2010–2019
ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වීම

අප අපගේ හදවත සූදානම් කරගන්නවානම්, ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳීම ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිදුවන්නට පුළුවන්.

අපගේ ස්වර්ගික පියාණන් අපට ආදරෙයි. උන්වහන්සේගේ ආශිර්වාද අප භුක්ති විඳිය යුතු නිසා උන්වහන්සේ පරිපූර්ණ සැලැස්මක් අපට දී තියෙනවා. මේ ජීවිතයේ දී, අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, බෞතීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබීම මෙන්ම ඇදහිලිවන්තව සුභාරංචිය අනුව ජීවත්වීම සඳහා අපි හැමටම ආරාධනාවක් ලැබී තියෙනවා. “ස්ථීර සහ පටු මාර්ගයට” පිවිස බෞතීස්මය යන කැපවීම ගැන නෙපී මෙසේ විස්තර කළා, ඔහු අපට මතක් කරදෙන ලෙස අපට ලබාදීමට ස්වර්ගික පියාණන්වහන්සේ විසින් ගබඩාකර ඇති සියළුම ආශිර්වාද ලබාගැනීම සඳහා, “නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන භුක්ති විඳිමින් ඉදිරියට ගොස් අවසානය දක්වා විඳදරාගන්න”(2 නෙපි 31:19–20).

නීපායි තවදුරටත් මෙසේ අපට මතක් කළා, “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳපන්න,” ඒවා “නුඹලා කලයුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය”(2 නෙපි 32:3) එමෙන්ම “විරුද්ධකාරයාගේ පරීක්ශාවන්ට සහ ගිනිමය හෙළ වලට” අසුනොවී ජයගැනීමට ඒවා බලවත් වනු ඇත (1 නෙපි (15:24).

භුක්ති විඳීම යනු කුමක්ද?

මම කුඩා කාලයේදී, මම හිතුවේ භුක්ති විඳීමක් කියන්නේ බත්, සූශි සහ සෝයා සෝස් එක්ක ලොකු කෑම වේලක් ගන්නවා කියලයි. භුක්ති විඳීම කියන්නේ, රසවත් ආහාරයක් රසවිඳිනවට වැඩි දෙයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. එය ප්‍රීතිය, පෝෂණය, සැමරීම, බෙදාහදා ගැනීම, පවුල් සහ ප්‍රේමණීය අය කෙරෙහි ප්‍රේමය ප්‍රකාශ කිරීම, දෙවියන්වහන්සේට ස්තුති දීමක් සන්නිවේදනය කිරීම සහ ඉතා, රසවත් ආහාර භුක්ති විඳින අතරතුර සබඳතා ගොඩනැගෙන අත්දැකීමක්. ක්‍රිස්තුස්වහන්සේ වචන මත අපි භුක්ති විඳින විට, එකම ආකාරයේ අත්දැකීමක් ලබාගන්නා බව අපට සිතිය හැකියි. ශුද්ධලියවිලි මත භුක්ති විඳීම ලෙස හැඳින්වෙන්නේ ඒවා කියවීම පමණක් නොවෙයි. එය අපට සැබෑ ප්‍රීතිය ගෙන එන අතරම ගැළවුම්කරුවාණන් සමග අපගේ ඇති සම්බන්ධය ගොඩනගයි.

මොර්මන් පොතේ මේ ගැන පැහැදිලිවම උගන්වලා තියනවා. ගසක් දුටු ලීහායිගේ සිහිනය මතකයට නගාගන්න “එහි ඵලයට යමෙක් සතුටු කළ හැකිවිය.” එම ඵලය නියෝජනය කරන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි, “එය ඉතාම රසවත්ය, මීට පෙර කිසිදා මා විඳි ඵලයන්ට වඩා රසවත්ය.” “මාගේ ප්‍රාණය බලවත් ප්‍රීතියකින් පිරුණේය” එය ඔහුගේ පවුල හා සමග බෙදාගන්නට තරම් දෙයක් ලෙස ඔහු සැලකුවා (1 නෙපි 8:10–12).

අපි භුක්ති විඳිද්දී, අපගේ හදවත් ස්තූතියෙන් පිරී යනවානම්, අපි ලබාගන්නා ආහාර වර්ගය හෝ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ. ලීහායිගේ පවුල පාළුකරයේදී ජීවත් වුණේ අමු මස් අනුභව කරමිනි, නමුත් එම අසීරු අභියෝගය ගැන නීපායි කීවේ මෙසේයි, “තවද අපි වනාන්තරයේ බොහෝ පීඩාවන් මැදින් ගමන් කළෙමු, තවද අපේ ගැහැණු වනාන්තරයේදී දරුවන් ප්‍රසූත කළහ ඔවුන් කෙඳිරිලි නැගුවේ නැත” (1 නෙපි 17:1–2).

සමහර අවස්ථාවලදී භුක්ති විඳීම සඳහා අත්හදාබැලීම සහ රස බැලීමද අදාළ වෙයි. අපගේ හදවතේ රෝපණය වන යහපත් බීජයක් පිළිබඳ ඇල්මා කථා කරයි. අපි එය මත අත්හදාබලන විට, එම බීජය “ඉතා රසවත්” බව අපි වටහා ගනීවි (බලන්න ඇල්මා32:28–33).

ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වීම

ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝශණය වීම නිසා ලැබෙන ආශිර්වාද බලවත් මෙන්ම ජීවිතය වෙනස් කරවන සුළුය. විශේෂයෙන්ම මෙම දේවල් තුන ඔබේ ජීවිතයට අදාළ කර ගැනීමට ආරාධනා කරන්නට මම කැමතියි.

පළමුව, ක්‍රිස්තුස්වහන්සේගේ වචන වලට අපට “අපගේ ආත්මික ධාරිතාව වැඩිකරගනිමින් එළිදරව් ලබාගැනීමට” උදව් කළ හැකිය (“ රසල් එම්. නෙල්සන් සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා මැයි 2018, 96) සහ ආරක්ශාකාරීව අපගේ ජීවිතයට මගපෙන්වයි. මෝර්මන් අපට උගන්වන පරිදි ක්‍රිස්තුස්වහන්සේගේ වචන වලට “තවද දැන් මක්නිසාද වචනය දේශනා කිරීම එනම් ධර්මිශ්ට දේ කිරීමට ජනතාවට මගපෙන්වීම එනම් බලවත් ප්‍රවනතාවයක් විය, එසේය එය කඩුවට වඩා ජනතාවගේ හදවත් මත හෝ එය ඔවුන්ට සිදුව තිබූ වෙනත් කිසිදු දෙයකට වඩා බලවත් විය” (ඇල්මා 31:5). මාගේම අභියෝගයන් සමඟ කටයුතු කිරීමේදී මා ප්‍රඥාව සොයා බැලූ ලෙසම, සෑම විටම, “දෙවියන්වහන්සේගේ වචනයෙහි ගුණය”(ඇල්මා 31:5) පරීක්ෂා කර බැලූ විට, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල සහ මා වටා සිටින අයට ආදරය සහ ඥානවන්ත තීරණ ගැනීමට, පරීක්ෂාවන් ජය ගැනීම සහ ජීවිතයට ආශිර්වාද ලබාගැනීමට මට හැකි විය. අපේ අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන් අපට උගන්වා ඇත්තේ, “මතු පැමිණෙන කාලයේදී, ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම, මෙහෙයවීම, සැනසිල්ල සහ ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර බලපෑම් නැතිවර ආත්මිකව බේරීමට අපට හැකි වන්නේ නැත” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” 96). අපි “වචනයේ ගුණය” උත්සාහ කරන විට අපට අවශ්‍ය එළිදරව් පැමිණේවි, අප උත්සාහ කළ හැකි හෝ සිතා ගත හැකි අන් කිසිවකට වඩා එම වචනය වඩා බලවත් වනු ඇත.

දෙවනුව, අපගේම අනන්‍යතාවය හා ආත්ම ගෞරවය නොමැතිව අපි, අපි සමග සටන් කරන විට, “දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචනය” (යාකොබ් 2: 8) ශුද්ධලියවිලි පාඨ තුලින් අපට ඇත්ත වශයෙන්ම කවුරුන්දැයි අපට දැන ගැනීමටත්, අපගේම ශක්තියෙන් අපට ශක්තිය ලබා දීමටත් අපට උපකාර කරනු ඇත. දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස මගේ අනන්‍යතාව හඳුනාගැනීම මා කවදාවත් අත්දුටු සංවේදී අවස්ථාවන්ගෙන් එකකි. තරුණයෙක්ව සිටි මගේ මුල් කාලයේ , ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ගැන මම කිසිවක් දැන සිටියේ නෑ. මම මුලින්ම නව ගිවිසුමේ කියවූවිට, ක්‍රිස්තුස්වහන්සේගේ වචන සැබැවින්ම මගේ තුවාල ලැබූ ආත්මය සුව කළා. මම තනිවී නැති බවත් මම දෙවියන්වහන්සේගේ දරුවෙක් බවත් මම තේරුම්ගත්තා. දෙවියන්වහන්සේ ඉදිරියේ මගේ සත්‍ය වූ අනන්‍යතාවය මම හඳුනාගත් විට, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් මට ඇති අසීමිත හැකියාව මම වටහාගත්තා.

ක්‍රිස්තුස්වහන්සේගේ වචන ගැන කල්පනා කර බැලීමෙන් ලැබෙන ආලෝකය පිළිබඳ ඊනොස්ද ඔහුගේ පෞද්ගලික අත්දැකීම බෙදාගත්තා. තම පියා ඉගැන්වූ වචන ඊනොස් ප්‍රකාශ කළේ මෙසේයි, “තවද මම මගේ පියා නිතර කථා කරනවා ඇසූ, ශුද්ධවන්තයන්ගේ සදාතන ජීවිතය සහ ප්‍රීතිය ගැන, මගේ හදවතේ ගැඹුරටම කිඳාබැස තිබුණි” ඔහුගේ ප්‍රාණය “බඩගිනි විය, තවද මම මාගේ මැවුම්කරුවාණන් ඉදිරියේ දනින් වැටී යාච්ඤා කළෙමි” (ඊනොස් 1:3–4). එම යාච්ඤාවේදී ඔහු ගැලවුම්කරුවාණන් පිළිබඳත්, අපට මහත් වටිනාකමත්, ආදරය තුලින් අපගේ වැරදිවලට සමාව ලැබිය හැකි ආකාරය ගැනත්, අපි සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවන් බවත් දැනගත්තේය.

තුන්වෙනුව, ක්‍රිස්තුස්වහන්සේගේ වචන තුළින් අපට අන් අයගේ ජීවිත ඔසවා තැබිය හැකිය. ක්‍රිස්තුස්වහන්සේගේ වචන ඔහුගේ හදවත ස්පර්ශ කරන්නට ඔහුගේම කාලයක් සහ වේලාවක් ඊනොස්ට තිබූ පරිදි, අප සුභාරංචිය බෙදාගැනිමට ආසාවෙන් සිටින අයගේ හදවත් ස්පර්ශ කරන්නට ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ කැමැත්ත තුලින් උන්වහන්සේගේ කොටස ඉටු කරනු ඇත. අපව අනපේක්ෂිත ලෙස බිඳවැටී ඇති නිසා, සුභාරංචියට සවන් දීමට යමෙකු ආරාධනා කිරීමට උත්සාහ කළ විට අපි බොහෝ දෙනෙකු අධෛර්යයට පත් විය හැකිය. ප්‍රතිඵලය කුමක් වුවද, අපගේ මුඛය විවෘත කර අන් අය වෙත සුභාරංචි පණිවුඩය බෙදා දීමට ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරයි.

වසර දෙකකට පෙර, ස්වාමීන්වහන්සේ මගේ ආදරණීය මවගේ හදවත ස්පර්ශ කළ බෞතීස්ම වත්පිළිවෙත පිළිපැදීමට ඇයට උපකාර කළා. ඒ දවස එනතුරු මම අවුරුදු 35 කට ආසන්න කාලයක් බලා සිටියා. ඇයට එම තීරණය ගැනීමට සභාවේ බොහෝ සාමාජිකයන් ඇයට ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ කළ හැකි ආකාරයටම දේවසේවය කළා. එක් ඉරිදාවක, සභාවට යන්නට මෙන් ඇයට හැඟී තිබුණා. ඇය ඒ හැඟීම අනුගමනය කළා. ඇය ඉදිරිපිට පේළියෙහි ඉඳගෙන සිටි අතර, සක්‍රමේන්තු සේවය ආරම්භ කිරීමට බලා සිටි අතර, අවුරුදු හතරක් වයසැති පිරිමි දරුවෙක් ඇය ඉදිරිපිට සිට ඇය දෙස බලාගෙන සිටියා. ඇය ඔහුට හිනාවකින් ආචාර කළා. පුංචි දරුවා හදිසියේම ඇයගෙන් අහකට ගොස්, මගේ අම්මා අසුන් ගත් පේළියෙහි අනෙක් පැත්තේ තිබුණු තමාගේ අසුනට ආපසු ගියා. මේ පුංචි දරුවා සිය අසුනෙන් යමක් අහුළාගෙන ආපසු මගේ අම්මාට ගීතිකා පොතක් භාර දුන් අතර ඔහුගේ අසුනට ආපසු ගියා. සභා ශාලාවේ සෑම ආසනයකම ගීතිකා පොතක් තබා තිබූ අයුරු අම්මා දැක්කා. ඇය අසල තිබූ අසුනකින් පහසුවෙන්ම පොතක් අරගන්නට ඇයට හැකියාව තිබුණා. කෙසේ වෙතත්, මෙම දරුවා නිවසේදී හෝ සභාවේදී ඉගෙනගත් අහිංසක කරුණාවන්ත ක්‍රියාව ගැන ඇය පුදුමයට පත් වුණා. එය ඇයට සංවේදී මොහොතක් වුණා. ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට දෙවියන්වහන්සේ ඇයට ආරාධනා කළ බවට ශක්තිමත් හැඟීමක් ඇයට ඇතිවුණා. ඇය බෞතීස්ම වියයුතු බව ඇයට හැඟුණා. මේ කුඩා පිරිමි ළමයා ඔහු කළ දේට ඔහු පිළිගැනීමක් සෙව්වේ නෑ, නමුත් ඔහු දෙවියන්වහන්සේගේ වචනය අනුව ජීවත් වූ අතර තම අසල්වැසියාට ප්‍රේම කිරීමට උපරිම වෑයමක් දැරුවා. ඔහුගේ කරුණාව මගේ අම්මාගේ හදවතේ වැදගත් වෙනසක් ඇති කළා.

ක්‍රිස්තුස්වහන්සේගේ වචන සැබවින්ම හදවත් ස්පර්ශ කරන අතර උන්වහන්සේව දකින්නේ නැති අයගේ ඇස් විවෘත කරනවා. එම්මාවුස් වෙත යන මාර්ගයේ දෙදෙනෙක් යේසුස්වහන්සේ සමඟ ගමන් ගත්තා. ගැලවුම්කරුවාණන් මරණය ජයගත් බව නොදැන උන්වහන්සේගේ මරණය ගැන දුකින් සිටියා. ජීවත්ව සිටි ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් සමඟ ගමන් කරමින් සිටි බව ඔවුන්ගේ ශෝකය නිසා හඳුනාගන්නට ඔවුන්ට නොහැකි වුණා. යේසුස්වහන්සේ තමන් ගැනම සඳහන් කර ඇති සෑම ශුද්ධ ලියවිල්ලක්ම ඔවුන්ට පැහැදිලි කර දුන්නද උන්වහන්සේ ඔවුන් සමග හිඳ පාන් කඩන තුරුම ඔවුන් ගැළවුම්කරුවාණන් ලෙස උන්වහන්සේව හඳුනාගත්තේ නෑ. ඉන්පසු ඔවුන්ගේ “දෑස්” විවෘත වුණා. අප හෝ අපේ මිතුරන්, ආශ්‍රය කරන්නන් සහ අසල්වැසිය්න් සමග - භෝජන සංග්‍රහයක් භුක්ති විඳිමින් පාන් කඩන විට, තේරුම්ගැනීමේ අපගේ දෑස් විවෘත වනු ඇත. එම්මාවුස්හි සිටි ගෝලයන් නැවත නැඟිටුණු ගැලවුම්කරුවාණන් සමඟ කාලය ගත කළ විට උන්වහන්සේ ඔවුන්ට ශුද්ධලියවිලි විවෘත කළ විට ඔවුන්ගේ හදවත් දැවී ගියහ. (ලූක් 24: 27-32 බලන්න ). අප සියලුදෙනාටම මෙය සත්‍ය වනු ඇත.

අවසානය

අවසානයේදී, අප ඒවා ලබාගැනීමට අපගේ හදවත සූදානම් කරගන්නවානම්, ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳීම ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිදුවන්නට පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳීමෙන්, උද්යෝගිමත් ජීවිතයක් ගෙන දෙන එළිදරව්වීම්, අපගේ සැබෑ අනන්‍යතාව නැවත නැවතත් දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස හඳුනා ගන්නටත්, අපගේ මිතුරන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හා සදාකාල ජීවනයට මඟපෙන්වන්නටත් අපට හැකිවනු ඇත. නීපායි කී දේ ප්‍රකාශ කිරීම මගින් මම අවසාන කරන්නම්: “එමනිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුල ස්ථීරත්වය ඇතිව, තවද දෙවියන්වහන්සේට සහ සියළු මනුශ්‍යයන්ට ප්‍රේමය ඇතිව, ඉදිරියට ගමන් කළ යුතුය. එමනිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචනය අසමින් ඉදිරියට ගොස් අවසානය තෙක් විඳ දරාගන්නේ නම් බලන්න, පියාණන්වහන්සේ මෙසේ කියන්නේය: නුඹලාට සදාතන ජීවිතය ලැබෙන්නේය” (2 නෙපි 31:20). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.