2010–2019
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ප්‍රමාණයෙන් අසීමිත වනවා පමණක් නොවේ, ලඟාවීමේදී එකිනෙකාට වෙන වෙනම ලඟා වේ.

අවුරුද්දේ මෙම කාලයේදී අපි විශේෂ වශයෙන් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පිළිබඳ ප්‍රශංසා කර සිහිපත් කරයි. එය ඇත්තවශයෙන්ම මේ ලෝකයේ හෝ විශ්වයේ මෙතෙක් කලකට වූ ඉතාම උතුම්, මනස ප්‍රසාරණය කරන, උද්වේගකර මූලධර්මයයි. අපගේ ජීවිත වලට බලාපොරොත්තුව සහ අරමුණක් ලබාදෙන්නේ එයයි.

එහෙනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම කියන්නේ මොකක්ද? එක් අර්ථයකින් කිව්වොත්, එය ගෙත්සෙමනි උයනේ සිදුවුණු දිව්‍යමය සිදුවීම් මාලාවක්, එය ඉන්පසු කුරුසියේ සිදුවෙලා, ගැලවුම්කරුවාණන් සොහොනින් නැවත නැගිටීමත් සමග මුදුන්පත් වුණා. අපි එකිනෙකා කෙරෙහි වූ තේරුම්ගත නොහැකි ආදරයක් ඒ සඳහා බලපාලා තිබුණා. ඒ සඳහා පව් නොකළ කෙනෙක්, මරණය ඇතුළු මූලද්‍රව්‍යන් අභිබවා අසීමිත බලයක් ඇති අයෙක්, අපගේ සියළුම පාප සහ රෝගාබාධ වල ප්‍රතිවිපාක විඳීමට අසීමිත ධාරිතාවක් ඇති අයෙක්: සහ සැබවින්ම ඒ සියල්ලටම මුලින් පැවත එන්නෙක් අවශ්‍ය වුණා.1 මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙයයි - මේ උන්වහන්සෙගේ වන්දිගෙවීමයි.

එසේනම් එහි අරමුණ වුනේ කුමක්ද? එය සිදු කළේ අපට දෙවියන්වහන්සේගේ අභිමුඛයට යන්නටත්, උන්වහන්සේ මෙන් වීමටත්, සහ ප්‍රීතියේ සම්පූර්ණත්වය විඳින්නටත් පුළුවන්කම ලබාදීමටයි. අභියෝග හතරක් ජයගනිමින් මෙය සිදුවුණා:

  1. භෞතික මරණය

  2. ආදම් සහ අපගේ පව් නිසා සිදුවන ආත්මික මරණය

  3. අපගේ දුක්විඳීම් සහ රෝගාබාධ

  4. අපගේ දුර්වලකම් සහ අසම්පූර්ණකම්

නමුත් යුක්තියේ නීතිය උල්ලංඝණය නොකරමින් ගැලවුම්කරුවාණන්ට මෙය ඉටුකරන්නට හැකිවුණේ කොහොමද?

රූපය
ගුවන් යානයකින් නිදහසේ වැටීම

විශ්මජනකව වැටෙන කුඩා ගුවන්යානයකින් තනිවම පනින්නට තීරණය කරන මිනිසෙකු ගැන මොහොතකට සිතා බලන්න. එහෙම කළ පසු ඔහු ඉක්මනින්ම තේරුම්ගන්නවා ඔහු කළ ක්‍රියාවේ මෝඩකම. ඔහුට අවශ්‍යයයි පරිස්සමින් බිමට එන්න, නමුත් එතන බාධකයක් තියනවා - ඒ තමයි ගුරුත්වාකර්ශණ නීතිය. පියාඹන්නට හිතාගෙන ඔහු ඔහුගේ දෑත් ඉතා වේගගෙන් චලනය කරනවා, නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නෑ. පහසුවෙන් යාමට සහ පාවීමට හැකි ලෙස බැස්ම මන්දගාමී කරන්නට හිතා ඔහු ඔහුගේ සිරුරේ තත්වය වෙනස් කරනවා, නමුත් ගුරුත්වාකර්ශණ නීතිය අනුකම්පා රහිතයි අකාරුණිකයි. ස්වභාවයේ සාමාන්‍ය නීතිය සමග මෙය සාධරණීකරණය කරන්නට ඔහු උත්සහ කරනවා: “මෙය අත්වැරදීමක්. මම ආයෙ මේක කවදාවත් කරන්නේ නෑ.” නමුත් ඔහුගේ අඳෝනාව බීරි කන් වලටයි වැටෙන්නේ. ගුරුත්වාකර්ශණ නීතිය අනුකම්පාව හඳුනන්නේ නෑ; එය කිසිඳු විශේෂයක් දක්වන්නේ නෑ. අහම්බෙන් වගේ, එකපාරටම ඔහුට ඔහුගේ පිටුපසින් යමක් දැනෙනවා. ගුවන්යානයේ ඔහුගේ මිතුරා, ඔහුගේ මෝඩකම හඳුනගෙන, ඔහු පනින්නට කලින් ඔහුගේ පිටේ පැරශුටයක් සවිකරලා. ඔහු එහි දිගුව සොයාගෙන එය අදිනවා. සැනසුමක් සහිතව, ඔහු ප්‍රවේශමෙන් බිමට පාවෙනවා. “ගුරුත්වාකර්ශණ නීතිය උල්ලංඝණය වුණාද, නැතිනම් ප්‍රවේසමින් බිමට පාත්වීමට ඒ පැරශුටය ඒ නීතීය තුළ ක්‍රියා කළාද?” යනුවෙන් අපිට අහන්න පුළුවන්.

රූපය
ආරක්ශාකාරීව පැරශුටයකින් පාත්වීම

අපි පව් කරනකොට, අපිත් අර ගුවන්යානයෙන් බිමට පැනපු මෝඩ මිනිසා වගෙයි. අපි අපි විසින් මොන දේ කළත්, අපිට ඉතුරුවෙන්නේ බිඳ වැටෙන පතිත වීමක් පමණයි. යුක්තියේ නීතියට අපි යටත්, හරියට ගුරුත්වාකර්ශණ නීතිය වගේ ඒක දැඩියි එමෙන්ම සමාව නොදෙන සුළුයි. අපිට ගැලවෙන්නට පුළුවන් වන්නේ ගැලවුම්කරුවාණන් තුලින් පමණයි, උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ආත්මික පැරශුටයක් වැනි දෙයක් කාරුණිකව අපිට ලබාදෙනවා. අපිට යේසුස් ක්‍රිස්තුවහන්සේ තුළ ඇදහිල්ල ඇත්නම් සහ පසුතැවෙනවානම් (එනම් අපි අපේ කොටස කරමින් දිගුව අදිනවානම්), එහෙනම් ගැලවුම්කරුවාණන්ගේ ආරක්ශා කිරීමේ බලය අපි වෙනුවෙන් දිගහැරෙනවා එතකොට අපිට ආත්මිකව හානි සිදුවෙන්නේ නෑ.

කොහොමවුනත්, මෙය පුළුවන් වෙන්නේ, අපගේ ආත්මික වර්ධනය අඩාල කරන්නට හැකි අභියෝග හතරක් ගැලවුම්කරුවාණන් ජයගත් නිසයි.

1. මරණය උන්වහන්සේගේ මහිමාන්විත නැවත නැගිටීම තුලින් උන්වහන්සේ මරණය ජයගත්තා. අපෝස්තුළුවර පෝල් ඉගැන්වුවා: “ආදම් ලෙස හැමදෙනාම මරණයට පත්වෙයි, එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුල හැමදෙයක්ම ජීවමාන කළ හැකියි.”2

2. පාපය පසුතැවිලි වන හැමදෙනා වෙනුවෙන්ම ගැලවුම්කරුවාණන් පාපය සහ ලැජ්ජාව ජයගනු ලැබුවා. යෙසායා පොරොන්දු වුණු උන්වහන්සේගේ පිරිසිඳු කිරීමේ බලය හරිම ගැඹුරුයි සහ පුළුල්, “ඔබ සැමගේ පව් රක්ත වර්ණයෙන් ඇති මුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය.”3

යම් අවස්ථා වල, තමන්ට සමාවදීමට නොහැකිව ලතවෙන, ගැලවුම්කරුවාණන්ගේ ගැලවීමේ බලයට අහිංසකව නමුත් වැරදි ලෙස සීමා දැමූ යහපත් ශුද්ධවන්තයන් මට හමුවී තියෙනවා. නොසැලකිලිමත් ලෙස, ඔවුන් ඔවුන්ගේ එම පාපයන් හෝ අඩුපාඩු සඳහා කෙසේ හෝ එම අසීමිත වන්දිගෙවීම, සීමිත වන්දිගෙවීමක් බවට පෙරලාගෙන තිබුණා. නමුත් එය අසීමිත වන්දිගෙවීමක්, මොකද ඒක සෑම පාපයක්ම සහ දුර්වලකමක්ම සහ අනෙක් අය නිසා සිදුවූ සෑම අපයෙදුමක්ම සහ වේදනාවක්ම ආවරණය කරන අතරම මායිම් කරනවා.

ටෘමන් මැඩ්සන් මෙම සහනදායී නිරීක්ශණය සිදුකළා:

“ඔබ බොහෝ දුර ගිහින් ඇති බව සිතා … ඔබ සිටි ආකාරයට කෙදිනවත් වෙනස් වන්නට බැරි තරම් පාපය යන වස ඔබ ලඟ ඇති බව සිතා, රැවටුණු යම් අය ඇත්නම් - එසේනම් මට සවන් දෙන්න.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ලඟාවිය නොහැකි තරමට ආලෝකයෙන් සහ උන්වහන්සේගේ පුළුල් බුද්ධියෙන් ඔබ්බට ඔබට ගිලෙන්නට නොහැකි බවට මම සාක්ශි දරනවා. පසුතැවිලිවීමට සහ ලඟාවන්නට ඔබට පුංචිම හෝ කැමැත්තක් ඇති තුරාවට, උන්වහන්සේ එහි සිටින බව මම සාක්ශි දරනවා. උන්වහන්සේ නිකම්ම ඔබගේ තත්වයට පැමිණියා නොවේ; හැමදෙයක්ම තුල ඉන්නටත් හැමදෙයක්ම විඳින්නටත් උන්වහන්සේ ඊටත් අන්තයට ගොස් තියනවා, උන්වහන්සේ සත්‍යයේ ආලෝකයයි.” [දහම සහ ගිවිසුම 88:6.]”4

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ එහි අසීමිත ඇඟවීම තේරුම්ගැනීමේ වැදගත්වීමට එක් හේතුවක් තමයි, වැඩිවන තේරුම්ගැනීමකින් අපටත් අන් අයටත් සමාවදෙන්නට අපිට වැඩිවන උවමනාවක් ඇතිවීම.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු කිරීමේ බලය ගැන විශ්වාස කරා වූවත්, “මගේ පව් වලට මට සමාව ලැබී ඇතැයි මම දැනගන්නේ කොහොමද?” කියන ප්‍රශ්ණය හමවෙලේම පැනනගිනවා. අපිට ආත්මයාණන් දැනෙනවානම්, එසේනම් අපිට සමාව ලැබී ඇති බවට, නැත්නම් පිරිසිඳු වීමේ ක්‍රියාවලිය සිදුවෙලා තියෙන බවට අපිට එය සාක්ශියක්. සභාපති හෙන්‍රි බී. අයරින් මෙහෙම ඉගැන්වූවා, “ඔබට ශුද්ධාත්මයාණන් වහන්සේගේ … , පෙලඹවීම දැනුනානම්, වන්දිගෙවීම ඔබගේ ජීවිතයේ වැඩකරන බවට සාක්ශියක් ලෙස එය ඔබට ගත හැකියි.”5

රූපය
අවසානයේ-මරණය මාවත

යම් අයෙක් මෙහෙම ඇහුවා, “නමුත් මට සමාව ලැබිලා තියනවානම්, තාම මගේ හිතට ඒක කරදරයක් වගේ දැනෙන්නේ ඇයි?” යම්විට දෙවියන්වහන්සේගේ අරමුණ අනුව එම ලැජ්ජාවේ මතකය අනතුරු ඇඟවීමක්, යම්විට ආත්මික “නවතිනු සංඥාවක්” වෙන්නට පුළුවන්, අඩු තරමින් යම් කාලයකට, අමතර පරීක්ශා අපට පැමිණෙන විට: “එම මාර්ගයේ නැවත නොයන්නට” සංඥාවක් වෙන්නට පුළුවන්. එයට ගෙන ආ හැකි වේදනාව ඔබ දන්නවා.” මේ ආකාරයට, එය දඬුවමක් ලෙස නොවෙයි, ආවරණයක් ලෙස ක්‍රියාකරනවා.

එහෙනම් අපගේ පව් මතක තිබුණත් ලැජ්ජාවෙන් මිදීම සිදුවන්නට පුළුවන්ද?

ඔහු පසුතැවී වසර ගණනාවකට පසුවත්, ඇල්මාට ඔහුගේ පව් මතක තිබුණා. නමුත් කරුණාව අයැදිමින් ඔහු යේසුස්වහන්සේ වෙත හඬද්දී, ඔහු කිව්වා, “මට තවදුරටත් මාගේ වේදනාවන් සිහිපත් නොවීය; එසේය, මාගේ පාපයේ මතකය තවදුරටත් වේදනාවක් නොවීය.”6

කොහොමද ඔහුට ඔහුගේ පව් ගැන මත තිබුනත් වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් තොර වෙන්නේ? මොකද අපි පසුතැවිලි වූ විට, අපි “දෙවියන්වහන්සේ තුල උපත ලබනවා.”7 ශුද්ධලියවිලි කියන ආකාරයට අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ “නව නිර්මාණ”8 බවට පත්වෙනවා. සර්ව සම්පූර්ණ අවංකභාවයකින් දැන් අපිට කියන්න පුළුවන්, “අතීත පව් කළ මිනිසා හෝ කාන්තාව මම නොවෙයි. මම අළුතින් පරිවර්තනය වුණු කෙනෙක්.”

3. වේදනාව සහ දුර්වලතා. ඇල්මා මෙසේ අනාවැකි කීවා ක්‍රිස්තුවහන්සේ “තවද උන්වහන්සේ සියළු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරීක්ශාවන්ද විඳිමින් ඉදිරියට යන සේක.” ඇයි? “එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, … මාංශයට අනුව එනම් උන්වහන්සේගේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්න පිණිසය.”9

උන්වහන්සේ මෙය සිදුකළේ කෙසේද? යම් අවස්ථාවලදී, උන්වහන්සේ වේදනාවන් ඉවත් කළ සේක, යම් අවස්ථාවල උන්වහන්සේ අපව දරාගැනීමට ශක්තිමත් කළ සේක, සහ යම් අවස්ථාවල ඒවාහි තාවකාලික තත්වය අපට තේරුම්ගැනීමට සදාකාලික ලෙස බැලීමට කෝණයක් අපට ලබාදුන් සේක. ජෝසෆ් ස්මිත් ලිබර්ටි හිරගෙදර මාස දෙකක් පමණ නිකරුණේ කල් ගෙවීමෙන් පසු, අවසානයේදී හඬමින් මෙසේ ඇසුවා, “අහෝ දෙවියනි, ඔබ කොතැනකද?”10 ඒ සැනකින්ම නිදහසක් ලබා නොදී, දෙවියන්වහන්සේ පිළිතුරු දුන්නා, “මගේ පුතණුවනි, ඔබගේ ආත්මයට සැනසුම ලැබේවා; ඔබගේ දුක සහ ඔබගේ කරදර පුංචි කාළයකට පමණයි; ඉන්පසු, ඔබ එය හොඳින් විඳදරා ගත් විට, දෙවියන්වහන්සේ ඔබව ඉහළින් උසස් කරන සේක.”11

මේ දුක්ඛිත අත්දැකීම සදාකාලික වර්‍ණාවලියේ තිතක් පමණක් බව ජෝසෆ් වටහාගත්තා. තීව්‍ර වූ ඔහුගේ දැක්මත් සමග, එම හිර කූඩුවේ සිටම ශුද්ධවන්තයන්ට ඔහු මෙහෙම ලිව්වා, “ආදරණීය සහෝදරවරුනි, අපගේ බලය මත ඇති සියළුදේම අපි ඉතා සතුටින් ඉටුකරමු; දෙවියන්වහන්සේගේ ගැලවීම දකින්නට ඉතා නිශ්චිත රැකවරණයක් ඇතිව අපි නොසැලී නැගී සිටිමු.”12 මන්ද ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, අපගේ අභියෝග වලට අර්ථයක් සහ සහනයට බලාපොරොත්තුවක් ඇති සදාකාලික දැක්මක් අපට ලබාගත හැකිය.

4. දුර්වලකම් සහ අසම්පූර්ණකම්. උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා, ගැලවුම්කරුවාණන්ට සක්‍රීය කළ හැකි බලයක් ඇත, යම් අවස්ථා වලදී අපට අපගේ දුර්වලකම් සහ අසම්පූර්ණකම් ජයගත හැකි සහ උන්වහන්සේ මෙන් වීමට අපට උපකාරී වන, එය කරුණාව,13 ලෙස හඳුන්වයි.

මොරෝනි මෙසේ ඉගැන්වූවා: “එසේය ක්‍රිස්තුස්වහන්සේ තුළට පැමිණෙන්න, තවද උන්වහන්සේ තුල පරිපූර්ණ වන්න, …උන්වහන්සේගේ කරුණාව කරණකොට ගෙන ක්‍රිස්තුස්වහන්සේ තුල නුඹව සම්පූර්ණ වන්නේය.”14 අපව පරිශුද්ධ කළ හැකි නැතහොත් - අපව - ආරක්ශා කළ හැකි එම සුවකිරීමේ බලය අපට ලබාගත හැකි ආකාර හෝ විධි අවම වශයෙන් දෙකක්වත් ඇතිබව පෙනෙන්නට තිබේ.

පළමු දෙය, අපව ගලවාගන්නා වත්පිළිවෙත්. “එම වත්පිළිවෙත් තුළින්, දේවත්වයේ බලය ප්‍රත්‍යක්ශ වේ” යනුවෙන් ශුද්ධලියවිලි අපට කියා දෙනවා.15 සමහර අවස්ථාවල, වත්පිළිවෙත් ගැන ලකුණු කළ යුතු ලැයිස්තුවක් විදියට අපි හිතනවා - උසස්වීම සඳහා වැදගත්ම වන: නමුත් සත්‍ය ලෙසම ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට අපට උදව් කරන දේවමය බලයක් ඒ හැම එකකම ගැබ් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස:

  • අපි බෞතීස්ම වී ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබාගත් විට, අපි පිරිසිඳු වී - එමෙන්ම දෙවියන්වහන්සේ මෙන් ශුද්ධ වෙනවා.

  • ඊට අමතරව, ඒ තුලින්, අපිට උන්වහන්සේ මෙන් සිතන්නට සහ දැනෙන්නට හැකි වන ලෙස අපගේ මනස ආලෝකමත් වී සහ අපගේ හදවත් මෘදු වෙනවා.

  • අපි අඹු සැමියන් ලෙස මුද්‍රා වුණු විට, “ඔටුණු, රාජධානි, රාජ්යයන් සහ බලයන්”16 යන දෙවියන්වහන්සේගේ ත්‍යාග සඳහා උරුමකම් ලබන්න අයිතියක් ලබනවා.

එම සුවකිරීමේ බලයන් සඳහා වන දෙවන මාර්ගය ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගයි. ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව සහ ඒ හා සම්බන්ධ ආත්මික ත්‍යාග ලබන්නට අපි සුදුසුකම් ලබනවා. මෙම ත්‍යාග, දේවත්වයේ ලක්ශණයන්; ඒ නිසා, අපි ආත්මික ත්‍යාග ලබාගන්න සැමවිමට, අපි තව තවත් දෙවියන්වහන්සේ වගේ වෙනවා. ශුද්ධලියවිලි මෙම ත්‍යාග සොයන්නට බොහෝ අවස්ථා වලදී අපව සම්බන්ධ කරන හේතුව මෙය බවට කිසිඳු සැකයක් නැහැ.17

සභාපති ජෝර්ජ් කියු. කැනොන් මෙහෙම ඉගැන්නුවා: “’අහෝ මට කරන්න දෙයක් නෑ; ඒ මගේ හැටි’ යනුවෙන් කිසිඳු මනුශ්‍යයෙකුට කිව නොහැකියි. ඔහුව එය තුළ සාධාරණීකරණය වන්නේ නෑ, දෙවියන්වහන්සේ අපට ත්‍යාග දීමට …පොරොන්දු වී ඇති හේතුව වෙන්නේ අපි [අපගේ දුර්වලතා] අතුගා දැමීමයි. … අපි කිසියම් කෙනෙක් අසම්පූර්ණ නම්, අපව සම්පූර්ණ කරන ත්‍යාගයන් සඳහා යාච්ඤා කිරීම අපගේ වගකීමයි.”18

සාරංශයක් ලෙස, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අපට මරණය වෙනුවට ජීවිතයත්, “අළු සඳහා අලංකාරයත්,”19 වේදනාව සඳහා සුවයත් සහ දුර්වලකම් සඳහා සම්පූර්ණත්වයත් ලබාදෙයි. මේ ලෝකයේ අභියෝග සහ කරදර වලට එය ස්වර්ගයේ විශබීජ නාශකයයි.

භෞතික ජීවිතයේ ගැලවුම්කරුවාණන්ගේ අවසාන සතියේදී, උන්වහන්සේ මෙසේ පැවසූ සේක, “ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ, නමුත් ධෛර්යවන්ත වන්න, මම ලෝකය ජයගත්තෙමි.”20 ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ වන්දිගෙවීම සිදුකළ නිසා, අපි දෙවියන්වහන්සේගේ අණ පණත් වලට කීකරු වන විට, උසස් වීමෙන් අපව වළකන කිසිඳු භාහිර බලපෑමක්, සිද්ධියක් හෝ පුද්ගලයෙක් - කිසිඳු පාපයක් හෝ මරණයක් හෝ දික්කසාදයක් නොමැත. එම දැනුමත් සමගම, උන්වහන්සේගේ දිව්‍යමය ගවේශණයේ සිට උන්වහන්සේ අප සමග යන නිත්‍ය රැකවරණය සමග යහපත් ප්‍රීතියකින් අපට ඉදිරියට ඇදෙන්නට පුළුවන්.

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම විෂය පථයෙන් පමණක් අසීමිත නොවන බවත් නමුත් අප හැමකෙනෙක්ටම ලඟාවිය හැකි බවත් - එය අපව දෙවියන්වහන්සේගේ අභිමුඛයට ගෙනයනවා පමණක් නොවේ නමුත් උන්වහන්සේ මෙන් වීමට අපව සූදානම් කරන බවත් - එය ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ කිරුළු පලඳවන අරමුණ බවත් මම සාක්ශි දරන්නෙමි. ඒ ගැන මාගේ ස්තූතිවන්ත වූත් නිසැක වූත් සාක්ශිය ඉදිරිපත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.