2010–2019
යාච්ඤාවට පිළිතුරු
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යාච්ඤාවට පිළිතුරු

පියාණන් අප ගැන දන්නා අතරම, අපගේ අවශ්‍යතාවයන්ද දනී, එමෙන්ම අපට පරිපූර්ණව උපකාර කරයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ වැදගත් සහ සැනසිලිදායක ඉගැන්වීම නම් අපගේ ස්වර්ගික පියාණන් හට තම දරුවන් කෙරෙහි පරිපූර්ණව ආදරයක් ඇති බවයි. එම පරිපූර්ණ ආදරය නිසා, අපගේ ආශාවන් හා අවශ්‍යතා අනුව පමණක් නොවේ, උන්වහන්සේගේ අපරිමිත ප්‍රඥාව අනුව උන්වහන්සේ අපට ආශිර්වාද කරයි. අනාගතවක්තෘ නීපායි විසින් ප්‍රකාශ කරන ලද පරිදි, “[දෙවියන්වහන්සේ] තම දරුවන්ට ප්‍රේම කරන බව මම දනිමි.”1

අප ඒ ගැන නොදන්නවා උනත් අපට තේරුම්ගැනීමට නොහැකි උවත්, එම පරිපූර්ණ ආදරය තුළ එක් අංගයක් වන්නේ අපගේ ජීවිතයේ විස්තර පිළිබඳව අපගේ ස්වර්ගික පියාණන්ගේ මැදිහත් වීමයි. අපි පියාණන්වහන්සේගේ දිව්‍යමය මඟපෙන්වීම, හෘදයාංගම සහ අවංක යාච්ඤාවන් තුලින් ඉල්ලා සිටින්නෙමු. අප අපගේ ගිවිසුම්වලට ගරු කරන විට අපගේ ගැලවුම්කරුවාණන් මෙන් වැඩි වැඩියෙන් උත්සාහ කිරීමට වෙර දරමින්, ශුද්ධ වූ ආත්මයේ බලපෑම හා අනුප්‍රාණය තුළින් දිව්‍ය මාර්ගෝපදේශකත්වයේ නියත2 ධාරාවකට අපට හිමිකම් ඇත.

ශුද්ධලියවිල්ලේ අපට උගන්වනු ලබන්නේ, “ඔබ උන්වහන්සේගෙන් ඉල්ලන දේ, ඔබ ඉල්ලන්නට පෙරම ඔබේ පියාණන්වහන්සේ දන්න සේක”3 “සියල්ලම උන්වහන්සේගේ දෑස් ඉදිරියේ ඇති නිසා, උන්වහන්සේ සියල්ල දන්නා සේක.”4

දිවැසිවර මොර්මන් මේ සඳහා හොඳ උදාහරණයක්. ඔහුගේ කාර්යයේ මෙම ප්‍රතිඵල දකිනු පිණිස ඔහු ජීවත් වුණේ නෑ. නමුත්, ස්වාමින්වහන්සේ ඔහුව මෙහෙයවීමේදී ප්‍රවේසම් බව ඔහු තේරුම්ගත්තේය. නීපායිගේ කුඩා තහඩු ඔහුගේ වාර්තාවට ඇතුළත් කිරීමට ඔහුව පෙලඹවූ විට, මෝර්මන් මෙසේ ලිව්වා, “මම මෙය ප්‍රඥාවන්ත හේතුවක් සඳහා කරමි; මන්ද, මා තුළ තිබෙන ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ වැඩකටයුතු අනුව මට එය මුමුණනු ලැබීය. දැන් මම සියල්ල දන්නේ නැත; එහෙත්, ස්වාමින්වහන්සේ සිදුවන සියල්ල දන්නාසේක; එබැවින් උන්වහන්සේගේ කැමැත්තට අනුව උන්වහන්සේ මා තුළ ක්‍රියා කරයි.”5 අත්පිටපත් වල පිටු 116 ක් අනාගතයේදී නැතිවී යාම මොර්මන් දැනසිටියේ නැතත්, එය සිදුවීමට බොහෝ කළකට පෙර ස්වාමින්වහන්සේ එය මගහරින්නට මාර්ගයක් සූදානම් කළ සේක.

පියාණන් අප ගැන දන්නා අතරම, අපගේ අවශ්‍යතාවයන්ද දනී, එමෙන්ම අපට පරිපූර්ණව උපකාර කරයි. සමහර අවස්ථාවලදී එම උපකාරය ලබාදෙන්නේ එම මොහොතේම හෝ අඩුම තරමින් අපි දිව්‍යමය උපකාරය ඉල්ලා සිටීමෙන් පසුවය. සමහර අවස්ථාවලදී අප අපේක්ෂා කරන ආකාරයට අපට ඉතා උවමනා හා සුදුසු ලෙස බලා සිටිනා දේ නොලැබී ගියත්, ඊට වඩා වටිනා ආශිර්වාද දෙවියන්වහන්සේට අප වෙනුවෙන් ඇත. සමහර අවස්ථාවලදී මේ ජීවිතයේදී අපේ ධර්මිෂ්ඨ ආශාවන් නොලැබී යයි. ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ අපගේ උත්තරීතර පෙත්සම්වලට පිළිතුරු දෙන ආකාරය නිදර්ශන තුනක් තුළින් මම පෙන්වා දෙන්නම්.

ප්‍රංශයේ පැරිස් ධර්මදූත සේවයට අපගේ බාලම පුතාට ධර්මදූතයෙකු ලෙස සේවය කරන්නට කැඳවීමක් ලැබුණි. සේවය කිරීමට සූදානම් වන්නට නිසා, කමිස, ඇඳුම්, ටයි පට, සහ මේස් සහ කබායක් මිලදී ගැනීමට අපි ඔහුත් සමග ගියෙමු. අවාසනාවකට, ඔහුට අවශ්‍ය වී තිබුණු කබාය ඔහුගේ ප්‍රමාණයෙන් එවෙලේම ලබාගන්නට තිබුණේ නැත. කොහොමවුනත්, මගේ පුතා ප්‍රොවෝ සිට ප්‍රංශයේ ධර්මදූත සේවය යන්නට කලින් ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයට එම කබාය සති කීපයකින් ලබාගෙන එවන්නට හැකිබව සාප්පුවේ ලිපිකරු සඳහන් කළේය. අපි කබාය සඳහා ගෙවා ඒ ගැන තවදුරටත් සිතුවේ නෑ.

ජූනි මාසයේදී අපේ පුතා ධර්මදූත පුහුණු මධ්‍යස්ථානය ඇතුල් වූ අතර, අගෝස්තු මාසයේ ඔහු පිටත්ව යන්නට දින කිහිපයකට පෙර කබාය ඔහුට ලැබුණි. ඔහු එය ඇඳ බලන්නේ නැතිව ඔහුගේ අනෙක් ඇඳුම් සහ අනෙක් භාණ්ඩ සමග එම කබාය හදිසියේ බෑගයට දමාගෙන තිබිණි.

අපේ පුතා සේවය කරන ප්‍රදේශයේ, ප්‍රංශයේ සීත කාලය පැමිණෙන විට, ඔහු ඔහුගේ කබාය ගෙන ඇඳ බලන විට එය ඉතා කුඩා බව ඔහු අපිට ලියා එව්වේය. ඒ හේතුවෙන් පැරිසියේදී වෙනත් කබායක් මිලදී ගන්නට අපිට ඔහුගේ බැංකුවට තවත් මුදලක් යවන්නට සිදු වුනු අතර, ඔහු කබායක් මිලදී ගත්තේය. යම් අමනාපයක් සමගම, ඔහුට එම පළමු කබාය අඳින්නට බැරි නිසා එය වෙන කෙනෙකුට ලබාදෙන ලෙස මම ලිව්වෙමි.

ඔහුගෙන් මෙම විද්‍යුත් තැපැල් පණිවිඩය පසුව අපට ලැබුණි: “මෙහේ ගොඩාක් ගොඩාක් සීතලයි. … මගේ අළුත් කබාය බර වුනත් ඉතා හොඳ වුනත්, හුලඟ අපිව කඩාගෙන යනවා වගෙයි දැනෙන්නෙ. … [අපේ නාවාතැනේ ඉන්න වෙනත් ධර්මදූතයෙකුට] මම මගේ පරණ එක දුන්නා, හොඳ කබායක් ලැබෙන්න කියලා ඔහු යාච්ඤා කරමින් උන්නු බව ඔහු මට කිව්වා. ඔහු වසර කීපයකට පෙර හැරී ආපු කෙනෙක්, එයාට ඉන්නෙ අම්මා විතරයි … එයාව බෞතීස්ම කරපු ධර්මදූතවරයා තමයි එයාගේ සේවයට අවශ්‍ය සහයෝගය දෙන්නෙ, ඉතින් ඒ කබාය ඔහුගේ යාච්ඤාවකට පිළිතුරක්, මට ඒ ගැන හරිම සතුටුයි.”6

හැතැප්ම 6200 පමණ (10,000km) තම නිවසින් දුර ප්‍රංශයේ සේවය කරන එම ධර්මදූතයාට ප්‍රංශයේ සීත සෘතුව ගත කිරීමට ඉතා ඉක්මනින් කබායක් අවශ්‍ය බවත්, එය ගැනීමට ඔහුට හැකියාවක් නැති බවත් ස්වර්ගීය පියාණන්වහන්සේ දැන සිටි සේක. ඒ වගේම අපේ පුතාට යූටා ප්‍රෝවෝහි ඇඳුම් සාප්පුවෙන්, ඔහුට අඳින්නට බැරි තරමේ කුඩා කබායක් ලැබෙන බව ස්වරිගික පියාණන්වහන්සේ දැන සිටි සේක. මෙම ධර්මදූතයින් දෙදෙනා එකට පැරිස් හි සේවය කරන බවත් එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇතිවූ එම ධර්මදූතයාගේ නිහතමානී සහ අවංක යාච්ඤාවට එම කබාය පිළිතුරක් වන බවත් උන්වහන්සේ දැනසිටි සේක.

ගැලවුම්කරුවාණන් මෙලෙස ඉගැන්වූවා:

“ගේ කුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් ඔබ සැමගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.

“නමුත්, ඔබ සැමගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ.

“එබැවින් භය නොවෙන්න; ඔබ සැම බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.”7

වෙනත් අවස්ථාවලදී, අප බලාපොරොත්තු වූ ආකාරය තුළ අපගේ වටිනා අභිප්‍රායන් නොලැබුණු විට අපගේ ප්‍රයෝජනය සඳහා විය හැකියි. නිදසුනකට යාකොබ්ගේ පුත් යෝසෙප් යාකොබ්ව ඔහුගේ සහෝදරයන් විසින් ඔහුව ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන තරමට ඔහු ඔවුන්ගේ වෛරයට පත් වුණා. ඒ වෙනුවට, ඔවුන් ඔහුව වහලෙක් ලෙස ඊජිප්තුවට විකුණුවා.8 යමෙක් තම යාච්ඤා ඔහු බලාපොරොත්තු වූ ආකාරයට සිදුවන්නේ නැතැයි යමෙකුට දැනෙනවානම්, ඒ ජෝසප්. යථාර්ථය නම්, ඔහුගේ දෘශ්‍යමාන අභාග්‍යසම්පන්න බව ඔහුට මහත් ආශීර්වාදයක් වූ අතර බඩගින්නෙන් ඔහුගේ පවුල බේරා ගැනීම එහි ප්‍රතිඵලයක් විය. පසුව, ඊජිප්තුවේ විශ්වාසවන්ත නායකයෙකු වීමෙන් පසුව, ඔහුගේ ඇදහිල්ල හා ප්‍රඥාවෙන් ඔහු තම සහෝදරයන්ට මෙසේ කිව්වේය:

ඔබ සැම මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, ඔබ සැමටම කෝප නොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස ඔබ සැමට පෙරටුව මා එවූසේක.

කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය.

දෙවියන්වහන්සේ ඔබ සැම පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් ඔබ සැමගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද ඔබ සැමට පෙරටුව මා එවූසේක.

එබැවින් මා මෙහි එවුවේ ඔබ සැම නොව දෙවියන්වහන්සේය.”9

විද්‍යාලයේ සිටි කාලයේදී, අපගේ වැඩිමහල් පුතා, උපාධිය ලබා ගැනීමෙන් පසුව පුදුමාකාර, ස්ථීර රැකියාවකට මඟ පෑදීමට මගපාදන, අර්ධ කාලීන රැකියාවක නිරත වුණා. ඔහු වසර හතරක් තිස්සේ මෙම වැඩෙහි ශිශ්‍යයෙකු ලෙස, දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඔහු ඉහළ සුදුසුකම් ලැබූ අතර, ඔහුගේ සමකාලීනයන් සහ සුපරීක්ෂකවරුන් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබුණා. ඔහුගේ ජ්‍යේශ්ට වසර අවසානයේදී, ස්වර්ගය විසින් මෙහෙයවනු ලැබුවාක් මෙන් (අවම වශයෙන් අපගේ පුතාගේ සිතූ ආකාරයට), ස්ථාවර තනතුර විවෘත වූ අතර ඔහු ප්‍රධාන අපේක්ෂකයා බවට පත්වුණා, සෑම ඉඟියක් සහ බලාපොරොත්තුවෙන් ඔහු සැබවින්ම රැකියාව ලැබේ යැයි බලාපොරොත්තු වුණා.

ඇත්තටම ඔහුට රැකියාව ලැබුණේ නෑ. අපි කාටවත් ඒක තේරුම්ගන්න බැරි වුණා. ඔහු හොඳින්ම සූදානම් වී, හොඳ සම්මුඛ පරීක්ෂණයකින් පසු, වඩාත්ම සුදුසුකම් ලත් අපේක්ෂකයා වී සිටි අතර, මහත් බලාපොරොත්තුවකින් හා අපේක්ශාවකින් යාච්ඤා කළා! ඔහු අවුල් වී, තැලී සිටි අතර, මේ සියළුම ක්‍රියාවලිය අපි සියල්ලන්ටම හිස කසමින් කල්පනා කරන බවක් දෙයට පත්වුණා. ඔහුගේ ධර්මිශ්ට ආශාව හමුවේ දෙවියන්වහන්සේ ඔහුව අතහැරියේ ඇයි?

ඊට අවුරුදු කීපයකට පසු, ඒ සඳහා පිළිතුර පැහැදිලිව පෙනෙන්නට වුණා. උපාධිය ලැබීමෙන් පසු සිහිනයක් ලබාගැනීමට ඔහුට හැකිව තිබුණි නම්, ඔහුට සදාකාලික ප්‍රතිලාභ හා ආශීර්වාද සඳහා දැන් ඔප්පු වී ඇති තීරණාත්මක ජීවිතය වෙනස්වන අවස්ථාවක් අහිමිවන්නට තිබුණා. ආරම්භයේ සිට අවසානය දක්වා දෙවියන්වහන්සේ දැන සිටියේය (උන්වහන්සේ සැමවිටම මෙන්), සහ මේ අවස්ථාවේ දීත්, බොහෝ ධර්මිෂ්ඨ යාච්ඤා සඳහා නැත ලෙස පිළිතුර වූයේ, වඩා බෙහෙවින් ඉහළ ප්‍රතිඵලයක් සඳහායි.

සමහර අවස්ථාවලදී, අප ඉතා ධර්මිශ්ටකමින්, ඕනෑකමින් හා අවංකව සොයන යාච්ඤාවට පිළිතුර මේ ජීවිතයේ දී ලැබෙන්නේ නෑ.

පැට්රීෂියා පාර්කින්සන් සොයුරිය සාමාන්‍ය ඇස් පෙනුමක් සහිතව උපත ලැබුවා, එහෙත් වයස අවුරුදු හතෙහි ඇය අන්ධ වන්නට පටන්ගත්තා. වයස අවුරුදු නවය වන විට, පැට් විසින් ඇගේ නිවසින් කිලෝමීටර් 145 ක් දුරින් පිහිටි ඔහ්ඩන් හි පිහිටි බිහිරි සහ අන්ධ විදුහලට සහභාගි වීම සඳහා ආරම්භ කරන ලද අතර එම පාසලේදී එහි නැවතීමට යෑමට අවශ්‍ය වුණා - අවුරුදු නවයක අයෙක්ට විඳින්නට වූ ගෙදර නැති සාංකාව එයට ඇතුලත් වුණා.

වයස අවුරුදු 11දී ඇයට සම්පූර්ණයෙන්ම ඇස් පෙනීම අහිමි වුණා. පැට්ගේ වයස අවුරුදු 15 දී ඇයගේ ප්‍රාදේශීය පාසලට පැමිණීම සඳහා ස්ථිර වශයෙන්ම නිවසට පැමිණියා. ඇය විශ්වවිද්‍යාලයට ගොස් සන්නිවේදන දුබලතා සහ මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගත් අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශ පත්වීම් නිලධාරීන්ගේ සැක දුරුකිරීමට වීරෝදාර අරගලයකින් පසුව උපාධිධාරී පාසැලකට ඇතුළු වූ අතර කථන භාෂා විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. පැට් දැන් ප්‍රාථමික පාසැල් ශිෂ්යයන් 53 ක් සමඟ කටයුතු කරන අතර ඇගේ පාසැල් දිස්ත්‍රික්කයේ කථන භාෂා තාක්ෂණ ශිල්පීන් සිව් දෙනෙකු අධීක්ෂණය කරනවා. පැට් සඳහා ඇයගේම නිවසක් සහ පැට් සඳහා ප්‍රවාහනය අවශ්‍ය වූ විට ඇයගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් විසින් පදවන වාහනයක් තියෙනවා.

රූපය
පැට්ට්‍රීශියා පාර්කින්සන් සහෝදරිය

වයස අවුරුදු 10 දී පැට්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවන් විසඳීමට තවත් වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කිරීමට නියමිත වෙලා තිබුණා. ඇගේ දෙමව්පියන් හට ඇගේ වෛද්‍ය ප්‍රතිකාරය අනුව සිදුවන්නට යන දේ හරියටම පවසා තිබුණා, එහෙත් කිසියම් හේතුවක් නිසා මෙම විශේෂ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඔවුන් ඇයට නොකියා සිටියා. මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇති බව ඇයගේ දෙමව්පියන් ඇයට පැවසූ විට, පැට්ගේ මවගේ වචනවලින් පැට් “ලොකු අවුලක්” වුණා. පැට් අනෙක් කාමරය වෙත දුව ගොස් පසුව පැමිණ ඇගේ දෙමව්පියන්ට කෝපයට පත්වූ ලෙස මෙහෙම කිව්වා: “මට ඔබට කියන්නට ඉඩ දෙන්න. මම එය දන්නවා, දෙවියන්වහන්සේ එය දන්නවා, ඔබත් එය හොඳින් දැනගෙන ඉන්නවා විය යුතුයි. මගේ ජීවිතයේ ඉතිරි කාලය අන්ධ වෙන්නයි යන්නේ!”

මීට වසර කීපයකට පෙර පැට් විසින් කැලිෆෝනියා බලා පිටත්ව ගිය අතර එහිදී එහි වෙසෙන සිය පවුලේ සාමාජිකයින් ඇයට හමුවුණා. තම තුන් හැවිරිදි ඥාති පුත්‍රයෙකු සමඟ පිටත සිටියදී ඔහු ඇයට මෙසේ කිව්වා: “නැන්දා පැට්, ඔයාට අළුත් ඇස් හම්බෙන්න කියලා ස්වර්ගික පියාණන්ගෙන් ඔයා ඉල්ලන්නේ නැත්තේ ඇයි? මොකද ඔයා ස්වර්ගික පියාණන්ගෙන් ඉල්ලුවොත්, ඔයාට ඕනම දෙයක් එයා දෙයි. ඔයාට එයාගෙන් අහන්න විතරයි තියෙන්නෙ.”

පැට් පවසන පරිදි ඔහු ඇසූ ප්‍රශ්නය නිසා ඇයව ආපස්සට ඇදගත්තත් ඇය මෙසේ ප්‍රතිචාර දැක්වුවා: “හොඳයි, සමහරවිට දෙවියන්වහන්සේ වැඩ කරන්නෙ එහෙම නෙවෙයි වෙන්න ඇති. සමහරවිට ඔහුට ඔබට යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන්නට පුළුවන්, ඒ නිසා උන්වහන්සේ ඔබට අවශ්ය සියල්ල ඔබට ලබා දෙන්නේ නෑ. සමහරවිට ඔයාට බලාගෙන ඉන්න වෙනවා. ස්වර්ගික පියාණන් සහ ගැළවුම්කාරයාණන් අපට අවශ්‍ය වන්නේ කුමක්ද සහ අපට යහපත් දේ කුමක්දැයි හොඳින් දන්නවා. ඉතින්, ඔබට අවශ්‍ය මොහොතේ දී උන්වහන්සේලා ඔබට අවශ්‍ය සියලු දේ ලබාදෙන්නෙ නෑ.”

මම වසර ගණනාවක් පුරා පැට්ව හඳුනාගෙන සිටි අතර මෑතදී ඇයගේ සුබවාදී හා සතුටු ආකාරය ගැන මම සතුටු වන බව පැවසුවා. ඇය මෙසේ පිළිතුරු දුන්නා: “හොඳයි, ඔබ මා සමඟ ගෙදර ඉඳලා නෑ නේද? මට එක එක අවස්ථා තියෙනවා. මම දැඩි මානසික අවපීඩනයන්ට ලක්ව ඇති අතර, මම බොහෝ සේ අඬලා තියෙනවා.” කෙසේ වෙතත්, ඇය තවදුරටත් මෙසේ කිව්වා: “මගේ ඇස් අහිමි වීමෙන් පටන් ගත් කල, එය අමුතු දෙයක් වූ නමුත්, මාගේ පියාණන් හා ගැළවුම්කාරයාණන් මාගේ පවුල හා මා සමඟ සිටි බව මා දැන සිටියා. අපි එය කළ හැකි හොඳම ක්‍රමයෙන් පාලනය කළා, මගේ මතය අනුව එය අප විසින් නිවැරදි ලෙස කළමනාකරණය කළා. මම සාර්ථක පුද්ගලයෙකු බවට පත් වූ අතර, සාමාන්‍යයෙන් මම සන්තෝෂයෙන් ඉන්නා පුද්ගලයෙක් වුණා. උන්වහන්සේගේ දෑත් හැමදෙයකම තිබුණු හැටි මට මතකයි. මා අන්ධව සිටින නිසා මට කෝප වන්නේද කියා අසන අයට, මම මෙසේ පිළිතුරු දෙනවා: මා කෝප වන්නේ කා සමගද? මෙහිදී ස්වර්ගික පියාණන් මා සමග ඉන්නවා; මම තනිවෙලා නෑ. උන්වහන්සේ හැමවිටම මා සමග ඉන්නවා.”’

මේ අවස්ථාවේ දී පැට්ගේ පෙනීම යළි ලබාගැනීමට පැට්ගේ ආශාව මෙම ජීවිතයේ දී ලබාගත නොහැකියි. එහෙත් ඇයගේ පියාගෙන් ඉගෙන ගත් ඇගේ ආදර්ශ පාඨය වන්නේ “මෙයද ගෙවීයනු ඇත.”10

සභාපති හෙන්රි බී. අයරින් මෙසේ ප්‍රකාශ කළා, “ඔබ වටා සිටින සෑම කෙනෙකුගේම, ඔබේ හැඟීම් සහ ආත්මික හා කාලීන අවශ්‍යතාවන් ගැන මේ මොහොතේ පියාණන්වහන්සේ දන්නවා.”11 මා විසින් ලබාදුන් අත්දැකීම් තුනෙන් මෙම ශ්‍රේෂ්ඨ සහ සැනසිලිදායක සත්‍ය සොයාගන්නට පුළුවන්.

සහෝදර සහෝදරියනි, යම් අවස්ථාවලදී අපි යාච්ඤා කර ඉල්ලන දෙයට පිළිතුරු එසැනින්ම ලබාදෙනවා. සමහර අවස්ථාවලදී, අපේ යාච්ඤාවලට අප බලාපොරොත්තු වන ආකාරයෙන් පිළිතුරු නොලැබුණත්, කල් යත්ම, අප බලාපොරොත්තු වූවාට වඩා අපට වඩා වැඩි ආශීර්වාද ලබා දී ඇති බව අපට ඉගෙනගන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී දෙවියන්වහන්සේට අපගේ ධර්මිෂ්ඨ ආශාවන් මේ ජීවිතයේදී දෙන්නට නොහැකියි.12 වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් පවසන පරිදි “ඇදහිල්ලද යනු දෙවියන්වහන්සේගේ කාලය කෙරෙහි විශ්වාසයද තැබීමයි.”13

උන්වහන්සේගේ ක්‍රමයෙන් හා උන්වහන්සේගේ කාලයේ දී, ස්වර්ගික පියාණන් අපට ආශීර්වාද කරනු ලබන අතර අපගේ සියලු උත්සහයන්, අසාධාරණයන් සහ කලකිරීම් නිරාකරණය කරනු ඇති බවට අපට සහතික වෙනවා.

බෙන්ජමින් රජු පැවසූ පරිදි, “තවද, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාදිත හා ප්‍රීතිමත් රාජ්‍යය පිළිබඳව සලකා බැලිය යුතු යැයි මම කැමැත්තෙමි. මක්නිසාද ඔව්හු සියල්ලෙහි දී, ආධ්‍යාත්මික හා ආත්මික වශයෙන් ආශීර්වාද ලද්දෝය; ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්නේ නම් ඔවුන් ස්වර්ගයට පිළිගනු ලැබේ. එමගින් ඔවුන් සදාකාල ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ සමඟ වාසය කරති. මතකතබාගන්න, මේ දේවල් සැබෑ බව මතකතබාගන්න, මන්ද, දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ එය ප්‍රකාශ කළ සේකැ’යි කීවේය.”14

ඔබගේ යාච්ඤා වලට දෙවියන්වහන්සේ ඇහුම්කන්දෙන බව මම දන්නවා.15 මා දන්නවා, සියලු දෙනාම දන්නා, ප්‍රේමණීය පියෙකු ලෙස, උන්වහන්සේ අපගේ යාච්ඤා වලට පිළිතුරු දෙමින්, උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව අනුව සහ අපගේ අවසාන ප්‍රයෝජනය හා ආශීර්වාදයට අනුව ක්‍රියා කරනු ඇත. මම සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.