2010–2019
ඔබේ සතුට සම්පුර්ණ වනු පිණිස
2017 ඔක්තෝම්බර්


ඔබේ සතුට සම්පුර්ණ වනු පිණිස

සියළු සුව කිරිම්, සාමය සහ සදාකාල දියුණුවේ මුලාශ‍්‍රය යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

සහෝදර සහෝදරියනි, ඔබ සමග සිටීමට ලැබීම සතුටක්. අද උදෑසන මාගේ කැමැත්ත සම්පූර්ණ සතුටක් ලැබීම පිළිබඳව ඔබ සමග කතා කිරීමයි.

මෑත ප‍්‍රවෘත්ති සිරස්තලයක් මෙසේ කියයි. “මහත් විපත්, ජාතීන් හා ලෝකය කළඹයි.”1 චන්ඩමාරුත හා ජල ගැලීම් අධික ග‍්‍රීෂ්මය හා නියං, ලැව්ගිනි සහ භූමිකම්පා, යුද්ධ සහ විනාශකාරී රෝග, එයින් පෙනෙන්නේ “මුළු පොළවම කෝලහාලයක වැටී ඇති බවයි.”2

මේ අභියෝග නිසා දස ලක්ෂ ගණන් මිනිසුන් අවතැන් වී සහ බොහෝ ජීවිත කඩාකප්පල් වී ඇත. පවුල් සහ ප‍්‍රජාව අතර දබර මෙන් ඇතුළාන්ත බිය, සැක සහ කඩ වු බලාපොරොත්තු අපව ආරවුලේ දමයි. සතුට විඳීමට අපහසු විය හැකියි. ලීහායි ජිවිතයේ අරමුණ ඉගැන්වුවා සේ සතුට සෙවීම අසීරු විය හැකියි.3 සමහර වේලාවට අපි සියළු දෙනා අසා ඇති “සාමය සඳහා මා හැරෙන්නේ කොහොමද? කෝ මගේ සැනසීම … ?”4 මැරෙන සුළු ජිවිතයේ අමාරුකම් තිබියදීත්, අපි සතුට සොයන්නේ කෙසේද?” යනුවෙන් අපි සිතනවා.

පිළිතුර ඉතා සරල සේ පෙනුනත්, ආදම් ගේ කාලයේ සිට එය සත්‍ය බව ඔප්පු කර ඇත. දිගුකල් සතුට සොයා ගත හැක්කේ , අපේ ගැලවුම්කාරයානන් වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කේන්ද්‍ර කර, එතුමන් උගන්වා ආදර්ශනය කළ ආකාරයට ශූභාරංචියේ ජිවත් වීමය. වැඩි වැඩියෙන් ඉගෙන, වැඩි ඇදහීමෙන්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උසස් කරන විට, සියළු සුවයන් හා සාමය සහ සදාකාල දියුණුව ලබන මාර්ගය එතුමන් බව අප හොඳින් තේරුම් ගනී. අප සියළු දෙනාට එතුමන් වෙතට පැමිණීමට එතුමන් ආරාධනා කරන සේක,5 සභාපති හෙන්රි බී අයරින් එම ආරාධනාව විස්තර කරනුයේ, “යමෙක් බාර ගන්නා වඩාත්ම වැදගත් ආරාධනාව” ලෙසය.6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගන්න

අපි එතුමන් වෙතට පැමිණෙන්නේ කෙසේද? ගිය අප්‍රියෙල් මස සභාපති රසල් එම්. නෙල්සන් සහ වැඩිහිටි එම්. රසල් බැලර්ඩ්, ගැලවුම්කරුවාණන්වහන්සේ ගැන ඉගෙන ගැනීමේ කොටසක් ලෙස “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ”7 යන ලියවිල්ල ඉගෙන ගැනීම පිණිස අපව උනන්දු කරවන ලදි. බොහෝ දෙනෙක් එම අභියෝගය බාර ගෙන ආශිර්වාද ලද්දෝය. මෑතකදී ලබැඳි මිතුරියක්, ශූභාරංචියේ පින්තුර සමග මේ ලියවිල්ලේ පිටපත් ඇයගේ වැඩිහිටි දරුවන්ට ලබා දුන්නාය. ඇගේ මුනුපුරු මිනිපිරියන්ට මෙම ලියවිල්ල තේරුම්ගෙන කටපාඩම් කරවන ලෙස, ඇය ඇයගේ දරුවන්ව දිරිමත් කලාය. මාගේ මිතුරිය ඇගේ අවුරුදු හයක් වයසැති මිනිපිරිය ලයිනි, කටපාඩම් කළ කොටසක් ඉතාම ආශාවෙන් කියන විඩියෝ පටයක් පෙන්නුවාය. අවුරුදු හයක් වයස දැරියට කිරීමට හැකි නම්, මටත් එය කිරීමට හැකිබව පසුව මට තේරුම් ගන්නට හැකිවිණි.

රූපය
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” කටපාඩම් කල, ලයිනි”

වැඩි උත්සහයකින් මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජිවිතය ගැන සහ එතුමන්ගේ ඉගැන්වීම් ගැන ඉගෙන, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” මතකයේ තබාගත් විට, ගැලවුම්කරුවාණන්වහන්සේ කෙරෙහි ඇති මගේ ප්‍රේමය වැඩිවන්නට වීය. මෙම ලියවිල්ලේ සෑම වාක්යකම අඩංගු අනුශාසන, එතුමන්ගේ දිව්‍යමය භූමිකාව සහ පොළවේ දූතමෙහෙය ගැන මාගේ තේරුම් ගැනීම වැඩි කරයි. එය අධ්‍යයනය සහ ආවර්ජනය කරන කාලය තුළදී මා ඉගෙන ගත් හා මට දැනුන දෙය, යේසුස්වහන්සේ සත්යයයෙන්ම “ආලෝකය ද, ජිවිතය ද සහ ලෝකයේ බලාපොරොත්තුව ද බව”8 ස්ථීරි කරන සේක. පුරාණ ශූද්ධ ලියවිලි සහ පසු දවස්වල ප්‍රේරිතවරුන් , එතුමන් ගැන වචනින් හෝ ලිවීමෙන් කල ප්‍රශංසා, “මේ ලෝකයේ සතුට ලැබීමටත්, පැමිණිමට ඇති ලෝකයේ සදාකාලික ජීවිතයට යන මග පෙන්වන්නේත් එතුමන්ගේ මාර්ගයෙන් බව” සාක්ෂි දරන සේක.9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම තබන්න

ක්‍රිස්තුස්වහන්සේගේ ජිවිතය ගැන සහ ඉගැන්වීම් ගැන ඔබ අසීමිතව ඉගෙන ගන්නා විට, එතුමන් ගැන ඇති ඔබේ ඇදහීම වැඩි වන්නේය. එතුමන් ඔබට පුද්ගලිකව පේ‍්‍රම කරන බව හා ඔබව හොඳින් තේරුම් ගන්නා බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත. එතුමාගේ අවුරුදු 33ක මැරෙන සුළු ජිවිතයේ දී , උන් වහන්සේ ප‍්‍රතික්ෂේපය, හිංසා පීඩා, ශාරීරික බඩගින්න, පිපාසය සහ මහන්සිය;10, පාලුව වාචික හා ශාරීරික අපවාද විඳ අවසානයේ දී පව් කර මිනිසුන් අතින් , බලවත් පීඩාකාරී මරණයකට පත් වු සේක.11 ගෙත්සෙමනි උද්‍යානයේ දී කල්වාරියේ කුරුසයේ දී අප විඳින වේදනා, හිරිහැර, පරික්ෂාවන්, ලෙඩදුක් සහ දුබලකම උන්වහන්සේටද දැනුණු සේක.12

අප කුමක් වින්දත්, සුවකිරීමේ මාර්ගය එතුමන් වන සේක. ඕනෑම ආකාරයක අපයෙදුම්, ප‍්‍රබල අලාභ, දරුණු ලෙඩ,ගැහැට, බොරු වැරදි, කුරිරු හිංසා හෝ පාපයන්ගෙන් හෝ වැරදි වැටහීම් වලින් වු ආත්මීක හානි යන සියළු දෙය, ලෝකයේ මිදුම්කරුවාණන් විසින් සම්පුර්ණ කරනු ලබන සේක. කෙසේ හෝ ආරාධනාවක් නැතිව එතුමන් නොපැමිණෙන සේක. අපි එතුමන් වෙතට පැමිණ එතුමන්ගේ ප්‍රාතිහාර්ය කිරීමට ඉඩ දිය යුතුය.

එක් අලංකාර වසන්ත දිනයක, නැවුම් සුළග ලැබීමට මා දොර ඇර තැබු විට, කුඩා කුරුල්ලෙකු ගේ ඇතුළට පියඹා විත්, ඌ වැරදි තැනකට පැමිණ ඇති බව පසුව තේරුම් ගත් බව පෙනුණි, දුෂ්කර ලෙස කාමරයේ පියඹා, ජනෙල් විදුරුවේ ද හැපී බේරී පියඹා යෑමට ඉතා දැඩි උත්සහයක් ගත්තේය. මා ඉතා මෘදු ලෙස ඌව විවර වු දොර දෙසට ගෙන යාමට උත්සහා කළත් බිය වී සිටි ඌ අහකට පැන්නේය. අවසානයේ දී ඌ ඉතා මහන්සිව දොර රෙද්දේ එල්ලුන විට, මා කොස්සක් ඌ ළගට හෙමින් තැබු විට අස්ථිරව ඌ එයට නැගුනේය. කොස්ස හැකි තරම් හොඳින් අල්ලා මා දොර ළගට ගිය විට, ඌ ඉක්මනින් නිදහසට පියඹා යන්නට විය.

එම කුරුල්ලා මෙන් සමහර වෙලාවට අපිද විශ්වාස කිරීමට බිය වෙමු. මන්ද දෙවියන්වහන්සේගේ ඒකාන්ත ප්‍රේමය සහ අපට උදව් කිරිමට ඇති ආශාව ගැන අපට නොතේරෙන නිසාය. නමුත්, අප ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය ගැන ඉගෙන ගන්නා විට, ඔවුන්ගේ එකම අභිප‍්‍රාය අපේ සදාකාල සතුට හා දියුණුව බව තේරුම් ගැනීමට අපට හැකි වෙයි. “අපි අසා, සොයා සහ තට්ටු කරන විට” 13උන්වහන්සේලා අපට උපකාර කිරීමට අතිශයින් සතුටු වෙති.14 එතුමන්ලාගේ පිළිතුරු වලට අපි බැගෑපත්ව විවර වී සහ ඇදහීමෙන් සිටින විට, අපි වැරදි වැටහීම් වලින් සහ අහංකාරයෙන් මිදී, ඉදිරියට යන මග අපට පෙන්වීමට හැකි වනු ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සාමයේ උල්පත ද වේ. එතුමන්ගේ සුවිශාල “ශ‍්‍රී බාහුවට හේත්තු වීමට එතුමන් අපට ආරාධනා කරන සේක”15 සහ අප වටා කුමන අභියෝග තිබුණද උන්වහන්සේගේ ආත්මය “අප ආත්මවලට සාමය කතා කරනවිට”17 ලැබෙන හැඟිම “වටහා ගැනීම16 ඉක්මවා යන .. සාමයකි” …. එය පෞද්ගලික කරදරයක් වුවද, සමාජීය ගැටළුවක් වුවද, අපට සාමය පැමිණෙන්නේ, අපි දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් තුල ඇති අපේ දුක්විඳින ආත්මය සුවකිරීමේ බලය විශ්වාස කිරීමෙනි.

රූපය
ස්නෙජෙසානා පොඩ්වින්ස්කි, කොරිආටියා හි සාමාජිකාවක්

සාන්තුවරයින් සුළු පිරිසක් සිටින කාර්ලොවැක්, කොරිආටියා හි සිටින ස්නෙජෙසානා පොඩ්වින්ස්කි, ඇගේ ස්වාමි පුරුෂයා සහ දෙමාපියන් ගිය අවුරුද්දේ මාස හයක් ඇතුළත මිය ගිය විට, ඇය ගැලවුම්කරුවාණන් වෙත නැඹුරු විය. බලවත් කනගාටුවට ඇය පත්වු නමුත්, පවුල සදාකාලයටය යන සාක්ෂිය ඇතිව ඇගේ සියළු ඉතුරු කරගත් මුදලින්, දේවමාලිගයට පැමිණ ඇගේ ස්වාමියාට සහ දෙමාපියන්ට මුද්‍රා තබා ගත්තාය. දේවමාලිගයේ සිටි දින කීපය ඇගේ ජිවිතයේ උත්කෘෂ්ඨවත් දින බව කීවාය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ එතුමන්ගේ සමගි කිරීම ගැන ඇගේ තිබු දැඩි සාක්ෂිය නිසා ඇයට සාමය දැනී සාමය අත්වින්ද ඇය වටා සිටි අයට ද ශක්තියක් වූවාය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිම , සුවකිරීම සහ සාමයටත් වැඩි ත්‍යාග ගෙන දෙන්නේය. සභාපති හෙන්රි බී. අයරින් කී ලෙස, “මට සාමය උවමනා වු විටදී ස්වාමීන්වහන්සේ, සැනසිලිකරුවානන් සමග මා දැකීමට බොහෝ ආකාරයෙන් පැමිණිම ගැන මා ස්තුතිවන්ත වුයෙමි. ඒ වුනත්, අපේ ස්වර්ගීය පියාණන් අපේ සැනසිල්ල ගැන පමණක් සැලකිලිමත් නොවේ, නමුත් ඊට වැඩි සැලකිල්ලක් අපේ ඉහළට යන දියුණුවට දක්වන සේක.”18

ගැලවීම සහ නැවත නැගිටීමේ ත්‍යාග ඇතුළු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීම නිසා අපට පසුතැවීමට සහ වෙනස් වීමට සහ සදාකාල දියුණුව ලැබීමට පුළුවන. අප කීකරුව සිටින විට එතුමන් අපට දෙන බලය නිසා, අපට තනිව විය හැකි දෙයට වඩා නොසිතු ලෙසින් අපට බොහෝ ලෙස වර්ධනය විය හැකිය. එය කෙසේදැයි සම්පුර්ණයෙන් අප තේරුම් නොගත්තත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම දැනුන අප සෑම කෙනෙක්ම බොහෝ විට අපේ දිව්‍යමය අනන්‍යතාවය සහ අරමුණ එම දැනුමත් සමග ගැලපෙන තීරණ ගැනීමට අපව මෙහෙයවයි.

“තනි සතුන්”19 යන තත්වයට ලෝකයා අපට පහර දී බිමහෙලන්නට හැදුවත්, දෙවියන්වහන්සේ අපේ පියාණන් බව දැනීම, අප දිව්‍යමය හැකියවන් ඇති හා රාජකීය පොරොන්දූන් ඇති බව දැනගැනීම අපට අස්වැසිල්ලක්. මේ ජිවිතයෙන් පසු කිසිවක් නැත යැයි ලෝකයා අපට කිව්වත්, දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අප මුදවා සහ නැවත නැගිටීමට පහසු කර ඇතැයි අප දන්නා නිසා, සදාකාල දියුණුව අපට බලාපොරොත්තු විය හැක.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ව උසස් කරන්න

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගැන වැඩිපුර ඉගෙන ගන්නා විට එතුමන් ගැන වැඩි ඇදහිමක් ඇති ව අපට ස්වභාවයෙන් එතුමන් ගේ ආදර්ශය අනුගමනය කිරීමට උවමනා වේ. උන්වහන්සේගේ පණත් තැබීම අපේ මහත් ආශාව වේ. එතුමන් කළ ලෙස, අන් අය දුකෙන් මුදවා ගැනීමට, අප හදවත් වලට ද ආශාවක් ඇති වේ සහ අප සොයා ගත් සාමය හා සතුට ඔවුන් අත්විඳිනවා දැකීමට අපට උවමනා වේ.

උන්වහන්සේ කල ලෙස කිරීමට උත්සහ කිරීම.බොහෝ බලවත් මන්ද? අපේ ඇදහිම ක‍්‍රියාවට නැංවු විට, සදාකාල සත්‍යය ගැන ශූද්ධාත්මයාණන් සාක්ෂි දරන නිසාය.20 උන්වහන්සේගේ පණත් තැබීමට යේසුස්වහන්සේ තම ගෝලයන්ට උපදෙස් දෙන සේක. මන්ද අපි එතුමන්ගේ ආදර්ශ අනුගමනය කරන විට අපි සතුට අත්විඳින බව සහ අපි එතුමන්ගේ මගෙහි නොනැවතී යන විට අපි සතුටේ සම්පුර්ණතවයට පැමිණෙන බව උන්වහන්සේ දන්නා බැවිනි. එතුමන් මෙසේ පහදා දුන් සේක. “මේ කාරණා මම නුඹලාට කියමි. මාගේ සතුට නුඹලා තුළ තිබෙනු ඇත. එමගින් නුඹලාගේ සතුට පූර්ණ වනු පිණිසය”21

අපේ සාක්ෂි ගොඩනගා තිබෙන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ එතුමන්ගේ ශූභාරංචියේ මුලධර්ම අත්තිවාරම් මතද? ජිවිතයේ කුණාටු අප මත වැටෙන විට අපි ඉවක් බවක් නැතිව උපකාර ඉල්ලා අන්තර්ජාලයේ බලනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඇති අපේ දැනුම සහ සාක්ෂීන් ගොඩනගා ශක්තිමත් කිරීමට කාලය ගත් විට, අපට විරුද්ධකාරයා හෝ සාක්ෂි විනිශ්වයන් පැමිණිවිට මහත් ලාභාංශ ලැබෙන්නේය. දිනපතා ශූද්ධලියවිලි කියවා සහ ජිවත්වන ප්‍රේරිතවරුන්ගේ වචන මෙනෙහි කර සහ දිනපතා තේරුම් ඇති යාච්ඤා කරමින් සහ සෑම සතියක සැලකීමෙන් සක‍්‍රමේන්තු ලැබ සහ ගැලවුම්කරුවාණන් මෙන් සේවය කිරීම යන සරල ක‍්‍රියා ප‍්‍රීතිමත් ජිවිතයක් සඳහා ගොඩනැගිලි ගල් බවට පත්වේවි.

ඔබට සතුට ගෙනෙන්නේ කුමක්ද? දිර්ඝ දවසක් අවසානයේ දී ඔබේ ප‍්‍රියයන් දැකීමද? හොඳින් කාර්යයක් කිරීමේ තෘප්තියද? යමෙකුගේ කරදරයක් ඔබ බෙදාගත් විට ඔහුගේ දැසේ ආලෝකයද? ඔබේ හදවත් ගැඹුරට දැනුන ගීතිකාවක වචනද? ළගම මිතුරෙකුගේ අත අල්ලා ගැනීමක්ද? ඔබේ ආශිර්වාද මෙනෙහි කිරීමට පුද්ගලික මෙහොතක් ගෙන, ඒවා බෙදා ගැනීමට මාර්ග සොයාගන්න. ඔබේ අවට ප‍්‍රදේශයේ හෝ කලබලකාරී වූ මේ ලෝකය පුරාවට සිටින ඔබේ සහෝදර සහෝදරියන්ට දිගටම සේවය කිරීමට සහ ඔවුන්ව ඔසවා තැබීමට ලං වන විට, මහත් සාමය සහ සුවය සහ දියණුව ද ඔබට දැනෙනු ඇත.

උන්වහන්සේ තුලට පැමිණෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඔබේ ජිවිතයට කේන්ද්‍ර කළ විට, ඔබේ තත්වය කුමක් වුවත්, ඔබට සතුට ලැබෙන බවට මම සාක්ශි දරමි. “එතුමන්ය එකම එක්කෙනා”22 පිළිතුර එයයි. කාලය හදාගෙන කාලය ගන්න. උනන්දුවෙන් ඉගෙන සහ එතුමන් ගැන ඇදහීම දියුණු කර සහ බොහෝ සේ එතුමන් මෙන් වීමට උත්සහා කිරීම තුළින් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනා ගන්නා විට අප එසේ කරන කල අපට මෙසේ කියන්නට සිතෙනු ඇත. “දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ දිව්‍ය පුත‍්‍රයාණන් වු අද්විතීය ත්‍යාගයට ඔබට ස්තුති වේවා!”23 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආශිර්වාදිත හා පුජනීය නාමයෙන් ආමෙන්.