2010–2019
ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ සභාව මෙහෙයවන සේක
2017 ඔක්තෝම්බර්


ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ සභාව මෙහෙයවන සේක

ස්වාමීන්වහන්සේගේ නායකත්වය උන්වහන්සේගේ සභාවේ දැරීම පිණිස, මේ පොළවේ උන්වහන්සේට සේවය කරන සියළු දෙනාගේ උදාර සහ දැඩි ඇදහීමක් අවශ්‍යය වේ.

දෙවියන්වහන්සේගේ පූජකවරය දරණ මාගේ පේ‍්‍රමණිය සහෝදරයිනි, ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ රාජ්‍ය පොළවේ ආශ්චර්යවත් ලෙසට මග පෙන්වන ආකාරය ගැන මම අද රාත්‍රියේදී කථා කරන්නට කැමත්තෙමි. ඔබ දැනටමත් මූලධර්ම ගැන දනී. ශුද්ධාත්මයාණන්වහන්සේ ඒ දේවල් ඔබලා තුල ස්ථිර කරන ලෙසට මම යාච්ඤා කරමි.

පළමුවැන්න, මුළු පොළවේම සභාවේ අධිපති යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

දෙවැන්න, අද උන්වහන්සේ උන්වහන්සේගේ සභාවට මග පෙන්වන්නේ, අනාගතවක්තෘන් යැයි කියන මිනිසුන්ට කථා කිරීමෙන්ය, උන්වහන්සේ ඒ දේ කරන්නේ එළිදරව් තුළින්ය.

තුන්වැන්න, උන්වහන්සේ තම අනාගතවක්තෘන්ට එළිදරව් පෙර කාලයේද, වර්තමානයේද සහ දිගටම දෙනු ලබන සේක.

සතරවැන්න, උන්වහන්සේ තම අනාගතවක්තෘන්ගේ නායකත්වය යටතේ සේවය කරන්නට ස්ථීර එළිදරව් දෙන සේක.

මේ මූලධර්මයන්ගෙන් ස්වාමීන්වහන්සේගේ නායකත්වය යටතේ උන්වහන්සේගේ සභාවට මේ පොළවේ උන්වහන්සේට සේවය කරන සියල්ලන්ට උතුම් හා ස්ථිර ඇදහීම උවමනා කරන බව අපි දැනගන්නෙමු.

උදාහරණයක් ලෙස නැවත නැගිටුනු ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ රාජ්‍යයේ දිනපතා සිදුවන විස්තර දැක බලා ගන්නා බව විශ්වාස කිරීමට ඇදහීම අවශ්‍යය, විශ්වාසනීය තනතුරු සඳහා අඩුපාඩුකම් ඇති අයව ස්වාමීන්වහන්සේ කැඳවන බව, විශ්වාස කිරීමට ඇදහීම අවශ්‍යය. උන්වහන්සේ කැඳවන මිනිසුන්ගේ හැකියාව සහ ශක්තිය හොඳින් දන්නා බව විශ්වාස කිරීමට ඇදහීම අවශ්‍යය. එමනිසා උන්වහන්සේගේ කැඳවීම් ගැන, වැරදියට නොසිතන්න.

එයින් මේ පේ‍්‍රක්ෂකාගාරයේ සිටින සමහර අයගේ මුහුණට සිනාවක් හෝ හිස සෙලවීමක් වෙන්නට ඇත. ඒ, සේවයට කැඳවීම ලබා එය  වැරදීමක් යැයි සිතන අය මෙන්ම ස්වාමීන්වහන්සේගේ සේවයට තමන් සිටි ස්ථානයට නුසුදුසු යැයි සිතන පිරිසක් ඇත. මා ඔවුන් කොටස් දෙකටම දෙන අවවාදය නම්, ස්වාමීන්වහන්සේ දකින දෙය ඔවුන් ද දකිනතුරු, ඔවුන්ගේ එවැනි විනිශ්චයන් පරක්කු කිරීමටය. බියකින් තොරව ඔබට ලැබෙන එළිදරව්කිරීම් මත ක්‍රියාකිරීමටත්, ඒවා ලබාගන්නටත් ඔබට ඇති හැකියාව ගැන ඔබ ඔබවම විනිශ්චය කරගන්න.

එය කිරීමට ඇදහීම අවශ්‍යය. ඔබට මග පෙන්වීම සඳහා අඩුපාඩු ඇති මනුෂ්‍ය සේවකයන් ස්වාමීන්වහන්සේ කැඳවනවා යැයි විශ්වාස කිරීමට ඊටත් වඩා විශාල ඇදහීමක් අවශ්‍යය. ඔබ උන්වහන්සේට සේවය කරන විට, දෙවියන්වහන්සේ ඔබට මග පෙන්වන බවට ඔබේ ඇදහීම ගොඩනැගීමය. අද රාත‍්‍රී මාගේ අරමුණ, එයට වඩා වැදගත් ලෙස, ඔබේ නායකයන් ලෙස ස්වාමීන්වහන්සේ පෙළඹීමෙන් කැඳවා ඇති අසම්පුර්ණ පුද්ගලයන් ගැන ඔබේ ඇති ඇදහීම ගොඩනැගීමය.

ස්වාමීන්වහන්සේගේ සභාවේ සහ රාජ්‍යයේ ජයග‍්‍රහණයට එවැනි ඇදහීමක් වැදගත් නැති ලෙස ඔබ පළමුව සිතන්න ඇති. කෙසේ හෝ ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ සිට නව ආරෝනික පූජකවරය දරන්නා තෙක් ඔබ පූජකවර දම්වැලේ කොතැන සේවය කලත්, ඇදහීම අවශ්‍ය බව ඔබට සොයා ගත හැකිය.

උපස්ථායකවර හෝ ගුරුවර ගණපූර්ණයේ සභාපති කෙනෙකුට ඇදහිල්ල අවශ්‍ය වන්නේ කෙසේදැයි අපි මුලින්ම බලමු. ස්වාමින්වහන්සේ ඔහුගේ දුර්වලකම්ද, ශක්තින්ද දැන, ඔහුට පෞද්ගලිකවම කැඳවීම ලබා දුන්බව විශ්වාස කිරීමට ඔහුට ඇදහීම අවශ්‍යය. කැඳවීම ප්‍රධානය කල තැනැත්තාට එළිදරව් ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයෙන් බව විශ්වාස කිරීමට ඔහුට ඇදහීම අවශ්‍යය. කිසිදු බියකින් තොරව විශ්වාසයෙන් ඔහුව අනුගමනය කිරීමට එම ගනපුර්ණයේ සාමාජිකයින්ට ඇදහිල්ල අවශ්‍යය.

එක් ඉරිදා උදයක ඔහුගේ උපස්ථායක ගනපුර්ණයේ සභාපතිත්වය සමග ඉඳගෙන සිටි පිරිමි ළමයෙකුගෙන් එම ආත්ම විශ්වාසය මම දුටුවෙමි. ඔහු අළුතෙන් කැඳවනු ලැබූ ලේකම්ය. තරුණ සභාපතිත්වය එකමුතුව උපදේශ ලැබුවෝය. ක‍්‍රියාකාරීත්වය අඩු පිරිමි ළමයෙකු නැවත සභාවට ගෙන එන ලෙස සභාපතිවරයා කළ ඉල්ලීම ඉෂ්ට කිරීමට ඔවුන් නොයෙක් මාර්ග ගැන කතා කළෝය. යාච්ඤාවෙන් හා සාකච්ඡාවෙන් පසු, රැස්වීම් වලට කවදත් නොපැමිණි ළමයාගේ නිවසට ගොස් ඔහුට නැවත පැමිණීමට ආරාධනා කිරීමට ඔවුන් ලේකම්ව පත් කලෝය.

ලේකම්වරයා එම පිරිමි ළමයාව දැන සිටියේ නැත, නමුත් ඔහු දැන සිටියා ළමයාගේ දෙමාපියන්ගෙන් කෙනෙක් ක්‍රියාකාරී නොවන සාමාජිකයෙකු බවත්, සහ අනික් කෙනා සාමාජිකයෙකු නොවන බවත් එතරම් මිත්‍රශීලි නොවන බවත්. ලේකම්වරයා අවුල් සහගත වුවත් බිය වුයේ නැත. දෙවියන්වහන්සේගේ දිවැසිවරයා නැතිවු බැටළුවා සොයා නැවත ගෙන ඒමට පූජකවර දරන්නන්ට කිවු බව ඔහු දැන සිටියේය. ඔහු, ඔහුගේ සභාපතිත්වයේ යාච්ඤා අසා තිබුණි. එම ළමයාගේ නම සඳහන් කර ඔවුන් එකඟතාවයකට එනවා ඔහුට ඇසිණි.

ලේකම්වරයා ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ළමයාගේ නිවසට යනවා මම බලා සිටියෙමි. මහත් අවධානමකට යනවා මෙන් ඔහු සෙමින් සෙමින් ගොස් පැය භාගයකට පමණ පසු නැවත පාරට පැමිණියේ එම ළමයා සමග සතුටින් සිනහ වෙමිනි. ඔහු ඇදහිමෙන් ස්වාමීන්වහන්සේ  වෙත කාර්යක් කිරීමට ගිය බව එදා ඔහු දැන සිටියා දැයි මට විශ්වාස නැත. එම ඇදහීම ඔහු සමග රැඳී, ඔහු ධර්මදුතයෙකු, පියෙකු, තරුණ පිරිමි අයගේ නායකයෙකු සහ සභානායකයෙකු වු අවුරුදු කීපයෙදී වර්ධනය වුනි.

සභානායකයෙකු සඳහා එවැනි ඇදහීමක අදහස ගැන අපි කථා කරමු. සමහර වෙලාවට ජනයාට සේවය කිරීම සඳහා සභානායකයෙකු කැඳවන්නේ කවුරුත් හොඳින් දන්නා කෙනෙක්වය. කොට්ඨාශ සාමාජිකයින් ඔහුගේ මනුෂ්‍ය දුර්වලකම් සහ ආත්මීක ශක්තිය ගැන යමක් දන්නවා විය හැක, සහ වැඩි උගත්කමක් , වැඩි පළපුරුදු, වැඩි දැකුම්කළු හෝ වැඩි ලස්සන කෙනෙකු කොට්ඨාශයෙන් තෝරාගත්තා නම් යැයි ඔවුනට සිතෙන්නට පුළුවන.

සභානයකයෙකු ලෙස සේවය කිරීම සඳහා කැඳවීම ලැබුණේ ස්වාමීන්වහන්සේගේ එලිදරව්වෙන් බව මේ සාමාජිකයින් දැන ගත යුතුය. දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබු සභානායකවරයාට, ඔවුන්ට උපකාර කිරීම පිණිස උවමනා එළිදරව් සෙවීමට ඔවුන්ගේ ඇදහීම නැතිව අපහසු වේ. ඔහුට ඔහුව ස්ථිර කිරීමට සාමාජිකයන්ගේ ඇදහීම නැතිව  සාර්ථකවීම අපහසු වේ.

සතුටින්, එය සත්‍යයය. ඔහුගේ ජනතාව පසුතැවිල්ල කරා ගෙන ගිය ස්වාමීන්වහන්සේගේ සේවක වු බෙන්ජමින් රජු ගැන සිතන්න. ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවන ලද බව, ඔහුගේ මනුෂ්‍ය දුර්වලතා කෙසේ වුවද හා ඔහුගේ වචන දෙවියන්වහන්සේගෙන් පැමිණි බව දැන ජනතාවගේ හදවත් මෘදු විය. ඔබට ජනයා කියු දේ මතකද, “එසේය, ඔබ අපට කථා කළ සියළු වචන අපි විශ්වාස කරමු. .. එහි වු ස්ථිර සහ සත්‍යභාවය අපි දනිමු. අප තුළ බලවත් වෙනස්කමක්, හෝ අපගේ හදවත් වලින් එනම් දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැත. එහෙත් නොනවත්වා යහපත් දේ කරන්නේ ස්වාමී වු ස්ර්ව බලධාරීයාණන්ගේ ආත්මය නිසාය” (මොසායා 5:2).

ස්වාමීන්වහන්සේගේ කාර්යයේ නායකයකුට සාර්ථකවීමට නම්, ඔහු දෙවියන්වහන්සේ විසින් කැඳවු බව ජනයාගේ විශ්වාසය ඔහුගේ ආබාධ වල හා මරණීය දුර්වලතාවල ඔවුන්ගේ දර්ශනය යටපත් කළ යුතුය. ඔබට බෙන්ජමින් රජු ඔහුගේ නායක කාර්යභාරය විස්තර කළ හැටි මතකද:

”නුඹලා මෙතැනට පැමිණ එනම් මට භය වීමට හෝ එනම් නුඹලා මා මැරෙන සුළු මනුෂ්‍යයෙකුට වඩා මා ගැන සිතීමට මම නුඹලාට ආඥා නොකෙලෙමි.

”එහෙත් මම නුඹලා මෙන්ම ශරීරයෙහිද, මනසෙහිද සියළු ආකාර දුර්වලකම්වලට යටත් වූවෙක්මි, එහෙත් මෙම ජනතාව විසින් මාව තෝරාගනු ලැබ තවද මාගේ පියාණන් විසින් කැප කරගනු ලැබද මේ ජනතාව වෙත පාලකයෙකු සහ රජ වීමට දෙවියන්වහනසේගේ හස්තයෙන් අවසර ලැබුවෙමි. තවද උන්වහන්සේගේ සම කළ නොහැකි බලයෙන් ආරක්ෂා කරමින් සහ රැකගනිමින් සියළු බලයෙන් , මනසින් සහ ශක්තියයෙන් නුඹලාට සේවය කිරීමට මට ස්වාමීන්වහන්සේ දුන්සේක” (මොසායා 2:10–11).

ස්වාමීන්වහන්සේගේ සභාවේ ඔබේ නායකයා දුර්වල සහ මානුෂීය, හෝ ශක්තිමත් සහ පොලඹවන සුළු අයෙක් ලෙස ඔබට පෙනිය හැක. සත්‍ය කරුණ නම් සෑම නායකයෙක්ම මේ ගති ලක්ෂණ මිශ‍්‍ර වූ අයයි. අපට නායකත්වය දීමට කැඳවන ලද ස්වාමීන්වහන්සේගේ සේවකයන්ට උපකාර වන්නේ උන්වහන්සේ ඔවුන්ව කැඳවු විට ස්වාමීන්වහන්සේව ඔවුන් දුටු ආකාරයට අපට ඔවුන්ව  දැකිය හැකි විටය.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ව අංග සම්පුර්ණ ලෙස දකින සේක. උන්වහන්සේ ඔවුන්ගේ හැකියාව හා ඔවුන්ගේ අනාගතය දකින සේක. එසේම ඔවුන්ගේ ස්වභාවය වෙනස්කළ හැකි ආකාරයද උන්වහන්සේ දන්නා සේක. තවද ඔවුන් නායකත්වය දෙන පුද්ගලයන් සමග ඔවුන්ගේ අත්දැකිම් මගින් ඔවුන්ව වෙනස් කළ හැකි ආකාරයද උන්වහන්සේ දන්නා සේක.

සේවය කිරීමට ඔබව කැඳවු පුද්ගලයන් මගින් ශක්තිමත් වීමේ අත්දැකීමක් ඔබට තිබිය හැක. එක් වරක් තරුණ අවිවාහක වැඩිහිටියන්ගේ සභානායකවරයා ලෙස මා කැඳවන ලදී. උන්වහන්සේට ඔවුන් තුළ සිදුකළ හැකි වෙනස්කම් සඳහා මාගේ උපකාරය සඳහා හෝ ඔවුන් මා තුළ සිදු කරන බව උන්වහන්සේ දැන සිටි වෙනස්කම් සඳහා හෝ ස්වාමීන්වහන්සේගේ අරමුණ කුමක් වූයේද කියා මට ස්ථිර නැත.

මට නොවැටහුණු තරමකට එම කොට්ඨාශයේ තරුණයෝ විශේෂයෙන් ඔවුන් සඳහා දෙවියන්වහන්සේ මාව කැඳවුවා සේ හැසිරුණෝය. ඔවුහු මගේ දුර්වලකම් දුටුවත් එය ඉක්මවා බැලූවෝය.

ඔහුගේ අධ්‍යාපනික තීරණ ගැන උපදේශ ඉල්ලූ එක් තරුණ පුරුෂයෙකු මට මතකය. ඔහු ඉතා හොඳ විශ්වවිද්‍යාලයක නවකයෙකු විය. මම ඔහුට උපදෙස් දී සතියකට පසු, ඔහු මා සමග හමුවක් සුදානම් කර ගත්තේය.

ඔහු කාර්යාලයට පැමිණි පසු, ”සභානායතුමනි, අප කතා කරන්නට පෙර අපට යාච්ඤා කළ හැකිද? එසේම අපට දණගැසිය හැකිද? එසේම මම යාච්ඤා කරන්නද?” කියා ඇසීමෙන් ඔහු මාව පුදුම කළේය.

ඔහුගේ ඉල්ලීම් මාව පුදුමයට පත් කළෝය. එහෙත් ඔහුගේ යාච්ඤාව ඊටත් වඩා මාව පුදුම කළේය. එය මෙලෙස විය, “දෙවිපියාණනී, ගිය සතියේ සභානායක අයිරින් මට උපදෙස් දුන් බව ඔබවහන්සේ දන්නා සේක, එය වැඩ කළේ නැත. දැන් මා කුමක් කළ යුතුද යන්න දැන ගැනිමට කරුණාකර ඔහුව පොළඹවන්න.”

දැන් ඔබ එයට සිනා වුව නමුත්, මා එසේ නොකළේය. එවිටත් ස්වාමීන්වහන්සේ ඔහු කරනා ලෙසට වුවමනා කළදේ ඔහු දැන සිටියේය. නමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ සභාව තුළ සභානායකවරයෙකුගේ පත්වීමට ගරු කර සමහරවිට එම කැඳවීමේදී හෙළි කිරීම් ලබා ගැනීම සඳහා මට වැඩි ආත්ම විශ්වාසයක් ලැබීමට අවස්ථාව ලැබීම ඔහුට වුවමනා වන්නට ඇති.

එය වැඩ කළේය. අප සිටගෙන ඉන්පසු වාඩි වූ විටම, හෙළි කිරීම මට ලැබුණි. ස්වාමීන්වහන්සේට ඔහු කරන ලෙසට වුවමනා වූ දේ බව මට හැගුණු දේ මම ඔහුට කීවෙමි. එවිට ඔහුගේ වයස අවුරුදු 18 ක් පමණක් වුවද, අධ්‍යාත්මික වර්ෂ වලින් ඔහු පරිණත විය.

එවන් ප‍්‍රශ්නයක් ගැන ඔහු සභානායකවරයෙකු වෙත යා යුතු නැති බව ඔහු දැන සිටියේය. නමුත් ඔහුගේ මරණීය දුර්වලතාවයෙන්ද ස්වාමීන්වහන්සේගේ සේවකයාව දරා සිටීමට ඔහු ඉගෙනගෙන තිබුණි. අවසානයේ දී ඔහු ස්ටේක සභාපතිවරයෙක් විය. ඔහු අප එකට උගත් පාඩම ඔහු සමග රැගෙන ගියේය. ස්වාමීන්වහන්සේ උන්වහන්සේ කැඳවන ලද අංග සම්පුර්ණ නැති සේවකයන් වෙත හෙළි කිරීම් හරහා උන්වහන්සේගේ සභාවට උන්වහන්සේ මග පෙන්වන බව ඔබට ඇදහිල්ල තිබේ නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් කරා ස්වර්ගයේ ජනේල විවෘත කරන සේක, ඔබටත් එසේමය.

එම අත්දැකීමෙන්, සමහර විට අපේ ඇදහිල්ලට වඩා, අප සේවය කරන පුද්ගලයන්ගේ ඇදහිල්ල , ස්වාමීන්වහන්සේගේ සේවය තුළ අපට හෙළිකිරීම් ගෙන දෙන බව පාඩමක් මම රැගෙන ගියෙමි.

මා වෙත තවත් පාඩමක් තිබුණි. පළමු වතාවේදී ඔහුට හොඳ උපදෙස් දීමේ මාගේ අසාර්ථකත්වය සඳහා එම තරුණයා මාව විනිශ්චය කළේ නම් නැවත ඇසීමට ඔහු කොහෙත්ම පැමිණෙන්නේ නැත. එම නිසා මාව විනිශ්චය නොකිරීමට තීරණය කිරීමෙන්, ඔහු වුවමනාවෙන් සිටි තහවුරු කිරීම ඔහුට ලැබුණි.

එම අත්දැකීමෙන් තවත් පාඩමක් මට හොදින් සේවා කර ඇත. මා දන්නා තරමට, පළමුවරට මා හොඳ උපදෙස් නුදුන් බව ඔහු එම කොට්ඨාසයේ කාටත් කිසිදිනක කිව්වේ නැත. ඔහු එසේ කළා නම්, සභානායකවරයාගේ පෙළඹවීම් විශ්වාස කිරීමට කොට්ඨාශයේ අනෙක් අයගේ ඇදහිල්ල අඩු වන්නට තිබුණි.

ස්වාමීන්වහන්සේගේ සේවකයන්ට විනිශ්චය නොකිරීමට හෝ ඔවුන්ගේ බැලූ බැල්මට ඇති දුර්වලතා ගැන කතා නොකිරීමට මම උත්සහා කරමි. එසේම එය මාගේ දරුවන්ට ආදර්ශය තුළින් ඉගැන්වීමට මම උත්සහ කරමි. මා මගේ කිරීමට උත්සහා දරන ආදර්ශ පාඨයක් සභාපති ජේම්ස ඊ. ෆෝස්ට් බෙදා ගත්තේය. මම එය ඔබට පවරමි.

”අපි... අපේ ප‍්‍රාද්ශීය නායකයන්ට අනුග‍්‍රහ දීම හා දරා සිටීම කළ යුතු වෙමු. මන්ද ඔවුන් ... ‘කැඳවන හා තෝරන ලද’ බැවිනි. මේ සභාවේ සෑම සාමාජිකයෙකුටම සභානායකවරයෙකු හෝ ශාඛා සභාපතියකු, ස්ටේක හෝ ධර්මදූත මෙහෙයුම් සභාපතියෙකු හා සභාවේ සභාපති හා ඔහුගේ මිතුරන්ගෙන් හෝ උපදේශ ලැබිය හැක. මේ සහෝදරයන් කිසිවෙකු ඔවුන්ගේ කැඳවීම් ඉල්ලූවේ නැත. කිසිවෙකු අංග සම්පුර්ණ නැත. එහෙත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ සේවකයන් වේ. පොළඹවීම් වලට හිමිකම් ඇත්තාවුන් හරහා උන්වහන්සේ විසින් කැඳවන ලදී. කැඳවන ලද, දරා සිටින ලද හා වෙන් කර තැබුවන්ට අපේ දරා සිටීමේ අනුග‍්‍රහයට හිමිකමක් ඇත....

”.... පුජක නායකයන් වෙත අගෞරවය බොහෝ අයට අධ්‍යාත්මික හීන වීම හා වැටීම විඳීමට හේතු වී ඇත. අපි අප සඳහා මුලසුන දැරීමට කැඳවන ලද පුද්ගලයන්ගේ පෙනෙන අංග සම්පුර්ණවීම් ලප හෝ කැලැල් ඉක්මවා බලා, ඔවුන් දරන තනතුර ඔසවා තැබිය යුතු වෙමු.” (“Called and Chosen,” Liahona, Nov. 2005, 54–55).

එම උපදේශය සෑම තත්වයක් යටතේම දෙවියන්වහන්සේගේ සේවකයන්ට ආශිර්වාද කරයි.

ස්වාමීන්වහන්සේගේ සභාවේ මුල් දවස්වල අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට සමීප නායකයන් ඔහුගේ වැරදි ගැන කතා කරන්නට විය. ඔහු ස්වාමීන්වහන්සේ සමග සිටීම ගැන ඔවුන් දුටු හා දැන සිටි සියල්ලත් සමග, ඔවුගේ දොස් පැවරීමේ හා ඊර්ෂ්‍යාවේ ආත්මය වසංගතයක් මෙන් පැතුරුණි. දොළොස්දෙනාගෙන් එක් අයෙක් අප ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන්නේ නම්, අපට තිබිය යුතු ඇදහිල්ලේ හා ලැදිකමේ මිම්ම අප සැම සඳහා ස්ථාපිත කළේය.

මෙන්න වාර්තාව: “ජෝසෆ් ස්මිත්ව හැලී ගිය අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකු සියළු දෙනා සඳහා වැඩිහිටියෝ කිහිපදෙනෙක් දේවමාළිගය තුළ රැස්වීමක් කැඳවුහ. සභාවේ නව නායකයා ලෙස ඩේවිඩ් විට්මර් පත් කිරීමට ඔවුහු අදහස් කළහ. .. අනාගතවක්තෘට එරෙහිව වාද ඇසීමෙන් පසු, බ්‍රිගම් යන්ග් නැගී සිට සාක්ෂි දැරුවේය. “ජෝසෆ් අනාගතවක්තෘවරයෙකු විය, මම එය දැන සිටියෙමි. එසේම ඔවුන් අත්වැල් බැඳ ඔවුන්ට සතුටු වන තෙක් ඔහුට නින්දා කරන බවද ඔවුන්ට දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘගේ පත්වීම විනාශ කළ නොහැක. ඔවුන්ට ඔවුන්ගේ බලය පමණක් විනාශ කර ඔවුන්ව අනාගතවක්තෘට හා දෙවියන්වහන්සේට බැඳ තැබු පොට කපා දමා අපායේ ඔවුන්ටම ගිල්වීමට හැකිවිය.” (Church History in the Fulness of Times Student Manual [Church Educational System manual, 2003], 2nd ed., 174; see also Teachings of Presidents of the Church: Brigham Young [1997], 79).

අපේ සේවය තුළ අපව ස්වාමීන්වහන්සේට බැඳ තබන පොටක් ඇත. එය රාජධානියේ සේවය කිරීමට අපව කැඳවන ලද කොතැනක හෝ සිට, පුජකවරය තුළ අප සඳහා මුලසුන දැරීමට කැඳවන ලද්දන් ඔස්සේ ඉහළට, හා ස්වාමීන්වහන්සේට බැඳී ඇති, අනාගතවක්තෘ තෙක් යයි අපට කැඳවන ලද ස්ථානයේ සේවය කිරීමට, අපව හා අප සඳහා මුලසුන දරන්නන් ස්වාමීන්වහන්සේ විසින් කැඳවන ලද බව හා ඔවුන්ව පුර්ණ ඇදහිල්ලෙන් දරා සිටීමට ඇදහිල්ල සහ නිහතමානීත්වය අවශ්‍යය වේ.

කර්ට්ලන්ඞ් හි ගතකල දවස් මෙන්, උන්වහන්සේගේ අනාගතවක්තෘට හා උන්වහන්සේ ස්ථානගත කළ නායකයන් වෙත ලැදිව, ස්වාමීන්වහන්සේ අපව කැඳවන ලද ස්ථානයේ නැගී සිටීමට අපට බි‍්‍රගම් යන්ග් කෙනෙකුගේ ඇදහිල්ල හා අවංකකම අවශ්‍යවන අවස්ථා පැමිණේවි.

ස්වාමීන්වහන්සේ වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සුක්කානමෙහි සිටින බවට මම මගේ භාරදූර නමුත් ප‍්‍රීතිමත් සාක්ෂිය දරමි. උන්වහන්සේ උන්වහන්සේගේ සභාවට හා උන්වහන්සේගේ සේවකයන්ට මග පෙන්වන සේක. පොළව මත ශූද්ධ වු පූජකවරයේ සියළු යතුරු දරණ හා ක‍්‍රියා කරවන එකම මිනිසා තෝමස් එස්. මොන්සන් බව මම සාක්ෂි දරමි. එසේම නැවත ස්ථාපිත කරන ලද උන්වහන්සේ පෞද්ගලිකවම මෙහෙයවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ කැමැත්තෙන් හා මනාවට සේවය කරන සෑම නිහතමානී සේවකයෙකු මත මම ආශිර්වාද යාච්ඤා කරමි. ජෝසෆ් ස්මිත් පියාණන් වු දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු බවට මම සාක්ෂි දරමි. උන්වහන්සේලා ඔහුට කතා කළ සේක. පුජකවරයේ යතුරු නැවත ස්ථාපිත කරන ලද්දේ දෙවිපියාණන්වහන්සේගේ දරුවන් සියළු දෙනාගේම ආශිර්වාදය සඳහාය. ස්වාමීන්වහන්සේගේ කාර්යය තුළ අපේ ස්ථානයේ සේවය කිරීම අපේ මෙහෙයුම හා විශ්වාසයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් , ආමෙන්.