ශුද්ධලියවිලි
මෝසෙස් 6


6 වෙනි පරිච්ඡේදය

(නොවැම්බර්–දෙසැම්බර් 1830)

ආදම්ගේ වංශය සිහිකිරීමේ පොතක් තබයි—ඔහුගේ ධර්මිෂ්ඨ පරම්පරාව පසුතැවීම දේශනා කරයි—දෙවියන්වහන්සේ තමන්වහන්සේව ඒනොක්ට එළිදරව් කරයි—ඒනොක් ශුභාරංචිය දේශනා කරයි—ගැලවීමේ සැලැස්ම ආදම්ට එළිදරව් කරනු ලැබෙයි—ඔහු බව්තීස්මය සහ පූජකවරය ලබාගනියි.

1 තවද ආදම් දෙවියන්වහන්සේගේ හඬට උවමනාවෙන් ඇහුම්කන් දී, තවද ඔහුගේ පුත්‍රයින්ට පසුතැවීමට කීවේය.

2 තවද ආදම් නැවත ඔහුගේ භාර්යාවව හැඳින්නේය, තවද ඇය පුත්‍රයෙකු බිහිකළාය, තවද ඔහු ඔහුගේ නම සෙත් ලෙස තැබුවේය. තවද ආදම් දෙවියන්වහන්සේගේ නාමය මහිමවත් කළේය; මක්නිසාද ඔහු මෙසේ කීවේය: කායින් විසින් මැරූ ආබෙල් වෙනුවට, දෙවියන්වහන්සේ මට වෙනත් වංශයක් ලබාදුන් සේක.

3 තවද දෙවියන්වහන්සේ සෙත්ට තමන්වහන්සේව එළිදරව් කළ සේක, තවද ඔහු කැරළිගැසුවේ නැත, එහෙත් ඔහුගේ සහෝදරයා වූ ආබෙල් මෙන් පිළිගත හැකි පූජාවක් ඔප්පු කළේය. තවද ඔහුටද පුත්‍රයෙක් ඉපදින, තවද ඔහු ඔහුගේ නම ඒනොෂ් ලෙස තැබුවේය.

4 තවද ඉන්පසු මෙම මනුෂ්‍යයෝ ස්වාමින්වහන්සේගේ නාමය කෙරෙහි හඬනැගීමට පටන්ගත්තෙන්, තවද ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ සේක;

5 තවද සිහිකිරීමේ පොතක් තබාගෙන තිබූ අතර, එහි ආදම්ගේ භාෂාවෙන්, වාර්තා තබන ලදි, මක්නිසාද දෙවියන්වහන්සේට හඬනැගූ සියල්ලන්ටම ආනුභාවයේ ආත්මයෙන් යුතුව එහි ලිවීම සඳහා එය ලබාදී තිබුණි;

6 තවද ඔවුන් විසින් ඔවුන්ගේ දරුවන්ට කියවීමට සහ ලිවීමට උගන්වන ලදි, එහි තිබුනේ සුපිරිසිඳු සහ අදුශ්‍ය භාෂාවක් ය.

7 දැන් ආරම්භයේ පටන්ම තිබූ, මෙම පූජකවරයම, ලෝකයේ අවසානය දක්වාමද තිබෙන්නේය.

8 දැන් ආදම් ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම මගින්, කතා කළ මෙම අනාවැකිය, සහ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ පෙළපත් වාර්තාවක් තබන ලදි. තවද මෙය ආදම්ගේ පරම්පරාවන්ගේ පොතයි, එහි මෙසේ කියවේ: දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දිනයේ, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සමානත්වයෙන් ඔහුව සෑදූ සේක;

9 උන්වහන්සේගේ ශරීරයේ ප්‍රතිරූපයෙන්, පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කොට, උන්වහන්සේ ඔවුන් මවා, තවද ඔවුන්ට ආශිර්වාද කර, තවද ඔවුන් මවනු ලැබූ දවසේ සහ ඔවුන් දෙවියන්වහන්සේගේ පා පුටුව වූ දේශයේ ජීවමාන ප්‍රාණයන් බවට පත්වූ දවසේදී, ආදම් යන නාමය ඔවුන්ට තැබූ සේක.

10 තවද ආදම් අවුරුදු එකසිය-තිහක් ජීවත් වී, තවද ඔහුගේම සමානත්වයෙන් සහ ඔහුගේම ස්වරූපය මෙන්, ඔහුට දාව ප්‍රත්‍රයෙකු ලබා, තවද ඔහුගේ නම සෙත් යයි තැබීය.

11 තවද ඔහුට දාව සෙත් ඉපදීමෙන් පසුව, ආදම්ගේ දවස්, අවුරුදු අටසියයක් විය, තවද ඔහුට දාව බොහෝ පුත්‍රයෝද දූවරුද උපන්නෝය;

12 තවද ආදම් ජීවත් වුණු සියලු දවස් නවසිය-තිස් අවුරුද්දක් ය, තවද ඔහු මරණයට පත්විය.

13 සෙත් එකසිය-පස් අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව ඒනොෂ් උපන්නේය, තවද ඔහුගේ සියලුම දවස්වලදී අනාවැකි කියමින්, තවද ඔහුගේ පුත්‍ර ඒනොෂ්ට දෙවියන්වහන්සේගේ මාර්ග ඉගැන්වීය; එසේහෙයින් ඒනොෂ්ද අනාවැකි කීවේය.

14 තවද ඔහුට දාව ඒනොෂ් ඉපදෙවු පසු, සෙත් අටසිය-සත් අවුරුද්දක් ජීවත් විය, තවද ඔහුට දාව බොහෝ පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

15 තවද මුලු දේශයම මතුපිට මනුෂ්‍ය පුත්‍රයන් බොහෝ විය. තවද එම දවස්වලදී සාතන්ට මනුෂ්‍යයන් අතර විශාල ආධිපත්‍යයක් තිබීමෙන්, තවද ඔවුන්ගේ හදවත් ප්‍රකෝප කළේය; තවද එතැන් සිට යුද්ධ සහ ලේ වැගිරීම් ඇතිවිය; තවද බලය සෙවීමේ අරමුණින් සිදුවූ රහසිගත ක්‍රියාවන් නිසා, මනුෂ්‍යයාගේ අත ඔහුගේ සහෝදරයාට විරුද්ධව එසවී, මරණය සිදුවිය.

16 සෙත්ගේ සියලු දවස් නවසිය-දොළොස් අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

17 තවද ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව කේනාන් උපන්නේය. තවද ඒනොෂ් සහ දෙවියන්වහන්සේගේ ඉතිරි ජනයා, ෂුලෝන් නමින් හැඳින්වූ, එම දේශයෙන් පිටතට පැමිණ, පොරොන්දු දේශයක ජීවත් වූහ, ඔහු එය ඔහු විසින් කේනාන් ලෙස හැඳින්වූ ඔහුගේම පුත්‍රයාගේ නාමයෙන් හැඳින්වූයේය.

18 තවද ඒනොෂ්, ඔහුට දාව කේනාන්ගේ උපතින් පසුව, අටසිය-පසළොස් අවුරුද්දක් ජීවත් විය, තවද ඔහුට දාව බොහෝ පුත්‍රයෝද දූවරුද උපන්නෝය. තවද ඒනොෂ්ගේ සියලු දවස් නවසිය-පස් අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

19 තවද කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව මහලලෙල් උපනේය; තවද ඔහුට දාව මහලලෙල්ගේ උපතින් පසුව කේනාන් අටසිය-සතලිස් අවුරුද්දක් ජීවත් වුණේය, තවද ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. තවද කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

20 තවද මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව යරෙද් උපන්නේය; තවද මහලලෙල්ට දාව යරෙද්ගේ උපතින් පසු ඔහු අටසිය-තිස් අවුරුද්දක් ජීවත් විය, තවද ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. තවද මහලලෙල්ගේ සියලු දවස් අටසිය-අනූපස් අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

21 තවද යරෙද් එකසිය-සැට දෑවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව ඒනොක් උපන්නේය; තවද යරෙද්ට දාව ඒනොක්ගේ උපතින් පසු ඔහු අටසිය අවුරුද්දක් ජීවත් විය, තවද ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. තවද යරෙද් ඒනොක් හට දෙවියන්වහන්සේගේ සියලු මාර්ග ඉගැන්වීය.

22 තවද මෙය දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ආදම්ගේ පුත්‍රයන්ගේ පෙළපතය, ඔහු සමඟ දෙවියන්වහන්සේ කතා කළ සේක.

23 තවද ඔවුහු ධර්මිෂ්ඨ බවේ දේශකයන් වූහ, තවද කතා කරමින් තවද අනාවැකි කියමින්, සෑමතැනකම සියලු මනුෂ්‍යයන් හට පසුතැවීමට හඬගැසූහ; තවද මනුෂ්‍ය දරුවන් හට ඇදහිල්ල ඉගැන්වූහ.

24 තවද එය මෙසේ සිදුවිය එනම් යරෙද්ගේ සියලු දවස් නවසිය-සැට දෑවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

25 තවද ඒනොක් සැට-පස් අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව මෙතුසෙලා උපන්නේය.

26 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් ජනතාව අතර, දේශයේ ගමන් කළේය; තවද ඔහු ගමන් කරන අතරතුර, දෙවියන්වහන්සේගේ ආත්මය ස්වර්ගයෙන් පහතට පැමිණ, ඔහු සමඟ පැවතියේය.

27 තවද ඔහුට ස්වර්ගයෙන් හඬක් ඇසිණ, එය මෙසේ පැවසුවේය: ඒනොක්, මාගේ පුත්‍රය, මේ ජනතාව හට අනාවැකි කියමින්, තවද ඔවුන්ට—පසුතැවීමට කියව, මක්නිසාද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම මෙම ජනතාව සමඟ කෝපව ඇත්තෙමි, තවද මාගේ බිහිසුනු කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිලෙන්නේය; මක්නිසාද ඔවුන්ගේ හදවත් දැඩි වී ඇත්තේය, තවද ඔවුන්ගේ කන් ඇසීම දුර්වලය, තවද ඔවුන්ගේ ඇස්වලින් දුර බැලීමට නොහැකිය;

28 තවද මෙම බොහෝ පරම්පරාවන්, මා ඔවුන්ව මැවූ දිනයේ පටන්ම, ඔවුහු නොමග ගොස් ඇත, තවද මා ප්‍රතික්ෂේප කොට ඇත, තවද ඔවුහු ඔවුන්ගේ උපදෙස් අන්ධකාරය තුළින් සොයා ඇත; තවද ඔවුන්ගේම ස්වකීය පිළිකුල් ක්‍රියා තුළින් ඔවුහු උපක්‍රමික මිනීමැරුම් කර ඇත, තවද මා විසින් ඔවුන්ගේ පියා වූ ආදම් හට දුන් ආඥා පවත්වා නැත.

29 එසේහෙයින්, ඔවුන් ඔවුන් මතම බොරුවට දිවුරා ඇත, තවද, ඔවුන්ගේ දිව්රුම් මගින්, ඔවුන් විසින්ම ඔවුන් මත මරණය රැගෙන විත් ඇත; තවද ඔවුන් පසුතැවෙන්නේ නැති නම්, මම ඔවුන් වෙනුවෙන් නිරයක් සූදානම් කර ඇත්තෙමි;

30 තවද මෙය නියෝගයකි, මා එය, මාගේම මුඛයෙන්ද, තවද නුඹලාගේ පියවරුන් වූ, මාගේ සේවකයන්ගේ මුඛයන්ගෙන්ද, ලෝකයේ ආරම්භයේ සිටම, එහි අත්තිවාරමේ සිටම, ස්ථාපිත කර ඇත්තෙමි, එය ලෝකය තුළින් එහි අන්තයන් දක්වා වුවත් යැවිය යුතු ලෙස, මම එය නියෝග කර ඇත්තෙමි.

31 තවද ඒනොක් මෙම වචන ඇසූ විට, ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ, තමාවම පොළොවට නැමී, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ කතාකරමින්, මෙසේ කීවේය: මා ඔබවහන්සේ ඉදිරියේ අනුග‍්‍රහය ලබන්නේ මක්නිසාද, තවද මම ගැටවරයෙක් පමණි, තවද සියලුම ජනතාව මා එපා කරති; මක්නිසාද මා කතා කිරීමට දුර්වලයෙකි; එබැවින් මා ඔබේ සේවකයෙක්ද?

32 තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: ඉදිරියට ගොස් මා නුඹට ආඥා කළ ලෙස කරපන්න, තවද කිසිවෙක් නුඹට යමකින් අනින්නේ නැත. නුඹගේ මුඛය ඇරපන්න, තවද එය පුරවනු ලබන්නේය, තවද මම නුඹට කතා කළ යුතු දේ ලබාදෙන්නෙමි, මක්නිසාද සියලු මාංශය මාගේ හස්තයේ ඇත්තේය, තවද මට යහපත් ලෙස පෙනෙන දේ මම කරන්නෙමි.

33 මෙම ජනතාවට මෙසේ කියපන්න: නුඹව සෑදූ ස්වාමින් වන දෙවියන්වහන්සේට සේවය කිරීමට, නුඹලා අදම තෝරාගනින්න.

34 බලන්න මාගේ ආත්මය නුඹ මතය, එසේහෙයින් නුඹගේ සියලු වචන මම ස්ථිර කරන්නෙමි; තවද නුඹ ඉදිරියේ කඳු පලා යනු ඇත, තවද ගංගා වෙන මගක් ගනු ඇත; තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න.

35 තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට කතාකරමින්, තවද ඔහුට මෙසේ කී සේක: නුඹේ ඇස් මඩවලින් ආලේප කර, ඒවා සෝදා හැරපන්න, තවද නුඹ දකිනු ඇත. තවද ඔහු එසේ කළේය.

36 තවද ඔහු දෙවියන්වහන්සේ මැවූ ආත්මයන් දුටුවේය; තවද ස්වභාවික ඇසට නොපෙනෙන දේවල්ද ඔහු දුටුවේය; තවද එතැන් සිට දේශය තුළ මෙලෙස බොහෝ ප්‍රකාශ ඇතිවිය: ස්වාමින්වහන්සේ මෙම ජනතාව හට අනාගතය දකින්නෙකු නැගිටුවා ඇති සේක.

37 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් දේශයේ, ජනතාව අතර, ඉදිරියට ගියේය, කඳු මත සහ උස් ස්ථානයන්හි සිටගනිමින්, ඔහු මහත් හඬකින් කෑගසමින්, ඔවුන්ගේ ක්‍රියාවලට විරුද්ධව සාක්ෂි දැරීය; තවද සියලු මනුෂ්‍යයෝ ඔහු නිසා අමනාපයට පත්වූහ.

38 තවද ඔවුහු කූඩාරම් රැකවලුන්ට මෙසේ කියමින්, ඔහුට සවන්දීම සඳහා උස් ස්ථානවලට ගියෝය: නුඹලා මෙහි සිටිමින් කූඩාරම් රැකවල් කරපල්ලා, අපි අනාගතය දකින්නා බැලීමට එහි යන්නෙමු, මක්නිසාද ඔහු දිවැසි කියන්නේය, තවද එසේම දේශයේ අමුතු දෙයක් ඇත; වෙනස් ගති ඇති මිනිසෙක් අප අතරට පැමිණ ඇත.

39 තවද එය මෙසේ සිදුවිය එනම් ඔවුන් ඔහුට සවන්දුන් විට, කිසිවෙක් ඔහුට අත නොතැබූහ; මක්නිසාද ඔහුට සවන්දුන් සියල්ලන් පිටම බිය පැමිණියේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ ඇවිද ගියේය.

40 තවද මහිජා නැමති මිනිසෙක් ඔහු වෙතට පැමිණ, තවද ඔහුට මෙසේ කීවේය: නුඹ කවරෙක්ද, එසේම නුඹ එන්නේ කොහේ සිට දැයි, අපට පැහැදිලිව කියාපන්න?

41 තවද ඔහු ඔවුන්ට මෙසේ කීවේය: මා පැමිණියේ කේනාන් දේශයේ සිටය, එය මාගේ පියවරැන්ගේ දේශයය, මේ දිනය දක්වාම තිබෙන ධර්මිෂ්ඨ දේශයක් ය. තවද මාගේ පියා දෙවියන්වහන්සේගේ සියලු මාර්ග මට ඉගැන්වීය.

42 තවද එය මෙසේ සිදුවිය, මා කේනාන් දේශයේ සිට ගමන්කරන විට, නැගෙනහිර මුහුද සමීපයේදී, මම දර්ශනයක් දුටුවෙමි; තවද බලව, මම ස්වර්ගය දුටුවෙමි, තවද ස්වාමින්වහන්සේ මා සමඟ කතාකරමින්, තවද මට ආඥාවක් දුන්සේක; එසේහෙයින්, මේ කාරණයේදී, එම ආඥාව තැබීම පිණිස, මම මේ වචන කතා කරන්නෙමි.

43 තවද ඒනොක් තවදුරටත් සිය කතාව කරමින්, මෙසේ කීවේය: මා සමඟ කතා කළ ස්වාමින්වහන්සේ, උන්වහන්සේ ස්වර්ගයේ දෙවියන්වහන්සේය, තවද උන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේය, තවද නුඹලාගේද දෙවියන්වහන්සේය, තවද නුඹලා මාගේ සහෝදරයෝය, තවද නුඹලා නුඹලාම අතර සාකච්ඡා කරමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ මක්නිසාද?

44 අහස සෑදුවේ උන්වහන්සේය; පොළොව උන්වහන්සේගේ පා පුටුවය; තවද එහි අත්තිවාරම උන්වහන්සේගේය. බලන්න, උන්වහන්සේ එය නිර්මාණය කළ සේක, උන්වහන්සේ එහි මුහුණත මත මනුෂ්‍ය සේනාවක් තැබූ සේක.

45 තවද අපගේ පියවරුන් මත මරණය පැමිණ ඇත්තේය; එසේවුවද අපි ඔවුන්ව හඳුනමු, තවද එය ප්‍රතික්ෂේප කළ නොහැක, තවද සිල්ලන්ටම පළමුවැන්නා වූ, ආදම්ව පවා, අපි දන්නෙමු.

46 ස්වාමින්වහන්සේ විසින් ඇඟිල්ලෙන් ලියා එළිදරව් කළ ආකාරයට අනුව, සිහිකිරීමේ පොතක් අප අතර අප විසින් ලියා ඇත; තවද එය අපගේම භාෂාවෙන් ලබාදී ඇත.

47 තවද ඒනොක් දෙවියන්වහන්සේගේ වචන කතා කළ විට, ජනතාව වෙව්ලූ අතර, තවද ඔහුගේ අභිමුඛය දරාගත නොහැකි විය.

48 තවද ඔහු ඔවුන්ට මෙසේ කීවේය: ආදම් වැටුණු නිසා, අපද වැටී සිටින්නෙමු; තවද ඔහුගේ වැටීමෙන් මරණය පැමිණියේය; තවද අපි කාලකණ්නිකමේ සහ විපතේ පංගුකාරයන් බවට පත්වුණෙමු.

49 බලන්න සාතන් මනුෂ්‍ය දරුවන් අතරට පැමිණ, ඔහුට නමස්කාර කිරීමට ඔවුන්ව පොළඹවන්නේය; තවද මනුෂ්‍යයින් ලෞකික, කාමුක, සහ යක්ෂාකාරබවට පත්වී, ඔවුන්ව දේව සම්මුඛයෙන් පිටතට දමන ලදි.

50 එහෙත් සියලුම මනුෂ්‍යයින් පසුතැවිලි විය යුතු බව දෙවියන්වහන්සේ අපගේ පියවරුන්ට දැනගන්නට සැලැස්වූ සේක.

51 තවද උන්වහන්සේ අපගේ පළමු පියාවූ ආදම්ට උන්වහන්සේගේම හඬින් කතාකර, මෙසේ කී සේක: මම දෙවියන්වහන්සේ වෙමි; මම ලෝකය සහ මිනිසුන්ව ඔවුන් මාංශයෙන් යුතු වීමට පෙර මැවුවෙමි.

52 තවද උන්වහන්සේ ඔහුට මෙසේද කී සේක: නුඹ මා වෙතට හැරී, තවද මාගේ හඬට ඇහුම්කන් දී, තවද විශ්වාස කර, තවද නුඹගේ සියලුම වැරදිවලට පසුතැවිලි වී, තවද ස්වර්ගය යට ලබාදී තිබෙන එකම නම වන, කරුණාවෙන් සහ සත්‍යයෙන් පරිපූර්ණ වූ, මනුෂ්‍ය දරුවන් හට ගැලවීම ලබාදෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන, මාගේ ඒකතාතක පුත්‍රයාණන්ගේ නාමයෙන්, ජලයෙන් වුවත්, බව්තීස්ම වන්නේ නම්, නුඹට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබෙන්නේය, උන්වහන්සේගේ නාමයෙන් සියල්ල ඉල්ලන්න, තවද නුඹ කවරාකාර දෙයක් ඉල්ලන්නේද, එය නුඹට දෙනු ලබන්නේය.

53 තවද අපගේ පියා වූ ආදම් ස්වාමින්වහන්සේට කතා කර මෙසේ කීවේය: මිනිසුන් පසුතැවිලි වී, ජලයෙන් බව්තීස්ම විය යුත්තේ මක්නිසාද? තවද එවිට ස්වාමින්වහන්සේ ආදම් අමතා මෙසේ කී සේක: බලන්න ඒදන් උයනේදී මම නුඹේ වරදට සමාව දී ඇත්තෙමි.

54 මෙතැන් සිට ජනතාව අතර බොහෝ සේ මෙසේ කතාවනු ඇත, එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මූලික පාපයට වන්දිගෙවා ඇති බැවින්, දෙමාපියන්ගේ පාපවලට දරුවන්ගේ හිස්මත පිළිතුරු දිය යුතු නොවන්නේය, මක්නිසාද ඔවුන් ලෝකාරම්භයේ පටන්ම පාපයෙන් තොර වන්නෝය.

55 තවද ස්වාමින්වහන්සේ ආදම්ට කතා කරමින්, මෙසේ කී සේක: නුඹගේ දරුවන් කෙතරම් පාපයේ ගැලෙන්නේද. ඔවුන්ගේ වැඩීම ආරම්භ වන විට පවා, පාපය ඔවුන්ගේ හදවත්වල ගැලී තිබෙන අතර, තවද ඔවුන් තිත්ත රස විඳින්නේ, එනම් ඔවුන් යහපතෙහි විපාකය දැනගන්නා පිණිසය.

56 තවද යහපතින් නපුර දැනගැනීමට හැකියාව ඔවුන්ට දෙනු ලබන්නේය; එසේහෙයින් ඔවුහු ඔවුන් වෙතටම නියෝජිතයන් වන්නෝය, තවද මම නුඹ හට තවත් ව්‍යවස්ථාවක් සහ ආඥාවක් ලබාදී ඇත්තෙමි.

57 එසේහෙයින් නුඹේ දරුවන්ට එය උගන්වන්න, එනම් සෑම තැනකම සිටින සියලු මනුෂ්‍යයෝ, පසුතැවිලි විය යුතුමය, නැතහොත් ඔවුන්ට කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගත නොහැකිය, මක්නිසාද කිසිඳු අපවිත්‍ර දෙයකට එහි පැවතීමට, හෝ උන්වහන්සේ අභිමුඛයේ වාසය කිරීමට නොහැකිය; මක්නිසාද, ආදම්ගේ භාෂාවෙන් කියනවා නම්, ශුද්ධ බවේ මිනිසා යනු උන්වහන්සේගේ නාමයයි, තවද උන්වහන්සේගේ ඒකජාතකයාණන්ගේ නාමය වන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ය, නැතහොත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය, උන්වහන්සේ කාලයේ ආරම්භයේ සිට එන්නාවූ, ධර්මිෂ්ඨ විනිසුරුවාණන් ය.

58 එසේහෙයින් මේ දේවල් නුඹේ දරුවන්ට නිදහසේ ඉගැන්වීම පිණිස, මම නුඹට ආඥාවක් ලබාදෙන්නෙමි:

59 පාපයේ හේතුව නිසා වැටීම පැමිණෙන්නේය, වැටීම මගින් මරණය ගෙන එන්නේය, තවද නුඹ ජලය, සහ රුධිරය, සහ ආත්මය මගින්, මා විසින් සාදන ලද ලෝකය තුළ ඉපදී සිටින නිසා, තවද දූවිල්ලෙන් ජීවමාන ප්‍රාණයක් බවට පත්වූ නිසා, එසේහෙයින් නුඹලා ජලය මගින්ද, තවද ආත්මය මගින්ද ස්වර්ග රාජ්‍යය වෙතට නැවත ඉපදිය යුතුම වන්නේය, තවද රුධිරය මගින්, එනම් මාගේ ඒකජාතකයාණන්ගේ රුධිරය මගින් වුවත් පිරිසිඳු විය යුතු වන්නෝය; එනම් නුඹලා සියලු පාපයන්ගෙන් පාරිශුද්ධ වන පිණිසය, තවද මේ ලෝකයේද, තවද මතු පැමිණෙන ලෝකයේ සදාකාලික ජීවිතය තුළද, එමෙන්ම අමරණීය මහිමය තුළද, සදාකාල ජීවනයේ වචන භුක්ති විඳින පිණිසය;

60 මක්නිසාද ජලය මගින් නුඹලා ආඥා තබන්නෙහුය; ආත්මය මගින් නුඹලාව ධර්මිෂ්ඨ කොට, තවද රුධිරය මගින් නුඹලාව පාරිශුද්ධ කරනු ලබන්නෙහිය;

61 එසේහෙයින් එය දී තිබෙන්නේ නුඹ හා වාසය කිරීමටය; ඒ ස්වර්ගයේ වාර්තාවකි; සැනසිලිදායකයාණන්ය; අමරණීය මහිමයේ සමාදාන කාරණාවන්ය; සියල්ලේ සත්‍යයය; එය සියල්ල ප්‍රාණවත් කරයි, එය සියල්ල ජීවමාන කරයි; එය සියල්ල දන්නා අතර, ප්‍රඥාව, කරුණාව, සත්‍යය, සාධාරණය සහ විනිශ්චය අනුව එයට සියලු බලයද ඇත්තේය.

62 තවද දැන්, බලන්න, මම නුඹ හට කියමි: කාලයේ ආරම්භයේ පටන් එන, මාගේ ඒකජාතකයාණන්ගේ ලෙය තුළින් පැමිණෙන, සියලුම මනුෂ්‍යයන් සඳහා වන ගැලවීමේ සැලැස්ම මෙයයි.

63 තවද බලන්න, සියලුම දේවල එහි සමානත්වයන් ඇත, තවද සියලුම දේවල් මවා සහ සාදා තිබෙන්නේ මා ගැන සාක්ෂි දැරීම සඳහාය, ලෞකික දේවල් සහ ආත්මික දේවල් වන දෙවර්ගයමද; ඉහළ අහසේ තිබෙන දේවල්ද, පොළොව මත තිබෙන දේවල්ද, එසේම පොළොව තුළ තිබෙන දේවල්ද, පොළොව යට තිබෙන දේවල්ද, ඉහළ සහ පහළ යන දෙතැනම ඇති දේවල්ද: සියලු දේවල් මා ගැන සාක්ෂි දරන්නේය.

64 තවද එය මෙසේ සිදුවිය, ස්වාමින්වහන්සේ අපගේ පියා වන, ආදම් හා කතා කළ විට, ආදම් ස්වාමින්වහන්සේ වෙතට මොරගැසුවේය, තවද ඔහුව ස්වාමින්වහන්සේගේ ආත්මය මගින් ඉවතට ඔසවාගෙන ගොස්, ජලය තුළට ගෙන යනු ලැබ, ජලය යට වැතිරෙන්නට සලස්වා, තවද ජලයෙන් ඉහළට ගන්නා ලදි.

65 තවද මෙසේ ඔහුව බව්තීස්ම කරන ලදි, තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඔහු මතට පහළට බැස, තවද මෙසේ ඔහු ආත්මයෙන් ඉපදී, තවද අභ්‍යන්තර මනුෂ්‍යයාව ප්‍රාණවත් කරන ලදි.

66 තවද ස්වර්ගයෙන් මෙසේ කියන හඬක් ඔහුට ඇසිණ: නුඹව ගින්නෙන්ද, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන්ද බව්තීස්ම කර ඇත. මෙය මෙතැන් සිට සහ සදාකල්හිම පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත් වාර්තාව වන්නේය;

67 තවද නුඹ ආරම්භක දවස් හෝ අවාසන වර්ෂයන් හෝ නොමැති, සියලු සදාකාලයෙන් සියලු සදාකාලය දක්වා සිටින, උන්වහන්සේගේ පිළිවෙල අනුව වන්නේය.

68 බලන්න, නුඹ මා තුළ ඒකත්වයකි, දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකි; තවද මෙසේ සියල්ලෝම මාගේ පුත්‍රයන් වන්නෝය. ආමෙන්.