත්කම අතර ඔහුගේ හැඳින්වීම පෙන්වයි. මිනිසකු ගිවිසුමකට එලඹෙන විට ඔහු රැඳී සිටින්නේ ඔහුගේ දෝතට ගත් ජලය මෙන්ය. ඔහු ඔහුගේ ඇඟිලි අත්හැරියොත්, ඔහුට ඔහුව නැවත සොයාගැනිමේ බලාපොරෝත්තුවක් නැත. ගිවිසුම් කඩන්නෙකුට කෙදිනකවත්, වගවීමටවත්, වගකීමකටවත්, තමා අහිමිය.8

ආරෝනික පූජකවරය හිමි අයෙකු, නපුරු දෙයින් ඉවත් වන්නට, දෙවියන්වහන්සේ සමග නැවත සම්බන්ධ වන්නට, සහ මෙල්කිසදෙක් පුජකවරය ලබාගැනීමට සුදානම් වීමට ගිවිසුමකට එළඹෙයි.9 ඔහු මේ ශූද්ධ වූ වගකීම් ඉටුකරන්නේ බෞතිස්ම කිරීම, ඉගැන්වීම් හා පල්ලියේ සාමාජිකයන් ශක්තිමත් කිරීම මෙන්ම අනෙක් අයට ශූභාරංචිය පිලිගැනිමට ආරාධනා කිරීම තුළින්ය. මේවා ඔහුගේ “රොකට්” ක්‍රියාකාරකම්ය. ඒවා ඉටු කිරීම තුළින් දෙවියන්වහන්සේ බලාපොරොත්තුව, සමාව දීම, දේවදුතයන්ගේ සේවය, සහ ශූභාරංචියේ යතුරු වන පව්සමා කරගැනිම හා බෞතීස්මය යන දේවල් දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක.10

මෙල්කිසදෙක් පුජකවරයෙකු, ආරෝනික පුජකවරයකු සතු වගකීම් ඉටු කිරීමටත් හා මෙල්කිසදෙක් පුජකවර කැඳවීම ගැඹුරින් ඉටු කිරීමටත් ගිවිසුම් වී තිබේ.11 ඔහු එසේ කරන්නේ එම ගිවිසුම හා බැඳි අණ පණත් රකිමිනි. ඔහු එසේ කරන්නේ, “අලස නොවී සදාතනික ජීවනයේ වචන වලට ඇහුම්කන් දීමෙන් හා දෙවියන්වහන්සේගෙන් පිටවන හැම වචනයකටම ඇහුම්කන් දීම තුළින්ය.”12 යේසුස්වහන්සේ පිලිබඳ හා උන්වහන්සේගේ නූතන කාර්යයන් පිළිබඳ සාක්ෂි දරමින්,13 තමාවම වර්ණනා කර නොගෙන,14 කි‍්‍රස්තුස්වහන්සේගේ මිතුරෙකු වීමෙන් හා තමාගේම මිතුරෙකු ලෙස උන්වහන්සේව විශ්වාස කිරීම තුළින්ය.15

මෙල්කිසදෙක් පුජකවරය හිමි අයට, දෙවියන්වහන්සේගේ අභිරහස් පිළිබඳ තේරුම් ගැනීමේ යතුරු ලබා දීමට උන්වහන්සේ පොරොන්දු වන සේක. ඔහු එයින් පරිපූර්ණ වී දෙවියන්වහන්සේ ඉදිරියේ සිටීමට හැකියාව ලබනු ඇත. ඔහුට ගැලවීමේ කාර්යෙහි ඔහුගේ කොටස කිරීමට හැකිවනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුජකවරය හිමියාගේ මග සුදානම් කර ඔහු සමගම රැඳී සිටින සේක. ශූද්ධාත්මයාණන් ඔහුගේ හද තුළ වැඩ වසන අතර දූතයින් ඔහුව ඔසවාගෙන යයි. ඔහුගේ ශාරීරික ශක්තිය වර්ධනය වේ. ඔහු, ආබ‍්‍රහම් හා ඔහුගේ බිරිඳ ට වු පොරොන්දුවට උරුමක්කාරයෙකු වේ. යේසුස්වහන්සේ මෙන්ම ස්වර්ගයේ උරුමක්කාරයෙකු බවට පත්වේ.16 මේ “ඉතාමත් විශාල හා වැදගත් පොරොන්දුය.”17 මීට වඩා විශාල පොරොන්දු හිතාගන්නටවත් නොහැකිය.

මෙල්කිසදෙක් පූජකවරය ලබා ඇති සෑම දෙනෙකුටම දෙවියන්වහන්සේ එම ගිවිසුම් පොරොන්දු දෙන්නේ දිවුරුම් දීමකින්ය.18 මෙම දිවුරුම අදාල වන්නේ මෙල්කිසදෙක් පුජකවරුන්ට පමණය,19 සහ එම දිවුරුම දෙන්නේ දෙවියන්වහන්සේ මිස පූජකවරයා නොවේය.20 මෙම විශේෂ සිදුවීම වන්නේ උන්වහන්සේගේ දිව්‍යමය බලය හා අධිකාරිය නිසාවෙනි, දෙවියන්වහන්සේ මෙම දිව්රුම යොදාගන්නේ, උන්වහන්සේගේ වඩා බලවත්ම භාෂාවෙන්ය, මන්ද උන්වහන්සේගේ පොරොන්දු වලට උන්වහන්සේගේ මහත් බැඳීමෙහි ස්වභාවය අපට පෙන්වනු සඳහාය.

පුජකවර පොරොන්දු කඩ කිරිමෙන් හෝ ඒවාට පිටුපෑමෙන් ප‍්‍රභල විපාක අත් වේ.21 පූජකවර කැඳවීමක් සැහැල්ලූවට ගැනීම, රොකට්ටුවක අංගයකට දුර්වල දෙයක් හඳුන්වා දෙනවා මෙන්ය. එය පුජකවරය උවදුරෙහි හෙලන්නක් වැනිය මන්ද මෙහෙයුම අඩාල වීමට එය හේතුකාරකයක් විය හැකිය. දෙවියන්වහන්සේගේ අණට කීකරු නොවීම පොරොන්දු කඩ කිරීමකි. නිරතුරුවම හා කිසිදු පව් සමාවක් නොකර ගිවිසුම් කඩන්නන්ට පොරොන්දු වු ආශිර්වාද හිමිවන්නේ නැත.

මට “පුජකවර” රොකට් එක හා “යේසුස්වහන්සේගේ වන්දි ගෙවීම තුළින් අවස්ථාව උදා කරගැනිම” වන බඩුතොගය අතර ඇති සම්බන්ධකම වසර කීපයකට කලින් වඩාත් හොඳින් පැහැදිලි විය. එක් සති අන්තයක මට ඇගයිම් දෙකක් පැවරී තිබිණි. එකක් එක් රටක පළවෙනි ස්ටේකය සාදන ලෙසටය හා අනෙක තරුණයෙකු හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා, ඒ සියල්ල නිවැරදි ව තිබෙනවා නම් ඔහුට පූජකවරය හා දේවමාළිගාවේ ආශිර්වාද ලබා දීමටය. මෙම අවුරුදු 30 ක් වයසැති පුද්ගලයා සභාවට බැඳී තිබෙන්නේ ඔහුගේ තරුණ අවධියේය. ඔහු ඔහුගේ මිෂනාරි සේවය ගෞරවාන්විතව අවසන් කල අයෙක් විය. නමුත් ඔහු ගෙදර පැමිණි පසු වැරදි මාවතක ගොස්, සභාවේ සාමාජිකත්වය අහිමි කර ගෙන ඇත. වසර කීපයකට පසු “ඔහු, ඔහු වෙතටම පැමිණ ඇත,”22 ආදරණීය පුජකවර හිමි නායකයන්ගේ හා කරුණාවන්ත සාමාජිකයින්ගේ උදව් ඇතිව, ඔහු පසුතැවී නැවතත් සභාවේ බෞතීස්ම වී සභාවට එක්විය.

පසුව ඔහු ඔහුගේ පූජකවරය හා දේවමාළිගාවේ ආශිර්වාද නැවත ලබා ගැනීමට අයැදුම් කළේය. සෙනසුරාදා උදේ 10 ට සභාවේදී හමුවීමට අපි දින යොදාගත්තෙමු. මම ඊට කලින් තිබු සම්මුඛ සාකච්ඡා වලට කලින් පැමිණි අතර ඒ වන විටත් ඔහු පැමිණ සිටියේය. ඔහු ඉතාම නොඉවසිල්ලෙන් සිටියේ ඔහුට නැවත පූජකවරය හිමිවන තෙක්ය.

අපගේ සම්මුඛ සාකච්ඡාව අතරතුර, අනාගතවක්තෘ තෝමස් එස්. මොන්සන් විසින් පුද්ගලිකවම ඔහුගේ අයදුම්පත නිරීක්ෂණය කර මෙම සාකච්ඡාව නිර්දේශ කල ලිපිය මම ඔහුට පෙන්වූයෙමි. මෙම සියුම් තරුණයා එවිට හඬන්නට විය. මෙම දිනය හා මෙම සාකච්ඡාව ඔහුගේ ජීවිතයට වැදගත් නොවන බව මම ඔහුට පැවසුවෙමි. ඔහු වියවුල් වී ගිය බවක් පෙනිණි. මම මෙම ආශිර්වාදය ඔහුට නැවත ලබා දුන් පසු ඔහුගේ සාමාජිකත්ව විස්තර පෙන්වන්නේ ඔහුගේ පෙර බෞතිස්ම වු දිනය, පූජකවරය හා දේවමාළිගාවේ විස්තර බව ගැටළු සහගතව මාදෙස බැලූ ඔහුට මම පැවසුවෙමි. එවිට ඔහු නැවතත් හඬන්නට විය.

ඔහුට දහම සහ ගිවිසුම කියවන ලෙසට මම පැවසුවෙමි:

“තවද බලන්න, ඔහු ඔහුගේ පව් වලට සමාව අයැදින කළ ඔහුට සමාව ලැබෙන්නේය. ස්වාමීන්වහන්සේ වන මා එය පසුව මතක තියාගන්නේ නැත.

“ඔබ මෙය දැනගතයුතුව ඇත, මිනිසෙකු පව් සමා කළ පසු, ඔහු එය පවසා එය අත්හැරිය යුතුය.”23

ඔහුගේ දෑසට නැවත කඳුළු පිරෙන්නට විය. මා පසුව, ඔහුගේ හිස මත අත්ල තබා යේසුස්වහන්සේගේ නාමයෙන් මෙල්කිසදෙක් පූජකවරය යටතේ හා සභාවේ ප‍්‍රධානියාගේ අනුමැතිය යටතේ ඔහුගේ පූජකවරය හා දේවමාළිගාවේ ආශිර්වාද නැවත පිහිටුවනු ලැබුවෙමි.

අපට ඉමහත් සතුටක් ඇති විය. දෙවියන්වහන්සේගේ පූජකවරය ඔහුට නැවත හිමි වූ බව ඔහු දැනගත්තේය. දේවමාළිගාවේ ආශිර්වාද ඔහුට නැවත ලැබුණු බවටද ඔහු දැනගත්තේය. ඔහුගේ මුහුණෙහි ඉතා දීප්තියක් දිස්වන්නට විය. මට ඔහු ගැන මහත් ආඩම්බරයක් ඇතිවූ අතර, දෙවියන්වහන්සේද ඔහු ගැන ආඩම්බර වන බවට මට දැනිණි.

ඉන්පසු ස්ටේකය සංවිධානය විය. සෑම සමුළුවක්ම ප‍්‍රීතියෙන් හා විශ්වාසවන්තව ඇදහිල්ලෙන් යුතු වු සාමාජිකයන්ගෙන් පිරි තිබුණි. ඉතා යහපත් ස්ටේක සභාපතිත්වයක්ද පත්විය. කෙසේ වුවත් රටක් තුළ පළමු ස්ටේක සංවිධානය වීමේ මෙම ඉතිහාස ගත සිදුවීම අර තරුණයාට ලබා දුන් ආශිර්වාදයෙන් මා ලද සතුටින් මුවා වී තිබිණි.

ස්ටේකයක් සංවිධානය කිරීම හෝ දෙවියන්වහන්සේගේ පූජකවරය කෙලෙසක හෝ භාවිතා කිරීම, දෙවියන්වහන්සේගේ දරුවන්ට සදාතනික ජිවනය අත් පත් කර දෙන්නට දෙවියන්වහන්සේගේ හා යේසුස්වහන්සේගේ කාර්යන් වල නිරත වීමක් බවට මම තේරුම්ගත්තෙමි. බඩුතොග ගෙවීම අරමුණු කරගත් රොකට්ටුව මෙන්ම, සැමටම ගිවිසුම් හා අවශ්‍ය නියෝග ඉටුකිරීමේ ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙමින් පූජකවරය යේසුස්වහන්සේගේ ශූභාරංචිය බෙදාහරියි. “කි‍්‍රස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ලේ”24 තුලින් අපගේ ජීවිත පිරිසිදු වන අත්දැකීමක්ද, ශූද්ධාත්මයාණන්වහන්සේද, දෙවියන්වහන්සේගේ ආශිර්වාදද, පෙරොන්දුද ලබා ගැනීමට අපට හැකිවනු ඇත.

ශූභාරංචියේ අණපණත් පිලිපැදීමට අමතරව, පූජකවර ගිවිසුම් තබන ලෙසට මම ඔබට ආරාධනා කර සිටිමි. දෙවියන්වහන්සේගේ දිවුරුම් දීම හා පොරොන්දුව ලබා ගන්න. ඔබගේ පුජකවර වගකීම් විශාල කර බලන්න. ඒ තුළින් යේසුස්වහන්සේට හා දෙවියන්වහන්සේට උදව් වෙන්න. පූජකවරය අන් අයට අවස්ථා ලබා දීමට භාවිතා කරන්න. ඔබ මෙසේ කරන කල මහත් ආශිර්වාද ඔබට හා ඔබගේ පවුලට ලැබෙනු ඇත. අපගේ ගැලවුම්කරුවාණන් ජීවමාන බවට හා උන්වහන්සේ මෙම කාර්යයන් හසුරුවන බවට මම සාක්ෂි දරමි. මේ සියල්ල පවසන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.