2010–2019
ඔබගේ පූජකත්ව ක්‍රීඩා-පොත
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබගේ පූජකත්ව ක්‍රීඩා-පොත

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ඔබ ඔබවම සහතික කරනේ කෙසේද යන්න ඔබගේම ක්‍රීඩා-පොත සකසාගන්න.

අවුරුදු 11ක් වයසැති පිරිමි ළමුන්ට ඔවුන් වයස අවුරුදු 12 සම්පූර්ණ වන අවුරුද්දේ මුල ජනවාරි මාසයේ “ආරෝනික පූජකත්ව ඝණපූර්ණ වලට සහභාගී වන්නට ආරම්භ කළ හැකි බව” පසුගිය දෙසැම්බර් මාසයේදී, පළමු සභාපතිත්වය විසින් වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.1

එහි ප්‍රතිඵලයක් ලෙස, අවුරුද්දේ මුල් කාලයේදී, ප්‍රාථමිකයේ ඔවුන්ගේ මීළඟ උපන්දිනය තෙක් හිඳී යැයි සිතූ 11 හැවිරිදි පිරිමි ළමුන් පුදුමයට පත්ව, සභාවේ අළුතින් වෙන්කල ඩීකන්වරුන් ලෙස, ඉරිදා දින වලදී සක්‍රමේන්තුව බෙදාදෙයි.

මෙම වෙනස්කම නිසා බොහෝ පුදුමයට පත්වුනේ ඩීකන්වරුන්ද නැත්නම් දෙමාපියන්ද යන්න මම පුදුම වෙනවා. 80,000 පමණ - මේ නව ඩීකන්වරුන් - මේ ශ්‍රේෂ්ඨ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ අද රාත්‍රියේදී තාක්ශණයත් සමග අපි හා සමග එක්වී සිටිනවා. ශ්‍රේෂ්ඨ වූ සහෝදරත්වයට සහ පූජකත්වයට ඔබව පිළිගන්නවා!

මෙම වෙනස මේ රැස්වීම ඉතිහාසගත කරනවා - ප්‍රධාන සම්මන්ත්‍රණයේ පූජකවර සැසිවාරයට මෙතෙක් සහභාගී වූ වැඩිම ආරෝනික පූජකවර දරන්නන්ගේ විශාලම කණ්ඩායම වෙනවා. මෙම විශේෂ අවස්ථාවේ ආලෝකය ලෙස, ආරෝනික පූජකත්වයේ තරුණ පිරිමි ළමුන් හට මම මගේ කථාව විශේෂයෙන් යොමු කරනවා.

ක්‍රීඩාවන්ගෙන් ඉගෙනගත් පාඩම්

සිසුවන් ලෙස, ඔබ බොහෝදෙනා ක්‍රීඩාවන් ඇතුළුව පාසලේ, පෞද්ගලික පාඩම්, කණ්ඩායම් සහ පාසලෙන් පිටත කණ්ඩායම්, තුලින් ඔබගේ තලෙන්ත, ආශාවන් සහ විනෝදාංශ වර්ධනය කරගනිමින් සිටිනවා.

මගේ ජීවිතය පුරාම ක්‍රීඩාව රසවිඳි මම, උසස් තල වල තම දක්ශතා සහ හැකියාවන් වර්ධනය කරගන්නා ක්‍රීඩකයන් මම සැමවිටම අගය කරනවා. යම් කෙනෙකුට ඕනෑම දෙයක වඩා හොඳ වීමට, ස්වභාවික හැකියාවට අමතරව අවශ්‍ය වන්නේ, ශ්‍රේෂ්ඨ විනයක්, පරිත්‍යාගයක් සහ පුහුණූවේ සහ පළ පුරුද්දේ අසීමිත පැය ගණනාවකි. එවැනි ක්‍රීඩකයන් නිතරම පුහුණුකරුවන්ගේ සමහර කටුක විවේචන නිතරම අසනු ලබන අතර අනාගතයේ දී වැඩි යමක් සඳහා තමන් කැමති දේ දැන් කැමැත්තෙන් ඉවත දමනවා.

වෘත්තීය ක්‍රීඩක මට්ටමෙන් උසස්ම ජයග්‍රහණ ලබා සාර්ථක වූ සභා සාමාජිකයින් සහ පූජකවරය දරන්න ගැන අපි දන්නවා. මෙහි බොහෝ යහපත් උදාහරණ තිබෙන නමුත් වේලාව ඇති පරිදි මට කියන්නට පුළුවන් වෙන්නේ සුළු දෙනෙක් ගැන පමණයි. මෙම සමහරක් ක්‍රීඩකයින්ව ඔබට හඳුනාගන්නට හැකිවේවි: බේස්බෝල්, ජෙරමි ගුත්‍රි සහ බ්‍රයිස් හාපර්; පැසිපන්දු, ජබරි පාකර් සහ ජිමර් ෆ්‍රෙඩෙත්තේ; පාපන්දු, රිකාඩෝ රෝජාස්; සහ රග්බි ලීග්, විලියම් හපෝතේ; සහ පාපන්දු, යටිසම් හිල් සහ ඩැනියෙල් සෝරෙන්සන්. එම එක් එක්කෙනා ඔවුන්ගේ ක්‍රිඩා සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තියෙනවා.

ඔවුන් ඔවුන්ගේ ක්‍රීඩාවන් වල බොහෝ ලෙස සාර්ථකවී ඉන්නා අතර, ඔවුන් පරිපූර්ණ ක්‍රීඩකයින්වත් පරිපූර්ණ මනුශ්‍යන්වත් නොවන බව පවසන පළමු ක්‍රීඩකයින්ද ඔවුනුයි. ඔවුන්ගේ ක්‍රීඩාවේ දක්ශතමයා වන්නට - එමෙන්ම සුභාරංචිය අනුව ජීවත් වන්නට ඔවුන් මහන්සි වී වැඩ කරනවා. ඔවුන් පැකිලෙන විට සහ අවසානය තෙක් විඳදරාගැනීමට උත්සහ කරන විට ඔවුන් නැගී සිටී.

ක්‍රීඩා-පොත අධ්‍යනය කරන්න.

කණ්ඩායම් ක්‍රීඩා වල, යම් යම් ක්‍රීඩා අවස්ථා යටතේ තරඟ වර්ධනය වී ඒවා ක්‍රීඩා-පොතක් ලෙස ගොනුකරයි. ක්‍රීඩකයින් ඔවුන්ගේ එක් එක් ක්‍රීඩාව සඳහා නිශ්චිත පැවරුම් ක්‍රීඩකයින් ඉගෙන ගනී. සාර්ථක ක්‍රීඩකයින් ක්‍රීඩා-පොත හොඳින්ම අධ්‍යනය කර, ක්‍රීඩාවක් සඳහා කැඳවූ විට, හොඳින්ම, සහ සහජයෙන්ම කොහේ යා යුතුද කුමක් කළ යුතුද යන්න ඔවුන් දැනගනී.

රූපය
ක්‍රීඩා පොතක් සමග පුහුණුකරු

ජායාරූපය ඩේව් විසිනි Kaup/REUTERS/stock.adobe.com

රූපය
ක්‍රීඩා පොත

එවැනිම වූ ආකාරයකට, පූජකවරය දරන්නන් වන අපිත් කණ්ඩායමක් - (ඝණපූර්ණයක්,) එමෙන්ම ක්‍රීඩා-පොතක් - (ශුද්ධලියවිලි සහ නූතන දිවැසිවරුන්ගේ වචන) අපට තියෙනවා.

ඔබ ඔබගේ කණ්ඩායම් සාමාජිකයින්ව ශක්තිමත් කරනවාද?

ඔබ කොතරම් හොඳින් ඔබේ ක්‍රීඩා-පොත අධ්‍යනය කර ඇත්ද?

ඔබ ඔබගේ පැවරුම සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන ඇත්ද?

රූපය
පූජකවර ඝණපූර්ණ

විරුද්ධකාරයාට මුහුණදීම

තවදුරටත් සංසන්දනය රැගෙන යාම සඳහා, ශ්‍රේෂ්ඨ පුහුණුකරුවන් ඔවුන්ගේ කණ්ඩායමේ ශක්තීන් සහ දුර්වලතාවයන් හොඳින්ම හඳුනනා අතර ඔවුන්ගේ විරුද්ධවාදීන්වද හඳුනයි. ජයග්‍රහණය සඳහා හොඳම අවස්ථාව දියහැකි ක්‍රීඩා සැලැස්මක් ඔවුන් නිර්මාණය කරයි. ඔබට කොහොමද?

ඔබ වඩාත්ම අවදානමට ලක් වී ඇති පරීක්ෂාවන් ඔබ දන්නවා, විරුද්ධවාදියා ඔබව අවුල් කරන්නට සහ ඔබව අධෛර්යයට පත් කරන්නේ කෙසේදැයි ඔබට පුරෝකථනය කළ හැකියි. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමට ඔබ සඳහා පෞද්ගලික ක්‍රීඩා සැලසුමක් සහ ක්‍රීඩා පොත නිර්මාණය කර තිබෙනවාද?

අනිත් අය සමග සිටින විට හෝ ඔබ තනිවම තිරයක් දෙස බලා සිටින විට - බෞතික පරීක්ෂාවන් කීපයකට ඔබ මුහුණ දීමේදී - ඔබගේ ක්‍රීඩා සැලැස්ම ඔබ දන්නවා. මිතුරෙකු මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර බොන්නට ඔබට යෝජනා කල විට, ක්‍රීඩාව ඔබ දන්නවා. ඔබ කලින් පුහුණුවී ඇති නිසා ප්‍රතිචාර දියයුතු ආකාරය ඔබ දන්නවා.

ක්‍රීඩා සැලැස්මක්, ක්‍රීඩා-පොතක්, සහ ඔබගේ භූමිකාව සඳහා ස්ථීර කැපවීමක් ඔබට ඇති විට, එම පරීක්ශාවට ඔබව පාලනය කරන්නට ඇත්තේ කුඩා හැකියාවක් බව ඔබ සොයාගනීවි. ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඔබ කරන දෙය කලින්ම ඔබ විසින් තීරණය කර තිබෙනවා. ඔබ පරීක්ශාවකට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම තීරණය කිරීම ඔබට අවශ්‍ය වන්නේ නෑ.

මෙම මූලධර්මය පැහැදිලි කරන කථාවක් දොළොස්දෙනාගෙන් කෙනෙක් මෑතකදී බෙදාගත්තා. උසස් පාසලේ පූජකයෙකු ලෙස, ඔහු ඔහුගේ මිතුරන් සමග හිටියා. ඔවුන් කන්නට යමක් ගත් අතර ඔවුන් එහේ මෙහේ වාහනය පදවමින් සිටි අතර එක්තරා චිත්‍රපටයක් නැරඹීමට කෙනෙක් යෝජනා කළා. ප්‍රශ්ණය වුනේ ඔහු දැනගෙන හිටියා ඔහු ඒ චිත්‍රපටය නැරඹිය යුතු එකක් නොවන බව. එම අවස්ථාව ගැන ක්ශණයකින් ඔහුට බියක් සහ පීඩනයක් දැනුනත්, ඔහු ඒ වෙනුවෙන් සැලසුම් කර තිබුණා. මෙය ඔහුගේ පූජකවර ක්‍රීඩා-පොතේ පුටුවකින් කෙලින්ම ආ දෙයක්.

ගැඹුරු හුස්මක් ගෙන ඔහුගේ ධෛර්යය කැඳවා, ඔහු කිව්වා, “මම ඒ චිත්‍රපටයට කැමති නෑ. මාව අගේ ගෙදරින් බස්සගෙන යන්න,” ඔවුන් එසේ කළා. කුඩා ක්‍රීඩාවක් ජයග්‍රහණය කරා මගපෙන්නුවා! අවුරුදු ගණනාවකට පසු,එම රැයේදී සිටි එක් මිතුරෙක් ඔහුට පැවසුවේ ඔහුගේ එම උදාහරණය නිසා එවැනි වූ අවස්ථාවන්ට ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අවස්ථා වලදී ධෛර්යවන්තව සහ විශාල ශක්තියකුන් සිටින්නට ලබාදුන් අවස්ථාව ගැනයි.

ක්‍රීඩා-පොතෙන් පිටු

ඔබ ඔබේ ක්‍රීඩා-පොතේ ඇතුල් කරන්නට කැමති දේවල් මොනවාද යන්න මම මගේ සහෝදරයන් කීපදෙනෙකුගෙන් ඇහුවා. මෙන්න ඔවුන්ගේ යෝජනා වලින් කීපයක්:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව උතුම් ආලෝකයක් සහ සාක්ශියක් සඳහා දිනපතා යාච්ඤා කරන්න.

  • ඔබගේ දෙමාපියන්ගේ, ඔබගේ සභානායකවරයාගේ සහ තරුණ පිරිමි සහ ඝණපූර්ණ නායකයන්ගේ ඉගැන්වීම් වලට සාවධානව ඇහුම්කන්දෙන්න.

  • අසභ්‍ය දර්ශන සහ දුරාචාර සහිත සමාජ ජාලා අන්තර්ගතයන් ඉවත් කරන්න.

  • ඔබ දෙවියන්වහන්සේට වූ පොරොන්දු මතක තබාගෙන ඒවා තැබීමට ක්‍රියාකරන්න.

  • ශ්‍රේෂ්ඨ දිවැසිවරුන් සහ ඔවුන්ගේ හොඳ ගුණාංග ගැන ශුද්ධලියවිලි කථාන්දර අධ්‍යනය කරන්න.

  • සේවය තුලින් ස්වර්ගික පියාණන්ගේ දරුවන් ආශිර්වාද කරන්න.

  • ඔබට වීමට අවශ්‍ය පුද්ගලයා වීමට උදව් වන හොඳ මිතුරන් සොයන්න.

  • පවුල්සෙවීම යෙදුමේ දක්ශයෙකු වී ඔබගේම පවුල් ඉතිහාසය සොයන්න.

  • නරක බලපෑම්වලින් මිදීමට හැකි ස්ථාන සැලසුම් කරන්න.

  • ඔබගේ පූජකවර ඝණපූර්ණයේ අනෙකුත් සාමාජිකයින් ශක්තිමත් කිරීමට ප්‍රේමය සහ උදව් ලබාදෙන්න.

අපි කලින් නැරඹූ පින්තූර වල ඉන්නා ක්‍රීඩකයින් කීපදෙනෙකු සමග මම කථා කළා. වෘත්තීය ක්‍රීඩකයන් ලෙස ඔවුන් කරන දේවල් වලින් පමණක් ඔවුන් ඔවුන්ව හඳුන්වන්නේ නැති බව මම සොයාගත්තා, ඒ වෙනුවට ඔවුන් ඔවුන්ව හඳුන්වන්නේ ස්වර්ගික පියාණන්ගේ පුත්‍රයන් සහ දෙවියන්වහන්සේගේ පූජකවරය දරන්නන් ලෙසයි.

අපි දැන් ඔවුන්ගේ සිතුවිලි වලට සවන් දෙමු:

  • ජිමර් ෆ්‍රෙඩෙට්ටෙ, ඔහුගේ ටයි පටය පැලඳීමට ඉගෙන්නා ඩීකන්වරයෙකු ලෙස මෙසේ කියනවා “සුභාරංචියේ සත්‍ය පිළිබඳ ඇදහිල්ල සහ මගේ දැනුම මත ගැඹුරුව රැඳී ඉන්නට මම ඉගෙන ගත්තා. සුදුසු පූජකවර දරන්නෙක් වන්නටත් ඒ හැමදේටමත් වඩා - ධනාත්මක උදාහරණයක් වෙන්නටත් … මෙය මාව මෙහයවූවා.”

    රූපය
    ජිමර් ෆ්‍රිඩෙත්තේ ඩීකන්වරයෙකු ලෙස
  • බ්‍රයිස් හාපර්, ස්වාමිපුරුශයෙක් ලෙස ඔහු මෙසේ ලියනවා: “මම හිතුවා ජනප්‍රියත්වය, වාසනාව සහ MVP කුසලාන මාව සතුටු කරයි කියලා. යම්දෙයක් අඩු වෙලා තිබුණා. ඉතින්, මම … සූදානම් වෙලා දේවමාළිගාවට ඇතුල් වුණා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ප්‍රීතිය වන - මගේ ස්වර්ගික පියාණන් වෙතට නැවත යාමටත් සහ සදාකාලික පවුලක් ලබාගැනීමේ මාවතේ දැන් මම ඉන්නවා!”

    රූපය
    බ්‍රයිස් හාපර් ඔහුගේ බිරිඳ සමග
  • ඩැනියෙල් සෝරෙන්සන්, ධර්මදූතවරයෙකු ලෙස මෙහෙම කිව්වා: “හොඳ ක්‍රීඩා පොතක් යනු සෑම කණ්ඩායම් සාමාජිකයෙකුගේම දක්ශතා සහ ශක්තිය පාවිච්චි කරන එකක්. … යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ සුභාරංචියේ ඉගැන්වීම් මම අධ්‍යනය කරන විට හා ක්‍රියාත්මක කරන විට, පූජකවරයේ සේවය කරන්නට මට මාගේ ශක්තිය භාවිතා කල හැකි ආකාරය දැනගත හැකියි.”

    රූපය
    ඩැනියෙල් සොරෙන්සන් ධර්මදූතවරයෙකු ලෙස
  • වර්තමානයේ ධර්මදූත සභාපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටින, ජෙරමි ගුත්‍රි, මෙසේ බෙදාගත්තා: “අවුරුදු 12 වයසැති ඩීකන්වරයෙකු ලෙස … [මට දැණුනා] ‘මේ ජීවිතය … දෙවියන්වහන්සේ හමුවීමට සූදානම් වීමල කාලය බව’ ආත්මයාණන් මට සාක්ශි දැරුවා.2 මෙම ක්‍රීඩා සැලසුම දෙවියන්වහන්සේ තුල ඇදහිල්ල ක්‍රියාත්මක කරවීමට [සහ] ගැලවුම්කරුවාණන් තුලින් පසුතැවිලි වීමටය. … මෙම ක්‍රීඩා පොත ශුද්ධලියවිලි තුලින් සහ ජීවමාන දිවැසිවරුන් තුලින් සොයාගත හැකිය.”

    රූපය
    ජෙරමි ගුත්‍රි ධර්මදූත සභාපතිවරයෙකු ලෙස
  • ජබරි පාර්කර්, වැඩිහිටියෙකු ලෙස ඔහුව කැපකරන අවස්ථාවේදී ඔහු මෙසේ කියනවා, “ බෞතීස්ම වීමට තීරණය නොකළා නම් මම දැන් කොහොම කෙනෙක් වෙලා ඉඳීද කියලා මට හිතාගන්නවත් බෑ. … දිනපතාම මාව මෙහෙයවන්නට දෙවියන්වහන්සේ මගේ ජීවිතයේ සිටීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.”

    රූපය
    ජබරි පාර්කර් පූජකත්ව වෙන්කිරීමේදී
  • රිකාර්ඩෝ රෝජාස්, වර්තමානයේ ශාඛා සභාපතිවරයෙකු ලෙස සේවය කරමින්, මෙසේ පැවසුවා: “[දෙවියන්වහන්සේගේ] පූජකවරය තුලින් [අපට] උන්වහන්සේගේ කාර්යට උපකාර විය හැකිය. සත්‍ය කෙරෙහි නැගී සිටීම සඳහා ‘ශක්තිමත්ව සහ හොඳ ධෛර්යකින් සිටීමට’3 අපව කැඳවා ඇත. ක්‍රීඩා පිටියේ මෙන්ම පූජකවරය දරන්නෙකු ලෙස මෙය ඔහුට සාර්ථක වීමට උපකාරී වී ඇත.

    රූපය
    රිකාඩෝ රෝජාස් ශාඛා සභාපතිවරයෙකු ලෙස.
  • ටයිසම් හිල්, ධර්මදූතවරයෙකු ලෙස, ඔහුගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ සුභාරංචිය ක්‍රීඩා පොතක් ලෙස සේවය කරනවා යැයි දැනෙන බව බෙදාගත්තා. ඔහු බෙදාගත්තා, “දෙවියන්වහන්සේගේ සැලැස්ම විශ්වාස කිරීම සහ මගේ භූමිකාව මට හැකි උපරිම ආකාරයෙන් සම්පූර්ණකිරීම නිසා මට දරාගත නොහැකි සාමයක් සහ ජීවිතයේ සතුටක්, දෙවියන්වහන්සේ මගේ ප්‍රයත්න ගැන සතුටු වන බව දැනගත් විට මට දැණුනා.”

    රූපය
    ටයිරම් හිල් ධර්මදූතයෙකු ලෙස
  • විලියම් හපෝතේ, ඔහුගේ දරුවාගේ බිළිඳු ආශිර්වාදය ලබාදීමට පරම්පරා හතරක් සේ එකතු වෙමින් මෙසේ කිව්වා, “විරුද්ධවාදීන්ගේ උපාය මාර්ග හඳුනා ගැනීම සහ වික්‍රමාන්විත පිති වලට ඔරොත්තු දීම හා ආත්මික ක්‍රියාකාරිත්වයෙන් අන් අයට සේවය කරන්නට” සුභාරංචිය ඔහුට උදව් වුණා.

    රූපය
    විලියම් හපෝතේ ළදරු ආශිර්වාදයේ

ඔබට කොහොමද? දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් ලෙස සහ උන්වහන්සේගේ ශුද්ධවූ පූජකවරය දරන්නෙක් ලෙස, ඔබ ඔබගේ ශුද්ධවූ උසස් අනන්‍යතාවය හඳුනාගන්නවාද? මෙම සදාකාලික අනන්‍යතාව මනසේ තබාගෙන, ඔබගේ ක්‍රීඩා සැලැස්ම සහ පූජකවර ක්‍රීඩා-පොත නිර්මාණය කරන්න පරීක්ශා සහ විරුද්ධවාදී වෙලාවල් වලදී ඔබට එය මගපෙන්වාවි. ප්‍රහාරාත්මක හා ආරක්ෂක ක්‍රමෝපායන් දෙකම සලකා බලන්න.

ප්‍රහාරාත්මක ක්‍රම අපට අපගේ සාක්ශිය ශක්තිමත් කරගැනීමට සහ සෘජු සහ පටු මාර්ගයේ රැඳීසිටීමට උදව් වෙනවා. උදාහරණ නම් දිනපතා යාච්ඤා, ශුද්ධලියවිලි අධ්‍යනය, සභාවට සහ දේවමාළිගාවට සහභාගීවීම, දසයෙන් කොටස ගෙවීම, සහ තරුණයින් සඳහා ශක්තිය පත්‍රිකාවේ උපදේශ අනුගමනය කිරීම ඊට ඇතුලත්.

ආරක්ශක ක්‍රම යනු ඔබ පරීක්ශාවන්ට මුහුණ දෙන ආකාරය පෙර සිටම සැලසුම් කිරීමයි. ඔබගේ පෞද්ගලික ප්‍රමිතීන් පහළ දමන්නට ඔබ පරීක්ශාවට ලක්වූ විට ඔබ කළ යුතු දේ ඔබ දන්නවා.

ඔබට ඒ සඳහා ක්‍රීඩා-පොතක් අවශ්‍යයි.

අද ක්‍රීඩා කරන්නට සිතෙන්නේ නැත්ද? ඔබ දැනටමත් සැලසුම් කළ ක්‍රීඩාව කරන්නට කාලය හරි.

ඔබගේ සාක්ශිය පහව යන බවක් ඔබට දැනෙනවාද? ඔබට ඒ සඳහා ක්‍රීඩා-පොතක් ඇත. ඔබ කරන්නට අවශ්‍ය කුමක්ද කියා දන්නවා.

දෙවියන්වහන්සේගේ දෑස් තුල සියළු තරු

ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පූජකත්වය දරන්නන්. යකඩ අත්වැල තදින් අල්ලා සිටීමට වූ ඔබගේ කැපවීම ඔබ වීම සඳහා නිර්මාණය කළ සදාකාලික කෙනෙකු බවට ඔබව පත්කරාවි.

දෙවියන්වහන්සේ ඔබව දනී සහ ප්‍රේම කරයි. ඔබගේ පියවර උන්වහන්සේ ආශිර්වාද කර මගපෙන්වාවි.

ඔබ තරුවක් මෙන් නොවන බවත් - ඔබ විශේෂ කෙනෙක් නොවන බව ඔබ සිතනවා වෙන්නට පුළුවන්. නමුත් එය සත්‍යක් නොවේ. “දුර්වල දේ ඉදිරියට විත් ශක්තිමත් සහ බලසම්පන්න දේ කඩා දමයි” යන්න දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැත්ද?4

ඉතින්, ඔබ දුර්වල යැයි දැනෙනවාද? වැදගත් නැති යැයි දැනෙනවාද? සුභපැතුම්, ඔබ පේළියක් සාදාගත්තා!

ඔබ වැදගත් නැති බව හැඟෙනවාද? බාල බව හැඟෙනවාද? යම්විට දෙවියන්වහන්සේට අවශ්‍ය ඔබ වන්නට පුළුවන්.

රූපය
දාවිත් සහ ගොලියත්

යුධ පිටියට පය තබා ගොලියත් වූ වියකරු ප්‍රතිවාදියාට එරෙහිව සටන් කරන්නට ආ ඩේවිඩ් කෙතරම් නම් ශ්‍රේෂ්ඨ උදාහරණයක්ද? ක්‍රීඩා සැලැස්මක් සමග, ස්වාමින්වහන්සේ මත යැපෙමින්, ඩේවිඩ් මුදවාගත්තේ ඔහුව පමණක් නොවේ නමුත් මුළු ඊශ්‍රායෙල් හමුදාවයි.5 ස්වමින්වහන්සේගේ පැත්තේ සිටීමට ඔබ ධෛර්යය ඉල්ලා සිටින විට ස්වමින්වහන්සේ ඔබ සමග බව මතක තබාගන්න. “දෙවියන්වහන්සේ අප සමග සිටීනම්, අපට එරෙහි වියහැක්කේ කාටද?”6

අපිට කෙදිනකවත් ඇතැයි අප නොසුතූ ශක්තීන් හා හැකියාවන් සොයාගැනීමට දොරටු විවෘත කර අපට උදව් කරන්නට උන්වහන්සේට හැකිය.7

ඔබේ දෙමාපියන්, සභානායකවරයා සහ තරුණ පිරිමි නායකයන් වන - ඔබේ විශ්වාසවන්ත පුහුණුකරුවන්ට සවන්දෙන්න. ක්‍රීඩා-පොත ඉගෙනගන්න ශුද්ධ ලියවිලි කියවන්න. නූතන දවස් වල දිවැසිවරුන්ගේ වචන අධ්‍යනය කරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ඔබ ඔබවම සහතික කරනේ කෙසේද යන්න ඔබගේම ක්‍රීඩා-සැලසුම සකසාගන්න.

විරුද්ධවාදියාගේ උගුල් මගහරිමින්, ඔබගේ ආත්මය ශක්තිමත් කිරීමට ඔබ භාවිතා කරන භූමිකා කලින්ම දැනගන්න.

ඔබ එය කරන්න එවිට දෙවියන්වහන්සේ ඔබව භාවිතා කරයි.

දැන්, සුභාරංචියෙන් වෙන්වී අහකට යන යම් අය සිටින්නට පුළුවන්. සමහරුන් වාඩ්වී දුර ඇති ක්‍රීඩාව දෙස බලාසිටී. පුහුණුකරු ඔවුන්ට ඇතුලට ගන්නට උත්සහ කලත්, සමහරු බංකුවේ ඉඳගෙනම සිටීමට තෝරාගන්නවා.ඔබගේ සෙසු කණ්ඩායම් සාමාජිකයින්ට මෙන් ඔවුන්ව මුදවාගැනීමට, සහයෝගය දීමට සහ ප්‍රේම කිරීමට මම ඔබට ආරාධනා කරමි!

අනෙක් අයට ක්‍රීඩාවට ඇතුල්වීමට අවශ්‍ය වී - ඔවුන් එසේ කරනවා. අදාළ වන්නේ ඔවුන් කෙතරම් දක්ශද යන්න නොවේ, ක්‍රීඩා පිටියට පැමිණෙන්නට ඇති ඔවුන්ගේ කැමැත්තයි. ඔවුන්ගේ අංකය කථා කරන තුරු ඔවුන් බලා සිටින්නේ නැත, මන්ද ශුද්ධලියවිලි පවසන දේ ඔවුන් දනී, “දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබට කැමැත්තක් ඇතිනම් එම කාර්යය සඳහා ඔබව කැඳවා ඇති සේක.”8

ඔබට පෝළිමේ සිටින්නට පුළුවන්.

ඔබගේ පූජකවර ක්‍රීඩා-පොත ඔබ අධ්‍යනය කරන විට සහ ක්‍රියාත්මක කරන විට ඔබ මෙය කරයි.

එම ගමන අතරතුරදී බොහෝවිට ඔබ පැකිලෙන්නට සහ වැටෙන්නට පුළුවන් - සමහරවිට බොහෝ අවස්ථාවල. ඔබ පරිපූර්ණ නෑ; අසමත්වීම යනු සුදුසු වීමේ ක්‍රියාවලියේ කොටසක් වන අතර ඔබගේ ස්වභාවය ඒ මගින් පිරිපහදු කර වඩා කාරුණික ලෙස සේවය කරන්නට ඔබට හැකියාව ලබාදෙනවා. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම අපගේ අතපසුවීම් ජයගන්නට ස්වාමින්වහන්සේ අපට මාර්ගයක් ලබාදී තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රීඩාවේ ඉතා කුඩා දෙයක් පරිපූර්ණ කරගැනීමට ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් පැය සියගණනක් ගත කරනවා. පූජකවරය දරන්නෙකු ලෙස, ඔබටත් එම මානසිකත්වය අවශ්‍යයි. ඔබ අසමත් වූවොත්, පසුතැවී එයින් ඉගෙනගන්න. අනෙක් අවස්ථාවේදී හොඳින් කිරීමට පුහුණු වන්න. අවසාන වශයෙන්, එය ඔබ මත තීරණය වෙයි. ඔබ ක්‍රීඩා-පොත ඉගෙනගන්නවාද?

මම ඔබෙන් අයදිනවා, දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන්න. දෙවියන්වහන්සේගේ යුධ ඇඳුම9 දමාගෙන ක්‍රීඩාවට ඇතුල් වන්න.

වෘත්තීය මට්ටමින් ඉහළම තලයේ ක්‍රීඩා කරන්නන් විශාල ලෙස නෑ, නමුත් අනුගාමිකත්වය ගත් කළ, ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ බොහෝ දෙනෙක් සිටිනවා.

සැබවින්ම, මෙම ජීවිතයේ ඔබගේ පරමාර්ථය - ස්වාමීන්වහන්සේගේ මාර්ග ඉගෙනගෙන, අනුගාමික මාර්ගයෙහි ඇතුළු වීම සහ දෙවියන්වහන්සේගේ සැලැස්ම අනුව ජීවත් වීමට වෙර දැරීමයි. ඔබ උන්වහන්සේ වෙත හැරෙන ලෙස දෙවියන්වහන්සේ ඔබව ආරක්ශා කර ආශිර්වාද කරනු ඇත. ඔබට මෙය කළ හැකියි, මන්ද උන්වහන්සේගේ දෑසේ ඔබ සියළු-තරුවකි.

ඔබ දරන පූජකවරයට සුදුසු ලෙස ජීවත් වීමට කැපවීමට සහ ඔබගේ ශුද්ධවූ භූමිකාව දිනපතා ක්‍රියාත්මක කිරීමට වෙහෙසේවි යැයි මම යාච්ඤා කර සිටිනවා. ඔබට එසේ කිරීමට හැකියාවත් උවමනාවත් ලැබේවායැයි මම ඔබව ආශිර්වාද කරනවා. ඔබ දරන පූජකත්වයේ බලය පිළිබඳ, ජීවමාන දිවැසිවරුන් පිළිබඳ, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ භූමිකාව පිළිබඳ මගේ සාක්ශියද මම එකතු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.