ප්‍රධාන සම්මන්ත්‍රණය
මහිමයේ රාජ්‍යයන්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මහිමයේ රාජ්‍යයන්

අපගේම ආශාවන් සහ තේරීම් වලට ඉඩ දෙන සෑම ආශීර්වාදයක්ම සහ සෑම වාසියක්ම අපට ලැබෙන බවට සහතික වන ආදරණීය ස්වර්ගික පියෙක් අපට සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්ගෙන් නිතරම පාහේ ඇසෙන ප්‍රශ්ණයක් වන්නේ “ඔබේ සභාව අනෙකුත් ක්‍රිස්තියානි සභාවලට වඩා වෙනස් වන්නේ කෙසේද? අප ලබාදෙන පිළිතුරු අතරින් එකක් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මයේ පූර්ණත්වයයි. ඒ ධර්මයේ ප්‍රමුඛස්ථානය ගන්නේ අපගේ ස්වර්ගයේ සිටින පියානන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට කොතරම් ප්‍රේම කරනවාද යත් උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සැවොම සදාකාලිකවම මහිමයේ රාජ්‍යයක ජීවත් වීමයි. එපමණක් නොවේ අපි උන්වහන්සේ සමඟත් උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟත් සදාකාලිකවම ජීවත් වීම උන්වහන්සේට අවශ්‍ය වනවා. අප තෝරාගන්නා දෛවය සහ ජීවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය තෝරාගැනීම් කිරීමට උන්වහන්සේ අපට ඉගැන්වීම් සහ අවස්ථාව ලබා දී තිබෙනවා.

I.

පොළවේ ජීවත්වන සියල්ලන්ගේම අවසාන ඉරණම ධර්මිෂ්ඨයන් සඳහා ස්වර්ගයත් සෙසු අයට නිරයේ සදාකාලික දුක් වේදනාවත් යන ප්‍රමාණවත් නොවන අදහස නොවන බව නූතන එළිදරව්වීම් වලින් අපි දැනගන්නවා. දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා වන ප්‍රේමණීය සැලැස්මට අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් උගන්වන ලද මෙම යථාර්ථයද ඇතුළත් වනවා: “මාගේ පියාණන්ගේ නිවසේ බොහෝ රාජ්‍යයන් ඇත.”1

නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්ත්යන්ගෙන් යුත් සභාවේ ධර්මය උගන්වන්නේ—රාජ්‍යයන් වලට අයත් නොවන ඉතා සුළු පිරිස හැර—සියලුම දෙවියන්වහන්සේගේ දරුවන් අවසානයේ මහිමාන්විත රජ්‍යයන් තුනෙන් එකක් උරුම වනු ඇති බවත්—ඒවායේ අවමය පවා “සියලු තේරුම් ගැනීම් අභිබවනවා ඇති” බවත්ය.2 අකීකරුවූවන් ඔවුන්ගේ පවුවලට දුක්විඳින කාලයෙන් පසු, එනම් අනාගතයේදී දේවල් අනුගමනය කිරීම පිණිස ඔවුන්ව සූදානම් කරන දුක් වේදනා වලින් පසු, සියල්ලන්ම නැවත නැගිටුවන ලබන අතර ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අවසාන විනිශ්චය වෙත ගෙනයනවා. “පියාණන්වහන්සේව මහිමවත් කර උන්වහන්සේගේ හස්තයෙහි සියලු මැවීම් රකින” 3 බවට අප ඉගෙනගෙන ඇති අපගේ ආදරණීය ගැළැවුම්කරුවාණන්, තම තෝරාගැනීම් තුළින් තම ආශාවන් ප්‍රකාශකර ඇති සියලුම දෙවියන්වහන්සේගේ දරුවන්ව මෙම මහිමයේ රාජ්‍යයන් තුනෙන් එකකට යවනු ලබනවා.

නැවත පිහිටුවා ඇති සභාව තුළ ඇති තවත් එක් අද්විතීය ධර්මයක් සහ අභ්‍යාසයක් වන්නේ, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට සිලෙස්ටියල් රාජ්‍යයේ ඉහළම මහිමයට සුදුසුකම් ලැබියහැකි පූජනීය වරප්‍රසාදය පිරිනැමිය හැකි ආඥා සහ ගිවිසුම්වල එළිදරව්වයි. එම ඉහළම ගමනාන්තය වන—සෙලෙස්ටියල් රාජ්‍යයේ උත්කර්ෂය—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඉලක්කයයි.

නූතන එළිදරව්වීම් මඟින් පසුදවස් වල ශුද්ධවන්තයන්, උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ සතුටේ සැලැස්ම පිළිබඳ අද්විතීය තේරුම්ගැනීමක් තිබෙනවා. එම සැලැස්ම ආරම්භ වන්නේ අප ඉපදීමට පෙර, ආත්මයන් ලෙස ගෙවූ ජීවිතයෙන් වන අතර පසුව එය මරණීය ජීවිතය තුළ අප තෝරාගත් ගමන සහ ඉන්පසු අපගේ අපේක්ෂිත ඉරණමෙහි අරමුණ සහ කොන්දේසි හෙළිකරයි.

II.

නූතන හෙළිදරවු තුළින් “සියලුම රාජ්‍යයන්ට නීතියක් දී ඇති”4බවත් අවසාන විනිශ්චයේදී අපට හමුවන මහිමයේ රාජ්‍යය තීරණය වන්නේ මැරෙන සුළු ජීවිත ගමනේදී අනුගමනය කිරීමට තෝරාගන්නා නීතිය මත බවත් අපි දන්නවා. එම ප්‍රේමණීය සැලැස්ම යටතේ, විවිධ රාජ්‍යයන්—බොහෝ මන්දිර—තිබෙන අතර, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට, ඔවුන්ට සුවපහසු ලෙස “වාසය කළ හැකි” මහිමයේ රාජ්‍යයක් උරුම වනවා.

පියාණන්ගේ සැලැස්මේ එක් එක් රාජ්‍ය තුනේ ස්වභාවය සහ අවශ්‍යතා විස්තර කිරීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළින් දෙවියන්වහන්සේ එළිදරව් කර ඇති, දිව්‍යමය ආඥා සහ වත්පිළිවෙත් වල ඉලක්කය වන ඉහළම මහිමයෙන් අපි ආරම්භ කරමු. “සෙලෙස්ටියල්” මහිමයේ5 මට්ටම් තුනක් වන අතර,6 ඉහළම මට්ටම වන්නේ සිලෙස්ටියල් රාජ්‍යයේ උත්කර්ෂයයි. මෙය “උන්වහන්සේගේ පූර්ණත්වය සහ, උන්වහන්සේගේ මහිමය ලැබූ” අයගේ වාසස්ථානයයි, එබැවින් “ඔවුන් දෙවිවරුන්ය, එසේම දෙවියන්වහන්සේගේ පුත්‍රයන්” [සහ දියණියන්]7 වන අතර “දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සහ උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ සදාකලයෙන් සදාකාලයට වාසය කරන්නෝය.”8 එළිදරව් තුළින් මෙම දිව්‍යමය හැකියාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය දේව ගුණාංග වර්ධනය කිරීම සඳහා නිරීක්ෂණය කළ යුතු සදාකාලික නීතීන්, වත්පිලිවෙත්, සහ ගිවිසුම් දෙවියන්වහන්සේ විසින් එළිදරව් කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ අපේ ඉලක්කය මෙයයි, මෙම නැවත පිහිටවූ සභාවේ දහම සහ ප්‍රතිපත්ති වල පරමාර්ථය වන්නේ, සෙලෙස්ටියල් මහිමය තුළ, විශේෂයෙන්ම, එහි උසස්ම තත්ත්වයේ උත්කර්ෂය වෙනුවෙන් ගැලවීම ලබාගන්න දෙවියන්වහන්සේගේ දරුවන්ව සූදානම් කිරීමයි.

සදාකාලික සත්‍යය මත පදනම්ව ඇති දෙවියන්වහන්සේගේ සැලැස්මට අනූව උත්කර්ෂය ලබා ගැනීමට ලබා ගත හැක්කේ ශුද්ධ වූ දේවමාළිගාවේදී පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර සදාකාලික විවාහයක ගිවිසුම්වලට විශ්වාසවන්තව සිටීමෙන් පමණි,9 එමෙන්ම මෙම විවාහය සියලු ඇදහිලිවන්තයන්ට ලබාගත හැකිය. “ස්ත්‍රී පුරුෂ භාවය යනු පුද්ගලයෙකුගේ පෙර ආත්මික, ලෞකික, සහ සදාකාලික අනන්‍යතාවයේ සහ අරමුණෙහි අත්‍යවශ්‍ය ලක්ෂණයක්” බව අපි උගන්වන්නේ එම නිසයි.10

උත්කර්ෂය සඳහා සූදානම් වීමට අපට උපකාර කිරීම සඳහා අද්විතීය වටිනා ඉගැන්වීමක් වන්නේ පවුල පිළිබඳ 1995 ප්‍රකාශයයි.11 එහි ප්‍රකාශනයන් පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවත් වීමට අපව සූදානම් කරන අවශ්‍යතා පැහැදිලි කරනවා. තම දරුවන් සඳහා පියාණන්වහන්සේගේ ආදරණීය සැලැස්ම සම්පූර්ණයෙන් වටහා නොගන්නා අයට, මෙම පවුල් ප්‍රකාශනය වෙනස් කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් වනවා. ඊට හාත්පසින්ම වෙනස්ව, අපි තහවුරු කරන්නේ, ආපසු හැරවිය නොහැකි දහම මත පදනම් වූ මෙම පවුල් ප්‍රකාශනය, අපගේ සදාකාලික සංවර්ධනයේ වැදගත්ම කොටස සිදුවිය හැකි පොළොව මත පවුල් සබඳතාවන් නිර්වචනය කරන බවයි.

ප්‍රේරිතවර පාවුල් මහිමයේ අංශක තුන විස්තර කරන අතර, ඒවා ඉර, සඳ සහ තාරකාවල තේජසට සමාන කරනවා.12 ඔහු ඉහළම මහිමය “සෙලෙස්ටියල්” ලෙසත් දෙවන මහිමය “ටෙරෙස්ට්‍රියල්” ලෙසත් නම් කරනවා.13 ඔහු පහළම මහිමය නම් නොකරන නමුත් ජෝසෆ් ස්මිත්ට ලැබුණු එළිදරව් කිරීමක් එහි නම “ටෙලෙස්ටියල්” කියා එකතු කළා.14 තවත් එළිදරව්වක් ඒ එක් එක් මහිමයට නියම කරන පුද්ගලයන්ගේ ස්වභාවයද විස්තර කරනවා. “සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතිය පිළිපැදීමට තෝරා නොගන්නා අය”15 ඔවුන් තෝරාගත් නීති වලට ගැළැපෙන, පහසුවෙන් වාසය කළ හැකි සෙලෙස්ටියල් රාජ්‍යයේ මහිමයට වඩා අඩු මහිමයකට උරුමකම් කියනවා. වාසය කරනවා (Abide) යන වචනය ශුද්ධලියවිලි වල බහුල ලෙස දක්නට ලැබෙන අතර එහි අර්ථය ආරක්ෂිත ස්ථානගත කිරීමක් යන්නයි.16 නිදසුනක් ලෙස ටෙරෙස්ට්‍රියල් රාජධානියේ සිටින අය—ස්වර්ගය පිළිබඳ බොහෝ දෙනෙකු සිතන ආකාරය හා සසඳන විට—”මොවුන් පුත්‍රයාණන්ගේ පැමිණීම ලබන, එහෙත් පියාණන්ගේ පූර්ණත්වය නොලබන ඔවුන්ය.”17 ඔවුන් “පොළොවේ ගෞරවාන්විත වූ මනුෂ්‍යයන්ය, මනුෂ්‍යයන්ගේ කෛරාටික කම නිසා අන්ධකරන ලද ඔවුන්ය” 18 නමුත් “මොවුන් යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ එඩිතර නොවූවන්ය.”19

මහිමාන්විත රාජ්‍යයන්ගෙන් පහළම රාජ්‍යයට එනම් “ටෙලෙස්ටියල් රාජ්‍යයට” නියම කර ඇති අය පිළිබඳව විස්තරාත්මක එළිදරව්ව නම්, “ටෙ‍රෙස්ට්‍රියල් රාජ්‍යයේ මහිමය අනුව පැවතිය නොහැකි අයයි” යන්නයි.20 එයින් විස්තර කරන්නේ ගැලවුම්කරුවානන් ප්‍රතික්ෂේප කරන සහ ඔවුන්ගේ හැසිරීම් සඳහා දිව්‍යමය සීමාවන් නිරීක්ෂණය නොකළ අයයි. දුෂ්ටයන් තමන් කළ පාපයන් නිසා දුක් විඳීමෙන් පසුව ඔවුන් වාසය කරන රාජ්‍යය මෙයයි. නූතන එළිදරව් වල මොවුන්ව විස්තර කර ඇත්තේ “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොලැබූ, එසේම යේසුස්වහන්සේගේ සාක්ෂියද නොලැබූ අය” ලෙසයි.

“මොවුන් බොරුකරුවන්, තවද අනවිනකරුවන්, තවද කාමමිථ්‍යාචාරය කරන්නන්, තවද අශිෂ්ඨව හැසිරෙන්නන්, තවද බොරු කීමට ප්‍රේම කරන්නන් වන ඔවුන්ය.”21

ඔහුගේ අනාවැකිමය දැක්ම සහිත මහිමයේ රාජ්‍යයන් තුන ගැන කතා කරමින්, සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී මෙසේ ලිව්වා: “මරණීය ජීවිතයේ ආයු කාලය සදාකාලිකත්වය හා සසඳන විට යන්තම් නැනෝ තත්පරයක් පමණි. නමුත් එය මොනතරම් තීරණාත්මක නැනෝ තත්පරයක්ද! එය ක්‍රියාකරන ආකරය ප්‍රවේශමෙන් සලකා බලන්න:මෙම මරණීය ජීවිතය තුළ ඔබ කීකරු වීමට කැමති කුමන නීති වලටද යන්න ඔබට තෝරා ගත හැකියි—සෙලෙස්ටියල් රාජ්‍යයේද, ටෙරෙස්ට්‍රියල් රාජ්‍යයේද, ටෙලෙස්ටියල් රාජ්‍යයේද—ඒ අනූව සදහටම ඔබ ජීවත්වන්නේ කුමණ මහිමය සහිත රාජ්‍යයේද. කොතරම් පුදුම සැලැස්මක්ද! එය ඔබගේ තෝරාගැනීමේ නිදහසට ගරු කරන සැලැස්මක්”22

III.

ප්‍රේරිත පාවුල් ඉගැන්වූයේ ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් සහ ආඥාවන් ලබා දී ඇත්තේ අප සැමට “ක්‍රිස්තුස්වහන්සේගේ අම්පූර්ණත්වයේ මිනුම් ලඟාකර ගැනීමට කියායි.23 එම ක්‍රියාවලියට දැනුම ලබාගැනීමට වඩා බොහෝ දේ අවශ්‍ය වනවා. ශුභාරංචිය ගැන ඒත්තු ගැන්වීම පමණක් ප්රමාණවත් නොවේ; අප ඒ තුළ ක්‍රියා කර මෙනෙහි කළ යුතු අතර එමඟින් අප හැරුණු පුද්ගලයෙකු විය යුතුය. යමක් දැනගැනීමට අපට උගන්වන වෙනත් දේශනාවලට වඩා වෙනස්ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට යමක් වීමට අභියෝග කරනවා.

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා “අවසාන විනිශ්චය යනු—අප කර ඇති යහපත් හා නපුරු ක්‍රියාවන්හි සමස්ත තක්සේරුවක් පමණක් නොවේ. එය අපගේ ක්‍රියාවන් හා සිතුවිලි වල අවසාන ප්‍රතිඵලය—එනම් අපි පත්වී ඇති පුද්ගලයා පිළිගැනීමක්.” හැරීමේ ක්‍රියාවලියක් තුළින් අපි සදාකාල ජීවනයට සුදුසුකම් ලබනවා. මෙහි භාවිතා කර ඇති පරිදි, බොහෝ අර්ථ ඇති මෙම වචනය ස්වභාව ධර්මයේ ගැඹුරු වෙනසක් පෙන්නුම් කරයි. චලනයන් හරහා යාමට පමණක් එය කිසිවෙකුට ප්‍රමානවත් නැහැ. ශුභාරංචියේ ආඥා, වත්පිලිවෙත් සහ ගිවිසුම් ස්වර්ගීය ගිණුමක තැන්පත් කළ යුතු තැන්පතු ලැයිස්තුවක් නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ ස්වර්ගිය පියාණන්වහන්සේ අප වනවාට කැමති දේ බවට පත්වන්නේ කෙසේද යන්න පෙන්වන සැලැස්මක්ය.24

IV.

ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා, මේ ජීවිතයේ අප අතින් සිඳුවන අඩුපාඩු වලට, අපට පසුතැවිලි වී අපගේ ස්වර්ගීය පියාණන් අප වෙනුවෙන් ආශා කරන දෙයට මඟ පෙන්වන ගිවිසුම් මාවතට නැවත එක් විය හැක.

මෝර්මොන්ගේ පොත උගන්වන්නේ “මේ ජීවිතය [අපට] දෙවියන්වහන්සේ හමුවීමට සූදානම් වීමට ඇති කාලයක්.” ලෙසයි25 නමුත් “මේ ජීවිතය” සඳහා වූ එම අභියෝගාත්මක සීමාවට බලාපොරොත්තු සහගත සම්බන්ධයක් (අඩුම තරමේ යම් ප්‍රමාණයකට සමහර පුද්ගලයන් සඳහා) දැන් දහම සහ ගිවිසුම් 138 වන කොටසේ, ස්වාමින්වහන්සේ ජෝසෙෆ් එෆ්. ස්මිත් වෙත හෙළි කළ දෙයින් ලබා දී තිබෙනවා. දහම සහ ගිවිසුම් 138. අනාගත වක්තෘවරයා මෙසේ ලිව්වා: “මෙම කාලපරිච්ඡේදයේ ඇදහිලිවන්ත වැඩිහිටියන්, ඔවුන් මැරෙනසුළු ජීවිතයෙන් නික්ම ගිය විට, දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ පරිත්‍යාගය තුළින්, පසුතැවීමේ සහ මිදීමේ ශුභාරංචිය, අන්ධකාරයේ සහ පාපයේ බැමි වලට යටත්ව සිටින්නාවූ මළවුන්ගේ ආත්මයන්ගෙන් යුත් මහත් වූ ලෝකය තුළ සිටින්නාවූ අය අතර, දේශනා කිරීමට නොකඩවා වෙහෙසෙන ආකාරය මම දුටුවෙමි.

“දෙවියන්වහන්සේගේ ගෘහයේ නියෝග වලට කීකරුකම තුළින්, පසුතැවිලි වන මළවුන්ව මුදවාගනු ලබන්නේය,

“තවද ඔවුන්ගේ වරද වලට ඔවුන් වන්දිගෙවා, සෝදා පවිත්‍ර වූ පසුව, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුන් විපාකයක් ලබන්නෝය, මක්නිසාද ඔවුන් ගැලවීමේ උරුමක්කාරයෝය.”26

ඊට අමතරව, අපි දන්නවා සහශ්‍රය, ගැලවුම්කරුවාණෙනගේ දෙවන පැමිණීමෙන් පසු වසර දහසක කාලය, මරණීය ජීවිතයේදී ඒවා නොලැබුණු අයට අවශ්‍ය අණපනත් ඉටු කරන කාලයක් වනු ඇත.27

ගැලවීමේ සැලැස්මේ ප්‍රධාන කාල පරිච්ඡේද තුන ගැන අප නොදන්නා බොහෝ දේ තිබෙනවා: (1) මරණයට පෙර ආත්ම ලෝකය, (2) මරණීය ජීවිතය, සහ (3) ඊළඟ ජීවිතය, සහ ඒවා එකිනෙක සමඟ ඇති සම්බන්ධය. නමුත් අපි මෙම සදාකාලික සත්‍යයන් දන්නවා: “ගැලවීම තනි පුද්ගල කාරණයක්, නමුත් උත්කර්ෂය පවුලේ කාරණයක්.”28 අපගේම ආශාවන් සහ තේරීම් වලට ඉඩ දෙන සෑම ආශීර්වාදයක්ම සහ සෑම වාසියක්ම අපට ලැබෙන බවට සහතික වන ආදරණීය ස්වර්ගික පියෙක් අපට සිටිනවා. ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට පටහැනිව මුද්‍රා තැබීමේ සම්බන්ධතාවයකට කිසිවකුට උන්වහන්සේ බල නොකරන බව ද අපි දන්නවා. මුද්‍රා තැබූ සම්බන්ධතාවයක ආශීර්වාද තම ගිවිසුම් රකින සියල්ලන්ටම සහතික වන නමුත් කිසිවිටෙක නුසුදුසු හෝ එයට අකැමැති වෙනත් පුද්ගලයෙකුට මුද්‍රා තැබූ සම්බන්ධතාවයකට බලකිරීම් කරන්නේ නැහැ.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මම මේ දේවල් වල සත්‍යතාව පිළිබඳව සාක්ශි දරනවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. “උන්වහන්සේ [අපගේ] ඇදහිල්ලේ කතුවරයා සහ නිම කරන්නායි,”29 අපගේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ සැලැස්ම යටතේ ඔහුගේ වන්දිගෙවීම, ඒ සියල්ල කළ හැකි කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් , ආමෙන්.