2010–2019
උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු ඉක්මවා
2017 ඔක්තෝම්බර්


උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු ඉක්මවා

ස්වර්ගික පියාණන්වහන්සේගේ ඉතා වටිනා ප්‍රීතියේ සැලැස්මෙහි, මූලධර්ම, වත් පිළිවෙත්, ගිවිසුම් ඇතුලත් වෙයි, උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දුවලින් එපිට දිව්‍යමය ස්වාභාවයේ කොටස්කරුවන් වීමට අපට පුලුවන් වේ.

අපට මුහුණපාන්නට සිදු වී ඇති විශාල අභියෝගයක් වන්නේ, ලෝකයේ බලපෑම් වලට අපගේ කාලයත් ශක්තියත් යොදමින් වඩා වැඩි වටිනාකමක් ඇති, අපගේ සදාතනික අරමුණ කෙරෙහි නොසලකා හැරීමයි.1 අපට ඉතා ඉක්මනින් වෙනතකට යොමු වන්නට පුළුවන්, අපගේ වැදගත් ආත්මික ප‍්‍රමුඛතා වලින් හා වගකීම් වලින් අපගේ කාර්යබහුල කාල සටහන නිසා. ඇතැම් විට අප ඉතා වේගයෙන් දුවයි. අප මේ දුවන කාරණය කුමක් නිසාද හෝ දුවන්නේ කොහෙද යන්න වත් මතක් කිරීමට, එම වේගය වැඩිකමට අපට අමතක වී යයි.

ප්රේරිතවර පේදුරු අපට මෙසේ මතක් කර දුන්නේය, යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අපට “උන්වහන්සේගේ ප්‍රේමණීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා දේවත්වයට, අදාලවන සියළු දේ අපට දී ඇත, උන්වහන්සේගේ මහත් වූ දැනුමෙන් මහිමය හා යහපත් ගුණධර්ම කෙරෙහි අපට හඬගසා ඇත:

“මෙලෙස උන්වහන්සේ ඉතා අගනා අති උතුම් පොරොන්දු: අපට දානය කර ඇත. එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ ඇති දූෂ්‍යයකමින් ඔබ ගැලවී දේවස්වභාවයට පංගුකාරයන් වනු පිණිසය.”2

මාගේ පණිවිඩයෙන් මා වඩා ඉස්මතු කර පෙන්වන්නේ පේදුරු විස්තර කලා වු මෙම වටිනා පොරොන්දුවල වැදගත්කම හා උන්වහන්සේ ගේ අනුගාමිකයන් ලෙසට, අප මිනිසුන් ලෙස අපගේ ගමනාන්තය හා එයට හේතුව කුමක්ද යන්න පිළිබඳවය. එමෙන්ම ඉරුදින පිළිබඳවත්, ශූද්ධ වු දේවමාළිගාව හා අපගේ නිවෙස් තුළ මෙම වැදගත් ආත්මීය පොරොන්දු රැකීමට උදව් කිරීම පිළිබඳවත් අපි වැඩි අවධානයක් මෙහිදි යොමු කරමු.

ශූද්ධාත්මයාණන් අප තුළ ක‍්‍රියාකර මෙම වැදගත් සත්‍යයන් පිළිබඳව මෙනෙහි කරන්නට අපට උදව් වේවා කියා, මම ඒකාන්තයෙන්ම යාච්ඤා කරමි.

අපගේ දිව්‍යමය අනන්‍යතාවය

අපගේ දෙවියන්වහන්සේගේ මෙම උතුම් වූ ප්‍රීතියේ සැලැස්ම තුළ මූලධර්ම, වත්පිළිවෙත්, ගිවිසුම් හා ඉමහත් වටිනා පොරොන්දු ඇතුළත්ව ඇති අතර, මෙයට ඇතුළත් වී උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයේ කොටස්කරුවන් බවට අපට පත්වන්නට පුළුවන. අපගේ සදාතනික අනන්යතාවය සහ ඉගෙනීමට, වෙනස්වීමට, වර්ධනය වීමට හා අවසානයේ උන්වහන්සේ සමග ජීවත් වීමට අප ගමන් ගත යුතු මාර්ගය, මෙම සැලැස්ම පැහැදිලි කර දෙයි.

“පවුල: ලෝකයට ප්‍රකාශණයකි” හි පැහැදිලි කරන ලෙසට:

“සෑම මනුෂ්යයෙකුම එනම් ගැහැණු - හා - පිරිමි - දෙවියන්වහන්සේගේ රූපයට සමානව මවන ලදි. අප සියල්ලන්ම අපගේ ස්වර්ගික දෙමාපියන්ගේ ආදරණීය ආත්මික දුවෙකි හෝ පුතෙකි. එමනිසා අපි එකිනෙකාට සතු වු දිව්‍යමය ස්වභාවයක් හා දෛවයක් ඇත…

“මෙලොවට පෙර ආත්මික ලෝකයේ, ආත්මික දූවරුන් හා පුතුන් දෙවියන්වහන්සේව ඔවුන්ගේ සදාතනික පියණන් ලෙස දැන සිටි අතර උන්වහන්සේට නමස්කාරද කල අතර, උන්වහන්සේගේ සැලැස්ම පිළිගත්හ. ඒ මනුශ්‍යය ශරිරයක් ලබා පොළවට පැමිණ අත්දැකීම් ලබන්නට හා ඒතුළින් වර්ධනය වී පරිපුර්ණත්වය කරා ලගාවෙන්නට හා සදාතනික ජිවිතයේ හිමිකරුවන් ලෙස ඔවුන්ගේ දිව්‍යමය දෛවය සොයාගැනීමටය.”3

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට මෙසේ පොරොන්දු වන සේක, අප උන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කරමින් හා යේසුස් වහන්සේව අනුගමනය කරමින්, අණ පණත් රකිමින්, අවසානය දක්වාම විශ්වාසයෙන් රැඳීමෙන්, අපට ගැලවුම්කරුවාණන්ගේ ශක්තිය තුළින්, අන් සියළු දීමනා අතරින් වඩාත්ම උසස් දීමනාව වන දෙවියන්වහන්සේ විසින් අපවෙත දෙන “සදාතනික ජිවනය හිමිවේවි.”4 සදාතනික ජීවනය උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දුවලින් එපිට වූ පොරොන්දුවකි.

ආත්මිකව නැවත ඉපදීම

අපි වඩා පූර්ණව කිව නොහැකිතරම් මහඟු හා අගනා පොරොන්දු වටහාගෙන මහිමය හා යහගුණය කරා ස්වාමීන්වහන්සේගේ කැඳවීම, තහවුරුකර ප්‍රතිචාර දක්වමින්, දිව්‍යමය ස්වභාවය භුක්තිවිඳිමු. පේදුරු පවසනවා මෙන් අපට මෙම කැඳවීම ලෞකික අපරිශූද්ධතාවලින් වැලකී සිටිමින් ඉටුකිරීමට හැකියාව ලබා දෙනු ඇත.

අපගේ ගැලවුම්කරුවාණන්වහන්සේ තුල විශ්වාසය තබමින් බැගෑපත්ව ඉදිරියට යන විට, උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය තුළින් ශූද්ධාත්මයාණන් හරහා “අප තුළ විශාල වෙනසක් සිදුවේවි. අපගේ හදවත් තුළ අපට නපුර කිරීමට නොහැකිවේවි, නොකඩවා යහපතම පමණක් කිරීමට පමණක් සිතේවි.”5 අප නැවත “ඉපදිය යුතුය, එනම් එම නැවත ඉපදීම දෙවියන්වහන්සේ තුළින් සිදුවිය යුතුය. අපගේ ලෞකික වරදට පෙළඹෙන මනුශ්‍යය ස්වභාවයෙන් මිදී ශූද්ධ වීම නිසා, දෙවියන්වහන්සේ තුළින් ගැලවිම ලබාගැනීමට අපට හැකිවේ.”6 “කිසියම් මනුශ්‍යයෙකු ක්‍රිස්තුස්වහන්සේ තුළ වන්නේ නම්, ඔහු අළුත් පුද්ගලයෙකු බවට පත් වේ. පරණ දෙයින් මිදී සියළු දේ අළුත් වෙයි.”7

අපගේ ස්වභාවයේ ආකාරයට, මෙසේ විශාල වෙනසක් ඉක්මණින්ම විය නොහැකිය. ගැලවුම්කරුවාණන්වහන්සේට මෙන් “සම්පුර්ණත්වය එකවර ලැබෙන්නේ නැත. නමුත් කරුණාව සඳහා වූ කරුණාව මෙන් ලැබේ.”8 “මක්නිසාද බලන්න, ස්වාමීවූ දෙවියන්වහන්සේ කියන සේක: මම මනුශ්‍යය දරුවන් වෙතට පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක් ය, එහි ටිකක් දෙන්නෙමි, තවද මගේ උපදේශයන්ට කන් දෙන්නාවූද, මාගේ ආඥාවන්ට ඇහුම්කන් දෙන්නන්ටද ආශීර්වාද කරන්නෙමි, මක්නිසාද ඔවුන් ප්‍රඥාව ඉගෙනගන්නේය.”9

මෙම නැවත ඉපදීමේ ක්‍රියාවලියට, පුජකවර නියෝග හා ශූද්ධ වු ගිවිසුම් අත්‍යවශ්‍යයය. අපට එම ඉමහත් පොරොන්දු ලැබෙන්නේ ඒ තුළින්ය. ගිවිසුම්; සුදුසුකම් ඇතිව ලබාගත් පසුව හා එය නිරතුරුව මතක තබා ගත් විට ඒ තුළින් අපගේ ජිවිතයට ශක්තිය හා දේව බලය ලැබෙයි. නිරතුරු මතක තබාගෙන, ගෞරවාන්විතව රකින නියෝග මේ ලොවේදී හා සදාතනික ජිවනයේ ලැබෙන පොරොන්දු වලට අපට අභිප්‍රායක් ලබාදෙයි.

උදාහරණයක් ලෙස, අපගේ විශ්වාසවන්තභාවයට අනුව දේවශීර්ෂයේ තුන්වන සාමාජිකයාණන් වන ශූද්ධාත්මයාණන්ගේ වැඩසිටීම,10 එමෙන්ම යේසුස් වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපට හිමිවන පව් සමා කරගැනීම,11 මේ ලෝකයේ සාමයෙන් ජිවිතය ගෙවීමේ හැකියාව,12 ක්‍රිස්තුස්වහන්සේ මරණයේ බැමි පරදවා උත්ථාන වු නිසා13 තම පවුල සමග සදාතනිකවම ජිවත් විමේ හැකියාව, දෙවියන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙන සේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ලබාදෙන මෙම වටිනා පොරොන්දු, ගණන් කිරීමට හෝ එය විස්තර කිරීමට හෝ අපට තේරුම් ගන්නට නොපුළුවන. කෙසේ නමුත් මා සඳහන් කල පොරොන්දු කොටස අප හැමදෙනාටම “පුදුමයෙන් නැගිට”14 සහ යේසුස් වහන්සේගේ නාමයෙන් “දෙවියන්වහන්සේ ලඟ වැඳ වැටී වන්දනා කිරීමට”15 පොළඹවයි.

පොරොන්දු මතක තබා ගෙන සිටීම

සභාපති ලොරෙන්සා ස්නෝ මෙසේ අපට අනතුරු අඟවයි. “ස්වර්ගයේ පියාණන්වහන්සේ අප මෙහි එවා මනුෂ්යය ශරිරයක් ලබා දීමට ප්‍රධාන අරමුණ පිළිබඳව අපි ඉක්මනින් අමතක කරන්නෙමු. මේ අස්ථිර සියල්ලෙන්ම මිදී අපට එම උදව් තුළින් ගොඩ ඒමට අවස්ථාවක් තිබෙන විටත්, දෙවියන්වහන්සේගේ දිව්‍යමය උදව් නොගෙන, අපගේ කැදවීමත් සමග අප ඉහළට යනවා වෙනුවට… , අප සැමවිට පොලවේ මට්ටමට පැමිනෙන්නෙමු.”16

සබත් දින හා ශූද්ධ වු දේවමාළිගාව යනු නියත දිව්‍යමය උදව් ලබාගත හැකි මූලයන් දෙකකි. දෙවියන්වහන්සේගේ අනුදැනුම යටතේ අපිට පොලවෙහි මට්ටමෙන් ඉහළට ඒමට හා ලෞකිකත්වයෙන් ඉහළට ඒමට එය අපට උදව් වෙයි. සබත් දින ශූද්ධව ගත කිරීම හා දේවමාළිගාව බැහැ දැකීම සම්බන්ධ වුවත් එය ඈතින් සම්බන්ධ වන බව අපට සිතෙන්නට පුළුවන්. එහෙත් මෙහි අරමුණ එක ලෙසම වන්නේ අපව ආත්මිකව හා තනිවද අප නිවස් තුළද අපව ශක්තිමත් කිරීමයි.

සබත් දිනය

මේ සියල්ලම මැවු පසු හත්වන දිනයේ දෙවියන්වහන්සේ විවේක ගත් සේක, සහ දෙවියන්වහන්සේව මතක් කර සතියේ එක් දිනක් විවේක ගන්නා ලෙසට අණ කල සේක.17 සබත් දිනය දෙවියන්වහන්සේගේ දිනයයි, එය පුජනීයයි, එය විශේෂයෙන් වෙන් කර ඇත්තේ උන්වහන්සේට වන්දනා කිරීමට හා එමගින් උන්වහන්සේව හා උන්වහන්සේගේ පොරොන්දු මතක් කිරිමටය.

ස්වාමීන්වහන්සේ මෙම කාලපරිච්ඡේදයට මගපෙන්වා ඇත:

“ඔබ ඔබව ලෝකයෙන් වෙන්ව පිරිසිදුව තබාගන්න, මාගේ ගෘහයට ගොස් සක‍්‍රමේන්තුව මාගේ ශුද්ධ වු දවසෙහි ලබා ගන්න;

“මෙම දිනය සියළු කාර්යයන්ගෙන් පසෙක තබන්න. ඔබගේ මුළු කැපවීමම, සියල්ලන්ගේම ශූද්ධවන්තයා වෙත යොමු කරන්න.”18

ඉරුදින, එනම් සබත් දිනය යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කරන්න. නියෝග පිලිපදිමින් හා ඒ පිළිබඳ තවත් ඉගෙන ගැනීම තුළින්. ගිවිසුම් නැවත ආවර්ජනය කිරීමෙන්, ලබාගැනීම තුළින් හා නැවත අලුත් කිරීම තුළින් . උන්වහන්සේගේ ශූද්ධ වු දිනයේ අපගේ සිතුවිලි ක‍්‍රියා සියල්ල පිළිඹිබු කරන්නේ අප උන්වහන්සේ කෙරෙහි දක්වන පේ‍්‍රමය පිළිබඳවයි.19

සබත් දිනයේ තවත් එක් අරමුණක් වන්නේ අපගේ දැක්ම ලෞකික දේ වලින්, සදාතනික ආශිර්වාද දෙසට ඔසවා තබන්නටය. එදිනෙදා අප ගෙවන කාර්යබහුල ජිවිතයෙන් මිදී අපට “දෙවියන්වහන්සේ වෙත නෙත් යොමා ජිවත් වන්නට”20 පුළුවන්. මෙම පොරොන්දු ආවර්ජනය කිරීමෙන් හා ලබා ගැනීම තුළින් අපටත් දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන් බවට පත් වන්නට හැකි වන්නේය.

දේවමාළිගාව

සුදුසුකම් ඇති සාමාජිකයන්ට ශූභාරංචියේ ශූද්ධ වූ කටයුතු කිරීමට හා ශූද්ධ වූ ගිවිසුම් කටයුතු ඔවුන්ට හා මිය ගිය අයට සිදුකිරීම සඳහා, උන්වහන්සේගේ ජනතාවට දේවමාළිගා ඉදිකරන ලෙසට දෙවියන්වහන්සේ අපට අණකර සිටින සේක. ශූද්ධ වු තැන්වල දේවමාළිගාව යනු අන් සියළු ස්ථානයකට වඩා පුජනීය ස්ථානයකි. එය සැබවින්ම උන්වහන්සේගේ ගෘහයයි. දෙවියන්වහන්සේ යැදීම හා උන්වහන්සේ ගේ පොරොන්දු ලබා ගැනීම හා ආවර්ජනය කිරිම සඳහාම වෙන් වු ශූද්ධ භූමියකි.

දෙවියන්වහන්සේ මෙසේ අපව යොමු කරන සේක, “ඔබ ඔබව සංවිධානය කරගන්න, අවශ්‍ය සියළු දෙය ලැහැස්ති කරන්න , නිවසක් පිහිටුවන්න, එය යාච්ඤාවේ ගෘහයක් හෝ උපවාසයේ ගෘහයක් හෝ, විශ්වාසයේ ගෘහයක් හෝ ඉගෙනගැනීමේ ගෘහයක් හෝ මහිමයේ ගෘහයක් හෝ පිළිවෙලෙහි ගෘහයක් හෝ දෙවියන්වහන්සේගේ ගෘහයක් ලෙස”21 පිහිටුවන්න. අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ දේවමාළිගාවෙහි වන්දනා කිරීම හා නියෝග ඉගෙන ගැනීම, සහභාගී විම , ලබා ගැනීම, ගිවිසුම් ආවර්ජනය කිරීමයි. අප දේවමාළිගාව තුළ අදින පලදින විදිහ හා හැසිරෙන්නේ අප සාමාන්‍ය ස්ථානවල හැසිරෙනවාට වඩා වෙනස් ලෙසටයි.

දේවමාලළිගාවෙහි ප‍්‍රධාන අරමුණක් වන්නේ අපගේ දැක්ම ලෞකික දේ වලින් සදාතනික ආශිර්වාද දෙසට ඔසවා තැබීමය. එදිනෙදා අප ගෙවන කාර්යබහුල ජිවිතයෙන් මිදී අපට “දෙවියන්වහන්සේ වෙත නෙත් යොමා ජිවත් වන්නට”22 පුළුවන්. මෙම පොරොන්දු ආවර්ජනය කිරීමෙන් හා ලබා ගැනීම තුළින් අපටත් දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන් බවට පත්වන්නද පුලුවන්.

සබත් දිනය හා දේවමාළිගාව යනු පුජනීය වේලාවන් හා පුජනීය ස්ථාන බව, මතක තබාගන්න. එය විශේෂයෙන් කැපකර තිබෙන්නේ දෙවියන්වහන්සේට වන්දනා කිරීමට හා උන්වහන්සේගේ පොරොන්දු ලබාගැනීම හා ආවර්ජනය කිරීම සඳහාය, දෙවියන්වහන්සේ ස්ථාපිත කල මෙම ප්‍රධාන අරමුණු දෙකෙහි කාර්ය එකකි. බලන්න, නැවත නැවතත් අපගේ අරමුණු හා අවධානය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ හා ශූද්ධාත්මයාණන්වහන්සේගේ මෙන්ම අපගේ පොරොන්දු ආශ‍්‍රිත ගිවිසුම් හා නියෝග යේසුස් වහන්සේගේ නැවත පිහිටුවන ලද ශූභාරංචිය කෙරෙහි අවධානය යොමු කිරීමයි.

අපගේ නිවාස

ඉතා වැදගත්ව නිවස, කාලය හා ඉඩකඩෙහි සංකලනයක් විය යුතුය. එක් එක් පුද්ගලයන්ට හා පවුල් ලෙසට දෙවියන්වහන්සේගේ පොරොන්දු මතක් කරගැනිමට අපගේ නිවස දමා අපි ඉරුදින සභාවට පැමිණීම අත්‍යවශ්‍යය. එහෙත් එය ප‍්‍රමාණවත් නැත. අපගේ ආත්මික ශක්තිය එම ශූද්ධ වු ස්ථානයේ ක‍්‍රියාකාරකම් වලින් අපට ලැබෙන විට එය අප අපගේ නිවසට රැගෙන ගොස් අපගේ මනුෂ්‍ය ජිවිතයේ ප‍්‍රධාන අරමුණු කරා යෙදවිය යුතුය සහ ලෞකිකත්වයෙන් මිදිය යුතුය. අපගේ සබත් හා දේවමාළිගාවේ අත්දැකීම්, ආත්මික අත්දැකිම් විය යුතුය, තනි තනිව හෝ පවුලක් ලෙසට අපගේ නිවස තුළ එම පාඩම් ඉගෙනගෙන නැවත ආවර්ජනය කිරීමට එනම් ශූද්ධාත්මයාණෙන්ගේ වැඩමුඛයේ යේසුස් වහන්සේ සමග ගැඹුරු බැදීමකින් එක්ව දෙවියන්වහන්සේගේ “සදාතනික පොරොන්දු මත සම්පුර්ණ බලාපොරොත්තුවක්”23 තබාගත යුතුය.

නිවසක් “වඩා හොඳින් පිහිටුවා ගන්නට,”24 සබත් දිනය හා දේවමාළිගාව අපට උදව්වෙයි. “අපි ක‍්‍රිස්තුස්වහන්සේ තුළ එකතුවන විට ඒ ස්වර්ගයේ හෝ පොළවෙහි හෝ උන්වහන්සේ තුලය.”25 අපට නිවස තුළ එම පුජනීය වේලාවේ කරන සියල්ල හා උන්වහන්සේගේ පුජනීය ස්ථානයේ කරන සියල්ල තුළින් අප දිව්‍යමය ස්වභාවයේ කොටස්කරුවන් බවට පත්වන බැවිනි.

පොරොන්දුව සහ සාක්ශිය

අපට ඉතා පහසුව මිනිස් කාල සටහනෙන් ඔබ්බට යන්නට පුළුවන්. නිදාගැනීම, ආහාර ගනීම, ඇදුම් පැළදුම්, රැකියාව, ක්‍රීඩා කිරීම, ව්‍යායාම හා අනෙක් නොයෙකුත් ක්‍රියාකාරකම් වැදගත්, එහෙත් අවසානයේ දී අප දෙවියන්වහන්සේ පිළිබඳ කොතරම් උනන්දුවක් දක්වනවාද උන්වහන්සේ හා යේසුස්වහන්සේ හා ශූද්ධාත්මයාණන් පිළිබඳ ඉගෙනගැනීමට කොතරම් උන්නදු වනවාද එය අපගේ ජිවිතයෙහි කාර්යයන් වල මුළු එකතුවක් නොවේ.

ශූභාරංචිය යනු කාලසටහනක් නොවේ. එය අපට දෙවියන්වහන්සේ හා යේසුස්වහන්සේ මෙන් වීමට නිර්මාණ කර ඇති එකට එකතු වු “එක් රාමුවක්.”26 එමෙන්ම අපට දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන් වීමටද හැකි “එම සලකුණ තුළින් ඔබ්බට බැලීම” ”27 නිසා අප අන්ධවී ඇත්තෙමු. මෙම ආත්මිය සත්‍යය ලෞකික හැඟීම් වලින්, බලපෑම් වලින් වැසි ගොස් ඇත.

අප ඥානවන්තව ශූද්ධාත්මයාණන්වහන්සේට අපට මගපෙන්වා අපට නිවැරදි මාර්ගය පෙන්වන ලෙසට ආරාධනා කළ පසු28 “උන්වහන්සේ යේසුස්වහන්සේ කෙරෙහි සාක්ෂි දරා සහ ස්වර්ගීය දර්ශනයකින් අපගේ මනස සැහැල්ලු කරන සේක.”29 අපි අපගේ සදාතනික ඉරණම ඉටු කිරීමට වෙර දරනාවිට අප දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන් බවට පත්වේ.

උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු අපගේ වත්පිළිවෙත් හා ගිවිසුම් සමග බැඳී ඇති බවට මම සාක්ශි දරමි. ස්වාමීන්වහන්සේ මෙසේ ප්‍රකාශ කල සේක;

“ඔබ මා ඉදිරියෙහි හැසිරිය යුත්තේ කෙසේද කියා, මා ඔබට මග පෙන්වන්ම්, ඔබගේ ගැලවීම උදෙසා එය ඔබ කරා පැමිණෙනු ඇත.

මම, වන ස්වමීන්වහන්සේ ඔබ මා කී දෙය කරන විටදී එයට බැඳී සිටිමි; එහෙත් ඔබ මා කී දේ නොකරන්නේ නම්, ඔබට කිසිදු පොරොන්දුවක් මා හා නොමැත”30

දෙවියන්වහන්සේ ජිවමාන බව හා ගැලවීමෙහි සැලැස්ම උන්වහන්සේ විසින් එවන ලද්දක් බවට මම සාක්ශි දරමි. යේසුස්වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ය, අපගේ ගැලවුම්කරුවාණන්ය, අපගේ මිදුම්කරුවාණන්ය, උන්වහන්සේ ජීවමාන වන සේක. දෙවියන්වහන්සේගේ සැලැස්මට හා පොරොන්දු වලට අනුව, යේසුස්වහන්සේගේ වන්දිගෙවීමත් ශූද්ධාත්මයානන්ගේ වැඩ වැසීමත්, “මෙලොවෙහි හා සදාතනික ජිවනයෙහි සාමය රඳවන බවට”31 මම සාක්ශි දරමි. මේ සියල්ලටම මා සාක්ෂි දරන්නේ යේසුස්වහන්සේගේ ශ්‍රී නාමයෙන් ආමෙන්.