ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 1


දහම සහ ගිවිසුම්

1 වන කොටස

1831 නොවැම්බර් 1, හයිරම්, ඔහායෝ හි, සභාවේ වැඩිහිටියන්ගේ විශේෂිත සම්මන්ත්‍රණයකදී අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ‍මෙම කාලයට පෙර බොහෝ එළිදරව් ස්වාමින්වහන්සේ වෙතින් ලැබී තිබිණි, තවද මේවා පොතක ආකාරයෙන් එක්රැස්කොට ප්‍රකාශනය කිරීමට සම්මන්ත්‍රණයේදී සම්මත කරගත් එක් මූලික කාරණයක් වූයේය. මෙම කොටසට මේ කාලපරිච්ජේදයේ ස්වාමින්වහන්සේගේ දහම, ගිවිසුම් සහ ආඥාවන්ට පෙරවදනක් ඇතුළත් වන්නේය.

1–7, අනතුරු හැඟවීමේ හඬ සියලු ජනතාවටය; 8–16, ඇදහිල්ලෙන් වැටීයාම සහ දුෂ්ටකම දෙවන පැමිණීමට පෙර සිදුවන්නේය; 17–23, ජෝසෆ් ස්මිත්ව කැඳවනු ලැබූයේ පොළොවේ ස්වාමින්වහන්සේගේ සත්‍යය සහ බලය නැවත පිහිටුවනු ලැබීමටය; 24–33, මොර්මොන්ගේ පොත ඉදිරියට ගෙන එනු ලබයි තවද සත්‍ය සභාව පිහිටුවනු ලබයි; 34–36, පොළොව වෙතින් සමාදානය ඉවතට ගනු ලබන්නේය; 37–39, මෙම ආඥාවන් සොයන්න.

1 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ සභාවේ ජනතාවෙනි, ඉහළ ස්ථානයේ වැඩසිටින උන්වහන්සේගේ හඬ පවසන සේක, තවද උන්වහන්සේගේ ඇස් සියලු මනුෂ්‍යයන් මත වන්නේය; එසේය, සැබවක් මම පවසන්නෙමි: දුර සිටින ජනයෙනි නුඹලා උවමනාවෙන් සවන්දෙන්න; තවද මුහුදේ දූපත් මත සිටින නුඹලා, එක්ව සවන්දෙන්න.

2 මක්නිසාද සැබවක් ස්වාමින්වහන්සේගේ හඬ සියලු මනුෂ්‍යයන් හටය, තවද එහි කිසිවෙකුටත් බේරීමක් නැත්තේය; තවද එහි නොදකින ඇසක් නොමැත්තේය, නොඇසෙන කනක්ද නොමැත්තේය, විනිවිද නොයන හදවතක්ද නොමැත්තේය.

3 තවද කැරලිකරුවන් මහත් වේදනාවක් සමඟ පසාරු කරන්නේය; මක්නිසාද ඔවුන්ගේ අයුතුකම් නිවෙස් මුදුන් මතින් කතාකරනු ලබන්නේය, තවද ඔවුන්ගේ රහස් ක්‍රි‍යාවන් එළිදරව් කරනු ලබන්නේය.

4 තවද මෙම අවසන් දවස්හිදී මා විසින් තෝරාගන්නා ලද, මාගේ ගෝලයන්ගේ මුඛයන් මගින් එන, අනතුරු හැඟවීමේ හඬ සියලු මනුෂ්‍යයන් හටය.

5 තවද ඔවුන් පෙරට යනු ඇත තවද කිසිවෙක් ඔවුන්ට බාධා නොකරන්නේය, මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට ආඥාකර ඇත්තෙමි.

6 බලන්න, මේ මාගේ අධිකාරියයි, එමෙන්ම මාගේ සේවකයන්ගේ අධිකාරියයි, අහෝ පොළොවේ වැසියනි, එය නුඹලා හට ප‍්‍රකාශ කිරීමට ඔවුන්ට දුන්, මාගේ ආඥා පොතට පෙරවදන වන්නේය.

7 එසේහෙයින්, බියපත්වී තවද වෙව්ලාපල්ලා, අහෝ ජනතාවෙනි, මක්නිසාද ස්වාමින් වන මම එහි නියෝග කළ දේ කුමක්ද එය සම්පූර්ණ කරනු ලබන්නේය.

8 තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් පොළොවේ වැසියන්ට මෙම ශුභාරංචිය ගෙනයමින්, පෙරට යන ඔවුන්ට, පොළොවේ සහ ස්වර්ගයෙහි යන දෙකෙහිම මුද්‍රා කිරීමට බලය දෙනු ලබන්නේය, නොඇදහිලිවන්තයන්ටද සහ කැරලිකාරයන්ටද;

9 එසේය, සැබවක්, දෙවියන්වහන්සේගේ උදහස දුෂ්ටයන් මත සීමාවකින් තොරව වගුරුවන දවස තෙක් ඔවුන්ව මුද්‍රා කිරීමටය—

10 සෑම මනුෂ්‍යයාටම ඔහුගේ ක්‍රියාවන්ට අනුව, සහ ඔහු ඔහුගේ සහෝදර මනුෂ්‍යයා මනිනු ලැබූ ආකාරයටම සෑම මනුෂ්‍යයාවම මනිනු ලබමින් විපාක දීමට එම දවසේදී ස්වාමින්වහන්සේ පැමිණෙන සේක.

11 එසේහෙයින් ස්වාමින්වහන්සේගේ හඬ පොළොවේ අන්තයන් දක්වා වන්නේය, එනම් අසන සියල්ලන්ටම එය ඇසෙන පිණිසය:

12 නුඹලා සූදානම් වෙයල්ලා, පැමිණෙන්නා වූ දේ උදෙසා නුඹලා සූදානම් වෙයල්ලා, මක්නිසාද ස්වාමින්වහන්සේ ලඟම සිටින සේක;

13 තවද ස්වාමින්වහන්සේගේ උදහස ඇවිලී ඇත්තෙහිය, තවද උන්වහන්සේගේ අසිපත ස්වර්ගයෙහි සේදී ඇත්තෙහිය, තවද එය පොළොවේ ජීවත් වන්නවුන් මත වැටෙන්නේය.

14 තවද ස්වාමින්වහන්සේගේ හස්තය හෙළිකරනු ලබන්නේය; ස්වාමින්වහන්සේගේ හඬට, එමෙන්ම උන්වහන්සේගේ සේවකයන්ගේ හඬට ඇහුම්කන් නොදෙන, එමෙන්ම අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ වචන වලට ඇහුම්කන් නොදෙන ඔවුන්ව, ජනතාව අතරින් කපාහරිනු ලබන දිනය පැමිණෙන්නේය;

15 මක්නිසාද ඔවුන් මාගේ නියෝගයන් වෙතින් ඉවත්වී ඇත, එමෙන්ම මාගේ සදාකාලික ගිවිසුම බිඳ දමා ඇත;

16 උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිහිටුවීමට ඔවුන් ස්වාමින්වහන්සේව සොයන්නේ නැත, එහෙත් සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේම ස්වකීය මාර්ගයේ ගමන් කරන්නේය, තවද එම රූපය ලෝකයේ සමානත්වයක් ගන්නා, ඔහුගේ සාරය පිළිමයක් මෙන්වූ, වැටෙන්නට නියමිත වූ, ශ්‍රේෂ්ඨ බැබිලෝනිය වන එම බැබිලෝනිය තුළ පැරණි වී විනාශ වන, ඔහුගේම ස්වකීය දෙවි කෙනෙකුගේ රූපයකට අනුව, ගමන් කරනු ලබන්නේය.

17 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන මම, පොළොවේ ජීවත් වන්නවුන් හට පැමිණෙන්නට තිබෙන එම විපත්තිය දැන, මාගේ සේවකයා වූ ජෝසෆ් ස්මිත් කනිෂ්ඨ කැඳවා, ස්වර්ගයේ සිට ඔහුට කතා කළෙමි, තවද ඔහුට ආඥාවන් ලබාදුන්නෙමි;

18 තවද එසේම එනම් ඔවුන් මෙම දේවල් ලෝකයට ප‍්‍රකාශ කරන පිණිස, අනෙක් අයටද ආඥාවන් ලබාදුන්නෙමි; තවද එනම් අනාගතවක්තෘවරුන් විසින් ලියන ලද එම සියල්ල සම්පූර්ණ වන පිණිසය—

19 ලෝකයේ දුර්වල දේවල් පෙරට පැමිණ බලවත් සහ ශක්තිමත් අයවළුන්ව කඩා බිඳදමන්නේය, එනම් මනුෂ්‍යයා ඔහුගේ සහෝදර මනුෂ්‍යයාට උපදෙස් නොදිය යුතු අතර, මාංශයේ බාහුව විශ්වාස නොකළ යුතුවේ—

20 නමුත් සෑම මනුෂ්‍යයෙකුම ලෝකයේ ගැළවුම්කරුවාණන් වන, දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ නාමයෙන් කතා කළ යුතු වන්නේය;

21 එනම් එසේම පොළොව තුළ ඇදහිල්ල වැඩිවනු පිණිසය;

22 එනම් මාගේ සදාකාලික ගිවිසුම පිහිටුවනු ලබන පිණිසය;

23 එනම් මාගේ ශුභාරංචියේ පූර්ණත්වය රජවරුන් සහ පාලකයන් ඉදිරියේ ලෝකයේ අන්තයන් දක්වා දුර්වල සහ සරල අයවළුන් වෙතින් ප‍්‍රකාශ කරනු ලබනු පිණිසය.

24 බලන්න, දෙවියන්වහන්සේ වන මම එය ප‍්‍රකාශ කළෙමි; මෙම ආඥාවන් මාගෙන් වන්නේය, තවද මාගේ සේවකයන්ට ඔවුන්ගේ දුර්වලකමේදී, ඔවුන්ගේ භාෂාවේ ආකාරයට දෙන ලද්දේය, එනම් ඒවා ඔවුන්ගේ තේරුම්ගැනීමට පැමිණීමටය.

25 තවද එපමණකින් ඔවුන් වැරදි කරන තරමටම එය පෙන්වාදෙනු ලබන පිණිසය;

26 තවද එපමණකින් ඔවුන් ප‍්‍රඥාව සොයන තරමටම ඔවුන්ට උපදෙස් දෙනු ලබන පිණිසය;

27 තවද එපමණකින් ඔවුන් පව් කරන තරමටම ඔවුන් පසුතැවිලි වන පිණිස, ඔවුන්ව තරවටු කරනු ලබන පිණිසය;

28 තවද එපමණකින් ඔවුන් යටහත් වන තරමටම ඔවුන්ව ශක්තිමත් කරනු ලබන්නේය, තවද ඉහළින් ආශිර්වාද ලබන්නෝය, තවද කලින් කලට දැනුම ලබාගන්නෝය.

29 තවද නෙපිවරුන්ගෙන් වාර්තාවන් ලැබී‍මෙන් පසුව, එසේය, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වුවත්, දෙවියන්වහන්සේගේ දයාවෙන්, දෙවියන්වහන්සේගේ බලයෙන් මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට බලය ලබනු පිණිසය.

30 තවද එසේම මෙම ආඥාවන් දෙනු ලැබූ ඔවුන්ට, මෙම සභාවේ අත්තිවාරම දැමීමේ බලය ලැබෙන පිණිසත්, අප්‍රසිද්ධියෙන් පිටතට සහ අන්ධකාරයෙන් පිටතට පෙරට ගෙන ඒමටත්, පොළොවේ මුහුණත මත තිබෙන එකම සත්‍ය සහ ජීවමාන සභාව වන, එය සමඟ, ස්වාමින්වහන්සේ වන, මම, ඉතා ප‍්‍රසන්න වෙමි, සභාවට පුද්ගලිකව නොව තවද සාමුහිකව කතාකරන්නෙමි—

31 මක්නිසාද ස්වාමින්වහන්සේ වන මට ඉතා සුළුවෙන්වත් පාපය දෙස බැලීමට නොහැක;

32 එසේවුවද, පසුතැවිලිව ස්වාමින්වහන්සේගේ ආඥාවන් පවත්වන්නාට කමාව දෙනු ලබන්නේය;

33 තවද පසුතැවිලි නොවෙන්නා වෙතින්, ඔහු ලබා තිබුනාවූ ආලෝකය වුවත් ඔහුගෙන් ගනුලබන්නේය; මක්නිසාද මාගේ ආත්මය මනුෂ්‍යයා සමඟ සැමවිට පරිශ‍්‍රම නොදරන්නේ යැයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.

34 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, අහෝ පොළොවේ ජීවත් වන්නෙනි: ස්වාමින්වහන්සේ වන මම මේ දේවල් සියලු මාංශයන්ට දැන්වීමට කැමැත්තෙමි;

35 මක්නිසාද මම පුද්ගලයන්ගේ තරාතිරම් නොබලන්නෙමි, තවද සියලු මනුෂ්‍යයන් දවස ඉක්මණින් පැමිණෙන බව දැනගන්නවාට කැමැත්තෙමි; එම පැය තවම නැත, නමුත් එය අත ලඟය, එවිට පොළොව වෙතින් සාමය ගනු ලබන විට, තවද යක්ෂයා ඔහුගේ ස්වකීය ආධිපත්‍යය මත බලය ලබන්නේය.

36 තවද එසේම ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ ශුද්ධවන්තයන් මත බලය ඇත්තේය, තවද ඔවුන් මධ්‍යයේ රජකම් කරනු ලබන්නේය, තවද ඒදෝම හෝ ලෝකය මතට විනිශ්චය සමඟම පැමිණෙන්නේය.

37 මෙම ආඥාවන් සොයන්න, මක්නිසාද ඒවා සත්‍යය සහ ඇදහිලිවන්තය, තවද ඒ තුළ ඇති අනාවැකි සහ පොරොන්දු සියල්ල සම්පූර්ණ වනු ඇත.

38 ස්වාමින්වහන්සේ වන මම පවසන ලදදේ කුමක්ද, මම පවසා ඇත්තෙමි, තවද මම එයින් ඉවත් නොවන්නෙමි; ස්වර්ගයන් සහ පොළොව පහව ගියත්, මාගේ වචන පහව නොයන්නේය, නමුත් සියල්ල සම්පූර්ණ කරනු ලබන්නේය, එය මාගේ ස්වකීය හඬින් හෝ මාගේ සේවකයින්ගේ හඬින් වුවත්, එය සමානය.

39 මක්නිසාද බලන්න, තවද බලව, ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේය, තවද ආත්මය සාක්ෂි දරන්නේය, තවද වාර්තාව සත්‍යයය, තවද සත්‍යය සදාකාලයෙන් සදාකාලයට පවතින්නේය. ආමෙන්.