2010–2019
ගෙදර යාමට ආශාව
2017 ඔක්තෝම්බර්


ගෙදර යාමට ආශාව

ඔබගේ ආත්මය ආලෝකය දෙසට හරවන්න. ඔබේ ගෙදරට යාමේ චාරිකාව අරඹන්න. ඔබ එසේ කරන විටදී, ඔබේ ජීවිතය හොඳ වේවි, ප්‍රීතිමත් වේවි, හා අර්ථවත් වේවි.

මෑතකදී, අපි සභාපති තෝමස් එස්. මොන්සන් හමුවූ අවස්ථාවේදී, ස්වමීන්වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමයත්, ස්වමීන්වහන්සේ ඔහුට ප්‍රේම කරන බවත්, ඉතාම ගාම්භීර්වත්වයකින් හා ප්‍රීතිමත් අයුරකින් පැහැදිලි කලේය.

බොබී නැමති පුදුමාකාර බල්ලා

ශතවර්ෂයකට පමන පෙර, ඔරිගන් හී පවුලක්, හැතැක්ම 2000 කට(3,200 km) පමන එහා ඉන්දියානා වල නිවාඩුකට ගිය විට, ඔවුන්ගේ බොබී නැමති බල්ලා නැතිවිය. කලබල වූ පවුල බල්ලාව සෙව්වත් හමු නොවීය.

බිඳුනු සිත් ඇතිව ඔවුන් නිවස බලා ගියේ වටිනා බල්ලාගෙන් දුරස් වෙමිනි.

හය මසකට පසුව බොබී ඔවුන්ගේ නිවස ඉදිරියේ පඩිය උඩ සිටිනවා දැකීම ඔවුනට මහත් පුදුමයක් විය. “ඇට මිදුලු වලට යනකම් දිරාපත් වූ ඔහු මුලු දුරම තනිව නිවස බලා ඇවිද්ද බවක් පෙනුනි.”1 බොබීගේ කථාව මුලු ඇමරිකාව පුරාම පැතිර ගොස් බොබීට ආශ්චර්යවත් බල්ලා යන නම පටබැඳුනි.

මාර්ගය සොයාගත හැකි පුදුමාකාර හැකියාව ඇති සහ තම නිවස සොයා ගැනීමට ඉව ඇති, විද්‍යාඥයන් පුදුමයට පත් කරවන සතුන් අතර සිටින්නේ බොබී පමනක් නොවේ. මොනාර්ච් සමනලයන් හැතැක්ම 3000(4,800 km) ක් පමන තමන්ට ජීවත් වීමට ගැලපෙන දේශගුණයක් සොයා සෑම අවුරුද්දේම පියාඹති. ලෙදර්බැක් කැස්බෑවන් ඉන්දුනීසියාවේ පැසිපික් සාගරයේ සිට කැලිෆෝනියාවේ වෙරළට යති. හම්ප්බැක් තල්මසුන් උතුරු සහ දකුණු ධ්‍රැවයේ සීතල ජලයේ සිට සමකය දෙසට පිහිනා නැවත යති. සමහර විට මීට වඩා පුදුමයක් ලෙස, ආර්ක්ටික් ටෙර්න් මැස්සා හැතැක්ම 60,000(97,000 km) පමණ ආක්ටික් රවුමේ සිට ඇන්ටාක්ටික් දක්වා අවුරුද්දකට වරක් පියඹා නැවත යති.

මේ ආශ්චර්යවත් හැසිරීම් ගැන විද්‍යාඥයන් ඉගෙන ගනිද්දී, ඔවුන් මෙසේ ප්‍රශ්න නගති. “කොහෙද යන්නේ යැයි ඔවුන් දන්නේ කෙසේද? සහ පරම්පරාවෙන් පරම්පරාවට මේ හැසිරීම ඉගෙන ගන්නේ කෙසේද?”

මේ සතුන්ගේ බලවත් ඉව ගැන මා කියවන විට, මට සිතෙනවා “මනුෂ්‍යය ජාතියටත් එවැනි ආශාවක් ලබන්න බැරිද? ඔබ කැමති නම්, ඔබේ ස්වර්ගීය නිවස වෙත ඇදී යාමට, ඇතුලාන්තයෙන් මඟ පෙන්වන ක්‍රමයක්?

සෑම මිනිසෙක්, ස්ත්‍රියක් සහ දරුවෙකු ගේ ජීවිතයේ, කුමන වෙලාවකම හෝ ස්වර්ගයේ ඇමතුම දැනෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. වේලයෙන් එහා ගොස්, කලක් අපි දැන සිටි සහ අප ආදරය කල ස්වර්ගීය දෙමාපියන් වැලඳ ගැනීමට, අපේ සිතේ ගැඹුරින් ආශාවක් තිබේ.

සමහරු එම ආශාව මැඩ පවත්වා එම කැඳවීමෙන් තම ආත්මය වසාගෙන සිටින්නේය. නමුත්, මේ ආලෝකය ඔවුන් තුළ යටපත් නොකරන අයට, ආශ්චර්යවත් ගමනක් යාමට පටන් ගත හැක. එය ස්වර්ග රාජ්‍යයට සංක්‍රමණය වන ආශ්චර්යවත් ගමනකි.

දෙවියන්වහන්සේ ඔබට ආරාධනා කරන සේක

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ උත්කෘශ්ඨවත් පනිවිඩය නම්, දෙවියන්වහන්සේ අපේ පියාණන් සහ එතුමන් අප ගැන සොයා බලන බව හා එතුමන් වෙත යාම සඳහා මාර්ගයක් අපට ඇති බවත්ය.

දෙවියන්වහන්සේ ඔබට ආරාධනා කරන සේක.

ඔබේ සෑම සිතුවිල්ලක්මත්, ඔබේ ශෝකයත්, හා ඔබගේ මහත් වූ බලපොරොත්තුත් දෙවියන්වහන්සේ දන්නා සේක. ඔබ උන්වහන්සේව සෙවූ බොහෝ දවස් ද, ඔබට දැනුනු අසීමිත ප්‍රීතියද, බොහෝ වරක් තනිව වැලපුනු අවස්ථා හා අසරණ වූ හා අසමත් වූ බොහෝ අවස්ථාද වියවුල්ව කෝප වූ අවස්ථා ගැනද. දෙවියන්වහන්සේ දන්නා සේක.

එනමුත්, ඔබේ ඉතිහාසය කුමක් වුවත්, ඔබ අසමත් වුවත්, සිත කැඩී බිඳී ගිය බව හැඟුනත්, තරහින් හෝ රැවටී හෝ තලා පෙළීමට ලක්වූවත්, ඔබ තනිවී නැති බව දැනගන්න. තවමත්, දෙවියන්වහන්සේ ඔබට ආරාධනා කරන සේක.

ගැලවුම්කරුවාණන්වහන්සේ, එතුමාන්ගේ ශ්‍රී හස්තය ඔබට දිගු කරන සේක. බොහෝ කලකට පෙර, ගැලීල මුහුදු ඉවුරේ සිටි මාලුන් අල්ලන්නන්ට සදා ප්‍රේමයෙන් කලා මෙන්, එතුමන් ඔබට කතා කරන සේක. “එන්න, මා අනුගමනය කරන්න. ”2

ඔබ උන්වහන්සේට කන් දෙනවා නම්, අදම උන්වහන්සේ ඔබට කථා කරන සේක.

ඔබ අනුගාමී බවේ ගමන් කරන විට, ඔබ ස්වර්ගීය පියාණන්වහන්සේ වෙතට ලඟා වන විට, ඔබට ගැලවුම්කරුවානන්වහන්සේගේ හඬ ඔබට ඇසී ඇති බවට හා ඔබේ හදවත ආලෝකය දෙසට හැරී ඇති බවට ඔබ තුල යමක් ස්ථීර කරයි, ඔබ නිවැරදි මාර්ගයේ සිටින බව සහ ඔබ නිවස බලා නැවත ගමන් කරන බව, එය ඔබට දන්වනු ලබයි.

පටන් ගැන්මේ සිටම, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ කාලයේ ජනයාට මෙසේ බල කලහ; “නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න… , එතුමන්ගේ පණත් තැබීමට සහ එතුමන්ට ප්‍රමුඛත්වය දෙනු පිනිස එතුමන් දෙසට නුඹේ මුලු හදවතින් හා නුඹේ මුලු ආත්මයෙන් හැරෙන්න.”3

අපි මෙය කල යුත්තේ මන්දැයි කීමට, දහසක් පමණ කාරනා ශුද්ධ ලියවිලි අපට උගන්වයි.

ස්වාමින්වහන්සේ වෙත හැරිය යුත්තේ මන්දැයි කීමට, කාරනා දෙකක් මා අද පවසන්නම්.

පළමුවැන්න, ඔබේ ජීවිතය වඩා යහපත් වේ.

දෙවැන්න, අන් අයගේ ජීවිත වඩා යහපත් කිරීමට දෙවියන්වහන්සේ ඔබව භාවිතා කරනු ලබයි.

ඔබේ ජීවිතය වඩා යහපත් වේ

දෙවියන්වහන්සේ වෙතට යන ආශ්චර්යවත් ගමන ආරම්භ කල විට, අපේ ජීවිත වඩා යහපත් වෙන බවට මම සාක්ෂි දරමි.

මෙයින් අඟවන්නේ අපේ ජීවිතයට දුක් කරදර නොපැමිනෙනවා කියා නොවේ. ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවත් අනුගාමිකයින් දුක් කම්කොටොලු හා අසාධාරනයට ලක් වන බව අපි සියලු දෙනා දනිමු. ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අන් සියලු අයට වඩා දුක්විඳි සේක. තම සූර්යයා අසත්පුරුෂයන්ට මෙන්ම යහපත් අයටත් පායන්නට දෙවියන්වහන්සේ සැලසුවා මෙන්, යුක්ති සහගත අයව මෙන්ම, අයුක්ති සහගත අයවද පරීක්ෂා කිරීමට එතුමන් සතුරාට ඉඩ දෙන සේක.4 යම් අවස්ථාවලදී, අපේ ජීවිතය අමාරු ‍ලෙස අපට දැනේ, මක්නිසාද අපි අපේ ඇදහීම තුළ ජීවත් වීමට උත්සාහ කරන නිසාය.

නැත. ගැලවුම්කරුවානන්වහන්සේ අනුගමනය කිරීමෙන්, ඔබේ සියලු පරීක්ෂා නැති වන්නේ නැත. කෙසේ හෝ, ඔබ සහ ස්වර්ගීය පියානන්වහන්සේ ඔබට දීමට තිබෙන උපකාර අතර ඇති බාධකය ඉවත් කරනු ලබයි. එතුමන් ඔබ සමඟ සිටින සේක. එතුමන් මඟ පාදා, ඔබ සමඟ ගමන් කරමින් සහ ඔබේ උවමනාව මහත් විශාල නම්, ඔබව උසුලන සේක.

“ප්‍රේමය, සතුට, සාමය, දිගු ඉවසීම, මෘදු බව, යහපත් කම සහ ඇදහීම යන ආත්මයානන්ගේ උත්කෘෂ්ටවත් ඵල” ඔබ අත්විඳිනු ලබයි.”5

මෙම ආත්මික ඵල, ලෞකික සම්පත්, හෝ ජයග්‍රහණ හෝ විශාල ධනය ප්‍රතිඵල නොවේ. ඒවා අපට ලැබෙන්නේ, ගැලවුම්කරුවානන්වහන්සේ අනුගමනය කරන විටය. ඉතා කරුවල තද කුණාටු මැද වුවද එය අපේ හිතවත් උපස්ථායකයා වනු ඇත.

මැරෙන සුලු ජීවිතයේ ගිනි සහ කෝලාහල, භයානක සහ බියකරු විය හැක. නමුත්, තම හදවත් දෙවියන්වහන්සේ වෙතට නැඹුරු කරවන අයව, උන්වහන්සේගේ සාමයෙන් වෙලා ගන්නා සේක. ඔවුන්ගේ සතුට අඩු වන්නේ නැත. ඔවුන්ව නැති කරන්නේවත්, තනිකරන්නේ වත් නැත.

ශුද්ධ ලියවිලි මෙසේ උගන්වයි, “ ඔබේ මුලු හදවතින් ස්වාමින්වහන්සේ වෙත විශ්වාසය තබන්න. ඔබේ තේරුම් ගැනීම මත නොරැඳෙන්න. ඔබේ සියලු කාර්යයේදී එතුමන්ව පිළිගන්න. එවිට උන්වහන්සේ ඔබට මාර්ගය පෙන්වන සේක.”6

ඇතුලාන්ත හඬට කීකරු වී දෙවියන්වහන්සේ සොයන සහ යාච්ඤා කරන, විශ්වාස කරන සහ උන්වහන්සේ සූදානම් කල මාර්ගයේ ගමන් කරන අය, සමහර වෙලාවට වැටුනත්, “ සියලු දේ හොඳට සිදු වේ” යන සිත සනසන සහනයක් ලබන්නේය.”7

මන්ද දෙවියන්වහන්සේ “මහන්සි වුවන්ට ශක්තියද, දුර්වල වුවන්ට බලයද දෙන සේක.”8

“ධර්මිශ්ඨයින් හත්වරක් වැටුනත්, ඔවුන් නැගිටින්නාහුය.”9

ධර්මිශ්ඨකමේ ස්වාමීන්වහන්සේ මෙසේ අසන සේක,

පවතින සතුටක් අත්විඳින්නට ඔබ කැමතිද?

ඔබේ හදවතට, වටහා ගැනීම ඉක්මවා යන සාමය දැනීමට ඔබ කැමතිද?10

එසේ නම්, ඔබේ ආත්මය ආලෝකය දෙසට හරවන්න.

නිවස බලා යන ඔබේ ආශ්චර්යවත් ගමන ආරම්භ කරන්න.

ඔබ එසේ කරන විට, ඔබේ ජීවිතය වඩා හොඳ, වඩා ප්‍රීතිමත් සහ වඩා අර්ථවත් වනු ඇත.

දෙවියන්වහන්සේ ඔබව භාවිතා කරන සේක

දෙවියන්වහන්සේ කරා ආපසු යන මේ චාරිකාවේදී, ඔබේ ජීවිතය, ඔබේ ජීවිතය සඳහාම අරමුණු වී නැතිබව ඔබ පසක් කරගන්නවා ඇත. නැත. දෙවියන්වහන්සේ ගේ අන් දරුවන් වන ඔබේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත මත ආශිර්වාද කිරීමටද මේ ගමන අනිවාර්යයෙන් ඔබට මඟපාදනු ලබයි.. මේ ගමන ගැන රසවත් දෙය නම්, ඔබ දෙවියන්වහන්සේ ට සේවය කරන අතර තුර සහ ඔබේ සගයන් ගැන සලකා, ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද ලැබීමට උපකාර වන විට, ඔබේ ජීවිතයේ විශාල දියුණු වීම් ඔබට සිතා ගැනීමට බැරි තරමට ලැබෙන බව ඔබට දැකිය හැකිය.

සමහර විට ඔබ එතරම් ප්‍රයෝජන නැතැයි සිතිය හැක. හෝ තව කෙනෙකුගේ ජීවිතයට ඔබ ආශිර්වාදයක් විය නොහැකි යැයි ඔබ සිතිය හැක. අපි, අප දෙස බැලුව විට, නිතරම අපි දකින්නේ අපේ අඩුපාඩු පමනය. දෙවියන්වහන්සේ අපව භාවිතා කිරීමට, අපට වැඩි ඥානවන්තකමක්, වැඩි පොහොසත් කමක්, වැඩි දක්ෂ කම්, වැඩි ආත්මික බවක්, තිබිය යුතු යැයි අපට සිතේ. ආශිර්වාද ලැබෙනුයේ ඔබේ දක්ෂ කම් මත නොව, නමුත් ඔබේ තෝරා ගැනීම් මතය. ලෝකයේ දෙවියන් වහන්සේ ඇතුලාන්තයෙන් ක්‍රියා කර, ඔබ තුලින් එතුමන්ගේ අරමුණු සඳහා ඔබේ නිරහංකාර උත්සාහයන් විශාල කර පෙන්වන සේක.

එතුමන්ගේ ක්‍රියාවන් නිතරම ඉදිරිපත් කරන්නේ මේ වැදගත් ප්‍රථිපත්තිය මතය.“ කුඩා දේවල් තුලින්, උතුම් දේවල් ඉදිරිපත් වේ.”11

කොරීන්තියේ සාන්තුවරයින්ට ප්‍රේරිතවර පාවුලු ලියන විට, බොහෝ සාමාජිකයින් ලෝකය මනින ආකාරයට ඔවුන් ඥානවන්තයින් නොවන බවට පාවුලු දුටුවේය, නමුත්, එයට කමක් නැත. “මන්ද, බලවත් යැයි කියන දේවල් පරාජය කිරීමට දෙවියන්වහන්සේ ලෝකයේ දුර්වල දේ තෝරා ඇති බැවිනි.”12

දෙවියන්වහන්සේගේ කාර්යයේ ඉතිහාසය පිරී තිබෙන්නේ, තමන් සුදුසු මදි යැයි සිතූ මිනිසුන් ගෙනි. නමුත්, ඔවුන් දෙවියන්වහන්සේගේ දයාව මත රැඳෙමින්, නිරහංකාර ලෙස සේවය කළෝය. සහ ඔවුන් එතුමන්ගේ මෙම පොරොන්දුව ලැබුවෝය. “ඔවුන්ගේ දෑත්, මාගේ දෑත් වනුයේය… , සහ මම ඔවුන්ගේ පලිහ වන්නෙමි. සහ ඔවුන් මා වෙනුවෙන් දැඩි ලෙස සටන් කරයි. මම ඔවුන්ව ආරක්ෂා කරමි.”13

පසුගිය ග්‍රීශ්ම සමයේ, අපේ පව්ලේ අයට, ඇමෙරිකාවේ නැගෙනහිර දේශයේ පිහිටි පුරාණ සභාවේ ඉතිහාස ගත ප්‍රදේශයකට යාමට හොඳ අවස්ථාවක් ලැබිණි. ඒ කාලයේ ඉතිහාසයට අනුව විශේෂ ආකාරයට අපි ජීවත් වුනෙමු. මාටින් හැරිස්, ඔලිවර් කෞඩ්‍රි සහ තෝමස් බී. මාර්ශ් වැනි මා ඉතා උවමනාවෙන් කියවා ඇති මිනිසුන්, ගමන් කළ තැන් වල මාද ගමන් කරමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගීමට ඔවුන් කොපමණ කැපකීරීම් කරන්ට ඇති දැයි සිතද්දී, ඔවුන්ව වඩා සත්‍ය ලෙස මට දැනිණි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීම සඳහා ඉතා වැදගත් දායකවීම් කිරීමට, බොහෝ උතුම් ගති ලක්ෂණ ඔවුන්ට තිබිනි. නමුත්, ඔබ හා මා මෙන් ඔවුන්ද, මනුෂ්‍ය ගති ඇති, දුර්වල සහ වරදින සුලු ගති ඇති අය වූවා. සමහර අය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සමඟ පරස්පර වී සභාව හැර ගියත් පසුව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හදවත වෙනස් වී, නිහතමානි වී, නැවත වරක් සාන්තුවරයින් සමඟ මිත්‍රත්වය සෙවීය.

මේ සහෝදරයන් සහ අන් අයව විනිශ්චය කිරීමට කැමැත්තක් අපට ඇති විය හැක. නමුත් “මා අනාගතවක්තෘ ජෝසෆ් ව අත්හරින්නට ඉඩ තිබුනේම නැත.“ යනුවෙන් අපි කියාවි.

එය ඇත්ත වුවත් ඔවුන් ඒ කාලයේ , එම තත්වයේ ජීවත් වූයේ කෙසේදැයි අපි නිශ්චිත ලෙස නොදන්නෙමු. නැත. ඔවුන් සර්වසම්පූර්ණ නැත. නමුත්, දෙවියන්වහන්සේ ඔවුන්ව භාවිතා කලබව දැන ගැනීම කෙතරම් ධෛර්ය දීමක්ද? එතුමන්, ඔවුන්ගේ ශක්තිය හා දුර්වලකම් දැන සිටි සේක, නැවත පිහිටුවීමේ ශ්‍රේෂ්ඨ තුති ගීතයට තාල දැමීමට හෝ ඡේදයකට දායක වීම සඳහා උන්වහන්සේ ඔවුන් හට අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ අවස්ථාවක් දුන් සේක.

අප සර්ව සම්පූර්ණ නැතත්, අපේ හදවත් දෙවියන්වහන්සේ වෙත අවනත වේ නම්, එතුමන් ත්‍යාගශීලී සහ කරුණා බර වී එතුමන්ගේ අරමුණයන්ට අපව භාවිතා කරන බව දැන ගැනීම කොපමණ ධෛර්ය කිරීමක්ද?

දෙවියන්වහන්සේට සහ අන් අයට සේවය කරන සහ උන්වහන්සේගේ කාර්යයන්ට යටහත්ව ක්‍රියාශීලිව සහභාගි වන අයගේ සහ ඔවුන් ප්‍රේම කරන අයගේ ජීවිත වලට සිදුවන ආශ්චර්යවත් සිදු වීම් ඔවුනට දැක ගත හැක.

වසා ඇති දොරටු ඔවුන් කෙරේ විවෘත වන සේක.

දේවදූතයින් ඔවුනට පෙර ගොස්, ඔවුන්ගේ මාර්ග සූදානම් කරනු ලබන සේක.

ඔබේ ප්‍රජාවේ හෝ සභාවේ ඔබේ තරාතිරම කුමක් වුවත්, ඔබ කැමති නම්, දෙවියන්වහන්සේට ඔබව භාවිතයට ගත හැකි සේක. උන්වහන්සේ ඔබේ ධර්මිශ්ට ආශාවන් ලොකු කර පෙන්වා, ඔබ වපුරන ක්‍රියාවන් යහපත්කමේ ත්‍යාගශීලී අස්වැන්නක් බවට පත් කරන සේක.

ස්වයංක්‍රීය පදවන්නෙකු සේ, අපට එතැනට යාමට බැරිය

අපි එකිනෙකා මේ ලෝකයේ “අමුත්තන්ය සහ වන්දනා කරුවන්ය.”14 සෑම දෙයකින් අපි නිවසේ සිට බොහෝ දුරස්තය. නමුත්, එහි තේරුම, අපි නැතිවී හෝ තනි වී ඇති බවක් නොවේ.

අපේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය අපට ලබා දී තිබෙන සේක. අපේ සෙලෙස්ටියල් නිවසට ආපසු යන වන්දනා ගමනේදී, අපේ දෙනෙත් හා හදවත්, එතුමන් වෙතට හැරවීමට අප සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ, ස්වර්ගීය පෙලඹවීමක් ඇත.

මෙයට උත්සාහය උවමනාය. එක් පාදයක් අනික් පාදය ඉදිරිපිට තබමින්, එතුමන්ගේ උපදෙස් තේරුම් ගෙන, ඉතා උනන්දුවෙන් ඒවා ක්‍රියාවේ යොදවා උන්වහන්සේ ගැන ඉගෙන ගැනීමට උත්සාහ නොකර, ඔබට ඒ තැනට යාමට බැරිය.

නැත. ජීවිතය, තමා විසින් පදවන මෝටර් රථයක් නොවේ. එය ස්වයංක්‍රීයව පැදවීමට දැමූ අහස් යානාවක් නොවේ.

සැඩ පහර එක් දවසක ඔබව ඔබට උවමනා තැනට ගෙන යාවි යන විශ්වාසයෙන්, ඔබට ජීවිතය නැමති ජලයේ පාවීමට බැරිය. අවශ්‍යය වූ විට ඉහලටම පිහිනීමට, අපේ අනුගාමීකම අපෙන් බලාපොරොත්තු වෙයි.

ඔබේ පුද්ගලික ගමනේ වගකීම වෙන කාටවත් අයිති නැත. ස්වාමින්වහන්සේ ඔබට උපකාර කර ඔබ ඉදිරියේ ඇති මාර්ගය සූදානම් කරන සේක. නමුත්, එතුමන් අනුගමනය කරන කැපවීම සහ උන්වහන්සේගේ පණත් තැබීම කල යුත්තේ ඔබ විසිනි. එයයි ඔබේ එකම භාරය සහ ඔබේ එකම වරප්‍රසාදයයි.

මෙයයි ඔබේ මහත් වික්‍රමයයි.

කරුණාකර ඔබේ ගැලවුම්කරුවානන්හන්සේගේගේ හඬට අවධානය දෙන්න.

උන්වහන්සේ අනුගමනය කරන්න.

දෙවියන්වහන්සේට සහ අන් අයට කැපවීමෙන් සේවය කරනු පිනිස, ස්වාමින්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ස්ථාපිත කළ සේක. එහි අරමුණ ධෛර්යය දීම, ඉගැන්වීම සහ පොළඹවීමය. මෙම අනර්ඝ සභාව දයාව පැවැත්වීමට හා අන් අය වෙත ළඟාවීමට හා පූජනීය ගිවිසුම අලුත් කර තැබීමට, ඔබට අවස්ථා සපයන්නේය. එය නිර්මාණය කර තිබෙන්නේ, ඔබේ ජීවිතයට ආශිර්වාද කර, ඔබේ නිවාස හා ප්‍රජාව සහ ජාතිය වැඩි දියුණු කරනු පිනිසය.

එන්න, අප සමඟ එක්වන්න. ස්වාමින්වහන්සේ වෙත විශ්වාසය තබන්න. ඔබේ දක්ෂතා එතුමන්ගේ ආශ්චර්යවත් කාර්යයෙහි යොදවන්න. ලඟා වෙන්න සහ ධෛර්යය දෙන්න සහ සුව කරන්න සහ අපේ දිව්‍යමය නිවස ගැන දැනී ආශාව දැනුන අයට ඇහුන් කන් දෙන්න. ස්වර්ග රාජ්‍යයට යන මේ උත්කෘශ්ටවත් වන්දනා ගමනට අපි එකට එකතු වෙමු.

ශුභාරංචිය බලාපොරොත්තුවේ, සන්තෝෂයේ සහ ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ පනිවිඩයකි. ගෙදරට යන මග කරා අපව යොමුකරන අඩිපාරකි.

සෑම දිනකදීම හා සෑම පැයකදීම දයාවෙන් යුතුව ශුභාරංචිය අපි වැළඳගන්නා විට, අපි අපේ දෙවියන්වහන්සේ වෙතට තවත් කිට්ටු වන්නෙමු. අපේ ජීවිත වඩා යහපත් වේ, අප වටා සිටින අයව ආශිර්වාද කිරීමට සහ එතුමන්ගේ සදාකාල අරමුනයන් සිදු කිරීමට ස්වාමින්වහන්සේ අපව විශිෂ්ට ආකාරයට භාවිතා කරන සේක. ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම සාක්ශි දරමි, මාගේ ආශිර්වාදය ඔබ හා තබා යමි, ආමෙන්.