ප්‍රධාන සම්මන්ත්‍රණය
දේවමාළිගාවේ ගිවිසුම් නිසා සියල්ල හොඳින් සිදුවනු ඇත
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


දේවමාළිගාවේ ගිවිසුම් නිසා සියල්ල හොඳින් සිදුවනු ඇත

ඔබ මාලිගාවේ ඇති කරගත් හෝ කළ හැකි ගිවිසුම්වලට ගරු කිරීම තරම් වැදගත් දෙයක් නැත.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම සැසිවාරය මට පූජනීය කාලයකි. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පසු-දවස්වල ශුද්ධවන්තයින්ට සහ අපගේ මිතුරන්ට කතා කිරීමට පැවරීම ගැන මම කෘතඥ වෙමි. මම ඔබට ආදරෙයි සහ ස්වාමීන්වහන්සේ ඔබට ප්‍රේම කරන බව ද මම දනිමි.

මීට වසර 50කට පෙර, අයිඩහෝ රෙක්ස්බර්ග් හි, රික්ස් විද්‍යාලයේ, සභාපති ලෙස සේවය කිරීමට මහත් වරප්‍රසාදය මට ලැබුණි. 1976 ජූනි 5 වන දින උදෑසන, මගේ බිරිඳ, කැතී සහ මම රෙක්ස්බර්ග් සිට අයිඩාහෝ ෆෝල්ස් අයිඩාහෝ දේවමාළිගාවට රිය පැදවූයේ සමීප මිතුරෙකුගේ මුද්රා තැබීමට සහභාගී වීමටය. ඇත්ත වශයෙන්ම, ඒ වන විට අපේ නිවසේ තරුණ පිරිමි ළමුන් හතර දෙනෙකු සමඟ,ධෛර්යසම්පන්න ළදරුවන් රැකබලාගන්නා කෙනෙකු ලබා ගැනීම නිසා පමණි අපගේ දේවමාළිගා චාරිකාව ඉටු කළ හැකි වූයේ! අපි අපේ වටිනා දරුවන් ව ඇගේ රැකවරණයේ තබා විනාඩි 30ක කෙටි දාවනය ගියා.

එදා දේවමාළිගාවේ අපේ අත්දැකීම හැමදාම වගේ හරිම අපූරුයි. කෙසේ වෙතත්, දේවමාළිගා මුද්රා තැබීම අවසන් වූ පසු—සහ අප ආපසු නිවසට යාමට සූදානම් වන විට—බොහෝ දේවමාළිගා වේ සේවකයින් සහ අනුශාසකයින් දේවමාළිගා ප්‍රවේශ ශාලාවේ කලබලයෙන් කතා බහ කරන බව අපි දුටුවෙමු. මොහොතකින්,දේවමාළිගා වේ සේවකයෙකු නැගෙනහිර අයිඩාහෝ හි අලුතින් ඉදිකරන ලද ටෙටන් වේල්ල කඩා වැටී ඇති බව අපට දැනුම් දුන්නේය! ගැලුම් බිලියන 80 කට (ඝන මීටර් මිලියන 300) වඩා ජලය වේල්ල හරහා සහ වර්ග සැතපුම් 300 (වර්ග කිලෝමීටර් 775) අසල්වැසි නිම්න වලට ගලා යමින් තිබුණි. රෙක්ස්බර්ග් නගරයේ වැඩි කොටසක් ජලයෙන් යට වී තිබූ අතර නිවාස සහ වාහන ගංවතුරෙන් ගසාගෙන ගියේය. පදිංචිකරුවන් 9,000 න් තුනෙන් දෙකකට හදිසියේම නිවාස අහිමි විය.1

ඔබට සිතාගත හැකි පරිදි, අපගේ සිතුවිලි සහ සංවේගය වහාම අපගේ ආදරණීය දරුවන්, සිය ගණනක් විද්යාල සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ අප ආදරය කළ ප්රජාවක ආරක්ෂාව සහ යහපැවැත්ම වෙත යොමු විය. අපි නිවසේ සිට සැතපුම් 30 (කි.මී. 50) ට වඩා අඩු දුරකින් සිටි අතර, තවමත් මෙම දිනයේදීත්, ජංගම දුරකථන සහ කෙටි පණිවුඩ යැවීමට බොහෝ කාලකට පෙර, අපගේ දරුවන් සමඟ එවිගස සන්නිවේදනය කිරීමට අපට කිසිදු මාධ්යයක් නොතිබුණි, සියලු මාර්ග වසා දමා ඇති බැවින් අයිඩාහෝ ෆෝල්ස් සිට රෙක්ස්බර්ග් දක්වා ධාවනය කිරීමට අපට නොහැකි විය.

අපේ එකම විකල්පය වූයේ අයිඩාහෝ ෆෝල්ස් ප්රාදේශීය හෝටලයක රාත්රිය රැඳී සිටීමයි. කැතී සහ මම අපගේ නවාතැන් කාමරයේ දණින් වැටී අපගේ ආදරණීය දරුවන්ගේ සහ ඛේදජනක සිදුවීමෙන් විපතට පත් වූ තවත් දහස් ගණනකගේ ආරක්ෂාව සඳහා නිහතමානීව ස්වර්ගික පියාණන්ගෙන් අයැද සිටියෙමු. මට මතකයි කැතී උදේ පාන්දරම නින්දක් නැතුව එහාට මෙහාට ගමන් කරනවා කනස්සල්ලෙන් කලබල වෙලා, මගේම පැහැදිලි සංවේගය තිබියදීත්, මගේ මනස සැහැල්ලුවෙන් තබා අවසානයේ නින්දට වැටීමට මට හැකි විය.

වැඩි කල් නොගොස් මගේ සොඳුරු සදාකාලික සහකාරිය මා අවදි කර, “හැල්, මේ වගේ වෙලාවක ඔයා නිදාගන්නේ කොහොමද?” කියලා ඇහුවා.

මෙම වචන ටික මගේ හදවතට සහ මනසට පැහැදිලිව ආවා. මම ඒවා මගේ බිරිඳ සමඟ බෙදා ගත්තෙමි: “කැතී, කුමක් සිදුවූවත්, දේවමාළිගාව නිසා සියල්ල හොඳින් සිදුවනවා. අපි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගෙන සදාකාලික පවුලක් ලෙස මුද්රා තබා තියෙන්නෙ.”

ඒ මොහොතේ දී, ස්වාමින් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ අප දෙදෙනාම දැනටමත් සත්ය බව දැන සිටි දේ අපගේ හදවත් හා මනස තුළ තහවුරු කළාක් මෙන් විය: ස්වාමින් වහන්සේගේ දේවමාලිගාවේ පමණක් සොයාගත් සහ නිසි පූජක අධිකාරිබලය විසින් පරිපාලනය කරන ලද මුද්රා තැබීමේ නියෝගයන්, ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස අපව එකට බැඳ තබා ඇති අතර, අපගේ දරුවන් අපට මුද්රා තබා ඇත. සැබවින්ම බිය විය යුතු නැත, අපගේ දරුවන් ආරක්ෂිත බව පසුව තහවුරු කිරීම ගැන අපි ස්තූතිවන්ත වෙමු.

සමහර විට සභාපති තෝමස් එස්. මොන්සන්ගේ මෙම ප්රකාශය කැතීට සහ මට එම අමතක නොවන රාත්රියේ දැනුණු දේ වඩාත් හොඳින් පැහැදිලි කරයි. “අපි දේවමාළිගාවට සහභාගී වන විට, අධ්යාත්මිකත්වයේ විශාලත්වයක් සහ සාමය … පිළිබඳ හැඟීමක් අප වෙත පැමිණිය හැකිය. … ගැළවුම්කරුවාණන්ගේ වචනවල සැබෑ අරුත අපි ග්රහණය කරගනිමු: ‘නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සාමදානය නුඹලාට දෙමි. … නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙල්ලා. [යොහන් 14:27].’”2

පූජනීය දේවමාළිගයට ඇතුළු වන සෑම අවස්ථාවකම එම සාමය දැනීමට මට ආශීර්වාද ලැබී ඇත. මට මතකයි මම සෝල්ට් ලේක් දේවමාළිගයට ගිය මුල්ම දවස. මම තරුණයෙක් විය.

අහසට විවර වී ඇති මෙන් පෙනුන, මුලු කාමරයම ආලෝකමත් කළ උස සුදු පැහැති සිවිලිම දෙස මම උඩ බැලුවා. ඒ මොහොතේදී, මෙම පැහැදිලි වචන සහිත සිතුවිල්ලක් මගේ මනසට ආවා: “මම මීට පෙර මේ ආලෝකවත් ස්ථානයේ හිඳ තිබෙනවා.” නමුත් එකෙණෙහිම මගේ කට හඬින් නොව වෙනත් හඬකින් මගේ මනසට ආවේ මේ වචනයි: “නෑ, ඔයා කවදාවත් මෙහෙ ඇවිත් නෑ. ඔබ ඉපදීමට පෙර මොහොතක මතකයක් තමයි ඔබට තියෙන්නෙ. ස්වාමින් වහන්සේට පැමිණිය හැකි මේ වගේම පූජනීය ස්ථානයකයි ඔබ සිටියේ.”

සහෝදරවරුනි, අපි දේවමාළිගාවට සහභාගී වන විට, අපගේ ආත්මයන්ගේ සදාකාලික ස්වභාවය, පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ දිව්ය පුත්රයාණන් සමඟ අපගේ සම්බන්ධතාවය සහ අපගේ ස්වර්ගීය නිවසට ආපසු යාමට ඇති අපගේ පරම ආශාව අපට මතක් කර දිය හැකි බව මම නිහතමානීව සාක්ෂි දරමි.

මෑත සම්මන්ත්රණ දේශනවලදී, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වුවා::

අධ්‍යාත්මික වශයෙන් ආරක්ෂිතම ස්ථානය ඔබේ දේවමාළිගා ගිවිසුම් තුළ ජීවත්වීමයි!”

අපි විශ්වාස කරන සෑම දෙයක්ම සහ දෙවියන්වහන්සේ තම ගිවිසුම් ජනතාවට දී ඇති සෑම පොරොන්දුවක්ම දේවමාළිගාවේදී එක් වෙනවා.”3

දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබා ගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට වැඩි ප්‍රවේශය තිබෙනවා.”4

ඔහු තවද ඉගැන්නුවා “අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු, අපි මධ්‍යස්ථ භූමිය සදහටම අත්හරිමු. දෙවියන්වහන්සේ සමඟ එවැනි බැඳීමක් ඇති කරගත් අය සමඟ උන්වහන්සේ එම සම්බන්ධතාවය අත් නොහරිනු ඇත. ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් සියලු දෙනාටම විශේෂ ආකාරයේ ප්‍රේමයකට සහ දයාවකට ප්‍රවේශය ඇත.”5

සභාපති නෙල්සන්ගේ ආනුභාව ලත් නායකත්වය යටතේ, ස්වාමීන් වහන්සේ ලොව පුරා දේවමාළිගා ඉදිකිරීම වේගවත් කර ඇති අතර එය අඛණ්ඩව වේගවත් කරනු ඇත. මෙය දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ගැළවීමේ හා උත්කර්ෂයට නැංවීමේ නියෝගයන් ලබා ගැනීමටත්, පූජනීය ගිවිසුම් සෑදීමට හා පවත්වා ගැනීමටත් ඉඩ සලසයි. පූජනීය ගිවිසුම් ඇති කර ගැනීමට සුදුසුකම් ලැබීම එක් වරක් උත්සාහයක් නොව ජීවිත කාලය පුරාම රටාවකි. ස්වාමින් වහන්සේ පවසා වදාල ඇත්තේ එය අපගේ මුළු හදවතද, බලයද, මනස සහ ශක්තියද ගන්නා බවයි6

දේවමාළිගා නියෝගවලට නිතර සහභාගී වීමෙන් ස්වාමින් වහන්සේ කෙරෙහි භක්තියේ රටාවක් නිර්මාණය කළ හැකිය. ඔබ ඔබේ දේවමාලිගා ගිවිසුම් රැක ඒවා මතක තබා ගන්නා විට, ඔබ ශක්තිමත් කිරීමට සහ පවිත්ර කිරීමට ශුද්ධාත්මයාණන්ගේ සහකාරත්වයට ආරාධනා කරයි.

එවිට පොරොන්දු සත්ය බව සාක්ෂි දෙන ආලෝකය සහ බලාපොරොත්තුව පිළිබඳ හැඟීමක් ඔබට අත්විඳිය හැකිය. දෙවියන්වහන්සේ සමඟ ඇති සෑම ගිවිසුමක්ම උන්වහන්සේට සමීප වීමට අවස්ථාවක් බව ඔබ දැන ගනු ඇත, එවිට දේවමාලිගාවේ ගිවිසුම් තබා ගැනීමට ඔබේ හදවතේ ආශාවක් ඇති කරනු ඇත.

අපට පොරොන්දු වී තිබෙනවා, “දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම නිසා, අපට උපකාර කිරීමට උන්වහන්සේ දරන වෑයමේදී උන්වහන්සේ කිසිදා වෙහෙසට පත් නොවනු ඇති අතර, අප සමඟ උන්වහන්සේගේ දයාවන්ත ඉවසීම කිසිවිටෙකත් ඉක්මවා යන්නට අපි හේතුවක් වෙන්නේ නෑ.”7

මරණයෙන් පසුවද සදාකාලයටම පවතින ප්‍රේමණීය පවුල් සබඳතා පිළිබඳ සහතිකය අපට ලැබිය හැක්කේ දේවමාළිගාවේදී මුද්රා තැබීමේ ගිවිසුම් හරහා පමණයි. දෙවියන් වහන්සේගේ දේවමාළිගා වල කරන ලද විවාහ හා පවුල් ගිවිසුම්වලට ගරු කිරීම ආත්මාර්ථකාමීත්වයේ හා අභිමානයේ නපුරෙන් ආරක්ෂාව සපයනු ඇත.

දෙමව්පියනි, එකිනෙකා වෙනුවෙන් සහෝදර සහෝදරියන් නිරන්තර සැලකිල්ල පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගේ මාර්ගයට ඔබේ පවුල මෙහෙයවීමට නිරන්තර උත්සාහයන් සමඟ පමණි. දරුවන්ට එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කිරීමට අවස්ථාව ලබා දෙන්න. විරසකයේ ආරම්භය ඉක්මනින් තේරුම් ගන්න, විශේෂයෙන් එකිනෙකාට ආත්මාර්ථකාමී නොවන සේවා ක්රියා ධනාත්මකව හඳුනා ගන්න. සහෝදර සහෝදරියන් එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන විට සහ එකිනෙකාට සේවය කරන විට, හදවත් මෘදු වී එකිනෙකා ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට හැරෙනු ඇත.

එලියා දිවැසිවරයා ගැන පුරෝකථනය කළ පරිදි මලාකි විසින් විස්තර කර ඇත්තේ එයයි: “ ඔහු දරුවන්ගේ හදවත් තුළ පියවරුන්ට කරන ලද පොරොන්දු පිහිටුවනු ඇත, තවද දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරෙනු ඇත. එය එසේ නොවන්නේ නම්, උන්වහන්සේගේ පැමිණීමේදී මුළු පොළොවම සම්පූර්ණයෙන්ම නාස්ති වන්නේය.”8

පරික්ෂා, අභියෝග සහ හදවතේ වේදනාව නිසැකවම අප සැමට පැමිණෙනු ඇත. අප කිසිවෙක් “මාංසයෙහි වේදනා [වලට]” මුහුණදීමෙන් නිදහස් වන්නේ නෑ. ”9 එසේ වුවද, අපි දේවමාලිගාවට සහභාගී වී අපගේ ගිවිසුම් මතක තබා ගන්නා විට, ස්වාමින් වහන්සේගෙන් පුද්ගලික මඟ පෙන්වීම ලබා ගැනීමට අපට සූදානම් විය හැකිය.

කැතී සහ මම විවාහ වී ලෝගන් යූටා දේවමාළිගාවේ මුද්රා තැබූ විට, එවකට වැඩිහිටි ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බෝල් මුද්රා තැබීම සිදු කළේය. ඔහු කතා කළ වචන කිහිපය තුළ ඔහු මෙම උපදේශය ලබාදුන්නා: “හැල් සහ කැතී, කැඳවීම පැමිණි විට ඔබට පහසුවෙන් ඉවත්ව යා හැකි ලෙස, ජීවත් වන්න.”

මුලදී, එම උපදේශය අපට අදහස් කරන්නේ කුමක්දැයි අපට නොතේරුණි, නමුත් කැඳවීම පැමිණි විට ස්වාමින් වහන්සේට සේවය කිරීමට අප සූදානම් වන ආකාරයට අපගේ ජීවිත ගත කිරීමට අපි අපගේ උපරිමය කළෙමු. අපි විවාහ වෙලා වසර 10කට විතර පස්සේ, සභාවේ අධ්යාපන කොමසාරිස් නීල් ඒ. මැක්ස්වෙල්ගෙන් බලාපොරොත්තු නොවූ ඇමතුමක් ආවා.

“පහසුවෙන් ඉවත්ව යාමට” හැකි වන ලෙස සභාපති කිම්බල් දේවමාළිගාවේදී දුන් ආදරණීය උපදේශය යථාර්ථයක් විය. කැතීටයි මටයි දුරකථන ඇමතුමක් ආවා. කැලිෆෝනියාවේ ප්රීතිමත් පවුල් තත්වයක් වගේ පේන දේ අතහැරලා පැවරුමක සේවය කරන්න මම කිසිම දෙයක් නොදන්න තැනක. කෙසේවෙතත්, ශුද්ධ වූ දේවමාළිගාවක, එළිදරව් කරන ස්ථානයක අනාගතවක්තෘවරයෙක් අනාගත සිදුවීමක් දුටු නිසා, අපේ පවුලේ අය එම ආශිර්වාදලත් කාලය හා ස්ථානයෙන් ඉවත් වීමට සූදානම්ව සිටියා.

මාගේ දයාබර සහෝදරවරුනි, ඔබ දේවමාලිගාවේ ඇති කරගත් හෝ කරන ගිවිසුම්වලට ගරු කිරීම තරම් වැදගත් දෙයක් නැති බව මම සාක්ෂි දරමි. ඔබ ගිවිසුම් මාර්ගයේ කොතැනක සිටියත්, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ දේවමාළිගාවට සහභාගී වීමට සුදුස්සන් වී සුදුසුකම් ලබා ගන්නා ලෙසයි. වාතාවරණය ඉඩ දෙන පරිදි නිරන්තරයෙන් බැහැදකින්න. දෙවියන්වහන්සේ සමඟ පූජනීය ගිවිසුම් ඇති කර තබා ගන්න. මීට දශක පහකට පමණ පෙර මධ්යම රාත්රියේ කුඩා අයිඩාහෝ ෆෝල්ස් නවාතැන් කාමරයක කැතී සමඟ බෙදාගත් එකම සත්යය ගැන මට ඔබට සහතික විය හැකිය: “ප්‍රතිඵලය කුමක් වුවත්, දේවමාළිගාවේ ගිවිසුම් නිසා සියල්ල යහපත් වනු ඇත.”

යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවට මම සාක්ෂි දරමි. උන්වහන්සේ ජීවමාණයි සහ තම සභාවට නායකත්වය දෙන සේක. දේවමාළිගා යනු ස්වාමින්වහන්සේගේ ගෘහයයි . සභාපති රසල් එම්. නෙල්සන් අද පොළොවේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයායි. උන්වහන්සේට මම ආදරෙයි සහ ඔබ සියල්ලන්ට ද මම ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.