2010–2019
නුඹ හොඳම පොත් අතරින් සොයන්න
2017 ඔක්තෝම්බර්


නුඹ හොඳම පොත් අතරින් සොයන්න

අපි හොඳම පොත් වලින් අධ්‍යනය කරන විට, අපගේ ආත්මික මූලයන්ට හිරිහැර කරන තර්ජනාත්මක මුඛයන්ගෙන් අප අපවම ආරක්ශා කරගනී.

එක් දිනක උදේ පාන්දරම, රෝස පඳුරක කුසගින්නෙන් හා හොඳින් සැගවී සිටි දළඹුවෙකුව මම දුටුවෙමි. කොළ රහිත සමහර අංකුර වල පෙනුමෙන් ඌ උගේ බිය ගන්වන සුළු හනු වලින් මෘදු කොළ හරහා කා වැදි බව සාමාන්‍ය නිරික්ෂකයාට පවා පැහැදිලිය. රූපාකාරයෙන් මේ දළඹුවා මෙන් බොහෝ දෙනෙක් සිටින බව මම සිතුණි. ඔවුන්ව ලොව පුරා හමුවන අතර අපට දැනෙන්නටත් පෙර , අපේ හා අපේ පවුල් සාමාජිකයන් හා මිතුරන්ගේ අධ්‍යාත්මික මුල් ඔවුන් කා දමනු ඇත.

අප ජීවත් වන්නේ අපේ ඇදහිලි ගැන වැරදි තොරතුරු බහුලව ඇති දවස්වලය. මෙවන් කාලවලදී අපේ අධ්‍යාත්මික මුල් රැකගැනීමට හා ගැඹුරුකර ගැනීමට අසාර්ථක වීම ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල හා උන්වහන්සේගේ නැවත ස්ථාපිත කළ සභාව තුළ අපේ විශ්වාසය විනාශ කිරීමට සොයන්නන්ට එය කා වැදීමට ආරාධනාවයකි. මෝර්මන්ගේ පොතේ යම් කාලවල, විශ්වාස කරන්නන්ගේ ඇදහිල්ල විනාශ කිරීමට සෙව්වේ සීස්රොම්ය.

ඔහුගේ ක‍්‍රියා හා වචන “විරුද්ධකාරයාගේ උගුල්ය. ඒවා ඔහු .. ජනතාව අල්ලා ගැනීමට තබන ලද්දේය. එනම් ඔහු [ඔවුන්ව] ඔහුගේ යටත්කමට ගෙන එන පිණිසය. එනම් ඔහු ඔහුගේ දම්වැල්වලින් [ඔවුන්ව] වටකරගැනීමටය” (ඇල්මා 12:6). ඒ උගුල්ම වර්තමානයේ පවතියි. අප අධ්‍යාත්මිකව පරික්ෂාකාරීව සිටින්නේ නැතහොත් හා අපේ මිදුම්කරුවාණන්වහන්සේ මත ස්ථිර අත්තිවාරමක් ගොඩනගන්නේ නැතහොත් (හිලමන් 5:12 බලන්න), අපව සාතන්ගේ දම්වැල්වලින් වට කර මෝර්මොන්ගේ පොතෙහි සඳහන් තහනම් මාර්ග ඔස්සේ සැලකිලිමත් ලෙස අපව රැගෙන යනවා අපට සොයාගත හැකි වේවි (1 නෙපි 8:28බලන්න).

අපගේ කාලයට යෙදිය හැකි අනතුරු ඇඟවීමක් ප්‍රේරිත පේදුරු ඔහුගේ කාලයේ හඬ නැගුවේය, “මම මෙය දනිමි, ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත්ව තමන් අනුව යන්නට ශ‍්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත” (ක්‍රියා 20:29–30).

ඔහුගේ සහ අපේ අනාගතවක්තෘන් හා ප්‍රේරිතවරුන්ගේ අනතුරු ඇඟවීම් විරුද්ධකාර හා මුලා කරවන වචන වලට එරෙහිව අපව අධ්‍යාත්මිකව ශක්තිමත් කිරීමට අප අපට කළ හැකි සියල්ල කළ යුතු බව අපට මතක් කරයි. මා සභාවේ කොට්ඨාශ හා ස්ටේක බැහැ දකින විට, ගැලවුම්කරුවාණන්ගේ හා උන්වහන්සේගේ සේවකයන්ගේ ඉගැන්විම් වලට ශූද්ධවන්තයින් ධනාත්මකව හා ඇදහිල්ල ඇතිව ප‍්‍රතිචාර දක්වන විට මා දකින අසන හා දැනෙන දෙයින් මා ඔසවා තබනු ඇත.

සබත් දිනය පිළිපැදීමේ වැඩි වීම අනාගතවක්තෘ ආරාධනයට සවන් දීමෙන් සාමාජිකයන් අධ්‍යාත්මිකව තමන්ව ශක්තිමත් කිරීමට එක් උදාහරණයකි. ඔවුන් දේවමාළිගා නියෝග හරහා ඔවුන්ගේ මුතුන් මිත්තන්ව එකතු කර ගන්නා විට  පවුල් සිදු කරන දේවමාළිගා හා පවුල් ඉතිහාස වැඩකටයුතුවල වැඩිවීම තුළ වැඩිදුර ශක්තිමත් වීමට සාක්ෂි ඇත. අවංක, පුද්ගලික හා පවුල් යාච්ඤා අපේ ඇදහිල්ලේ බලකඳවුර වන විට අප දෛනිකව පසුතැවිලිවන විට ශූද්ධාත්මයාණන්ගේ සහකාරත්වය සොයන විට හා අපේ ගැලවුම්කරුවනාණන්වහන්සේ හා උන්වහන්සේගේ ලක්ෂණ ගැන ඉගෙන ගන්නා විට හා උන්වහන්සේ මෙන් වීමට උත්සහා දරණ විට අපේ අධ්‍යාත්මික මුල් ගැඹුරු වේ (3 නෙපි 27:27 බලන්න).

අපේ ගැලවුම්කරුවාණන්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ, ලෝකයේ ආලෝකය වන අතර, උන්වහනසේව අනුගමනය කිරීමට උන්වහන්සේ අපට සංඥා කරන සේක. අප උන්වහන්සේ කරා සෑම විටම බැලිය යුතුය. විශේෂයෙන්ම පෙරළී එන මීදුමක්සේ සැකයේ හා අස්ථාවරත්වයේ කුණාටුව ඇදී එන අඳුරු හා කෝලහාල සහිත රාත‍්‍රී වල “ජලය පිරී තිබු ගංගාවෙහි අනෙක් පැත්තේ බලවත් හා විශාල ගොඩනැගිල්ලේ” (1 නෙපි 8:26) සිට ඔබ කරා සරදම් කිරිමේ, අපහාස කිරීමේ හා අඬ ගැසීමේ විලාසයෙන් ඇගිලි දිගු වී ඇත්නම්, ඔබව සත්‍ය හා එහි ආශිර්වාද වලින් වෙන් කිරීමට කපටි හා අනියම් ආකාරවලින් ඔබව ඒත්තු නොගැන්වෙන ලෙසට ඔබ වහාම ඉවතට හැරෙන ලෙස මම ඉල්ලා සිටිමි.

දුෂ්ට දේ කථා කරන, ලියන හා නිරූපණය කරන වර්තමානයේ එය පමණක් ප‍්‍රමාණවත් නොවේ. “ඔබ ශූභාරංචියේ ජිවත් වීමේ පුර්ණව නියැලී සිටිනවා මිස ඔබේ පුර්ණ හදවත, බලය, හිත හා ශක්තිය මගින් එහි ජීවත් වීම අඳුර පසුපසට තල්ලු කිරීමට ප‍්‍රමාණවත් අධ්‍යාත්මික ආලෝකය ඔබට නිපදවිය නොහැකි” බව වැඩිහිටි රොබර්ට් හේල්ස් අපට ඉගැන්වීය. (“Out of Darkness into His Marvelous Light,” Liahona, July 2002, 78). ස්ථිරවම, ලෝකයේ අලෝකය වු (යොහාන් 8:12 බලන්න) යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඇති අපේ කැමැත්ත, අප උන්වහන්සේගේ ඉගැන්වීම් මත කි‍්‍රයාකළ යුතු බව අදහස් කරයි. අප දෙවියන්වහන්සේගේ වචනය මත ක්‍රියාකරන විට අපව අධ්‍යාත්මිකව ශක්තිමත් කරයි, බලවත් කරයි සහ අපව ආරක්ෂා කරයි.

අපේ ජිවිත තුළ ආලෝකය වැඩි වන විට, සෙවනැලි අඩු වේ. ඒ වුනත් ආලෝකයේ බහුලත්වය තුළ පවා, අපේ විශ්වාස වැරදි ලෙස නියෝජනය කරන හා අපේ ඇදහිල්ල පරික්ෂා කරන පුද්ගලයන්ට හා ප‍්‍රකාශ වලට අප නිරාවරණය වේ. ප්‍රේරිත ජාකොබ් “විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපාන කල එය වාසනාවකැයි” කියා ලිවුවේය (යාකොබ් 1:3). මෙම ඇතුළාන්ත දැක්ම සමග වැඩිහිටි නීල් ඒ මැක්ස්වෙල් “ඉවසීම ඇති ගෝලයෙකු .. සභාව වැරදියට නියෝජනය වු විට පුදුමයට හෝ විනාශයට පත් නොවේ” කියා ඉගැන්වුවේය (“Patience” [Brigham Young University devotional, Nov. 27, 1979], speeches.byu.edu).

අපේ සභාවේ ඉතිහාසය හා විශ්වාස ගැන ප‍්‍රශ්න නැගී එයි. නිවැරදි පිළිතුරු ලබාගැනීමට අප හැරෙන ස්ථානයට විශාල සැලකිල්ලක් අවශ්‍ය වේ. අඩුවෙන් තොරතුරු ලත් හෝ මුලාවට පත් වුවන්ගේ දැක්මන් හා මතකයන් සොයා බැලීමෙන් කිසිවක් නොලැබේ. නිවැරදිම උපදේශය ප්‍රේරිත ජාකොබ් දුන්නේය, “ඔබගෙන් යමෙකුට ප‍්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන්වහන්සේ ගෙන් එය ඉල්ලා සිටීවා” (ජාකොබ් 1:5).

දෙවියන්වහන්සේ එය ඉල්ලීම නම් සැලකිලිමත් අධ්‍යනයෙන් ඉදිරියට යාමයි. මන්ද අප “හොඳම පොත් වලින් නුවණේ වචන.. අධ්‍යනය හා ඇදහිල්ල තුළින් සහ ඉගෙනුම සෙවීමට” (දහම සහ ගිවිසුම 88:118) අප ශූද්ධ ලියවිලි නියෝගයට යටත්ව ඇත. ස්වර්ගයෙන් පොළඹවීම් ලද සභා නායකයන් හා හඳුනාගත් ආරක්ෂාව ඇති හා විශ්වාසය තැබිය හැකි සභා ඉතිහාසයේ හා දහම් පඬිවරු විසින් ලියන ලද, මෙම පොත්වල අධික පොහොසත්කමක් ඇත. එසේ කීවත් , මුනිවරයන්ගේ නාමාවලියට ඇතුළු කරන ලද ශූද්ධ ලියවිලි වල දෙවියන්වහන්සේගේ හෙළි කල වචනයේ තේජස ඉක්මවා යන්නක් නැත. අධ්‍යාත්මික ඇතුළු දැක්මෙන් මහත් වු ඒ සිහින් පිටුවලින් අප ශූද්ධාත්මයාණන් හරහා සත්‍යය ඉගෙන ගෙන එමගින් ආලෝකයෙන් අපි වැඩි වෙමු.

අපට “දිනපතාම යාච්ඤා බරව මෝර්මන්ගේ පොත අධ්‍යයනය කරන්න හා මෙනෙහි කරන්න” කියා අපගෙන් ඇයැදු, සභාපති තෝමස් එස් .මොන්සන්ගේ උපදේශය පිළිපදින්න. (“The Power of the Book of Mormon,” Liahona, May 2017, 87).

වසර කිහිපයකට පෙර ෆීජි සුවා හි ධර්මදූත මෙහෙයුමේ සභාපති ලෙස සේවය කරමින් සිටි විට, සමහර ධර්මදූතයින්ට ඔවුන් තුළ මෝර්මන්ගේ පොතේ හැරවීමේ බලය නැවත ස්ථිර කළ අත්දැකීමක් ලැබුණි. වැඩිහිටියන් දෙදෙනෙකු ලබාසා වල කුඩා ජනපදයක නිවසකට පැමිණියේ උණුසුම් හා ආර්ද්‍රතාවය වැඩි දිනකය.

දොරට කල තට්ටුවට පිලිතුරු දුන්නේ කාලගුණයට ගෙවී ගිය මිනිසෙක්ය. ධර්මදූතයින් මෝර්මන්ගේ පොතේ සත්‍යබව ගැන සාක්ෂි දරන විට ඔහු සවන් දුන්නේය. ඔවුහු ඔහුට පිටපතක් දී එය කියවා යාච්ඤා කර ඔවුන් සේ එය දෙවියන්වහන්සේගේ වචනය බව දැනගැනීමට ඔහුට ආරාධනා කළහ. ඔහුගේ පිළිතුර කෙටි විය, “හෙට මම මාළු බෑමට නැවත යන්නෙමි. මම මුහුදේදී කියවා මා නැවත ආපසු ඔබට මාව බැහැ දැකීමට නැවත පැමිණිය හැක.”

ඔහු පිටව සිටි විට, මිෂනාරි පෙදෙසේ මාරුවීම් කරන ලදී. සති කිහිපයකට පසු නව ධර්මදූතයන් සහකාරිත්වයක් මාළු බාන්නාව බැහැදැකීමට ගියහ. මේ වන විට ඔහු මුළු මෝර්මන්ගේ පොතම කියවා එහි සත්‍ය බව ගැන තහවුරු කිරිම් ලබා තවත් දැන ගැනීමට උවමනාවෙන් සිටියේය.

දිගු කලකට පෙර උගන්වන ලද හා මෝර්මන්ගේ පොත තුළ අපේ දවස සඳහා කල් තබා ගන්නා ලද සිද්ධි හා දහම ඇති සෑම පිටුවකම ඇති වටිනා වචනවල සත්‍යබවට සාක්ෂි දරණ ශූද්ධාත්මයාණන් විසින් මෙම මිනිසාව හරවන ලදී. ඒ ආශිර්වාදයම අප සැමටත් ලබා ගත හැක.

පවුල් වලට ශූද්ධ ලියවිලි, අනාගතවක්තෘන්ගේ වචන අධ්‍යනය කිරීමට හා ඒවායේ වටිනා ඇතුලාන්ත දැක්මත් බෙදා ගැනීමට හා සභාවේ වෙබ් පිටු පිරික්සීමට නිවස සුදුසුම ස්ථානයයි. එහිදි ඔබට පළමු දර්ශනයේ කථා වැනි ශූභාරංචි මාතෘකා ගැන තොරතුරු විශාල වශයෙන් සොයගත හැක. අපි හොඳම පොත්වලින් අධ්‍යයන කරන විට , අපේ අධ්‍යාත්මික මුල් කා දැමීමට සොයන බිය ගන්වන සුළු හනු වලින් අපි අපව ආරක්ෂා කරගන්නෙමු.

අපේ යාච්ඤා, අධ්‍යනය හා මෙනෙහි කිරීම් සමග ද පිලිතුරු ලැබීමට තිබෙන ප‍්‍රශ්න කිහිපයක් තවම තිබිය හැකි වුවද, එය මගින් අප තුළ සෙලවෙමින් ඇවිලෙන ඇදහිල්ලේ දැල්ල නිවා දැමීමට අප ඉඩ නොදිය යුතුය. එවන් ප‍්‍රශ්න අපේ ඇදහිල්ල ගොඩනැගීමට ආරාධනාවක් වන අතර මුලා කරවන සැකයක් පසුව යන මොහොතක් ඇති කළ යුතු නැත. සෑම ප‍්‍රශ්නයක් සඳහාම ස්ථිර පිළිතුරක් නොතිබීම ආගමේ සාරයයි. මන්ද මෙය ඇදහිල්ලේ එක් අරමුණකි. එම කාරණයේ දී වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඞ් “එම අවස්ථා පැමිණෙන විට හා ගැටළු මතුවන විට එහි පිලියම ඉදිරියට නොඑන්නේ නම්, ඔබ දන්නා දේ හොදින් අල්ලා ගෙන අමතර දැනුම පැමිනෙන තෙක් ශක්තිමත්ව නැගී සිටින්න” කියා අපට ඉගැන්වුයේය. (“Lord, I Believe,” Liahona, May 2013, 94).

නිතරම ඔවුන්ගේ අධ්‍යාත්මික මුල් පෝෂණය කිරීමෙන් ශක්තිමත්ව නැගී සිටින්නන් බොහෝ දෙනෙකුගේ ප‍්‍රීතිය අප වටා අපි දකිමු. ඔවුන්ගේ ඇදහිල්ල හා කීකරුකම ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් තුළ ඔවුන්ට දැඩි බලාපොරොත්තුවක් දීමට ප‍්‍රමාණවත් වන අතර, ඉන් මහඟු සතුටක් පැමිණෙයි. සියළු දේ දැන සිටීම ගැන ඔවුන් ප‍්‍රකාශ නොකරයි. නමුත් ඔවුන් තව දැන ගැනීමට සොයන විට, සාමය ඇතිව ඉවසීමෙන් ජිවත් වීමට තරම් දැන ගැනීමට ඔවුන් මිල ගෙවා ඇත. පෙළින් පෙළ ඔවුන්ගේ ඇදහිල්ල කි‍්‍රස්තුස්වහන්සේ තුළ සනාථ කර ඇත. එසේම ඔහු ශූද්ධවන්තයින් සමග සහෝදර ජනතාව ලෙස ශක්තිමත් ව නැගී සිටී.

සැඟ වු දළඹුවන්ගේ බිය ගන්වන සුළු හනු වර්තමානයේ වත් හෝ කිසි දිනකවත් හෝ අපේ ජිවිත  තුළ ස්ථානයක් සොයා නොගන්නා ලෙස අපි ජිවත් වෙමු. අප “අවසානය දක්වා වුවත් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලේ ස්ථිරව සිටිමු” (ඇල්මා 27:27). යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.