ප්‍රධාන සම්මන්ත්‍රණය
නැගී එන පරම්පරාවට සහයෝගය දක්වමින්
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


නැගී එන පරම්පරාවට සහයෝගය දක්වමින්

යෞවනයන්ගේ ජීවිත තුළ ඇති සබඳතා ඔවුන්ගේ තේරීම් කෙරෙහි විශාලතම බලපෑමක් ඇති කරයි.

ඔබ සමඟ කතා කිරීමට සූදානම් වීමේදී, මම හිලමන් සහ අම්මෝන් ජනයාගේ තරුණ පුත්රයන්ගේ කතාවට ඇදී ගියෙමි. මෙම වාර්තාව අධ්යයනය කිරීම තුළින් දෙමව්පියන්ට, සභානායකයින්ට සහ සභාවේ සාමාජිකයින්ට උගන්වන මෝමන්ගේ පොතේ අනාගතවක්තෘවරුන්ගේ බලය මට දැනී ඇත.

හිලමන් යනු තරුණ අම්මෝන්වරුන්ට විශ්වාස කළ හැකි මිනිසෙකි. ධර්මිෂ්ඨව වර්ධනයට හා පරිණත වීමට ඔහු ඔවුන්ට උපකාර කළේය. ඔවුන් ඔහුව දැන සිටියා සහ ඔහුට ආදරය කළ අතර “[ඔහු] ඔවුන්ගේ නායකයා විය යුතුවීමට ඔවුහු කැමතිවූවෝය.”1

හිලමන් මේ තරුණයන්ට පුතුන්ට මෙන් ආදරය කළ අතර ඔවුන්ගේ හැකියාවන් දුටුවේය.2 වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්නුවා “සභාවේදී, අන් අයට ඵලදායී ලෙස සේවය කිරීම සඳහා අප ස්වර්ගික පියාණන් වහන්සේගේ … දෑස් තුලින් ඔවුන්ව දැකගත යුතුය. ආත්මයක සැබෑ වටිනාකම වටහා ගැනීමට අපට පටන්ගත හැක්කේ එවිට පමණි. ස්වර්ගික පියාණන්වහන්සේ සිය සියලු දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමය අපට දැනෙන්නේ එවිට පමණි.”3 අද සභානායකයින්ට ඔවුන්ගේ රැකවරණය තුළ සිටින තරුණයින්ගේ දිව්යමය අනන්යතාවය දැකීමට වටහා ගැනීමේ ශක්තියෙන් ආශීර්වාද කර ඇත.

හිලමන් ඔවුගේ රැකවරණය තුළ සිටින තරුණයිව “ගණන් කළේය.”4 ඔහු ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ප්රමුඛත්වය දුන්නේය.

ජීවිතයත් මරණයත් සමතුලිතව එල්ලී තිබූ තීරණාත්මක අවස්ථාවක, හිලමන් සහ ඔහුගේ තරුණ රණශූරයන් ඔවුන් පසුපස හඹා යන හමුදාව ගැන සොයා බැලීම අහිමි විය. හිලමන් තරුණයන්ට උපදෙස් දුන්නේය.

“බලන්න ඔවුන් නැවතී ඇත්තේයයි අපි සිතන්නෙමු මක්නිසාද අපි ඔවුන්ට විරුද්ධව පැමිණිය යුතුය යන අරමුණ සඳහාය. …

“එසේහෙයින් නුඹලා කුමක් කියන්නෙහුද, මාගේ පුත්රයෙනි … ?”5

මෙම ඇදහිලිවන්ත තරුණයින් පිරිමින් පිළිතුරු දෙමින්, “පියාණනි, අපගේ දෙවියන්වහන්සේ අප සමඟය, එනම් අප වැටීමට උන්වහසේ ඉඩ නොදෙන සේක; එසේනම් අප පෙරට යන්නෙමු.”6 හිලමන් මෙම තරුණයින්ගේ අධිෂ්ඨානයට7 ක්රියා කිරීමට8 සහාය දුන් බැවින්, එදිනය ජය ගන්නා ලදී.

තරුණ අම්මොන්වරුන්ට විශාල හේතුවක් තිබූ අතර ඔවුන් “ජනතාවගේ සහයෝගය” තුළ නිර්භීත වූහ.9 හිලමන්ගේ නායකත්වයෙන් යුත් “මේ කුඩා බලවේගය” පළපුරුදු නෙපිවරුන්ගේ හමුදාවන්ගේ හදවත් තුළට “මහත් බලාපොරොත්තු සහ බොහෝ ප්‍රීතිය”10 පතුරුවා හැරියේය. සභානායකවරයින්ට කොට්ටාශය ආශීර්වාද කිරීම සහ ඊශ්රායෙලය රැස් කිරීම සඳහා ඔවුන්ගේ අද්විතීය දක්ෂ යෞවනයින්ට නායකත්වය දිය හැකිය. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ “මෙය [ඔවුන්] පොළොවට එවන ලද මෙහෙවර බවයි.”11

මෙම තරුණ අම්මොන්වරුන් මෙන් “සියලු කාලයන්හීදි කවරාකාර දෙයක් ඔවුන්ට භාරදෙනු ලැබුවෝද ඔවුන් සත්යවූහ,”12 හිලමන් ඇදහිලිවන්තව තම නායකයන් අනුගමනය කළේය. අභියෝගය හෝ පසුබෑම කුමක් වුවත්, හිලමන් සෑම විටම “ස්ථිරව අධිෂ්ඨානයෙන් ”13 සිටියේ ඔවුන්ගේ අරමුණ ඉදිරියට ගෙන යාම සඳහා. ය. “[තම] කුඩා පුත්රයන් සමඟ ඉදිරියට යන ලෙස” ඔහුට නියම කළ විට,14 ඔහු කීකරු විය.

“කොට්ඨාශයේ තරුණ කාන්තා සභාපතිවරුන් සමඟ උපදෙස් දීම” සඳහා අපගේ නායකයින්ගේ මඟ පෙන්වීම් සභානායකයින් අනුගමනය කරන බැවින් අද තරුණයින් ආශීර්වාද ලබයි.15 තරුණයන් වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට සභානායකවරුන්ට සහ තරුණ කාන්තා සභාපතිවරුන්ට උපදෙස් දෙන බව ස්ටේක සභාපතිවරු සහතික කරති.16

හිලමන් ගිවිසුම්වලට ගරු කළේය. ගැටවර තරුණයන්ගේ දෙමාපියන්ට අම්මොන් ශුභාරංචිය ඉගැන්වූ විට, මෙම දෙමාපියන් විවෘත හදවතින් එය වැළඳ ගත්හ. ඔවුන් තම ධර්මිෂ්ඨ අනුගාමිකත්වයේ නව ජීවිතයට ඔවුන් කෙතරම් කැපවී සිටියේද යත්, “ඔවුන්ගේ කැරැල්ලේ ආයුධ බිම තැබීමට” ඔවුන් ගිවිසුමක් ඇති කර ගත්හ.17 ඔවුන් මෙම ගිවිසුම කඩ කිරීම ගැන සලකා බැලීමටත්, සටන් කිරීමේ ඔවුන්ගේ හුරුපුරුදු අතීතයට ආපසු යාමටත්, හේතු වූ එකම දෙය නෙපිවරුන් අනතුරේ සිටිනු දැකීමයි.

අම්මෝන්වරුන්ට අවශ්ය වූයේ ඔවුන්ට ආරක්ෂිත නිවසක් ලබා දුන් මේ මිනිසුන්ට උපකාර කිරීමටය. හිලමන්, තවත් අය සමඟ, කිසි විටෙකත් සටන් නොකිරීමට ඔවුන්ගේ ගිවිසුම තබා ගැනීමට ඔවුන්ව පොළඹවා ගත්තේය. මෙම අම්මෝන්වරුන් ඔවුන්ගේ කඩු සහ ඊතල වලින් ලබා දිය හැකි ශක්තියට වඩා දෙවියන් වහන්සේ ලබා දෙන ශක්තිය කෙරෙහි ඔහු වැඩි විශ්වාසයක් තැබීය.

හිලමන් සහ ඔහුගේ තරුණ රණවිරුවන් දුෂ්කර අභියෝගවලට මුහුණ දෙන විට, හිලමන් අධිෂ්ඨානශීලී විය. “එහෙත් බලන්න, එය කාරණාවක් නොවන්නේය— දෙවියන්වහන්සේ අපව ගලවා ගනු ඇතැයි අපි විශ්වාස කරමු.”18 එක් අවස්ථාවකදී, ඔවුන් කුසගින්නෙන් මිය යාමට ආසන්නව සිටියදී, ඔවුන්ගේ ප්රතිචාරය වූයේ “දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් [ඔවුන්ගේ] ආත්මයන් වැගුරුවා, උන්වහන්සේ [ඔවුන්] ශක්තිමත් කර [ඔවුන්] මුදා හරින බවට … [සහ] ස්වාමින් වහන්සේ … [ඔවුන්] මුදා ගන්නා බවට සහතික වී [ඔවුන්] වෙත ගියෝ ය ”19 “ඔවුන්ට විශ්වාස කිරීමට උගන්වා ඇති දේ කෙරෙහි ඔවුන්ගේ අධික ඇදහිල්ල නිසා.”20

මෙම තරුණයන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ සහාය ලැබුණු බව අපට හිලමන්ගෙන් දැනගන්නට ලැබේ. මෙම ඇදහිල්ලිමත් දෙමව්පියන් තම දරුවන්ට ඉගැන්වීමේ මූලික වගකීම තමන්ට ඇති බව දැන සිටියහ. ඔව්හු තම දරුවන්ට නියෝග පිළිපැදීමටත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි “සෘජුව ගමන් කිරීමටත්”21 ඉගැන්වූහ. ඔවුන්ට ඔවුන්ගේ මව්වරුන් විසින් උගන්වා තිබිනි. “එනම් ඔවුන් සැක නොකළහොත් දෙවියන්වහන්සේ ඔවුන්ව මුදවන සේක.”22 ඔවුන්ගේ පියවරුන් ගිවිසුම්-ගතවීමේ ප්රබල ආදර්ශයක් ලබා දුන්හ.23 මෙම හිටපු රණශූරයන් සටනේ බිහිසුණු බව දැන සිටියහ. ඔවුන් තම අද්දැකීම් අඩු පුතුන් හිලමන්ගේ රැකවරණයට භාර දුන් අතර “බොහෝ ප්‍රතිපාදන” යවමින් ඔවුන්ට සහයෝගය දැක්වූහ.24

හිලමන් ඔහුගේ තරුණ හමුදාවට සේවය කළ නිසා ඔහු තනිවම සිටියේ නැත. ඔහු වටා මිනිසුන් සිටි අතර ඔහු සහයෝගය සහ මඟ පෙන්වීම ඔවුන්ට යොමු විය. ඔහු කැප්ටන් මොරෝනිගෙන් උදව් ඉල්ලු අතර, එය ලැබුනි.

ස්වාමින් වහන්සේගේ රාජ්යයේ සේවය කරන කිසිවෙක් තනිව සේවය නොකරයි. ස්වාමින් වහන්සේ අපට කොට්ටාශ සහ ස්ටේක මඟින් ආශීර්වාද කර ඇත. උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සංවිධානය තුළින් අපට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සම්පත්, ප්රඥාව සහ ආශ්වාදය ඇත.

සභානායකවරයෙකු සභා හරහා කොට්ඨාශ සඳහා මාර්ගෝපදේශ සපයයි.25 ඔහු තුන්මසකට වරක්වූ දේවසේවය සම්මුඛ සාකච්ඡා ප්රවර්ධනය කරන අතර පසුව වැඩිහිටි ගණපූරණය සහ සහන සමිති පවුල් වලට සේවය කිරීමේ වගකීම ඉටු කිරීමට දිරිමත් කරයි. අවශ්යතා තක්සේරු කිරීම සහ දේවානුභාවයෙන් විසඳුම් සෙවීම සඳහා මෙම සභාපතිවරුන් පෙරමුණ ගනී. මෙම වගකීම් වලදී ස්ටේක සභාපතීත්වය වැඩිහිටි ගණපූරණයට සහ සහන සමිතියේ සභාපතිවරුන්ට උපදෙස් දීමෙන් සහාය ලබා දෙයි.

නායකයින් සහ දෙමව්පියන් සඳහා අවශ්ය මඟ පෙන්වීම ශුභාරංචි පුස්තකාලය සහ ශුභාරංචි ජීවන යෙදුම් වල දක්නට ලැබේ. මෙම දේවානුභාවයෙන් යුත් සම්පත් තුළ, අපට ශුද්ධ ලියවිලි, නූතන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් සහ ප්රධාන අත්පොත සොයාගත හැකිය. ශුභාරංචි පුස්තකාලයේ තරුණ තීරයේ ගණපූරණය සහ පන්ති සභාපතිත්වය සඳහා බොහෝ සම්පත් 26 සහ යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් සිදු කිරීම සඳහා මාර්ගෝපදේශයක් ඇත. කොට්ඨාශයේ සියලුම සාමාජිකයින් මෙම ආනුභාව ලත් මූලාශ්‍ර අධ්‍යයනය කර ආත්මයෙන් මඟ පෙන්වීම ලබා ගන්නා විට, යෞවනයින් ශක්තිමත් කිරීම සඳහා සෑම කෙනෙකුම ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබේ.

සාමාජිකයින් නැගී එන පරම්පරාව කෙරෙහි අවධානය යොමු කරන බැවින් මුළු කොට්ඨාශයම ආශීර්වාද ලැබ ශක්තිමත් වනු ඇත. අපගේ අඩුපාඩුකම් සහ අඩුලුහැඬුකම් තිබියදීත්, ස්වර්ගීය පියාණන්වහන්සේ අප සෑම කෙනෙකුටම, උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ සහකාරත්වය තුළින් අන් අය වෙත ළඟා වීමට ආරාධනා කරයි. අප ශුද්ධාත්මයාණන්වහන්සේගේ අනුශාසනා අනුගමනය කරන විට අප වර්ධනය වන බවත් ශුද්ධව සිටින බවත් උන්වහන්සේ දන්නා සේක.27 අපගේ උත්සාහයන් අසම්පූර්ණ බව වැදගත් නොවේ. අපි ස්වාමින් වහන්සේ සමඟ හවුල් වූ විට, අපගේ උත්සාහයන් උන්වහන්සේ තරුණයන් වෙනුවෙන් කරන දේට අනුකූල වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.

යෞවනයන් වෙත ළඟාවීමේදී ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමෙන්, අපි ඔවුන්ගේ ජීවිත තුළ ස්වර්ගික පියාණන්ගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන් බවට පත් වෙමු. ස්වාමින් වහන්සේගෙන් ලැබෙන පෙළඹවීම් මත ක්රියා කිරීම ආදරය හා විශ්වාසය පිළිබඳ සබඳතා ගොඩනඟයි. යෞවනයන්ගේ ජීවිත තුළ ඇති සබඳතා ඔවුන්ගේ තේරීම් කෙරෙහි විශාලතම බලපෑමක් ඇති කරයි.

අන් අයට සේවය කිරීම සඳහා පෙළඹවීම් සෙවීමේ හා ක්රියා කිරීමේ ක්රියාවලියට අප සමඟ සහභාගී වන විට යෞවනයන් එළිදරව් කිරීමේ රටාව ඉගෙන ගනු ඇත. යෞවනයන් මෙම දේවානුභාවයෙන් මඟ පෙන්වීම සඳහා ස්වාමින් වහන්සේ වෙතට හැරෙන විට, උන්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතා සහ විශ්වාසය ගැඹුරු වනු ඇත.

පාලනයකින් තොරව, සහයෝගය සහ මඟ පෙන්වීම ලබා දීමෙන් අපි යෞවනයන් කෙරෙහි අපගේ විශ්වාසය පළ කරමු.28 අපි පසුපසට ගොස් යෞවනයන්ට එකව උපදේශනය හරහා ඉගෙන ගැනීමට ඉඩ සලසන විට, දේවානුභාවයෙන් යුත් පාඨමාලාවක් තෝරා ගන්නා විට, ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාවට නංවන විට, ඔවුන් සැබෑ ප්‍රීතිය සහ වර්ධනය අත්විඳිනු ඇත.

සභාපති හෙන්‍රි බී. අයිරින් මෙසේ පැවසුවා: “වඩාත්ම වැදගත් දෙය නම් ඔවුන් සැබවින්ම කවුරුන්ද යන්න සහ ඔවුන්ට විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳව [ඔබෙන්] ඉගෙන ගන්නා දෙයයි. මගේ අනුමානය නම් ඔවුන් දේශන වලින් එතරම් ඉගෙන නොගන්නා බවයි. ඔබ කවුරුන්ද, ඔවුන් කවුරුන්දැයි ඔබ සිතන ආකාරය, සහ ඔවුන්ට කවුරුන් වියහැකි යැයි ඔබ සිතනවාද යන හැඟීම් වලින්, ඔවුන් එය ලබාගන්නවා.”29

අපගේ යෞවනයන් ඔවුන්ගේ ධෛර්යයෙන්, ඔවුන්ගේ ඇදහිල්ලෙන් සහ ඔවුන්ගේ හැකියාවන්ගෙන් අපව පුදුමයට පත් කරයි. ඔවුන් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ පූර්ණකාලීන අනුගාමිකයින් වීමට තෝරා ගන්නා විට, උන්වහන්සේගේ ශුභාරංචිය ඔවුන්ගේ හදවත් මත සටහන් වනු ඇත. ඔවුන් කරන දේ පමණක් නොවේ,උන්වහන්සේ අනුගමනය කිරීම ඔවුන් කවුරුන්ද යන්නේහි කොටසක් බවට පත්වනු ඇත.

හිලමන් යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ නිර්භීත අනුගාමිකයෙකු ජීවත් වූ ආකාරය බැලීමට තරුණ අම්මෝන්වරුන්ට උපකාර කළේ. අද අපට ක්රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් ජීවත් වන ආකාරය පිළිබඳව තරුණයන්ට ප්රබල උදාහරණ විය හැකිය. විශ්වාසවන්ත දෙමව්පියන් තම දරුවන්ගේ ජීවිතයේ මෙම උදාහරණ සඳහා යාච්ඤා කරති. ප්‍රේමණීය, ගිවිසුම් රකින වැඩිහිටියන්ගේ බලපෑම ප්‍රතිස්ථාපනය කිරීමට කිසිම වැඩසටහනකට නොහැක.

පූජකවර ගණපූර්ණයේ සභාපතිවරයා ලෙස, සභානායකත්වයට දැහැමි මාර්ගවලින් ආරක්ෂා කිරීම, සැපයීම සහ මුලසුන දීම31 තුළින් විශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙකු සහ ආදරණීය පියෙකු30 වන්නේ කෙසේද යන්න පිළිබඳව තරුණයින්ට ආදර්ශයක් සැපයිය හැකිය. යෞවනයන් කෙරෙහි ලේසර් වැනි අවධානයක් ඇති සභානායකවරු32 පරම්පරා ගණනාවකට බලපාන බලපෑමක් ඇති කරනු ඇත.

අද යෞවනයන් ස්වර්ගීය පියාණන් වහන්සේගේ අති උතුම්33 ආත්මයන් අතර වේ. ඔවුන් මනුෂ්ය ජීවිතයට පෙර ලෝකයේ සත්යය හා තෝරාගැනීමේ නිදහසේ ප්රබල ආරක්ෂකයින් අතර විය34 ඔවුන් මේ දිනවල උපත ලැබුවේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් වහන්සේගේ බලවත් සාක්ෂිය තුළින් ඊශ්රායෙල්වරුන් රැස් කිරීම සඳහා ය. උන්වහන්සේ ඒ සෑම කෙනෙකුවම දන්නා අතර ඔවුන්ගේ විශාල හැකියාවන් ද දනී. ඔවුන් වැඩෙන විට උන්වහන්සේ ඉවසිලිවන්තය. උන්වහන්සේ ඔවුන් මුදවා ආරක්ෂා කරනු ඇත. උන්වහන්සේ ඔවුන් සුවකර මඟ පෙන්වනු ඇත. උන්වහන්සේ ඔවුන්ව පොළඹවනු ඇත. අපි, ඔවුන්ගේ දෙමව්පියන් සහ නායකයින්, ඔවුන්ට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටිමු. අපි ඊළඟ පරම්පරාව ඇති දැඩි කරන විට අපට උදව් කිරීමට ගැලවුම්කරුවාණන්ගේ සභාව ඇත.

අනාගතවක්තෘ ජෝසප් ස්මිත් හරහා නැවත පිහිටූ සහ සභාපති රසල් එම්. නෙල්සන් විසින් අද මෙහෙයවනු ලබන ක්රිස්තුස් වහන්සේගේ සභාව, මෙම අවසාන දිනවල යෞවනයන්ට ඔවුන්ගේ ශ්රේෂ්ඨ අරමුණ ඉටු කර ගැනීමට උපකාර කිරීම සඳහා සංවිධාන කර ඇති බවට මම සාක්ෂි දරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ඇල්මා 53:19.

  2. “ඔබ තෝරාගන්නේ නම්, ඔබට අවශ්‍ය නම්… ඔබට විශාල දෙයක, ශ්‍රේෂ්ඨ දෙයක, මහිමාන්විත දෙයක විශාල කොටසක් විය හැකිය! … ස්වාමින්වහන්සේ සදහටම මෙලොවට එවා ඇති හොඳම අය අතර ඔබත් සිටිනවා. වඩා බුද්ධිමත් හා ඥානවන්ත වීමට සහ පෙර කිසිඳු පරම්පරාවකට වඩා ලෝකයට වැඩි බලපෑමක් ඇති කරන්නට ඔබට හැකියාව තිබෙනවා!” (රසල් එම් නෙල්සන්, “ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව” [ලොව පුරා යෞවන භක්තිය, 2018 ජූනි, 3], ශුභාරංචි පුස්තකාලය).

  3. ඩෙල් ජී. රෙන්ලන්ඩ්, “ දෙවියන්වහන්සේගේ ඇස් හරහා,ලියහෝනා, නොවැ. 2015, 94.

  4. ඇල්මා 56:55.

  5. ඇල්මා 56:43-44.

  6. ඇල්මා 56:46.

  7. “දෙමාපියෙක් ලෙස ක්‍රියා කිරීමේදී අපගේ ස්වර්ගික පියාණන්ගේ ඉලක්කය වන්නේ උන්වහන්සේගේ දරුවන් ලවා හරි දේ කරවීම නොවේ; ඒ උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගෙන අවසානයේ උන්වහන්සේ හා සමාන වීමටයි” (ඩෙල් ජී. රෙන්ලන්ඩ් “අද ඔබව තෝරාගන්න,” ලියහෝනා, 2018 නොවැ. 104).

  8. “අපි තරුණයින්ට ආරාධනා කිරීමෙන් සහ ඔවුන්ට ක්‍රියා කිරීමට ඉඩ දීමෙන් ඔවුන් සවිබල ගන්වන විට, සභාව ආශ්චර්යමත් ආකාරවලින් ඉදිරියට යනු ඇත” (වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නාර් සමඟ රැස්වීමකින්; 2020 දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකත්ව උපදෙස්, පෙබරවාරි 27, 2020 බලන්න, ශුභාරංචි පුස්තකාලය).

  9. ඇල්මා 53:22.

  10. ඇල්මා 56:17.

  11. රසල් එම් නෙල්සන්, “ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව,” ශුභාරංචි පුස්තකාලය.

  12. ඇල්මා 53:20.

  13. ඇල්මා 58:12.

  14. ඇල්මා 56:30.

  15. බලන්න ප්රධාන අත්පොත:යේසුස් ක්රිස්තුස් වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 7.1.2, ශුභාරංචි පුස්තකාලය.

  16. ප්‍රධාන අත්පොත, 6.7.2 බලන්න.

  17. ඇල්මා 23:7.

  18. ඇල්මා 58:37.

  19. ඇල්මා 58:10-11.

  20. ඇල්මා 57:26.

  21. ඇල්මා 53:21.

  22. ඇල්මා 56:47.

  23. ඇල්මා 23:7; 24:17-19 බලන්න.

  24. ඇල්මා 56:27.

  25. ප්‍රධාන අත්පොත, 7.1.1 බලන්න.

  26. අපි සදාකාලික සත්‍යය සොයන විට, සංකල්පයක් පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ද නැතිනම් වෙනත් මූලාශ්‍රයකින්ද යන්න හඳුනාගැනීමට පහත ප්‍රශ්න දෙක අපට උපකාර කරයි.මෙම සංකල්පය ශුද්ධ ලියවිලිවල සහ ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් අඛණ්ඩව උගන්වා තිබේද? ශුද්ධාත්මයාණන්වහන්සේගේ සාක්ෂිය මගින් සංකල්පය තහවුරු වේද? දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඉගැන්වීම් වල සත්‍යය හෙළි කරන අතර ශුද්ධාත්මයාණන්වහන්සේ එම සත්‍යයන් අපට තහවුරු කර ඒවා අදාළ කර ගැනීමට අපට උපකාර කරනවා. (ජෝන් සී. පින්ග්රි ජූනියර්, “සදාකාලික සත්යය,” .ලියාහෝනා, 2023 නොවැම්බර්).

  27. දහම සහ ගිවිසුම් 4:2-4බලන්න.

  28. “[අපගේ] යෞවනයන් [දෙවියන්වහන්සේගේ කාර්යයන්ගෙන්] යටපත් වී ඇත්නම්, ඔවුන් ලෝකය නිසා යටපත් වීමට වැඩි ඉඩක් ඇත. … “ක්‍රියාකාරීව, උපස්ථායකයන් හා ගුරුවරුන් ගණපූර්ණ සභාපතිවරුන් කී දෙනෙකුව හුදෙක් යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට හෝ සක්‍රමේන්තුව බෙදාගැනීමට පමණක්ම කැඳවනවාද? සහෝදරවරුනි, මොවුන් සැබවින්ම විශේෂ ආත්මයන් වන අතර, අවස්ථාවක් ලැබුණහොත් ඔවුන්ට මහත් දේ කළ හැකියි!” (නීල් ඒ. මැක්ස්වෙල්, “නැගී එන පරම්පරාව වෙත,” එන්සයින්, 1985 මැයි).

  29. හෙන්රි බී අයිරිං, “ඉගැන්වීම සදාචාරාත්මක ක්‍රියාවකි” (බ්‍රිග්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ දී කරන ලද දේශනය, 1991 අගෝස්තු 27), 3, speeches.byu.edu.

  30. ආරෝනික පූජකවර ගණපූරණ තේමාව,” බලන්න, ශුභාරංචි පුස්තකාලය.

  31. පවුල: ලෝකයට ප්‍රකාශනයකි”බලන්න, ශුභාරංචි පුස්තකාලය.

  32. “සභානායකවරුන් තරුණ පිරිමි ළමුන්ගේ පූජකත්ව වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඔවුන්ගේ ගණපූර්ණ රාජකාරි සඳහා සහාය වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. ආරොනික පූජක ගණපූර්ණ සභාපති ධුරයන්ට සහ සභානායකත්වයට ඔවුන්ගේ රාජකාරි සඳහා සහාය වීමට දක්ෂ වැඩිහිටි තරුණ පිරිමි උපදේශකයින් කැඳවනු ලැබේ. අපගේ තරුණ පරපුර කෙරෙහි මෙම ලේසර්-වැනි අවධානය යොමුකිරීම නිසා වැඩි තරුණ පිරිමි සහ තරුණ කාන්තාවන් අභියෝගයන් වලට මුහුණ දී ගිවිසුම් මාවතේ රැඳී සිටිනු ඇතැයි අපට විශ්වාසයි. (ක්වෙන්ටින් එල්. කුක්, “යෞවනය ශක්තිමත් කිරීම සඳහා ගැලපීම්,” ලියහෝනා, 2019, 41නොවැම්බර්).

  33. “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක් වෙන්කර ඇත—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා වෙන්කර ඇත. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!” (රසල් එම් නෙල්සන්, “ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව,” ශුභාරංචි පුස්තකාලය).

  34. ඔබ ආදරය කරන යෞවනයා තෝරාගැනීමේ නිදහස සහ සත්යය පැත්තෙන් නිර්භීත රණශූරයන්ගෙන් කෙනෙකු විය හැකිය. … ඔවුන් විසින්ම තෝරා ගැනීමට ඇති අධිෂ්ඨානයට අප ප්‍රතිචාර දක්වන ආකාරයෙන් අපට උපකාර කළ හැක. සදාචාරාත්මක තෝරා ගැනීමේ නිදහස ආරක්ෂා කිරීමට තවමත් කැපවී සිටින සහ ඔවුන්ට සතුට ගෙන ඒමට එහි ඇති විශාල වටිනාකම දැන සිටි ඔවුන් මනුෂ්ය ජීවිතයට පෙර සිට විශ්වාසවන්ත රණශූරයන්ගෙන් කෙනෙකු විය හැකිව තිබුණාක් මෙන් අප ඔවුන්ව දකිනවාදැයි ඔවුන්ට දැනේවි. මනුෂ්ය ජීවිතයට පෙර සිට විශ්වාසවන්ත රණශූරයන් ලෙස අපට ඔවුන්ව දැකිය හැකි නම්, ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රකාශයන් ඔවුන්ගේ විභවතාවයේ සලකුණක් ලෙස ද අපට දැකිය හැකිය, ඔවුන් ඔවුන්ට සතුට ගෙන දෙන තෝරාගැනිමෙහි බලය පරීක්ෂා කරන බවට ලකුණක්” (හෙන්රි බී. අයරින්, “ආලෝකය සහ සත්‍යය තුළ පිහිටවූ ජීවිතයක්” [බ්‍රිග්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ භක්තිය, අගෝස්තු 15, 2000], 3, 4, speeches.byu.edu).