2010–2019
දෙවියන්වහන්සේගේ බලවත් සාක්ෂිය: මෝර්මන්ගේ පොත
2017 ඔක්තෝම්බර්


දෙවියන්වහන්සේගේ බලවත් සාක්ෂිය: මෝර්මන්ගේ පොත

මෝර්මන්ගේ පොත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ වූ දෙවියන්වහන්සේගේ බලවත් සාක්ෂියය, ජෝසෆ් ස්මිත්ගේ අනාගතවක්තෘ කැඳවීමය, සහ සභාවේ ඒකාන්ත සත්‍යය.

මෝර්මන්ගේ පොත අපගේ ධර්මයේ මුදුන් ගල පමණක් නොව, පරික්ෂා හෝ පිළිතුරු නැති ගැටළු අප ඉදිරියට පැමිණි විට, අපේ සාක්ෂීන් සුරක්ෂිතව පිහිටවන්නටත් එයට පුළුවන්, එනම් අපගේ සාක්ෂියෙත් මුදුන් ගල විය හැක. සත්‍යයේ තුලාව මත විවේචකයින් සියළුදෙනාගේම තර්කයන්වල මුළු ස්කන්ධය අභිබවා යන එකම පඩිය මෙයයි. ඇයි? එය සත්‍යයක් නම්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයෙක් වූ අතර, කෙතරම් විරුද්ධ, ඓතිහාසික හෝ වෙනත් තර්කයන් කෙසේ වුණත්, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත ස්ථාපිත සභාවයි. මේ හේතුව නිසාවෙන්, මෝර්මන්ගේ පොතෙහි ආරම්භය අසත්‍ය යැයි ඔප්පු කරන්නට විවේචකයින් උත්සහ දරති. එනමුත්, මේ පොත සත්‍යයක් නිසා ඔවුන් මුහුණ දෙන බාධක අභිබවා යා නොහැක.

පළමුව, ජෝසෆ් ස්මිත්, සීමිත අධ්‍යාපනයක් ලත් 23 හැවැරිදි ගොවිපළක හැඳුණු ළමයෙකි, අනන්‍ය නම් හා ප්‍රදේශ සියගණනක් ඇති, ඉතා සවිස්තරාත්මකව කතා හා සිද්ධි ඇතුළත් පොතක් නිර්මාණය කළේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුය. ඒ අනුව, බොහෝ විවේචකයින් යෝජනා කළේ විවිධාකාර පොත් හා වෙනත් මූලාශ්‍ර යොදාගෙන මෝර්මන්ගේ පොතේ ඓතිහාසික වටපිටාවක් නිර්මාණය කළ, ඔහු නිර්මාණාත්මක දක්ෂතාවයක් ඇති අයෙක් බවය. එනමුත්, පරිවර්තනය ඇරඹීමට පෙර ජෝසෆ් සතුව මෙවැනි මූලාශ්‍රයන් තිබුණු බවට කිසිදු සාක්ෂිකරුවෙක් නැත.

මෙම තර්කය සත්‍යක් වුවත්, මෝර්මන්ගේ පොතේ පැවැත්ම විස්තර කරන්නට එය ප්‍රමාණවත් නොවේ. මේ මූලාශ්‍ර කියවා, අවශ්‍ය කරුණු අමතක කර, කොයි කාලයේ දී කවරකු කොහේ සිටියාද යන්න ඇතුළු බොහෝ සංකීර්ණ කරුණූ පැහැදිලිව සිතේ තබාගෙන, අංගසම්පූර්ණ මතකයකින් ඒ සියල්ල ජෝසෆ් ස්මිත් ලියාගැනීම පිණිස කිව්වේ කොහොමද? මක්නිසාද පරිවර්තනය කරන විටදී ඔහු කිසිදු සටහනක් තබාගත්තේ නැහැ. කොටින්ම කීවත්: ඔහුගේ බිරිඳ එමා මතක් කළේ, “ඔහු සතුව කියන්නට කිසිදු පොතක්, පිටපතක් තිබුණේ නැහැ. .... ඔහුට මෙසේ තිබුණා නම්, මගෙන් ඔහුට එය සඟවාගන්නට බැහැ” යැයි කියාය.1

ජෝසෆ් කිසිදු සටහනක් නොමැතිව පිටු 500කටත් වැඩි පොතක් ලියාගනු පිණිස කියවීමේ, අරුම පුදුම ක්‍රියාව කළේ කොහොම ද? එසේ කිරීමට නම්, ඔහුට නිර්මාණාත්මක හැකියාවක් පමණක් නොව ආශ්චර්යමත් මට්ටමක මතක ශක්තියක් තිබිය යුතුය. එනමුත් මෙය සත්‍යයි නම්, ඔහුගේ මෙම පුදුම හැකියාව ගැන ඔහුගේ විවේචකයින් සඳහන් නොකළේ ඇයි.

තවත් තියෙනවා, මෙම තර්කවලින් පොතෙහි ඓතිහාසික පසුබිම ගැන විතරක් සඳහන් කරයි. වැදගත් ගැටළු තවත් තියෙනවා: ශුද්ධාත්මයාණන්ගෙන් පිරුණු පොතක් කොහොම ද ජෝසෆ් නිර්මාණය කළේ? එකල ක්‍රිස්තියානු විශ්වාසයන්ට එරෙහි වී, නැත්නම් පැහැදිලි කෙරෙන මෙතරම් ගැඹුරු ධර්මයක් මොහුට ලැබුණේ කෙසේද?

උදාහරණයක් වශයෙන්, බොහෝ ක්‍රිස්තියානු විශ්වාසයන්ට විරුද්ධ වී මෝර්මන්ගේ පොත ඉගැන්වෙන්නේ ආදම්ගේ ඇදවැටීම ධණාත්මක පියවරක් බවයි. බයිබලයේ සඳහන් නොකෙරෙන, බෞතිස්මයේදී ඇතිකරගන්නා ගිවිසුම් මෙහි අනාවරණය කරයි.

එමෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, උන්වහන්සේට අපව පිරිසිදු කිරීමට පමණක් නොව අපව සර්වසම්පූර්ණ කරන්නට හැකි බවට ඇති බලවත් අනු දැණුම ජෝසෆ්ට ලැබුණේ කේසේද? යි කෙනෙකු අසන්නට පුළුවන්. ඇල්මා 32 හි විස්මිත, ඇදහිල්ල ගැන දේශනාව ලැබුණේ කොහොමද? මුළු ශුද්ධ ලියවිලි පුරාවටම ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන කියැවෙන බලවත්ම දේශනාව වන, බෙන්ජමින් රජුගේ දේශණාව ලැබුණේ කොහින්ද? සංකීර්ණත්වය හා ධර්මයෙන් සපිරි, ඔලිව් ගසේ උපමාව ලැබුණේ කොතැනින්ද? ඒ උපමා කතාව කියවන විටදී එය තේරුම්ගන්න මම වෙනම කොළයක එය ලියාගන්නට ඕනි. කිසිදු සටහනක් නොමැතිව ජෝසෆ් ස්මිත් මේවා කටට ආපු පලියෙන් කියුවායැයි අපිට විශ්වාස කරන්න පුළුවන්ද?

එවැනි නිගමනයකට එරෙහිව, මෝර්මන්ගේ පොතෙහි දෙවියන්වහන්සේගේ ඇඟිලි සලකුණු හමුවේ. ඊට සාක්ෂිවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ උතුම් දේශණාවල විශේෂයෙන්ම හමුවන, උසස් ධර්මයේ සත්‍යයන්ය.

ජෝසෆ් දිවැසිවරයෙකු නොවේ නම්, මේ ඇතුළු තවත් පුදුමාකාර ධාර්මික විදර්ශන ගෙනහැර පාන්නට ඔහු දේවධර්මයෙන් සහජ දක්ෂයෙකු විය යුතුය. එසේ වූවා  නම්, කෙනෙකුට අසන්නට තිබුණා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙකිරීමෙන් වසර 1,800 කටත් පසුව, මෙතරම් අනන්‍ය වූ, පැහැදිලි කෙරෙනා දහම් කරණු ඉදිරිපත් කළ එකම එක්කෙනා ජෝසෆ් වුයේ කොහොමද? මේ පොතට මූලාශ්‍රය බුද්ධිය නොව, අණාවරණයයි.

ජෝසෆ් යනු නිර්මාණාත්මක, දේවධර්මය පිළිබඳ සහජ දක්ෂතාවක් ඇති, අරුම පුදුම මතකයක් ඇති පුද්ගලයෙක් යැයි සිතා සිතුවත් - එයින් ඔහු දක්ෂ රචකයෙකු වන්නේ නැහැ. මෝර්මන්ගේ පොතෙහි පැවැත්ම විස්තර කරන්නට, වයස අවුරුදු 23 දී ජෝසෆ් සහජ දක්ෂතාවයක් ඇති රචකයෙකු ද විය යුතුය. නැතිනම්, පරස්පරයක් නොමැතිව මේ නම්, ගම්, ප්‍රදේශ, කාල වකවාණු සියල්ල කලාත්මකව එකතු කළේ කොහොමද? “නුඹලා නුඹලාගේ සහෝදර මනුශ්‍යයින්ගේ සේවයේ යෙදී සිටිනා විට, නුඹලා සත්‍යයෙන්ම දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදී සිටිනවා”(මොසායා 2:17) හා “මනුෂයින් පැවතෙන්නේ ප්‍රීතිය ලැබෙනු පිණිස”(2 නෙපි 2:25) වැනි මිලියන ගණනක මිනිසුන් උපුටා ගන්නා, ලකුණු කරගන්නා, ශීතකරණ දොරවල්වල අලවගන්නට තරම් ලස්සන පාඨයන්, කවියක් සේ දේශණාවන්, යුද උපායන් ඔහු ලියා දැක්වූයේ කෙසේද? මේවා හදගැස්මක් - ප්‍රාණවත්, අනුභාවණිය, පිණිවුඩ වේ. මෙහි තනි අත්පිටපතක් පමණක් යොදා ගෙන, වැඩකරන දවස් 65කට ආසන්න කාලයකින් මේ මහඟු ක්‍රියාදාමය, වයස අවුරුදු 23 කින් යුතු ජෝසෆ් ට අවසන් කරන්න පුළුවන් වුවා යැයි යෝජනා කිරීමත් ජීවිතයේ යථාර්ථය පරදවයි.

දක්ෂ හා පළපුරුදු ලත් ලේඛකයෙකු වන රසල් එම්. නෙල්සන් සභාපතිතුමා කියා සිටියේ ඔහු මෑත ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවක් සුදානම් කරගන්නට 40 වතාවක් නැවත නැවත ලියූ බවයි. තනිවම, ජෝසෆ් ස්මිත්, එක් උත්සාහයකින් මුළු මෝර්මන්ගේ පොතම රචනා කිරීමට කියා, ඉන්පසුව කුඩා ව්‍යාකරණ වැරදි නිවරදි කරන්නට වෙනස් කළා යැයි අපිට විශ්වාස කළ හැකි ද?

ජෝසෆ්ගේ බිරිඳ එමා, එවැන්නක් විය නොහැකි බව තහවුරු කළාය: “ (තරුණයෙකු වශයෙන්) ජෝසෆ් ස්මිත්ට මෝර්මන්ගේ පොත මෙන් පොතක් තියා, හොඳ භාෂාව භාවිතයක් ඇති, තේරුම් ගන්නට පුළුවන් ලියුමක් ලියන්නටවත් ලියාගැනීම පිණිස කියන්නටවත් නොහැකිය”2

එමෙන්ම, මෙම තර්කයන්, සැක සහිත වුවත්, පිළිගන්නට කාට හෝ පුළුවන් වුණත්, විවේචකයින්ට තවත් විශාල අභියෝගයක් මූණදෙන්නට වෙනවා. ජෝසෆ් ප්‍රකාශ කළේ මෝර්මන්ගේ පොත රත්රන් තහඩු මත ලියා තිබුණු බවයි. ඔහුගේ කාලේ මේ ප්‍රකාශය නිසා නොනැවුතුණු විවේචන ලැබුණා - මක්නිසාද “සියළුදෙනාම” දැන සිටියා පෞරාණික ඉතිහාසයන් පැපිරස් කොළ, කඩදාසිවල පමණක් තිබුණු බව. නමුත් වසර ගණනාවකට පසුව, පූරාණ අක්ෂර සහිත ලෝහ සොයා ගන්නා ලදී. එමෙන්ම, මෝර්මන්ගේ පොතෙහි විස්තර වී තිබුණු සිමෙන්ති භාවිතය, ආදිවාසි ඇමරිකා ජනතාව සතුවූ තාක්ෂණික හැකියාවට කළ නොහැක්කක් බව විවේචකයින් විචාර කළහ. එනමුත් එය පුරාණ ඇමරිකාවේ සිමෙන්තියෙන් නිම වූ ගොඩනැගිලි සොයා ගන්නා තෙක්ය. මේ ඇතුළත් තවත් සොයාගැනීම්වලට හේතු කාරණා පෙන්වන චෝදනාකවරුන්ට කුමක් කිව හැකිද? ජෝසෆ් පෙර කියු සියල්ල සමඟ පුදුම හිතෙන තරමට වාසනාවන්ත ලෙස අනුමාන කරන්නෙක් වන්නට ඇති. තමන්ට විරුද්ධ සියළු අවස්ථාවන් නොතකමින්, එකළ තිබුණු සියළු ශාස්ත්‍රීය හා විද්‍යාත්මක දැනුම නොතකා, සියළුදෙනා වැරදි විටදී ඔහු නිවැරදිව අනුමාන කළේය.

විවේචකයින් යෝජිත කළ මෙම සාධක හා බලවේගයන්, ලෙස එකළ ක්‍රියාත්මක වී, ජෝසෆ් හට මෝර්මන්ගේ පොත වැනි සාතන්ගේ මුලාවක් ලියන්නට ඉඩ ලැබුණු බවට කෙනෙකු විශ්වාස කරන්නේ කෙසේ දැයි කෙනෙකු සිතන්නට පුළුවනි. නමුත් එසේ විය හැකිද? එසේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිවිරුද්ධය සිදු වී, සාතන්ව ප්‍රතික්ෂේප කළ ක්‍රිස්තුස්වහන්සේ හා සම වූ ජීවිත ගතකරන්නට මිලියන ගණනින් මිනිසුන් මේ පොත කියවා අනුභාවය ලබා ඇත.

කෙනෙකුට විවේචකයින්ගේ තර්කය විශ්වාස කරන්න පුළුවන්, නමුත් එය බුද්ධියේ හා අධ්‍යාත්මයේ අර්ථ හීන තීරණයකි. එසේ විශ්වාස කිරීමට, එකින් එකට වැඩිවන , සනාථ නොවූ අනුමාන පිළිගන්නට වෙනවා. තවද, අවසානය තෙක් තම තමන්ගේ සාක්ෂිය රැකගත් සාක්ෂිකරුවන් 11 ගේම,3 සාක්ෂිය මම ප්‍රතික්ෂේප කරන්නට ඕන: උසස් සත්‍යන් ඇතුළත් මේ පොතෙහි පිරී ඇති දිව්‍යමය සත්‍යන් මට ප්‍රතික්ෂේප කරන්නට වෙනවා; මා ඇතුළු විශාල පිරිසක් වෙන කිසිම පොතක් කියවා දෙවියන්වහන්සේට මෙතරම් සමීප වී නැති බවත්, ශුද්ධාත්මයේ සනාථ කෙරෙන කෙඳිරිල්ල මට ප්‍රතික්ෂේප කරන්නට වෙනවා. මා සත්‍යක් ලෙස දන්නා සියළුදේම මීට පරස්පර වේ.

කාලයකට මගේ යහපත්, බුද්ධිමත් මිත්‍රයෙක් සභාව අතහැර ගියේය. ඔහු නැවත පැමිණි බව කියමින් මට මෑතකදී ලියුමක් ලැබුණි. “මුලදී, ඓතිහාසිකව, භූගෝලීයව, භාෂාත්මකව හා සාමාජීයව මෝර්මන්ගේ පොත පිළිබඳව ඔප්පු කිරීමක් මට අවශ්‍යව තිබුණි. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියත්, බේරාගන්නා මෙහෙයුම පිළිබඳවත් එහි ඇති ඉගැන්වීම්වලට මගේ අවධානය වෙනස් කළ විටදී මට එහි සත්‍යතාවය පිළිබඳව සාක්ෂියක් හිමිවුණි..... එක්තරා දිනකදී, මගේ කාමරයේ මෝර්මන්ගේ පොත කියවමින් සිටින විට, මම නතර වී, දණ ගසා අවංක යාච්ඤාවක් සිදුකළ අතර, ඉන්පසු දෙවිපියාණන්වහන්සේ මගේ ආත්මයට සභාවත්, මෝර්මන්ගේ පොතත් සත්‍ය බව කියමින් මුමුණපු බවට ස්ථිරවම දැණුනා. සභාව නැවතත් වසර තුනහමාරක කාලයක් සොයා ඇවිත් එහි සත්‍යතාවය පිළිබඳව දැන සභාව මා හදවතින්ම හා ස්ථිර විශ්වාසයකින් නැවත වැළඳගත්තා.”

මගේ යාළුවා සේ නිහතමානීව මෝර්මන්ගේ පොත කියවා, මෙනෙහි කර, ශුද්ධාත්මයේ රසවත් ඵලවලට සවන් දුන් විට ඕනෑම කෙනෙකුට, අවශ්‍යව තිබූ සාක්ෂිය හිමිවනු ඇත.

මෝර්මන්ගේ පොත අපට දෙවියන්වහන්සේ දුන් අමිල දයාදයකි. එය අසිපතකි, පළිහකි. නිර්දෝෂියාගේ හදවත් වෙනුවෙන් සටන් වදින්නට දෙවියන්වහන්සේගේ වචනය ඉදිරිපත් කරන අතර සත්‍යයේ පරම ආරක්ෂකයෙකි. ශුද්ධවන්තයින් වශයෙන්, මෝර්මන්ගේ පොත වෙනුවෙන් පෙනී සිටීමට අපිට යුතුකමක් හා වරප්‍රසාදයක් හිමිවී ඇති අතර ආක්‍රමණය කරන්නටත් අවස්ථාව හිමි වී ඇත. එනම්, එහි දිව්‍යමය ධර්මය පිළිබඳවත්, යේසුස්වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ ස්වර්ගීය බවෙත් එහි සාක්ෂිය පිළිබඳව ප්‍රකාශ කිරීමටත්, සාක්ෂිකරුවකු වීමටය.

දෙවියන්වහන්සේගේ බලයෙන් හා දායාදයෙන් මෝර්මන්ගේ පොත පරිවර්තනය වූ බවට මාගේ අවංක සාක්ෂිය මම දරමි. යේසුස්වහන්සේගේ දිව්‍යමය බවටත්, ජෝසෆ් ස්මිත්ගේ අනාගතවක්තෘවර කැඳවීමටත්, මෙම සභාවේ පරම සත්‍යටත් එය දෙවියන්වහන්සේගේ බලවත් සාක්ෂියකි. හැරී පැමිණි ලැමෝනිවරු මෙන් “කිසි දිනෙක ඇදහිල්ලෙන් නොවැටී”(ඇල්මා 23:6) අපිත් සිටි බවට කියැවෙණු පිණිස, අපගේ සාක්ෂියේ මුදුන්ගල එය වේවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. එමා ස්මිත්, in “Last Testimony of Sister Emma,” Saints’ Herald, Oct. 1, 1879, 289, 290.

  2. Emma Smith, in “Last Testimony of Sister Emma,” 290.

  3. මෝර්මන් පොතෙහි, “සාක්ශිකරුවන් තිදෙනාගේ සාක්ශිය” සහ “සාක්ශිකරුවන් අට දෙනාගේ සාක්ශිය” බලන්න.