ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 13


13 වන කොටස

1829 මැයි 15, හාර්මනි, පෙන්සිල්වේනියාව අසල, අනාගතවක්තෘවරයා සහ ඔලිවර් කවුඩ්‍රි ආරෝනික පූජකවරයට නියම කරනු ලැබීම ගැන කියවෙන ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසයෙන් උපුටාගැනීමකි. නියම කිරීම කරනු ලැබූයේ යොහාන් යැයි තමාවම හඳුන්වා දුන් දේවදූතයෙකුගේ අත් වලිනි, ඔහු අලුත් ගිවිසුමේ යොහාන් බෞතීස්ත යැයි නම් කරනු ලැබූ එම තැනැත්තාමය. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරය ලෙස හඳුන්වන, උසස් පූජකත්වයේ යතුරු ඉසිලූ, අතීත ප්‍රේරිතවරුන් වන, පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්ගේ මගපෙන්වීම යටතේ බව එම දේවදූතයා පැහැදිලි කළේය. ජෝසෆ් සහ ඔලිවර් හට යථා කාලයේදී මෙල්කිසදෙක් පූජකවරය ඔවුන් මත ප්‍රදානය කරනු ලබන පොරොන්දුව දෙනු ලැබීය. (27:7–8, 12 කොටස් බලන්න.)

ආරෝනික පූජකවරයේ යතුරු සහ බලය පිහිටුවනු ලැබීය.

1 මාගේ යටහත් සේවකයන් මත, මෙසියස්වහන්සේගේ නාමයෙන් මම ආරොන්ගේ පූජකවරය දානය කරන්නෙමි, එය දේවදූත දේවසේවය, තවද පසුතැවිල්ලේ ශුභාරංචිය, සහ පව් කමාව උදෙසා ගිල්වීමේ බව්තීස්මයේ යතුරුද උසුලන්නේය; තවද මෙය ස්වාමින්වහන්සේට ධර්මිෂ්ඨකමින් ලෙවීගේ පුතුන් නැවතත් පිදුමක් ඔප්පු කරන තුරු, පොළොවෙන් කිසිවිටකත් නැවතත් ගනු නොලබන්නේය.