ප්‍රධාන සම්මන්ත්‍රණය
සැඟවුණු ගින්නක චලනයන්
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


සැඟවුණු ගින්නක චලනයන්

දෙවියන්වහන්සේ අප කරන සෑම යාච්ඤාවකටම සවන් දෙන අතර අපගේ පරිපූර්ණත්වය සඳහා උන්වහන්සේ පෙන්වා දී ඇති මාර්ගයට අනුව ඒ සෑම කෙනෙකුටම ප්‍රතිචාර දක්වයි.

සහෝදර සහෝදරියනි, මම අවසන් වරට 2022 ඔක්තෝම්බර් මාසයේදී මෙම ධර්මාසනයේ වාඩි වූ දායින් පසු වේදනාකාරී පාඩමක් ඉගෙන ගත්තෙමි. එම පාඩම නම්: ඔබ පිළිගත හැකි කථාවක් ලබා නොදෙන්නේ නම්, ඊළඟ සම්මන්ත්‍රණ කිහිපයක් සඳහා ඔබව තහනම් කළ හැකි බවයි. මෙහි පළමු සැසිවාරයේදී මට කලින්ම පැවරිලා තියෙනවා ඔබට පෙනෙනවා ඇති. ඔබට නොපෙනෙන දෙය නම් මම ඉතා සියුම් අගුලක් සහිත බිම්දොරක් මත ස්ථානගත වී සිටින බවයි. මෙම කතාවත් අසාර්ථක වුවහොත්, මම ඔබව තවත් සම්මන්ත්‍රණ කිහිපයකට නොදකිමි.

මේ ලස්සන ගායන කණ්ඩායම සමඟ ඒ ලස්සන ගීතිකාවේ ආත්මය තුළ, මම මෑතකදී පාඩම් කිහිපයක් ඉගෙන ගත්තා, ස්වාමීන්ගේ උපකාරයෙන්, මම අද ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. ඒකෙන් මේක ගොඩක් පෞද්ගලික කතාවක් වෙයි.

මේ මෑතකාලීන අත්දැකීම් අතරින් වඩාත්ම පෞද්ගලික සහ වේදනාකාරී වන්නේ මගේ ආදරණීය බිරිඳ පැට්ගේ අභාවයයි. ඇය මා දන්නා ශ්‍රේෂ්ඨතම කාන්තාව විය—පරිපූර්ණ බිරිඳක් සහ මවක්, පාරිශුද්ධත්වය, ඇගේ ප්රකාශ කිරීමේ දීමනාව, ඇගේ ආත්මිකත්වය ගැන කිසිවක් කිව නොහැකි. ඇය වරක් “ඔබේ මැවිල්ලේ නියමය ඉටු කිරීම” යන මාතෘකාවෙන් දේශනයක් පැවැත්වීය. මට පෙනෙන්නේ ඇය තම මැවිල්ලේ නියමය කිසිවෙකු සිහිනෙන්වත් සිතන්නට වඩා සාර්ථකව ඉටු කර ඇති බවයි. ඇය දෙවියන්වහන්සේගේ සම්පූර්ණ දියණියක් වූ අතර ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශවත් කාන්තාවක් විය. මගේ ජීවිතයේ අවුරුදු 60 ක් ඇය සමඟ ගත කිරීමට හැකි වූ නිසා පිරිමින් අතරින් මම වඩාත් වාසනාවන්ත විය. මම සුදුසු බව ඔප්පු කළහොත්, අපගේ මුද්‍රා තැබීමෙන් අදහස් කරන්නේ මට ඇය සමඟ සදාකාලිකව ගත කළ හැකි බවයි.

මගේ බිරිඳගේ භූමදානයෙන් පැය 48 කට පසු තවත් අත්දැකීමක් ආරම්භ විය. ඒ වෙලාවේ මම දරුණු වෛද්‍ය ගැටලුවකට ලක්වී ඉක්මනින් රෝහලට ගෙන ගියා. ඉන්පසු සති හයක පළමු සති හතර සිහිය නැතිව දැඩි සත්කාර ඒකකයේ සහ ඉන් පිටත සතියක් ගත කළෙමි.

එම මුල් කාලසීමාව තුළ රෝහලතුල මා ලද අත්දැකීම් සියල්ලම පාහේ මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත. ගිලිහී නොයන දෙය නම් රෝහලෙන්පිටතට, සදාකාලිකත්වයේ කෙළවරට යන ලෙස හැඟුනු ගමනක් පිළිබඳ මගේ මතකයයි. මට එම අත්දැකීම ගැන මෙහි සම්පුර්ණයෙන් කථා කළ නොහැක, නමුත් මට ලැබුණු දෙයින් කොටසක් නම්, බලවත් ඕනෑකමෙන්, වැඩි කැපවීමෙන්, ගැලවුම්කරුවාණන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර, උන්වහන්සේගේ වචනය කෙරෙහි වැඩි විශ්වාසයකින් යුතුව නැවත මගේ දේවසේවයට පැමිණෙන ලෙස අවවාදයක් විය.

මීට වසර 200 කට පමණ පෙර දොළොස් දෙනාට ලබා දුන් එළිදරව්වක මගේම පුද්ගලික අනුවාදයක් මට ලැබෙන බව මට දැනෙන්නේ නැතුව ඉන්න බැරි වුණා:

“ඔබ මාගේ නාමය ලියා තැබිය යුතුය … [සහ] මාගේ වචනය පොළොවේ කෙළවර දක්වා යවන්න. …

“… උදයෙන් උදයටය; සහ දවසින් දවසට ඔබේ අනතුරු ඇඟවීමේ හඬ පිටවේවා.; රාත්‍රිය එළඹෙන විට ඔබේ කතාව නිසා පොළොවේ වැසියන්ට නින්ද නොයන්න. …

“නැඟිට[,] … ඔබේ කුරුසිය රැගෙන [සහ] මා අනුගමනය කරන්න.”1

මගේ ආදරණීය සහෝදරියනි සහ සහෝදරියනි,එම අත්දැකීමෙන් පසු, උදේ, දවල් සහ රාත්‍රියේදී උණුසුම් හා අනතුරු ඇඟවීමේ අපෝස්තලික හඬක් මට නැඟිය හැක්කේ කොතැනින්දැයි සොයා බැලීමට විශාල අධිෂ්ඨානයකින් යුතුව මම මගේ කුරුසය වඩාත් උනන්දුවෙන් ගැනීමට උත්සාහ කළෙමි.

ඒ අහිමිවීම්, රෝගාබාධ සහ දුක්ඛිත මාසවලදී පැමිණි තුන්වන සත්‍යය වෙත එය මා ගෙන යයි. එය මා ප්‍රතිලාභියා වූ මෙම සභාවේ අධිෂ්ඨානශීලී යාඥාවන්—ඔබගේ යාච්ඥාවන්හි—ඵලදායිතාව පිළිබඳ නව සාක්ෂියක් සහ නිමක් නැති කෘතඥතාවක් විය. කන්නලව් කළ වැන්දඹුව2 මෙන් නැවත නැවතත් මා වෙනුවෙන් ස්වර්ගයේ මැදිහත්වීම පැතූ දහස් ගණනකගේ ආයාචනාවලට මම සදාකාලිකවම කෘතඥ වෙමි. මම පූජකවර ආශිර්වාද ලබා ගත් අතර, සභාව පුරා සමහර කොට්ඨාස කිහිපයක කළාක් මෙන්, මගේ උසස් පාසැල් පන්තිය මා වෙනුවෙන් නිරාහාරව සිටිනු මම දුටුවෙමි. සභාවේ සෑම දේවමාළිගාවකම පාහේ යාච්ඥා පත්‍රයේ මගේ නම තිබෙන්නට ඇත.

මේ සියල්ල සඳහා මගේ ගැඹුරු කෘතඥතාව පළ කරමින්, මම ජී. කේ. චෙස්ටර්ටොන් සමඟ එකඟ වෙමි, ඔහු වරක් පැවසුවේ “ස්තුතිය යනු සිතුවිල්ලක ඉහළම ආකාරයයි; සහ … කෘතවේදීත්වය යනු පුදුමයකින් සතුට දෙගුණ කිරීමයි.”3 මගේම “ දෙගුණ තෙගුණ වූ සතුට’’ සමඟ මම ඔබ සැමට ස්තූතිවන්ත වන අතර ඔබගේ යාච්ඤාවලට සවන් දී මගේ ජීවිතයට ආශීර්වාද කළ ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ට ස්තුති කරමි.

සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අප කරන සෑම යාච්ඤාවක්ම අසන බවත්, අපගේ පරිපූර්ණත්වය සඳහා උන්වහන්සේ පෙන්වා දී ඇති මාර්ගයට අනුව ඒ සෑම එකකටම ප්‍රතිචාර දක්වන බවත් මම සාක්ෂි දෙමි. ඒ අතරම දළ වශයෙන් බොහෝ දෙනෙක් මගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යාඥා කළ බවත්, මා ද ඇතුළුව— ඒ සමාන පිරිසක්— මගේ බිරිඳගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යාඥා කළ බවත් මම දනිමි. පැට් වෙනුවෙන් කරන ලද යාච්ඤා වලට මම විමසු ආකාරයට පිළිතුරු නොලැබුණත්, එම යාඥාවන් දෙකම දිව්‍යමය දයානුකම්පිත ස්වර්ගික පියාණන් විසින් අසා පිළිතුරු දුන් බවට මම සාක්ෂි දෙමි. අපි බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් ලෙස යාච්ඤාවලට පිළිතුරු ලැබෙන්නේ දෙවියන් වහන්සේ පමණක් දන්නා හේතු නිසා ය—නමුත් මම ඔබට පොරොන්දු වෙනවා ඒවා අසනු ලබනවා කියලා, සහ ඒවාට පිළිතුරු ලැබෙන්නේ උන්වහන්සේගේම සහතික ආදරය හා කාල සටහනට අනුව ය.

අපි “ඉල්ලන්නෙ වැරදි දෙයක් නොවේ”4 නම්, අප යාච්ඤා කළ යුත්තේ කවදාද, කොතැනද, කුමක් ගැනද යන්නට සීමාවක් නැත. එළිදරව් කිරීම්වලට අනුව, අපි “සෑම විටම යාච්ඤා කළ යුතුය.”5 “ධර්මිෂ්ඨ [ජනතාවගේ] දැඩි යාච්ඤාවෙන් බොහෝ ප්‍රයෝජන ලැබේ”7 යන විශ්වාසය ඇතිව, “අපි වටා සිටින අය”6 වෙනුවෙන් අපි යාච්ඤා කළ යුතු යැයි, අමුලෙක් පැවසීය. ඒවා ඔප්පු කිරිමට අපට පෞද්ගලිකත්වය ඇති විට අපගේ යාච්ඤාවන් වාචික විය යුතුය.8 එය ප්‍රායෝගික නොවන්නේ නම්, ඒවා අපගේ හදවත් තුළ නිහඩ ප්‍රකාශ ලෙස ගෙන යා යුතුය.9 යාච්ඤාවන් “සැඟවුණු ගින්නක චලනයක්” 10 ලෙස, ගැලවුම්කරුවාණන්ට අනුව, සදාකාලික පියාණන් වන දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමයෙන් සැමවිටම පිරිනැමිය යුතු බව අපි ගායනා කරමු.11

මගේ ආදරණීය මිත්‍රවරුනි, අපගේ යාච්ඤාවන් අපගේ මිහිරිම හෝරාවයි,12 අපගේ වඩාත්ම “අවංක ආශාවයි”,13 අපගේ සරලම, නිර්මල නමස්කාර ක්‍රමයයි. 14 අපි තනි තනිව, අපේ පවුල්වල සහ විවිධ ප්‍රමාණයේ සභාවල යාච්ඤා කළ යුතුයි.15 අප යාච්ඤාව පරීක්ෂාවට එරෙහිව පලිහක් ලෙස යොදා ගත යුතු අතර, 15යාච්ඤා නොකිරීමට අපට හැඟෙන යම් වේලාවක් ඇත්නම්, ඕනෑම වේලාවක සහ සෑම විටම උන්වහන්සේගේ දරුවන් සමඟ සන්නිවේදනය කිරීමට ආශා කරන දෙවියන් වහන්සේගෙන් පැකිලීමක් නොපැමිණෙන බවට අපට සහතික විය හැකිය. නිසැකයෙන්ම, අපව යාච්ඤා කිරීමෙන් වැළක්වීමට සමහර උත්සාහයන් සෘජුවම පැමිණෙන්නේ විරුද්ධවාදියාගෙනි.17 යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳව අප නොදනී නම්, අප ආරම්භ කළ යුතු අතර, අප විසින් ඔප්පු කළ කළ යුතු යාච්ඤාවට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට මඟ පෙන්වන තුරු දිගටම කරගෙන යා යුතුය.18 මෙම ළඟාv වීම අපගේ සතුරන් සහ අපව නොසැලකිලිමත් ලෙස භාවිතා කරන අය වෙනුවෙන් යාච්ඤා කිරීමේදී අප ඉල්ලා සිටිය යුතු ළඟා වීමක් විය හැකිය.19

අවසාන වශයෙන්, අපට බොහෝ විට යාච්ඤා කළ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය දෙස බැලිය හැකිය. නමුත් යේසුස්වහන්සේට යාච්ඤා කිරීමේ අවශ්‍යතාවක් දැනීම මට නිතරම කුතුහලයක් විය. උන්වහන්සේ පරිපූර්ණ නොවේද? උන්වහන්සේට යාච්ඤා කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ගැනද? හොඳයි, උන්වහන්සේටද අප සමඟ “[පියාණන්ගේ] මුහුණ සෙවීමට, උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමට සහ උන්වහන්සේගේ කරුණාව විශ්වාස කිරීමට” අවශ්‍ය බව මට වැටහී ඇත.20 කාලයෙන් කාලයට, උන්වහන්සේ තම යාච්ඤාවෙන් ස්වර්ගය විදීමට පෙර තනිව සිටීමට සමාජයෙන් බැහැරට ගියේය. 21 වෙනත් අවස්ථාවලදී, උන්වහන්සේ සගයින් කිහිපදෙනෙකු සමඟ යාච්ඤා කළේය. එවිට උන්වහන්සේ කඳු බෑවුමක් ආවරණය කළ හැකි තරම් විශාල පිරිසක් වෙනුවෙන් ස්වර්ගය සොයනු ඇත. සමහර අවස්ථාවලදී යාච්ඤාව උන්වහන්සේගේ වස්ත්‍ර මහිමයට පත් කළේය.22 සමහර විට එය උන්වහන්සේගේ මුහුණ මහිමයට පත් කළේය.23 සමහර වෙලාවට උන්වහන්සේ යාච්ඤා කිරීමට සිටගන්නවා, සමහර වෙලාවට උන්වහන්සේ දණින් වැටෙනවා, අඩුම තරමින් එක් වරක් උන්වහන්සේ යාච්ඤාවේදී මුහුණට වැටී සිටියේය.24

ලූක් විස්තර කරන්නේ යේසුස්වහන්සේ පව් කමා කිරීමට පහතට පැමීණීම නිසා “ වඩා උනන්දුවෙන්” යාච්ඤා කිරීමට උන්වහන්සේට අවශ්‍ය වූ බවයි.25 පරිපූර්ණ වූ කෙනෙක් වඩාත් උනන්දුවෙන් යාච්ඤා කරන්නේ කෙසේද? උන්වහන්සේගේ සියලුම යාඥාවන් ඉතා උනන්දුවෙන් සිදු වූ නමුත්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය ඉටු කිරීමේදී සහ එහි විශ්වීය ආරම්භයට පැමිණි වේදනාව තුළින්, සෑම සිදුරකින්ම ලේ ගෙනෙන උන්වහන්සේගේ පරිත්‍යාගයේ බර සමඟින්, උන්වහන්සේට තව තවත් බැගෑපත්ව යාඥා කිරීමට හැඟුණු බව අපි උපකල්පනය කරමු.

මරණයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය සහ උන්වහන්සේගේ මෑත කාලීන ත්‍යාගයේ මට තවත් සති හෝ මාස කිහිපයක් මරණීය භාවයේදී, මම සදාකාල ජීවනයේ යථාර්ථය සහ ඒ සඳහා අපගේ සැලසුම් කිරීමේදී බැරෑරුම්ව සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව බරපතල සාක්ෂි දරයි.

ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන විට, උන්වහන්සේ අපව හඳුනා ගත යුත්තේ - වියැකී ගිය බව්තීස්ම වාර්තාවක ලැයිස්තුගත කර ඇති නාමික සාමාජිකයන් ලෙස නොව, සම්පූර්ණයෙන්ම කැප වූ, ඇදහිලිවන්තව විශ්වාස කරන, ගිවිසුම් රකින අනුගාමිකයින් ලෙස බව මම සාක්ෂි දරමි. විනාශකාරී පසුතැවිල්ලකින් කිසිදා අසන්නට නොලැබෙන, මෙය අප සැමට හදිසි කාරණයකි: “මම ඔබව කිසිදා දැන සිටියේ නැත,” 26 හෝ, ජෝසෆ් ස්මිත් එම වාක්‍ය ඛණ්ඩය පරිවර්තනය කළ පරිදි, “[ඔබ] මාව කවදාවත් දැන සිටියේ නැත.”27

වාසනාවකට මෙන්, මෙම කාර්යය සඳහා අපට උපකාර ඇත—බොහෝ උපකාර ඇත. අපි දේවදූතයන් හා ආශ්චර්යයන් සහ ශුද්ධ පූජකවරයේ පොරොන්දු විශ්වාස කළ යුතුයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව, යහපත් පවුල්වල සහ මිතුරන්ගේ බලපෑම සහ ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ප්‍රේමයේ බලය අප විශ්වාස කළ යුතුය. අපි එළිදරව් කිරීම සහ අනාගතවක්තෘවරුන්, දකින්නන්, සහ එළිදරව් කරන්නන් සහ සභාපති රසල් එම්. නෙල්සන් විශ්වාස කළ යුතුයි. යාච්ඤාවෙන් හා ආයාචනා කිරීමෙන් සහ පුද්ගලික ධර්මිෂ්ඨකමෙන්, අපට සැබවින්ම “සියොන් කන්දට, … ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය, ස්වර්ගීය ස්ථානය, සියල්ලටම වඩා ශුද්ධ” වෙත නැඟිය හැකි බව අප විශ්වාස කළ යුතුය.28

සහෝදර සහෝදරියනි, අප අපගේ පව් ගැන පසුතැවිලි වී, අපගේ දානයන් සහ අපගේ හෘදයාංගම කන්නලව් උන්වහන්සේ ඉදිරියෙහි තබා නිර්භීතව එම “කරුණාවේ සිංහාසනයට”29 පැමිණෙන විට, අපගේ සදාකාලික පියාණන්ගේ සහ උන්වහන්සේගේ කීකරු, පරිපූර්ණ පුත්‍රයාණන්ගේ නිර්මල දෑතින් කරුණාව සහ අනුකම්පාව සහ සමාව අපට ලැබෙනු ඇත. එවිට, යෝබ් සහ සියලු විශුද්ධ කළ ඇදහිල්ල සමඟ, අපට තේරුම්ගත නොහැකි “අතිවිශිෂ්ට” 30 ලෝකයක් පෙනෙනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.