2010–2019
පා ගමන නතර නොවේ!
2017 ඔක්තෝම්බර්


පා ගමන නතර නොවේ!

දෙවිපියාණන්වහන්සේ වෙතට නැවත යන පා ගමන, අපේ ජීවිතයේ වැදගත්ම පා ගමනයි.

වසර 170 කට පෙර බ්‍රිගම් යංග්, සෝල්ට් ලේක් තැනිතලාව දෙස පළමුවරට බලා මෙසේ ප්‍රකාශ කළේය, "මේක තමයි හරිම තැන!”1 ඔහු එය දැන සිටියේය, මන්ද ස්වාමින්වහන්සේ ඔහුට එය අනාවරණය කර තිබූ සේක.

1869 වන විට, ශූද්ධවන්තයින් 70,000 කට ආසන්න පිරිසක් මීට සමාන වූ පා ගමනක යෙදුනෝය. ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය හා ජාතිය බොහෝ සෙයින් වෙනස් වුවත්, ඔවුන් පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ, ශූද්ධාත්මයාණන්වහන්සේ ගැනද, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේග් ශුභාරංචිය නැවත ස්ථාපානය කිරීම පිළිබඳවද, සාක්ශිය බෙදාගත් අතරම, ගැලවුම්කරුවාණන්වහන්සේගේ දෙවන පැමිණීම වෙනුවෙන් සාමයේ ස්ථානයක් වූ අලංකාර සයොනය ගොඩනැගීමේ උවමනාවක්ද ඔවුන්ට තිබිණි.

රූපය
ජේන් මැනිං ජේම්ස්

යූටා වෙත පැමිණි පළමු ශූද්ධවන්තයින් අතර නිදහස් වු වහලෙකු ගේ දියණියක් වූ ජේන් මැනිං ජේම්ස් - නැවත ස්ථාපිත සභාවට හැරී ආ තැනැත්තියකි, එමෙන්ම බොහෝ අසීරු බාධක මැඩගෙන පැමිණි අද්විතීය ගෝලයෙකි. ජේම්ස් සහෝදරීය 1908 වර්ෂයේ දී මිය යන තෙක් ඇදහිලිවන්තව පසුදවස්වල ශූද්ධවන්තයෙකු වශයෙන් සිටියාය.

ඇය මෙසේ ලියා සිටියාය, “මෙතැන් හිදී මම මෙසේ ලියන්නට කැමැත්තෙමි, පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ඉගැන්වූ පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි වු මාගේ ඇදහිල්ල එදා මෙන් අදත් ශක්තිමත්ය, නෑ, මම බෞතීස්ම වූ දාටත් වැඩියෙන් ශක්තිමත්ය. මම මාගේ දසයෙන් කොටස හා උපවාස පිදුම් ගෙවමි, ප්‍රඥාවේ වචනය රැකගනිමි, මම වේලාසනින් නිදාගෙන වේලාසනින් නැගිටිමි, මාගේ පුංචි විදියෙන් හැමෝටම ආදර්ශයක් වීමට මම උත්සහ කරමි.”2

බොහෝ පසුදවස්වල ශූද්ධවන්තයින් මෙන් ජේම්ස් සහෝදරිය ලෙයින් දහඩියෙන් හා කඳුලින් සයෝනය ඉදි කලා පමණක් නොව, උන්වහන්සේව අවංකව සොයන්නන්ගේ ශ්‍රේෂ්ඨ සුවකරන්නා වූ, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදිහිල්ල තබා ගනිමින්, තමන්ගේ උපරිමයෙන් ශුභාරංචි මුලධර්ම වලට අනුව ජිවත් වෙමින් ස්වාමින්වහන්සේගේ ආශිර්වාද සෙවුවාය.

මුල්කාලීන ශූද්ධවන්තයින් සර්ව සම්පුර්ණ පිරිසක් නොවීය. එනමුත් අණපණත් වලට ප්‍රේම කරනා, රැකගන්නා පවුල් හා සමාජයක් අපිට ගොඩනගන්නට අවශ්‍ය අත්තිවාරම ඔවුන් සකස් කළහ. වර්තමනයේදී ලොව වටාම විවිධාකාර ප‍්‍රවෘත්තිවල යේසුස්වහන්සේ කෙරෙහි අපගේ කැපවීම හා ළඟත් ඈතත් සිටිනා අයට උපකාර කරනා අපගේ ස්වේච්ඡා සේවා ක‍්‍රියාකාරකම් නිසා එය විශේෂ කොට දක්වනු ලබයි.3

සභාපති අයරින්, ටෙක්සස්, මෙක්සිකො සහ අනිත් ප්‍රදේශ වල සේවය කල දස දහස් ගනනි වූ කහ පැහැති කමිස ඇඳගත් දේවදූතයින් වෙනුවෙන් මම මහේ ස්තූතිය පුදකර සිටින්නට කැමැත්තෙමි.

අපගේ පුරෝගාමී මව්පියන් ඇතුළත්ව, අපේ පෙරගමන්කරුවන් සමග ඇති බැඳීම නැතිකර ගතහොත් අපි ඉතා වටිනා වස්තුවක් අහිමි කරගන්නා බව මාගේ දැඩි මතයයි. අතීතයේදිත් “සෑම පියවරක් තුළම ඇති ඇදහිල්ල” පිළිබඳව මා කතා කර ඇති අතර ඉදිරියේදිත් එය පිළිබඳව කතා කරන්නේ, ස්වාමිවු යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ නැවත ස්ථාපිත ශුභාරංචිය කෙරෙහි මුල්කාලීන ශූද්ධවන්තයින් සතුවු ඇදහිල්ල නැගී එන පරපුරට තිබිය යුතු බව මම දන්න නිසාය.4

මාගේ පුරෝගාමී මුතුන්මිත්තන් , අත් කරත්ත ඇදගෙන, කරත්ත පැදගෙන, පයින් යූටා වෙත පැමිණි ඇදහිලිවන්ත පුරෝගාමින් අතර සිටියහ. ජේන් මැනිං ජේම්ස් සහෝදරිය මෙන් ඔවුන්ද තම තමන්ගේ ගමනේදී තැබු පියවරක් පියවරක් පාසාම ඇදහිලිවන්තව තැබුවෝය.

ඔවුන්ගේ දිනපොත් වල අසීරුතා, කුසගින්න, ගිලන් වීම වැනි බොහොමයක් අවස්ථා පිළිබඳව විස්තර පිරී ඇති අතරම, දෙවියන්වහන්සේ හා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳ සාක්ෂීන්ද පිරී තිබුණි.

ඔවුන් සතුව ලෞකික සැප සම්පත් බොහොමයක් නොතිබු අතර යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ ඔවුන්ට හමුවු සහෝදරත්වයේ තුළින් වු ආශිර්වාද රාශිය ඔවුන් භූක්ති වින්දෝය. හැකියාවක් ඇති විටෙකදී නැගිටින්න බැරි අයව ඔසවා තබමින්, දෙවියන්වහන්සේගේ පුජකවරය තුළින් හා එකිනෙකාට සේවය කිරීමෙන් ඔවුන් ගිලන් වුවන්ට ආශිර්වාද කළ සේක.

යූටා හි, කැචේ නිම්නයේ සහෝදරියන්, “උපකාර අවශ්‍ය අය සඳහා උපකාරයට එක්සත් වීම”5 යන සහන සමිතියේ හැඟීම පෙර දරාගෙන ශූද්ධවන්තයින්ව මෙහෙ කළෝය. මාගේ ආදි මුතුන් මිත්තණිය මාග්‍රට් මැක්නේල් බැලර්ඩ්, තම සැමියා වු හෙන්රි වසර 40 ක් ලෝගන් දෙවන කොට්ඨාශයේ සභානායකයා වශයෙන් මුලසුන දැරු කාලයේ දී ඇය ඔහුත් සමගම සේවය කළාය. ඉන් වසර 30 ක්ම එම කොට්ඨාශයේ සහන සමිති සභාපතිනිය වශයෙන් ඇය සේවය කලාය. දුප්පත්, රෝගී , වැන්දඹු හා දෙමාපියන් නැතිවු ඕනෑම කෙනෙක් ඇය නිවසට භාරගත් අතර, ඔවුන්ගේ පිරිසිදු දේවමාළිගා ඇඳුම් වලින් මළවුන්ගේ මිනී පවා ආවරණය කළාය.

ඵෙතිහාසික 19 වන ශතවර්ෂයේ පුරෝගාමී පා ගමන මතක තබාගැනීම වැදගත් හා සුදුසු දෙයක් වුවත්, “ජිවිතයේ පාගමන ඉදිරියටම යන” බවත්, “සෑම පියවරක් තුළම ඇදහිල්ල” ඔප්පු කර දීමට අප සියළු දෙනාටම තිබෙන බවත් මතක තබා ගත යුතුය.

රූපය
ප්‍රදේශයේ සභාවලට රැස්වූ සාමාජිකයින්

නව හැරී එන්නන්, බටහිරි එක්සත් ජනපදයේ වු පුරෝගාමී ජනාවාස වෙත එකතු නොවේ. ඒ වෙනුවට , ඔවුහු තම ප‍්‍රදේශිය සභා රැස්වීම් වෙතට එක්රැස් වී, ශූද්ධවන්තයින් සමග යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවිපියාණන්වහන්සේට වන්දනාමාන කරති. ලොව පුරාවටම ස්ථාපිත සභා සමුහ 30,000 ක් සමගින්, සියළු දෙනාම තම තමන්ගේ සයොනයේ රැස්ව සිටිති. ශූද්ධ ලියවිලි වලට අනුව, “සයෝනය නම් මෙයයි- හදවතින් නිර්මල බවයි.”6

ජිවිත මාර්ගයේ ඇවිදින කල “(ස්වාමින්වහන්සේ) අණ කළදෑ සියල්ල ඉෂ්ඨ කරන්නට” අපට හැකිවන්නේදැයි අපි පරික්ෂාවට ලක් වන්නෙමු.7

පෞද්ගිලික තෘප්තිය , අධ්‍යාත්මික ආලෝකය වෙත සොයා යන මේ පුදුමාකාර ගමනක අප බොහෝ දෙනෙක් සිටින්නෙමු. එනමුත්, තවත් සමහර දෙනෙක් ශෝකය, පාපය, වේදනාව හා කණගාටුව වෙත යන ගමනක සිටිති.

මේ අනුසාරයෙන් තමන්ගෙන්ම අසන්න, ඔබගේ අවසන් ගමනාන්තය කුමක්ද? ඔබගේ පියවරවල් යන්නේ කොහේද? ගැලවුම්කරුවාණන් පොරොන්දු වු “ආශිර්වාද ගණනාවක් ” වෙතට ඔබගේ ගමන ඔබ ගෙන යන්නේද?8

දෙවිපියාණන්වහන්සේ වෙතට නැවත යන පා ගමන, අපේ ජිවිතයේ වැදගත් පා ගමනයි. එය සෑම දිනකම, සතියකම, මාසයකම, වසරකම නොනැවතී උන්වහන්සේ කෙරෙහිත් , උන්වහන්සේගේ දයාබර පුත් , යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහිත් අපගේ ඇදහිල්ල වැඩිකර ගනිමින් පවතියි.

ජිවිතයේ දී අපගේ පා සටහන් යන දිශාව පිළිබඳව ප‍්‍රවේශම් විය යුතුය. යේසුස්වහන්සේ තම ගෝලයින්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් වදාළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය, “ඒ දේ සිදුවන්නේ කවදාද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවාද?

යේසුස්වහන්සේ ඔවුනට උත්තර දෙමින් මෙසේ වදාළ සේක, ඔබ කිසිවකු අතින් මුලා නොවන පිණිස බලාගන්න.”9

සභාවේ නායකින්ගේ පෙර කියු අනුශාසනා මම නැවත පවසමි.

  • සහෝදර සහෝදරියනි, ක‍්‍රිස්තුස්වහන්සේගේ ධර්මය නිර්මලව තබාගන්න. එය වෙනස් කරන්නන්ගේ මුලා වලට කිසිදා හසු නොවන්න. පියාණන්වහන්සේ හා පුත‍්‍රයාණන්වහන්සේගේ ධර්මය, මේ අවසාන කාලපරිච්ඡේදයේ අනාගතවක්තෘවරයාණන් වූ ජෝසෆ් ස්මිත් තුළින් නැවත ස්ථාපිත කර ඇත.

  • පත්වීමක් නොකෙරුණු, හෝ සභා කැඳවීම් වලට වෙන් කරවා සභාවේ සාමාජිකයන්ගේ පොදු පිළිගැනීමක් සිදු නොකෙරු පුද්ගලයින්ට සවන් නොදෙන්න.10

  • වර්තමාන ප්‍රේරිතවරුන් හා අනාගතවක්තෘවරුන් නොසතු, නැත්නම් නොතේරුම්ගත් ධර්මයේ සම්බන්ධ ගැටළුවලට රහස් පිළිතුරු ඇති බව පවසන සංවිධාන, කාණ්ඩායම් හෝ පුද්ගලයින්ගෙන් ප‍්‍රවේශම් වන්න.

  • පහසුවෙන් පෝසත් වන ක‍්‍රමෝපායන් පිළිබඳව කියමින් ඔබව ආකර්ෂණය කරන්න උත්සහ දරන්නන්ට සවන් නොදෙන්න. අපගේ සාමාජිකයන් බොහෝ සේ මුදල් නැතිකරගෙන සිටිති. එබැවින් ප‍්‍රවේශම් වන්න.

ඇතැම් ස්ථානවල, සුවය හා දායකත්වය සොයාගැනීමට මිල අධික, සැක සහිත කටයුතු තුළින් සීමාවෙන් ඔබ්බට බලමින් රහස්‍ය දැනුමක් බොහෝ දෙනකු සොයන්නේය.

වසරකට පෙර නිකුත් වු සභාවේ සම්මත නිවේදනයක ප‍්‍රකාශ වන්නේ “මුදල් ගණුදෙනුවක් හරහා - ප‍්‍රාතිහාරමය සුවකිරීම් නැතිනම් නිසි ආකාරයෙන් පත්කරවු පුජකවර දරන්නන් ගෙන් පිට සුව කිරීමේ බලයක් යොදාගැනීමට විශේෂ ක‍්‍රම තිබෙනවා යැයි පොරොන්දු වන ඕනෑම කණ්ඩායමකට සහභාගී වීමෙන් ප‍්‍රවේශම් වන්නට සභිකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.”11

සභාවේ මාර්ගෝපදේශයක සංග‍්‍රහයට අනුව, “සදාචාරාත්මක හෝ නෛතිකමය වශයෙන් සැක සහිත වෛද්‍යය හෝ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්, සභිකයින් භාවිතා නොකළ යුතුය. සෞඛ්‍ය ගැටළු ඇති සාමාජිකයින්ට ප‍්‍රාදේශීය නායකයින් ඔවුන් නිපුණ, වෘත්තිමය, ඔවුන්ගේ රටවල්වල කි‍්‍රයාකිරීමට අවසරලත් පුද්ගලයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවට අවවාද කළ යුතුය.”12

සහෝදර සහෝදරවරියනි, එවැනි ක‍්‍රියාකාරකම් සිතට ආකර්ෂණීය වුවත් ශාරීරික හා අධ්‍යාත්මිකව අවසානයේ දී හානිකර විය හැකි බවට අවබෝධයෙන් හා අවධානයෙන් සිටින්න.

අපගේ පුරෝගාමී මුතුන්මිත්තන් හට, ස්වාධීනත්වය හා නිදහස අත්‍යවශ්‍ය වුවද ඔවුන්ගේ සමාජීය සහජීවනය ද එලෙසටම ඔවුන්ට වැදගත් විය. ඔවුන්ගේ සමයේ වු ශාරීරික හා චිත්තවේගි අභියෝග ජයගන්නට ඔවුන් එකිනෙකාට උපකාර වෙමින් සහයෝගී වුහ. පුරුෂයන්ට, පුජකවර ඝනපූර්ණය තිබුණි, කාන්තාවන්ට සහන සමිතියෙන් සේවය හිමි වුණි, මේ ප‍්‍රතිඵල අද දිනයේ දී නොවෙනස්ව ඇත.

අපගේ සාමාජිකයින්ගේ අධ්‍යාත්මික හා ලෞකික යහපැවැත්මට, සහන සමිතියත්, පුජකවර ඝනපුර්ණයත් දායකත්වය සපයයි.

“සෑම පියවරක් තුළම ඇදහිල්ල” තබා ගෙන ශුභාරංචි මාර්ගයේ සිටින විට ඔබට ස්වර්ගික පියාණන්වහන්සේ හා ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අභියසට නිරුපද්‍රිතව නැවත පැමිණීමට පුළුවනි. ස්වාමීන්වහන්සේ අපගේ උතුම් ගැලවුම්කරුවාණන්ය, උන්වහන්සේ ලෝකයේ මිදුම්කරුවාණන් වේ. උන්වහන්සේගේ ශූද්ධ වු නමට ගෞරව කර, කිසිම අයුරකින්වත් අවභාවිතා නොකර සැමවිටම උන්වහන්සේගේ අණපණත් රකින්නට උත්සහ දැරිය යුතුය. එසේ කරන්නේ නම්, උන්වහන්සේ අපට ආශිර්වාද කර, නැවත දෙවිපියාණන්වහන්සේ කරා අපගේ නිවසට අපට මග පෙන්වනු ඇත.

තම තමන්ගේ ගමනේ කොතැනක සිටියත්, අද දිනයේ දී ඔහු හෝ ඇයගේ ගමනේ සිටිනා ඕනෑම කෙනෙකු වැළඳගෙන පිළිගන්නා ලෙසට මගේ හඬ ඇසෙන මායිමේ සිටිනා සියළු දෙනාටම මම ආරාධනා කරමි.

වැළඳගෙන අනුගාමි වු කල, නොනිමෙන ප‍්‍රීතියක් හා සැනසිල්ල තවද සාදාකාලික ජිවිතය උදාකර දෙන, නැවත ස්ථාපනය කිරීමේ පණිවුඩය හා සමවු ආශිර්වාදයක් බෙදාගන්නට කිසිවෙකුටත් නොහැකි බව මතක තබාගන්න. ධර්මදූතයින්ගේ උපකාරයෙන් අපේ ශක්තිය ජවය හා සාක්ෂිය යොදාගනිමින්, දෙවියන්වහන්සේගේ දරුවන් සොයාගෙන, උගන්වා, බෞතිස්ම කර, ඔවුන්ගේද දෛනික ජිවිතයේ ශුභාරංචියේ බලය සතුකර ගන්නට උපකාර කරමු.

ජාතිවාදය, කුලවාදය, ස්ත්‍රී පුරුශ භේදය ඇතුළත් සියළු භේදයින් තුරන් කර අපි දෙවියන්වහන්සේගේ දරුවන් දයාන්විතව වැළඳගත යුතුය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත ස්ථාපිත ශුභාරංචියේ ආශිර්වාද දෙවියන්වහන්සේගේ සෑම දරුවෙක් සඳහාම බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරමු.

“පා ගමන නතර නොවේ!” යි මා සාක්ෂි දරන අතර, ශුභාරංචි මාර්ගයේ සිටිමින්, දිගටම දෙවියන්වහන්සේගේ දරුවන්ට දයාවෙන් හා පේ‍්‍රමයෙන් දෑත් දිගුහරිමින් ඔබ ඉදිරියටම යමින්, පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේට සැබැවින්ම පේ‍්‍රම කරන්නන්ට හිමිවන “ආශිර්වාද ගණනාව ” ලබන්නට එකමුතුව අපගේ හදවත් නිර්මල කරගෙන පිරිසිදු කරගන්නට දැන් මම ආරාධනා කරමි. මේ සඳහා මම යටහත්ව යාච්ඤා කරන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.