2010–2019
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලනවානම්, ඊශ්‍රායලයේ වැඩිහිටියන් ලෙස අපගේ ගිවිසුම් මත ජීවත් වෙන්නටත් අපගේ කැඳවීම් සම්පූර්ණ කරන්නටත් උන්වහන්සේ අපට උදව් වෙනවා.

කපර්ණවුම1 මාර්ගය අසල සිටි මිනිසුන් විශාල පිරිසක් සමඟ යේසුස්වහන්සේ ගමන් කරමින් සිටි විට, 12 වසරක බරපතළ අසනීප තත්වයකට මුහුණ දුන් ස්ත්‍රියක් උන්වහන්සේගේ ඇඳුමේ කොණක් ස්පර්ශ කළා. ක්ෂණයකින් ඇය සුවපත් වුණා.2

ශුද්ධලියවිලි කියන පරිදි “මාගේ ආනුභාවය නිකුත් වූ බව මට දැනුණේ”3 යැයි කියමින් “නැවත හැරී බලමින්”4 සහ “ඒ දේ කළ ස්ත්‍රියව දැක … බැලුවා.”5 “ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිටි බව දැක,”6 “වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සත්‍ය පැවසුවා”7

යේසුස්වහන්සේ ඇයට මෙසේ කිව්වා, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවකෙළේය; සමාදානයෙන් යයන්න.”8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම ස්ත්‍රියව බේරාගත්තා. ඇය කායිකව සුවපත් වුණත්, ඇයව දකීනට යේසුස්වහන්සේ හැරුණු විට, උන්වහන්සේ කෙරෙහි තිබූ ඇගේ ඇදහිල්ල ප්‍රකාශ කළ නිසා, උන්වහන්සේ ඇයගේ හදවටත සුවපත් කළා.9 උන්වහන්සේ ඇයට ආදරයෙන් කතා කළ අතර, තම අනුමැතිය ගැන ඇය සහතික කර, උන්වහන්සේගේ සාමය සමඟ ඇයව ආශීර්වාද කළා.10

සහෝදරවරුනි, ශුද්ධවූ පූජකවරය දරන්නන් ලෙස, අපි ගැලවීමේ කාර්යයේ නිරතවී සිටින්නෙමු. ඊශ්‍රායලයේ වැඩිහිටියන්ගේ උරහිස් මත පසුගිය අවුරුද්දේදී ස්වාමින්වහන්සේ විසින් මෙම කාර්යයේ නායකත්වය සෘජුවම පැටවූවා.11 අපගේ සහෝදරියන් සමග වැඩකිරීමෙන්, වඩා ශුද්ධවූ ආකාරයකින් දේවසේවය කරන්නටත්, තිරයෙන් දෙපසම ඊශ්‍රායලය රැස්කරන්නටත්, අපගේ නිවාස ඇදහිල්ලේ සහ සුභාරංචි අධ්‍යනයේ සංචිත ලෙස සංවිධානය කරන්නටත් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවනි පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමටත් - අපට ස්වාමින්වහන්සේගෙන් ප්‍රබෝධමත් කාර්යයක් ඇත.12

සියල්ලෙහි මෙන්, ගැළවුම්කාරයාණන් අපට මාර්ගය පෙන්වා දී ඇත; උන්වහන්සේ පියාණන්වහන්සේ වෙතට යොමුවී සේවය කළ ලෙස, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට යොමුවී සේවය කළ යුතුයි.13 දිවැසිවර ජෝසෆ්ට ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“සෑම සිතුවිල්ල්කදීම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න.

“තවද, මාගේ ඇලයේත්, මාගේ අත් හා පාදවල ඇති ඇණ පහර කර ඇති තුවාලත් බලන්න; විශ්වාසවන්තව සිටින්න; මාගේ ආඥා පවත්වා, ඔබ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නහු ය’යි වදාළ සේක.”14

පෙර ආත්මික ජීවිතයේදී යේසුස් වහන්සේ සිය පියාණන්ගේ කැමැත්ත කර, අපගේ ගැලවුම්කරුවා හා මිදුම්කාරයා වන බවට පියාණන්වහන්සේ පොරොන්දු විය. “මම කාව යැවිය යුතුද?” ලෙස පියාණන් ඇසූ විට,15 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්:

“මේ මම, මාව යවන්න.”16

“පියාණනි, ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවී මහිමය සදාකාලයටම ඔබවහන්සේගේ වේවා.”17

උන්වහන්සේගේ මැරෙන සුළු ජීවිතය පුරාවට යේසුස්වහන්සේ එම පොරොන්දුව තැබූ සේක. නිහතමානිකමින්, මෘදුකමින් සහ ප්‍රේමයෙන් උන්වහන්සේ සිය පියාණන්ගේ ඉගැන්වීම ඉගැන්වූ අතර පියාණන්වහන්සේ ඔහුට දුන් බලය හා අධිකාරිය ඇතිව පියාණන්ගේ කාර්ය උන්වහන්සේ කළ සේක.18

යේසුස්වහන්සේ තම හදවත උන්වහන්සේගේ පියාණන්ට පිදූ සේක. උන්වහන්සේ මෙසේ කීය:

“මම පියාණන්ට ප්‍රේම කරමි.”19

“උන්වහන්සේ සතුටු කරන දේ සෑමවිට මම කරමි.”20

“මා පැමිණියේ … මගේ සුව කැමැත්ත ඉශ්ට කිරීමට නොවේ, නමුත් මා එවූ [පියාණන්වහන්සේගේ] කැමැත්ත ඉටුකිරීම පිණිසය.”21

ගෙත්සෙමනයෙහි උන් වහන්සේගේ වේදනාවේදී උන්වහන්සේ මෙසේ යාච්ඤා කළේය: “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා.”22

“සෑම සිතුවිල්ලකදීම මා දෙස බලන්න” සහ උන්වහන්සේගේ උත්ථාන වූ ශරීරයේ “තුවාල දෙස බලන්න” කියමින් ස්වාමින්වහන්සේ ඊශ්‍රායලයේ වැඩිහිටියන්ට ආරාධනා කරන විට, ඒ කැඳවීම පාපයෙන් සහ ලෝකයෙන් ඉවතට හැරී උන්වහන්සේ වෙත හැරී උන්වහන්සේට ප්‍රේම කර කීකරු වීමටයි. ඒ කැඳවීම උන්වහන්සේගේ දහම ඉගැන්වීමට සහ උන්වහන්සේගේ කාර්ය කරමින් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමටයි. එය ඇත්තවශයෙන්ම, උන්වහන්සේව සම්පූර්ණව විශ්වාස කරන්නටත්, අපගේ කැමැත්ත අහක දමා අපගේ හදවත් උන්වහන්සේ මත යොමුකිරීමටත් සහ උන්වහන්සේගේ මිදීමේ බලය තුලින් උන්වහන්සේ මෙන් වීමටත් කරන කැඳවීමයි.23

සහෝදරවරුනි, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන විට, නිහතමානීව, මෘදුව, යටහත් පහත්ව, සහ උන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණව - උන්වහන්සේගේ ඊශ්‍රායලයේ වැඩිහිටියන් වීමට උන්වහන්සේ අපට ආශිර්වාද කරනු ඇත.24 උන්වහන්සේගේ සුභාරංචියේ සහ උන්වහන්සේගේ සභාවේ ප්‍රීතිය සහ ආශිර්වාද තිරයෙන් දෙපසම වූ අපගේ පවුල් වලටත් සහ අමගේ සහෝදර සහෝදරියන්ටත් අප විසින් ගෙන එයි.

සභාපති රසල් එම්. නෙල්සන් විසින් මෙම ආකාරයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමට අපව කැඳවා ඇත: “එවැනි බලවත් අනුගාමිකයින් බවට පත්වීම සඳහා ලේසි හෝ ස්වයංක්‍රීය කිසිඳු දෙයක් නොමැත. අපගේ අවධානය යොමු කළ යුත්තේ ගැළවුම්කාරයාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය මතය. සෑම සිතුවිල්ලක් තුලම උන්වහන්සේ දෙස බැලීම මානසිකව ප්‍රබල විය හැකිය. නමුත් අපි එසේ කරන විට, අපගේ සැකයන් සහ බිය පහව යයි.”25

රිවට් යනු ශ්‍රේෂ්ට වචනයක්. එහි තේරුම තදින් තද කිරීම හෝ සම්පූර්ණයෙන්ම ඇදගැනීම හෝ අල්ලාගැනීමයි.26 අපගේ අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල සහ අපගේ ගිවිසුම් වලට අනුව ජීවත් වෙමින් උන්වහන්සේගේ සුභාරංචිය මත තද කළ යුතුයි.

අපි අපගේ ගිවිසුම් අනුව ජීවත්වන විට, අපි කියන සහ කරන සෑම දෙයක්ම ඒ මත පදනම් වෙයි. සරල, එමන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අරමුණු වන දිනපතා කරන ඇදහිල්ලේ ක්‍රියා වලින් පිරි ගිවිසුම් ජීවිතයක්27 අප ගත කරනවා: උන්වහන්සේගේ නමින් හදවතින් කරන යාච්ඤා, උන්වහන්සේගේ වචනය භුක්ති විඳීම, අපගේ පව් සඳහා පසුතැවිලිවීමට උන්වහන්සේ දෙසට හැරීම, උන්වහන්සේගේ අණපණැත් රැකීම, සක්‍රමේන්තුව ලබාගෙන උන්වහන්සේගේ සබත් දවස තැබීම, අපට හැකි සෑම වේලාවකම උන්වහන්සේගේ ශුද්ධවූ දේවමාළිගාව නැමදීම, එමෙන්ම දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම සඳහා උන්වහන්සේගේ ශුද්ධවූ පූජකත්වය ක්‍රියාත්මක කිරීම ඒ අතර වෙනවා.

මෙම ගිවිසුමේ භක්තිය ක්‍රියාත්මක වන ගැලවුම්කරුවාණන්ගේ බලය හා ශුද්ධාත්මයාණන්ගේ බලපෑමට අපගේ හෘදයන් හා සිත් විවෘත කරනවා. පෙළින් පෙළට ගැලවුම්කරුවාණන් අපගේ ස්වභාවය වෙනස් කරනවා, අප උන්වහන්සේට ඉතා ගැඹුරින් හැරී අපගේ ගිවිසුම් අපගේ හදවතේ ජීවමාන වෙනවා.28

අපගේ ස්වර්ගික පියාණන් සමග අපි ඇතිකරගන්නා පොරොන්දු පර්වතයක් මෙන් ඝණ කැපවීම් සහ අපගේ ගැඹුරු ආශාවන් වෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේගේ පොරොන්දු අපව ප්‍රශංසාවෙන් සහ ප්‍රීතියෙන් පුරවනවා.29 අපගේ ගිවිසුම් අප අනුගමනය කරන නීති රීති නොවන අතර, ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ දැක්ම තද කරන අපව දිරිමත් කරන සහ මගපෙන්වන ආදරණීය මූලධර්මයන් බවට ඒවා පත්වෙනවා.30

තරුණ වැඩිහිටි සෑම කෙනෙකුටම කැපවීමේ මේ ක්‍රියාවන් අදාළයි. ශුද්ධවූ අරෝනික පූජකත්වය දරන තරුණ පිරිමි ළමුන් වන ඔබට, මම රැයේදී කී සෑම දෙයක්ම අදාළ වෙනවා. ඔබ වෙනුවෙන් මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. මිලියන ගණනින් පසු-දවස්වල ශුද්ධවන්තයන්ට සෑම සතියකම ලැබෙන වත්පිළිවෙත් සහ ගිවිසුම් වලට ඔබත් ඇතුලත් වෙනවා. ඔබ සක්‍රමේන්තුව සූදානම් කරනවිට, ආශිර්වාද කරනවිට හා බෙදා දෙනවිට; දේවසේවය කරන විට; දේවමාළිගාවේදී බෞතීස්ම වන විට; ක්‍රියාකාරකමක් සඳහා මිතුරෙකුට ආරාධනා කරන විට හෝ ඔබගේ ඝණපූර්ණයේ සාමාජිකයෙකු බේරාගන්නා විට, ඔබ ගැලවීමේ කාර්ය කරමින් සිටිනවා. ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලා දිනපතා ඔබගේ ගිවිසුම් වලට අනුව ජීවත් වන්නට පුළුවන්. ඔබ එසේ කරනවිට, දැන්, සහ එලඹෙන දිනවලදී, ඔබ ස්වාමින්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයින් බවට පත්වී, ඊශ්‍රායලයේ වැඩිහිටියන් වන බවට මම පොරොන්දු වෙනවා.

සහෝදරවරුනි, මේ සැමදෙයක්ම බියකරු ලෙස ඇහෙන බව මම දන්නවා. නමුත් කරුණාකර ගැලවුම්කරුවාණන්ගේ මෙම වචන මතක තබාගන්න: “මම තනිවී නැත, මන්ද පියාණන්වහන්සේ මා සමගය.”31 ඉතින් එම වචනය අප සමගයි. අපි තනිවී නෑ. ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට ප්‍රේම කරති, එමෙන්ම උන්වහන්සේලා අප සමගයි.32 යේසුස්වහන්සේ උන්වහන්සේගේ පියාණන් මත බලා මහත්වූ වන්දිගෙවීමේ පරිත්‍යාගය සම්පූර්ණ කළ නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උපකාර කරනවා යන අස්වැසිල්ලෙන් අපට උන්වහන්සේ මත බැලිය හැකිය.

අපි කිසිවෙක් සර්වසම්පූර්ණ නැත. යම්විට අපිව හිරවෙනවා. අපේ අවධානය වෙනස්වෙලා අධෛර්යමත් වෙනවා. අපි පැකිලෙනවා. අපි පසුතැවීමේ හදවතක් ඇතිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලනවානම් උන්වහන්සේ අපව ඔසවනවා, පාපයෙන් අපව පිරිසිඳු කරනවා, අපට සමාව දෙනවා, එමෙන්ම අපේ හදවත් සුවපත් කරනවා. උන්වහන්සේ ඉවසිලිවන්තයි සහ කරුණාවන්තයි; උන්වහන්සේගේ මිදීමේ ප්‍රේමය නොනවතියි එමෙන්ම කෙදිනකවත් අසාර්ථක නොවෙයි.33 ඊශ්‍රායලයේ වැඩිහිටියන් ලෙස අපගේ ගිවිසුම් මත ජීවත් වෙන්නටත් අපගේ කැඳවීම් සම්පූර්ණ කරන්නටත් උන්වහන්සේ අපට උදව් වෙනවා.

උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීමට අවශ්‍ය සෑම දෙයකින්ම පියාණන්වහන්සේ අපට ආශිර්වාද කරනවා: “ස්වර්ගයේද සහ පොළවේද ඇති දේ වලින්, හීවිතයෙන් සහ ආලෝකයෙන්ද, ආත්මයෙන්ද බලයෙන්ද, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හරහා පියාණන්ගේ කැමැත්ත මත එසේ සිදුවෙනවා”34

දිව්‍යමය ආලෝකය සහ බලය අපගේ ජීවිත වලට ගලා ආ විට පුදුමාකාර දේවල් තුනක් සිදුවෙනවා:

පළමුව, අපිට දකින්නට පුළුවන් වෙනවා! යේසුස්වහන්සේ ස්ත්‍රිය දැක්කා වගේ එළිදරව් තුලින් හිස් ඉඩ හරහා හදවත ඇතුල දකින්නට අපිට පුළුවන් වෙනවා.35 යේසුස්වහන්සේ දැකපු ආකාරයට අපි දකිද්දී, අප සේවය කරන අයට උන්වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේම කරන්නට අපව ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ උපකාරය සමග, අප සේවය කරන අය ගැලවුම්කරුවාණන් දැක උන්වහන්සේගේ ප්‍රේමය විඳී.36

දෙවනුව, අපිට පූජකත්ව බලය තියෙනවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කර “ආශිර්වාද කරන්නට, මගපෙන්වන්නට, ආරක්ශා කරන්නට, ශක්තිමත් කරන්නට, සහ අනෙක් අයව සුවපත් කර අපි ආදරය කරන අය සඳහා ප්‍රාතිහාර්ය ගෙන එන්නට මෙන්ම අපගේ විවාහයන් සහ පවුල් ආරක්ශා කරගන්නට” අපිට අධිකාරීත්වය සහ බලය තියෙනවා.37

තෙවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සමග ගමන්කරනවා. අපි යන සෑම තැනකම උන්වහන්සේත් යනවා. අපි උගන්වන විට උන්වහන්සේත් උගන්වනවා. අපි සනසවන විට උන්වහන්සේත් සනසවනවා. අපි ආශිර්වාද කරන විට උන්වහන්සේත් ආශිර්වාද කරනවා.38

සහෝදරවරුනි, අපිට ප්‍රීතිවන්නට කාරණයක් නැත්ද? අපිට තියෙනවා! අප දෙවියන්වහන්සේගේ පූජකත්වය උසුලනවා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත බලන විට, අපගේ ගිවිසුම් වලට අනුව ජීවත්වන විට, අපගේ අවධානය උන්වහන්සේ මත තද කරන විට, තිරයෙන් දෙපසම විසිරී ඇති ඊශ්‍රායලය රැස්කිරීමට, අපගේ පවුල් ශක්තිමත් කිරීමට සහ මුද්‍රා කිරීමට එමෙන්ම ස්වාම්න්වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවනි පැමිණීමට මේ ලෝකය සූදානම් කිරීමට අපි අපගේ දේවසේවා සහෝදර සහෝදරියන් සමග ශුද්ධවන්ත ලෙස එකතු වෙයි. එය සිදුවෙයි. මම සාක්ශිදරනවා.

අපි සැවොම, හැමකෙනාම සෑම සිතුවිල්ලකදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළට බලන ලෙස, මගේ හදවතින් නැගෙන යාච්ඤාවක් සමග මම මෙය අවසාන කරනවා. සැක නොකරන්න. බිය නොවන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. James E. Talmage places Jesus in “the vicinity of Capernaum” when this healing occurred (see Jesus the Christ [1916], 313).

  2. බලන්න ලූක් 8:43–44; see also මතෙව් 5:25-21; මාක් 9:20-29.

  3. ලූක් 8:46.

  4. මාක් 5:30.

  5. මාක් 5:32.

  6. ලූක් 8:47.

  7. මාක් 5:33.

  8. ලූක් 8:48.

  9. ජේම්ස් ඊ. තල්මේජ් විසින් ලියූ පරිදි එම කාන්තාව ලැබූ ශාරීරික සුවයට වඩා, ගැළවුම්කාරයාණන් ඇගේ හදවතේ ආශාව ලබා දුන් බවට වූ විශ්වාසය හා ඇයගේ ඇදහිල්ල පිළිගන්නා බවට සහතික වීම ඇයට අස්වැසිල්ලක් විය (see Jesus the Christ, 318). යේසුස් වහන්සේ ශාරීරිකව හා ආත්මිකව ඇයව සුව කළ අතර ගැලවීමේ මාර්ගය ඇය වෙත විවෘත කළේය.

  10. සිනගෝගයේ පාලකයෙක් වන යායිරස් මෙම සුව කිරීම සිදු වූ විට යේසුස් වහන්සේ සමඟ සිටි බවට කියා ඇත. යේසුස් වහන්සේ යායිරස්ගේ ගෙදරට යන අතරතුරේදී යායිරස්ගේ දියණියව මරණයෙන් නැඟිටුවනු ලැබීය. යේසුස්වහන්සේ සුව කළ ස්ත්‍රිය ඇගේ දුක් ගැහැට නිසා ධර්මශාලාවෙන් පිට වී ගියා විය හැකියි. යේසුස්වහන්සේ ඇයව සුව කළ විට, ඇය යායිරස් ඇතුළු එහි සිටින සියල්ලන්ට පැහැදිලි කර දුන්නාය. ඇය ප්රේමණීය දියණියකි, මුළු ශරීරය හා ආත්මය තුළ ඇදහිලිවන්ත ස්ත්‍රියකි.

  11. See D. Todd Christofferson, “The Elders Quorum” (Liahona, May 2018, 55–58) for a discussion of the adjustments to create one Melchizedek Priesthood quorum in a ward. දේවසේවයේ වෙබ් අඩවියේ නිතර අසනු ලබන ප්‍රශ්න වලදී එම වෙනස්කම්වල අරමුණ මෙලෙස විස්තර කර ඇත: “එක් කොට්ටාශයක මෙල්කිසදෙක් පූජකත්වයේ එක් ඝණපූර්ණයක් තිබීමෙන්, දේවමාළිගාව සහ පවුලේ ඉතිහාසය ඇතුලු ගැලවීමේ කාර්යයේ සියලු අංශයන් ඉටු කිරීම පූජකත්වය හිමියන් ඒකාබද්ධ කරයි.” (“This Is Ministering: Frequently Asked Questions,” question 8, ministering.ChurchofJesusChrist.org).

    මෙම වෙනස්කිරීම් මගින් කොට්ටාශ ධර්මදූත නායකයා සහ නව දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයා වැඩිහිටි ඝණපූර්ණ සභාපතිත්වයේ මගපෙන්වීම යටතේ ස්ථානගත කර ඇත. දේවසේවය දැනටමත් සභාපතිත්වයේ අධීක්ෂණය යටතේ ඇති නිසා, මෙම වෙනස්කම් සහන සමිති සහය සහිතව වැඩිහිටි ඝණපූර්ණයේ නායකත්වය මත ගැලවීමේ කාර්යය සඳහා ස්ථානගත කර ඇත. ඇත්තවශයෙන්ම, කොට්ටාශයේ ගැලවීමේ කාර්යය සඳහා යතුරු සභානායකවරයා උසුලයි, එම වගකීමේ අධිකාරීත්වය සහ වගකීම වැඩිහිටි ඝණපූර්ණ සභාපති වෙත ඔහු විසින් ලබාදෙයි, මන්ද සභානායකවරයාට ඔහුගේ පවුලට දේවසේවය කිරීමට, තරුණ තරුණයින් ශක්තිමත් කිරීමට සහ ඊශ්‍රායලයේ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කිරීමට කාලය ගතකළ හැකිවනු පිණිසය.

  12. බලන්න රසල් එම්. නෙල්සන් “අපි නොනැවතී ඉදිරියටම යමුලියහෝනා, මැයි 2018, 118–19; රසල් එම්. නෙල්සන්, “ආදර්ශමත් පසු-දවස්වල ශුද්ධවන්තයන් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113–14; ක්වින්ටින් එල්. කුක්, “ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු සහ ස්ථීර හැරීමලියහෝනා, නොවැ. 2018, 8–12.

  13. පියාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ලෝකයට එවූ සේක (බලන්න යොහාන් 17:18).

  14. දහම සහ ගිවිසුම 6:36–37.

  15. ආබ්‍රහම් 3:27.

  16. ආබ්‍රහම් 3:27.

  17. මෝසෙස් 4:2.

  18. යෙසුස්වහන්සේ තම පියාණන්ගේ කාර්ය කරන බවට සහ උන්වහන්සේගේ පියාණන්ගේ දහම උගන්වන බවට බොහෝ ශුද්ධලියවිලි පද වාර්තා කර ඇත. උදාහරණයක් ලෙස බලන්න;යොහාන් 5:19 (තම පියාණන් කළ ආකාරයට යේසුස්වහන්සේ කළ සේක);යොහාන් 5:36 (පියාණන් පුත්‍රයාණන්ට කිරීම සඳහා කාර්යන් දුන් සේක);යොහාන් 8:26 (උන්වහන්සේගේ පියාණන්ගෙන් ලබාගත් දේ යේසුස්වහන්සේ ඉගැන්වූ සේක);යොහාන් 14.28 (යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “මාගේ පියාණන් මට වඩා උතුම්ය”);3 නෙපි 11.32 (ඔහුගේ දර්මය ඔහුට පියාණන් ලබාදුන් දර්මයයි).

  19. යොහාන් 14:31.

  20. යොහාන් 8:29.

  21. යොහාන් 6:38; තවත් බලන්න යොහාන් 5:30.

  22. ලූක් 22:42.

  23. The word look in this passage (see Doctrine and Covenants 6:36–37) has meanings that correspond to the call of the Lord: to face (or turn to); to direct one’s attention to; to rely upon; to search for; to await with hope; to have in mind as an end; to expect or anticipate (see merriam-webster.com, “look”).

  24. බලන්න දහම සහ ගිවිසුම 121:41–42. ශුද්ධලියවිල්ලේ සඳහන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් හා සමාන ගුණාංගයන් නම්, ක්‍රිස්තුස්වහන්සේගේ අනුකම්පාව හා කරුණාව තුළින් පැමිණෙන ශුද්ධාත්මයේ දීමනාවන්ය. ඊශ්‍රායලයේ වැඩිහිටියන් උන්වහන්සේගේ වැඩිහිටියන් කරන්නේ ඒවාය.

  25. Russell M. Nelson, “Drawing the Power of Jesus Christ into Our Lives,” Liahona, May 2017, 41.

  26. See merriam-webster.com, “rivet.”

  27. For a discussion of the concept of a covenant life, see Donald L. Hallstrom, “Living a Covenant Life,” Ensign, June 2013, 46–49. This article was adapted from a longer talk given at Brigham Young University–Idaho in May 2011. For the longer version, see Donald L. Hallstrom, “A Covenant Life” (Brigham Young University–Idaho devotional, May 10, 2011), byui.edu.

  28. බලන්න ජෙරමියා 31:31–33, උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ හදවත තුළ ඉශ්රායෙල් වංශය සමඟ අලුත් ගිවිසුමක් ඇති කරගන්නා බවයි. අපගේ හදවතේ ලියා ඇති ගිවිසුමේ ප්‍රතිරූපය හෝ අපගේ හදවතේ ජීවත්වන ගිවිසුම්ද පාවුල්ගේ ලියවිලිවලද දක්නට ලැබේ (2 කොරින්ති 3: 3; හෙබ්රෙව් 8:10 බලන්න). For a discussion of conversion and the heart, see David A. Bednar, “Converted unto the Lord,” Liahona, Nov. 2012, 106–9.

  29. පාන් මත කරන සක්‍රමේන්තු යාච්ඤාව අපගේ ස්වර්ගික පියාණන් සමඟ ඇති කරගත් ගිවිසුමේ ස්වභාවය ඉතා අලංකාරව ප්‍රකාශ කරයි. පියාණන්වහන්සේගේ ගැළවීම පිළිබඳ සැලැස්ම තුළ අපගේ ස්වර්ගික පියාණැන් සමග ගිවිසුම් ඇති කර ගත් නමුත් ගිවිසුම්වල අරමුණු සාක්ෂාත් කර ඇති අතර, අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේ තුළින් පොරොන්දු වූ ආශීර්වාද සඳහා අප සුදුසුකම් ලබයි. උන්වහන්සේ මැදිහත්කරුය. සක්‍රමේන්තු වත්පිළිවෙතෙහි අප පියාණන් වහන්සේට (ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම), අප විසින් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයට අනුබල දීමට කැමැත්තෙන් සිටින බව, සැමවිටම උන්වහන්සේව සිහිපත් කරමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, අප සැමවිටම ඔහුගේ ආත්මය (ශුද්ධාත්මයාණෝ) අප සමඟ තබාගන්නා බවට සාක්ශි දරයි.

    පියාණන්වහන්සේගේ පොරොන්දු තුළ ඇති දීමනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ සහ ශක්තිමත් කිරීමේ බලය තුළින් පැමිණේ. උදාහරණයක් ලෙස, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ ආකාරයට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සෑම ප්‍රීතියකම මූලාශ්‍රයයි (see “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82). මේ අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ අවධානය යොමු කරනවා නම්, අපගේ තත්වයන් කුමක් වුවත් අපගේ ජීවිතයට ප්‍රීතිය ගෙන දෙයි.

  30. සභාපති එස්රා ටාෆ්ට් බෙන්සන් මෙම ආකල්පයෙන් හා දිශානතියෙන් වෙනස් වූ බලපෑම ගැන, ඔහු කීවේ, “කීකරුකම කෝපයක් බවට පත්වීම වැලකී හා අපගේ ගවේෂණය වීමත් සමග, ඒ මොහොතේ දී දෙවියන්වහන්සේ අපට බලය ලබා දෙයි” (in Donald L. Staheli, “Obedience—Life’s Great Challenge,” Ensign, May 1998, 82).

  31. යොහාන් 16:32.

  32. පියාණන්වහන්සේගේ හා පුත්‍රයාණන් අප සඳහා දක්වන සැලකිල්ල, උනන්දුව, ආදරය, සහ මැදිහත් වීම පිළිබඳව අතිරේක සාකච්ඡාවක් සඳහා, see Jeffrey R. Holland, “The Grandeur of God,” Liahona, Nov. 2003, 70–73; Henry B. Eyring, “Walk with Me,” Liahona, May 2017, 82–85. තවත් බලන්න මතෙව් 18:20; 28:20; දහම සහ ගිවිසුම 6:32; 29:5; 38:7; 61:36; 84:88.

  33. බලන්න රෝම 8:35–39; 1 කොරින්ති 13:1–8; මොරෝනි 7:46–47.

  34. දහම සහ ගිවිසුම 50:27. මෙම පොරොන්දුව වෙන් කර කළින් එවූ සෑම කෙනෙකුටම ස්වාමින්වහන්සේ දෙන බව මතකතබාගන්න, එමෙන්ම ඔහු විසින් දෙනු ලැබූ විශේෂිත පැවරුම අනුව ඔහු සීමාවී ඇත:

    “ශ්‍රේෂ්ඨ වීමට වෙන්කළ තැනැත්තා සැමගේම සේවකයා වන්නේය.

    “ස්වර්ගයේද සහ පොළවේද ඇති දේ වලින්, හීවිතයෙන් සහ ආලෝකයෙන්ද, ආත්මයෙන්ද බලයෙන්ද, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හරහා පියාණන්ගේ කැමැත්ත මත එසේ සිදුවෙනවා.

    එහෙත් සියලු මනුෂ්‍යයන් පව් වලින් පවිත්‍ර කරනු ලැබුවාවූ හැර, කිසිවෙක් ඔහු සතු සියල්ල නොවේ.

    ඔබ සියලු පව්වලින් පවිත්‍ර වී පවිත්ර නම්, ඔබ යේසුස්වහන්සේගේ නාමයෙන් කුමක් ඉල්ලන්නහු දැ යි විමසන්නැ’යි කීය (දහම සහ ගිවිසුම 50:26–29).

  35. බලන්න 1 සැමුවෙල් 16:7; 1 කොරින්ති 2:14. යේසුස්වහන්සේ කළාක් මෙන් මේ ආශීර්වාදයේ ආදර්ශය නම්, අපරාධයක් සිදු කළ තරුණයෙකුගේ අත්දැකීම ගැන සභානායකවරයා ලෙස තම අත්දැකීම් පිළිබඳ සභාපති හෙන්රි බී. අයින්ග්ගේ වාර්තාව බලන්න. The Lord said to then-Bishop Eyring, “I’m going to let you see him as I see him” (“Walk with Me,” 84).

  36. ගැලවුම්කරුවාණන් බවුන්ටිෆුල් දේවමාළිගාවේදී මිනිසුන්ට දුන් පොරොන්දුව මෙයයි. උන්වහන්සේගේ ආලෝකය හා උන්වහන්සේගේ ආදර්ශය ඔවුන් තුළ ජීවත්වීමට උන්වහන්සේ අණ කළ අතර, උන්වහන්සේ තම ජීවිතයේ ලෝකයට ආලෝකය ලෙසත් අන් අය වෙතට පැමිණෙන ලෙසටත් ආරාධනා කිරීම පිණිස ඔවුන්ට හැකි විය. ඔහුගේ අනුගාමිකයන් එසේ ජීවත් වූ බැවින් ආරාධනා කළ නිසා, අන් අය ඔහුට දැනෙනු ඇත. 3 නෙපි 18:24–25 බලන්න.

  37. See Russell M. Nelson, “The Price of Priesthood Power,” Liahona, May 2016, 68.

  38. බලන්න දහම සහ ගිවිසුම 84:88.