2010–2019
ඇදහිල්ල ස්ථීර කිරීමේ බලය
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ල ස්ථීර කිරීමේ බලය

අනුමත කිරීමට ඔබගේ අත එසවීමෙන්, ඔබ ඔවුන්ව ස්ථීර කරනවා බව මෙම සේවකයන්ගේ අයිතිකරු වන දෙවියන්වහන්සේ සමඟ ඔබ පොරොන්දුවක් වනවා.

පූජකත්ව නායකවරු ඔවුන් සේවය කරනු ලබන අය තම ඇදහිල ශක්තිමත් කරගැනීම පිළිබඳව කෘතඥතාව පළකරන ආකාරය බොහෝ වෙලාවට මට ඇසී තිබෙනවා. ඔවුන්ගේ හඬවල ඇති හැගීමෙන්, ඔවුන්ගේ කෘතඥතාව ගැඹුරු සහ සත්‍ය එකක් බව ඔබ දන්නවා. අද මගේ අරමුණ වන්නේ උන්වහන්සේගේ සභාවේ උන්වහන්සේගේ සේවකයන්ව ස්ථීර කිරීම වෙනුවෙන් ඔබ වෙත ස්වාමින්වහන්සේගේ ඇගයීම ප්‍රකාශ කිරීමයි. ඒ වගේම ඔබගේ විශ්වාසයෙන්, අන් අයව ස්ථීර කිරීමේ බලය වර්ධනය කරගැනීමට සහ පුහුණුවීමට ඔබව දිරිගැන්වීමයි.

ඔබ ඉපදීමට පෙර, ඔබ එවැනී බලයක් පෙන්නුම් කර තිබෙනවා. අප උපත ලැබීමට පෙර ආත්මික ලෝකය ගැන අපි දන්නා දේවල් ගැන සිතා බලන්න. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කළා. අපි එහි සිටියා. ලුසිෆර්, අපගේ ආත්මික සහෝදරයා, අපට තෝරාගැනීමට නිදහස ලැබෙන එම සැලැස්මට විරුද්ධ වුනා. යෙහෝවා, ස්වර්ගික පියාණන්ගේ ආදරණීය පුත්‍රයා, එම සැලැස්ම ස්ථීර කළා. ලුසිෆර් කැරැල්ලක් මෙහෙයවූවා. යෙහෝවාගේ ස්තීර කිරීමේ හඬ ජයග්‍රහණය කළා, ඒ වගේම අපගේ ගැලවුම්කාරයාණන් වන්නට ඉදිරිපත්වුනා.

ඔබ දැන් මේ ලෝකයේ සිටීම පියානන්ව සහ ගැලවුම්කරුවාණන්ව ඔබ විසින් ස්ථීර කල බවට සහතික කිරීමකි. මේ මැරෙනසුලු ලෝකයේදී ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව ඔබ එපමණ දැන සිටියේ නැති නිසා, ප්‍රීතියේ සැලැස්ම සහ එහි ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථානය ස්ථීර කිරීමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාසය අවශ්‍ය වුනා.

දෙවියන්වහන්සේගේ සේවකයන්ව ස්ථීර කිරීමට ඔබේ ඇති විශ්වාසය මේ ලෝකයෙදීද ඔබගේ ප්‍රීතියේ හදවත වී තිබී ඇත. මෝර්මන් ග්‍රන්ථය දෙවියන්වහන්සේගේ වචනය බවට දැනගැනීමට ධර්මදුතයකු යාච්ඤා කිරීමට දුන් අභියෝගය බාරගත් විටදීද, ස්වාමින්වහන්සේගේ සේවකයෙකු ස්ථීර කිරීමට ඇදහිල්ල ඔබට තිබුණි. බෞතිස්ම වීමට ඔබට ලැබුන ආරාධනය ඔබ පිළිගත් විටදීද, ඔබ දෙවියන්වහන්සේගේ නිහතමානී සේවකයෙකු ලෙස ස්ථීර කළා.

ඔබ පුද්ගලයෙකුට ඔබේ හිස මත අත තබා, “ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාගන්න,” බව පැවසීමට ඉඩ හැරිය විට, ඔබ ඔහුව මෙල්කිසදෙක් පූජකවරය උසුලන්නෙකු ලෙස ස්ථීර කළා.

එම දවසේ පටන්, ඔබ විශ්වාසවන්තව සේවය කිරීමෙන්, ඔබට පූජකත්වය පැවරු සෑම පුද්ගලයෙකුවම සහ එම පූජකත්වයේ නිලයන්ට ඔබව නියම කල සෑම පුද්කලයෙකුවම ස්ථීර කර ඇත.

ඔබගේ පූජකත්ව අත්දැකීම ආරම්භයේදී, සෑම ස්තීර කිරීමක්ම දෙවියන්වහන්සේගේ සේවකයෙකු විශ්වාස කිරීමේ සරල සිදුවීමක් වුනා. දැන්, ඔබගෙන් බොහෝ දෙනෙකු ස්ථීර කිරීමට ඊට වඩා වැඩි යමක් අවශ්‍ය ස්ථානයට ගමන් කර ඇත.

ස්වාමින්වහන්සේ කැඳවන සියලුදෙනාවම - ස්වාමින්වහන්සේ කුමන කැඳවීමට ඔවුන්ව කැදෙවුවත් ස්ථීර කිරීමට ඔබ තෝරාගන්න. එම තෝරාගැනීම ලොව පුරා සියලුම සම්මන්ත්‍රණ වල සිදුවෙනවා. එය මෙම සම්මන්ත්‍රණයේදීද සිදුවුනා. එවැනි රැස්වීම් වලදී, දෙවියන්වහන්සේගේ සේවකයන් ලෙස නම්කල - පිරිමි සහ කාන්තාවන්ගේ නම් කියවනවිට ඔබගේ අත එසවීමෙන් ඔවුන්ව ස්ථීර කිරීමට ඔබට ආරාධනා කර සිටිනවා. ඔබට ඔබේ ස්ථීර කිරීමේ චන්දය නොදී වැලකී සිටිය හැකියි, නැතිනම් ඔබට ඔබේ ස්තීරකිරීමේ ඇදහිල්ල සහතික කල හැකියි. ස්ථීර කිරීමට ඔබේ අත එසවීමෙන්, ඔබ පොරොන්දුවක් වෙනවා. මෙම සේවකයන්ගේ අයිතිකරු වන දෙවියන්වහන්සේ සමඟ ඔබ පොරොන්දුවක් වනවා, ඔබ ඔවුන්ව ස්ථීර කරන බව.

මොවුන් ඔබ වගේම, අසම්පූර්ණ මිනිසුන්. ඔබගේ පොරොන්දුව ඉටුකිරීමට නම්, ස්වාමින්වහන්සේ ඔවුන්ව කැඳවා ඇති බවට, සෙලවිය නොහැකි ඇදහිල්ලක් අවශ්‍ය වෙනවා. එම පොරොන්දු තබාගැනීමෙන් සදාකාලික සතුටක් ගෙන එනවා. එම පොරොන්දු ඉටු නොකිරීම, ඔබට මෙන්ම ඔබ ආදරය කරන අයටද දුක ගෙන එනවා - ඒ වගේම ඔබට සිතාගැනීමටවත් නොහැකි තරම් පාඩු වෙනවා.

සමහර විට ඔබගෙන් අසා ඇති, නැතිනම් ඔබගෙන් අසාවී, ඔබ ඔබගේ සභානායකයාව, ස්ටේක නායකයාව, ප්‍රධාන අධිකාරීවරුන්, සහ සභාවේ ප්‍රධාන නිලධාරීන්ව ස්ථීර කරනවාද බව. සම්මන්ත්‍රණයකදී නිලධාරීන් සහ නායකයන් ස්ථීර කිරීමේදී එය ඔබගෙන් අසාවී. සමහරවිට එය සභානායකයා හෝ ස්ටේක නායකයා සමඟ සිදුවන සාකච්චාවකදී ඔබගෙන් ඇසීමට ඉඩ ඇත.

ඔබට මගේ උපදේශය නම් සාවධාන සහ යාච්ඤා පූර්වකව කල්තබා එම ප්‍රශ්න ඔබ ඔබගෙන්ම අසන්න. ඔබ එසේ කිරීමෙන්, ඔබගේ මෑත සිතුවිලි, වචන, සහ ක්‍රියාවන් දෙස ආපසු හැරී බැලීමට ඔබට හැකි වනු ඇත. කාදාහරි දවසක ස්වාමින්වහන්සේ ඔබ සමඟ සාකච්චාවක් කරන බව දැන, උන්වහන්සේ ඔබෙන් අසන විට දෙන පිළිතුරු මතක තබා කලින් සකසා තබාගැනීමට උත්සහ කරන්න. පහත ආකාරයේ ප්‍රශ්න ඔබගෙනම ඇසීමෙන් ඔබට ඔබව සුදානම් කරගත හැකියි:

  1. ස්ථීර කිරීමට පොරොන්දු වූ මිනිසුන් තුල ඇති මනුෂ්‍ය දුර්වලකම් ගැන මම කතාකර හෝ සිතා ඇත්ද?

  2. ස්වාමින්වහන්සේ විසින් ඔවුන්ව මෙහෙයවනවාද බව සාක්ෂි මම සොයා තිබේද?

  3. මම හෘදසාක්ෂියට එකඟව සහ අවංකව ඔවුන්ගේ නායකත්වය අනුගමනය කර ඇත්ද?

  4. ඔවුන් දෙවියන්වහන්සේගේ සේවකයන් බවට මට පෙනෙන සාක්ෂි ගැන මම කතාකර තිබේද?

  5. නම් වශයෙන් සහ ආදරණීය හැගීම් සමඟ මම ඔවුන් වෙනුවෙන් නිතරම යාච්ඤා කරනවාද?

අපගෙන් බොහොමයක් අයට, එම ප්‍රශ්න, යම් අපහසුතාවකට සහ පසුතැවිලිවීමේ අවශ්‍යතාවකට මඟ පෑදිය හැක. දෙවියන්වහන්සේගෙන් අපට අණක් ලැබිලා තිබෙනවා අන් අයව අධර්මිෂ්ඨ ලෙස විනිශ්චය නොකරන ලෙසට, නමුත් ක්‍රියාවෙන්, එයින් වැලකී සිටීමට අපහසු වනවා. අපි මිනිසුන් සමඟ කරන සෑම කාර්යක් පාහේම ඔවුන්ව අගයකිරීමට අපව යොමුකරනවා. ඒ වගේම අපේ ජීවිතයේ සෑම අංශයකින්ම, අපි අපව අන් අය සමග සසඳනවා. බොහෝ හේතුන් මත අප එසේ කරනවා, සමහරක් ඒවා සාධාරණයි, නමුත් එය සෑම විටම විවේචනාත්මක වීමට අපව යොමුකරනවා.

සභාපති ජෝර්ජ් කියූ. කැනොන් දුන් අවවාදයක්, මගේම අවවාදයක් මෙන් මම ඔබට පනවනවා. මම විශ්වාස කරනවා ඔහු සත්‍ය කතා කළ බව: “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සේවකයන් තෝරාගෙන ඇත. ඔවුන්ට දොස්පැවරීමට අවශ්‍ය නම් එසේ දොස්පැවරීම උන්වහන්සේගේ පරමාධිකාරය බවට උන්වහන්සේ අයිතිවාසිකම් කියනවා. ඔවුන්ට බැනීමට හෝ දොස් පැවරීමට උන්වහන්සේ පුද්ගලිකව අපට පවරා නැත. විශ්වාසයෙන් කෙතරම් උසස් වුවත්, පූජකත්වයෙන් කෙතරම් උසස් වුවත්, කිසිදු මනුෂ්‍යකුට දෙවියන්වහන්සේගේ අමනාපයට හසුවන්නේ නැතිව පොළව මත උන්වහන්සේගේ අධිකාරියේ වැරදි සෙවීම සහ ස්වාමින්වහන්සේගේ ආලේපලත් තැනැත්තන් ගැන නපුර කතා කල නොහැක. එවැනි මනුශ්‍යකුගෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ඉවත්ව යනු ඇත, ඒ වගේම ඔහු අන්ධකාරයට යනු ඇත. මෙම කාරණය හේතුවෙන්, අප පරිස්සම් වීම කෙතරම් වැදගත්ද බව ඔබට පෙනෙන්නේ නැතිද? 1

මගේ නිරීක්ෂණය නම්, ලොව පුරා සභාවේ සාමාජිකයන් සාමාන්යෙන් එකිනෙකාට සහ ඔවුන්ට ඉහලින් මුලාසනය දරන අයට ඉතා ලෙන්ගතුය යන්නයි. කෙසේ වෙතත්, අපට හැකි සහ අප දියුණු කිරීමට අවශ්‍ය වන දේවල් තිබෙනවා. එකිනෙකා ස්ථීර කිරීමට අපගේ බලයෙන් අපි නැගී සිටිය යුතුයි. එයට විශ්වාසය සහ උත්සාහය අවශ්‍ය වෙනවා. මෙම සම්මන්ත්‍රණයේදී ක්‍රියා කිරීමට මම අපි වෙනුවෙන් සාදන යෝජනා හතරක් මෙන්න.

  1. කථිකයන් නිර්දේශ කරන විශේෂ ක්‍රියාවක් අඳුනගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට අදම පටන් ගන්න. අපි එසේ කිරීමෙන්, ඔවුන්ව ස්ථීර කිරීමට අපට ඇති බලය වැඩි වේ.

  2. ඔවුන් කතාකරන විට ඔවුන්ගේ වචන අපි ආදරය කරන විශේෂ පුද්ගලයන්ගේ හදවතට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ගෙනයාම පිණිස කථිකයන් වෙනුවෙන් යාච්ඤා කල හැකියි. අපගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණු බව අපි පසුව දැනගත් විට, එම නායකයන්ව ස්ථීර කිරීමට අපට ඇති බලය වැඩි වේවි.

  3. විශේෂ කථිකයන් ඔවුන්ගේ පණිවිඩය බෙදාගන්නා විට ආශිර්වාද සහ ගෞරවය ලැබෙන පිණිස යාච්ඤා කල හැකියි. ඔවුන්ට ගෞරවය ලැබුණු බව අපට පෙනෙන විට, ඔවුන්ව ස්ථීර කිරීමේ විශ්වාසයෙන් අපි වර්ධනය වේවි, ඒ වගේම එය අවසානය දක්වාම තිබේ.

  4. අපට උදවු කිරීමට අපගේ පෞද්ගලික යාච්ඤා වලට පිළිතුරු වශයෙන් ලැබෙන කථිකයන්ගේ පණිවිඩ වලට අපට ඇහුන්කම් දිය හැකියි. පිළිතුර අනිවාර්යෙන්ම ලැබේවි, පිළිතුරු ලැබුන විට, ස්වාමින්වහන්සේගේ සියලුම සේවකයන් ස්ථීර කිරීමට ඇති අපේ විශ්වාසය වර්ධනය වේවි.

සභාවේ සේවය කරන අය ස්ථීර කිරීම වැඩිදියුණු කරනවාට අමතරව, එවැනි බලයකින් අපට වර්ධනය විය හැකි තවත් තැනක් තිබෙන බව අපිට ඉගෙනගැනීමට හැකි වෙනවා. එහිදී, එයට ඊටත් වඩා වැඩියෙන් අපට ආශිර්වාද ගෙන ආ හැකියි. එය නිවස හා පවුලයි.

මම කතාකරන්නේ නිවසේ තම පියා සමඟ ජීවත්වන තරුණ පූජකවරය උසුලන්නන්ටයි. මගේ අත්දැකීමෙන් මම කියන්න කැමතියි පියෙකුට ඔබගේ ස්තීරකිරීමේ ඇදහිල්ල තුලින් වන්නේ කුමක්ද බව. ඔබට ඔහු ආත්මවිශ්වාසයයෙන් සිටිනවා මෙන් පෙනෙනවා විය හැක. නමුත් ඔහු ඔබට පෙනෙනවාට වඩා අභියෝග බොහොමයකට මුහුන දෙනවා. සමහර වෙලාවට ඔහු ඉදිරියේ තිබෙන ප්‍රශ්න තුලින් ඔහුට මාර්ගය පෙනෙන්නේ නෑ.

ඔහු ගැන ඔබ කරන ප්‍රශංසාව ඔහුට උදවුක් වෙනවා. ඔහු වෙත ඔබගේ ඇති ආදරය ඊටත් වැඩියෙන් ඔහුට උදවු වෙනවා. නමුත් ඔහුට වඩාත් වැඩියෙන්ම උදවු වෙන්නේ මෙවැනි අවංක වචනයි: “තාත්තේ, මම ඔබ වෙනුවෙන් යාච්ඤා කළා, ඒ නිසා මට හැඟෙනවා ස්වාමින්වහන්සේ ඔබට උදවුකරන්න යන්නේ බව. හැමදෙයක්ම හරියාවී. මම එය දන්නවා.”

පියෙකු විසින් පුතෙකුට කියන මෙවැනි වචන වලටත් බලය තිබෙනවා. පුතෙකු විශාල වරදක් කල විට, සමහරවිට ආත්මික වශයෙන්, ඔහු අසමත් වෙලා බව ඔහුට දැනෙන්නට පුළුවන්. ඔහුගේ පියා වශයෙන්, එම මොහොතේ, ඔබට පුදුම හිතේවි, කුමක් කරන්නද බව ඔබ යාච්ඤා කල පසු, ශුද්ධාත්මයාණන්වහන්සේ මෙවැනි වචන ඔබේ මුඛයට ලබා දෙන විට: “පුතේ, මම දිගටම ඔබ සමඟ සිටිනවා. ස්වාමින්වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේගේ උදවු සමඟ, ඔබට නැවත ආ හැකියි. මම දන්නවා ඔබට පුළුවන් ඒ වගේම ඔබ එහෙම කරන බව. මම ඔබට ආදරෙයි.”

ස්වාමින්වහන්සේට අවශ්‍ය ආකාරයට අපි සයෝනය ගොඩනැගිය යුත්තේ පූජකත්වය සහ පවුල තුල එකිනෙකාව ස්ථීර කිරීම සඳහා වර්ධනය වූ ඇදහිල්ල තුලිනි. උන්වහන්සේගේ උදවුවෙන් එය අපට කල හැකියි, ඒ වගේම එය අපි කරනවා. ඒ සඳහා ස්වාමින්වහන්සේට අපේ මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද, සහ ශක්තියෙන්ද ආදරය කිරීමටද, ඒ වගේම අපි අපට ආදරය කරනවා සේම අන් අයට ආදරයකිරීමටත් ඉගෙනගත යුතුයි.

ක්‍රිස්තුස්වහන්සේගේ එම පවිත්‍ර ආදරයෙන් අපි වර්ධනය වන විට, අපගේ හදවත් මෘදු වෙනවා. එම ආදරය අපව නිහතමානී කර පසුතැවිලි වීම කරා ගෙන යනවා. ස්වාමින්වහන්සේ තුල සහ එකීනෙකා තුල ඇති අපේ ආත්මවිශ්වාසය වර්ධනය වනවා. එවිට අපි ස්වාමින්වහන්සේ අපට කිරීමට පුළුවන් යයි පොරොන්දු වූ ලෙස, අප සියලුදෙනා හට එක්කෙනෙකු ලෙස ඉදිරියට යාහැක.2

ස්වර්ගික පියාණන්වහන්සේ ඔබව හඳුනනවා ඒවගේම ඔබට ආදරය කරන බව මම සාක්ෂි දරනවා . යේසුස්වහන්සේ ජීවමාන ක්‍රිස්තුස්වහන්සේයි. මෙය උන්වහන්සේගේ සභාවයි. අපි උසුලන්නේ උන්වහන්සේගේ පූජකත්වයයි. අපගේ බලයෙන් එය භාවිතා කිරීමට සහ එකිනෙකාව ස්ථීර කිරීමට අප දරන උත්සාහයට උන්වහන්සේ අපට ගෞරව කරයි. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.