ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ බලවත්, ගුණවත් චක්‍රය
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ බලවත්, ගුණවත් චක්‍රය

මම ඔබට ආරාධනා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම නැවත නැවතත්, පුනරුච්චාරණය කරමින් සහ ඕනෑකමින් ජීවත් වන අතරම අන් අයට ඔවුන්ගේ ගමනට උපකාර කිරීමටයි.

මීට වසර ගණනාවකට පෙර, මගේ බිරිඳ, රූත්, අපේ දුව, ඈෂ්ලි සහ මම තවත් සංචාරකයින් සමඟ එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ ඔරු පැදීමේ විනෝද චාරිකාවක් සඳහා ගියෙමු. ඔරුව යනු ජලයට සමාන්තර, බෝට්ටුවක් වැනි එකක් වන අතර එහි ඔරු පදින්නා ඉදිරියට මුහුණලා වාඩි වී ද්විත්ව තල සහිත හබලක් භාවිතා කර එක් පැත්තකින් ඉදිරිපස සිට පසුපසට හබල්ගසයි. සැලසුම වූයේ ඔආහු වෙරළට ඔබ්බෙන් වූ කුඩා දූපත් දෙකකට ඔරුව පැදවීමට සහ නැවත පැමිණීමටයි. තරුණ වියේදී මම කඳුකර විල් හරහා ඔරු හබල්ගා තිබූ නිසා මම විශ්වාසයෙන් යුතුව සිටියා. උඩඟුකම කිසිවිටෙක යහපත් නොවේ, එසේ නොවේ ද?

අපගේ මඟපෙන්වන්නා අපට උපදෙස් ලබා දුන් අතර අප භාවිතා කිරීමට යන සාගර ඔරු අපට පෙන්වීය. ඒවා මම කලින් පදවා තිබූ ඒවාට වඩා වෙනස්. ඔරුව ඇතුලේ ඉඳගන්නවා වෙනුවට මම එහි මුදුනින් වාඩි වෙන්නට සිතුවා. මම ඔරුවට නැග්ගට පස්සෙ, මගේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය මට සාමාන්‍යයෙන් තිබුනාට වඩා වැඩි විය, එමෙන්ම මගේ ජලයෙහි ස්ථාවර බව අඩු විය.

අපි ආරම්භ කරන විට, මම රූත් සහ ඈෂ්ලිට වඩා වේගයෙන් ඔරු පැද්දෙමි. ටික වෙලාවකින් මම එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා. මගේ වික්‍රමාන්විත වේගය ගැන ආඩම්බර වුණත් මම ඔරුව පැදීම නවතා ඔවුන් එක් වන තෙක් බලා සිටියෙමි. විශාල රැල්ලක්—සෙන්ටිමීටර 13 ක පමණ 1—මගේ ඔරුවේ එක පැත්තක වැදී මාව වතුරට පෙරලුවා. මම ඔරුව කෙළින් කරකවා නැවත උඩට එන්නට වෙර දරන විට, රූත් සහ ඈෂ්ලි මා පසුකර ගිය නමුත් නැවත පැදවීම ආරම්භ කිරීමට මට නොහැකි විය. මම හුස්ම ගන්නටත් පෙර, තවත් රැල්ලක්, මෙය සැබවින්ම අතිවිශාල එකක්—අවම වශයෙන් සෙන්ටිමීටර 20 ක පමණ2— මගේ ඔරුවේ වැදී මාව නැවත පෙරළීය. මම ඔරුව හරිගස්සගෙන එනකොට මට හොඳටම හුස්ම හිරවෙලා තිබ්බේ උඩට නගින්න බැරිවෙයිද කියලා මම බය උනා.

මගේ තත්වය දුටු මඟ පෙන්වන්නා ඔරුව පැදගෙනවිත් මගේ ඔරුව ස්ථාවර කර මට උඩට නැගීමට පහසු කරවිය. මට තවමත් තනියම ඔරු පැදීමට නොහැකි තරම් හුස්ම හිරවී ඇති බව දුටු ඔහු, මගේ ඔරුව ඇදගෙන යා හැකි කඹයකින් ගැටගසා මාවත් ඇදගෙන පැද යාමට පටන් ගත්තේය. වැඩි වෙලාවක් නොගොස් මම මගේ හුස්ම අල්ලාගෙන ප්‍රමාණවත් ලෙස තනිවම පැදවීමට පටන් ගතිමි. ඔහු කඹය අත හැර දැමූ අතර, තවදුරටත් සහාය නොමැතිව මම පළමු දූපතට පැමිණියෙමි. පැමිණි විගසම මම අඩපණ වෙලා වැල්ලේ වැටුණා.,

කට්ටිය විවේක ගත්තට පස්සේ මග පෙන්වන්නා මට නිහඬව කිව්වා, “රෙන්ලන්ඩ් මහත්තයා., ඔබ දිගටම පදිමින්, ඔබේ ගම්‍යතාව පවත්වා ගෙන යනවා නම්, මම හිතන්නේ ඔබ හොඳින් කරනු ඇත. අපි දෙවන දූපතට පැදල නැවතත් අපේ ආරම්භක ස්ථානයට යන විට මම ඔහුගේ උපදෙස් පිළිපැද්දෙමි. දෙවරක්, මඟ පෙන්වන්නා ඔරුව පැදගෙනවිත් මට “විශිෂ්ඨයි!” කියා පැවසුවා ඊටත් වඩා විශාල රැළි මගේ ඔරුවේ පැත්තෙන් වැදුනත් මම පෙරළුණේ නැහැ.

නොකඩවා ඔරුව පැදවීමෙන්, මම ගම්‍යතාව සහ ඉදිරි ප්‍රගතිය පවත්වා ගෙන ගිය අතර, රළ මට පැත්තෙන් පහර දීමේ බලපෑම අවම කළෙමි. අපගේ අධ්‍යාත්මික ජීවිතයටද එම මූලධර්මයම අදාළ වේ. අපි වේගය අඩු කරන විට සහ විශේෂයෙන් නතර වන විට අපි අවදානමට ලක් වෙමු.3 අපි ගැලවුම්කරුවා ණන් දෙසට නොකඩවා “පැදවිමෙන්” අධ්‍යාත්මික ගම්‍යතාව පවත්වා ගන්නේ නම්, අපගේ සදාකාලික ජීවිතය රඳා පවතින්නේ උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල මත බැවින් අපි වඩාත් ආරක්ෂිත සහ වඩාත් සුරක්ෂිත ය.4

අධ්‍යාත්මික ගම්‍යතාව නිර්මාණය වන්නේ “අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම නැවත නැවතත් ජීවිත කාලය පුරාවට වැළඳ ගන්නා විට”ය.5 එසේ කිරීමෙන්, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූයේ, “බලවත් ගුණවත් චක්‍රයක්” නිපදවන බවයි.6 ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ මූලිකාංග—එනම් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවිලි වීම, බව්තීස්මය තුළින් ස්වාමින් වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයකට ඇතුල් වීම, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබා ගැනීම සහ අවසානය දක්වා විඳදරා ගැනීම7—වැනි දේවල් එක්-වරක් පෙට්ටිය බලන්න වැනි අත්දැකීම් ලෙස අරමුණු කර නැත. විශේෂයෙන්ම, “අවසානය දක්වා විඳදරා ගැනීම” යනු ඇත්තෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ වෙනම පියවරක් නොවේ—අපි පළමු මූලිකාංග හතර සම්පූර්ණ කර පසුව නිදාගෙන, දත් මිටි කමින්, මිය යන තෙක් බලා සිටින්නාක් මෙන්. නැත, අවසානය දක්වා විඳදරා ගැනීම යනු සභාපති නෙල්සන් විස්තර කළ “බලවත්, ගුණවත් චක්‍රය” නිර්මාණය කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ අනෙකුත් අංග නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමකි.8

නැවත නැවතත් යන්නෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ අංගයන් අපගේ ජීවිත කාලය පුරාම නැවත නැවතත් අත්දකින බවයි. පුනරුච්චාරණය කිරීම යන්නෙන් අදහස් කරන්නේ අපි එක් එක් නැවත කිරීම් සමඟ ගොඩනඟා වැඩි දියුණු කිරීමයි. අපි මූලිකාංග නැවත නැවත කළත්, අපි ඉදිරි ගමනක් නොමැතිව රවුම්වල කැරකෙනවා පමණක් නොවේ. ඒ වෙනුවට, අපි චක්රය හරහා සෑම අවස්ථාවකදීම යේසුස් ක්රිස්තුස්වහන්සේ වෙත සමීප වෙනවා.

ගම්‍යතාවයට වේගය සහ දිශාව යන දෙකම ඇතුළත් වේ.9 මම ඔරුව වැරදි දිශාවට දැඩි ලෙස පැදවූයේ නම්, මට සැලකිය යුතු ගම්‍යතාවක් ඇති කළ හැකිව තිබුණත්, මම අපේක්ෂිත ගමනාන්තයට ළඟා නොවනු ඇත. ඒ හා සමානව, ජීවිතයේ දී, අපි ගැලවුම්කරුවාණන් වෙතට පැමිණීම සඳහා උන්වහන්සේ වෙතට “පැදිම” කළ යුතුය.10

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල දිනපතා පෝෂණය විය යුතුය.11 අප දිනපතා යාච්ඤා කරන විට, දිනපතා ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරන විට, දිනපතා දෙවියන්වහන්සේගේ යහපත්කම මෙනෙහි කරන විට, දිනපතා පසුතැවිලි වන විට සහ දිනපතා ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරන විට එය පෝෂණය වේ. අපගේ සියලුම ආහාර ඉරිදා දක්වා කල් දමා සතිපතා අපගේ පෝෂණය වෙන් කිරීම සෞඛ්‍ය සම්පන්න නොවනවා සේම, අපගේ සාක්ෂි පෝෂණය කිරීමේ හැසිරීම සතියේ එක් දිනකට සීමා කිරීම අධ්‍යාත්මික වශයෙන් සෞඛ්‍ය සම්පන්න නොවේ.12

අප අපගේම සාක්ෂි සඳහා වගකීම භාර ගන්නා විට,13 අපි අධ්‍යාත්මික ප්‍රබෝධයක් ලබා ගන්නා අතර ක්‍රමානුකූලව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය වන අතර ක්‍රිස්තුස් වහන්සේගේ දහම ජීවිතයේ අරමුණ සඳහා කේන්ද්‍රීය වේ.14 අපි දෙවියන්වහන්සේගේ නීතිවලට කීකරු වීමට සහ පසුතැවිලි වීමට උත්සාහ කරන විට ගම්‍යතාව ද ගොඩනැගේ. පසුතැවිලි වීම ප්‍රීතිමත් වන අතර අපගේ වැරදිවලින් ඉගෙන ගැනීමට අපට ඉඩ සලසයි, එනම් අප සදාකාලිකව ඉදිරියට යන ආකාරයයි. අපි අපේ ඔරුවෙන් පෙරළී ගැඹුරු ජලයේ සිටින අවස්ථා අපට නිසැකවම ලැබෙනු ඇත. පසුතැවිලි වීම තුළින්, අප කොපමණ වාරයක් වැටී සිටියත්, අපට නැවත ඉහළට ගොස් ඉදිරියට යා හැකිය.15 වැදගත්ම දෙය නම් අපි අත් නොහැරීමයි.

ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ මීළඟ මූලිකාංගය බව්තීස්මය වන අතර එයට ජලයෙන් බව්තීස්මය සහ ස්ථිර කිරීම තුළින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බව්තීස්මය ඇතුළත් වේ.16 බව්තීස්මය තනි සිදුවීමක් වන අතර, අපි සක්‍රමේන්තුවට සහභාගී වන විට අපගේ බව්තීස්ම ගිවිසුම නැවත නැවතත් අලුත් කරමු. සක්‍රමේන්තුව බව්තීස්මය ප්‍රතිස්ථාපනය නොකරයි, නමුත් එය ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ ආරම්භක මූලිකාංගයක්—ඇදහිල්ල සහ පසුතැවීම—ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිගැනීම සමඟ සම්බන්ධ කරයි. 17 අපි හෘද සාක්ෂියට එකඟව සක්‍රමේන්තුවට සහභාගී වන විට, අපි බව්තීස්ම වී ස්ථිර වූ විට මෙන්, 18 අපි ශුද්ධාත්මයාණන්වහන්සේට අපගේ ජීවිතයට ආරාධනා කරමු.19 සක්‍රමේන්තු යාච්ඤාවන්හි විස්තර කර ඇති ගිවිසුම අපි තබා ගන්නා විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සගයා බවට පත් වේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ජීවිතවලට වැඩි බලපෑමක් කරන බැවින්, අපි ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග ක්‍රමානුකූලව සහ නැවත නැවතත් වර්ධනය කරමු. අපේ හදවත් වෙනස් වෙනවා. නපුරු දේ කිරීමට අපගේ ආකල්පය අඩු වේ. අපට අවශ්‍ය වන්නේ “නොකඩවා යහපත කිරීමට” පමණක් වන තුරු යහපත් දේ කිරීමට අපගේ නැඹුරුව වැඩි වේ.20 තවද එමගින් අවසානය දක්වා විඳදරා ගැනීමට අවශ්‍ය ස්වර්ගීය බලයට අපි ප්‍රවේශ වන්නෙමු.21 අපගේ ඇදහිල්ල වැඩි වී ඇති අතර, අපි නැවතත් බලවත්, ගුණවත් චක්රය නැවත කිරීමට සූදානම්ව සිටිමු.

ඉදිරි අධ්‍යාත්මික ගම්‍යතාව සමිඳාණන් වහන්සේගේ ගෘහයේ දෙවියන් වහන්සේ සමඟ අමතර ගිවිසුම් ඇති කර ගැනීමට ද අපව පොලඹවයි. බහුවිධ ගිවිසුම් අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට සමීප කරවන අතර අපව උන්වහන්සේ වෙත වඩාත් ශක්තිමත් ලෙස සම්බන්ධ කරයි. මෙම ගිවිසුම් තුළින් අපට උන්වහන්සේගේ බලයට වැඩි ප්‍රවේශයක් ඇත. පැහැදිලිව කිවහොත්, බව්තීස්ම සහ දේවමාළිගා ගිවිසුම් බලයේ මූලය නොවේ. බලයේ මූලය ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සහ අපගේ ස්වර්ගික පියාය. ගිවිසුම් ඇති කර ගැනීම සහ තබා ගැනීම අපගේ ජීවිත තුළ ඔවුන්ගේ බලය සඳහා වාහකයක් නිර්මාණය කරයි. අපි මෙම ගිවිසුම්වලට අනුව ජීවත් වන විට, අවසානයේදී අපි ස්වර්ගික පියාණන් වහන්සේ සතු සියල්ලෙහි උරුමක්කාරයන් බවට පත් වෙමු.22 ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ ජීවත් වීමෙන් ඇති වන ගම්‍යතාව අපගේ දිව්‍යමය ස්වභාවය අපගේ සදාකාලික ඉරණම බවට පරිවර්තනය කිරීමට පමණක් නොව, අනුන්ට සුදුසු ආකාරවලින් උපකාර කිරීමට අපව පොලඹවයි.

මම ඔරුවෙන් පෙරළීමෙන් පසු ගවේෂණ මඟ පෙන්වන්නා මට උපකාර කළ ආකාරය සලකා බලන්න. ඔහු දුර සිට නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවේ නැත, ‘’රෙන්ලන්ඩ් මහත්මයා , ඔබ වතුරේ කරන්නේ කුමක්ද? ” කියමින් ඔහු පැදගෙනවිත් මට බැණ වැදුණේ නැත, ‘’රෙන්ලන්ඩ් මහත්මයා , ඔබ වඩාත් ශාරීරිකව යෝග්‍ය නම් ඔබට මෙම තත්වයට පත් නොවනු ඇත.’’ කියමින් මම ඒක උඩට එන්න හදන අතරෙදි එයා මගේ ඔරුව ඇදගෙන යන්න පටන් ගත්තෙ නෑ. ඔහු කණ්ඩායම ඉදිරියේ මාව නිවැරදි කළේ නැහැ. ඒ වෙනුවට ඔහු මට අවශ්‍ය වෙලාවට මට අවශ්‍ය උපකාර ලබා දුන්නා. මම පිළිගන්නා විට ඔහු මට උපදෙස් දුන්නේය. ඒ වගේම ඔහු මාව දිරිමත් කරමින් ගියා.

අපි අන් අයට සේවය කරන විට, අපට අනවශ්‍ය ප්‍රශ්න ඇසීමට හෝ පැහැදිලිවම ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. අරගල කරන බොහෝ දෙනා දන්නවා තමන් අරගල කරන බව. අප විනිශ්චය නොකළ යුතුය; අපගේ විනිශ්චය ප්‍රයෝජනවත් හෝ පිළිගැනීමට ලක් නොවන අතර, එය බොහෝ විට වැරදි තොරතුරු වේ.

අන් අය සමඟ අපව සංසන්දනය කිරීම අපව විනාශකාරී වැරදි සිදු කිරීමට හේතු විය හැක, විශේෂයෙන්ම අරගල කරන අයට වඩා අප ධර්මිෂ්ඨ බව නිගමනය කළහොත්. එවැනි සංසන්දනයක් ජලයේ මීටර් තුනක23 බලාපොරොත්තු රහිතව ගිලෙන විට, තවත් කෙනෙකු මීටර් හතරක24 වතුරේ ගිලී සිටිනු දැකීමෙන්, ඔහු විශාල පව්කාරයෙකු ලෙස විනිශ්චය කිරීම සහ ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීම වැනි ය. සියල්ලට පසු, අපි සියල්ලෝම අපේම ආකාරයෙන් අරගල කරමින් සිටිමු. අප කිසිවෙක් ගැලවීම උපයන්නේ නැත. 25 අපිට කවදාවත් බැහැ. යාකොබ්, මෝර්මන්ගේ පොතේ, ඉගැන්වූයේ, “[අපි] දෙවියන් වහන්සේ හා සමගි වූ පසු, [අපි] ගැළවෙන්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ පමණක් බව මතක තබා ගන්න.”26 අප සැමට ගැලවුම්කරුවාණන්ගේ අසීමිත වන්දිගෙවීම අවශ්‍ය වේ, එහි කොටසක් පමණක් නොවේ.

අප අවට සිටින අය සමඟ කටයුතු කරන විට අපගේ සියලු දයාව, සංවේදනය සහ ආදරය අපට අවශ්‍ය වේ.27 අරගලයට පත්ව සිටින අය “[අපගේ] වචනවලින් සහ ක්‍රියාවෙන් පිළිබිඹු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය අත්විඳිය යුතුය.”28 අපි දේවසේවයේ යෙදෙන විට, අපි නිතරම අන් අයව දිරිමත් කර උපකාර ලබා දෙන්නෙමු. කවුරු හරි පිළිනොගත්තත් එයාල ඉඩ දෙන විදියට අපි දිගටම දේවසේවය කරනවා. ගැලවුම්කරුවාණන් ඉගැන්වූයේ “එවැනි අයට ඔබ දිගටම සේවය කළ යුතු බවයි. මක්නිසාද ඔවුන් ආපසු හැරී පසුතැවිලි වී හදවතින්ම මා වෙත පැමිණුනොත් යන්න ඔබ දන්නේ නැත, මම ඔවුන්ව සුව කරන්නෙමි. එවිට ඔබ ඔවුන්ට ගැළවීම ගෙන දෙන මාර්ගයක් වනු ඇත.29 ගැලවුම්කරුවාණන්ගේ කාර්යය වන්නේ සුව කිරීමයි. අපගේ කාර්යය වන්නේ ප්‍රේම කිරීම—අන්‍යයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඇදී යන ආකාරයෙන් ප්‍රේම කිරීම සහ දේවසේවය කිරීමයි. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ බලගතු, ගුණවත් චක්‍රයේ එක් ඵලයකි.

මම ඔබට ආරාධනා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම නැවත නැවතත්, පුනරුච්චාරණය කරමින් සහ ඕනෑකමින් ජීවත් වන අතරම අන් අයට ඔවුන්ගේ ගමනට උපකාර කිරීමටයි. ක්‍රිස්තුස් වහන්සේගේ දහම ස්වර්ගික පියාණන්ගේ සැලැස්මට කේන්ද්‍රීය බව මම සාක්ෂි දෙමි. සියල්ලට පසු, එය උන්වහන්සේගේ දහමයි. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, අපි ගිවිසුම් මාර්ගය ඔස්සේ ගමන් කරනු ලබන අතර, අන්‍යයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයින් වීමට උපකාර කිරීමට පෙලඹෙනු ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ දහම විශ්වාසවන්තව ජීවත්වීමේ කූටප්‍රාප්තිය වන ස්වර්ගික පියාණන්ගේ රාජ්‍යයේ අපට උරුමක්කාරයන් විය හැක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.