ප්‍රධාන සම්මන්ත්‍රණය
සේවය කිරීම සඳහා පූර්ව නියම කල
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


සේවය කිරීම සඳහා පූර්ව නියම කල

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබේ පෞද්ගලික පූර්ව නියම කිරීම ඔබට හෙළි කිරීමට අපේක්ෂා කරන අතර, ඔබ ඉගෙන ගැනීමට සහ උන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමට උත්සාහ කරන විට උන්වහන්සේ එසේ කරනු සේක.

අද සවස, මම සභාවේ තරුණ තරුණියන්ට කතා කරමි, ඊළඟ පරම්පරාව සඳහා සම්මත දරන්නන් වන තරුණ පිරිමින්ගේ සහ තරුණ කාන්තාවන්ගේ නැගී එන පරම්පරාවට.

2013 ඔක්තෝම්බර් මාසයේදී, අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්රකාශ කළේය: “ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබව ඉතා දිගු කලක් තිස්සේ දැන සිටියා. ඔබ, උන්වහන්සේගේ පුත්රයා හෝ දියණිය ලෙස, මේ නිශ්චිත අවස්ථාවේ දී පොළොවට පැමිණීමට, මෙලොව උන්වහන්සේගේ ශ්රේෂ්ඨ කාර්යයේ නායකයෙකු වීමට උන්වහන්සේ විසින් තෝරා ගන්නා ලදී.”1

වසර දෙකකට පෙර, සභාපති නෙල්සන් තවදුරටත් මෙසේ පැවසීය:

“ධර්දූමත සේවයක් සඳහා සූදානම් වී සේවය කරන ලෙස සුදුසු, හැකියාව සහිත සෑම තරුණයෙකුගෙන්ම ස්වාමින්වහන්සේ ඉල්ලා ඇති බව අද මම තරයේ තහවුරු කරන්නෙමි. පසු-දවස්වල ශුද්ධවන්ත තරුණයන් සඳහා, ධර්මදූත සේවය පූජකවරයේ වගකීමකි. තරුණයෙනි, පොරොන්දු වූ ඊශ්‍රායෙලයේ එක්රැස්කිරීම පැවැ ත්වෙන මේ කාලය සඳහා ඔබව වෙන්කර තිබෙනවා. …

“තරුණ සහ දක්ෂ සහෝදරියන් වන ඔබ සඳහා, ධර්මදූතයක් යනු බලවත්, නමුත් විකල්ප අවස්ථාවක්. … ඔබ ධර්මදූත සේවයක් කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දැයි දැනගැනීමට යාච්ඤා කරන්න, එවිට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ හදවතට සහ මනසට ප්‍රතිචාර දක්වන සේක.”2

අපගේ අනාගතවක්තෘවරයා ඊශ්‍රායෙල් එක්රැස්වීමේදී මෙම කාලය සඳහා අපගේ කාලයේ තරුණයන් රඳවා තබාගෙන සිටින බවට අපගේ අනාගතවක්තෘවරයාගේ යොමු කිරීම් සහ ස්වාමින් වහන්සේ ඔබෙන් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට යාච්ඤා කිරීමට ඔහුගේ ආරාධනය, අර්ධ වශයෙන්, ඔබ මේ පොළොවේ ඉපදීමට පෙර ඔබ ජීවත් වූ ජීවිතය සහ දෙවියන් වහන්සේගෙන් ඔබට ලැබුණු ආශීර්වාද පිළිබඳ යොමු කිරීම්.3 අප පොළොවේ ඉපදීමට පෙර, අපි සියල්ලෝ ම ස්වර්ගික පියාණන්වහන්සේගේ ආත්මීය දරුවන් ලෙස ජීවත් වුනෙමු.4 ස්වාමින්වහන්සේ මෝසස් හට කී සේක, “ස්වාමින්වහන්සේ වන මම, … සියල්ලක්ම, ඒවා ස්වභාවිකව පොළොවේ මත තිබීමට පෙර, ආත්මිකව මැවුවෙමි.”5

උන්වහන්සේ ඔබව අධ්යාත්මිකව මැවූ විට, උන්වහන්සේ තම ආත්මික පුත්රයන් හා දියණියන් ලෙස ඔබට ප්රේම කළ අතර ඔබ සෑම කෙනෙකු තුළම දිව්යමය ස්වභාවයක් සහ සදාකාලික ඉරණමක් කාවැදූ සේක.6

ඔබේ මනුෂ්ය ජීවිතයට පෙර කාලය තුළ, “ඔබ [ඔබේ] අනන්යතාවය වර්ධනය කර ඔබේ අධ්යාත්මික හැකියාවන් වැඩි කළහ.7 ඔබ නිදහස් කැමැත්තේ ත්යාගයෙන්, ඔබ වෙනුවෙන් තීරණ ගැනීමේ හැකියාවෙන් ඔබ ආශීර්වාද ලබා ඇති අතර, ස්වර්ගීය පියාණන්ගේ ප්රීතියේ සැලැස්ම අනුගමනය කිරීම වැනි වැදගත් තීරණ ඔබ විසින් ගනු ලැබීය, එනම් “භෞතික ශරීරයක් ලබා ගැනීම සහ ප්රගතිය සඳහා ලෞකික අත්දැකීම් ලබා ගැනීමයි … අවසාන වශයෙන් සදාකාල ජීවනයේ උරුමක්කාරයන් ලෙස [ඔබේ] දිව්යමය ඉරණම අවබෝධ කර ගැනීමට.”8 මෙම තීරණය ඔබේ ජීවිතයට එකල, මනුෂ්ය ජීවිතයට පෙර බලපෑවේය, සහ දැන් ඔබේ ජීවිතයට අඛණ්ඩව බලපායි.9 දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ඔබේ මනුෂ්ය ජීවිතයට පෙර ජීවත් වූ විට, ඔබ “බුද්ධියෙන් වර්ධනය වූ අතර සත්යයට ප්රේම කිරීමට ඉගෙන ගත්තේය.10

ඔබ ඉපදීමට පෙර, දෙවියන් වහන්සේ ඔබ සෑම කෙනෙකුම පොළොව මත ඔබේ මනුෂ්ය ජීවිතය තුළ නිශ්චිත දූත මෙහෙයන් ඉටු කිරීමට පත් කළ සේක.11 ඔබ සුදුසුව සිටින්නේ නම්, එම මනුෂ්ය ජීවිතයට පෙර ආඥාවේ ආශීර්වාදවලින් ඔබට මෙම ජීවිතයේ සියලු ආකාරයේ අවස්ථා ලබා ගැනීමට හැකි වනු ඇත, සභාවේ සේවය කිරීමට සහ අද ලෝකයේ සිදුවන වැදගත්ම කාර්යයට සහභාගී වීමට ඇති අවස්ථා ඇතුළුව: ඊශ්‍රායෙලය එක්රැස් කිරීම12 එම මනුෂ්ය ජීවිතයට පෙර පොරොන්දු සහ ආශීර්වාද ඔබේ පූර්ව නියම කිරීම ලෙස හැඳින්වේ. පූර්ව නියම කිරීම පිළිබඳ මූලධර්මය සභාවේ සියලුම සාමාජිකයින්ට අදාළ වේ.13 පූර්ව නියම කිරීම ඔබට කැඳවීම් හෝ වගකීම් ලැබෙනු ඇති බවට සහතික නොවේ. මෙම ආශීර්වාද සහ අවස්ථාවන් මෙම ජීවිතයේ දී පැමිණෙන්නේ ඔබේ නිදහස් කැමැත්තේ ධර්මිෂ්‍ඨ භාවිතයේ ප්රතිඵලයක් ලෙස ය, ඔබේ මනුෂ්ය ජීවිතයට පෙර ජීවිතයේ ඔබේ පූර්ව නියමකිරීම ධර්මිෂ්ඨකමේ ප්රතිඵලයක් වූවාක් මෙන්.14 ඔබ ගිවිසුම් මාර්ගය ඔස්සේ ඔබ සුදුසුකම හා ප්රගතිය ඔප්පු කරන විට, ඔබට ඔබේ තරුණ කාන්තා පන්තියේ හෝ පූජක ගණපූර්ණයේ සේවය කිරීමට අවස්ථා ලැබෙනු ඇත. දේවමාලිගාවේ සේවය කිරීමටත්, උපස්ථාන කරන සහෝදරයෙකු හෝ සහෝදරියක් වීමටත්, යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ධර්මදූත මෙහෙයක සේවය කිරීමටත් ඔබට ආශීර්වාද ලැබෙනු ඇත.

ඔබේ පූර්ව නියම කිරීම දැන ගැනීමට සහ තේරුම් ගැනීමට උත්සාහ කිරීම වැදගත් වන්නේ ඇයි? ප්රශ්න බහුල ව පවතින කලක, බොහෝ දෙනෙක් ඔවුන්ගේ සැබෑ අනන්යතාව දැන ගැනීමට උත්සාහ කරන විට, දෙවියන්වහන්සේ මේ පොළොවේ ඉපදීමට පෙර අප සෑම කෙනෙකුම තනි තනිව දැන ගෙන “පූර්ව මරණීය, මාරාන්තික, සහ සදාකාලික අනන්යතාවය සහ අරමුණයන්ට … අත්යවශ්ය ලක්ෂණය[න්ගෙන්]“ ආශීර්වාද කර ඇති බව අපගේ මනසට සහ හදවතට මිහිරි සාමය සහ සහතිකය ගෙන දෙයි.15 ඔබ කවුරුන්ද යන්න දැන ගැනීම ආරම්භ වන්නේ ඔබ පොළොවේ උපත ලැබීමට පෙර දෙවියන් වහන්සේගේ පූර්ව නියම කිරීම කළ ආශීර්වාද තේරුම් ගැනීමෙනි. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබේ පෞද්ගලික පූර්ව නියම කිරීම ඔබට හෙළි කිරීමට අපේක්ෂා කරන අතර, ඔබ ඉගෙන ගැනීමට සහ උන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමට උත්සාහ කරන විට උන්වහන්සේ එසේ කරනු සේක.16

සභාපති නෙල්සන්ගේ ඉන්ස්ටග්රෑම් සටහන් කියවීමට මම ප්රිය කරමි. මම කැමතිම එකක් තමයි 2022 ජූලි, 20. ඔහු මෙසේ ලිවීය:

“ස්වාමින් වහන්සේ ඔබට කෙලින්ම කතා කරන්නේ නම්, ඔබ තේරුම් ගන්නා බවට උන්වහන්සේ වග බලා ගන්නා පළමු දෙය ඔබේ සැබෑ අනන්යතාවය බව මම විශ්වාස කරමි. මගේ ආදරණීය මිත්රවරුනි, අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ ආත්මීය දරුවන් වෙමු. …

“… ඒ ගැන වරද්ද ගන්න එපා:: ඔබේ විභවය දිව්යමයි. ඔබේ කඩිසර සෙවීම සමඟ, දෙවියන් වහන්සේ ඔබට කවුරුන් විය හැකිද යන්න පිළිබඳ දර්ශනයක් ලබා දෙනු ඇත.17

මගේ ජීවිතයේ මගේ අනන්යතාවය සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම සොයා ගැනීමට මගේ පොළොව මත පියා මට ඉගැන්වූ ආකාරය මට ඔබ සමඟ බෙදා ගත හැකිද?

එක් සෙනසුරාදා උදෑසනක මට වයස අවුරුදු 13 දී, මම මගේ සතිපතා වැඩ කොටසක් ලෙස තණකොළ කපමින් සිටියෙමි. මම ඉවර වෙද්දි අපේ ගෙදර පිටිපස්සෙ දොර වැහෙන සද්දෙ ඇහිලා මම බැලුවේ තාත්තා මට එයා එක්ක එකතු වෙන්න කියලා කතා කරනවා. මම පිටුපස ආලින්දය වෙත ගියෙමි, ඔහු මට ඔහු සමඟ පඩි පෙළේ වාඩි වීමට ආරාධනා කළේය. එය සුන්දර උදෑසනක් විය. මට තවමත් මතකයි ඔහු මට ළං වෙලා ඉඳගෙන හිටියා අපේ උරහිස් එකට වැදෙමින්. ඔහු පටන් ගත්තේ ඔහු මට ආදරෙයි කියලා. ඔහු මගෙන් ඇහුවා මගේ ජීවිතේ අරමුණු මොනවද කියලා. මම හිතුවා , “ඒක ලේසියි” කියලා. මම දේවල් දෙකක් නිසැකවම දැන සිටියෙමි: මට උස වීමට අවශ්ය වූ අතර, මට නිතර කඳවුරු බැඳීමට අවශ්ය විය. මම සරල ආත්මයක් විය. ඔහු සිනාසෙමින්, මොහොතකට නැවතී මෙසේ කීවේය: “ස්ටීව්, මට ඉතා වැදගත් දෙයක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමතියි. මම යාච්ඤා කළා අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙත මම දැන් කියන දේ ඔබේ මනසේ සහ ඔබේ ආත්මය මත නොමැකෙන ලෙස මුද්රණය කරන ලෙසට එමඟින් ඔබට කිසි විටෙකත් අමතක නොවීමට.”

ඒ මොහොතේ මගේ සම්පූර්ණ අවධානය තාත්තාට ලැබුණා. ඔහු හැරී මගේ ඇස් දෙස බලා , “පුතේ, ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලය ආරක්ෂා කරන්න” යැයි පැවසීය. ඔහු මගේ හදවතේ ගැඹුරට අර්ථය ගිලෙන්නට ඉඩ හරින්න දිගු විරාමයක් තිබුණි.

එවිට ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඔබ දන්නවා, අවට සිටින එකම තැනැත්තා ඔබ වන සහ ඔබ කරන්නේ කුමක්දැයි වෙනත් කිසිවෙකු නොදන්නා අවස්ථා? මම දැන් කරන ඕනෑම දෙයක් වෙන කාටවත් බලපාන්නේ නැහැ මට විතරයි කියලා ඔයාට හිතන ඒ වෙලාවල්,?”

එවිට ඔහු පැවසුවේ, “ඔබේ ජීවිතයේ වෙනත් ඕනෑම කාලයකට වඩා, ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලවලදී ඔබ කරන දේ ඔබ මුහුණ දෙන අභියෝග හා හදවතේ වේදනාවට මුහුණ දෙන ආකාරය කෙරෙහි විශාලතම බලපෑමක් ඇති කරනු ඇත; ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලවලදී ඔබ කරන දේ ඔබේ ජීවිතයේ වෙනත් ඕනෑම කාලයකට වඩා ඔබ අත්විඳින සාර්ථකත්වයන්ට සහ ප්රීතියට මුහුණ දෙන ආකාරය කෙරෙහි ද වැඩි බලපෑමක් ඇති කරනු ඇත.”

මගේ තාත්තාට ඔහුගේ හදවතේ පැතුම ලැබුණි. ඔහුගේ කටහඬේ ශබ්දය සහ රිද්මය සහ ඔහුගේ වචන වලින් මට දැනුණු ආදරය, එදා මගේ මනසේ සහ මගේ ආත්මය මත නොමැකෙන ලෙස මුද්රණය විය.

මගේ ළමා කාලයේ නිවසේ පියගැටපෙළ මත එදින සිදු වූ ලොකුම ආශ්චර්යය නම්, මගේ ජීවිතයේ පෞද්ගලික කාලවලදී, එළිදරව් කිරීම සඳහා යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙත යාමට හැකිවීම බව මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගතිමි. මගේ තාත්තා මට උගන්වමින් හිටියේ දෙවියන් වහන්සේගේ පූර්ව නියම කල ආශීර්වාද ගැන මම ඉගෙන ගන්නේ කොහොමද යන්නයි. එම පෞද්ගලික අවස්ථාවන්හිදී, මෝමන්ගේ පොත දෙවියන් වහන්සේගේ වචනය බව මම ඉගෙන ගත්තෙමි. මම දැන ගත්තා දෙවියන් වහන්සේ මට ධර්මදූත මෙහෙවරකට පූර්ව නියම කල බව. දෙවියන්වහන්සේ මා දන්නා බවත්, මාගේ යාච්ඤාවලට සවන් දෙන බවත් පිළිතුරු දෙන බවත් මම ඉගෙන ගත්තෙමි. යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවාණන් බවත් මම ඉගෙන ගත්තෙමි.

මගේ පියා සමඟ එම අමතක නොවන දිනයේ සිට මම බොහෝ වැරදි කර ඇතත්, මගේ ජීවිතයේ පෞද්ගලික කාලය ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම ජීවිතයේ කුණාටු මධ්යයේ නැංගුරමක් ලෙස පවතින අතර අපගේ ගැලවුම්කරුවාණන්ගේ ප්රේමයේ ආශීර්වාද ශක්තිමත් කිරීම සහ වන්දි ගෙවීම ආරක්ෂා කිරීමට මට හැකි වී තිබේ.

මාගේ තරුණ සහෝදර සහෝදරියනි, ඔබ ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලය සෞඛ්ය සම්පන්න විනෝදාස්වාදයෙන් ආරක්ෂා කරන විට, නඟා සිටුවන සංගීතයන්ට සවන් දීම, ශුද්ධ ලියවිලි කියවීම, නිතිපතා, අර්ථවත් යාච්ඤාවක් පැවැත්වීම සහ ඔබේ ආදිපීතෘ ආශීර්වාදය ලබා ගැනීමට හා මෙනෙහි කිරීමට උත්සාහ කරන විට, ඔබට එළිදරව්ව ලැබෙනු ඇත. සභාපති නෙල්සන්ගේ වචන වලින් කිවහොත්, ඔබේ ඇස් “මෙම ජීවිතය සැබවින්ම ඔබට සදහටම ජීවත් වීමට අවශ්ය කුමන ආකාරයේ ජීවිතයක්ද යන්න තීරණය කිරීමට ලැබෙන කාලය බව සත්යයට පුළුල් ලෙස විවෘත වනු ඇත.” 18

ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වහන්සේ ඔබේ යාච්ඤා වලට, විශේෂයෙන් ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලවලදී පිරිනමන ඔබේ යාච්ඤා වලට පිළිතුරු දෙනු ඇත. උන්වහන්සේ ඔබේ පූර්ව නියමකළ දීමනා සහ දක්ෂතා ඔබට හෙළි කරනු ඇත, ඔබ අවංකවම ඉල්ලා සිටින අතර දැන ගැනීමට සැබවින්ම කැමති නම්, උන්වහන්සේගේ ප්රේමය ඔබව ආවරණය කරන බව ඔබට දැනෙනු ඇත. ඔබ ඔබේ ජීවිතයේ පෞද්ගලික කාලය ආරක්ෂා කරන විට, ශුභාරංචියේ අණපනත් සහ ගිවිසුම් වලට ඔබේ සහභාගීත්වය වඩාත් අර්ථවත් වනු ඇත. ඔබ උන්වහන්සේ සමඟ කරන ගිවිසුම් තුළ ඔබ දෙවියන්වහන්සේ සමඟ වඩාත් සම්පූර්ණයෙන් බැඳී සිටිනු ඇත, ඔහු ඔබට ලබා දී ඇති පොරොන්දු තුළ වැඩි බලාපොරොත්තුවක්, ඇදහිල්ලක් සහ සහතිකයක් ලබා ගැනීමට ඔබව ඔසවා තබනු ඇත. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම දැන ගැනීමට ඔබට අවශ්යද? ඔබ එය දැන ගැනීම උන්වහන්සේට අවශ්යය, සහ උන්වහන්සේ ලෝකයට තම අනාගතවක්තෘන්ව අප සියල්ලන්ට යාච්ඤා කර මෙම ඇස් විවෘත කරවන අත්දැකීම ලබා ගැනීමට ආරාධනා කිරීමට පෙළඹවූ බවට මම සාක්ෂි දරමි.19 දෙවියන් වහන්සේගේ පූර්ව නියම කරන ලද සියලු ආශීර්වාද වලට ජීවත් වීමට සහ භුක්ති විඳීමට හැකි වන අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාවේ යථාර්ථය හා බලය ගැන මම සාක්ෂි දරමි, යේසුස් ක්රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. රසල් එම්. නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2013, 107.

  2. රසල් එම්. නෙල්සන්, “සාමයේ ශුභාරංචිය දේශනා කිරීම,” ලියහෝනා, මැයි 2022, 6.

  3. සභාපති රසල් එම්. නෙල්සන් “ඊශ්රායලයේ බලාපොරොත්තුව”බලන්න (ලොව පුරා තරුණ භක්තිය, ජූනි 3, 2018), ශුභාරංචි පුස්තකාලය:“අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක් වෙන්කර ඇත—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!”

  4. යෙරමියා 1:5බලන්න.

  5. මෝසෙස් 3:5.

  6. පවුල: ලෝකයට ප්රකාශනයකි,”බලන්න ශුභාරංචි පුස්තකාලය; “තරුණ කාන්තා තේමාව,” ශුභාරංචි පුස්තකාලය; “ආරොනික පූජකවර ගණපූර්ණ තේමාව,” ශුභාරංචි පුස්තකාලය.

  7. මාතෘකා සහ ප්‍රශ්න, “පෙර ආත්මික ජීවිතය: දළ විශ්ලේෂණය,” ශුභාරංචි පුස්තකාලය.

  8. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය

  9. ඇල්මා 13:1-4බලන්න.

  10. මාතෘකා සහ ප්රශ්න “පෙර ආත්මික ජීවිතය: දළ විශ්ලේෂණය,” ශුභාරංචි පුස්තකාලය; තවද බලන්න දහම සහ ගිවිසුම් 138:55–56.;

  11. මාතෘකා සහ ප්රශ්න, “පූර්ව නියමකිරීම,”බලන්න ශුභාරංචි පුස්තකාලය.

  12. රසල් එම්. නෙල්සන්, “ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව”බලන්න.

  13. මාතෘකා සහ ප්‍රශ්න, “පූර්ව නියම කිරීම,” ශුභාරංචි පුස්තකාලය;යෙරමියා 1:5; “පූර්ව නියම කිරීම සහ තෝරාගැනීමේ නිදහස අතර සම්බන්ධය කුමක්ද?,” ලියහෝනා, ඔක්. 2023, 47; ශුද්ධ ලියවිල්ලට මාර්ගෝපදේශය, “පූර්ව නියම කිරීම,” ශුභාරංචි පුස්තකාලය.

  14. ඇල්මා 13:1-4; දහම සහ ගිවිසුම් 130:20–21 බලන්න.

  15. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය

  16. යෙරමියා 1:5බලන්න.

  17. රසල් එම් නෙල්සන්, ඉන්ස්ටග්රෑම්, ජූලි 20, 2022, Instagram.com/russellmnelson.

  18. රසල් එම්. නෙල්සන්, “සදාකාලිකත්වය සඳහා තේරීම්” (තරුණ වැඩිහිටියන් සඳහා ලෝක ව්‍යාප්ත භක්තිය, මැයි 15, 2022), broadcasts.ChurchofJesusChrist.org.

  19. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 93–96. බලන්න.