ප්‍රධාන සම්මන්ත්‍රණය
උත්කර්ශවත්ව සිතන්න
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උත්කර්ශවත්ව සිතන්න

ඔබ සදාකාලිකවම ජීවත් වන්නේ කොතැනද, ඔබ නැවත නැඟිටුවනු ලබන්නේ කුමණ ආකාරයේ ශරීරයක් සමඟද සහ ඔබ සදහටම ජීවත් වන්නේ කා සමඟින්ද යන්න තීරණය කරන්නේ ඔබ කරනා තෝරාගැනීම් මතයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ වයසේදී, ජීවිතය මට අපූරු සහ අභියෝගාත්මක පුදුම කිරීම් ගෙන එනවා. සති තුනකට පෙර මාගේ පිටුපස මාංශපේෂීවලට අභාදයක් ඇතිවුනා. ඉතින් ඒ නිසා මම ප්‍රධාන සම්මන්ත්‍රණ 100යකට අදික ප්‍රමාණයක් සිටගෙන ආමන්ත්‍රණය කලත් මෙවර වාඩිවී කිරීමට තීරණය කළා. අද ආත්මයාණන්වහන්සේ මාගේ පණිවිඩය ඔබගේ හදවත් තුළට ගෙන යනු ඇතැයි කියා මම යාච්ඤා කරනවා.

මම මෑතකදී මගේ 99 වෙනි උපන්දිනය සැමරූ අතර මගේ 100 වන වසර ජීවත්වීම ආරම්භ කළා. මෙතරම් කාලයක් ජීවත් වීමේ රහස මගෙන් නිතර අසනවා. එයටත් වඩා හොඳ ප්‍රශ්නයක් වන්නේ “සියවසකට ආසන්න කාලයකදී මා ඉගෙන ගෙන ඇත්තේ කුමක්ද?” යන්නයි.

අදදින කාලය මට එම ප්‍රශ්නයට සම්පුර්ණයෙන්ම පිළිතුරු දීමට ඉඩ නොදෙන නමුත්, මා උගත් ඉතාම තීරණාත්මක පාඩම් වලින් එකක් බෙදා ගන්නම්.

අප වෙනුවෙන් ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම අතිවිශිෂ්ට, බවත්, මේ ජීවිතයේ අප කරන දේ සැබවින්ම වැදගත් බවත්, අපගේ පියාණන්ගේ සැලැස්ම යතාර්තයක් වන්නේ ගැලවුම්කරුවාගේ වන්දිගෙවීම නිසා බවත් මම ඉගෙන ගත්තා.1

මෑතකදී මාගේ තුවාලය නිසා ඇතිවූ දැඩි වේදනාවත් සමඟ මා පොරබඳිමින් සිටියදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ තේරුම්ගත නොහැකි ත්‍යාගය ගැන මට වඩාත් ගැඹුරු අගයකිරීමක් දැනුනා. ඒ ගැන සිතන්න! ගැලවුම්කරුවාණන් “සෑම ආකාරයකම වේදනාවන් සහ පීඩාවන් සහ පරීක්ෂාවන්” 2 වින්ඳේ, එවිට උන්වහන්සේට අපව සැනසීමට, අපව සුව කිරීමට, අවශ්‍ය අවස්ථාවලදී අපව ගලවා ගැනීමට හැකි වන නිසායි.3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනේ සහ කල්වාරියේදී තමන්වහන්සේගේ අත්දැකීම් විස්තර කළේ මෙසේයි: “මා සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ දෙවියන් වූවත්, වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට” එම වේදනාව සැලැස්වීය4 මාගේ තුවාලය “ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය” ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට හේතු වුනා.5 මා සුවවන අතරතුර, ස්වාමින්වහන්සේ ඔහුගේ දිව්‍ය බලය සාමකාමී සහ නොවරදින ආකාරයෙන් ප්‍රකාශ කර සිටියා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම නිසා, අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම පරිපූර්ණ සැලැස්මක් වනවා! දෙවියන්වහන්සේගේ අපූරු සැලැස්ම පිළිබඳ අවබෝධයක් ජීවිතයෙන් අභිරහස් සහ අපේ අනාගතයේ අවිනිශ්චිතතාවයන් ඉවත් කරයි. අපි මේ පොළොවේ ජීවත් වන්නේ කෙසේද සහ අප සදහටම ජීවත් වන්නේ කොහේද යන්න තෝරා ගැනීමට එය අප සෑම කෙනෙකුටම ඉඩ සලසයි. “කන්න, බොන්න, තවද ප්‍රීතියෙන් සිටපන්න, මක්නිසාද හෙට අපි නසින්නෙමු; තවද එය අප සමඟ යහපත්ව ඇත්තේය”6 යන පදනම් විරහිත මතය විශ්වයේ ඇති හාස්‍යජනක බොරු වලින් එකක්.

දෙවියන් වහන්සේගේ සැලැස්ම පිළිබඳ විශිෂ්ට පුවත මෙන්න: ඔබේ මරණීය ජීවිතය හොඳම දේ බවට පත් කරන දේවල්ම ඔබේ සදාකාලික ජීවිතයද හොඳම දේ බවට පත් කරයි! අද, ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබ වෙනුවෙන් ලබා දී ඇති පොහොසත් ආශීර්වාද සඳහා සුදුසුකම් ලැබීමට ඔබට උපකාර කිරීමට, “උත්කර්ශවත්ව සිතීමේ” පුරුද්ද අනුගමනය කිරීමට මම ඔබට ආරාධනා කරනවා!7 උත්කර්ශවත්ව සිතීම යනු අධ්‍යාත්මික මනසකින් යුක්ත වීමයි. මෝර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ යාකොබ්ගේ පොතෙන් අපි ඉගෙනගන්නේ “ආත්මික සිතිවිලි සදාතනික ජීවිතය බවයි8

මරණීය ජීවිතය යනු ශ්‍රේෂ්ඨතම සදාකාලික ආනයනයේ දේවල් තෝරාගැනීම් ඉගෙනගැනීමට ඇති විශේෂ පන්තියකි. බොහෝ මිනිසුන් ජීවත් වන්නේ තිබෙන්නේ මේ ජීවිතය පමණක් යයි සිතමින්ය. කෙසේ වෙතත්, අද ඔබගේ තෝරාගැනීම් කරුණු තුනක් තීරණය කරනය කරනවා: ඒවා නම් ඔබ සදාකාලිකවම ජීවත් වන්නේ කොතැනද, ඔබ නැවත නැඟිටුවනු ලබන්නේ කුමණ ආකාරයේ ශරීරයක් සමඟද සහ ඔබ සදහටම ජීවත් වන්නේ කා සමඟින්ද යන්නයි. එනිසා උත්කර්ෂවත්ව සිතන්න

සභාවේ සභාපති ලෙස මා කළ පළමු පණිවිඩයේදී, අවසානය මනසේ තබාගෙන ආරම්භ කරන ලෙස මම ඔබව දිරිමත් කළා. මෙයින් අදහස් කරන්නේ ස්වර්ග රාජ්‍යය ඔබේ සදාකාලික ඉලක්කය බවට පත් කර ගනිමින් මෙළොව සිටින විට ඔබේ සෑම තීරණයක්ම ඊළඟ ලෝකය තුළ ඔබව ස්ථානගත කරන්නේ කොතැනදැයි හොඳින් සලකා බැලීමයි.9

දේවමාළිගාවේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස මුද්‍රා තබා ඇති සහ ඔවුන්ගේ ගිවිසුම් රකින පිරිමින් සහ කාන්තාවන් පමණක් සදාකාලයටම එකට සිටින බව ස්වාමින්වහන්සේ පැහැදිලිව උගන්වා තිබෙනවා. උන්වහන්සේ මෙසේ පැවසුවා: “සියලුම ගිවිසුම්, බැඳීම්, පොරොන්දු, දිවුරුම්, භාරයන්, ක්‍රියාවන්, සම්බන්ධතාවයන්, ඇසුරුකිරීම් හොව් බලාපොරොත්තු ශුද්ධාත්මයානන් මඟින් මුද්‍රා වී සහ ඒවා තබා ඇතුලත් නොවූයේ නම් … මනුශ්‍යයන්ගේ මරණයත් සමඟම අවසන් වන්නේය.”10

මේ අනුව, අපි අඥානවන්ත ලෙස ටෙලෙස්ටියල් නීති අනූව ජීවත් වීමට තෝරා ගන්නේ නම්, අපි ටෙලෙස්ටියල් ශරීරයකින් නැවත නැඟිටීමට තෝරා ගන්නවා. අපි අපේ පවුල් සමඟ සදහටම ජීවත් නොවීමට තීරණය කරනවා.

ඉතින්, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සදහටම ජීවත් වීමට කැමති කෙසේද සහ කොහේද සහ කා සමඟද? තෝරා ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.11

ඔබ තෝරාගැනීම් කරන විට,දීර්ඝ දර්ශනයක් – එනම් සදාකාලික දර්ශනයක් බැලීමට මම ඔබට ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මුල් තැන දෙන්න, මන්ද ඔබේ සදාකාල ජීවනය රඳා පවතින්නේ උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල සහ උන්වහන්සේගේ වන්දිගෙවීම මතයි.12 උන්වහන්සේගේ නීතිවලට ඔබේ ඇති කීකරුකම මතද එය රඳා පවතිනවා. කීකරුකම අද ඔබට ප්‍රීතිමත් ජීවිතයකට සහ හෙට උදාර, සදාකාලික විපාකයකට මග පාදනවා.

ඔබ විශාල ප්‍රශ්ණයකට මුහුණ දෙන විට, උත්කර්ෂවත්ව සිතන්න! පරීක්ෂාවට ලක් වූ විට, උත්කර්ෂවත්ව සිතන්න! ජීවිතය හෝ ආදරණීයයන් ඔබව අධෛර්යමත් කරන විට, උත්කර්ෂවත්ව සිතන්න! යමෙක් අකාලයේ මිය ගිය විට, උත්කර්ෂවත්ව සිතන්න. යමෙක් දරුණු රෝගයකින් පෙළෙන විට, උත්කර්ෂවත්ව සිතන්න. ජීවිතයේ පීඩනයන් ඔබ වෙත ඇදී එන විට,උත්කර්ෂවත්ව සිතන්න. ඔබ හදිසි අනතුරකින් හෝ තුවාලයකින් සුවය ලබමින් සිටින විට, හරියට මම දැන් කරමින් සිටින පරිදි,උත්කර්ෂවත්ව සිතන්න.

ඔබ ස්වර්ගීය සිතීම කෙරෙහි අවධානය යොමු කරන විට, විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට අපේක්ෂා කරන්න.13 දශක ගණනාවකට පෙර, වෘත්තීය සගයෙක් මා “ඕනෑවට වඩා දේවමාළිගාව” සමඟ සම්බන්ධවීම ගැන මා විවේචනය කළ අතර, මගේ ඇදහිල්ල නිසා එක් අධීක්ෂකවරයෙකුට වඩා මට දඬුවම් කර තිබෙනවා. කෙසේ වෙතත්, උත්කර්ෂවත්ව සිතීම මගේ වෘත්තිය වැඩිදියුණු කළ බව මට ඒත්තු ගොස් තිබෙනවා.

ඔබ උත්කර්ෂවත්ව සිතන විට, ඔබේ හදවත ක්‍රමයෙන් වෙනස් වනු ඇත. ඔබට නිතර නිතර හා වඩා අවංකව යාච්ඤා කිරීමට අවශ්‍ය වනු ඇත. කරුණාකර ඔබේ යාච්ඤා මිලට ගැනීමට ඇති බඩු ලැයිස්තුවක් මෙන් දැනීමට ඉඩ නොදෙන්න. ස්වාමින්වහන්සේගේ ඉදිරිදර්ශනය ඔබගේ මරණීය ප්‍රඥාව ඉක්මවනවා. ඔබේ යාච්ඤාවලට උන්වහන්සේ දක්වන ප්‍රතිචාරය ඔබව පුදුමයට පත් කළ හැකි අතර උත්කර්ෂවත්ව සිතීමට ඔබට උපකාර වනු ඇත.

ජෝසෆ් ස්මිත් ලිබර්ටි සිරගෙදරදී සහනය ඉල්ලා සිටින විට ස්වාමින්වහන්සේ කළ ප්‍රතිචාරය සලකා බලන්න. ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරයාට ඉගැන්වූයේ ඔහු ලබන අමානුෂික සැලකීම ඔහුට අත්දැකීම් ලබා දෙන බවත් ඔහුගේ යහපත සඳහා බවත්ය.14 “නුඹ එය හොඳින් දරාගන්නේ නම්, දෙවියන්වහන්සේ නුඹව ඉහළට ඔසවන සේක” යනුවෙන් ස්වාමින්වහන්සේ පොරොන්දු වුනා.15 ස්වාමින්වහන්සේ ජෝසප්ට ඉගැන්වූයේ, දවසේ දුක්ඛිත දුෂ්කරතා කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා උත්කර්ෂවත්ව සිතීමට සහ සදාකාලික විපාකයක් අපේක්ෂා කිරීමටයි. අපගේ යාච්ඤාවන් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ සජීවී සාකච්ඡා විය හැකියි—සහ විය යුතුයි.

ඔබ උත්කර්ෂවත්ව සිතන විට, ඔබට ඔබේ තෝරාගැනීම කොල්ලකන ඕනෑමදෙයක් වළක්වා ගැනීමට හැකි වනු ඇත. ඕනෑම ඇබ්බැහිවීමක්—එය ක්‍රීඩාව, සූදුව, ණය, මත්ද්‍රව්‍ය, මත්පැන්, කෝපය, කාමුක දර්ශන, ලිංගිකත්වය හෝ ආහාරපාන පවා වේවා—දෙවියන්වහන්සේව අමනාප කරයි. ඒ ඇයි? මන්ද ඔබේ උමතුව ඔබේ දෙවියන් විය හැකි වන බැවින්. ඔබ සැනසීම පිනිස උන්වහන්සේ දෙසට වඩා දෙස බලනවා. ඔබ ඇබ්බැහි වීමක් සමඟ පොරබදනවා නම්, ඔබට අවශ්‍ය අධ්‍යාත්මික සහ වෘත්තීය උපකාර ලබාගන්න. දෙවියන්වහන්සේගේ අපූරු සැලැස්ම අනුගමනය කිරීමට ඔබට ඇති නිදහසින් ඔබව කොල්ලකෑමට ඔබේ උමතුවකට ඉඩ නොදෙන්න.

උත්කර්ෂවත්ව සිතීම නිර්මලකමේ නීතියට කීකරු වීමටද උපකාරී වනවා. මෙම දිව්‍යමය නීතිය උල්ලංඝණය කරනවාට වඩා සමහර දේවල් ඔබේ ජීවිතය ඉක්මනින් සංකීර්ණ කරනවා. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගත් අය සඳහා, දුරාචාරය ඔබේ සාක්ෂිය නැති කර ගැනීමට ඇති වේගවත්ම ක්‍රමයක් වනවා.

විරුද්ධකාරයාගේ බොහෝ නපුරු පෙළඹවීම් වලට සදාචාර පවිත්‍රතාව උල්ලංඝනය කිරීම් ඇතුළත් වනවා. ජීවය මැවීමේ බලය යනු ස්වර්ගීය පියාණන්වහන්සේ උන්වහන්සේගේ මනුෂ්‍ය දරුවන්ට ඉඩ දෙන දේවත්වයේ එක් වරප්‍රසාදයක්. මේ අනුව, දෙවියන්වහන්සේ මෙම ජීවමාන, දිව්‍ය බලය භාවිතා කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සකස් කළා. ශාරීරික ළෙන්ගතුකම වලංගු වන්නේ එකිනෙකා සමඟ විවාහ වී සිටින පිරිමියෙකුට සහ කාන්තාවකට පමණි

ලෝකයේ බොහෝ දෙනෙක් මෙය විශ්වාස කරන්නේ නැහැ, නමුත් මහජන මතය සත්‍යයේ තීරකයා නොවේ. කිසිම අපවිත්‍ර පුද්ගලයෙක් ස්වර්ග රාජ්‍යය නොලබන බව ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. එබැවින් ඔබ සදාචාරය සම්බන්ධයෙන් තීරණ ගන්නා විට, කරුණාකර උත්කර්ෂවත්ව සිතන්න. ඔබ අපවිත්‍ර වී ඇත්නම්, පසුතැවිලි වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ඔබ ඔබේ පව් ගැන සම්පූර්ණයෙන් පසුතැවිලි වී උන්වහන්සේගේ පූර්ණ ලෙස සමාව දීමේ පොරොන්දුව ලබා ගන්න.16

ඔබ උත්කර්ෂවත්ව සිතන විට, ඔබේ පරීක්ෂාවන් සහ විරුද්ධත්වයන් නව ආලෝකයකින් දකිනු ඇත. ඔබ ආදරය කරන කෙනෙකු සත්‍යයට අභියෝග කරන විට, උත්කර්ෂවත්ව සිතන්න, ඔබේ සාක්ෂිය ප්‍රශ්න නොකරන්න. “එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා” ඇති බවට ප්‍රේරිථ පාවුල් එළිදරව් කළා.17

විරුද්ධකාරයාගේ රැවටීම්වල කෙළවරක් නැත. කරුණාකර සූදානම්ව සිටින්න. විශ්වාස නොකරන අයගෙන් කිසිවිටක උපදෙස් නොගන්න. ඔබට විශ්වාස කළ හැකි කටහඬින්—එනම් අනාගතවක්තෘවරුන්, දර්ශණ දකින්නන් සහ එළිදරව් කරන්නන්ගෙන් සහ “ඔබ කළ යුතු සියල්ල ඔබට පෙන්වන” ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් වලින් මග පෙන්වීම සොයන්න.18 කරුණාකර පුද්ගලික එළිදරව් ලබා ගැනීමට ඔබේ හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය අධ්‍යාත්මික කාර්යයන් කරන්න.19

ඔබ උත්කර්ෂවත්ව සිතන විට, ඔබේ ඇදහිල්ල වැඩි වනු ඇත. මම තරුණ පුහුණුව ලබන්නෙක්ව සිටි කාලයේ, මගේ ආදායම මසකට ඩොලර් 15 කි. දවසක් රෑ, මගේ බිරිඳ ඩැන්ට්සෙල් මම ඒ සොච්චම් මුදලෙන් දසයෙන් කොටස ගෙවනවාද කියා ඇසුවා. මම එසේ කලේ නෑ මම ඉක්මනින් පසුතැවිලි වී අමතර ඩොලර් 1.50ක මාසික දසයෙන් කොටස ගෙවීමට පටන් ගත්තා.

අපි අපේ දසයෙන් කොටස වැඩි කළ නිසා සභාවේ වෙනස් වූවාද? ඇත්තවශයෙන්ම නෑ. කෙසේ වෙතත පූර්ණ දසයෙන් කොටස ගෙවන්නෙකු වීම මාව වෙනස් කළා. දසයෙන් කොටස ගෙවීම සම්පූර්ණයෙන්ම ඇදහිල්ල පිළිබඳ දෙයක් මිස එය මුද පිළිබඳ නොවන බව මම ඉගෙන ගත්තේ එවිටයි. මම සම්පූර්ණ දසයෙන් කොටස ගෙවන්නෙකු වූ පසු ස්වර්ගයේ කවුළු මා වෙනුවෙන් විවර වූවා. වෘතීය අවස්ථා කිහිපයක්ම ලැබීමේ ගෞරවය අපගේ ඇදහිලිවන්ත දසයෙන් කොටස ගෙවීමට මම ලබා දෙනවා. 20

දසයෙන් කොටස ගෙවීමට ඇදහිල්ල අවශ්‍ය වන අතර, එය දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල ද ගොඩනඟනවා.

ලිංගික සහ දේශපාලනීකරණය වූ ලෝකයක ගුණවත් ජීවිතයක් ගත කිරීමට තෝරා ගැනීම ඇදහිල්ල ගොඩනඟනවා.

දේවමාළිගාවේ වැඩි කාලයක් ගත කිරීම ඇදහිල්ල ගොඩනඟනවා. දේවමාළිගාවේ ඔබේ සේවය සහ නමස්කාරය ඔබට උත්කර්ෂවත්ව සිතීමට උපකාරී වනවා. දේවමාළිගාව හෙළිදරව් කරන ස්ථානයක් වනවා. උත්කර්ෂවත් ජීවිතයක් කරා ගමන් කරන ආකාරය එහිදී ඔබට පෙන්වා දෙනවා. එහිදී ඔබ ගැලවුම්කරුවාණන් වෙත සමීප වන අතර උන්වහන්සේගේ බලයට වැඩි ප්‍රවේශයක් ලබා දෙනවා ඇති. එහිදී ඔබේ ජීවිතයේ ගැටලු, ඔබේ වඩාත් ව්‍යාකූල ගැටලු පවා විසඳීමට ඔබට මඟ පෙන්වනු ලැබේ.

දේවමාළිගාවේ වත්පිළිවෙත් සහ ගිවිසුම් වලට සදාකාලික වැදගත්කමක් ඇත. මෙම පූජනීය හැකියාවන් ඔබේ සෑම ජීවිතයකම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අපි තව තවත් දේවමාළිගාවන් ගොඩනගනවා. පහත සඳහන් ස්ථාන 20 න් එක් එක් දේවමාලිගාවන් ඉදිකිරීමට අපගේ සැලසුම් නිවේදනය කිරීමට අපි කෘතඥ වනවා:

  • සවායි, සැමෝවා

  • කැන්කුන්, මෙක්සිකෝව

  • පියුරා, පේරු

  • හුවන්කායෝ පේරු

  • විනිය ඩෙල් මාර්, චිලි

  • ගොයානියා, බ්‍රසීලය

  • ජොඈ පසෝවා, බ්‍රසීලය

  • කැලබාර්, නයිජීරියාව

  • කේප් කෝස්ට්, ඝානාව

  • ලුආන්ඩා, ඇන්ගෝලා

  • එම්බුජි මෙයි, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

  • ලාඕග්, පිලිපීනය

  • ඔසාකා, ජපානය

  • කහුලුයි, මවුයි, හවායි

  • ෆෙයාර්බෑන්ක්ස්, ඇලස්කාව

  • වැන්කුවර්, වොෂින්ටන්

  • කොලරාඩෝ ස්ප්‍රින්ග්ස්, කොලරාඩෝ

  • ටුල්සා, ඔක්ලහෝමා

  • රෝනෝක්, වර්ජිනියා

  • උලන්බාටො, මොන්ගෝලියා

ස්වාමින්වහන්සේ අපට උත්කර්ෂවත්ව සිතීමට උපකාර කිරීම සඳහා මෙම දේවස්ථාන දෙවියන්වහන්සේ ජීවමානයි! යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේයි. දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආශීර්වාද කිරීම සඳහා උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා තිබෙනවා. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. යොහාන් 6:38 බලන්න.

  2. ඇල්මා 7:11.

  3. ඇල්මා 7:12බලන්න.

  4. දහම සහ ගිවිසුම් 19:18.

  5. 2 නෙපි 9:40.

  6. 2 නෙපි 28:7.

  7. අප මිය ගොස් නැවත නැඟිටුවන කාලය අතර ඊළඟ ලෝකයේ පසුතැවිලි වනවාට වඩා අපගේ ශරීරය අපගේ ආත්මය සමඟ ඒකාබද්ධව තිබෙන මේ කාලයේ පසුතැවිලි වී ආත්මිකව වර්ධනය වීම ඔප්පු කළ හැකිය. අමුලෙක් ඇදහිල්ල අත්හළ සොරමිට්වරුන්ට ඉගැන්වූ පරිදි, “මේ ජීවිතය දෙවියන්වහන්සේ හමුවීම සඳහා සූදානම් වීමට ඇති කාලයයි”(ඇල්මා 34:32–35).

  8. 2 නෙපි 9:39.

  9. බෙන්ජමින් රජ තම සෙනගට මෙසේ අවවාද කරන මොසායා 4:30 බලන්න. “නුඹලාගේ සිටුවිලිද තවද නුඹගේ වචනයද, තවද නුඹගේ ක්‍රියාවන්ද, තවද දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන්ද නුඹලාගේ ජීවිත අවසානය දක්වා වුවත් නොකරන්නේ නම් …නුඹලා නැසිය යුතු වන්නේහිය”

  10. දහම සහ ගිවිසුම් 132:7; අවධාරණය කිරීම් සහිතයි.

  11. ඇත්ත වශයෙන්ම, ඔබේ තෝරාගැනීමේ නිදහස වෙනත් අයෙකුගේ තෝරාගැනීම සහ එයට අදාල ප්‍රතිවිපාක අභිබවා යා නොහැක. මම මගේ දෙමාපියන් හා සමඟ මුද්‍රා තැබීමට බොහෝ ආසාවෙන් සිටියා. කෙසේ වෙතත්, ඔවුන්ගේ වයස අවුරුදු 80 ඉක්මවන විටත්, ඔවුන් බලයෙන් සැරසීමට තෝරා ගන්නා තෙක් මට බලා සිටීමට සිදුවූවා ඉන්පසු ඔවුන් ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙසත්, අපි දරුවන් ලෙසත් ඔවුන්ට මුද්‍රා තැබුවා.

  12. සදාකාල ජීවනයේ ත්‍යාගය ලබා ගත හැක්කේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ කුසලතා, දයාව සහ කරුණාව තුළින් පමණක් බව ශුද්ධ ලියවිල්ල නැවත නැවතත් සාක්ෂි දරයි (උදාහරණයක් ලෙස, මොරෝනි7:41නෙපි 2:6–8, 27 ද බලන්න).

  13. 2 නෙපි 2:11 බලන්න.

  14. බලන්න දහම සහ ගිවිසුම් 122:7.

  15. දහම සහ ගිවිසුම් 121:8.

  16. බලන්න යෙසායා 1:16–18; දහම සහ ගිවිසුම් 58:42-43.

  17. 1 තිමෝති 4:1. ඊලඟ පදය දිගටම“ඔවුන්ගේ හෘදය සාක්ෂිය රත් වූ යකඩයකින් පුළුස්සා දමමින් කුහකකමින් බොරුකතා කරනවා (පදය 2). පාවුල් ප්‍රකාශ කළේ “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තිකව ජීවත් වන සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන” බවයි. (2 තිමොති 3:12).

  18. 2 නෙපි 32:5; අවධාරණය කිරීම් සහිතයි. අප ඉල්ලන්නේ නම්, අපට “එළිදරව්ව මත එළිදරව්ව, දැනුම මත දැනුම” ලැබිය හැකිය.(දහම සහ ගිවිසුම් 42:61).

  19. බලන්න රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96.

  20. මෙය හේතු සහ ඵල සම්බන්ධතාවයක් හැඟවීමට නොවේ. සමහර කිසිදිනෙක දසයෙන් කොටස නොගෙවන අයට වෘතිය අවස්ථා ලැබෙන අතර සමහර දසයෙන් කොටස ගෙවන අයට එසේ නොවේ. පොරොන්දුව නම් දසයෙන් කොටස ගෙවන්නාට ස්වර්ගයේ කවුළු විවෘත වන බවයි. ආශීර්වාදවල ස්වභාවය වෙනස් වනු ඇත.