ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 93


93 වන කොටස

1833 මැයි 6, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–5, ඇදහිලිවන්ත සියල්ලෝ ස්වාමින්වහන්සේව දකින්නෝය; 6–18, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පියාණන්වහන්සේගේ මහිමයේ පූර්ණත්වය ලබනතුරු කරුණාවෙන් කරුණාවට ගිය බව යොහාන් සාක්ෂි දැරීය; 19–20, කරුණාවෙන් කරුණාවට යන, ඇදහිලිවන්ත මනුෂ්‍යයින්ද, උන්වහන්සේගේ පූර්ණත්වය ලබන්නෝය; 21–22, ක්‍රිස්තුස්වහන්සේ තුළින් උපත ලැබූ අය කුළුඳුලාණන්ගේ සභාවයි; 23–28, ක්‍රිස්තුස්වහන්සේ සියලු සත්‍යයන් හි පූර්ණත්වය ලැබූ සේක, තවද මනුෂ්‍යයාද කීකරුකම කරණකොටගෙන එලෙසින්ම ලබන්නේය; 29–32, ආරම්භයේදී මනුෂ්‍යයා දෙවියන්වහන්සේ සමඟ සිටියේය; 33–35, මූලද්‍රව්‍යයන් සදාකාලිකය, තවද මනුෂ්‍යයා නැවත නැගිටීමේදී ප්‍රීතියේ පූර්ණත්වය ලබන්නේය; 36–37, දෙවියන්වහන්සේගේ මහිමය බුද්ධියයි; 38–40, ක්‍රිස්තුස්වහන්සේගේ මුදාගැනීම නිසා දෙවියන්වහන්සේ ඉදිරියේ ළමුන් අහිංසක වන්නෝය; 41–53, නායක සහෝදරයින්ට සිය පවුල් පිළිවෙලට තබාගැනීමට නියෝග කරනු ලබයි.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එය මෙසේ සිදුවන්නේය, එනම්, ඔහුගේ පාප අත්හැර දමන තවද මා වෙතට පැමිණෙන, තවද මාගේ නාමයෙන් කතාකරන, තවද මාගේ හඬට කීකරු වන, සහ මාගේ ආඥා පිළිපදින සෑම ප්‍රාණයක්ම, මාගේ මුහුණ දැක ඒ මා බව හඳුනාගන්නේය;

2 තවද එනම් මෙම ලෝකය තුළට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුවම ආලෝකමත් කරන්නාවූ මම සත්‍යයේ අලෝකය වෙමි;

3 තවද එනම් මම පියාණන්වහන්සේ තුළද, පියාණන්වහන්සේ මා තුළද වන සේක, තවද පියාණන්වහන්සේ සහ මම ඒකත්වයක් වන්නෝය—

4 පියාණන්වහන්සේ මා තුළ වන්නේ මක්නිසාද උන්වහන්සේ මා හට උන්වහන්සේගේ පූර්ණත්වය දුන් නිසාවෙන්ය, තවද මා පුත්‍රයාණන්ය මක්නිසාද මම ලෝකය තුළ සිට තවද මාගේ කූඩාරම මාංශය කොටගෙන, තවද මනුෂ්‍යය පුත්‍රයන් අතර ජීවත් වුණෙමි.

5 මම ලෝකය තුළ සිටියෙමි තවද මාගෙ පියාණන්වහන්සේගෙන් ලදිමි, තවද උන්වහන්සේගේ ක්‍රියාවන් පැහැදිලිව ප්‍රකාශයට පත්විය.

6 තවද යොහාන් මාගේ මහිමයේ පූර්ණත්වය දැක සාක්ෂි දැරීය, තවද යොහාන්ගේ වාර්තාවේ පූර්ණත්වය මෙයින් පසු එළිදරව් කරනු ලබන්නේය.

7 තවද ඔහු මෙසේ පවසමින්, සාක්ෂි දැරුවේය: මම උන්වහන්සේගේ මහිමය දුටුවෙමි, එනම් ලෝකයට ප්‍රථමයෙන්, උන්වහන්සේ ආරම්භයේ පටන් සිටි සේක;

8 එසේහෙයින්, ආරම්භයේදී වාක්‍යාණෝ සිටිසේක, මක්නිසාද උන්වහන්සේ වාක්‍යාණෝ වූ සේක, එමෙන්ම ගැලවීමේ පණිවිඩකරුවාණන්ද—

9 ලෝකයේ ආලෝකය සහ මිදුම්කරුවාණන්ද; ලෝකයට පැමිණි, සත්‍යයයේ ආත්මයාණන්ද උන්වහන්සේය, මක්නිසාද ලෝකය මැවූයේ උන්වහන්සේ විසිනි, තවද උන්වහන්සේ තුළ මනුෂ්‍යයන්ගේ ජීවිතයද මනුෂ්‍යයන්ගේ ආලෝකයද වන සේක.

10 මෙම ලෝකයන් මවනු ලැබූයේ උන්වහන්සේ විසිනි; මනුෂ්‍යයන් මවනු ලැබූයේ උන්වහන්සේ විසිනි; සියලු දේවල් මවනු ලැබූයේ උන්වහන්සේ විසිනි, තවද උන්වහන්සේ තුළිනි, තවද උන්වහන්සේ මගිනි.

11 තවද යොහාන් වන මම, පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ මහිමය මෙන්, කරුණාවෙන් සහ සත්‍යයෙන්ද, එමෙන්ම සත්‍යයේ ආත්මයෙන් වුවත් පූර්ණව, මාංශයෙන් යුතුව ජීවත් වී, තවද අප අතරට පැමිණ ජීවත් වූ, උන්වහන්සේගේ මහිමය මා දුටු බවට සාක්ෂි දරමි.

12 තවද යොහාන් වන මම, එනම් උන්වහන්සේ පූර්ණත්වය පළමුවම නොලැබූ බව දුටුවෙමි, එහෙත් ලැබූවේ කරුණාවෙන් කරුණාවටය.

13 තවද උන්වහන්සේට පළමුවම පූර්ණත්වය ලැබූනේ නැත, එහෙත් උන්වහන්සේ පූර්ණත්වය ලබන තුරු, කරුණාවෙන් කරුණාව නොකඩවා ලැබීය.

14 තවද මෙසේ උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැයි නම් කරන ලද්දේය, මක්නිසාද පළමුව උන්වහන්සේ පූර්ණත්වය නොලද සේක.

15 තවද යොහාන් වන මම, සාක්ෂි දරමි, තවද බලව, ස්වර්ගයන් විවෘත විය, තවද උන්වහන්සේ වෙතට ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් පහත්විය, තවද උන්වහන්සේ මත හිඳගත්තේය, තවද එහි මෙසේ පවසමින් ස්වර්ගයෙන් හඬක් පිටතට පැමිණියේය: මේ මාගේ ප්‍රේමාන්විත පුත්‍රයාය.

16 තවද යොහාන් වන මම, උන්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමයේ පූර්ණත්වයක් ලැබීයැයි සාක්ෂි දරන්නෙමි;

17 තවද ස්වර්ගයේ සහ පොළොව මත දෙකෙහිම, උන්වහන්සේ සියලු බලය ලැබූ සේක, තවද පියාණන්වහන්සේගේ මහිමය උන්වහන්සේ සමඟ විය, මක්නිසාද උන්වහන්සේ උන්වහන්සේ තුළ වාසය කළ සේක.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් නුඹලා ඇදහිලිවන්ත නම් නුඹලා යොහාන්ගේ වාර්තාවේ පූර්ණත්වය ලබන්නෝය.

19 මම මෙම ප්‍රකාශයන් නුඹලා හට දෙන්නේ එනම් නුඹලා තේරුම්ගෙන තවද නමස්කාර කරන්නේ කෙසේදැයි දැන, තවද නමස්කාර කරන්නේ කුමකටදැයි දැන, එනම් නුඹලා පියාණන්වහන්සේ වෙතට මාගේ නාමයෙන් පැමිණ, තවද යථා කාලයේදී උන්වහන්සේගේ පූර්ණත්වය ලබාගන්නා පිණිසය.

20 මක්නිසාද නුඹලා මාගේ ආඥාවන් පිළිපදින්නේ නම් නුඹලා උන්වහන්සේගේ පූර්ණත්වය ලබන්නෙහුය, තවද මා පියාණන්වහන්සේ තුළ සිටින්නාක් මෙන් මා තුළ මහිමාන්විත වන පිණිසය; එසේහෙයින්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා කරුණාවෙන් කරුණාවට ලැබිය යුතු වන්නෝය.

21 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූයෙමි, තවද මම කුළුඳුලාණෝය.

22 තවද මා තුළින් උපන් ඒ සියල්ලෝම එම මහිමයේ කොටස්කරුවන් වන්නෝය, තවද ඔවුන් කුළුඳුලාණන්ගේ සභාව වන්නෝය.

23 නුඹලාද එසේම ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූහ; එනම් ආත්මිකවය, එලෙසම සත්‍යයයේ ආත්මයද ලෙසය;

24 තවද සත්‍යය යනු, තිබෙන්නාවූ දේවල් වලද, තවද ඒවා තිබූ ලෙසද, තවද ඒවා පැමිණෙන අකාරයට ගැනද වූ දැනුමය;

25 තවද මෙයට වඩා හෝ අඩුවෙන් කුමක් වන්නේද එනම් එය අරම්භයේ පටන් බොරුකාරයෙක් වූ, දුෂ්ටයාගේ ආත්මයෙන්ය.

26 සත්‍යයේ ආත්මය දෙවියන්වහන්සේගෙන්ය. මම සත්‍යයේ ආත්මයය, තවද යොහාන් මා ගැන මෙසේ පවසමින්, සාක්ෂි දැරුවේය: උන්වහන්සේ සත්‍යයේ පූර්ණත්වය ලැබූ සේක, එසේය, සියලු සත්‍යය පවා ලැබූ සේක;

27 තවද ඔහු උන්වහන්සේගේ ආඥාවන් පිළිපදින්නේ නම් මිස, කිසිඳු මනුෂ්‍යයකු පූර්ණත්වය නොලබන්නේය.

28 උන්වහන්සේගේ ආඥාවන් පිළිපදින ඔහු, සත්‍යයෙන් මහිමවත් වී තවද සියලු දේවල් දැනගන්නා තුරු, ඔහු සත්‍යය සහ ආලෝකය ලබන්නේය.

29 මනුෂ්‍යයාද එසේම ආරම්භයේදී දෙවියන්වහන්සේ සමඟ වූයේය. බුද්ධිය, හෝ සත්‍යයේ ආලෝකය, මවා හෝ සාදා හෝ නොමැත්තේය, සැබවින්ම එය එසේ කළ හැකිද නොවන්නේය.

30 දෙවියන්වහන්සේ විසින් එය ස්ථානගත කර ඇති එම අවකාශයේ, ඒ උදෙසා එයටම ක්‍රියාකිරීම පිණිස, සියලු සත්‍යයන් නිදහස්ව ඇත, එසේම මුළු බුද්ධියම එසේය; එසේ නොවන්නේ නම් එහි පැවැත්මක් නැත්තේය.

31 බලන්න, මනුෂ්‍යයාගේ තෝරාගැනීමේ නිදහස මෙහිය, තවද මනුෂ්‍යයාගේ හෙළාදැකීමද මෙහිය; මක්නිසාද එනම් එය ආරම්භයේ පටන්ම තිබූ එය ඔවුන් හට පැහැදිලිවම ප්‍රකාශයට පත්කොට ඇත්තේය, තවද ඔවුන් ආලෝකය ලබා නැත.

32 තවද සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ ආත්මය ආලෝකය නොලබන්නේද, හෙළාදැකීමට යටත්ය.

33 මක්නිසාද මනුෂ්‍යයා ආත්මයක්ය. මූලද්‍රව්‍යයන් සදාකාලිකය, තවද ආත්මය සහ මූලද්‍රව්‍යයන්, වෙන්කල නොහැකි ලෙස සම්බන්ධ වී ඇතිවිට, ප්‍රීතියේ පූර්ණත්වය ලබන්නේය;

34 තවද වෙන්කරනු ලැබූවිට, මනුෂ්‍යයාට ප්‍රීතියේ පූර්ණත්වය ලබාගත නොහැක්කේය.

35 මෙම මූලද්‍රව්‍යයන් දෙවියන්වහන්සේගේ කූඩාරමය; එසේය, මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ කූඩාරමය, එමෙන්ම දේවමාළිගාවන්ය; තවද කුමනාකාර හෝ දේවමාළිගාවක් අපවිත්‍රව ඇත්තේද, දෙවියන්වහන්සේ එම දේවමාළිගාව විනාශ කරන සේක.

36 දෙවියනවහන්සේගේ මහිමය බුද්ධිය වන්නේය, නැතහොත්, වෙනත් වචන වලින්, ආලෝකය සහ සත්‍යය වන්නේය.

37 ආලෝකය සහ සත්‍යය එම නපුරාව ප්‍රතික්ෂේප කරන්නේය.

38 මනුෂ්‍යයන්ගේ සෑම ආත්මයක්ම ආරම්භයේදී නිදොස්ය; තවද දෙවියන්වහන්සේ වැටීමෙන් මනුෂ්‍යයා මුදවාගත් නිසා, මනුෂ්‍යයන් නැවතත්, ඔවුන්ගේ ළදරු ස්වභාවයට පත්ව, දෙවියන්වහන්සේ ඉදිරියේ නිදොස් වන්නෝය.

39 තවද එම දුෂ්ට තැනැත්තා පැමිණ, අකීකරුකම තුළින්, මනුෂ්‍යය දරුවන් වෙතින් ආලෝකය සහ සත්‍යය ඉවතට ගෙනයන්නේය, තවද ඒ ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් නිසාවෙන්ය.

40 එහෙත් මම නුඹලාගේ දරුවන්ව ආලෝකය සහ සත්‍යය වෙත ගෙන ඒමට නුඹලාට ආඥා කර ඇත්තෙමි.

41 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස්, නුඹ දිගටම මෙම හෙළාදැකීම යටතේ ඇත්තෙහිය;

42 නුඹ ආඥාවන්ට අනුව, නුඹගේ දරුවන් හට ආලෝකය සහ සත්‍යය ඉගැන්වූයේ නැත; තවද එම දුෂ්ට තැනැත්තාට නුඹ මත තවමත් බලය ඇත්තේය, තවද මෙය නුඹගේ පීඩාවේ හේතුව වන්නේය.

43 තවද දැන් මම නුඹ හට ආඥාවක් දෙන්නෙමි—නුඹව ගලවනු ලබන්නේ නම් නුඹ නුඹගේ ස්වකීය නිවස පිළිවෙලට තැබිය යුතු වන්නේය, මක්නිසාද නුඹගේ නිවසෙහි නිවැරදි නොවන්නාවූ බොහෝ දේවල් ඇත්තේය.

44 සැබවක්, මම මාගේ සේවක සිඩ්නි රිග්ඩන් හට පවසන්නෙමි, එනම් සමහර දේවලදී ඔහු ඔහුගේ දරුවන් සම්බන්ධයෙන් වූ ආඥාවන් පවත්වා නොමැත්තේය; එසේහෙයින්, ප්‍රථමව නුඹගේ නිවස පිළිවෙලට තබන්න.

45 සැබවක්, මම මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වන නුඹ හට පවසන්නෙමි, නැතහොත් වෙනත් වචන වලින්, මම නුඹලාව මිතුරන් ලෙස අමතන්නෙමි, මක්නිසාද නුඹලා මාගේ මිතුරන්ය, තවද නුඹලාට මා සමඟ උරුමකම් ඇත්තේය—

46 ලෝකය වෙනුවෙන් මම නුඹලාව සේවකයන් යැයි අමතන ලද්දෙමි, තවද නුඹලා මාගේ කාරණාව උදෙසා ඔවුන්ගේ සේවකයන් වන්නෝය—

47 තවද දැන්, සැබවක් මම ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට පවසන්නෙමි—නුඹ ආඥාවන් පවත්වා නැත, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ තරවටු කිරීමට නැගීසිටීම අවශ්‍ය වන්නේය;

48 නුඹගේ පවුල පසුතැවිලිව තවද සමහරක් දේවල් අත්හැරීම අවශ්‍යව ඇත, තවද නුඹගේ ප්‍රකාශ වලට වඩාත් අවංකව ඇහුම්කන්දිය යුතුව ඇත, හෝ එම ස්ථානයෙන් ඉවත් කරනු ලබන්නේය.

49 මම කුමක් එක් අයෙකුට පවසන්නේද මම පවසන්නේ සියල්ලන්ටමය; එම දුෂ්ට තැනැත්තාට නුඹ තුළ බලය නැතිවන පිණිස සැමවිටම යාච්ඤා කරන්න, තවද නුඹගේ ස්ථානයෙන් නුඹ ඉවත්ව යන්න.

50 මාගේ සභාවේ සභානායකවරයෙක් වන, මාගේ සේවක නිවෙල් කේ. විට්නිවද එසේම, තරවටු කිරීමට අවශ්‍යව ඇත්තේය, තවද ඔහුගේ පවුල පිළිවෙලට තැබිය යුතු වන්නේය, තවද ඔවුන් නිවස ගැන සැලකිලිමත්ව වඩාත් උද්යෝගයෙන්, තවද සැමවිටම යාච්ඤා කළ යුතු වන්නේය, නැතහොත් ඔවුන්ව ඔවුන්ගේ ස්ථානයෙන් ඉවත් කරනු ලබන්නේය.

51 දැන්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, මාගේ සේවක සිඩ්නි රිග්ඩන්ට ඔහුගේ ගමන යාමටද, තවද ඉක්මන් කරන්නටද, තවද ස්වාමින්වහන්සේගේ පිළිගත් වසරද, තවද ගැලවීමේ ශුභාරංචියද, මා ඔහුට ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදෙන ලෙස, ප්‍රකාශ කරන්නට සලස්වන්න; තවද එක අරමුණකින් යුතු නුඹලාගේ ඇදහිල්ලේ යාච්ඤාව මගින් මම ඔහුව දරාගන්නෙමි.

52 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ ෆෙඩ්‍රික් ජී. විලියම්ස් හටද එසේම ඉක්මන් කරන්නට සලස්වන්න, තවද එය ඔවුන් හට ඇදහිල්ලේ යාච්ඤාවට අනුව දෙනු ලබන්නේය; තවද එපමණකින් නුඹලා මාගේ ප්‍රකාශ පිළිපදින්නේද නුඹලා මෙම ලෝකයේ, හෝ මතු ලෝකයේ, ව්‍යාකූල නොවන්නෙහුය.

53 තවද, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා මාගේ ශුද්ධලියවිලි පරිවර්තනය කිරීම ඉක්මන් කළ යුතුවීමද, තවද ඉතිහාසය ගැන, රටවල් ගැන, සහ රාජ්‍යයන් ගැන, දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයන්ගේ නීති ගැන දැනුම ලබාගැනීමද මාගේ කැමැත්ත වන්නේය, තවද මෙම සියල්ල සයොනයේ ගැලවීම උදෙසාය. ආමෙන්.