ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රීතිය තුළ ගිලී ඇත
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රීතිය තුළ ගිලී ඇත

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබගේ කඳුළු පිරි කන්නලව්වලට සවන් දෙන බවත්, සෑම විටම පරිපූර්ණ ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්වන බවත් මම සාක්ෂි දෙමි.

අපි ඔබට ආදරෙයි, වැඩිහිටි කේරන්. මට එම උච්චාරණය විනාඩි 10කට ඉල්ලා ගන්න හැකිද?

ආශ්චර්යයන් සඳහා ආශාවෙන්

නව ගිවිසුමේ, ප්‍රාතිහාර්යයක් සිදුවීමට ආශාවෙන් යේසුස්වහන්සේට කෑගැසූ අන්ධ බර්තිමේයුස් ගැන අපි ඉගෙන ගනිමු. “යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “යන්න; ඔබේ ඇදහිල්ල ඔබව සුවපත් කළේය. වහාම ඔහුට පෙනීම ලැබුණි.”1

තවත් අවස්ථාවක බෙත්සයිදාවේ සිටි මිනිසෙක් සුවය සඳහා ආශාවෙන් සිටියේය. ඊට වෙනස්ව, මෙම ආශ්චර්යය ක්ෂණිකයෙන් පැමිණියේ නැත.. ඒ වෙනුවට, යේසුස්වහන්සේ ඔහුව “නැවත පිහිටුවීමට” පෙර දෙවරක් ආශීර්වාද කළා.2

තුන්වන උදාහරණයේදී, ප්‍රේරිතවර පාවුල් ඔහුගේ පීඩාවේදී “තුන් වතාවක් ස්වාමින් වහන්සේගෙන් අයැද සිටියේය”,3 නමුත් අපගේ දැනුමට අනුව, ඔහුගේ දැඩි ආයාචනය ලබා දුන්නේ නැත.

වෙනස් පුද්ගලයන් තිදෙනෙක්. අසමසම අත්දැකීම් තුනක්.

මේ අනුව, මෙම ප්‍රශ්නය: ඇතැමුන් තමන් ආශා කරන ප්‍රාතිහාර්යයන් ඉක්මනින් ලබා ගන්නේ ඇයි, තවත් සමහරු ඉවසිලිවන්තව විඳදරා ගනිමින්, ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින්නේ මන්ද?4 “[අපට] ප්‍රේම කරන”5 සහ “[අපගේ] සුභසාධනය සහ සන්තෝෂය සඳහා [සියල්ල] කරන” උන්වහන්සේව කෘතඥපූර්වකව අපි දන්නේ ඇයිද යන්න අපි නොදන්නවා විය හැක.6

දිව්යමය අරමුණු

ආරම්භයේ සිට අවසානය දකින දෙවියන්වහන්සේ,7 “ඔබේ විපත්ති සහ පීඩාවන් සුළු මොහොතක් පමණක් වනු ඇත”8 සහ “ඔබේ වර්ධනය සඳහා”9 කැප කරනු ලැබේ.

අපගේ පරීක්ෂාවන්හි තවදුරටත් අරුත සොයා ගැනීමට අපට උපකාර කරමින්, වැඩිහිටි ඕර්සන් එෆ්. විට්නි ඉගැන්වූයේ: “අපි විඳින කිසිම වේදනාවක්, අප අත්විඳින කිසිම පීඩාවක් අපතේ යන්නේ නැහැ. එය අපේ දැනුමට මඟපෙන්වනවා දෙනවා. … අපි [ඉවසිලිවන්තව] විඳදරා ගන්නා සියල්ල … , ඔබේ චරිත ගොඩනඟා, අපගේ හදවත් පිරිසිදු කරයි, අපගේ ආත්මයන් පුළුල් කරයි, සහ අපව වඩාත් මුදු මොළොක් හා ආදරණීය බවට පත් කරයි. … ශෝකය සහ දුක් වේදනා, වෙහෙස සහ පීඩා තුළින්, අප මෙහි පැමිණ දැනුම ලබා ගන්නේ අපගේ [ස්වර්ගීය දෙමාපියන්] මෙන් අපව පත් වීම පිණිසයි.10

ඔහුගේ පීඩාවලදී “ක්‍රිස්තුස්ගේ බලය [ඔහු] මත රඳා පවතිනු ඇත” බව තේරුම්ගත් පාවුල් නිහතමානීව පැවසුවේ “මක්නිසාද මා දුර්වල වූ විට මම ශක්තිමත් වෙමි” යනුවෙනි.11

ජීවිතයේ පරීක්ෂාවන් අපට ඔප්පු කරයි.12 ගැලවුම්කරුවාණන් පවා “කීකරුකම මගින්…ඉගෙනගත්තේ “ සහ “දුක් විඳීමෙන් පරිපූර්ණ” වන ලදී.13

තවද එක් දිනක් උන්වහන්සේ අනුකම්පාවෙන් ප්‍රකාශ කරනු ඇත, “මම නුඹ විශුද්ධ කෙළෙමි … ; පීඩා නමැති උදුණේදී නුඹ තෝරාගතිමි.”14

දෙවියන්වහන්සේගේ දිව්‍යමය අරමුණු කෙරෙහි විශ්වාසය තැබීමෙන් වෙහෙසට පත් වූ ආත්මයන්ට බලාපොරොත්තුවක් ඇති කරන අතර දුක් වේදනා සහ සිත් රිදවන කාලවලදී අධිෂ්ඨානය වැඩි කරයි. 15

දිව්යමය දෘෂ්ටිකෝණ

වසර ගණනාවකට පෙර, සභාපති රසල් එම්. නෙල්සන් මෙම වටිනා අදහස් බෙදාගත්තේය: “අපි සෑම දෙයක්ම සදාකාලික ඉදිරිදර්ශනයකින් බලන විට, එය අපගේ බර සැලකිය යුතු ලෙස සැහැල්ලු කරනු ඇත.”16

රූපය
හොලි සහ ට්රේ පෝටර්.

මගේ බිරිඳ, ජිල් සහ මම මෑතකදී මෙම සත්‍යය දුටුවේ හොලි සහ රික් පෝටර්ගේ විශ්වාසවන්ත ජීවිතවල ය. ඔවුන්ගේ 12 හැවිරිදි පුත් ට්‍රේ ඛේදජනක ගින්නකින් මිය ගියේය. තම ආදරණීය පුත්‍රයා බේරාගැනීමේ වීරෝදාර උත්සාහයේදී දෑත් සහ පාද දරුණු ලෙස පිළිස්සී ඇති අතර, හොලි පසුව කොට්ඨාස සක්‍රමේන්තු රැස්වීමේදී ප්‍රාතිහාර්යමය, ඇදහිය නොහැකි සහ අරුම පුදුම වැනි වචන භාවිතා කරමින් ස්වාමින් වහන්සේ තම පවුලට ඔවුන්ගේ වේදනාවේදි වැගිරවූ මහත් සාමය සහ ප්‍රීතිය පිළිබඳ සාක්ෂි දුන්නාය.

රූපය
සුවපත් කරන දෑත් අල්ලා ගැනීම.

මෙම වටිනා මවගේ දරාගත නොහැකි ශෝකය මෙම සිතුවිල්ලෙන් සාමය ඉක්මවා ගියේය: “මගේ දෑත් සුරකින දෑත් නොවේ. ඒ අත් ගැලවුම්කරුවාණන්ට අයිතියි! මට කළ නොහැකි වූ දේ මතක් කිරීමක් ලෙස මගේ කැළැල් දෙස බලනවා වෙනුවට, මගේ ගැලවුම්කරුවාණන් දරන කැළැල් මම සිහිකරනවා.’’

හෝලිගේ සාක්ෂිය අපගේ අනාගතවක්තෘවරයාගේ පොරොන්දුව ඉටු කරයි: “ඔබ සෙලෙස්ටියල් මහිමය සිතන විට, ඔබ පරීක්ෂාවන් සහ විරුද්ධතාවයන් නව ආලෝකයකින් දකිනු ඇත.” 17

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ප්‍රකාශ කළා: “දෙවියන්වහන්සේ මරණීය ලෝකය තුළ උන්වහන්සේගේ මිදීමේ සැලැස්ම ඉදිරිපත් කළ විට විපත්ති ජයගැනීමේ සහ එයින් වර්ධනය වීමේ අභියෝගය අපට ආයාචනා කළ බව මම විශ්වාස කරමි. අපගේ ස්වර්ගික පියාණන් අපව දරා සිටින බව දැනගෙන අපි දැන් එම අභියෝගයට ප්‍රවේශ විය යුතුය. නමුත් අප උන්වහන්සේ වෙතට හැරීම ඉතා වැදගත්ය. දෙවියන්වහන්සේ නොමැතිව, දුක් විඳීමේ සහ විපත්තිවල අඳුරු අත්දැකීම් අධෛර්ය්‍යට, බලාපොරොත්තු සුන්වීම සහ තිත්තකමට පවා නැඹුරු වේ.18

දිව්යමය මූලධර්ම

අතෘප්තියේ අන්ධකාරයෙන් මිදීමට සහ ඒ වෙනුවට ජීවිතයේ දුෂ්කර අභියෝගවලදී වැඩි සාමයක්, බලාපොරොත්තුවක් සහ ප්‍රීතියක් ලබා ගැනීමට, මම ආරාධනා ලෙස දිව්‍යමය මූලධර්ම තුනක් බෙදා ගනිමි.

එකක්—ශක්තිමත් ඇදහිල්ල පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මුල් තැන දීමෙනි.19 “සෑම සිතුවිල්ල්කදීම මා දෙස බලන්න,” උන්වහන්සේ ආයාචනා කරයි; “සැක නොකරන්න, බිය නොවන්න.”20 සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“[අපගේ] සදාකාල ජීවනය රඳා පවතින්නේ [ක්‍රිස්තුස්වහන්සේ] සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුල [අපගේ] ඇදහිල්ල මතයි”.21

මෑතකදී මාගේ තුවාලය නිසා ඇතිවූ දැඩි වේදනාවත් සමඟ මා පොරබඳිමින් සිටියදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ තේරුම්ගත නොහැකි ත්‍යාගය ගැන මට වඩාත් ගැඹුරු අගයකිරීමක් දැනුනා. ඒ ගැන සිතන්න! ගැලවුම්කරුවාණන් “සෑම ආකාරයකම වේදනාවන් සහ පීඩාවන් සහ පරීක්ෂාවන්” වින්ඳේ, එවිට උන්වහන්සේට අපව සැනසීමට, අපව සුව කිරීමට සහ අවශ්‍ය අවස්ථාවලදී අපව ගලවා ගැනීමට හැකි වන නිසායි.’’22

ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “මාගේ තුවාලය ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය” ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට හේතු වුනා.” මගේ සුවය අතරතුර, ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ දිව්‍යමය බලය සාමකාමී සහ නොවරදින ආකාරයෙන් ප්‍රකාශ කර ඇත.23

‘’ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙයල්ලා; ‘’ අපගේ ගැලවුම්කරුවාණන් දිරිගන්වමින්; ‘’මම ලෝකයෙන් ජයගතිමි.”24

දෙක—වඩා දීප්තිමත් බලාපොරොත්තුවක් පැමිණෙන්නේ අපගේ සදාකාලික ඉරණම ගැන සිතීමෙනි.25 “අපගේ පියාණන්ගේ ඇදහිය නොහැකි පොරොන්දු වූ ආශීර්වාද පිළිබඳ දර්ශනයක් සෑම දිනකම අපගේ ඇස් ඉදිරියෙහි” තබා ගැනීමට ආවේනික බලය ගැන කතා කිරීමේදී, ලින්ඩා රීව්ස් සහෝදරිය මෙසේ සාක්ෂි දරයි: “අපට ඇති බොහෝ පරීක්ෂාවන් අපට ඇත්තේ මන්දැයි මම නොදනිමි, නමුත් එය මගේ පුද්ගලිකය ත්‍යාගය කෙතරම් ශ්‍රේෂ්ඨද යත්, …කෙතරම් ප්‍රීතියෙන් සහ අපගේ අවබෝධයෙන් ඔබ්බටද යත්, එම විපාක දෙන දවසේදී අපගේ දයාවන්ත, ආදරණීය පියාණන්ට, ‘ඒ සියල්ල අවශ්‍ය වූවාද?’ යැයි කීමට අපට හැඟෙනු ඇත. … අවසානයේ දී එම පරීක්ෂාවන් … දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සදාකාල ජීවනය සඳහා අපව සුදුසුකම් ලබන්නේ නම්, අපි මෙහි දුක්විඳිනා දෙය ප්‍රශ්ණයක් වන්නේ කෙසේද? 26

සභාපති නෙල්සන් මෙම අදහස් බෙදාහදා ගත්තේය: “ලිබර්ටි සිරගෙදරදී සහනයක් ඉල්ලා සිටි ජෝසෆ් ස්මිත්ට ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය සලකා බලන්න. ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවරයාට ඉගැන්වූයේ ඔහුගේ අමානුෂික සැලකීම ඔහුට අත්දැකීම් ලබා දෙන බවත් ඔහුගේ යහපත සඳහා බවත්ය. “නුඹ එය හොඳින් දරාගන්නේ නම්, දෙවියන්වහන්සේ නුඹව ඉහළට ඔසවන සේක” යනුවෙන් ස්වාමින්වහන්සේ පොරොන්දු වුනා. ස්වාමින්වහන්සේ ජෝසප්ට ඉගැන්වූයේ, දවසේ දුක්ඛිත දුෂ්කරතා කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා උත්කර්ෂවත්ව සිතීමට සහ සදාකාලික විපාකයක් අපේක්ෂා කිරීමටයි.27

මිතුරෙකුට යැවූ මෙම ලිපියෙන් පිළිබිඹු වන පරිදි ජෝසප්ගේ ඉදිරිදර්ශනය වෙනස් කිරීම ගැඹුරු පවිත්‍රකිරීමක් ගෙන ආවේය: “මාස පහක් සිරගෙදර බිත්තිවල සිරකර සිටි මට පෙනෙන්නේ මෙයින් පසු මගේ හදවත වෙන කවරදාටත් වඩා මුදු මොළොක් වනු ඇති බවයි. … “මම විඳ ඇති හිංසාව මා විඳදරා නොගන්නේ නම් මට දැන් මෙන් මට කිසි විටෙකත් දැනෙන්නේ නැතැයි මම සිතමි.”28

තුන—වැඩි බලයක් ලැබෙන්නේ ප්‍රීතිය කෙරෙහි අවධානය යොමු කිරීමෙනි.29 සදාකාලික තීරනාත්මක, වේදනාකාරී හෝරාවලදී, අපගේ ගැලවුම්කරුවාණන් පැකිලුනේ නැත, නමුත් තිත්ත කුසලානය සහභාගී විය.30 ඔහු එය කළේ කෙසේද? “උන්වහන්සේ [ක්‍රිස්තුස්වහන්සේ] ඉදිරියෙහි තබා තිබූ ප්‍රීතිය නිසා කුරුසිය විඳදරාගත්තේය,”31 උන්වහන්සේගේ කැමැත්ත “පියාණන්ගේ කැමැත්තෙන් ගිල දමනු ලැබේ” කියා අපි ඉගෙන ගනිමු. 32

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

“ගිල ගත්තා” යන මෙම වාක්‍ය ඛණ්ඩය මා ගැඹුරින් සසල කරයි.” ස්පාඤ්ඤ භාෂාවෙන් “ගිලිනවා” යන්න “පරිභෝජනය” ලෙස පරිවර්තනය කර ඇති බව දැනගත් විට මගේ උනන්දුව වැඩි විය. ජර්මානු භාෂාවෙන්, “ගිලිනවා” ලෙස; සහ චීන භාෂාවෙන්, “ගිලී ඇත.” මේ අනුව, ජීවිතයේ අභියෝග වඩාත් වේදනාකාරී සහ අතිමහත් වන විට, ස්වාමින්වහන්සේගේ පොරොන්දුව මට මතකයි - අපි ““කිසිදු දුක් විඳීමට ඉඩ නොතැබිය යුතුය, එය ගිල දමන්න [පරිභෝජනය, ගිල්වා, සහ ගිලී] ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීතියෙන් සිටින්න.”” යන පොරොන්දුව.33

ඔබේ තිත්ත කුසලානය තවමත් ඉවත් කර නොතිබුණද, “[මරණීය අවබෝධය ප්‍රතික්ෂේප කරන]… 26ප්‍රීතිය මම ඔබ තුළ දකිමි. ඔබගේ ගිවිසුම් තබා දෙවියන් වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස සිටීම ගැන ඔබට ස්තුතියි.35 “[ඔබේ] නිහඬ හදවතේ ඇසට නොපෙනෙන දුකක් සැඟවී ඇතිමුත්”, අප සැමට ආශීර්වාද කිරීමට අත තැබීම ගැන ඔබට ස්තුතියි.36 මක්නිසාද ඔබ ගැලවුම්කරුවාණන්ගේ සහනය අන් අයට ගෙන එන විට, ඔබ එය ඔබටම සොයා ගනු ඇත, සභාපති කැමිල් ජොන්සන් ඉගැන්වීය. 37

දිව්යමය පොරොන්දු

දැන්, හොලි පෝටර්ගේ පවුල ස්වාමින් වහන්සේ විසින් අනුග්‍රහය දැක්වීමේ ප්‍රාතිහාර්යය ගැන සාක්ශි දැරූ සක්‍රමේන්තු රැස්වීමට මා සමඟ නැවත එන්න.38 මෙම කැපී පෙනෙන පවුලට සහ ඔවුන්ගේ මිතුරන්ට සැනසීම ලබා දීමට මා කුමක් කිව හැකිද යන්න ගැන කල්පනා කරමින් සිටියදී, මෙම සිතුවිල්ල පැමිණියේය: “ගැලවුම්කරුවාණන්ගේ වචන භාවිතා කරන්න.”39 එබැවින්, “තුවාල වූ ආත්මය සුව කරන” උන්වහන්සේගේ වචනවලින් මම එම සබත් දිනයේ කළාක් මෙන් අදත් අවසන් කරමි.40

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.41

“මම එසේම නුඹලාගේ උරහිස් මත තැබුවාවූ බර අඩු කරන්නෙමි, එනම් නුඹලාට ඒවා නුඹලාගේ පිට මත තිබෙනවා දැනෙන්නේ නැත, නුඹලා වහල්භාවයේ සිටියේ වුවත්; … තවද එනම් නුඹලා සත්‍යයෙන්ම එනම් මම ස්වාමි වූ දෙවියන්වහන්සේ බව දනගැනීමටය, මම මාගේ ජනතාවගේ පීඩාවේදී බැහැ දකින්නෙමි. 42

“නුඹලා අනාථව නාරින්නෙමි: මම නුඹලා වෙතට එමි.”43

මගේ සාක්ෂිය

ප්‍රීතිමත් ගෞරවයෙන් යුතුව, මම අපගේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිත දකින අතර ‘’උන්වහන්සේගේ පොරොන්දු ස්ථිරයි’’.44 විශේෂයෙන්ම කරදරයට පත් වූ හෝ “ඕනෑම ආකාරයකින් පීඩාවට පත් වූ”45 ඔබ වෙනුවෙන්, අපගේ ස්වර්ගීය පියාණන් ඔබගේ කඳුළු පිරි කන්නලව්වලට සවන් දෙන බවත්46, සෑම විටම පරිපූර්ණ ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්වන බවත් මම සාක්ෂි දෙමි.47 අපගේ පවුලට මහත් අවශ්‍යතා ඇති අවස්ථාවලදී උන්වහන්සේ කර ඇති පරිදි, “ඔබේ බර සැහැල්ලු වන පිණිස”48 , “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් ගිලෙනු පිණිස” දෙවියන්වහන්සේ ඔබටත් දෙන සේක්වා.49 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.