ප්‍රධාන සම්මන්ත්‍රණය
ආශ්චර්යයන්, දේවදූතයන් සහ පූජකවර බලය
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


ආශ්චර්යයන්, දේවදූතයන් සහ පූජකවර බලය

හාස්කම් සහ දේවදූත සේවය ඇතුළු පූජකවරයේ ආශීර්වාද ඔබට අවශ්‍ය නම්, දෙවියන්වහන්සේ ලබා දී ඇති ගිවිසුම් මාර්ගයෙහි ගමන් කරන්න.

අද බොහෝ අය පවසන්නේ ආශ්චර්යයන් තවදුරටත් නොමැති බවත්, දේවදූතයන් මනඃකල්පිත බවත්, ස්වර්ගය වැසී ඇති බවත්ය. ආශ්චර්යයන් නතර වී නැති බවත්, දේවදූතයන් අප අතර සිටින බවත්, ස්වර්ගය සැබවින්ම විවෘත බවත් මම සාක්ෂි දෙමි.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවේ සිටි විට, උන්වහන්සේ තම ප්‍රධාන ප්‍රේරිතවරයා වූ පේත්‍රැස්ට පූජකවර යතුරු ලබා දුන්නේය.1. මෙම යතුරු හරහා පේදුරු සහ අනෙකුත් ප්‍රේරිතවරුන් ගැලවුම්කරුවාණන්ගේ සභාව මෙහෙයවීය. නමුත් එම ප්‍රේරිතවරුන් මිය ගිය විට, පූජකවරයේ යතුරු පොළොවෙන් ඉවත් කරන ලදී.

පූජකවරයේ පැරණි යතුරු නැවත ලබා දී ඇති බවට මම සාක්ෂි දෙමි. පේත්‍රැස්, යාකොබ් සහ යොහාන් සහ අනෙකුත් පුරාණ අනාගතවක්තෘවරුන් ඔවුන්ගේ නැවත නැගිටිමෙන් පසු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට පෙනී සිටියේ “මගේ රාජ්‍යයේ යතුරු සහ ශුභාරංචියේ බෙදාහැරීමක්” ලෙස ස්වාමින් වහන්සේ විස්තර කළ දෙයයි.2

එම යතුරු අද දක්වා අනාගතවක්තෘවරයාගෙන් අනාගතවක්තෘවරයාට ලබා දී ඇත. අනාගතවක්තෘවරුන්, දර්ශන දකින්නන් සහ එළිදරව් කරන්නන් ලෙස අප විසින් ස්තීර කරන ලද මෙම මිනිසුන් 15 දෙනා ගැලවුම්කරුවාණන්ගේ සභාව මෙහෙයවීමට යොදා ගනී. පුරාණ කාලයේ මෙන්ම, සියලුම පූජකවර යතුරු දරණ සහ ක්‍රියාත්මක කිරීමට අධිකරියලත් එක් ජ්‍යෙෂ්ඨ ප්‍රේරිතවරයෙක් සිටී. ඔහු සභාපති රසල් එම්. නෙල්සන්, අනාගතවක්තෘවරයා සහ අපේ කාලයේ නැවත පිහිටුවන කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ සභාපති: යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව.

ගැලවුම්කරුවාණන්ගේ සභාව හරහා, අපගේ ජීවිතවලට අපට උපකාර කිරීමට දෙවියන් වහන්සේගේ බලය ඇතුළු පූජකවරයේ ආශීර්වාද අපට ලැබේ. අධිකාරි බලය ඇති පූජකවර යතුරු යටතේ, අපි දෙවියන්වහන්සේට පරිශුද්ධ පොරොන්දු ලබා දෙන අතර, උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීමට අපව සූදානම් කරන පරිශුද්ධ නියෝග ලබා ගනිමු. බව්තීස්මයෙන් හා ස්ථීර කිරීමෙන් පටන්ගෙන, පසුව දේවමාළිගාවේදී, අපව නැවත උන්වහන්සේ වෙතට ගෙන යන ගිවිසුම් මාර්ගයක අපි ඉදිරියට යමු.

අපගේ හිස මත අත් තබා, මඟ පෙන්වීම, සැනසීම, උපදෙස්, සුව කිරීම සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට බලය ඇතුළු පූජකවර ආශීර්වාද ද අපට ලැබේ. මගේ ජීවිත කාලය පුරාම මම මේ මහා බලයෙන් ආශීර්වාද ලැබුවා. එය ශුද්ධ ලියවිල්ලේ එළිදරව් කර ඇති පරිදි, අපි එය ශුද්ධ වූ මෙල්කිසදෙක් පූජකවරයේ බලය ලෙස හඳුන්වමු.3

විශේෂයෙන්ම පූජකවරයේ ආශිර්වාදයෙන් එය ප්‍රකාශ වූ බැවින්, මගේ තරුණ අවධියේදී, මෙම බලය කෙරෙහි මට මහත් ගෞරවයක් ඇති විය. චිලි රාජ්යේ තරුණ ධර්මදූතවරයෙක් ලෙස සේවය කරද්දී, මගේ මිතුරා සහ මා අත්අඩංගුවට ගෙන වෙන් වීමට සිදු විය. ඇයි කියලා අපිට කවදාවත් කිව්වේ නැහැ. එය විශාල දේශපාලන පෙරළියක් ඇති වූ කාලයකි. දහස් ගණන් මිනිසුන් හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගැන නැවත කිසි දිනෙක අසන්නට ලැබුණේ නැත.

ප්‍රශ්න කිරීමෙන් පසු මම සිර මැදිරියක මට මගේ ආදරණීයයන් නැවත කවදා හෝ දැකීමට ලැබේදැයි නොදැන. තනිවම වාඩි වී සිටියෙමි, මම මගේ ස්වර්ගික පියාණන් වෙත හැරී, දැඩි ලෙස ආයාචනා කළෙමි: “පියාණෙනි, ඔබ ඔබේ ධර්මදූතයින් දෙස බලා සිටින බව මට නිතරම උගන්වා ඇත. කරුණාකර, පියාණෙනි, මම විශේෂ කෙනෙක් නොවෙමි, නමුත් මම කීකරු වී සිටිමි, අද රාත්‍රියේ මට ඔබගේ උපකාර අවශ්‍යයි.

මෙම උපකාරයේ බීජ වසර ගණනාවකට පෙර සිටුවනු ලැබීය. මගේ බව්තීස්මයෙන් පසුව, මම සභාවේ සාමාජිකයෙකු බව ස්ථිර කර ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබා දුන්නා. මම තනියම, යකඩ කුරූ පිටුපස යාච්ඤා කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ වහා මා වෙත පැමිණ මා සනසන සේක. පූජකත්වයේ තවත් ආශිර්වාදයක් වන මගේ ආදිපීතෘ ආශිර්වාදයෙන් උන්වහන්සේ ඉතා විශේෂ කොටසක් මගේ මතකයට ගෙන ආවා. එහි දී දෙවියන් වහන්සේ මට පොරොන්දු වූයේ මගේ විශ්වාසවන්තකම තුළින් සුන්දරත්වයෙන් හා ගුණයෙන් හා ප්‍රේමයෙන් පිරුණු කාන්තාවකට සදාකාලිකවම දේවමාළිගාවේ මුද්‍රා තැබීමට හැකි වන බවත්, අපි වටිනා දූ පුතුන්ගේ දෙමාපියන් බවට පත්වන බවත්, මම ඊශ්‍රායෙල්හි පියෙකු ලෙස ආශීර්වාද ලබනු ඇත.

මගේ අනාගතය ගැන ඒ දේවානුභාවයෙ වචන මගේ ආත්මය සාමයෙන් පිරී ගියේය. ඒවා පැමිණ ඇත්තේ උන්වහන්සේගේ පොරොන්දු සැමවිටම රකින මගේ ආදරණීය ස්වර්ගික පියාණන්ගෙන් බව මම දැන සිටියෙමි.4 ඒ පොරොන්දු ඉටුකරනවා දකින්න මම නිදහස් වෙලා ජීවත් වෙනවා කියන සහතිකය ඒ මොහොතේ මට තිබුණා.

වසරකට පමණ පසු, ස්වර්ගීය පියා ණන් මට සුන්දරත්වයෙන් හා ගුණයෙන් හා ආදරයෙන් පිරි බිරිඳක් ආශීර්වාද කළේය. ලිනට් සහ මම දේවමාළිගාවේ මුද්රා තැබුවා. අපට වටිනා පුතුන් තිදෙනෙකු සහ වටිනා දියණියන් හතර දෙනෙකුගෙන් ආශීර්වාද ලැබුවා. 17 හැවිරිදි පිරිමි ළමයෙකු ලෙස මට ලැබුණු ආදීපිතෘ ආශීර්වාදය තුළ දෙවියන් වහන්සේගේ පොරොන්දුව අනුව මම පියෙකු වූයෙමි.

“එබැවින්, මාගේ ප්‍රේමණීය සහෝදරවරුනි, [සහ සහෝදරියනි], ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට නැඟුණු බැවින් ප්‍රාතිහාර්යයන් නතර වී තිබේද? …

“නැත, මනුෂ්‍ය දරුවන් හට දේවදූතයන් දේවසේවය කිරීම නවත්වා නැත.”5

ප්‍රාතිහාර්යයන් සහ දේවසේවයන් අපගේ ජීවිත තුළ අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා, බොහෝ විට පූජකවර බලයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසත් බව මම සාක්ෂි දෙමි. සමහර පූජකවර ආශීර්වාද වහාම ඉටු වේ, අපට දැකීමට සහ තේරුම් ගත හැකි ආකාරවලින්. අනෙක් ඒවා ක්‍රමක්‍රමයෙන් දිග හැරෙමින් පවතින අතර මේ ජීවිතයේ දී සම්පූර්ණයෙන් අවබෝධ නොවනු ඇත. නමුත් අපගේ පවුල් ඉතිහාසයෙන් මෙම වාර්තාවේ නිදර්ශනය කර ඇති පරිදි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සියලු පොරොන්දු ඉටු කරයි.

මගේ පියාගේ සීයා, ග්‍රාන්ට් රීස් බෝවන් ඉතා ඇදහිලිවන්ත පුද්ගලයෙක්. ඔහුට තමාගේම ආදිපිතෘ ආශිර්වාදය ලැබුණු ආකාරය ඔහු විස්තර කරන අයුරු මට හොඳින් මතකයි. ඔහුගේ දිනපොතේ ඔහු මෙසේ වාර්තා කළේය: “ආදිපිතෘ මට සුව කිරීමේ තෑග්ග පොරොන්දු විය. ඔහු පැවසුවේ, ‘රෝගීන් සුවපත් වනු ඇත. ඔව්, ‘’මළවුන් ඔබේ දෑතින් නැඟිටුවනු ලැබේ’’

වසර ගණනාවකට පසු, සීයා පිදුරු ගොඩ ගසමින් සිටින විට, ඔහුට නැවත නිවසට යාමට පෙලඹීමක් ඇති විය. ඔහු දෙසට එන ඔහුගේ පියා ඔහුට හමු විය. “ග්‍රාන්ට්, ඔයාගේ අම්මා දැන් නැති උනා” ඔහුගේ පියා කීවේය.

මම නැවතත් සීයාගේ දිනපොතෙන් උපුටා දක්වමි: “මම නතර නොවී ඉක්මනින් නිවසට ගොස් ඉදිරිපස ආලින්දයට ගිය අතර එහිදී ඇය ඇඳක් මත වැතිර සිටියාය. මම ඇය දෙස බැලුවෙමි, ඇය තුළ ජීවිතයේ කිසිදු සලකුණක් ඉතිරි වී නැති බව මට පෙනුනි. මම මගේ ආදිපීතෘ ආශීර්වාදය සහ මම විශ්වාසවන්ත නම්, මගේ ඇදහිල්ල කරණ කොටගෙන රෝගීන් සුවපත් වන බවට වූ පොරොන්දුව සිහිපත් කළෙමි; මළවුන් නැඟිටුවනු ලැබේ. මම ඇගේ හිස මත මගේ දෑත් තබා, මම ස්වාමින් වහන්සේට කීව ආදිපීතෘවරයා මට දුන් පොරොන්දුව සත්‍ය නම්, මේ මොහොතේ එය ප්‍රත්‍යක්ෂ කර මගේ මව නැවත පණ ගන්වන ලෙස. උන්වහන්සේ මෙය කරන්නේ නම්, උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සඳහා මට හැකි සෑම දෙයක්ම කිරීමට මම කිසි විටෙකත් පසුබට නොවන බව මම උන්වහන්සේට පොරොන්දු වුණෙමි. මම යාච්ඤා කරන විට, ඇය ඇගේ දෑස් විවර කර පැවසුවා, ‘ග්‍රාන්ට්, මාව නැඟිටුවන්න. මම ආත්මික ලෝකයේ සිටියා, නමුත් ඔබ මට නැවත කතා කළා. මෙය සැමවිටම ඔබටත් මගේ පවුලේ සෙසු අයටත් සාක්ෂියක් වේවා.’’

සභාපති රසල් එම්. නෙල්සන් අපට ප්‍රාතිහාර්යයන් සෙවීමට සහ අපේක්ෂා කිරීමට උගන්වා ඇත.6 පූජකවරය නැවත පිහිටුවා ඇති බැවින්, දෙවියන් වහන්සේගේ බලය සහ අධිකාරය පොළොව මත පවතින බව මම සාක්ෂි දෙමි. කැඳවීම් සහ උපදේශන මගින්, පිරිමින්ට සහ කාන්තාවන්ට, තරුණ හා මහලු අයට පූජකවර සේවයට සහභාගී විය හැකිය. එය දේවදූතයන් සහභාගී වන හාස්කම්වල කාර්යයකි. එය ස්වර්ගයේ කාර්යය වන අතර, එය දෙවියන් වහන්සේගේ සියලුම දරුවන්ට ආශීර්වාද කරයි.

1989දී හත්දෙනෙකුගෙන් යුත් අපේ පවුලේ කොට්ඨාශ හමුවකට ගිහින් ආපහු එන විට. ප්රමාද විය. ලිනට් අපේ හයවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටියා. ඇයට කිරීමට අමතක වූ ආසන පටිය සවි කිරීමට දැඩි පෙලඹීමක් ඇයට දැනුනි. ඊට ටික වෙලාවකට පස්සේ අපි පාරේ වංගුවක් වටේ ආවා; අපේ මංතීරුවට කාර් එකක් ආවා. පැයට සැතපුම් 70ක් (කිලෝමීටර් 112ක්) පමණ ගිය මම ඉදිරියෙන් එන මෝටර් රථයේ ගැටීම වැළැක්වීමට ධාවනය කළෙමි. අපේ වෑන් රථය පෙරළී, අධිවේගී මාර්ගය දිගේ ලිස්සා ගොස්, මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අවසානයේ නතර වී, මගීන්ගේ පැත්ත කුණු ගොඩවල් සමඟ ගොඩ බැස්සේය.

ඊළඟට මට ඇසුණු මතකය වූයේ ලිනට්ගේ හඬයි: “ෂේන්, අපි ඔබේ දොරෙන් එළියට යා යුතුයි.” මම මගේ ආසන පටියේ ආධාරයෙන් වාතයේ එල්ලී සිටියෙමි. පියවි සිහියට පත් වීමට තත්පර කිහිපයක් ගත විය. දැන් වෑන් රථයේ සිවිලිම වූ මගේ ජනේලයෙන් අපි සෑම දරුවෙකුම වෑන් රථයෙන් එළියට ගැනීමට පටන් ගත්තෙමු. සිදුවූයේ කුමක්දැයි සිතමින් ඔවුන් හඬමින් සිටියහ.

අපේ 10 හැවිරිදි දියණිය එමිලි නැති බව ඉක්මනින්ම අපට වැටහුණා. අපි ඇගේ නම කෑගැසුවත් ප්‍රතිචාරයක් නැත. නිවෙස් බලා යමින් සිටි කොට්ඨාශ සමාජිකයෝද කලබලයෙන් ඇය සොයමින් එතන සිටියහ. එය ඉතා අඳුරු විය. මම නැවතත් විදුලි පන්දමකින් වෑන් රථය දෙස බැලූ අතර මගේ බියට පත් වූ විට එමිලිගේ කුඩා සිරුර වෑන් රථයට හසු වී ඇති බව දුටුවෙමි. මම බලාපොරොත්තු රහිත ලෙස කෑගැසුව, “අපි එමලිගෙන් වෑන් එක උස්සන්න ඕන.” මම වහලය අල්ලලා පස්සට ඇද්දා.l තවත් කිහිප දෙනෙක් පමණක් ඔසවමින් සිටි නමුත් වෑන් රථය ආශ්චර්යමත් ලෙස එහි රෝද මතට පෙරළී ගියේ එමිලිගේ අප්‍රාණික සිරුර නිරාවරණය කරමිනි.

එමිලි හුස්ම ගත්තේ නැත. ඇගේ මුහුණ දම් පැහැති පාම් ගෙඩියක පාට විය. මම කිව්වා, “අපි ඇයට ආශීර්වාදයක් දිය යුතුයි.” හිතවත් මිතුරෙකු සහ කොට්ඨාශ සමාජිකයෙක් මා සමඟ දණින් වැටී, මෙල්කිසදෙක් පූජකවර අදිකාරීත්වයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, අපි ඇයට ජීවත් වීමට අණ කළෙමු. ඒ මොහොතේම එමිලි දිගු හුස්මක් ගත්තාය.

පැය ගානක් වගේ දැනුනට පස්සේ, ගිලන් රථය අවසානයේ පැමිණියේය. එමිලිව ඉක්මනින්ම රෝහලට ගෙන ගියා. ඇගේ පෙනහළු කඩා වැටුණු අතර ඇගේ දණහිසේ කණ්ඩරාවක් කැඩී ගියේය. ඇය ඔක්සිජන් නොමැතිව සිටි කාලය නිසා මොළයේ හානිය ගැන සැලකිලිමත් විය. එමිලි දින එකහමාරක් කෝමා තත්වයේ සිටියාය. අපි ඇය වෙනුවෙන් දිගටම යාච්ඤා කරමින් උපවාස කළා. ඇය සම්පූර්ණ සුවය ලැබීමට ආශීර්වාදමත් වුණා. අද එමලි සහ ඇගේ සැමියා වන කෙවින් දියණියන් හය දෙනෙකුගේ දෙමාපියන්ය.

ආශ්චර්යමත් ලෙස, අනෙක් සියල්ලන්ටම ඉවත්ව යාමට හැකි විය. ලයිනට් දරාගෙන සිටි දරුවා ටයිසන් ය. ඔහු ද කිසිදු අනතුරක් නොලබා ඊළඟ පෙබරවාරි මාසයේ උපත ලැබීය. ඔහුගේ පොළොවේ ශරීරය ලබා ගැනීමෙන්, මාස අටකට පසු පසු, ටයිසන් ස්වර්ගික පියාණන් වෙත ආපසු ගියේය. ඔහු අපේ ආරක්ෂක දේවදූත පුත්‍රයායි. අපිට අපේ පවුල තුළ ඔහුගේ බලපෑම දැනෙන අතර නැවත ඔහු සමඟ සිටීමට බලාපොරොත්තු වෙනවා.7

එමලි මතින් වෑන් රථය එසවූ අය නිරීක්ෂණය කළේ වෑන් රථයේ කිසිදු බරක් නොමැති බවයි. එමලිගේ ශරීරයෙන් වාහනය එසවීමට ස්වර්ගීය දේවදූතයන් පොළොවේ දේවදූතයන් සමඟ එකතු වූ බව මම දැන සිටියෙමි. ශුද්ධ වූ පූජකවරයේ බලයෙන් එමිලි නැවත පණ ගැන්වූ බවත් මම දනිමි.

සමිඳාණන් වහන්සේ මෙම සත්‍යය තම සේවකයන්ට හෙළි කළ සේක: “ මම ඔබේ මුහුණට ඉදිරියෙහි යන්නෙමි. මම ඔබේ දකුණතෙහි සහ වම් පැත්තෙහි සිටිමි, එමෙන්ම ඔබ දරා සිටිනු පිණිස මාගේ ආත්මය ඔබේ [හදවත් තුළ] ද, මාගේ දූතයන් ඔබ වටාද සිටිනු ඇත”8

“දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නියෝගයෙන් පසු ශුද්ධ වූ පූජකත්වය”9—මෙල්කිසදෙක් පූජකවරය—එහි යතුරු, අධිකාරිත්වය සහ බලය සමඟ අවසාන දිනවල පොළොවට නැවත පිහිටුව ඇති බවට මම සාක්ෂි දෙමි. සියලු තත්වයන් අප බලාපොරොත්තු වන හා යාච්ඤා කරන ආකාරයට සිදු නොවූවත්, දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් සැමවිටම පැමිණෙන්නේ උන්වහන්සේගේ කැමැත්තට, උන්වහන්සේගේ වේලාවට සහ අප සඳහා වූ උන්වහන්සේගේ සැලැස්මට අනුව බව මම දනිමි.

ප්‍රාතිහාර්යයන් සහ දේවදූත සේවය ඇතුළු පූජකවරයේ ආශීර්වාද ඔබට අවශ්‍ය නම්, දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම ලබා දී ඇති ගිවිසුම් මාර්ගයේ ගමන් කරන ලෙස මම ඔබට ආරාධනා කරමි. ඔබට ආදරය කරන සභාවේ සාමාජිකයන් සහ නායකයින් ඊළඟ පියවර ගැනීමට ඔබට උපකාර කරනු ඇත.

දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේ පූජකවර යතුරු දරාගෙන ක්‍රියාත්මක කරන ජීවමාන අනාගතවක්තෘවරුන් හරහා උන්වහන්සේගේ සභාව ජීවත් වන අතර මෙහෙයවන බවට මම සාක්ෂි දෙමි. ශුද්ධාත්මයාණන්වහන්සේ සැබෑ ය. ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ජීවිතය දුන්නේ අපව සුව කිරීමට, අපව නැවත ලබා ගැනීමට සහ අපව ගෙදර ගෙන ඒමටය.

ආශ්චර්යයන් නතර වී නැති බවත්, දේවදූතයන් අප අතර සිටින බවත්, ස්වර්ගය සැබවින්ම විවෘත බවත් මම සාක්ෂි දෙමි. සහ අහෝ, ඒවා කෙතරම් විවෘතද! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.