2010–2019
සියල්ලෙහි සත්‍යය
2017 ඔක්තෝම්බර්


සියල්ලෙහි සත්‍යය

තමන්ගේ සාක්ෂිය තව තවත් ශක්තිමත් වීම සඳහා කටයුතු කිරීමට අප එකිනෙකා සතුවු වගකීමක් ඇත.

අද අපි මෙහි රැස්ව සිටින්නේ , බලාපොරොත්තුවකින් හා විශ්වාසයකින් නිවැරදි දේ පමණක් කියාදෙන ශූද්ධාත්මයාණන්ගේ ආශිර්වාදය ලබා තව තවත් ශක්තිමත් වීමටය.1 අප එක් එක්කෙනා සත්‍ය සෙවීමට දරණ පරිශ‍්‍රමය ගැන මම කතා කරන්නට කැමත්තෙමි.

තරුණයෙකු හැටියට මට සභාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ බොහෝමයක් තිබිණි. මාගේ සමහර ප්‍රශ්ණ මා තුලින් වූ අවංක ප්‍රශ්ණ විය. අනෙක් ප්‍රශ්ණ එසේ නොවූ අතර ඒවා අන් අයගේ සැකයන්ගෙන් මතුවූ ප්‍රශ්ණ විය.

බොහෝ විට මෙම ගැටළු මම මාගේ මව සමග කථා කලෙමි. ඇයට මාගේ හදවතින්ම නැගුණු අව්‍යාජ ගැටළු පිලිබඳ තේරුම් ගැනිමට හැකි වු බවට මට විශ්වාසය. අවංක නොවූ, තර්කානුකූල ප්‍රශ්ණ පිලිබඳ ඇය කණගාටුවට පත්වූවාය. එහෙත් ඇය කිසිදිනෙක මාගේ ගැටළු නොසලකා හැරියේ නෑ. ඇය ඒ සියල්ලට ඇහුම්කන් දී, ඒවාට පිළිතුරු දෙන්නට උත්සහ කළාය. ඇය ඇයට කීමට ඇති සියල්ල පවසා එහෙත් මට තවත් ගැටළු තිබෙන බවට ඇයට හැගුණු විටදී ඇය මෙසේ පැවසුවාය, “ඩේවිඩ් ඒක හොද ප‍්‍රශ්නයක්. ඔයා මෙම ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට යාච්ඤා කරන හා කියවන හා සෙවීමේ යෙදෙන අතරම ඔයා කල යුතුදේ කර, නොකළ යුතුදේ නොකර සිටියහොත් හොදයි නොවේද?” සත්‍ය සෙවීමට මෙය මට රටාවක් සේ විය. කියවීම තුල හා, යාච්ඤාව තුළ නිරත වන අතර හා අණ පණත් රැකීම තුළින් මට මාගේ සියළු වැදගත් ප‍්‍රශ්න වලට පිළිතුරු ලැබිණි. එමෙන්ම ඇතැම් ප‍්‍රශ්න වලට අඛන්ඩ ඇදහිල්ලත්, ඉවසීමත්, සහ එළිදරව් වීමත් අවශ්‍ය බව මම සොයාගත්තෙමි.2

ගැටළු වලට පිළිතුරු සෙවීමට විශ්වාසයේ කටයුතු කිරීමේ වගකීම මගේ මව මට වටහා දුන්නාය. දෙවියන්වහන්සේට අවශ්‍ය ලෙසට මාගේ ගැටළු වලට පිලිතුරු ලැබෙන්නේ මටම බව ඇය දැන සිටියාය. මා සත්‍ය සොයාගත යුතු බවට ඇය දැන සිටියාය. මගේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගැනීමට නම් මා දැනටමත් “සත්‍ය” ලෙස දන්නා දෙය මත ක‍්‍රියා කිරීමට අවශ්‍ය බව ඇය දැන සිටියාය. මා අධ්‍යනය කල යුතු බවත්, යාච්ඤා කල යුතු බවත්, ස්වාමින්වහන්සේගෙන් පිළිතුරු සෙවීමේදී ඉවසීම වර්ධනය කර ගත යුතු බවත්, ඇය දැන සිටියාය. ඉවසීමෙන් සිටීමට ඇති කැමැත්ත, අපගේ සත්‍යය සෙවීමේ සහ ස්වාමින්වහන්සේ ඒවා එළිදරව් කිරීමේ රටාවේ කොටසකි.3

මට මාගේ මව කියා දෙන්නට උත්සාහ කලේ දෙවියන්වහන්සේගෙන් සත්‍ය අනාවරණය කරගැනීමේ රටාව බව, කාලයත් සමග මා හට වැටහිණි. ඇදහිල්ල වර්ධනය විණි, පිළිතුරු පැමිණෙන්නට විණි, මම මාගේ ධර්මදූත කැඳවීම පිළිගත්තෙමි.

ධර්මදුතයෙකු ලෙස ගත කල මුල් අවධියේදී, සභාවේ සත්‍යතාවයත්, ජෝසෆ් ස්මිත් සත්‍ය අනාගතවක්තෘවරයෙකුද යන්නත් මා දැනගැනීමට අවශ්‍ය බව මම දැනගත්තෙමි. සභාපති තෝමස් එස්. මොන්සන් අවසන් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී මෙසේ පැවසුවේය, “ඔබට ස්ථිර සාක්ෂියක් නොමැති නම්, ඒ සඳහා කළ යුතු දේ කරන්න. මෙම අසීරු කාලයේදී ඔබට ඔබගේම සාක්ෂියක් තිබීම ඉතා වැදගත්ය, මන්ද අන් අයගේ සාක්ෂිය ඔබ ඔසවා යන්නේ යම් දුරක් පමණි.”4 කුමක් කල යුතු දැයි මම දැනගත්තෙමි. මා මෝර්මන් ග‍්‍රන්ථය සැබෑ සිතකින් හා පිවිතුරු චේතනාවකින් කියවා, දෙවියන්වහන්සේගෙන් එහි සත්‍යතාවය විමසිය යුතු බවට මට වැටහුණි.

අනාගතවක්තෘ මොරෝනි තුලින් දෙවියන්වහන්සේ අපට අනාවරණය කරන අනර්ඝ පොරොන්දුව දෙස බලන්න: “තවද නුඹලා මෙම දේවල් ලබාගන්නා විට, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවිවූ සදාතනික පියාණන්වහන්සේගෙන් මෙම දේවල් සත්‍ය නොවේ දැයි අසන්න යැයි, මම නුඹලාට අවවාද කරන්නෙමි. තවද නුඹලා අවංක හදවතකින් යුතුව, සැබෑ අරමුණකින්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ඇතිව අසන්නේ නම්, උන්වහන්සේ නුඹලා හට ශුද්ධාත්මයාණන්ගේ බලය මගින්, එහි සත්‍ය ප්‍රකාශ කරන සේක.”5

මෝර්මන් පොතේ තිබෙන දේ ලැබෙන්නට නම්, මම එය කියවිය යුතුය. මම පොතේ ආරම්භයේ සිට සෑම දිනකම කියවීමට පටන්ගත්තෙමි. ඇතැමුන්ට සාක්ෂිය ඉක්මනින් ලැබෙයි. ඇතමෙක්ට බොහෝ කාලයක්, බොහෝ යාච්ඤාවන් හා ඇතැම් විට පොත නැවත වාරයක් කියවීමටද වෙයි. එම පොරොන්දු වූ සාක්ෂිය මට ලැබීමට පෙර මම මුළු පොතම කියවීම අවශ්‍ය වී තිබිණි. කෙසේ වුනත් දෙවියන්වහන්සේ ශූද්ධාත්මයාණන්වහන්සේ තුළින් මා හට එම සාක්ෂිය ලබාදුන් සේක.

සත්‍ය දැනගැනීමේ ප‍්‍රීතියත් සහ මගේ පුද්ගලික කැපවීමත් මා හට හෙලිදරව් වු සත්‍ය මත ක‍්‍රියාකිරීමත් පිළිබඳව මාගේ ධර්මදූත දින පොතෙහි මා මෙසේ විස්තර කර ඇත, “මට පුළුවන් උපරිමයෙන් කිරීමට හැකිවන ලෙස මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් සහ මාගෙන් මම අයදිමි, මාගේ සියයට සියයම දෙන්නට මා හැකි පරිශ‍්‍රමයක් දරමි, මාගෙන් බලාපොරොත්තුවන ඕනෑම දෙයක් මම කරමි, නමුත් මාගේ ධර්මදූත සේවයේ ඉතිරිය ඇත මට අඩුවක් නොදැනෙන ලෙස මම මෙය ඉතා විශිෂ්ට ධර්මදූත සේවයක් ලෙස ඉටුකරමි, ඒ මා වෙනුවෙන් නොව, ස්වාමින්වහන්සේ වෙනුවෙනි. මම ස්වාමීන්වහන්සේට ප්‍රේම කරමි, මම මේ සේවයට ප්‍රේම කරමි, මෙම සිතුවිල්ල කිසිදා මාගෙන් ඉවත් නොවන ලෙස මම යාච්ඤා කරමි.”

නිරතුරු පෝෂණයෙන් එනම් පව් සමාව කරගැනීම තුළින් හා අණපණත් රකිමින් සිටින විට එම හැඟීම පහව නොයන බවට මම ඉගෙනගත්තෙමි. සභාපති මොන්සන් මෙසේ පැවසුවේය, “දෙවියන්වහන්සේගේ අණපනත් කෙරෙහි අඛන්ඩ කිකරුකමින් සහ දිනපතා යාච්ඤා සහ ශුද්ධ ලියවිලි අධ්‍යනයෙන් සාක්ෂියක් වැදගත්ව හා ක්‍රියාකාරී ලෙස තැබිය යුතුය.”6

මේ වසර කීපය ඇතුලත මම ධර්මදුතවරුන්ගෙන් හා ලොව සමතැන සිටින තරුණ පිරිස්ගෙන්, ඔවුන් ඔවුන්ගේම සාක්ෂියත් ගොඩනගා ගැනීමට වෙර දරා ඇති පරිශ‍්‍රම මොනවාද කියා විමසා ඇත්තෙමි. ඔවුන්ගේ පිලිතුර වුයේ මෝර්මන් පොත කියවීමට ඔවුන් විසින්ම ඔවුන් දැරු පරිශ‍්‍රමය පිළිබඳවය. ආරම්භයේ සිටම එය කියවා දෙවියන්වහන්සේගෙන් එහි සත්‍යතාව විමසා ඔවුන් තම තමන්ගේ පෞද්ගලික සාක්ෂිය ලබා ඇත. මෙය කිරීම තුලින් ඔවුන් අනුන්ගේ විශ්වාස හෝ අවිනිශ්චිත භාවයන් මත “ක‍්‍රියාත්මක වීම”7 වෙනුවට, “ක්‍රියාකිරීමට” තෝරාගෙන ඇත.

සත්‍ය දැන ගැනීමට නම්, අප ශුභාරංචිය තුල ජීවත් විය යුතුය8 සහ එම වචන මත “අත්හදා බැලිය”9 යුතුය. අප ස්වාමීන්වහන්සේගේ ආත්මය නොවැලැක්විය යුතුය.10 පව් සමාව හා අධිෂ්ඨානය මුසුව අණපණත් පිලිපැදීම, “සත්‍ය සොයා ගැනීමේ” විශේෂ කොටසකි.11 එනම්, අපට සත්‍ය දැනගැනීමට අවශ්‍ය නම්, අපගේ සියළුම පව් අත්හැරදමන්නට සිදුවෙයි.12

අපට අණ කර ඇත්තේ “ඉගෙන ගැනීම සොයන්න, අධ්‍යනය කිරීම තුලින් හා විශ්වාසයෙන්” හා “ඉගෙන ගන්නා හොදම ඥානයේ පොත්වලින්.”13 අපගේ සත්‍ය සෙවීම යොමුව තිබෙන්නට අවශ්‍ය වී ඇත්තේ මෙම “හොඳම පොත් ” සහ හොඳම මූලාශ්‍ර වලිනි. එම හොදම පොත් අතර වන්නේ ශූද්ධ ලියවිලි හා වත්මන් අනාගතවක්තෘවරයාගේ වචනයි.

සභාපති මොන්සන් ශක්තිමත් සාක්ෂියක් ලබා ගැනීමට “නිසි දේ කරන ලෙසට” අපගෙන් මෙසේ ඉල්ලා සිටින්නේය.14 ඔබගේ සාක්ෂිය ගැඹුරු කරගැනීමට ශක්තිමත් කරගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද? අවශ්‍ය දේ කර ශක්තිමත් සාක්ෂියක් ලබා ගැනීම අප සැමගේම පෞද්ගලික වගකීමකි.

ස්වාමින්වහන්සේගෙන් පිළිතුරු ලබාගැනීමට, ඉවසීමෙන් පොරොන්දු රකිමින්, කළ යුතු දෙය කිරීම, සත්‍ය ඉගෙනගැනීමේදී, දෙවියන්වහන්සේගේ රටාවය. විශේෂයෙන්ම අපගේ අසීරු කාලවලදී අපට “සන්තෝෂයෙන් යුක්තව, බලාපොරොත්තුවෙන් හා ඉවසීමෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුවන තෙක් සිටින්නට සිදුවෙයි.”15 ඉවසිලිවන්තව පොරොන්දු රැකීම තුළින් අපගේ නිහතමානී බව වර්ධනය වෙයි, සත්‍ය දැන ගැනීමට අභිරුචිය වැඩි වෙයි සහ එය තුළින් අප ශූද්ධාත්මයාණන් අපට නිසි මහ ගෙනයන්නට අප ඉඩ දෙයි, එමගින් ආශිර්වාදිත වෙයි, වැඩිදියුණු වෙයි, සහ ආරක්‍ෂිත වෙයි.16

මාගේ බිරිඳ, මේරි සහ මම දන්නා අපට ඉතාම සමීප පුද්ගලයෙකු සිටී. ඇය සභාවේ ඇතැම් දේවල් වලදී ඇයගේ ජීවිතයත් සමග අරගල කරමින්, පරිශ‍්‍රමයන් දරා රැදී සිටින්නෙකි. ඇය ශුභාරංචියට ප්‍රේම කරයි, ඇය සභාවට ප්‍රේම කරයි, නමුත් තවමත් ඇයට ප්‍රශ්ණ ඇත. ඇය දේවමාළිගාවේ මුද්‍රා තබා, සභාවේ සක්‍රීය, කැදවීම් ඉෂ්ඨ කරන, ආදරණීය මවකි හා භාර්යාවකි. වසර ගණනාවක්ම ඇය කල යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් ඇය සිටියාය. ඇය තමන් වු පොරොන්දු රකිමින් සෙවීම ආරම්භ කලාය. ඇතැම් විට අන් අයගේ විශ්වාසය මත ඇයට රැදීමට හැකිවිම පිළිබඳව ඇය ස්තූතිවන්ත වුවාය.

මෑතකදී ඇයගේ සභානායක හට ඇයව හා ඇගේ ස්වාමිපුරුෂයාව මුණ ගැසීමට අවශ්‍ය බවට පැවසුවේය. ඔහු කියා සිටියේ දේවමාළිගාවේ පැවරුමක් ඔවුන්ට ඇති බවය, එනම් දේවමාළිගාවේ ඇතැම් අණ පණත් ඉටු කිරීමට ඔවුන් දෙදෙනා ඊට නියෝජනය කරන ලෙසටය. මෙම කැඳවිම ඔවුන්ව පුදුමයට පත් කරවන්නක් විය. එහෙත් එම කැඳවීම භාරගෙන දේවමාළිගාවේ සේවය කිරීමට ඔවුන් පටන් ගත්තෝය. ඔවුන්ගේ තරුණ පුතා ඒ ආසන්න කාලයේදීම පවුල් ඉතිහාසය සෙවීම සඳහා යොමුව සිටියේය. ඒ අතර දේවමාළිගාව තුළ ආඥා සම්පුර්ණ කර නොමැති එක් පවුලක් ඔහුට හමුවිය. මෙම පවුල වෙනුවෙන් නියෝජනය වී ඔවුන් වෙනුවට මොවුන් එම ආඥා ඉටු කලෝය. ඔවුන් අල්තාරය මත දණගසා සිටින අතර එම මුද්‍රා තැබීමේ කටයුතු කරන විටදී, ඉතාමත් ඉවසිලිවන්තව, මත ගැටළු වලට පිළිතුරු සෙවු එම කාන්තාවට ශූද්ධාත්මයාණන් තුළින් සාක්ෂියක් දැරීමට හැකිවිය. දේවමාළිගයේ ඉටු කරන්නා වු ශූද්ධ වු ආඥාවල සත්‍යතාවය පිළිබඳව ඇය ඇයගේ මව අමතා මෙම අත්දැකීම බෙදාගත්තාය. ඇයට තවත් ගැටළු තිබුණද ඇයට සාක්ෂියක් ලැබුණි. දේවමාළිගාව හා එම ආඥාවල ඇති සත්‍යතාව පිලිබඳව ඇයගේ මව සතුටට හැඬු අතර සහ ඇයගේ ඉවසිලිවන්ත දියණිය ගැන දෙවියන්වහන්සේට ස්තුති කලාය.

අප ඉවසිලිවන්තව පොරොන්දු ඉටුකරන විට අපගේ ජිවිත වලට ස්වර්ගයෙන් ආශිර්වාද ලැබෙයි.17

“ශූද්ධත්මයාණන්ගේ බලය තුළින් ඔබ සියළු සත්‍යයන්ම දැනගනිවි”18 යන දෙවියන්වහන්සේ අපට වී ඇති පොරොන්දුව මත මට ලොකු සහනයක් ලැබී තිබේ. සියල්ලක්ම පිලිබඳ දැනගැනීමට අවශ්‍යතාවයක් නැතිවම අපට සත්‍ය වටහාගන්නට පුළුවන්. අපට දැනගන්නට පුළුවන් මෝර්මන් පොත සත්‍යයක්ද බව. ඇත්ත වශයෙන්ම, මෙම දහවලේදී සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ පරිදි, “මෝර්මන් පොත ඉතාම පැහැදිලි ලෙස දෙවියන්වහන්සේගේ වචනය බව, අපගේ හදවත් තුල ගැඹුරින් දැනගැනීමට” [ඇල්මා13:27 බලන්න], අපට හැකිය. අපට එක දිනක්වත් එය නොමැතිව ගතකිරීමට නොහැකි වන ලෙස ගැඹුරින් අපට එය දැනෙන්නට පුළුවන.19

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන් බව, ඔහු අපට ප්‍රේම කරන බව හා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බවට, අපට දැනගන්නට පුළුවන. සභාවේ සාමාජිකත්වය තුළින් හා සක‍්‍රමේන්තුව ලබා ගැනීම තුළින් අපගේ පවුල ආරක්ෂිත බවට, අපට දැනගන්නට පුළුවන. දේවමාළිගාවේ ආඥා ඉටු කිරීමෙන් අපට සදාකාලිකවම එක පවුලක් ලෙසට සිටිය හැකි බවට, අපට දැනගන්නට පුළුවන. යේසුස්වහන්සේගේ වන්දි ගෙවීම තුළින් අපට පව් සමා කර ගත හැකි බවටත් එමගින් අපට සුවය අත් වී ආශිර්වාද ලබා ගැනීමට හැකි බවට, අපට දැනගන්නට පුළුවන. අපගේ ආදරණීය සභාපති තෝමස් එස්. මොන්සන් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බවත්, සහ ඔහුගේ උපදේශකයන් හා දොළොස්දෙනාගේ ඝණපූර්නයේ ප්‍රේරිතවරුන්, අනාගතවකෘවරුන් හා හෙළිදරව් කරන්නන් යන බවත් අපට දැනගැනීමට පුළුවන.

මේ සියල්ල සත්‍ය බවට මම සාක්ෂි දරමි. මම මාගේ සාක්ෂිය දරන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.