ප්‍රධාන සම්මන්ත්‍රණය
සියළුම දේවල් තුල විරුද්ධතාවය
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


සියළුම දේවල් තුල විරුද්ධතාවය

අපගේ තෝරාගැනීමේ නිදහස ක්රියාත්මක කිරීමට හැකි වීම සඳහා, අපට සලකා බලන්නට ප්රතිවිරුද්ධ විකල්ප තිබිය යුතුය.

මෑතකදී, අප නොදන්නා නගරයක රිය පැදවීමේදී, මම නොදැනුවත්වම වැරදි වංගුවක් ගත් අතර, එය මගේ බිරිඳ සහ මා නැවත හැරී එ්මට නොහැකිව නිමක් නැති සැතපුම් ගණනක් අධිවේගී මාර්ගයකට ගෙන ගියේය. මිතුරෙකුගේ නිවසට කාරුණික ආරාධනයක් ලැබී තිබූ අතර අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ ප්රමාද වී දැන් පැමිණෙනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටියෙමු.

පිටවීමට මාර්ගයක් සොයමින් මෙම අධිවේගී මාර්ගයේ සිටියදී, මාර්ගෝ පදේශ පද්ධතිය කෙරෙහි වඩා හොඳ අවධානයක් යොමු නොකිරීම ගැන මම මටම දොස් පැවරුවෙමි. මෙම අත්දැකීම අපගේ ජීවිතයේ සමහර විට අප වැරදි තීරණ ගන්නා ආකාරය සහ අපගේ ගමන් මග නැවත වෙනස් කිරීමට හැකි වන තෙක් නිහතමානීව හා ඉවසිලිවන්තව ප්රතිවිපාක සමඟ ජීවත් විය යුතු ආකාරය ගැන සිතීමට මට හේතු විය.

ජීවිතය යනු තෝරා ගැනීම් කිරීමයි. ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වහන්සේ අපට තෝරාගැනීමේ නිදහසේ දිව්යමය ත්යාගය ලබා දුන්නේ එමඟින් අපට අපගේ තීරණවලින් ඉගෙනගැනීමටයි—නිවැරදි එ්වා සහ වැරදි එ්වාවලින්. අපි පසුතැවිලි වූ විට අපගේ වැරදි තීරණ නිවැරදි කරමු. වර්ධනය සිදුවන්නේ මෙතැනදීය. අප සියලු දෙනා සඳහා ස්වර්ගීය පියාණන් වහන්සේගේ සැලැස්ම වන්නේ ඉගෙනීම, වර්ධනය වීම සහ සදාකාල ජීවනය කරා ඉදිරියට යාමයි.

මගේ බිරිඳට සහ මට ධර්මදූතයින් ඉගැන්වූ දා සිට සහ වසර ගණනාවකට පෙර සභාවට බැඳුණු දා සිට, ලෙහි තම පුත් යාකොබ්ට මෝමන්ගේ පොතේ ලබා දුන් ගැඹුරු ඉගැන්වීම් ගැන මම සැමවිටම පැහැදී සිටිමි. ඔහු ඔහුට ඉගැන්වූයේ “මිනිසා තමා වෙනුවෙන් ක්රියා කළ යුතුයයි ස්වාමින්වූ දෙවියන් වහන්සේ මිනිසාට හට අවස්ළුාව දුන් සේක” 1 සහ “සියළුම දේවල්වලට විරුද්ධතාවයක් තිබීම අවශ්යය”යනුවෙනි. අපගේ තෝරාගැනීමේ නිදහස ක්රියාත්මක කිරීමට හැකි වීම සඳහා, අපට සලකා බලන්නට ප්රතිවිරුද්ධ විකල්ප තිබිය යුතුය. එසේ කිරීමෙන්, මෝමන්ගේ පොත ද අපට මතක් කර දෙන්නේ අපට “ප්රමාණවත් ලෙස උපදෙස් දී ඇත” 3සහ “ක්රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ”4අප සෑම කෙනෙකුටම “යහපත සහ දුෂ්ඨදේ දැන ගැනීමට”5 ලබා දී ඇත.

ජීවිතයේ දී, අපි නිරන්තරයෙන් බොහෝ වැදගත් තීරණවලට මුහුණ දෙමු. උදාහරණයක් ලෙස:

  • අපි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදිනවාද නැද්ද යන්න තෝරා ගැනීම.

  • ඇදහිල්ල ඇති කර ගැනීමට තෝරා ගැනීම සහ ප්‍රාතිහාර්යයන් සිදු වන විට හඳුනා ගැනීම හෝ විශ්වාස කිරීමට තෝරා ගැනීමට පෙර යමක් සිදු වන තෙක් සැකයෙන් බලා සිටීම.

  • දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය වර්ධනය කිරීමට තෝරා ගැනීම හෝ ඊළඟ දවසේ තවත් අභියෝගයක් බියෙන් අපේක්ෂා කිරීම.

මම එම අධිවේගී මාර්ගයේ වැරදි වංගුවක් ගත්තා සේ, අපගේම දුර්වල තීරණවල ප්රතිවිපාක වලින් පීඩා විඳීම බොහෝ විට අතිශට වේදනාකාරී විය හැකිය, මන්ද අපට දොස් පැවරීමට ඇත්තේ අප පමණි. කෙසේ වෙතත්, අපට සැමවිටම පසුතැවීමේ දිව්යමය ක්රියාවලිය තුළින් සැනසීම ලබා ගැනීමට, වැරදි දේ නැවත නිවැරදි කිරීමට, තෝරා ගත ගත හැකි අතර, එසේ කිරීමෙන් ජීවිතය-වෙනස් කරන පාඩම් කිහිපයක් ඉගෙන ගත හැකිය.

සමහර විට අපට අපගේ පාලනයෙන් පිටත දේවල්වලින් විරුද්ධත්වය සහ පරික්ෂාවන් අත්විඳිය හැකිය:

  • යහපත් සෞඛ්යයෙන් යුතු අවස්ථා සහ අසනීප කාල පරිච්ඡේදයන්.

  • සාමයේ කාලය සහ යුද්ධයේ කාලය.

  • දිවා සහ රාත්රියේ කාලයේ පැයවල් සහ ගිම්හානයේ සහ ශීත සෘතු.

  • ශ්රමයේ වේලාවන් සහ ඉන් පසු විවේක කාලයන්.

අපට සාමාන්යයෙන් මෙම ආකාරයේ තත්වයන් අතරින් තෝරා ගත නොහැකි වුවද, ඒවා හුදෙක් සිදු වන බැවින්, ඒවාට ප්රතිචාර දක්වන්නේ කෙසේදයන්න තෝරා ගැනීමට අපට තවමත් නිදහස ඇත. අපට එය ධනාත්මක හෝ අශුභවාදී ආකල්පයකින් කළ හැකිය අපට අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට උත්සාහ කළ හැකි අතර අපගේ ස්වාමින් වහන්සේගේ උපකාරය සහ සහාය ඉල්ලා සිටිය හැකිය, නැතහොත් මෙම පරිෂාවලදී අප තනිවම සිටින බවත් අප එය තනිවම විඳිය යුතු බවත් අපට සිතිය හැකිය. අපට නව යථාර්ථයට “අපගේ රුවල් සකස් කළ හැකිය” නැතහොත් කිසිවක් වෙනස් නොකිරීමට අපට තීරණය කළ හැකිය. රාත්‍රියේ අඳුරේ අපට විදුලි පහන් දල්වන්න පුළුවන්. ශීත ඍතුවේ සීතල තුළ, අපි උණුසුම් ඇඳුම් ඇඳීමට තෝරා ගත යුතුය. අසනීප කාලවලදී, අපට වෛද්‍ය සහ අධ්‍යාත්මික උපකාර ලබා ගත හැකිය. මෙම තත්වයන්ට ප්රතිචාර දක්වන ආකාරය අපි තෝරා ගනිමු.

අනුකූල වන්න,” “ඉගෙන ගන්න,” “සොයන්න,” සහ “තෝරන්න” යන සියලු ක්රියාකාරී ක්රියා පද වේ. අපි ක්රියා කරන්නන් මිස වස්තූන් නොවන බව මතක තබා ගන්න. යේසුස් වහන්සේ “තමන්වහන්සේගේ ජනතාවගේ වේදනා වද ලෙඩ රෝගද උන්වහන්සේ මතට ගෙන … උන්වහන්සේ … ආධාර කිරීම පිනිස” නැතහොත් අප උන් වහන්සේ වෙතට හැරෙන විට අපට උදව් කරන්න පොරොන්දු වූ බව අපි කිසි විටෙකත් අමතක නොකරමු.6 අපට යේසුස් ක්රිස්තුස් වහන්සේ වන පර්වතය මත අපගේ අත්තිවාරම තැනීමට තෝරා ගත හැකිය, එවිට සුළි සුළඟ පැමිණෙන විට “එයට [අප කෙරෙහි] බලයක් නොවන්නේය.”7උන්වහන්සේ පොරොන්දු වී ඇත්තේ “යමෙක් [උන්වහන්සේ වෙතට] පැමිණෙන්නේ ද, උන්වහන්සේ (ඔහු) පිළිගන්නේ ය; තවද (උන්වහන්සේ) වෙතට පැමිණෙනෝ භාග්යවන්තයෝය.”8

දැන්, විශේෂයෙන් වැදගත් වන එක් අතිරේක මූලධර්මයක් තිබේ. ලෙහි පැවසුවේ “මක්නිසාදසියළුම දේවල්වලට විරුද්ධතාවයක් පැත්තක් … තිබීම අවශ්‍යය.”9 මෙයින් අදහස් කරන්නේ ප්‍රතිවිරෝධතා එකිනෙකින් වෙන්ව නොපවතින බවයි. ඔවුන් එකිනෙකාට අනුපූරක වීමට පවා හැකිය. යම් අවස්ථාවක දී අප ද දුක අත්විඳ ඇත්නම් මිස අපට ප්රීතිය හඳුනා ගත නොහැකි වනු ඇත. විටෙක බඩගිනි දැනීම අපට නැවත ආහාර ගැනීමට ප්රමාණවත්ව තිබෙන විට වඩාත් කෘතඥ වීමට උපකාරී වේ. අපි එහෙත් මෙහෙත් බොරු නොදැක්කා නම් අපට සත්යය හදුනාගන්න බැරි වේවි.

මෙම ප්රතිවිරුද්ධ සියල්ලම එකම කාසියක දෙපැත්තක් වැනිය. දෙපැත්තම සෑම විටම පවතී. චාල්ස් ඩිකන්ස් මෙම අදහසට උදාහරණයක් ලබා දී ඔහු ලිවීය “එය හොඳම කාලය විය, එය නරකම කාලය විය.”10

මම අපේ ම ජීවිතයෙන් උදාහරණයක් දෙන්නම්. විවාහ වීම, පවුලක් පිහිටුවීම, සහ දරුවන් ලැබීම අපගේ ජීවිතයේ මෙතෙක් අත්විඳ ඇති ප්රීතියේ ශ්රේෂ්ඨතම අවස්ථාවන් අප වෙත ගෙන ආවා, නමුත් අපගෙන් ඕනෑම කෙනෙකුට යමක් සිදු වූ විට වේදනාව, සන්තාපය සහ ශෝකයේ වඩාත් ගැඹුරු අවස්ථා ද අප වෙත ගෙන ආවේය. අපගේ දරුවන් සමඟ අසීමිත ප්රීතිය සහ සමහර විට රෝගාබාධ, රෝහල්ගත කිරීම් සහ කරදරවලින් පිරුණු නිදි නැති රාත්රීන් මෙන්ම යාච්ඤා සහ පූජක ආශීර්වාද වලින් සහනයක් ලබා ගැනීම ද සිදු විය. මෙම පරස්පර අත්දැකීම් අපට ඉගැන්වූයේ දුක් විඳින අවස්ථාවන්හිදී අප කිසි විටෙකත් තනි නොවන බවත්, ස්වාමින් වහන්සේගේ ආධාර සහ උපකාරය සමඟ අපට කොපමණ ප්රමානයක් දරාගත හැකිද යන්නත් අපට පෙන්වා දුන්නේය. මෙම අත්දැකීම් අපව අපූරු ආකාරවලින් හැඩගස්වා ගැනීමට උපකාරී වූ අතර, ඒ සියල්ල සම්පූර්ණයෙන්ම වටිනවා. මේකට නෙවෙයිද අපි මෙතනට ආවේ?

ශුද්ධ ලියවිලිවල අපට රසවත් උදාහරණ කිහිපයක් ද හමු වේ.

  • ලෙහි තම පුත් යාකොබ්ට ඉගැන්වූයේ පාළුකරයේ දී ඔහු විඳි දුක් වේදනා දෙවියන් වහන්සේගේ ශ්රේෂ්ඨත්වය දැන ගැනීමට උපකාරී වූ බවත් “[දෙවියන් වහන්සේ] [ඔහුගේ] පීඩා [ඔහුගේ]වාසිය සඳහා කැප කරන බවත්ය.”11

  • ජෝසප් ස්මිත් ලිබර්ටි බන්ධනාගාරයේ කුරිරු ලෙස සිරගත ව සිටියදී, ස්වාමින් වහන්සේ ලිබර්ටි බන්ධනාගාරයේ ජෝසෆ් ස්මිත් හට මෙසේ පැවසූ සේක “මේ සියල්ල [ඔහුට] අත්දැකීම් ලබා දෙන බවත්, [ඔහුගේ] යහපත සඳහා වනු ඇති බවත්ය.” 12

  • අවසාන වශයෙන්, යේසුස් ක්රිස්තුස් වහන්සේගේ අපරිමිත පූජාව නිසැකවම මෙතෙක් දැක ඇති වේදනාව හා දුක් වේදනා පිළිබඳ විශාලතම උදාහරණය විය, නමුත් එය දෙවියන් වහන්සේගේ සියලු දරුවන්ට උන්වහන්සේගේ වන්දි ගෙවීමේ ආශීර්වාදයන් ද ගෙන ආවේය.

හිරු එළිය ඇති තැන සෙවනැලි ද තිබිය යුතුය. ගංවතුර විනාශයක් ගෙන දිය හැකි නමුත් ඒවා සාමාන්‍යයෙන් ජීවිතයද ගෙන එයි. ශෝකයේ කඳුළු බොහෝ විට සැනසීමේ සහ සතුටේ කඳුළු බවට පත්වේ. ආදරණීයයන් පිටත්ව යන විට දුක පිළිබඳ හැඟීම් පසුව නැවත හමුවීමේ ප්රීතියෙන් හිලව් වනු ලැබේ. යුද්ධය හා විනාශය පවතින කාල පරිච්ඡේදවලදී, “දැකීමට ඇස්ද සහ ඇසීමට කන්ද” ඇති අයට කරුණාව හා ප්රේමයේ බොහෝ කුඩා ක්රියා වන්ද සිදු වෙමින් පවතී.13

අද අපගේ ලෝකය බොහෝ විට භීතිය හා කාංසාව මගින් විදහා දක්වයි—අනාගතය අපට ගෙන ආ හැකි දේ පිළිබඳ බියක්. එහෙත් යේසුස් වහන්සේ අපට උගන්වා ඇත්තේ විශ්වාස කිරීමට සහ “සෑම සිතුවිල්ලකදීම මාාවෙත බලන්න; සැක නොසිතන්න, බිය නොවන්න.”14

අපගේ ජීවිතයේ අපට වෙන් කර ඇති සෑම කාසියකම දෙපැත්ත දැකීමට අපි නිරන්තරයෙන් දැඩි උත්සාහයක් ගනිමු. දෙපැත්තම සමහර විට අපට ක්ෂණිකව නොපෙනුනද, සැමවිටම එ්වා තිබෙන බව අපට දැනගත හැකි අතර විශ්වාස කළ හැකිය.

අපගේ දුෂ්කරතා, දුක, පීඩාවන් සහ වේදනාවන් අපව නිර්වචනය නොකරන බව අපට සහතික විය හැකිය; ඒ වෙනුවට, අපි ඔවුන් ගැන යන්නේ කෙසේද යන්න අපට වර්ධනය වීමට සහ දෙවියන් වහන්සේට ළං වීමට උපකාරී වේ. අපගේ අභියෝගවලට වඩා හොඳින් අපව නිර්වචනය කරන්නේ අපගේ ආකල්ප සහ තෝරාගැනීම් ය.

යහපත් සෞඛ්යයෙන් සිටින විට, සෑම මොහොතකම එය රැක ගන්න සහ කෘතඥ වන්න. අසනීප වූ විට, ඉවසීමෙන් එයින් ඉගෙන ගැනීමට උත්සාහ කරන්න සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව මෙය නැවත වෙනස් විය හැකි බව දැන ගන්න. දුකේදී, සතුට කෙළවරේ ඇති බව විශ්වාස කරන්න; බොහෝ විට අපට එය තවමත් දැකිය නොහැක. වුවමනාවෙන් ඔබේ අවධානය යොමු කර ඔබේ සිතුවිලි අභියෝගවල ධනාත්මක පැති වෙත ඔසවා තබන්න, මන්ද ඒවා නිසැකවම සෑම විටම එහි තිබෙන බැවිනි! කෘතඥ වෙන්න කිසිවිට අමතක කරන්න එපා. විශ්වාස කිරීමට තෝරාගන්න. යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කිරීමට තෝරාගන්න. සැමවිටම දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට තෝරාගන්න. සභාපති රසල් එම් නෙල්සන් මෑතකදී අපට ඉගැන්වූ පරිදි “සෙලෙස්ටියල් මහිමය සිතන්න” තෝරාගන්න!15

අප වෙනුවෙන් අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ විස්මිත සැලැස්ම ගැන අපි සැමවිටම සැලකිලිමත් වෙමු. උන්වහන්සේ අපට ප්රේම කරන අතර අපගේ පරිෂාවන්ට උපකාර කිරීමටත්, උන්වහන්සේ වෙත ආපසු යාමට අපට දොර විවෘත කිරීමටත් තම ආදරණීය පුත්රයාණන් එවූ සේක. යේසුස් ක්රිස්තුස් වහන්සේ සෑම මොහොතකම ජීවත් වන අතර එහි සිටගෙන සිටින අතර, උපකාරය, ශක්තිය සහ ගැලවීම ලබා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට අප තෝරා ගන්නා තෙක් බලා සිටී. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.