2010–2019
මම තේරුම්ගන්නේ කෙසේද?
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මම තේරුම්ගන්නේ කෙසේද?

අපි ඕනෑකමින්, හදවතින්, ස්ථීරව සහ අවංකවම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ඉගෙනගැනීමට සහ එකිනෙකාට ඉගැන්වීමට සොයන විට, මෙම ඉගැන්වීම් හදවත් පරිවර්තනය කරයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ආදරණීය දිවැසිවරයාණන්, සහාපති රසල් එම්. නෙල්සන්ගේ මූලිකත්වය යටතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මෙම සම්මන්ත්‍රණයට එක්ව නැවත සහභාගී වන්නට ලැබීම කෙතරම් නම් මහත් ප්‍රීතියක්ද. මෙම සම්මන්ත්‍රණයේදී යාච්ඤා කරන අය, ගායනා කරන අය සහ අපගේ අවශ්‍යතා වෙනුවෙන් කථා කරන අය මගින් අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬ ඇසීමේ වරප්‍රසාදය අපට ලැබෙන බවට මම ඔබට සාක්ශි දරන්නෙමි.

ක්‍රියා පොතෙහි වාර්තා කර ඇති පරිදි, ඉතියෝපීය රැජින වූ ෆිලිප් ඉතියෝපීය රැජිනගේ සියලු වස්තූන් භාරව සිටි නිලධාරියෙකු වූ ඉතියෝපියානු නිලධාරියෙකු වෙත සුභාරංචිය ඉගැන්වූවේය.1 ජෙරුසලමේ වන්දනාමාන කර ආපහු යන අතරතුරදී, ඔහු යෙසායාගේ පොත කියෙව්වේය. ආත්මයාණන්ගේ පෙලඹීම මත, පිලිප් ඔහුගේ ආසන්නයට විත් “ඔහු දිවැසිවර යෙසායාගේ වචන කියවනවා ඇසී, මෙසේ ඇසීය, ඔබ කියවන දේ ඔබට තේරෙනවාද?

“යමෙක් මගපෙන්නුවොත් මිස නැතිනම් මම තේරුම්ගන්නේ කොහොමදැයි? [එම නපුංසකයා] ඇසීය …

“එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන යෙසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කළේය.”2

මෙම ඉතියෝපියන් මිනිසා ඇසූ ප්‍රශ්ණය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ඉගෙනීමට සෙවීමට සහ එකිනෙකාට ඉගැන්වීමට, අපි හැමටම ඇති දිව්‍යමය වාදය ගැන මතක් කිරීමකි.3 ඒ නිසා, සුභාරංචිය ඉගෙනීමෙදී සහ ඉගැන්වීමේදී, අපි යම් වේලාවට ඉතියෝපියානුවා මෙන් - අපට ඇදහිලිවන්ත අනුභාවය ඇති ගුරුවරයෙකුගේ උපකාර්ය අවශ්‍ය වේ; යම් වෙලාවට අපි පිලිප් මෙන් - අනෙක් අයගේ හැරීමේදී ඔවුන්ට ඉගැන්වීමට සහ ශක්තිමත් කිරීමට අවශ්‍යයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ඉගෙනගැනීමට සහ ඉගැන්වීමට අප උත්සාහ කරන විට, අපගේ අරමුණ දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ දිව්‍යමය සැලැස්ම තුළ, ඇදහිල්ලේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ කිට්ටු මිත්‍රත්වයේ පූජනීය කැපකිරීම් ඉටු කිරීම විය යුතුමය. එවන් වැඩි ඇදහිල්ලක් හා හැරීමක් මගින් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමටත්, දිගටම පවත්වා ගැනීමටත් අපට හැකි වනු ඇත. එබැවින් යේසුස්වහන්සේව අනුගමනය කිරීම හා අප තුළ අව්‍යාජ ආත්මික පරිවර්තනයක් ඇති කිරීම වන අපගේ අභිප්‍රාය ශක්තිමත් කරමින්, වෙනත් වචනවලින් කිවහොත්, පාවුලු අපොස්තුළු තුමා කොරින්තිවරුන්ට ලියූ ලිපියේ සඳහන් ලෙස නව මැවීමක් විය යුතුයි.4 මෙම පරිවර්තනය මගින් වඩාත් සන්තෘප්ත, ඵලදායී හා සෞඛ්ය සම්පන්න ජීවිතයක් අපට ගෙන ඒමට අපට සදාකාලික දෘෂ්ටියක් පවත්වා ගැනීමට අපට උපකාරී වේ. ඉතියෝපියානු නපුංසකයාට උන්වහන්සේ ගැළවුම්කාරයාණන් බව ගැන දැනගත් පසුව ඔහු සුභාරංචිය වෙත හැරුණා නේද? “ඔහු ප්‍රශංසා කරමින් ඔහුගේ මග ගිය” බව ශුද්ධලියවිලි කියයි.5

එකිනෙකාට සුභාරංචිය ඉගෙනීමට සහ ඉගෙන්වීමට ලබාදුන් පණත අළුත් එකක් නොවේ; මනුශ්‍ය ඉතිහාසයේ මුල ඉඳලම නොනවත්වාම එය දී තිබිණි.6 එක් විශේෂ අවස්ථාවකදී, පොරොන්දු දේශයට ඇතුල් වෙන්නට පෙර මෝසෙස් සහ ඔහුගේ ජනතාව මෝබ් යන මිටියාවතේ ඉඳිද්දි, ඔවුන්ට ස්වාමින්වහන්සේගෙන් ලැබුණු දේවල් සහ ගිවිසුම් ඉගෙනගැනීම සහ විශේෂයෙන්ම රතු මුහුද තරණය කිරීම සහ සීනයි කන්දේදී දුන් එළිදරව් පෞද්ගලිකව අත්විඳ නැති ඔවුන්ගෙන් පැවත එන්නන්ට7 ඉගැන්වීම ඔවුන්ගේ වගකීම බව ඉගැන්වීමට ස්වාමින්වහන්සේ ඔහුට අවවාද කළ සේක.

මෝසෙස් ඔහුගේ ජනතාවට මෙසේ අවවාද කළේය:

“ඉතින් ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැම ජීවත්ව සිට ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් ඔබ සැමට උගන්වන පණත් වලටද විනිශ්චය වලටද ඇහුම්කන්දෙන්න. …

“… ඒවා ඔබේ පුත්‍රයන්ටද ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.”8

“ඔබටත් ඔබෙන් පසු ඔබේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේ සදාකාලයටම ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් වැඩිකරගන්නා පිණිසද, අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ පණත් සහ ආඥා පවත්වන්නැයි” කියමින් ඉන්පසු මෝසෙස් අවසාන කළේය.9

ස්වාමින්වහන්සේගේ අවවාද10 සහ ආලෝකය සහ සත්‍ය අනුව අපි අපගේ පවුල් ගොඩනැංවිය යුතු බව දෙවියන්වහන්සේගේ දිවැසිවරුන් දිගින් දිගටම අපට උපදෙස් ලබාදී තිබේ.11 සභාපති නෙල්සන් මෑතකදී මෙසේ කීවේය, “දුරාචාර සහ කාමුක දර්ශන වලට ඇබ්බැහි වීම් ඇති මේ කාලයේදී, තම දරුවන්ට ඔවුන්ගේ ජීවිත වල දෙවියන්වහන්සේ සහ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] ගේ වැදගත්කම ඉගැන්වීමට දෙමාපියන්ට ශුද්ධවූ වගකීමක් ඇත.”12

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ගැන ඉගෙනීමට සෙවීම සහ ස්වර්ගයේ වැඩසිටින පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් ප්‍රීතියෙහි දිව්‍යමය සැලැස්මක් ගොඩනගා ඇති බවත්; යෙසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත් සහ උන්වහන්සෙගේ නාමයෙන් ගැලවීම පැමිණෙන බවත් ඉගෙනීමට සෙවීම අපගේ පෞද්ගලික වගකීමක් බව මතක් කරමින් අපගේ දිවැසිවරයාණන් අවවාද කළේය.13 අපගේ ඇදහිල්ලේ අවසානය තෙක් විඳදරා ගැනීමට, පුද්ගලිකව සහ පවුල් ලෙස අපට උපකාරී විය හැකි ලෙස, අපගේම ආත්මික හැඟීම් අපගේ හදවත් වල කැටයම් කරගැනීමට, අපගේ මිදුම්කරුවාණන් වන යේසුස්ක්‍රිස්තුස්වහන්සේ යන පර්වතයෙහි මුල් ඇදගන්නට අවශ්‍යයි.14

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් බවත්, මෙසියස්වහන්සේ බවත් යොහාන් දැරූ සාක්ශිය ඇසූ යොහාන් බෞතීස්තගේ අනුගාමිකයින් දෙදෙනෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ හැටි ඔබට මතක තිබෙන්නට පුළුවන්. එම යහපත් මිනිසුන් “පැමිණ බලන්නට”15 වූ යේසුස්වහන්සේගේ ආරාධනාව පිළිගෙන එම දිනයේදී උන්වහන්සේ සමග රැඳුණෝය. යේසුස්වහන්සේ, ලෝකයෙන් පව් ඉවතට ගන්නා දේවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන මෙසායා බව ඔවුන් දැනගෙන ඔවුන්ගේ ජීවිතය පුරාම උන්වහන්සේව අනුගමනය කළෝය.

ඒ ආකාරයටම, “ඇවිත් බලන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනාව අපි පිළිගත්විට, ශුද්ධලියවිලි තුල ගිලී, ඒවා තුල ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ දහම ඉගෙනගනිමින්, උන්වහන්සේ ජීවත් වූ ආකාරයට ජීවත් වෙමින්, උන්වහන්සේ තුල සිටින්නට අවශ්‍යයි. උන්වහන්සේ තුල විශ්වාස කරන විට කෙදිනවත් බඩගිනි හෝ පිපාසය ඇති නොවන බවත් දැන, අපි උන්වහන්සේව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගෙන උන්වහන්සේගේ හඬ හඳුනාගන්නට එවිට පමනක් අපට හැකි වේවි.16 එදින යේසුස්වහන්සේ සමඟ වාසය කරමින් සිටින ගෝලයන් දෙදෙනාට සිදු වූ පරිදි, සෑම අවස්ථාවකදීම සත්‍ය අවබෝධ කරගැනීමට අපට හැකි වනු ඇත.

සහෝදර සහෝදරියනි, එය අහම්බෙන් සිදුවන දෙයක් නොවෙයි. දේවභක්තික ජීවිතයේ ඉහළම බලපෑම්වලට සම්බන්ධ වීම සරල දෙයක් නොවේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කරගැනීම පිළිබඳව අපගේ තෝරාගැනීමේ නිදහස භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගැනීම සඳහා එය ඉල්ලා සිටීම අවශ්‍යය. අප එසේ කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් සහ මනස තුලට සත්‍ය ගෙනවිත් සෑම දෙයක්ම උගන්වමින් ඒ ගැන සාක්ශියක් දරන බවට17 මම පොරොන්දු වෙමි.18

ඉතියෝපියානුවාගේ ප්‍රශ්ණය වුණේ, “යමෙක් මගපෙන්නුවොත් මිස නැතිනම් මම තේරුම්ගන්නේ කොහොමද?” යන්නෙහි විශේෂ අර්ථය වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ඉගෙනීම සහ එය ක්‍රියාවට නැංවීමේ අප එකිනෙකාට ඇති පුද්ගලික වගකීමයි. ඉතියෝපියානු සිද්ධියේදී, උදාහරණයක් ලෙස, ඔහු පිලිප්ගෙන් ඉගෙනගත් සත්‍යය අනුව කටයුතු කළේය. බෞතීස්ම වන්නට ඔහු ඉල්ලා සිටියේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව ඔහු දැනගත්තේය.19

සහෝදර සහෝදරියනි, අපගේ ක්‍රියාවන් අප ඉගෙනගෙන උගන්වන දේ පිළිබිඹු කළ යුතුය. ඒ නිසා, අප ජීවත් වන ආකාරයෙන් අපගේ විශ්වාසයන් පෙන්වීමට අපට අවශ්‍යය. හොඳම ගුරුවරයා හොඳ ආදර්ශයකි. ඇත්තෙන්ම අප ජීවත් වන යමක් කෙනෙකුට ඉගැන්වීම තුළ අප උගන්වන අයගේ හදවත් තුළ වෙනසක් ඇතිකිරීමට හැකිය. අපි උගන්වන අයට, එය පවුලක් හෝ අන් අයෙකු විය හැකි වුවත්, අපගේ දිනයේ ජීවමාන අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම්, ශුද්ධලියවිලි ඔවුන්ගේ සිත්වල ප්‍රීතිමත් ලෙස ගබඩා කර තබාගැනීම සඳහා, අපගේ ආත්මයන් ඒවා තුල සතුටු වනවා ඔවුන් දැකීමට අවශ්‍යය. එලෙසම, සභාපති රසල් එම්. නෙල්සන් අපගේ දවස් වල දිවැසිවරයෙක්, අනාගතවක්තෘවරයෙක්, එළිදරව් ලබාදෙන්නෙක් බවට ඔවුන් දැනගන්නවාට අපි කැමතිනම්, අපි ඔහුව තහවුරු කරන්නට අත ඔසවන ආකාරය සහ ඔහු උගන්වන ඉගැන්වීම් අපි අනුගමනය කරන බව අපි ඔවුන්ට පෙන්විය යුතුය. අපි සැම දන්නා ඇමරිකානු කියමනක් ලෙස “ක්‍රියාවන් වචන වලට වඩා ශබ්දයෙන් කථ කරයි” ලෙස කියමනක් ඇත.

සමහරවිට ඔබගෙන් සමහරෙක් මේ මොහොතේම මෙසේ අසනු ඇත, “වැඩිහිටි සෝරෙස්, මම පෞද්ගලිකව සහ පවුලක් ලෙස මේ සියල්ල සිදු කරමින් මේ ලෙසම අනුගමනය කරමින් සිටින්නෙමි, එහෙත්, අවාසනාවකට මෙන්, මගේ ආදරණීයයන්ගෙන් හෝ මිතුරන්ගෙන් සමහරක් ස්වාමින්වහන්සේගෙන් ඈත්ව සිටියි. මම කළ යුත්තේ කුමක්ද? මේ දුක්ඛිත හැඟීම්, වේදනාව සහ කනස්සල්ලට පත්ව සිටින ඔබ, ඔවුන් සම්පූර්ණයෙන්ම නැති වී නැති බවත්, ඔවුන් කොහේ සිටිනවාද කියා ස්වාමින්වහන්සේ දන්නා බවත්, ඔවුන්ව බලාගන්නා බවත් කරුණාකර දැනගන්න. මතක තබාගන්න, ඔවුනුත් උන්වහන්සේගේ දරුවන්!

ඔවුන්ගෙන් සමහරක් තවත් මාර්ගයක් ගෙන ඇත්තේ මන්දැයි අපට තේරුම්ගත නොහැකිය. එබැවින් මේ තත්වයන් යටතේ අපට කළ හැකි හොඳම දේ වන්නේ, ඔවුන් ආදරය කිරීම සහ ඔවුන්ව වැලඳ ගැනීමයි, ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා යාච්ඤා කිරීම, සහ අප කළයුතු දේ සහ පැවසිය යුතු දේ දැන ගැනීමට ස්වාමින්වහන්සේගේ උපකාරය ලබා ගැනීමයි. ඔවුන්ගේ සාර්ථකත්වයන් සමඟ අවංකවම ප්‍රීතිවන්න; ඔවුන්ගේ මිතුරන් වී ඔවුන් තුළ යහපත සොයන්න. අපි ඔවුන්ව අතපසු නොකළ යුතු අතර, අපගේ සබඳතා ආරක්ෂා කරගත යුතුයි. ඔවුන්ව කිසිවිටෙක ප්‍රතික්ෂේප හෝ විනිශ්චය නොකරන්න. ඔවුන්ට ආදරය කරන්න! අකීකරු පුත්‍රයාගේ උපමාවෙන් අපට උගන්වන්නේ දරුවන් තමන් වෙත පැමිණෙන විට, ඔවුන් ගෙදරට යාමට කැමත්තක් දක්වන බවයි. ඔබගේ ආදරණීයයන් සමග එය සිදුවන්නේ නම්, ඔවුන් වෙතට දිව ගොස්, ඔවුන්ගේ ගෙල මත වැටී, නාස්තිකාර පුත්රයාගේ පියාගේ පියා මෙන්, ඔවුන් සිපගන්නට ඔබේ හදවත් දයානුකම්පාවෙන් පුරවාගන්න.20

අවසාන වශයෙන්, ඔවුන් සඳහා සුදුසු ජීවිතයක් ගතකරන්න, ඔබ විශ්වාස කරන දේ ගැන හොඳ ආදර්ශයක් වන්න, අපගේ ගැළවුම්කාරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ළංවෙන්න. උන්වහන්සේ අපගේ ගැඹුරු ශෝකය සහ වේදනාව දනී සහ තේරුම්ගනි, මේ ජීවිතයේ නොවූවත් ඊලඟ ජීවිතයේදී හෝ ඔබගේ ප්‍රයත්නයන්ට සහ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබේ කැපවීමට උන්වහන්සේ ආශිර්වාද කරනු ඇත. සහෝදර සහෝදරියනි සැමවිටම මතක තබාගන්න, බලාපොරොත්තුව සුභාරංචි සැලැස්මේ වැදගත් කොටසකි.

සභාවට සේවය කරමින් සිටින අවුරුදු ගණනාවක් පුරාවට, මෙම මූලධර්ම දැඩිව සහ නොනවත්වා ඔවුන්ගේ ජීවිත වලට අදාළ කරගත් ඇදහිලිවන්ත සාමාජිකයින් මම දැක ඇත. මේරි ලෙස මම ඔබට හඳුන්වන තනි මවකගේ කථාවයි මේ. කනගාටුදායක ලෙස මේරි ඛේදජනක දික්කසාදයක් අත් කරගෙන සිටියාය. එම වේලාවේදී, ඇයගේ පවුල සඳහා ගතයුතු බැරෑරුම්ම තීරණය ආත්මික එකක් බව ඇය හඳුනාගත්තාය. යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි අධ්‍යනය කිරීම, සභාවට සහ දේවමාළිගාවට සහභාගී වීම ඇයට වැදගත් වීම දිගටම පවතියිද?

මේරි සැමවිටම විශ්වාසවන්තව සිටියාය, එම තීරණාත්මක මොහොතේදී ඇය සැමවිටම සත්‍යය බව දැන සිටි දේවලට ඇලී සිටියාය. “ප්‍රේමය සහ ධර්මිශ්ට කමින් තම දරුවන්ට ඉගැන්වීමට දෙමව්පියන්ට ඇති වගකීම” සහ ඔවුන්ට සෑමවිටම දෙවියන්වහන්සේගේ අණ පණත් තැබීමට ඉගැන්විය යුතු බව කියාදෙන, බොහෝ අගනා මූල්ධර්ම උගන්වන, “පවුල: ලෝකය සඳහා ප්‍රකාශන්යකි” හි ඇය ශක්තිය සොයාගත්තාය.21 ඇය නිරන්තරයෙන්ම ස්වාමීන්වහන්සේගේ පිළිතුරු සොයා, සෑම පවුල් අවස්ථාවකදීම සිය දරුවන් සිව්දෙනා සෑම පවුල එකතු වන අවස්ථාවකදීම ඒවා බෙදාගත්තාය. පවුලක් ලෙස ඔවුන් ශුභාරංචිය ගැන සාකච්ඡා කළ අතර, එකිනෙකා සමඟ ඔවුන්ගේ අත්දැකීම් හා සාක්ෂි බෙදාගත්හ.

ඔවුන් ගමන් කළ දුක්ඛිත කාලය කෙසේ වුවත්, ඇගේ දරුවන් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට ආදරය කරන සහ අන්‍යන් සමඟ සේවය කිරීමට සහ බෙදාහදාගැනීමට ඇති ආශාව වර්ධනය කරගත්හ. ඔවුන්ගෙන් තිදෙනෙක් දැන් විශ්වාසවන්ත පූර්ණකාලීන ධර්මදූත සේවයක් කළ අතර, බාලයා දැන් දකුණු ඇමරිකාවේ සේවයේ යෙදී සිටී. මම හොඳින් හඳුනන, ඇයගේ වැඩිමහල් දියණිය දැන් විවාහ වී සිටින අතර ඇය ඇදහිල්ලේ ශක්තිමත් වූ දියණියක්, ඇය මෙසේ බෙදාගත්තාය, “ස්වාමින්වහන්සේ නිතරම අපේ ගෙදර සිටි නිසා අම්මා අපිව තනිවම හැදූ බවක් මට කිසිදාක හැඟුණේ නෑ. මගේ අම්මා උන්වහන්සේගේ ගැන අපි සමග සාක්ෂි දරද්දී, අප එකිනෙකා අපගේම ප්‍රශ්ණ සමඟ උන්වහන්සේ වෙත හැරුණා. ඇය ජීවිතයට සුභාරංචිය ගෙන ඒම ගැන මම බොහොම ස්තූතිවන්ත වෙනවා.”

සහෝදර සහෝදරියනි, මෙම යහපත් මව ඇගේ නිවස ආත්මික ඉගෙනුමේ මධ්‍යස්ථානයක් බවට පත්කළේය. ඉතියෝපියානුවා ඇසූ ප්‍රශ්ණයට සමානවම, මේරි කීපවතාවක්ම තමාගෙන් අසාගත්තේ, “මවගෙන් හැර දරුවන්ට ඉගෙන ගත හැක්කේ කෙසේද?” යන ලෙසයි.

සුභාරංචියේදී මගේ ආදරණීය සහයකයිනි, සැබවින්ම, අවංකව, දැඩි ලෙස, හදවතින්ම, ස්තීරව සහ විශ්වාසනීය ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ඉගෙනීමට සොයන විට සහ එකිනෙකාට උගන්වන විට, ශුද්ධාත්මයාණන්ගේ බලපෑම් යටතේ ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේගේ සත්‍යතාවන් අනුව එම ඉගැන්වීම් මගින් හදවත් පරිවර්තනය කර ජීවත්වීමට අභිලාෂය ප්‍රබෝධමත් කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බව මම සාක්ශි දරමි. උන්වහන්සේ මිදුම්කරුවාණන් එමෙන්ම උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ සභාව උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්, දිවැසිවරුන් සහ එළිදරව් ලබන්නන් මාර්ගයෙන් පාලනය කරන බව මම දන්නෙමි. දෙවියන්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් මම සාක්ශි දරන්නෙමි. අපි සැවොම - නැවතත් උන්වහන්සේගේ අභිමුඛයට ඒමට උන්වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේ අපගේ යාච්ඤාවන්ට සවන් දෙයි. මෙම සත්‍යන් පිළිබඳ මම මගේ සාක්ශිය දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.