2010–2019
ස්වාමීන්වහන්සේගේ සහ ඔබේ පවුලේ විශ්වාසය ඉපයීම
2017 ඔක්තෝම්බර්


ස්වාමීන්වහන්සේගේ සහ ඔබේ පවුලේ විශ්වාසය ඉපයීම

“හදවතේ අවංකකම” ඇති මිනිසුන්, විශ්වාස කළ හැකි මිනිසුන්ය. මන්ද විශ්වාසය ගොඩ නැගෙන්නේ අවංකකම මතය.

සහෝදරවරුනි, අපට මෙයට වඩා ලොකු පැසසුමක් ස්වාමීන්වහන්සේගෙන් ලබා ගත නොහැක. එනම්, සුදුසු පූජකවර දරන්නන් සහ උදාර ස්වාමිපුරුෂයින් සහ පියවරුන් ලෙස එතුමන් අපව විශ්වාස කරන බව දැන ගැනීමය.

එක් දෙයක් විශ්වාසය: ස්වාමින්වහන්සේගේ විශ්වාසය දිනා ගැනීම ආශිර්වාදයකි. එය ලැබෙන්නේ අපේ මහත් උත්සහය තුලිණි. විශ්වාසය, දෙවියන්වහන්සේගේ නීතීන්ට කීකරු වීම මුල් කර ලබන ආශිර්වාදයකි. බෞතීස්ම ජලයේ සහ ශූද්ධ වූ දේවමාළිගාවේ වූ ගිවිසුම්වලට විශ්වාසව සිටීමේ ප්‍රතිථලයක් ලෙස, ස්වාමීන්වහන්සේගේ විශ්වාස ලැබෙන්නේය. අපි, ස්වාමීන්වහන්සේ වෙත අපේ පොරොන්දු තබන විට, උන්වහන්සේගේ අප ගැන විශ්වාසය වැඩි වන්නේය.

ධර්මිශ්ටයෙකුගේ චරිතය විස්තර කරන විටදී, “හදවතේ අවංකකම” යන වාක්‍ය ඛණ්ඩය යෙදු, පුරාණ සහ නවීන දවසේ ශුද්ධ ලියවිලිවලට මා කැමතිය.1 අවංකකම හෝ අවංකකම නැති කම, කෙනෙකුගේ චරිතයේ ප්‍රධාන අංගයන්ය. හදවතේ අවංකකම ඇති මිනිසුන්, විශ්වාස කළ හැකි මිනිසුන්ය. මන්ද විශ්වාසය ගොඩ නැගෙන්නේ අවංකකම මත නිසාය.

අවංකකමේ මිනිසෙකු යනු, ඔබේ අදහස් මෙන්ම ඔබේ පුද්ගලික හා ප්‍රසිද්ධ ජීවිතයේ සෑම පැත්තෙන්ම කරන ක්‍රියාවන් පිරිසිදු හා ධර්මිශ්ඨව තිබීම යන්නය. අප ගන්නා සෑම තීරණයකින්ම, අපි දෙවියන්වහන්සේගේ විශ්වාසය වැඩි කර ගත්තෙමු හෝ අඩු කරගත්තෙමු. ස්වාමිපුරුෂයින් හා පියවරු ලෙස අපට දිව්‍යමයෙන් පත් කල වගකීම්වල, මේ මූලධර්මය පැහැදිලි ලෙස ප්‍රකාර වේ.

“පවුල: ලෝකයට ප්‍රකාශණයකි” නැමැති ලියවිල්ලේ, නවීන දවසේ දිවසිවරු සහ අනාගතවක්තෘවරු සහ එළිදරව්කරන්නන්ගෙන් ස්වාමිපුරුෂයින් සහ පියවරු ලෙස අපට දිව්‍යමය කාර්යයක් ලැබී තිබේ. (1) “පියවරුන් ඔවුන්ගේ පවුලේ මූලාසනය ප්‍රේමයෙන් හා ධර්මිශ්ඨව දැරිය යුතු බවත්” (2) ජීවිතයේ උවමනාකම් සහ පවුලේ සැපයීමේ වැගකීමක් ඔවුන්ට ඇති බවත්, සහ (3) පියවරුන් තම පවුල් ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී ඇති බවත්, මෙම ලියවිල්ල අපට උගන්වයි. 2

දෙවියන්වහන්සේගේ විශ්වාසය දිනා ගැනීමට අප මේවා ඉටු කල යුතුය. එනම්, ස්වාමීන්වහන්සේගේ ආකාරයට පවුල් සඳහා පත් කළ දිව්‍යමය වගකී‍ම් තුන ඉටුකිරීමය. පවුල් නිවේදනය තව දුරටත් මෙසේ සඳහන් කරයි, “ස්වාමීන්වහන්සේගේ මාර්ගය නම්, සම කොටස්කරුවන්සේ තම බිරිඳ සමඟ එකතු වී මේ වගකිම් ඉටුකිරීමටය.”3 මට මෙය තේරුම් යන්නේ මේ වගකීම් තුන ගැන, තම බිරිඳ සමග පූර්ණ එකමුතු කමකින් තොරව අප ඉදිරියට නොයා යුතු බවයි.

ස්වාමීන්වහන්සේගේ විශ්වාසය දිනීමේ අපේ පළවැනි අඩිය නම්, අපේ විශ්වාසය එතුමන් වෙත තැබීමය. අනාගතවක්තෘ නෙපි මෙසේ යාච්ඤා කිරීමෙන් අපට උදාහරණයක් දෙයි, “අහෝ ස්වාමිනී, මා ඔබ වෙත විශ්වාසය තැබීමි. මා සදාකල් ඔබ වෙත විශ්වාසය තබමි. මා මාගේ විශ්වාසය මාංශයේ හස්තයෙහි නොතබමි”4 ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිරීමට නෙපි සම්පූර්ණයෙන් කැප වී සිටියේය. එයට අමතරව ඔහු මෙසේ කියමින්, “ස්වාමීන්වහන්සේ අණ කළ සියල්ල කිරීමට” ඔහුගේ පැවරුම ඉටුකිරීමට නෙපි පසුබට වූයේ නැති බව මෙම ප්‍රකාශයෙන් පෙන්වයි, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේම, අපි ජිවත් වන්නා සේම, අපට ස්වාමින්වහන්සේ අණ කල දේ ඉටුකරන තුරු, පාළුකරයේ අපගේ පියාණන් වෙත අපි නොයමු.”5

නෙපි පළමුව දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූ නිසා, දෙවියන්වහන්සේ නෙපි තුළ මහත් විශ්වාසයක් තැබූ සේක. ස්වාමීන්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක, ආත්මයාණන්ගේ හැඟිම් අධික ලෙස පහලවී, ඔහුගේ ජීවිතයට සහ පවුලේ අයගේ සහ ඔහුගේ ජනයාගේ ජීවිතවලටත් ආශිර්වාදය ලැබුණි. නෙපි ප්‍රේමයෙන් සහ ධර්මිශ්ට ලෙස මූලාසනය දරා, තම පවුල් වලට සහ ජනයාට සියල්ල සපයා මෙසේ වාර්ථා කළේය, “අපි සතුටින් ජිවත් වුනෙමු.”6

මෙම කාරණාවට, ස්ත්‍රී අදහස් ඉදිරිපත් කිරීමේ අදහසින්, මම මගේ විවාහක දියණියන් දෙදෙනාගෙන් උදව් ඉල්ලුවෙමි. වාක්‍යකින් හෝ දෙකකින් ඔවුන්ගේ විවාහයට සහ පවුල් ජීවිතයට විශ්වාසයේ වැදගත්කම ගැන කීමට ලාරා හැරිස් සහ ක්‍රිස්ටිනා හැන්සන් ගේ අදහස් මෙන්න.

පළමුව ලාරා: “මට වඩාත්ම වැදගත් කාරණය නම්, මගේ ස්වාමිපුරුෂයා දවසේ වැඩ කටයුතු කරන අතරදී ගන්නා තීරණවලින් මට ගෞරවය හා ප්‍රේමය පෙන්වීමයි. මෙලෙස අපි එකිනෙකාව විශ්වාසය කරන්නට හැකි වූ විට, එය අප නිවසට සාමය ගෙන දී, අපට සන්තෝෂයෙන් එකතු වී පවුල ගෙන ගිය යාමට හැකිවනු ඇත.”

දැන් ක්‍රිස්ටිනාගේ සිතුවිලි: “යමෙක් කෙරෙහි විශ්වාසය තැබීම, යමෙක් කෙරෙහි භක්තිය තැබීමට සමානය. විශ්වාසය හා භක්තිය නැති තැන ඇත්තේ බිය හා සැකයයි. මට නම්, මාගේ ස්වාමීපුරුෂයා සම්පූර්ණයෙන් විශ්වාස කිරීමෙන් ලැබු සාමය මා ලද උතුම් ආශිර්වාදයයි. ඔහු කියු දෙය සත්‍යයෙන්ම කරන බව දන්නා නිසා සිතේ සාමය ඇති වේ. විශ්වාසය, සාමය, ප්‍රේමය සහ ප්‍රේමය වැඩි කරවන වටපිටාවක් උදාකර දෙයි.”

එකිනෙකා ලියා තිබුණු දෙය ලාරාත් ක්‍රිස්ටිනාත් දැක්කේ නැත. තමන්ට විශ්වාස කළ සැමියෙකු සිටීමෙන් නිවසේ සාමය පැවතීමේ ආශිර්වාදය ඝෘජුවම ලැබෙනවා යැයි දෙදෙනාම ස්වාධීනව නිගමනය කළ බව මට සිත්ගන්නා දෙයකි. මගේ දියණියගේ උදාහරණය පරිදි, ක්‍රිස්තුස්වහන්සේ - කේන්ද්‍රිත නිවසක් වර්ධනය වීමට විශ්වාසයේ මූලධර්මය ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි.

“හදවතේ අවංකකම”7 තමන් තුළ තිබීමෙන් මගේ පියා තම පුජකවරයට ගෞරව දැක්වූ මෙන්ම, මුළු පවුලේම විශ්වාසය රැකගත් නිසා එවැනි ගෙදරක තිබෙන ක්‍රිස්තු මූලික සංස්කෘතියක් විඳින්නට මටත් හැකිවුණි. අවංකකම මත පදනම් වු විශ්වාසයේ මූලධර්මය වටහාගෙන, එය පිළිපදින පියකුගෙන්, තම පවුලට වන දිගුකාලීන ධනාත්මක බලපෑම පැහැදිළි කෙරෙන අවස්ථාවක් මාගේ තරුණ කල දී වූ ඇත්දැකීමකින් කියන්නම්.

මම කුඩා වියේදී කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය පිළිබඳව විශේෂණය වූ ව්‍යාපාරයක් මගේ පියා ඇරඹුවේය. මෙහිදී ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලින් ඉංජිනේරුකරණය, නිමැවුම්කරණය හා ස්ථාපනය කිරීම ලොව වටාම සිදුකළේය.

මම පාසැල් ළමයෙකු කාලයේ දී, රැකියාවක් කරන අයුරු කියා දීමට මගේ පියාට උවමනා විය. එමෙන්ම පහළ සිට උඩටම මේ ව්‍යාපාරය පිළිබඳව මට උගන්වන්න ඔහුට අවශ්‍ය විය. මගේ පළමු රාජකාරීය වුයේ තීන්ත ගෑමයි, වැඩබිම පවත්වා ගැනීමයි. ඒ කාලයේදී නැවත නැවත වැසිකිළිවල තීන්ත ගාන්නට මට ලැබුණු අවස්ථා මට තවමත් මතකය.

උසස් පාසල් කාලයේදී, කර්මාන්ත ශාලා වැඩබිමේ කටයුතු කරන්නට මට උසස් වීමක් ලැබුණි. නිර්මාණ සැලසුම් කියවන්නටත්, බර යන්ත්‍ර උපකරණ හසුරවන්න ඉගෙනගන්නටත් මම පටන්ගත්තෙමි. පාසලෙන් පසුව, මම විශ්වවිද්‍යාලයට ගොස්, පසුව ධර්මදුත මෙහෙයට ඇතුළත් වුණෙමි. ධර්මදුත කටයුතුවලින් පසුව ගෙදර පැමිණි මම, කෙළින්ම නැවත රස්සාවට බැස්සෙමි. ඊළඟ වසරේ අධ්‍යාපන වියදම්වලට මට මුදල් වුවමනා විය.

මාගේ ධර්මදුත මෙහෙය ඉවර වී නොබෝ කලකින්, මම කර්මාන්තශාලාවේ වැඩ කරමින් සිටියදී තාත්තා මා වෙත පැමිණ ව්‍යාපාර කටයුත්තකට ඔහුත් සමඟ ලොස් ඇන්ජලිස් නගරයට යන්න කැමති දැයි විමසුවේය. මෙවැනි දෙයකට තාත්තා මා හට ආරාධනා කළ පළමු අවස්ථාව මෙයයි. ව්‍යාපාරය වෙනුවෙන් නියෝජනය කරන්නට මට ඔහු අවස්ථාවක් දී තිබුණේය.

ගමන යන්නට කලින්, නව සේවා ලාභියෙකු වෙන්නට සිටින්නා ගැන විස්තර කිහිපයකින් ඔහු මාව සුදානම් කළේය. පළමුව, සේවාලාභියා බහුජාතී සමාගමක් බවද, දෙවනුව, නවතම ස්වයංක්‍රීයකරණ තාක්ෂණයෙන් ඔවුන් තම ලෝකය පුරා තිබුණු නිෂ්පාදන ක්‍රියාවලිය නවීකරණය කරන්නට උවමනා වී සිටි බවද, තෙවනුව, පෙර කිසිම අවස්ථාවකදී අපි ඔවුන්ට ඉංජිනේරු සේවා හෝ තාක්ෂණය සපයා නොතිබුණු බවද, ඔහු මා දැනුවත් කළේය. තවද, ව්‍යාපෘතියකට අපි දී තිබුණු ගෙවීම් යෝජනාව  පිළිබඳ සාකච්ඡා කරන්නට ඔවුන්ගේ මිලදී ගැනීම පිළිබඳ උසස්ම නිළධාරියා මේ රැස්වීම කැඳවා තිබුණු බවය. අපගේ සමාගමට වැදගත්ම අවස්ථාවක් මෙම රැස්වීමෙන් අත්කරගන්නට පුළුවන් වනු ඇත.

ලොස් ඇන්ජලිස් වෙත පැමිණීමෙන් පසුව, රැස්වීම සඳහා නිළධාරියා සිටි හෝටලය වෙත ගොස් රැස්වීමට අපි සහභාගි වුණෙමු. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය සැලසුම්වල විස්තර මුලින්ම සාකච්ඡා කර, ගණනය කරන ලදි. ඊළඟට සාකච්ඡා වූයේ ක්‍රියාත්මක වීමේ දී වැදගත් කරුණුයි, එනම් ප්‍රවාහනය හා ප්‍රවාහනය අවසන් කෙරෙන දවස් පිළිබඳවයි. අවසානයේදී, මිල නියම කිරීම, කොන්දේසි හා යෝජනා පිළිබඳව සාකච්ඡා විය. මෙතැනදී කුතුහලජනක යමක් සිදුවිය.

මේ නිළධාරියා අපට විස්තර කළේ, ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්දේසියේදී අවම වැය යෝජනාව ලැබුණේ අපගෙන් බවයි. ඔහු ඉන්පසු, දෙවන අඩුම යෝජනාවේ වියදම් පිළිබඳව විස්තර කළේය. අපගේ යෝජනාව නැවත අතට ගෙන, නැවත භාරදෙන්නට අපි කැමතිදැයි ඔහු විමසුවේය. අනෙක් යෝජනාවට වඩා මදක් අඩු වැය ශීර්ෂයක් ඉදිරිපත් කරන ලෙසට ඔහු ප්‍රකාශ කළේය. ඒ වෙනසෙහි ලාභය අපි, ඔහුත් සමඟ භාග - භාග වශයෙන් බෙදා ගත යුතු බව ඔහු ඉන් පසුව ප්‍රකාශ කළේය. දෙපාර්ශවයටම මෙය වාසිදායක බවට ඔහු කරුණු පෙන්වුවේය. පෙර නියම කළ මිලට වඩා වැඩි මුදලක් අපි උපයන නිසා අපිට ලාභයක් හිමිවේ. අඩුම වැය යෝජනාවෙන් ව්‍යාපෘතිය කෙරෙන නිසා සමාගමට වාසියක් තවමත් තිබුණි. තවද, මේ යෝජනාව ඉදිරිපත් කළ ඔහුත් ලාභයෙන් කොටසක් ලබා ගන්නා නිසා වාසි අත්කර ගනියි.

ඔහුගේ  මුදල යැවිය හැකි තැපැල් පෙට්ටි අංකයක් ඔහු ඉන්පසුව අපට දුන්නේය. මේ සියල්ලෙන් පසුව, ඔහු මගේ පියා දෙස බලා “මේකට අපි එකඟ වෙමුද?” යි විමසුවේය. මගේ පුදුමයට මාගේ පියා, නැගිට, ඔහුගේ අතට - අත දී, නැවත ඔහුට කතා කරන්නම් යැයි කියා සිටියේය.

රැස්වීමෙන් පිටවූ පසුව, අපේ කුලියට ගත් රථයට ගොඩවී, මගේ පියා මා දෙසට හැරී “මොකද්ද ඔයා කියන්නේ අපි කරන්න ඕන දේ ගැන?” ඇසුවේය.

ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමු දැයි මම ප්‍රතිචාර දුන්නෙමි.

දිගටම හොඳ වැඩ ටිකක් තියාගන්න එක අපේ වැඩ කරන අයට, අපෙන් විය යුතු වගකීමක් නේද? ” යි ඔහු ඉන්පසුව ඇසුවේය.

ඔහුගේ ගැටළුව ගැන මා සිතමින් උන්විට, මට පිළිතුරු දෙන්නට නොදී, තමන්ගේම ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේය. “අහන්න රික්, එක පාරක්, අල්ලසක් ගෙන, නැත්නම් අවංකකමට හානියක් කර ගත් විට, ඒක ආයෙත් හදාගන්න ගොඩක් අමාරුයි. ඒක කරන්න එපා, එක පාරක්වත්”

මගේ පියාත්, මමත් ගිය පළමු ව්‍යාපාර චාරිකාවේ දී මම ඔහුගෙන් ඉගෙනගත් දෙය තාමත් අමතක කර නැති බව, මම මේ කතාව බෙදා ගැනීමෙන් සනාථ වේ. පියවරුන් වශයෙන් අපගේ දිගුකාලීනව ලබන බලපෑම පෙන්වන්නයි මා මේ අත්දැකීම බෙදාගත්තේ. මගේ මවත්, ඔහුගේ දරුවන්, ඔහුගේ සගයින් සමග, තම පෞද්ගලික ජීවිතයේදීත් ඔහු මේ ප්‍රතිපත්ති රැකගත්තේය.

සහෝදරවරුනි, නෙපි ආදර්ශය දුන් ආකාරයෙන් පළමුව අප සියළුදෙනා ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, අපගේ හදවතේ අවංක බවින් ස්වාමීන්වහන්සේගේ විශ්වාසයත් අපගේ බිරින්දෑවරුන්ගේ හා දරුවන්ගේ විශ්වාසයත් දිනාගැනීමට හැකිවේවායි මේ සැන්දෑවේදී මම යාච්ඤා කරමි. අවංකබව මත පදනම් වූ විශ්වාසය නම් ශුද්ධවූ ප්‍රතිපත්තිය අවබෝධ කරගෙන අපි අපගේ ශුද්ධවූ ගිවිසුම් පිළිපදිමු. ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් අපගේ පවුල්වල මුලසුන ගනිමින්, ජීවිතයේ අවශ්‍යයතා සපුරා ගනිමින්, ලෝකයේ පාපිෂ්ඨ දෙයින් අපගේ පවුල් රැකගැනීමට හැකිවනු ඇත. මේ සත්‍යයන්ට මම නිහතමානීව සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.