ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 124


124 වන කොටස

1841 ජනවාරි 19, නාවූ, ඉලිනොයිස් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට ලබාදුන් එළිදරව්වකි. ඔවුන්ට විරුද්ධව වැඩිවන්නාවූ හිංසාවන් සහ රජයේ නිළධාරීන් විසින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියාමාර්ගයන් නිසා, මිසුරි හැරයාමට ශුද්ධවන්තයන්ට බලකෙරිණ. 1838 ඔක්තෝම්බර් 27, මිසුරි හි ආණ්ඩුකාර ලිල්බර්න් ඩබ්. බොග්ස් විසින් නිකුත් කරන ලද සමුච්ඡේදන නියෝගය හේතුවෙන්, ඔවුන්ට වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණි. 1841 දී, මෙම එළිදරව්ව ලබාදෙන විට, ඉලිනොයිස් හි කලින් වාණිජ ගම්මානය පිහිටි නාවූ නගරය ශුද්ධවන්තයන් විසින් ඉදිකර තිබූ අතර, තවද මෙහි සභාවේ මූලස්ථානය ස්ථාපිත කර තිබුණි.

1–14, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරුන්ට, සහ සියලු ජාතීන්ගේ පාලකයින්ට ඉතා උනන්දුවෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන ලෙස ජෝසෆ් ස්මිත්ට ආඥා කර තිබුණි; 15–21, හයිරම් ස්මිත්, ඩේවිඩ් ඩබ්. පැටන්, ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ, සහ ජීවත්වන සහ මරණයට පත්වූ අය අතර සිටින අනෙක් අය ඔවුන්ගේ අවංකභාවය සහ ගුණවන්තකම උදෙසා ආශිර්වාද ලද්දෝය; 22–28, ආගන්තුකයන්ගේ සත්කාරය උදෙසා නිවසක් සහ නාවූ හි දේවමාළිගාවක් යන දෙකම ගොඩනැගීමට ශුද්ධවන්තයන්ට ආඥා කරනු ලැබ ඇත්තේය; 29–36, මළවුන් සඳහා බව්තීස්ම දේවමාළිගා තුළ සිදුකළ යුතු වන්නේය; 37–44, ස්වාමින්වහන්සේගේ ජනතාව සැමවිටම ශුද්ධ වූ නියෝගයන් ඉටුකිරීම උදෙසා දේවමාළිගාවන් ගොඩනගති; 45–55, ඔවුන්ගේ සතුරන්ගේ පීඩාවන් නිසා ජැක්සන් ප්‍රාන්තයේ දේවමාළිගාව ගොඩනැගීමෙන් ශුද්ධවන්තයන්ව නිදහස් කරනු ලබන්නේය; 56–83, නාවූ ගෘහය ගොඩනැගීම උදෙසා මගපෙන්වීම් ලබාදී ඇත; 84–96, යතුරු ලබාගැනීමට, සහ ඔලිවර් කවුඩ්‍රිගේ ස්ථානයේ සිටීමට ආදිපිතෘවරයෙකු ලෙස හයිරම් ස්මිත්ව කැඳවනු ලබා ඇත්තේය. 97–122, විලියම් ලෝ සහ අනෙකුත් අය ඔවුන්ගේ වෙහෙසවීම් තුල උපදේශයන් ලබා ඇත්තෝය; 123–145, ඔවුන්ගේ වගකීම් සහ ගණපූරණ සම්බන්ධකම් සමඟ, ප්‍රධාන සහ ප්‍රාදේශීය නිළධාරීන් නම්කරනු ලබා ඇත.

1 සැබවක්, ස්වාමින්වහන්සේ නුඹ හට මෙසේ පවසන සේක, මාගේ සේවක ජෝසෆ් ස්මිත්, නුඹ විසින් කරන ලද, එම නුඹගේ ඔප්පු කිරීම් සහ ප්‍රකාශ කිරීම් සමඟ මම ඉතාමත් ප්‍රසන්න වන්නෙමි; මක්නිසාද මෙම කාරණය උදෙසා මම නුඹව ඔසවා තැබුවෙමි, එනම් පොළොවේ දුර්වල දේවල් තුළින් මම මාගේ ප්‍රඥාව පෙන්වන පිණිසය.

2 නුඹගේ යාච්ඤාවන් මා ඉදිරියේ පිළිගනු ලබන්නේය; තවද ඒවාට පිළිතුරක් ලෙස මම නුඹට මෙසේ පවසන්නෙමි, එනම් මාගේ ශුභාරංචිය පිළිබඳව සහ සයොනයේ ප්‍රධාන ගල වීමට මම ස්ථාපිත කර ඇති, මාළිගාවක සමානත්වයේ ආකාරයට අනුව ඉතා සියුම්ව ඔපදමනු ලැබිය යුතු වන, මෙම ස්ටේකය පිළිබඳව ඉතා උනන්දුවෙන් ශුද්ධ වූ ප්‍රකාශයක් කිරීමට නුඹව දැන් මේ මොහොතේම කැඳවා ඇත්තේය.

3 මෙම ප්‍රකාශය ලෝකයේ සියලු රජවරුන්ටද, එහි වූ සතර කොන් වලටද, ගෞරවනීයව තේරී පත්වූ ජනාධිපතිවරයාටද, තවද නුඹලා ජීවත් වන ජාතියේ උඬඟු ආණ්ඩුකාරවරුන්ටද, තවද පොළොවේ විදේශ රටවල් වල විසිර සිටින්නාවූ සියලු ජාතින්ටද යැවිය යුතු වන්නේය.

4 එය ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මගින් යටහත්කමේ ආත්මයෙන් යුතුව ලිවිය යුතු වන්නේය, එය ලියන අවස්ථාවේ උන්වහන්සේ නුඹ තුළ වන්නෙහිය;

5 මක්නිසාද එම රජවරුන් සහ අධිකාරිවරුන් සම්බන්ධවද, එලෙසම පැමිණීමට නියමිත කාලයේදී ඔවුන් මත කුමක් පතිතවන්නේද යන්න සම්බන්ධවද මාගේ කැමැත්ත දැනගැනීම පිණිස එය නුඹට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් දෙනු ලබන්නේය.

6 මක්නිසාද, බලන්න, සයොනයේ ආලෝකය සහ මහිමයට ඇහුම්කන්දීමට මම ඔවුන්ව කැඳවන්නෙමි, මක්නිසාද ඇයට අනුග්‍රහය දැක්වීම උදෙසා නියම කාලය පැමිණ ඇත්තේය.

7 එසේහෙයින්, නුඹ ඔවුන් මත මහත් ප්‍රකාශයක් සමගින්ද, තවද නුඹගේ සාක්ෂිය සමගින්ද, ඔවුන්ට බිය නොවෙමින් ඔවුන්ව කැඳවන්න, මක්නිසාද ඔවුන් තණකොළ මෙන්ය, තවද ඔවුන්ගේ මහිමය ඉක්මණින් වැටී යන එම මලක් මෙන් වන්නේය, එනම් එලෙසම ඔවුන් නිදහසට කාරණයකින් තොර වන පිණිසය—

8 තවද එනම්, මම ඔවුන් හට එළිදරව් කර ඇති මාගේ සේවකයින් සහ මාගේ සාක්ෂිය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, දත්මිටි කෑම ඇති එහි, කෛයිරාටිකයන් අතර සිටින පීඩා කරන්නාගේ කොටස ඔහුට නියම කරන්නට, මම මාගේ මුහුණ වැස්මෙන් ඉවත්කරන විට, බැහැදැකීමේ දවසේදී මම ඔවුන්ව බැහැදකින පිණිසය.

9 තවද නැවතත්, මම බැහැදැක ඔවුන්ගේ හදවත් මෘදු කරන්නෙමි, නුඹලාගේ යහපත උදෙසා ඔවුන් බොහෝ දෙනෙක් හට එසේ කරන්නෙමි, එනම් නුඹලා ඔවුන්ගේ දෑස් තුළ කරුණාව සොයාගන්නා පිණිසද, එනම් ඔවුන් සත්‍යයේ ආලෝකයට පැමිණෙන පිණිසද, තවද අන්‍ය ජාතිකයන්ද සයොනයේ උත්කර්ෂය හෝ එසවීමට පැමිණෙන පිණිසය.

10 මක්නිසාද මාගේ බැහැදැකීමේ දවස, නුඹලා නොසිතන පැයකදී වේගයෙන් පැමිණෙන්නේය; තවද මාගේ ජනතාවගේ සුරක්ෂිත බවද, තවද ඔවුන්ගේ ඉතිරි වූවන් උදෙසා රක්ෂස්ථානයද කොහිද?

11 අවදිවන්න, අහෝ පොළොවේ රජවරුනි! නුඹලා පැමිණෙන්න, නුඹලාගේ රත්තරං සහ නුඹලාගේ රිදී සමඟ, මාගේ ජනතාවගේ උපකාරයට, සයොනයේ දූවරුන්ගේ ගෘහය වෙතට, අහෝ, නුඹලා පැමිණෙන්න.

12 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක රොබට් බී. තොම්ප්සන්ට මෙම ප්‍රකාශය ලිවීමට නුඹට උපකාර කිරීමට ඉඩදෙන්න, මක්නිසාද මම ඔහු සමඟ ඉතා ප්‍රසන්නව සිටිමි, තවද එනම් ඔහු නුඹ සමඟ සිටිය යුතු වන්නේය;

13 එසේහෙයින්, ඔහුට නුඹගේ උපදේශයන්ට උවමනාවෙන් සවන්දීමට ඉඩදෙන්න, තවද මම ඔහුව ආශිර්වාදයන් බොහොමයක් සමඟ ආශිර්වාද කරන්නෙමි; මෙතැන් සිට ඔහුට සියලුම දේවල් තුළ ඇදහිලිවන්තව සහ සත්‍යවන්තව සිටීමට සලස්වන්න, තවද ඔහු මාගේ දෑස් ඉදිරියේ ශ්‍රේෂ්ඨ වන්නේය;

14 එහෙත් ඔහුගේ භාරකාරත්වය මා ඔහුගේ හස්තයෙන් බලාපොරොත්තු වන බව ඔහුට මතකතබාගැනීමට සලස්වන්න.

15 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක හයිරම් ස්මිත් ආශිර්වාද ලද්දේය; මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම, ඔහුට ප්‍රේම කරන්නේ ඔහුගේ හදවතේ ඇති අවංකභාවය නිසාය, තවද එනම් මා ඉදිරියේ ධර්මිෂ්ඨව තිබෙන දෙයට ඔහු ප්‍රේම කරන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

16 නැවතත්, මාගේ වචනය පොළොවේ රජවරුන්ට සහ ජනතාවට යැවීමට මාගේ සේවක ජෝන් සී. බෙනට් හට නුඹගේ වෙහෙසවීම් වලදී නුඹට උපකාරී වන්නටත්, තවද නුඹගේ පීඩා පැයෙහිදී, මාගේ සේවක ජෝසෆ් ස්මිත් වුවත් වන, නුඹ සමඟ නැගී සිටින්නටත් සලස්වන්න; තවද ඔහු උපදේශ ලබන්නේ නම් ඔහුගේ දීමනාව අසමත් නොවන්නේය.

17 තවද ඔහුගේ ප්‍රේමය උදෙසා ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය, මක්නිසාද ඔහු මෙය කරන්නේ නම් ඔහු මාගේ වන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක. ඔහු ඉටුකර ඇත්තාවූ එම කාර්යය මම දැක ඇත්තෙමි, ඔහු එහි නිරත වෙමින් සිටින්නේ නම් මම එය පිළිගන්නෙමි, තවද ඔහුව ආශිර්වාදයන් සහ මහත් මහිමයකින් ඔටුනු පළඳවන්නෙමි.

18 තවද නැවතත්, මම නුඹ හට පවසන්නෙමි එනම් මාගේ සේවක ලයිමන් වයිට් යටහත්කමේ ආත්මයෙන් යුතුව, ලෝකය ඉදිරියේ මා පිළිබඳ සාක්ෂි දරමින්, සයොනය උදෙසා දේශනාවේ නිරත යුතුවීම මාගේ කැමැත්ත වන්නේය; තවද මම ඔහුව උකුසු පියාපත් වල මෙන් දරන්නෙමි; තවද ඔහු ඔහු උදෙසාද තවද මාගේ නාමය උදෙසාද මහිමය සහ ගෞරවය ලබන්නේය.

19 එනම් ඔහු ඔහුගේ ක්‍රියාව අවසන් කළ පසු මම ඔහුව මා වෙතට ලබාගන්නා පිණිසය, එනම් මේ අවස්ථාවේ මා සමඟ සිටින, මාගේ සේවක ඩේවිඩ් පැටන් හටද, තවද එසේම මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ද, තවද එසේම උන්වහන්සේගේ දකුණු භාගයේ ආබ්‍රහම් සමඟ වාඩිවන, තවද ඔහු මාගේ වන නිසා, ආශිර්වාදිත සහ ශුද්ධ වන, මාගේ වයස්ගත සේවක ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ හටද මම කළාක් මෙන්ය.

20 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝර්ජ් මිලර් වංචාවෙන් තොරය; ඔහුගේ හදවතේ අවංකකම නිසා ඔහුව විශ්වාස කළ යුතු වන්නේය; තවද මාගේ සාක්ෂිය උදෙසා ඔහුගේ ඇති ප්‍රේමය නිසා, ස්වාමින්වහන්සේ වන මම, ඔහුට ප්‍රේම කරමි.

21 එසේහෙයින් මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ට මෙන්, මම ඔහුගේ හිස මත සභානායකත්වයක තනතුර මුද්‍රා කරන්නෙමි, එනම් ඔහු මාගේ ගෘහයේ පාරිශුද්ධිය ලබාගන්නා පිණිසත්, එනම් ඔහු මාගේ ජනතාවගේ දුප්පතුන්ගේ හිස් මත ආශිර්වාදයන් මෙහෙකරන පිණිසත්ය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක. කිසිඳු මනුෂ්‍යයෙකු මාගේ සේවක ජෝර්ජ් හට අවමන් නොකරත්වා, මක්නිසාද ඔහු මට ගෞරව කරන්නේය.

22 මාගේ සේවක ජෝර්ජ්, සහ මාගේ සේවක ලයිමන්, සහ මාගේ සේවක ජෝන් ස්නයිඩර්, සහ අනෙකුත් අයට, මාගේ සේවක ජෝසෆ් ඔවුන්ට පෙන්වන ආකාරයට අනුව, එමෙන්ම ඔහු ඔවුන් හට පෙන්වන ස්ථානය මත, මාගේ නාමයෙන් ගෘහයක් ගොඩනැගීමට සලස්වන්න.

23 තවද එය නවාතැන් ගැනීම උදෙසා ගෘහයක් වන්නේය, නැවතීම උදෙසා දුරින් පැමිණෙන්නාවූ අමුත්තන්ගේ ගෘහයක් වන්නේය; එසේහෙයින් එය සියලු පිලිගැනීම් වලට වටිනා, යහපත් ගෘහයක් වන්නට සලස්වන්න, එනම් වෙහෙසට පත්ව සිටින සංචාරකයා ඔහු ස්වාමින්වහන්සේගේ වචනය සහ මා සයොනය උදෙසා පත්කර ඇති ප්‍රධාන ගල පිළිබඳ මෙනෙහි කිරීමේදී, සෞඛ්‍යාරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය සොයාගන්නා පිණිසය.

24 මෙම ගෘහය මාගේ නාමයෙන් ගොඩනගනු ලබන්නේ නම්, සහ ඒ වෙනුවෙන් පත්කරනු ලබන පාලකයා ඒ මත කිසිඳු දූෂණයක් පැමිණීමට ඉඩනොදෙන්නේ නම්, එය සෞඛ්‍යාරක්ෂිත පදිංචි ස්ථානයක් වන්නේය. එය ශුද්ධවන්ත වන්නේය, නැතහොත් ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ එහි වැඩවසනු නොලබන්නේය.

25 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මාගේ සියලු ශුද්ධවන්තයන්ට දුර සිට පැමිණෙන්නට සලස්වන්න.

26 තවද නුඹලා යුහුසුලු පණිවිඩකරුවන් යවන්න, එසේය, තෝරාගත් පණිවිඩකරුවන්ව යවා, ඔවුන් හට මෙසේ කියන්න: නුඹලාගේ සියලු රත්තරන්ද, තවද නුඹලාගේ රිදීද, තවද නුඹලාගේ වටිනා ගල්ද, තවද නුඹලාගේ සියලු පුරාවස්තූන්ද සමඟ, නුඹලා පැමිණෙන්න; තවද පැමිණෙන, පැමිණෙන්නට ඉඩ ඇති, පුරාවස්තූන් ගැන දැනීමක් ඇති සියල්ලන් සමඟද, තවද කෝටු ගස්ද, තවද දේවදාර ගස්ද, පයින් ගස්ද, ඒ සමඟ පොළොවේ සියලු වටිනා ගස්ද ගෙන එන්න;

27 තවද යකඩ සමඟද, තඹ සමඟද, තවද පිත්තල සමඟද, සග තුත්තනාගම්, සහ නුඹලාගේ පොළොවේ සියලු වටිනා දේවල් සමඟද පැමිණෙන්න; තවද මහෝත්තම වූ තැනැන්වහන්සේ එහි වැඩවසන පිණිස, මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්න.

28 මක්නිසාද උන්වහන්සේ පැමිණ, තවද නුඹලා හට නැතිවූ, හෝ උන්වහන්සේ විසින් පිටතට ගෙන ඇති දේ, එනම් පූජකවරයේ පරිපූර්ණත්වය වුවද නැවත පිහිටුවන්නට වෙනත් ස්ථානයක් පොළොවේ සොයාගන්නට නොමැත්තේය.

29 මක්නිසාද ඔවුන්ට, එනම් මාගේ ශුද්ධවන්තයන්ට, මරණයට පත්වූ එම අයවළුන් උදෙසා බව්තීස්ම කිරීම පිණිස, බව්තීස්ම පොකුණක් පොළොව මත නොමැත්තේය—

30 මක්නිසාද මෙම නියෝගය මාගේ ගෘහයට අයිති වන්නේය, නුඹලාට මා හට නිවසක් ගොඩනැගීමට නොහැකි, නුඹලාගේ දුප්පත්කමේ දවස් වලදී පමණක් හැර, එයින් පිට එය මා හට පිළිගත නොහැක්කේය.

31 එහෙත් මම නුඹලාට ආඥා කරන්නෙමි, මාගේ ශුද්ධවන්තයන් වන නුඹලා සියල්ලෝ, මා උදෙසා ගෘහයක් ගොඩනගන්න; තවද මා වෙතට ගෘහයක් ගොඩනැගීමට ප්‍රමාණවත් කාලයක් මම නුඹලා හට ලබාදෙන්නෙමි; තවද මෙම කාලය තුළදී නුඹලාගේ බව්තීස්මයන් මා හට පිළිගත හැකිවන්නේය.

32 එහෙත් බලන්න, මෙම නියමිත කාලය අවසානයේදී, නුඹලාගේ මළවුන් උදෙසා බව්තීස්මය මා වෙතට පිළිගත හැකි නොවන්නේය; තවද මෙම දේවල් මෙම නියමිත කාලය අවසානයේදී නුඹලා නොකරන්නේ නම්, නුඹලාගේ මළවුන් සමඟ, නුඹලාව සභාවක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබෙන්නේ යැයි, නුඹලාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ පවසන සේක.

33 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මළවුන්ගේ බව්තීස්මය උදෙසා වන නියෝගය අයත් වන, තවද ලෝකය ආරම්භයට පෙර ඒ ආකාරයෙන්ම පිහිටුවන ලද, ගෘහයක් මා වෙතට ගොඩනැගීමට සෑහෙන කාලයක් නුඹලාට ලැබුණු පසු, නුඹලාගේ මළවුන් උදෙසා නුඹලාගේ බව්තීස්මයන් මා හට පිළිගත නොහැකි වන්නේය;

34 මක්නිසාද එම කාරණය උදෙසා ශුද්ධවර පූජකවරයේ යතුරු නියම කරනු ලැබ ඇත්තේය, එනම් නුඹලා ගෞරවය සහ මහිමය ලබන පිණිසය.

35 තවද මෙම කාලයෙන් පසු, විදේශයන් හි විසිරී සිටින අයවළුන් විසින් කරන, නුඹලාගේ මළවුන්ගේ බව්තීස්මයන්, මා වෙතට පිළිගත නොහැකි වන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

36 මක්නිසාද එය සයොනය තුළ, තවද ඇයගේ ස්ටේකයන් තුළ, තවද යෙරුසලම තුළ, සුරක්ෂිතභාවය සඳහා මා නියම කර ඇති එම ස්ථානයන්, නුඹලාගේ මළවුන් උදෙසා නුඹලා බව්තීස්මයන් කරන ස්ථානයන් වන ලෙස නියම කර ඇත්තේය.

37 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ නාමයට නුඹලා ගොඩනගා ඇති එම ගෘහය තුළ නුඹලා එය ඉටුකරනවා හැර, නුඹලාගේ සේදුම් මා වෙතට පිළිගත හැක්කේ කෙසේද?

38 මක්නිසාද, මෙම කාරණය නිසා ඔහු කූඩාරමක් ගොඩනැගිය යුතු බව මම මෝසෙස් හට ආඥා කළෙමි, එනම් ඔවුන් එය වනාන්තරයේ ඔවුන් සමඟ දරාගැනිය යුතුවීමටය, තවද පොරොන්දු දේශයේ ගෘහයක් ගොඩනැගීමටය, එනම් එම ලෝකයේ ආරම්භයට පෙර සිටම සඟවා තිබූ එම නියෝගයන් එළිදරව් කළ හැකිවන පිණිසය.

39 එසේහෙයින්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලාගේ ආලේප කිරීම්, තවද නුඹලාගේ සේදීම්, තවද නුඹලාගේ මළවුන් උදෙසා බව්තීස්මයන්, තවද නුඹලාගේ ශුද්ධ වූ රැස්වීම්, තවද ලෙවිගේ පුත්‍රවරුන් මගින් වූ නුඹලාගේ කැපකිරීම් සඳහා වූ නුඹලාගේ සිහිකිරීම්, තවද නුඹලා සාකච්ඡාවන් ලබන්නාවූ එම නුඹලාගේ වඩාත් ශුද්ධ වූ ස්ථානයන්හි නුඹලාගේ අනාගත වාක්‍යයන්ද, තවද නුඹලාගේ තත්වයන් සහ විනිශ්චයන්, එළිදරව් සහ සයොනයේ අත්තිවාරමේ ආරම්භය උදෙසාද, තවද මහිමය, ගෞරවය උදෙසාද, තවද ඇයගේ සියලු නාගරිකයන්ගේ බලයෙන් සැරසීම් උදෙසාද, මාගේ ශුද්ධ වූ නාමය උදෙසා ගොඩගන ලෙස මාගේ ජනතාවට සැමවිටම ආඥා කර ඇති, මාගේ ශුද්ධ වූ ගෘහයේ නියෝගයන් මගින් නියම කර ඇත්තේය.

40 තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම ගෘහය මාගේ නාමය උදෙසා ගොඩනැගීමට සලස්වන්න, එනම් මාගේ ජනතාවට මාගේ නියෝගයන් ඒ තුළ එළිදරව් කරන පිණිසය;

41 මක්නිසාද ලෝකයේ අත්තිවාරමට පෙර සිටම සඟවා තිබූ දේවල්, සම්පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදයට සම්බන්ධ එම දේවල්, මාගේ සභාවට එළිදරව් කිරීම සුදුසු යැයි මම සැලකුවෙමි.

42 තවද මම මාගේ සේවක ජෝසෆ් ස්මිත් හට මෙම ගෘහය සම්බන්ධවද, තවද එහි වූ පූජකවරයද, තවද එය ගොඩනැගිය යුතු ස්ථානය කොතැනකද යන්න සම්බන්ධවද සියලු දේවල් පෙන්වන්නෙමි.

43 තවද නුඹලා එය ගොඩනැගීමට සිතූ ස්ථානයේ නුඹලා එය ගොඩනැගිය යුතු වන්නෝය, මක්නිසාද එය ගොඩනැගීමට නුඹලා උදෙසා මා විසින් තෝරාගත් ස්ථානය එය වන්නේය.

44 තවද නුඹලාගේ මුළු ශක්තියෙන් නුඹලා වෙහෙසවන්නේ නම්, එම ස්ථානය ශුද්ධ වන පිණිස මම එම ස්ථානය කැපකරන්නෙමි.

45 තවද මාගේ ජනතාව මාගේ හඬට, තවද මාගේ ජනතාව මගපෙන්වීමට මා විසින් පත්කරන තිබෙන්නාවූ මාගේ සේවකයන්ගේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේ නම්, බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ව ඔවුන්ගේ ස්ථානයෙන් පිටතට ඉවත් කිරීමට ඉඩ නොතබන්නෙමි.

46 එහෙත් ඔවුන් මාගේ හඬට, හෝ මා විසින් පත්කරන ලද මෙම මනුෂ්‍යයන්ගේ හඬට උවමනාවෙන් සවන්නොදෙන්නේ නම්, ඔවුන් ආශිර්වාදිත නොවන්නෝය, මක්නිසාද ඔවුන් මාගේ ශුද්ධ වූ භූමීන්, තවද මාගේ ශුද්ධ වූ නියෝගයන්, තවද ව්‍යවස්ථාවන්, තවද මම ඔවුන් හට දෙන ලද මාගේ ශුද්ධ වූ වචන අපවිත්‍ර කරන්නෝය.

47 තවද එය මෙසේ සිදුවන්නේය එනම් නුඹලා මාගේ නාමය උදෙසා ගෘහයක් ගොඩනගන්නේ නම්, තවද මා විසින් කරන්නට කී දේවල් නොකරන්නේ නම්, මා විසින් නුඹලා උදෙසා කරන ලද පොරොන්දුව මම ඉටුනොකරන්නෙමි, එලෙසම මාගේ හස්තයෙන් නුඹලා බලාපොරොත්තු වන පොරොන්දු සම්පූර්ණ නොකරන්නෙමි යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

48 මක්නිසාද ආශිර්වාදයන් වෙනුවට, නුඹලා, නුඹලාගේම ක්‍රියාවන් වලින්, ශාප, කෝපය, උදහස, සහ නුඹලාගේම ස්වකීය හිස්මත විනිශ්චයන්, නුඹලාගේ මෝඩකම් වලින්, තවද නුඹලා මා ඉදිරියේ සිදුකරන නුඹලාගේ සියලු පිළිකුල්කම් වලින් ගෙන එන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

49 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ නාමය උදෙසා කාර්යයක් කිරීමට මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් කිසිවෙකුට මම ආඥාවක් ලබාදෙන විට, තවද එම මනුෂ්‍යය පුත්‍රයන් ඔවුන්ගේ සියලු බලයෙන් සහ ඔවුන්ට ඇත්තාවූ සියල්ල සමඟින් යමින් එම ක්‍රියාව සිදුකරන්නට යන විට, තවද ඔවුන්ගේ උද්යෝගය නොනවත්වන විට, තවද ඔවුන්ගේ සතුරන් ඔවුන් මත පැමිණ ඔවුන්ගේ එම ක්‍රියාව කිරීමට බාධා පමුණුවන විට, බලන්න, එම මනුෂ්‍ය පුත්‍රයන්ගේ හස්තයන්ගෙන් තවදුරටත් එම ක්‍රියාව අවශ්‍ය නොවන බව මට හැඟෙන්නේය, එහෙත් ඔවුන්ගේ ඔප්පුකිරීම් පිළිගනු ලබන්නේය.

50 තවද මාගේ ශුද්ධ වූ නීති සහ ආඥාවන් වලට සිදුවන අයුක්තිය සහ අපරාධය සමඟ මාගේ කාර්යයට බාධා කරන්නන්ගේ හිස් මතට, ඔවුන් පසුතැවිලි නොවන තාක්කල් සහ මා හට වෛර කරන තාක්කල්, තුන්වන සහ හතරවන පරම්පරාවන් දක්වා මම පැමිණෙන්නෙමි යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

51 එසේහෙයින්, මෙම කාරණය උදෙසා මිසුරි හි, ජැක්සන් ප්‍රාන්තයේ, මාගේ නාමය උදෙසා නගරයක් සහ ගෘහයක් ගොඩනැගීමට මා ආඥා කළ, තවද ඔවුන්ගේ සතුරන් විසින් බාධා කරනු ලැබ ඇති අයවලුන්ගේ පරිත්‍යාගයන් මම පිළිගත්තෙමි යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

52 තවද විනිශ්චය, කෝපය, සහ උදහස, විලාපය, සහ වේදනාව, සහ ඔවුන්ගේ හිස්මත දත්මිටි කෑමද සමඟ, ඔවුන් පසුතැවිලි නොවන තාක්කල්, සහ මා හට වෛර කරන තාක්කල්, තුන්වන සහ හතරවන පරම්පරාව දක්වා මම පිළිතුරු දෙන්නෙමි යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

53 තවද කාර්යයක් කිරීම සඳහා ආඥා කරනු ලැබ ඇති සහ ඔවුන්ගේ සතුරන්ගේ හස්තයන් මගින්, සහ බලවත් පීඩාවන් මගින් බාධා කරනු ලැබ ඇති සියල්ලන් සම්බන්ධව නුඹලාගේ සැනසීම උදෙසා මෙය මම නුඹලා හට ආදර්ශයක් ලෙස ලබාදෙන්නෙමි යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

54 මක්නිසාද මම නුඹලාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන්නෙමි, තවද හදවතින් පවිත්‍ර වූද, තවද මිසුරි දේශයේදී මරා දමනු ලැබුවාවූද, නුඹලාගේ සියලුම සහෝදරයන්ව ගලවන්නෙමි යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

55 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම ස්ථානයේ වුවත්, මාගේ නාමයෙන් ගෘහයක් ගොඩනැගීමට නැවතත් මම නුඹලාට ආඥා කරන්නෙමි, එනම් මම නුඹලා හට ආඥා කරන කවරාකාර දෙයකට වුවද සියලු දේවල් හි නුඹලා ඇදහිලිවන්ත බව නුඹලා විසින්ම මා හට ඔප්පු කරන පිණිසය, එනම් මා නුඹලාට ආශිර්වාද කොට, තවද ගෞරවය, අමරණීයත්වය, සහ සදාකාලික ජීවිතය සමග නුඹලාව ඔටුනු පළඳවන පිණිසය.

56 තවද දැන් මම නුඹලා හට පවසන්නෙමි, ඒ අමුත්තන්ගේ නවාතැන් උදෙසා ගොඩනැගීමට නුඹලාට ආඥා කළ මාගේ නවාතැන් ගෘහය සම්බන්ධවය, එය මාගේ නාමය වෙතට ගොඩනැගීමට සලස්වන්න, තවද මාගේ නාමය ඒ මත නම් කරන්නට සලස්වන්න, තවද පරම්පරාවෙන් පරම්පරාවට, මාගේ සේවක ජෝසෆ් ස්මිත්ට සහ ඔහුගේ නිවසට එහි ස්ථානයක් පවතින්නට සලස්වන්න.

57 මක්නිසා මෙම ආලේපය ඔහුගේ හිස මත මම තබන්නෙමි, එනම් ඔහුගේ ආශිර්වාදය ඔහුගෙන් පසු ඔහුගේ මතු පරම්පරාවේ හිස මතද තබනු ලබන්නේය.

58 තවද මම ආබ්‍රහම්ට පොළොවේ වංශයන් සම්බන්ධව පැවසූ ලෙස, ඒ ආකාරයෙන්ම මම මාගේ සේවක ජෝසෆ් හට පවසන්නෙමි: නුඹ තුළද තවද නුඹගේ වංශය තුළද පොළොවේ ඥාතීන් ආශිර්වාදිත වන්නෝය.

59 එසේහෙයින්, පරම්පරාවෙන් පරම්පරාවට, සදාකාලයෙන් සදාකාලයට, මාගේ සේවක ජෝසෆ්ට සහ ඔහුගෙන් පසුව ඔහුගේ වංශයට එම ගෘහයේ ස්ථනයක් තිබීමට සලස්වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

60 තවද එම ගෘහයේ නාමය නාවූ ගෘහය ලෙස හැඳින්වීමට සලස්වන්න; තවද එය මනුෂ්‍යයා උදෙසා ප්‍රසන්න පදිංචි වන ස්ථානයක්ද, තවද වෙහෙසකර සංචාරකයා උදෙසා විශ‍්‍රාම ස්ථානයක්ද වීමට සලස්වන්න, එනම් ඔහු සයොනයේ මහිමයද, තවද මෙහි මහිමයද, එහිවූ ප්‍රධාන ගලද, මෙනෙහි කරන පිණිසය;

61 එනම් කීර්තිමත් ගස්, සහ ඇයගේ බිත්ති මත මුරකරුවන් ලෙස වන්නට මා විසින් සකසන ලද අයවළුන්ගෙන් උපදේශයන්ද ඔහු ලබන පිණිසය.

62 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝර්ජ් මිලර්, සහ මාගේ සේවක ලයිමන් වයිට්, සහ මාගේ සේවක ජෝන් ස්නයිඩර්, සහ මාගේ සේවක පීටර් හෝස් හට, ඔවුන්වම සංවිධානය කරගෙන, තවද එම ගෘහය ගොඩනැගීමේ කාර්යභාරයේ අරමුණ සඳහා ඔවුන්ගේ ගණපූරණයට සභාපතිවරයෙක් වීමට ඔවුන්ගෙන් එක් අයෙක්ව පත්කරගැනීමට සලස්වන්න.

63 තවද එම ගෘහය ගොඩනැගීම සඳහා ඔවුන් කොටස් ලබාගන්නා පිණිස, ඔවුන් සංවිධානයක් සකස්කර ගත යුතු වන්නෝය.

64 තවද ඔවුන් එම ගෘහයේ එක කොටසක් උදෙසා ඩොලර් පනහකට අඩුවෙන් ලබානොගත යුතු වන්නෝය, තවද ඔවුන්ට ඕනෑම එක් මනුෂ්‍යයෙකුගෙන් එම ගෘහය තුළ කොටස් උදෙසා ඩොලර් පහළොස්-දහසක් ලබාගැනීමට ඔවුන්ට අවසර දිය යුතු වන්නේය.

65 එහෙත් ඔවුන්ට ඕනෑම එක් මනුෂ්‍යයෙකුගෙන් ඩොලර් පහළොස්-දහසකට වඩා කොටස් ලබාගැනීමට අවසර ලබා නොදිය යුතු වන්නේය.

66 තවද ඔවුන්ට ඕනෑම එක් මනුෂ්‍යයෙකුගෙන් එම ගෘහයේ කොටසක් සඳහා ඩොලර් පනහකට අඩුවෙන් ලබාගැනීමට අවසර ලබා නොදිය යුතු වන්නේය.

67 තවද ඔහු කොටස් ලබාගන්නා අවස්ථාවේදීම ඔහුගේ කොටස් ඔවුන්ගේ අත් වලට ගෙවීමෙන් හැර, කිසිඳු මනුෂ්‍යයෙකුව, මෙම ගෘහයේ කොටස් හිමිකරුවෙකු ලෙස ලබාගැනීමට ඔවුන්ට අවසර ලබා නොදිය යුතු වන්නේය;

68 තවද ඔහු ඔවුන්ගේ අත් වලට ගෙවන කොටස් වල අගයට සමානුපාතිකව ඔහු එම ගෘහයේ කොටස් ලබන්නේය; එහෙත් ඔහු කිසිවක් ඔවුන්ගේ හස්තයට නොගෙවන්නේද එම ගෘහය තුළ කිසි කොටසක් ඔහු නොලබන්නේය.

69 තවද ඔවුන්ගේ අත් වලට කිසිවෙකු හෝ කොටස් ගෙවන්නේද එය එම ගෘහයේ කොටස් සඳහා වියයුතු වන්නේය, තවද ඔවුන්ගේ සිය කැමැත්තෙන් හෝ ක්‍රියාවෙන් ඔවුන්ගේ අත්වලින් පිටතට ඔවුන් එම කොටස් විකුණන්නේ හෝ පවරන්නේ නොමැතිනම්, ඔහු සහ ඔහුගේ උරුමක්කරුවන් එම කොටස් තබාගෙන සිටින තාක්කල්, නුඹලා මාගේ කැමැත්ත කරන්නේ නම්, ඒවා ඔහු සඳහාද, පරම්පරාවෙන් පරම්පරාවට, තවද ඔහුගෙන් පසු ඔහුගේ පරම්පරාව සඳහාද වන්නේය යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

70 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝර්ජ් මිලර්, සහ මාගේ සේවක ලයිමන් වයිට්, සහ මාගේ සේවක ජෝන් ස්නයිඩර්, සහ මාගේ සේවක පීටර් හෝස්, මුදලින් හෝ මුදල් වල වටිනාකමට සරිලන සේ දේපළ වලින්, ඔවුන්ගේ අත් වලට කිසියම් කොටසක් ලබන්නේද, එම ගෘහය උදෙසා පමණක් හැර, ඔවුන් එම කොටස් වෙනත් කිසිඳු කරුණක් උදෙසා යෙදිය යුතු නොවන්නෝය.

71 තවද ඔවුන් එම ගෘහය සඳහා පමණක් වන, එම කොටස් වලින් කිසියම් ප්‍රමාණයක් කොටස් හිමියාගේ අවසරයෙන් තොරව, වෙනත් ස්ථානයක යොදවන්නේද, තවද ඔවුන් එම ගෘහය සඳහා පමණක් වන, වෙනත් ස්ථානයක යෙදවූ කොටස් සඳහා සිව්-ගුණයකින් නොගෙවන්නේද, ඔවුන් ශාපලත් වන්නෝය, තවද ඔවුන්ගේ ස්ථානයෙන් පිටතට ඉවත්කරනු ලැබිය යුතු වන්නේ යැයි, ස්වාමින් වූ දෙවියන්වහන්සේ පවසන සේක; මක්නිසාද ස්වාමින් වූ, දෙවියන්වහන්සේ මම වෙමි, තවද මෙම මොනයම් දේවල් වලින් වුවත් මා අවමානයට පත්කළ නොහැකි වන්නේය.

72 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝසෆ් හට ඔහුට යහපත් යැයි පෙනෙන ලෙස, මෙම ගෘහය ගොඩනැගීම උදෙසා ඔවුන්ගේ අත් වලට කොටස් ගෙවීමට සලස්වන්න; එහෙත් මාගේ සේවක ජෝසෆ් හට එම ගෘහය තුළ ඩොලර් පහළොස්-දහසකට වඩා, හෝ ඩොලර් පනහකට අඩුවෙන් කොටස් සඳහා ගෙවිය නොහැකි වන්නේය; එලෙසම කිසිඳු මනුෂ්‍යයෙකුට එසේ කළ නොහැකි වන්නේය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

73 තවද එසේම ඔවුන් සම්බන්ධව මාගේ කැමැත්ත දැනගැනීමට කැමති වෙනත් අයවළුන් එහි ඇත, මක්නිසාද ඔවුන් එය මාගේ හස්තයන්ගෙන් අසා ඇත්තෝය.

74 එසේහෙයින්, මාගේ සේවක වින්සන් නයිට් සම්බන්ධව මම නුඹලා හට පවසන්නෙමි, ඔහු මාගේ කැමැත්ත ඉටුකරන්නේ නම් ඔහුට ඔහු සඳහාත්, සහ පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගෙන් පසු ඔහුගේ පරම්පරාවන් සඳහාත්, එම ගෘහය සඳහා කොටස් යොදවන්නට සලස්වන්න.

75 තවද ඔහුට ජනතාව මධ්‍යයේ, දුප්පතුන් හා අවශ්‍යතා ඇති අය වෙනුවෙන් අයැදීමට, ඔහුගේ හඬ දිගින් සහ ශබ්ද නගමින් එසවීමට සලස්වන්න; තවද ඔහුට අසමත් වීමට, හෝ ඔහුගේ හදවත සිහිමුර්ඡා වීමට ඉඩනොදෙන්න; තවද මම ඔහුගේ ඔප්පුකිරීම් පිළිගන්නෙමි, මක්නිසාද ඒවා මා හට කායින්ගේ ඔප්පු කිරීම් මෙන් නොවන්නේය, මක්නිසාද ඔහු මාගේ වන්නේය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

76 ඔහුගේ පවුලට ප්‍රීතිමත්ව තවද ඔවුන්ගේ හදවත් පීඩාවන්ගෙන් ඉවත්කරගැනීමට සලස්වන්න; මක්නිසාද මම ඔහුව තෝරාගෙන සහ ඔහුව ආලේප කර ඇත්තෙමි, තවද ඔහුව ඔහුගේ ගෘහය ඉදිරියේ ගෞරවයට පාත්‍ර කරනු ලබන්නේය, මක්නිසාද මම ඔහුගේ සියලු පාපයන්ට සමාව දෙන්නෙමි යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක. ආමෙන්.

77 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක හයිරම් හට ඔහුට යහපත් යැයි පෙනෙන ලෙස, ඔහු සඳහා සහ පරම්පරාවෙන් පරම්පරාවට, ඔහුගෙන් පසු ඔහුගේ පරම්පරාව සඳහා, එම ගෘහය වෙතට කොටස් යොදවන්නට සලස්වන්න.

78 මාගේ සේවක අයිසැක් ගැලන්ඩ් හට එම ගෘහය උදෙසා කොටස් යොදවන්නට සලස්වන්න; මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, ඔහු ඉටුකර ඇත්තාවූ කාර්යය උදෙසා ඔහුට ප්‍රේම කරන්නෙමි, තවද ඔහුගේ සියලු පාප වලට සමාව දෙන්නෙමි; එසේහෙයින්, පරම්පරාවෙන් පරම්පරාවට එම ගෘහය තුළ ඔහුට කොටස් ඇති ලෙස ඔහුව සිහිපත් කෙරෙත්වා.

79 ඔවුන් වෙතට මාගේ සේවක ජෝසෆ් විසින් නියම කරන ලද ක්‍රියාවන් සම්පූර්ණ කිරීමට මාගේ සේවක හයිරම් සමඟ යාම සඳහා, මාගේ සේවක අයිසැක් ගැලන්ඩ්ව නුඹලා අතරෙන් පත්කරන්නටත්, තවද මාගේ සේවක විලියම් මාර්ක්ස් මගින් නියම කරනු ලැබෙන්නටත්, තවද ඔහු මගින් ආශිර්වාද ලබන්නටත් සලස්වන්න, තවද ඔවුන් මහත්ව ආශිර්වාද ලබනු ඇත.

80 මාගේ සේවක විලියම් මාර්ක්ස් හට, ඔහු සඳහාත් එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට, ඔහුගේ පරම්පරාව සඳහාත්, ඔහුට යහපත් යැයි පෙනෙන ලෙස, එම ගෘහය සඳහා කොටස් යෙදවීමට සලස්වන්න.

81 මාගේ සේවක හෙන්රි ජී. ෂර්වුඩ් හට, ඔහුට යහපත් යැයි පෙනෙන ලෙස, ඔහු සඳහාත් එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගෙන් පසු ඔහුගේ වංශය සඳහාත්, එම ගෘහය සඳහා කොටස් යෙදවීමට සලස්වන්න.

82 මාගේ සේවක විලියම් ලෝ හට, ඔහු සඳහාත් එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගෙන් පසු ඔහුගේ වංශය සඳහාත්, එම ගෘහය සඳහා කොටස් යෙදවීමට සලස්වන්න.

83 ඔහු මාගේ කැමැත්ත කරන්නේ නම් ඔහුට නැගෙනහිර දේශයන් වෙතට, කර්ට්ලන්ඩ් වෙතට වුවත්, ඔහුගේ පවුල රැගෙන නොයාමට සලස්වන්න; එසේවුවද, ස්වාමින්වහන්සේ වන, මම, කර්ට්ලන්ඩ් ගොඩනගන්නෙමි, එහෙත් ස්වාමින්වහන්සේ වන, මම, එහිවූ පදිංචිකරුවන් උදෙසා මහත් පීඩාවක් සූදානම් කර ඇත්තෙමි.

84 තවද මාගේ සේවක ඇල්මොන් බැබිට් සමඟ, එහි මම ප්‍රසන්න නොවන බොහෝ දේවල් ඇත්තේය; බලන්න, මා විසින් නියම කරන ලද, එලෙසම මාගේ සභාවේ සභාපතිත්වයේ, උපදේශයන් වෙනුවට ඔහු ඔහුගේ උපදේශයන් පිහිටුවාලීමට ප්‍රර්ථනා කරන්නේය; තවද ඔහු මාගේ ජනතාවට නමස්කාර කිරීමට රත්තරං ගොනෙකු සාදන්නේය.

85 මාගේ ආඥාවන් පිළිපදින්නට තැත්කරමින් පැමිණි කිසියම් මනුෂ්‍යයෙකුට මෙම ස්ථානයෙන් යාමට ඉඩනොදෙන්න.

86 ඔවුන් මෙහි ජීවත් වන්නේද ඔවුන්ට මා වෙනුවෙන් ජීවත්වීමට සලස්වන්න; තවද ඔවුන් මරණයට පත්වන්නේ නම් ඔවුන්ට මා වෙතට මරණයට පත්වීමට සලස්වන්න; මක්නිසාද ඔවුන් ඔවුන්ගේ සියලු වෙහෙසවීම් වලින් මෙහිදී විශ‍්‍රාම ගත යුතු වන්නෝය, තවද ඔවුන්ගේ ක්‍රියාවන්හි පැවතිය යුතු වන්නෝය.

87 එසේහෙයින්, මාගේ සේවක විලියම් හට ඔහුගේ විශ්වාසය මා වෙත තබන්නටත්, තවද දේශයේ ඇත්තාවූ රෝගයන් නිසා, ඔහුගේ පවුල සම්බන්ධව බියෙන් සිටීමෙන් වැළකීමටත් සලස්වන්න. නුඹ මට ප්‍රේම කරන්නේ නම්, මාගේ ආඥාවන් පිළිපදින්න; තවද දේශයේ රෝගයන් නුඹලාගේ මහිමයේ වාසිය වෙනුවෙන් හැරී එන්නේය.

88 මාගේ සේවක විලියම් හට ඔහු මාගේ ආත්මය මගින් පෙළඹවීම් ලබන පරිදි, වොර්සෝ හි පදිංචිකරුවන් වෙතටද, තවද එලෙසම කාර්තේජ් පදිංචිකරුවන් වෙතටද, තවද එලෙසම බර්ලිංග්ටන්හි පදිංචිකරුවන් වෙතටද, තවද එලෙසම මැඩිසන්හි පදිංචිකරුවන් වෙතටද, ශබ්ද වූ හඬක්‌ සමඟින්ද, තවද මහත් ප්‍රීතියකින්ද ගොස් මාගේ සදාකාලික ශුභාරංචිය දේශනා කිරීමටත්, තවද මාගේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී වැඩිදුර උපදෙස් සඳහා ඉවසිලිවන්තව සහ උද්යෝගයෙන් බලා සිටීමටත් සලස්වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

89 ඔහු මාගේ කැමැත්ත කරන්නේ නම් ඔහු හට මෙතැන් සිට මාගේ සේවක ජෝසෆ්ගේ උපදේශයන්ට උවමනාවෙන් සවන්දෙන්නටත්, තවද ඔහුගේ සම්පත් වලින් දුප්පතුන්ගේ කාරණාවන් උදෙසා උපකාර කිරීමටත්, තවද පොළොවේ පදිංචිකරුවන් වෙත මාගේ ශුද්ධවූ වචනයේ නව පරිවර්ථනය ප්‍රකාශනය කිරීමටත් සලස්වන්න.

90 තවද ඔහු මෙය කරන්නේ නම් මම ඔහුට බොහෝ ආශිර්වාදයන් සමඟ ආශිර්වාද කරන්නෙමි, එනම් ඔහුව අත්හරිනු නොලබා, එමෙන්ම ඔහුගේ වංශය පාන් සිඟමනේ යන තත්වයට පත්නොවන පිණිසය.

91 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක විලියම්ව, මාගේ සේවක හයිරම් වෙනුවට, මාගේ සේවක ජෝසෆ් හට උපදේශකයෙකු ලෙස පත්කොට, නියමකොට, සහ ආලේප කරන්නට සලස්වන්න, එනම් ආශිර්වාදය සහ එලෙසම අයිතිය මගින්, ඔහුගේ පියා විසින් ඔහු වෙතට පත්කරනු ලැබ ඇති, පූජකවරයේ තත්වය සහ ආදිපීතෘත්වය මාගේ සේවක හයිරම් ලබාගන්නා පිණිසය;

92 එනම් මෙතැන් සිට ඔහු මාගේ සියලු ජනතාවගේ හිස් මත ආදිපීතෘ ආශිර්වාදයන්ගේ යතුරු දරන්නේය,

93 එනම් ඔහු ආශිර්වාද කරන කවරෙකුව වුවද ආශිර්වාද කරනු ලබන්නේය, තවද ඔහු කවරෙකුට ශාපකරන්නේද ශාපකරනු ලබන්නේය; එනම් ඔහු කවරාකාර දෙයක් පොළොවේ බඳිනු ලබන්නේද ස්වර්ගයේද බඳිනු ලබන්නේය; තවද ඔහු කවරාකාර දෙයක් පොළොවේ නිදහස් කරනු ලබන්නේද ස්වර්ගයේද නිදහස් කරනු ලබන්නේය.

94 තවද මෙම අවස්ථාවේ සිට ඉදිරියට, මාගේ සේවක ජෝසෆ් ලෙසටම, මාගේ සභාව වෙතට අනාගතවක්තෘවරයෙක්, එමෙන්ම දර්ශන දකින්නෙක්, එමෙන්ම එළිදරව් කරන්නෙක් වීමට මම ඔහුව පත්කරන්නෙමි;

95 එනම් ඔහු එසේම මාගේ සේවක ජෝසෆ් සමඟ එකඟත්වයෙන් ක්‍රියාකරන පිණිසය; තවද එනම් ඔහු මාගේ සේවක ජෝසෆ් වෙතින් උපදේශයන් ලබන පිණිසදය, ඔහු වෙතට ඔහු අසන්නාවූ සහ ලබන්නාවූ එම යතුරු පෙන්වන්නේ ඔහුය, තවද එනම් එක්වරක් ඔහු මත එනම් මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි මත තිබූ පූජකත්වයේ දීමනාවන් වන, එම ආශිර්වාදය, සහ මහිමය, සහ ගෞරවය, සහ පූජකවරය, සහ පූජකවරයේ දීමනා සමඟින් ඔටුනු පළඳින පිණිසය.

96 එනම් මාගේ සේවක හයිරම් මම ඔහු හට පෙන්වන්නාවූ එම දේවල් සම්බන්ධව සාක්ෂි දරන පිණිසය, එනම් ඔහුගේ නම පරම්පරාවෙන් පරම්පරාවට, සදාකාලයෙන් සදාකාලයට ගෞරවනීය සිහිකිරීමක්ව පවතින පිණිසය.

97 මාගේ සේවක විලියම් ලෝ හටද ඔහු ආශිර්වාද ඉල්ලා ඒවා ලබන පිණිස එම යතුරු ලබන්නට ඉඩදෙන්න; ඔහු හට මා ඉදිරියේ යටහත් වන්නටද, තවද වංචාවෙන් තොර වන්නටද සලස්වන්න, තවද ඔහු මාගේ ආත්මය වන, සැනසිලිදායකයාණන් වුවත් ලබන්නේය, එය සියලු දේවල් වල සත්‍යය ඔහුට එළිදරව් කරනු ලබන්නේය, තවද ඔහු පැවසිය යුත්තේ කුමක්දැයි, එම පැයෙහිදීම, ඔහුට දෙනු ලබන්නේය.

98 තවද මෙම සලකුණු ඔහු අනුව එන්නේය—ඔහු රෝගාතුර වූවන්ව සුවපත් කරන්නේය, ඔහු යක්ෂයන්ව දුරුකරන්නේය, තවද ඔහුට මාරන්තික විෂ පොවන්නාවූ එම අයවළුන් වෙතින් නිදහස් කරනු ලබන්නේය;

99 තවද විෂ සහිත සර්පයාට ඔහුගේ පතුල අල්ලාගැනීමට නොහැකි මාර්ගයන්හි ඔහුව මගපෙන්වනු ලැබෙන්නේය, තවද ඔහු ඔහුගේ සිතුවිලි පරිකල්පනය තුළ උකුස්සෙකුගේ පියාපත් මත මෙන් නැගී යන්නේය.

100 තවද ඔහු මළවුන් නැඟිටුවාලිය යුතුවීම මාගේ කැමැත්ත නම්, ඔහු ඔහුගේ හඬ එයින් වළක්වා නොගනිත්වා.

101 එසේහෙයින්, මාගේ සේවක විලියම් හට, ප්‍රීතිය සහ සන්තෝෂය සමඟින්, තවද සදාකාලයෙන් සදාකාලයට සිංහාසනය මත වාඩිවී සිටින උන්වහන්සේට හෝසන්නා සමඟින්, තමාව වළක්වා නොගනිමින් ශබ්දයෙන් යුතුව මොරගැසීමට සලස්වන්න යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

102 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක විලියම් සහ තවද මාගේ සේවක හයිරම් උදෙසා මට ධර්මදූතයක් ඇත්තේය, තවද එය ඔවුන් උදෙසාම පමණක්ය; තවද මාගේ සේවක ජෝසෆ් හට නිවසෙහි රැඳීමට ඉඩදෙන්න, මක්නිසාද ඔහුව අවශ්‍යව ඇත්තේය. මෙයින් පසුව මම නුඹලා හට ඉතිරිය පෙන්වන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.

103 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක සිඩ්නි මා හට සේවය කරමින් මගේ සේවක ජෝසෆ් හට උපදේශකයකු වන්නේද, ඔහුට නැගිට තවද ඔහුගේ කැඳවීමේ තනතුර ගැනීමට ඉදිරියට පැමිණ, තවද මා ඉදිරියේ ඔහුවම යටහත් කරගන්නට සලස්වන්න.

104 තවද පිළිගත හැකි ඔප්පුකිරීමක්, තවද ප්‍රකාශ කිරීමක්, ඔහු මා හට ලබාදෙන්නේ නම්, තවද මාගේ ජනතාව සමඟ පවතින්නේ නම්, බලන්න, ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ වන මම, ඔහු සුවපත් වන පිණිස ඔහුව සුවපත් කරන්නෙමි; තවද ඔහු ඔහුගේ හඬ නැවතත් කඳු මත ඔසවන්නේය, තවද මාගේ මුහුණ ඉදිරියේ ප්‍රකාශ කරන්නෙකු වන්නේය.

105 ඔහුට පැමිණ තවද ඔහුගේ පවුල මාගේ සේවක ජෝසෆ් පදිංචිව සිටින්නාවූ ඒ අසල පදිංචි කරන්නට සලස්වන්න.

106 තවද ඔහුට ඔහුගේ සියලු ගමන් වලදී ඔහුගේ හඬ හොරණෑවක ශබ්දයක් සමඟ ඔසවා, තවද පොළොවේ පදිංචිකරුවන්ට පැමිණෙන්නාවූ කෝපයෙන් පලායාමට අනතුරු හඟවන්නට සලස්වන්න.

107 ඔහුට මාගේ සේවක ජෝසෆ්ට උපකාරී වන්නට සලස්වන්න, තවද එසේම මාගේ සේවක විලියම් ලෝ හට, මා මීට පෙර නුඹලාට කී ලෙසට වුවත්, පොළොවේ රජවරුන් හට ශුද්ධ වූ ප්‍රකාශයක් කිරීමේදී, මාගේ සේවක ජෝසෆ් හට උපකාරී වන්නට සලස්වන්න.

108 මාගේ සේවක සිඩ්නි මාගේ කැමැත්ත කරන්නේ නම්, ඔහුට නැගෙනහිර දේශයන් වෙතට ඔහුගේ පවුල ඉවත්කර නොගන්නට සලස්වන්න, එහෙත් මම පැවසූ ලෙස වුවත්, ඔවුන්ගේ පදිංචිය වෙනස් කරගැනීමට සලස්වන්න.

109 බලන්න, නාවූ නගරය වුවත් වන, මම නුඹලා හට නියම කරනු ලැබූ එම නගරයෙන් ඔහු ආරක්ෂාව සහ රැකවරණය ලබාගැනීමට සෙවීම මාගේ කැමැත්ත නොවන්නේය.

110 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, දැනට වුවත්, ඔහු මාගේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේ නම්, එය ඔහු සමඟ යහපත් වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

111 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ආමෝස් ඩේවිස් හට, නාවූ ගෘහය වුවත් වන, නවාතැන් ගැනීම සඳහා වූ ගෘහයක් ගොඩනැගීමට මා විසින් පත්කර ඇති අයවළුන්ගේ හස්තයන් වලට කොටස් ගෙවීමට සලස්වන්න.

112 ඔහුට කොටසක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔහුට මෙය කිරීමට ඉඩදෙන්න; තවද ඔහුට මාගේ සේවක ජෝසෆ්ගේ උපදේශයන්ට උවමනාවෙන් සවන්දෙන්නටත්, තවද ඔහුට මනුෂ්‍යයන්ගේ විශ්වාසය ලබාගන්නා පිණිස ඔහුගේම ස්වකීය අත්වලින් වෙහෙසවීමටත් සලස්වන්න.

113 තවද එවිට ඔහු ඔහුගේ සැලකිල්ලට භාරකර ඇති සියලු දේවලට ඔහු විශ්වාසවන්ත බව ඔප්පු කළ විට, එසේය, එම ස්වල්ප දේවල් වලට වුවත්, ඔහුව බොහෝ අය මත පාලකයෙකු ලෙස පත්කරනු ලබන්නේය;

114 එසේහෙයින් ඔහු උසස් වන පිණිස ඔහු ඔහුවම පහත්කරගනිත්වා. එය එසේම වන්නේය. ආමෙන්.

115 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක රොබර්ට් ඩී. ෆොස්ටර් මාගේ හඬට කීකරුවන්නේ නම්, ඔහුට ජෝසෆ් සමඟ කරගන්නා ලද එම කොන්ත‍්‍රාත්තුවට අනුව, ඔහුට කාලයෙන් කාලයට දොර විවෘතව තිබෙන ලෙස, මාගේ සේවක ජෝසෆ් උදෙසා නිවසක් ගොඩනගන්නට සලස්වන්න.

116 තවද ඔහුට ඔහුගේ සියලු අනුවණකම් වලට පසුතැවිලි වීමටත්, තවද පවිත්‍ර වූ ප්‍රේමයෙන් ඔහුවම සරසා ගන්නටත්; තවද නපුරු දේවල් කිරීමෙන් වැළකී සිටීමටත්, තවද ඔහුගේ සියලු අකාරුණික කතාවන් පසෙකින් තබන්නටත් සලස්වන්න;

117 තවද ඔහු උදෙසාත්, එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට, ඔහුගෙන් පසු ඔහුගේ පරම්පරාව උදෙසාත්, නාවූ ගෘහයේ ගණපූරණයේ අත්වලට කොටස් ගෙවීමටත්;

118 තවද මාගේ සේවක ජෝසෆ්ගේ, සහ හයිරම්ගේ, සහ විලියම් ලෝගේ, සහ සයොනයේ අත්තිවාරම දැමීමට මා විසින් කැඳවා තිබෙන එම අධිකාරිවරුන්ගේ උපදේශයන් වෙතට උවමනාවෙන් සවන්දෙන්නටත් [සලස්වන්න]; තවද එය ඔහු සමඟ සදාකාලයෙන් සදාකාලයට යහපත් වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

119 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මොර්මොන්ගේ පොත, සහ මා නුඹලා හට ලබාදෙන ලද එළිදරව් විශ්වාස කරන අයෙකු වන්නේ නම් මිස හැර, කිසිඳු මනුෂ්‍යයෙකු හට නාවූ ගෘහයේ ගණපූරණයට කොටස් ගෙවීමට ඉඩනොදෙන්න යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක;

120 මක්නිසාද එනම් මෙයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් පැමිණෙන්නේද එය පැමිණෙන්නේ නපුරෙන්ය, තවද ඒවා ආශිර්වාදයන් සමඟ නොව ශාපයන් සමඟින් ලබන්නේ යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක. එය එසේම වන්නේය. ආමෙන්.

121 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නාවූ ගෘහයේ ගණපූරණය හට එම නාවූ ගෘහය ගොඩනැගීම සඳහා ඔවුන් කරන ඔවුන්ගේ සියලු වෙහෙසවීම් සඳහා සාධාරණ වැටුප් ප්‍රතිලාභයක් ලබාගන්නට සලස්වන්න; තවද ඔවුන්ගේ වේතනයන්, එහි වූ මිල සම්බන්ධයෙන් ඔවුන් අතර එකඟතාවයකින් යුතු වීමට සලස්වන්න.

122 තවද ඔවුන්ගේ උපකාරය සඳහා, එය අවශ්‍යම වන්නේ නම්, කොටස් ගෙවන සෑම මනුෂ්‍යයෙකුටම ඔවුන්ගේ වේතන වල ඔහුගේ කොටස දැරීමට ඉඩදෙන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක; නැතහොත්, ඔවුන්ගේ වෙහෙසවීම් එම ගෘහයේ ඔවුන්ගේ කොටස් ලෙස ගණන්ගැනෙනු ලැබෙන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

123 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම දැන් නුඹලා හට මාගේ පූජකවරයට අයත්වන්නාවූ තනතුරු ලබාදෙන්නෙමි, එනම් නුඹලා, එනම් මාගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව, මෙල්කිසදෙක්ගේ පිළිවෙලට අනුව වන පූජකවරය වන, එහි වූ යතුරු දරන පිණිසය.

124 පළමුව, මම නුඹලා වෙතට ආදිපීතෘවරයෙකු වීමට හයිරම් ස්මිත්ව ලබාදෙන්නෙමි, එනම් පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ වුවත් වන, මාගේ සභාවේ මුද්‍රා කිරීමේ ආශිර්වාදය දැරීමටය, එමගින් නුඹලා මිදීමේ දවස වනතෙක් මුද්‍රා වීමටය, එනම් නුඹලා මත පැමිණෙන මිදීමේ පැය කුමක් වුවත් නුඹලා නොවැටී සිටින පිණිසය.

125 මාගේ සභාව මත මුලසුන දරන වැඩිහිටියෙකු වීමටත්, පරිවර්තකයෙකු, එළිදරව් කරන්නෙකු, දර්ශන දකින්නෙකු, සහ අනාගතවක්තෘවරයෙකු වීමටත්, මාගේ සේවක ජෝසෆ්ව මම නුඹලා හට ලබාදෙන්නෙමි.

126 උපදේශකයන් ලෙස මාගේ සේවක සිඩ්නි රිග්ඩන් සහ මාගේ සේවක විලියම් ලෝව මම ඔහු හට ලබාදෙන්නෙමි, එනම් මේ අයවළුන් විසින් මුළු සභාවටම අනාගත වාක්‍යයන් ලබාගැනීම සඳහා, පළමු සභාපතිත්ව ගණපූරණයක් පිහිටුවන පිණිසය.

127 මම නුඹලා හට මාගේ සේවක බ්‍රිගම් යන්ග්ව ගමන්ගන්නා දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව මත සභාපතිවරයා වීමට ලබාදෙන්නෙමි;

128 එම දොළොස්දෙනා පොළොවේ සතර කොනෙහි මාගේ රාජ්‍යයේ අධිකාරිත්වය විවෘත කිරීම සඳහාද, තවද එයින් පසු මාගේ වචනය සෑම කෙනෙක් වෙතටම යැවීමටද යතුරු දරන්නේය.

129 ඔවුන් හේබර් සී. කිම්බල්, පාර්ලි පී. ප‍්‍රැට්, ඔර්සන් ප‍්‍රැට්, ඔර්සන් හයිඩ්, විලියම් ස්මිත්, ජෝන් ටේලර්, ජෝන් ඊ. පේජ්, විල්ෆර්ඩ් වුඩ්රෆ්, විල්ලරඩ් රිඩර්ඩ්ස්, ජෝර්ජ් ඒ. ස්මිත් වේ;

130 මම ඩේවිඩ් පැටන්ව මා වෙතට රැගෙන ඇත්තෙමි; බලන්න, ඔහුගේ පූජකවරය කිසිඳු මනුෂ්‍යයෙකු ඔහුගෙන් ඉවතට නොගන්නේය; එහෙත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, වෙන අයෙකුව එම කැඳවීම සඳහාම පත්කළ හැකිවන්නේය.

131 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට, සයොනයේ ප්‍රධාන ගල උදෙසා, උසස් මන්ත්‍රණ සභාවක් ලබාදෙන්නෙමි—

132 නාමිකව, සැමුවෙල් බෙන්ට්, හෙන්රි ජී. ශර්වුඩ්, ජෝර්ජ් ඩබ්. හැරිස්, චාර්ලස් සී. රිච්, තෝමස් ග්‍රොවර්, නිවෙල් නයිට්, ඩේවිඩ් ඩොර්ට්, ඩන්බර් විල්සන්—සෙමොර් බෘන්සන්ව මම මා වෙතට රැගෙන ඇත්තෙමි; ඔහුගේ පූජකවරය කිසිඳු මනුෂ්‍යයෙකු ඔහුගෙන් ඉවතට නොගන්නේය, එහෙත් වෙනත් අයෙකුව ඔහු වෙනුවට එම පූජකවරයටම නියම කරනු ලැබිය හැකිවන්නේය; තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ආරොන් ජොන්සන්ව මෙම කැඳවීම වෙතට ඔහු වෙනුවට පත්කරනු ලබන්නට සලස්වන්න—ඩේවිඩ් ෆුල්මර්, අල්ෆෙවුස් කට්ලර්, විලියම් හන්ටිග්ටන්.

133 තවද නැවතත්, මම නුඹලා හට ඩොන් සී. ස්මිත්ව උත්තම පූජකවරුන්ගේ ගණපූරණයක සභාපතිවරයා වීමට ලබාදෙන්නෙමි;

134 එම නියෝගය ස්ථාපිත කර ඇත්තේ විදේශයන්හි පැතිර ඇති විවිධ ස්ටේක මත ස්ථාවර සභාපතිවරුන් හෝ සේවකයින් ලෙස පත්කරනු ලබන අයවළුන්ට සුදුසුකම් ලබාදීමේ අරමුණ සඳහාය;

135 තවද එසේම තෝරාගන්නේ නම් ඔවුන්ට ගමන් කළ හැකිය, එහෙත් ඔවුන්ව නියමකර ඇත්තේ ස්ථාවර සභාපතිවරුන් වීම සඳහාය; මෙය ඔවුන්ගේ කැඳවීමේ තනතුර වන්නේ යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

136 මම ඔහු වෙතට අමාසා ලයිමන් සහ නෝවා පැකාර්ඩ් යන අයව උපදේශකයන් ලෙස ලබාදෙන්නෙමි, එනම් ඔවුන් මාගේ සභාවේ උත්තම පූජකවරුන්ගේ ගණපූරණය මත සභාපතිත්වය දැරීම සඳහාය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

137 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට ජෝන් ඒ. හික්ස්, සැමුවෙල් විලියම්ස්, සහ ජෙස්සේ බේකර් යන අයව ලබාදෙන්නෙමි, එම පූජකවරය වැඩිහිටියන්ගේ ගණපූරණය මත සභාපතිත්වය දැරීමටය, එම ගණපූරණය ස්ථාවර දේවසේවකයන් සඳහා ස්ථාපිත කර ඇත්තේය; කෙසේවෙතත් ඔවුන්ට ගමන් කළ හැකි වුවත්, එහෙත් ඔවුන්ව මාගේ සභාවේ ස්ථාවර දේවසේවකයන් ලෙස නියමකර ඇත්තේය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

138 තවද නැවතත්, මම නුඹලා හට ජෝසෆ් යන්ග්, ජෝසියා බටර්ෆීල්ඩ්, ඩැනියෙල් මිල්ස්, හෙන්රි හෙරිමාන්, සෙරා පුල්ශිෆර්, ලෙවී හැන්කොක්, ජේම්ස් ෆොස්ටර් යන අයව, හැත්තෑවරුන්ගේ ගණපූරණය මත සභාපතිත්වය දැරීමට ලබාදෙන්නෙමි;

139 මාගේ ප්‍රේරිතයන් වන, ගමන්ගන්නා උසස් මන්ත්‍රණ සභාව ඔවුන්ව යවනා කුමන ස්ථානයක වුවද මාගේ මුහුණ ඉදිරියේ මාර්ගය සූදානම් කිරීම සඳහා, මුළු ලෝකය පුරාම මාගේ නාමය පිළිබඳ සාක්ෂි දැරීමට ගමන්ගන්නා වැඩිහිටියන් උදෙසා එම ගණපූරණය ස්ථාපිත කොට ඇත්තේය.

140 මෙම ගණපූරණයේ සහ වැඩිහිටියන්ගේ ගණපූරණයේ වෙනස වන්නේ එනම් එක් කණ්ඩායමක් නිතර ගමන්ගන්නේය, තවද අනෙක කාලයෙන් කාලයට සභාවන් මත සභාපතිත්වය දරන්නේය; එක් කණ්ඩායමක් කාලයෙන් කාලයට සභාපතිත්වය දැරීමේ වගකීම දරන්නේය, තවද අනෙකට සභාපතිත්වය දැරීමට වගකීමක් නොමැත්තේය යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

141 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට වින්සන් නයිට්, සැමුවෙල් එච්. ස්මිත්, සහ ශඩ්‍රක් රෞන්ඩි යන අයව ලබාදෙන්නෙමි, ඔහු එය පිළිගන්නේ නම්, සභානායකත්වය මත සභාපතිත්වය දැරීමටය; මෙම පවසන ලද සභානායකත්වය පිළිබඳ දැනුම දහම සහ ගිවිසුම් යන පොතෙහි නුඹලාට ලබාදී ඇත්තේය.

142 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, පූජකවරුන් ලෙස සැමුවෙල් රෝල්ෆ් සහ ඔහුගේ උපදේශකයින්වද, ගුරුවරුන්ගේ සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයින්වද, තවද එසේම උපස්ථායකවරුන්ගේ සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයින්වද, තවද එසේම ස්ටේකයේ සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයින්වද [මම නුඹලා හට ලබාදෙන්නෙමි].

143 තවද ඉහත තනතුරු සහ එහිවූ යතුරු, මම නුඹලා හට ලබාදී ඇත්තේ, උපකාරයන් සහ පාලනයන් සඳහාද, දේවසේවයේ කාර්යය සහ මාගේ ශුද්ධවන්තයින්ව පරිපූර්ණ කිරීම සඳහාය.

144 තවද මම නුඹලා හට ආඥාවක් ලබාදෙන්නෙමි, එනම් නුඹලා මෙම සියලු තනතුරු සම්පූර්ණ කරන පිණිස මම සඳහන් කර ඇති සියලු නාමයන් මාගේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී පිළිගැනීමට හෝ නොපිළිගැනීමට ඉදිරිපත් කළ යුතුය;

145 තවද එනම් නුඹලා මාගේ නාමයෙන් මාගේ ගෘහය ගොඩනගන විට මෙම සියලු තනතුරු උදෙසා එහි කාමර සූදානම් කළ යුතු වන්නේය යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක. එය එසේම වන්නේය. ආමෙන්.