ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් වහන්සේගේ සාක්ෂිය
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


යේසුස් වහන්සේගේ සාක්ෂිය

මාගේ ආරාධනය යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත කෙනෙකු ලෙස ඔබගේ ස්ථානය සුරක්ෂිත කිරීමට දැන් ක්‍රියා කරන ලෙසයි.

1832 දී, ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ සදාකාලික ඉරණම පිළිබඳව කැපී පෙනෙන දර්ශනයක් ලබා ගත්හ. මෙම එළිදරව් ස්වර්ග රාජ්‍ය තුනක් ගැන කතා කළේය. සභාපත් ඩැලින් එච්. ඕක්ස් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙම “මහිමාන්විත රාජ්‍යයන්” ගැන කතා කරමින්1, “බැටළු පැටවාගේ ජයග්‍රහණය සහ මහිමය තුළින්”පමණක්2 සාපේක්ෂ වශයෙන් සුළු පිරිසක් හැර අන් සියල්ලන්ම අවසානයේ “ඔවුන්ගේ තේරීම් හරහා ආශාවන්ට අනුව අනුව”මෙම රාජ්‍යයන්ගෙන් එකකට මුදවා ගන්නා බව සඳහන් කළේය. 3 දෙවියන් වහන්සේගේ මිදීමේ සැලැස්ම උන්වහන්සේගේ සියලුම දරුවන්ට, ඔවුන් පොළොවේ කොතැනක හෝ ජීවත් වූ සහ ජිවත් වෙන සෑම විටම විශ්වීය අවස්ථාවක් වේ.

රාජ්‍ය තුනෙන් කුඩාම රාජ්‍යයේ, ටෙලෙස්ටියල් රජ්‍යයේ පවා තේජස, “සියලු අවබෝධය අභිබවා යන අතර,”4 අපගේ පියාණන් බලාපොරොත්තු වන්නේ අප තෝරාගනු ඇති—බවත්, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කරුණාව තුළින් මෙම රාජ්‍යයන් අතරින් උසස්ම සහ තේජාන්විත රාජ්‍යය, සෙලෙස්ටියල් රාජ්‍ය, සඳහා —සුදුසුකම් ලබන බවත්ය, එහිදී අපට “ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන්” ලෙස සදාකාල ජීවනය භුක්ති විඳිය හැකිය.5 සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් ඉල්ලා ඇත්තේ “සෙලෙස්ටියල් මහිමය සිතන්න”, සෙලෙස්ටියල් රාජ්‍යය අපගේ සදාකාලික ඉලක්කය බවට පත් කර ගන්නා ලෙසත්, ඉන්පසු “පොළොවේ සිටින විට [අපගේ] සෑම තීරණයක්ම ඊළඟ ලෝකයේ [අපව] තබන්නේ කොතැනදැයි ප්‍රවේශමෙන් සලකා බලන ලෙසත්ය. 6

සෙලෙස්ටියල් රාජ්‍යයේ සිටින අය නම් “යේසුස්වහන්සේගේ සාක්ෂිය පිළිගත්, … නව ගිවිසුමේ මැදිහත්කරුවාණන් වන යේසුස්වහන්සේ තුළින් පරිපූර්ණ වූ මනුෂ්‍යයන්ය.”7 “මිනිසුන්ගේ කපටිකමෙන් අන්ධ වූ පොළොවේ ගෞරවනීයව විසූ මිනිසුන්” ඇතුළුව දෙවන නැතිනම් ටෙරෙස්ට්‍රියල් රාජ්‍යයේ වෙසෙන්නන් ඇත්ත වශයෙන්ම යහපත් අය ලෙස විස්තර කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන සීමාකාරී ලක්ෂණය නම් ඔවුන් “යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත නොවීමයි.”8 ඊට වෙනස්ව, පහළ, ටෙලෙස්ටියල් රාජධානියේ සිටින අය වන්නේ “ශුභාරංචිය හෝ යේසුස්වහන්සේ ගැන සාක්ෂිය නොලැබූ අයයි. 9

එක් එක් රාජ්‍යයේ වෙසෙන්නන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔවුන් “යේසුස් වහන්සේගේ සාක්ෂියට” සම්බන්ධ වන ආකාරය (1) මුළු හදවතින්ම භක්තියේ සිට (2) නිර්භීත නොවීම දක්වා (3) සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම දක්වා බව සලකන්න. එක් එක් පුද්ගලයාගේ ප්රතික්රියාව මත ඔහුගේ හෝ ඇයගේ සදාකාලික අනාගතය බැඳී තිබේ.

I.

යේසුස්වහන්සේගේ සාක්ෂිය යනු කුමක්ද?

එය උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන්, මෙසියස්වහන්සේ සහ මිදුම්කරුවාණන් බව ශුද්ධාත්මයාණන්වහන්සේගේ සාක්ෂියයි. යේසුස් වහන්සේ ආරම්භයේ දෙවියන්වහන්සේ සමග සිටි බවත්, උන්වහන්සේ ස්වර්ගයේ හා පොළොවේ මැවුම්කරුවාණන් බවත්, “උන්වහන්සේ තුළ ශුභාරංචිය වූ බවත්, ශුභාරංචිය ජීවිතය වූ බවත්, ජීවිතය මිනිසුන්ගේ ආලෝකය බවත්” යොහන්ගේ සාක්ෂියයි. 10 එය “ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂියයි,, … උන්වහන්සේ මිය ගොස්, තැන්පත් කරනු ලැබූ අතර, තුන්වන දින නැවත නැඟිට, ස්වර්ගයට නැඟුනේය.”11 එය නම් “ගැලවීම පැමිණෙන වෙනත් නාමයක් නැත” යන දැනුමයි. එය ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් දෙන ලද “සියල්ලටම වඩා අවසාන සාක්ෂිය” එනම් “උන්වහන්සේ ජීවත් වන බවට! … උන්වහන්සේ පියාණන්ගේ එකජාතක බව—උන්වහන්සේ විසින්, උන්වහන්සේ තුළින් සහ උන්වහන්සේගෙන්, ලෝකයන් නිර්මාණය වී සහ නිර්මාණය කරන බවත්, එහි වැසියන් දෙවියන් වහන්සේට ජාතක දූ පුතුන් බවත් ය.13

II.

මෙම සාක්ෂියෙන් ඔබ්බට ප්‍රශ්නය වන්නේ: අපි ඒ ගැන කුමක් කරන්නේද යන්නයි?

සෙලෙස්ටියල් රාජ්‍යයේ උරුමක්කාරයන් බව්තීස්ම වීම, ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගැනීම සහ ඇදහිල්ලෙන් ජයගැනීම මගින් සම්පූර්ණ අර්ථයෙන් යේසුස්වහන්සේගේ සාක්ෂිය “ලබා ගනී”.14 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම සහ සත්‍යයන් ඔවුන්ගේ ප්‍රමුඛතා සහ තේරීම් පාලනය කරයි. යේසුස්වහන්සේගේ සාක්ෂිය ප්‍රකාශ වන්නේ ඔවුන් කුමක්ද සහ ඔවුන් කුමක් බවට පත්වෙමින් සිටිනවාද යන ආකාරයෙනි. ඔවුන්ගේ චේතනාව පිවිතුරු ප්‍රේමයයි, “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය” වේ.15 ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ “ක්රිස්තුස්වහන්සේගේ පූර්ණත්වයේ වර්ධනයටයි” 16

අඩුම තරමින් ටෙරෙස්ට්‍රියල් රාජ්‍යයේ සිටින ටික දෙනෙක් යේසුස්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නවා, නමුත් ඔවුන් ඒ ගැන නොකරන දේවලින් කැපී පෙනෙනවා. ගැලවුම්කරුවාණන්ගේ සාක්ෂිය තුළ නිර්භීත නොවීම, උදාසීනත්වය හෝ අනියම් බව පෙන්නුම් කරයි—”උෂ්ණව”17— මෝර්මන්ගේ පොතේ අම්මොන් ජනයාට එරෙහිව, උදාහරණයක් ලෙස, “දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ උද්‍යෝගයද ඔවුන්ව එසේම හඳුනවා ගනු ලැබීය.” 18

ටෙලෙස්ටියල් රාජ්‍යයේ වාසය කරන්නන් යනු යේසුස්වහන්සේගේ ශුභාරංචිය, උන්වහන්සේගේ ගිවිසුම් සහ අනාගතවක්තෘවරුන් සමඟ ඇති සාක්ෂිය ප්‍රතික්ෂේප කරන අයයි. එවා අබිනාදි විසින් විස්තර කර ඇත්තේ “ඔවුන්ගේ මාංශමය කැමැත්තට සහ ආශාවන්ට අනුව ගොස්; කරුණාවේ හස්තය ඔවුන් වෙත යොමුව තිබියදීත්; ස්වාමීන්වහන්සේ හට කවරදාකවත් හඬ නොගසනු ලදුව; කරුණාවේ හස්තය ඔවුන් වෙත දිගුව තිබියදීත්; තවද ඔවුන් එසේ නොකරන්නෝය’’19

III.

යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අවස්ථා කිහිපයක් සලකා බැලිය හැකිය. මම කිහිපයක් සඳහන් කරන්නම්. යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීම නිසැකවම එම සාක්ෂිය පෝෂණය කිරීම සහ ශක්තිමත් කිරීම ඇතුළත් වේ. සැබෑ අනුගාමිකයින්, යාච්ඤාව, ශුද්ධ ලියවිලි පද අධ්‍යයනය, සබත පැවැත්වීම, සක්‍රමේන්තුවට පංගුකාර වීම, පසුතැවිලි වීම, දේවසේවය කිරීම සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීම වැනි යේසුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය පවත්වා ගෙන යන සහ ශක්තිමත් කරන කුඩා දේවල් ලෙස පෙනෙන සුළු දේවල් නොසලකා හරින්නේ නැත. සභාපති නෙල්සන් අපට මතක් කර දෙන්නේ දිනපතා “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන්”[මොරෝනි 6:4]පෝෂණය නොවන සාක්ෂියක් බිය උපදවන වේගයකින්, බිඳ වැටෙන්න පුළුවන් බවයි. මේ අනුව, … අපට දිනපතාම ස්වාමින්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. ඉන්පසු ඔහු මෙසේ පැවසීය: ‘’ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන ලෙස මම ඔබෙන් අයදිනවා.’’. ඔබේ කාලයෙන් සාධාරණ කොටසක් උන්වහන්සේට ලබාදෙන්න. ඔබ එසේ කරන විට, ඔබගේ ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවයට කුමක් සිදුවේදැයි බලන්න.20

නිර්භීත වීම කෙනෙකුගේ සාක්ෂිය ගැන විවෘත වීම සහ ප්‍රසිද්ධියට පත්කිරීමද යෝජනා කරයි. බව්තීස්මයේදී, “සෑම කාලයකදීම, සෑම දෙයකදීම, [අප] සිටින සෑම තැනකදීම, මරණය දක්වාම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සිටීමට” අපගේ කැමැත්ත අපි ස්ථිර කරමු. 21 විශේෂයෙන්ම මෙම පාස්කු සමයේදී, නැවත නැඟිටුවනු ලැබූ, ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂිය අපි ප්‍රීතියෙන්, ප්‍රසිද්ධියේ සහ අවංකව ලෙස ප්‍රකාශ කරමු.

යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීමේ එක් අංගයක් වන්නේ උන්වහන්සේගේ පණිවිඩකරුවන්ට ඇහුම්කන් දීමයි. දෙවියන්වහන්සේ අපට වඩා හොඳ මාර්ගයට, ගිවිසුම් මාර්ගයට බල නොකරන නමුත්, අපගේ තේරීම්වල ප්‍රතිවිපාක පිළිබඳව අපව සම්පූර්ණයෙන් දැනුවත් කරන ලෙස උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ට උපදෙස් දෙයි. එය උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ට පමණක් නොවේ. උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරයන්ගේ මාර්ගයෙන්, උන්වහන්සේ මුළු ලෝකයටම ආදරයෙන් ආයාචනා කරන්නේ ඔවුන්ව නිදහස් කරන,22 අනවශ්‍ය දුක් වේදනාවලින් නිදහස් කර, ඔවුන්ට ස්ථිර ප්‍රීතිය ගෙන දෙන සත්‍යයට අවනත වන ලෙසයි.

යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීම යන්නෙන් අදහස් කරන්නේ අන් අයව, වචනයෙන් සහ ආදර්ශයෙන්, එලෙසම නිර්භීත වීමට, විශේෂයෙන් අපගේම පවුල්වල අයව දිරිමත් කිරීමයි. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් වරක් ආමන්ත්‍රණය කළේ “[සභාවේ] අත්‍යවශ්‍යයෙන්ම ‘ගෞරවනීය’ සාමාජිකයින් තම අනුගාමිකත්වය ගැඹුරු කිරීම වෙනුවට මතුපිටින් ගමන් කරන සහ ‘කනස්සල්ලෙන්’ නියැලීමට වඩා ආගන්තුක ලෙස නිරත වන [දහම සහ ගිවිසුම්76:75; 58:27].”23 සෑම කෙනෙකුටම තෝරා ගැනීමට නිදහස ඇති බව සඳහන් කරමින්, වැඩිහිටි මැක්ස්වෙල් ශෝක විය: “කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, ඇතැමුන් අලසකම තෝරා ගන්නා විට, ඔවුන් තෝරා ගන්නේ තමන් පමණක් නොව ඊළඟ පරම්පරාව සහ ඊළඟ පරම්පරාව සඳහා ය. දෙමව්පියන් තුළ ඇති කුඩා ක්‍රියාවන් ඔවුන්ගේ දරුවන් තුළ විශාල වෙනසක් ඇති කළ හැකිය! පවුලක පෙර පරම්පරාවන් කැපවීම පිළිබිඹු කළ හැකි අතර, වර්තමාන පරම්පරාවේ සමහරක් සාක්‍ෂි දරයි. කනගාටුවට කරුණක් නම්, විනාශය එහි හානියට පත්වන විට සමහරුන් අසමගිය තෝරා ගත හැකිය.24

වසර ගණනාවකට පෙර, වැඩිහිටි ජෝන් එච්. ග්‍රෝබර්ග් 1900 ගණන්වල මුල් භාගයේ හවායි හි කුඩා ශාඛාවක ජීවත් වූ තරුණ පවුලක කතාව විස්තර කළේය. ඔවුන් වසර දෙකක පමණ කාලයක් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති අතර ඔවුන්ගේ එක් දියණියක් හඳුනා නොගත් රෝගයකින් රෝගාතුර වී රෝහල් ගත කරන ලදී. ඊළඟ ඉරිදා සභාවේදි, පියා සහ ඔහුගේ පුතා බොහෝ සතිවල සිදු කළ ආකාරයටම සක්‍රමේන්තුව පිළියෙළ කළ නමුත් තරුණ පියා පාන් වලට ආශීර්වාද කිරීමට දණ ගසා සිටියදී, ශාඛාවේ සභාපති, සක්‍රමේන්තු මේසයේ සිටින්නේ කවුදැයි හදිසියේම වටහාගෙන, නැගිට කෑගසා, ‘’නවත්වන්න. ඔබට සක්රමේන්තුව ස්පර්ශ කළ නොහැක. ඔබේ දුවට නොදන්නා රෝගයක් තිබේ. වෙනත් කෙනෙකුට අලුතෙන් සක්රමේන්තු පාන් සුදානම් කරන්න දී වහාම පිටව යන්න. අපිට ඔයාව මෙතන තියාගන්න බැහැ. යන්න.’’ විමතියට පත්වූ පියා ශාඛාවේ සභාපතිවරයා දෙසත්, පසුව සභාව දෙසත් බලා සිටි අතර, සියලු දෙනාගේ කනස්සල්ල හා ලැජ්ජාව දැනෙමින්, ඔහුගේ පවුලේ අයට සංඥා කළ අතර, ඔවුන් නිහඬව සභාවෙන් පිටතට පැමිණියහ.

අධෛර්ය්‍යයමත් ලෙස වචනයක්වත් කීවේ නැත, පවුලේ අය ඔවුන්ගේ කුඩා නිවස වෙත යන මාවත දිගේ ඇවිද ගියහ. එහිදී ඔවුන් රවුමට වාඩි වූ අතර, පියා පැවසුවේ, “කරුණාකර මම කතා කිරීමට සූදානම් වන තුරු නිශ්ශබ්ද වන්න.” තරුණ පුතා කල්පනා කළේ ඔවුන් විඳි ලැජ්ජාවට පළිගැනීමට ඔවුන් කරන්නේ කුමක්ද යන්නයි: ඔවුන් ශාඛා සභාපතිගේ ඌරන් මරා දමනවාද, නැතහොත් ඔහුගේ නිවස ගිනිබත් කරනවාද, නැතහොත් වෙනත් සභාවකට බැඳෙනවාද? විනාඩි පහක්, දහයක්, පහළොවක්, විසිපහක් නිහඬවම ගෙවී ගියේය.

පියාගේ දැඩිව මිටමොලවා සිටි දෑත් ලිහිල් වීමට පටන් ගත් අතර කඳුළු සැලීය. අම්මා හඬන්නට පටන් ගත්තා, පසුව හැම දරුවෙක්ම නිහඬව හැඬුවා. පියා තම බිරිඳ දෙසට හැරී, “මම ඔබට ආදරෙයි,” යැයි පැවසූ අතර, එම වචන ඔවුන්ගේ සෑම දරුවෙකුටම නැවත නැවතත් කීවේය. “මම ඔබ සැමට ආදරය කරන අතර අපි පවුලක් ලෙස සදහටම එකට සිටීමට මට අවශ්‍යය. එය විය හැකි එකම ක්‍රමය නම් අප සැමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ හොඳ සාමාජිකයන් වීම සහ දේවමාළිගාවේ ශුද්ධ වූ පූජකවරය මගින් මුද්‍රා වීමයි. මෙය ශාඛා සභාපතිගේ සභාව නොවේ. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවයි. අපිව සදහටම එකට සිටීමෙන් වළක්වන්න කිසිම මිනිසෙකුට හෝ කිසිම රිදවන ලැජ්ජාවකට හෝ ආඩම්බරයකට අපි ඉඩ නොදෙමු. ලබන ඉරිදා අපි ආපහු සභාවට යනවා. අපේ දුවගේ අසනීපය දැනගන්නා තෙක් අපි වෙනම සිටිමු, නමුත් අපි ආපසු යමු.

ඔවුන් ආපසු ගිය අතර, ඔවුන්ගේ දියණිය සුවය ලැබූ අතර, එය නිමකල පසු පවුල ලායි හවායි දේවමාළිගාවේ මුද්‍රා තබන ලදී. අද වන විට ආත්මයන් 100කට අධික සංඛ්‍යාවක් තම පියා, සීයා සහ මී සීයා ආශිර්වාද ලත් අය ලෙස හඳුන්වන්නේ ඔහු සදාකාලිකත්වය දෙස නෙත් යොමා සිටි නිසාය.25

යේසුස් වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීමේ එක් අවසාන අංගයක් ලෙස මා සඳහන් කරන වන්නේ අපගේ පුද්ගලික ශුද්ධකම සෙවීම. යේසුස් වහන්සේ අපගේ අත්‍යවශ්‍ය මිදුම්කරුවාණන්26 වන අතර, උන්වහන්සේ ආයාචනා කරන්නේ, “තවද ආඥාව මෙයයි, පොළොවේ කෙළවර සිටින නුඹලා සියල්ලෙනි පසුතැවිලි වී මා වෙතට වරෙල්ලා, එනම් තවද මාගේ නාමයෙන් බව්තීස්ම වෙයල්ලා, එනම් ශුද්ධාත්මයාණන් ලැබීම කරණ කොටගෙන පවිත්‍ර වන පිණිස නුඹලා අවසාන දවසේදී මා ඉදිරියේ කැලැල් රහිතව සිටින පිණිසය.”27

අනාගතවක්තෘ මෝර්මන් විස්තර කරන්නේ, “බොහෝ දුක් වේදනා මැදින් ගමන් කිරීමට” සිදු වුවද මේ ආකාරයෙන් විඳදරාගත් එක් ශුද්ධවන්තයින් කණ්ඩායමක්28:

‘’එසේවුවත් ඔවුහු නිතර නිරාහරව සහ යාච්ඤා කළහ, තවද වඩාත් ශක්තිමත්ව වැඩිවෙමින්ද ඔවුන්ගේ යටහත්කමෙහි ශක්තිමත් වූහ, තවද ස්ථීරව සහ වඩාත් ස්ථීරයෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුල ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සහනයෙන්ද, එසෙය ඔවුන්ගේ හදවත් පවිත්‍රකමෙන්ද, ශුද්ධවන්තකමට වුවත් පූර්ණ විය, එම ශුද්ධවන්තකම පැමිණෙන්නේ ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේ වෙතට භාරදුන් නිසාය.’’29 අපගේ හදවත් දෙවියන් වහන්සේට භාර දෙමින් සහ ගැලවුම්කරුවාණන්ගේ කරුණාව—තුළින් ආත්මිකව නැවත ඉපදීම, අප සොයන මෙම බලවත් හදවත වෙනස් කිරීමයි.30

මාගේ ආරාධනය යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත කෙනෙකු ලෙස ඔබගේ ස්ථානය සුරක්ෂිත කිරීමට දැන් ක්‍රියා කරන ලෙසයි. පසුතැවිලි වීම අවශ්‍ය විය හැකි බැවින්, “එනම් ගිම්හාන කාලය අවසන් නොවනු ඇතැයි, තවද අස්වැන්න අවසන් වී ඔබේ ආත්මය බේරුනේ නැතැයි ඔබ සිතන පැයකදී;”32 “ඔබේ පසුතැවිලි වීමේ දවස කල් නොදමන්න.”31 දෙවියන් වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් පැවැත්වීමට උද්‍යෝගීව සිටින්න. “වචනයේ දැඩි බව නිසා [අමනාප] නොවන්න”.33 “[ක්‍රිස්තුස්වහන්සේගේ] නාමය සැමවිටම ඔබගේ හදවත් වල ලියා තබා ගැනීමට මතක තබා ගන්න, එවිට ඔබට [ක්‍රිස්තුස්වහන්සේගේ] ඔබ කැඳවනු ලබන කටහඬ ඇසීමට සහ දැන ගැනීමටත්, එසේම, උන්වහන්සේ ඔබට අමතන නාමයටත්.”34 සහ අවසාන වශයෙන් “මා උගන්වන සහ අණ කරන දේ ඔබ කරන පිණිස මෙය ඔබේ සිත්වල තබාගන්න.”35

අපගේ පියාණන්ට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සෙලෙස්ටියල් රාජ්‍යයේ උන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සියලුම දරුවන් සදාකාල ජීවනය භුක්ති විඳිමටය යේසුස්වහන්සේ දුක් විඳ, මිය ගොස්, නැවත නැඟිටුවනු ලැබුවේ එය පහසු කිරීමටයි. උන්වහන්සේ “මනුෂ්‍ය දරුවන් මත උන්වහන්සේගේ කරුණාවේ අයිතිය පියාණන්වහන්සේගෙන් ලබාගැනීමට දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ හිඳගත්තේය.’’ 36 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දැවෙන සාක්ෂියෙන් අප සැමට ආශීර්වාද ලැබේවායි, ප්‍රීතිවී, එම සාක්ෂිය තුළ නිර්භීතව, අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ කරුණාවේ ඵල අඛණ්ඩව භුක්ති විඳීමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.