2010–2019
ඉතා වැදගත් සත්‍යයන්-ක‍්‍රියා කිරීමට අපේ උවමනාව
2017 ඔක්තෝම්බර්


ඉතා වැදගත් සත්‍යයන්-ක‍්‍රියා කිරීමට අපේ උවමනාව

පළමු දර්ශනය හා අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් අපගේ මේ ජීවිතයේ සතුටට ඉතා වැදගත් හා අපගේ උසස්වීමට වැදගත් වූ දැනුමත් සත්‍යත් ගෙනත් දී තිබේ.

මා වයස අවුරුදු 7 ක් පමණ කාලයේ දී මාගේ මව ගෙන් මා මෙසේ ඇසීය; “ඔබ සහ මා මිය ගොස් ස්වර්ගයට ගිය විට ඔබ මගේ මව වෙනවාද?”ඇය එවැනි ප‍්‍රශ්නයක් බලාපොරොත්තු නොවුනත් දන්නා තරමට ඇය මෙසේ ප්‍රකාශ කළාය; ”නෑ අපි ස්වර්ගයේ දී සහෝදර සහෝදරියන් වෙනවා මා ඔබේ මව වෙන්නේ නැත” එය මා බලාපොරොත්තු වු පිළිතුර නොවීය.

එයින් ටික කලකට පසු තරුණයින් දෙදෙනකු අප නිවසේ ගේට්ටුව ළගට පැමිණියහ. ප‍්‍රාතිහාරයක් ලෙස මාගේ පියා ඔවුන් ගෙතුලට ගත් පසු ඔවුන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ධර්මදූතයන් බව කීවෝය.

ඉගෙනගත් පරිදි අපි ඔවුන්ට ‘එල්ඩර්’ යැයි අමාන්ත‍්‍රණය කළෙමු. ඔවුන් අප නිවසට පැමිණි විට, අපි සතුටු වු ආකාරය මට පැහැදිලිව මතකය. එක් තරුණයෙකු කුමන සභාවද සත්‍ය යැයි දෙවියන්වහන්සේගෙන් ඇසීමට වනයකට ගිය විට ඔහු දෙවියන්වහන්සේ සහ යේසුස් ක්රි‍ස්තුස්වහන්සේව දුටු බවට ඔවුන් අපට කීහ.1 එම දර්ශණය පිළිබඳ නිදර්ශනයක් ඔවුන් අපට පෙන්වීය. මම එය දුටු විට, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුටු බවට මම සත්‍යයෙන්ම දැනගත්තෙමි. මේ දර්ශණය නිසා නැවතත් පොළවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය සභාව පැමිණි බව ධර්මදූතයින් පැවසීය. 2

රූපය
පළමු දර්ශණය

දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන ධර්මදූතවරු අපට කියාදී අපේ පවුලේ අය ආගම ගැන ඇසු ප්‍රශ්නයන්ටද පිළිතුරු දුනි. මේ ජිවිතයෙන් පසු පියා, මව හා දු පුතුන් මෙන් පවුලක් සේ ජිවත් විය හැකි බවද ඔවුන් කීවෝය.

අපේ පවුල බෞතීස්ම වී පරණ පුරුදු චාරිත‍්‍ර වෙනස් කර සභාවේ ක‍්‍රියාකාරී සාමාජිකයන් විම සමහර වේලාවට කඩතොලු සහිත විය. නමුත්, දෙවියන්වහන්සේගේ දයාව හා පේ‍්‍රමයද බොහෝ නායකයන්ගේ සහ සාමාජිකයන්ගේ උපකාර ඇතිවද, අපි මුල් අභියෝගාත්මක අවුරුදු පසු කළෙමු.

සභාවට බැඳි ඇති දස ලක්ෂ ගණන් අයද, සතිය පුරා හැරී බෞතීස්ම වු අයද පළමු දර්ශණයේ සාක්ෂිය ලබා ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශූභාරංචියේ සරල සත්‍යයන් තුළ ජිවත් වීමට උත්සහ කල විට, අප එකින් එකාට ශූද්ධාත්මයාණන්වහන්සේ මේ සාක්ෂිය නැවත නැවත දෙනු ලබයි.

පළමු දර්ශණය සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, මේ ජිවිතයේ අපේ සතුටට හා දෙවියන්වහන්සේ ඉදිරියට යන අපේ උසස් කිරීමටද අත්‍යවශ්‍ය අමතර දැනුම සහ සත්‍යයන් ඉදිරියට ගෙනාවේය. තරුණ පිරිමි ළමයෙකු දණගසා අවංකව යාච්ඤා කළ නිසා, අපි ලැබු සත්‍යයන් තුනක් මා සඳහන් කරන්නම්, අපි ඒවා ක‍්‍රියාවේ යෙදවිය යුතුය.

අපව මෙහෙවීමට සහ මගපෙන්වීමට දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් කැඳවන සේක

පළමු දර්ශණය සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ගෙන් අප ඉගෙන ගත් එක් අත්‍යවශ්‍ය සත්‍යයක් නම්, අපට උපදෙස් දීමට, මග පෙන්වීමට හා අනතුරු හැගවීම සඳහා දෙවියන්වහන්සේ, අනාගතවක්තෘවරුන්,3 ඉදිරිය දකින්නන් සහ එලිදරව් කරුවන් කැඳවන බවය.4 ඔවුන් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ක‍්‍රියා කිරීමට සහ කතා කිරීමට අධිකාරී බලය ඇති,6 පොලවේ දෙවියන්වහන්සේගේ උපමුඛය ඇති මිනිසුන්ය.5 අපි ඔවුන්ගේ උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන විට අපේ මේ පොළෙවේ ගමනේ දී අපව ආරක්ෂා වී, වටිනා ආශිර්වාදයන්ද ලැබෙන්නේය.

ධර්මදූත මෙහෙය නිමකර බ්‍රිගම් යන්ග් විශ්වවිද්යායලයේ තරුණ සිසුවකුව සිටියදී දේවමාළිගා පරිශ්‍රයේ ටැබර්නකල් හි ප‍්‍රධාන සම්මන්ත‍්‍රණයේ පුජකවර රැස්වීමට මම ගියෙමි. එවකට සභාපති වු සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන්, නැවත පැමිණි සියළු ධර්මදූතවරුන්ට කියා සිටියේ තම ජිවිතයේ ඉහළ ප‍්‍රමුඛතාවයක් විවාහයට දෙනු පිණිසය.7 රැස්වීමෙන් පසු, අනාගතවක්තෘවරයාගේ උපදේශයට අනුව පසුතැවිලි වී ක‍්‍රියා කිරීමට මා කැඳවා ඇති බව මම දැනගත්තෙමි.

එලෙස මා බිරිඳක් සෙවීම පිණිස මාගේ රට වන බ‍්‍රසීලයට යාමට පෙර, මාගේ මවට සහ මිතුරන් කීප දෙනෙකුට දුරකථනයෙන් කථා කර බිරිඳක් විය හැකි තරුණියන් දස දෙනෙකු පමණ සොයාගත්තෙමි.

බ‍්‍රසීලයේ දී මා බෙහෝ සේ යාච්ඤා කර, මෙනෙහි කර ලැයිස්තුවේ සිටි තරුණියක් ආශ‍්‍රය කර විවාහ කර ගැනීමට දිනයක් වෙන්කර අපේ නම් ප‍්‍රසිද්ධ කළෙමු. ආශ‍්‍රය කර නම් ප‍්‍රසිද්ධ කිරීම යූටා හි ප්‍රොවෝ ශිෂ්‍යයන්ට වාර්තා බිඳ හෙලීමක් නොවුවත්, බ්‍රසීලයේ තත්වයන් අනුව එය ඉක්මන්ය.

මාස කීපයකට පසු මා එලේන්ව විවාහ කර ගතිමි. ඇය මාගේ ජීවිතයේ පේ‍්‍රමයයි සහ තෝරාගත් ආශීර්වාදයයි.

සෑම කෙනෙක්ම එවැනි ලයිස්තු සැදීය යුතු යැයි මා යෝජනා කරන්නේ නෑ. අපි සැමවිටම ජිවත් වන අනාගතවක්තෘවරුන් කියන දෙය කල යුතු බව, නමුත් මම යෝජනා කරමි, සමහරවිට යෝජනාවකට වඩා වැඩියෙන් මම ඉල්ලීමක් කරමි.

රූපය
සභාපති තෝමස් එස්. මොන්සන්

දෙවියන්වහන්සේගේ අද දින අනාගතවක්තෘවරයා වනුයේ සභාපති තෝමස් එස්. මොන්සන්ය. එතුමාගේ උපදෙස් සම්පූර්ණයෙන්ම අනුගමනය කළ විට අපි ආශීර්වාද ලබන්නෙමු.

දෙවියන්වහන්සේගේ සත්‍ය ස්වභාවයේ දැනුම

පළමු දර්ශණය සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් නිසා අප ලැබු තවත් සත්‍යයක් නම් දෙවියන්වහන්සේගේ සත්‍ය ස්වභාවය ගැන දැන ගැනිමය. දෙවියන්වහන්සේ අපේ මෙන් ස්පර්ශ කළ හැකි ඇටකටු සහ මාංශ සහිත ශරීරයක් ඇති ජීවියක් බවද,8 සහ අපට තේරුම් ගත හැකි සැබෑ දෙවි කෙනෙකුට වන්දනා කිරීමට හැකි බවද, උන්වහන්සේගේ පුරාණ හා වර්තමානයේ අනාගතවක්තෘවරුන්ට උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත‍්‍රයාණන් එළිදරව් වීම ආදිය ගැන දැන ගැනීමට ලැබීම ගැන අප කොතරම් ආශිර්වාද ලබා ඇතිදැයි සිතා බලන්න.9 උන්වහන්සේ අපේ යාච්ඤා අසා ඒවාට පිළිතුරු ලබා දෙන දෙවි කෙනෙකි;10 උන්වහන්සේ, සවර්ගයේ සිට11 නිතරම අපේ ආත්මීක හා ලෞකීක සුභ සිද්ධිය ගැන සැලකිල්ලෙන් සිටින දෙවි කෙනෙකි; උන්වහන්සේට කීකරුව සහ උන්වහන්සේගේ පණත් අනුගමනය කිරීමට බල නොකර අපට තීරණය කිරීමට නිදහස් කැමැත් දුන් දෙවි කෙනෙකි;12 අපට ආශිර්වාද ලබා දෙනවා මෙන්ම, අපිට වැඩිදුණු වී උන්වහන්සේ මෙන් වීමට අවශ්‍යය අභියෝග අපට ලබාදෙන දෙවි කෙනෙකි.

මේ ජිවිතයේ දී සහ සදාකාලයේ දී ද අපට සතුට විඳීම පිණිස සැලැස්මක් සැපයු පේ‍්‍රමණිය දෙවියන්වහන්සේ උන්වහන්සේය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන්වහන්සේය

ස්වාමි වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යථාර්තය සහ එතුමන්ගේ පුජනීය දූත මෙහෙය ගැන අවබෝධයක් පළමු දර්ශණය සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ගෙන් අප ලැබුවෙමු. උන්වහන්සේ අපේ ධර්මයේ මුදුන් ගලය.

නිසැකව අප දැන් ජිවත් වෙනවා මෙන්, ලෝකයට මරණය හඳුන්වා දුන් බැවින්, අපි සියළු දෙනා දිනක මරණයට පත් වන්නෙමු. මරණයේ එක් ප‍්‍රතිඵලයක් නම්, අපට අපේ කායික ශරීරය නිත්‍ය ලෙස නැතිවිමයි. එය නැවත ලබා ගැනීමට අපට කිසිවක් කල නොහැක. තවද අපේ මේ පොළවේ ගමනේදී අප පව් කරන බැවින්, අප ස්වර්ගීය පියාණන් වෙත නැවත යාමට අපහසු වේ.

දෙවියන්වහන්සේගේ අභියසට යා නොහැකි වීම හා ශරීරය නැවත ලබා ගැනීමට අපහසු විමේ ප‍්‍රතිඵල ඔබට සිතා ගත හැකිද?

මරණයෙන් සහ පාපයෙන් ගැලවීම සඳහා ගැලවුම්කරුවෙකු සහ මිදුම්කරුවෙකු අවශ්‍ය විය. ස්වර්ගීය පියාණන්ගේ උපදේශ මත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොලවට පැමිණ දුක්විඳ කුරුසයේ උකුත්වී අපට ද නැවත නැගිටීම ලබාදෙනු වස් උන්වහන්සේ නැවත නැගිටි සේක, අවංකව පසුතැවීමෙන් සහ පුජනීය ගිවිසුම් ඇති කර තබාගැනීමෙන් අපට නැවතත් දෙවියන්වහන්සේ ඉදිරියට යාමට හැකි වනු ඇත.

යාකොබ් මෙසේ පහදා දෙන්නේය; “අහෝ මේ භයානක රකුසාගේ ග්‍රහනයෙන් බේරීම උදෙසා මගක් සූදානම් කරන, අපගේ දෙවියන්වහන්සේගේ යහපත්කම කෙතරම් බලවත්ද; එසේය, එම රකුසා මරණයේ සහ නිරයේද, ශරීරයේ මරණය සහ ආත්මයේ මරණය කියාද මම හඳුන්වන්නෙමි.”13

රූපය
සොහොන්ගෙය අසල වූ යේසුස්වහන්සේ සහ මරියා

පොරොන්දු වු මෙසියස්වහන්සේ යේසුස්වහන්සේය, නීතිය දෙන්නා ඊශ්‍රායලයේ ශූද්ධවන්තයා අපේ ගැලවුම්කාරයාණන් අපේ මිදුම්කරුවාණන්, අපේ රජතුමන් හා අපේ සියල්ල උන්වහන්සේය.

අපි සියළු දෙනා නොනැවතී මේ අත්‍යවශ්‍ය සත්‍යයන් සහ දැනුම මත ක‍්‍රියාකර, දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පේ‍්‍රමණිය පුත‍්‍රයාණන් වෙත අපේ කීකරුකම ඔප්පු කරමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.