2010–2019
ඝණපූර්ණය: අයිති වීමේ ස්ථානයක්
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඝණපූර්ණය: අයිති වීමේ ස්ථානයක්

ස්වාමින්වහන්සේ ඔබට ශක්තිමත් ඝණපූර්ණයක් ස්ථාපිත කරගන්නට සලස්වයි. උන්වහන්සේගේ දරුවන් එකතු කරන විට, ඔවුන්ට අයිති වීමට සහ ගොඩනැගීමට ස්ථානයක් අවශ්‍යයි.

2010 දී, ඇන්ඩ්‍රෙ සෙබෙකෝ යනු සත්‍ය සොයමින් සිටි තරුණ පිරිමි ළමයෙකි. ඔහු කෙදිනකවත් හදවතට දැණුනු යාච්ඤාවක් කර නොතිබුණත්, උත්සහයක් දරන්නට තීරණය කළා. ඉන් ටික කලකට පසු, ඔහුට ධර්මදූතයින් හමුවුණා. ඔවුන් ඔහුට මොර්මන් පොතෙහි පින්තූරයක් ඇති බෙදාදෙන කාඩ් පතක් ලබාදුන්නා. ඇන්ඩ්‍රේට යමක් දැණුනු නිසා ඔහු ධර්මදූතයින්ගෙන් ඇහුවා මේ පොත විකුණනවද කියලා. ඔහු සභා ස්ථානයට ආවොත් ඔහුට ඒ පොත නොමිලේ ලබාගත හැකි බව ඔවුන් ඔහුට පැවසුවා.1

ඇන්ඩ්‍රේ තනිවම, අප්‍රිකාවේ බොට්ස්වානා හි අළුතින්ම නිර්මාණය කර තිබූ මොචුඩි ශාඛාවට සහභාගී වුණා. නමුත් එම ශාඛාව සාමාජිකයින් 40 ක් පමණ සිටි ආදරණීය, තදින් බැඳී සිටි කණ්ඩායමකින් යුත් සභාවක්.2 ඔවුන් ඇන්ඩ්‍රේව සාදරයෙන් පිළිගනු ලැබුවා. ඔහු ධර්මදූත පාඩම් ලබාගෙන බෞතීස්මය ලැබුවා. එය හරිම පුදුමාකාරයි.

නමුත් ඉන්පසු වුනේ කුමක්ද? ඇන්ඩ්‍රේ ක්‍රියාකාරීව ඉන්නේ කොහොමද? ගිවිසුම් මාවතේ ඉදිරියට ඔහුට ගොඩනැගෙන්නනට උදව් කරන්නේ කව්ද? එම ප්‍රශ්ණයට එක් පිළිතුරක් නම්, ඔහුගේ පූජකවර ඝණපූර්ණයයි!3

යමෙකුගේ තත්වය කුමක් වුවත්, සෑම පූජකවරය දරන්නෙකුම ශක්තිමත් ඝණපූර්ණයකින් වාසි ලබනවා. ආරෝනික පූජකවරය දරන, මගේ තරුණ සහෝදරයනි, එක් එක් සහ සෑම තරුණ පිරිමි ළමයෙකුම අයිති වන, ස්වමින්වහන්සෙගේ ආත්මය වැඩ සිටින, සෑම ඝණපූර්ණ සාමාජිකයෙක්ම සාදරයෙන් පිළිගන්නා සහ අගය කොට සලකන ශක්තිමත් ඝණපූර්ණයක් සෑදීමට ස්වාමින්වහන්සේ ඔබට ආරාධනා කර සිටිනවා. ස්වමින්වහන්සේ උන්වහන්සේගේ දරුවන් එකතු කරන විට, ඔවුන්ට අයිති වීමට සහ ගොඩනැගීමට ස්ථානයක් අවශ්‍යයි.

ඝණපූර්ණ සභාපතිත්වයේ සිටින ඔබ වැනි සෑම සාමාජිකයෙකුම ඝණපූර්ණ සාමාජිකයින් අතර ප්‍රේමය සහ සහෝදරත්වය වර්ධනය කිරීමට මගපෙන්වීම4 සොයමින් මාර්ගය මෙහෙයවනු ලබනවා. නව සාමාජිකයින්ට, ක්‍රියාකාරී නොවන, හෝ විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකයින්ට ඔබ විශේෂ අවධානයක් දෙනු ලබනවා.5 පූජකවර බලය සමග, ශක්තිමත් ඝණපූර්ණයක් ගොඩනගන්නට ඔබට පුළුවන්.6 එමෙන්ම ශක්තිමත්, එකමුතු ඝණපූර්ණයක් තරුණ පිරිමි ළමයෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

සභාව විසින් නිවස මූලික කරගත් නව සුභාරංචි අධ්‍යනය පිළිබඳ නිවේදනය කළ විට,7 යම් අය ඇන්ඩ්‍රේ වැනි තරුණ පුද්ගලයින් ගැන සිතමින් මෙහෙම ඇහුවා, “සුභාරංචිය අධ්‍යනය නොකරන පවුලක් තියන සහ සුභාරංචිය ඉගෙනගැනීමට හෝ ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති තරුණ පුද්ගලයින්ට මොකද වෙන්නේ? ඔවුන්ව මගඇරී යයිද?

නෑ! කිසිම කෙනෙක්ව මගහැරෙන්නට බෑ! ස්වාමින්වහන්සේ සෑම තරුණ පිරිමි ළමයෙකුටමත් සෑම තරුණ ගැහැණු ළමයෙකුටමත් ආදරෙයි. අපි, පූජකවරය දරන්නන් ලෙස, ස්වමින්වහන්සෙගේ දෑත් වල ඉන්නවා. නිවස මූලික කරගත් ප්‍රයත්න වලට සභාවේ සහයෝගය අපියි. නිවසේදී සීමිත සහයෝගයක් ඇති විට, පූජකවර ඝණපූර්ණ සහ අනෙකුත් නායකයින් සහ මිතුරන් එක් එක් පුද්ගලයාට සහ පවුලට අවශ්‍ය ලෙස සහයෝගය ලබාදිය යුතුයි.

එය වැඩ කරනවා මම දැකලා තියනවා. මම එය අත්විඳලා තියනවා. මට අවුරුදු 6 දී, මගේ දෙමව්පියන් දික්කසාද වුණා, ඒ වගේම මගේ තාත්තා කුඩා දරුවන් පස් දෙනෙක් එක්ක මගේ අම්මාව අතහැර ගියා. අපි වෙනුවෙන් මගේ අම්මා වැඩ කරන්නට පටන් ගත්තා. එක් කාලයක ඇයට දෙවනි රස්සාවකුත්, අමතර අධ්‍යාපනයත් අවශ්‍ය වුණා. පෝශණය කරන්නට ඇයට තිබුනේ පුංචි වෙලාවයි. නමුත්, ආච්චිලා සීයලා, නැන්දලා, මාමලා, සභානායකවරු, සහ නිවාස ගුරුවරුන් මගේ දේවදූතියක් වැනි අම්මාට උදව් වෙන්නට ඉදිරිපත් වුණා.

ඒවගේම මට ඝණපූර්ණයක් තිබුණා. මගේ මිතුරන් - මගේ සහෝදරයින් - මට ආදරය කල සහ සහය වුණු හැමදෙනාටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මගේ ඝණපූර්ණය අයිති වීමේ ස්ථානයක්. මගේ පවුලේ තත්වය නිසා සමහරු මං ගැන හිතුවේ සාර්ථක වන්නට නොහැකි සහ දුර්වල කෙනෙක් විදියටයි. සමහර විට මම එහෙම වෙන්න ඇති. නමුත් පූජකවර ඝණපූර්ණය අවාසි වෙනස් කළා. මගේ ඝණපූර්ණය මා වටා රොක්වී මගේ ජීවිතය පුදුමාකාර විදියට ආශිර්වාදිත කළා.

සාර්ථක වන්නට නොහැකි සහ දුර්වල අය අප වටා ඉන්නවා. සමහරවිට අපි සියලුදෙනාම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එසේ විය හැකියි. නමුත් මෙතන ඉන්න අපි හැමදෙනාටම ඝණපූර්ණයක් තියෙනවා, එතන අපිට ශක්තිය ලබාගන්නත් ශක්තිය ලබාදෙන්නත් පුළුවන් ස්ථානයක්. ඝණපූර්ණය යනු “එකක් සඳහා සියල්ලන්ම සහ සියල්ලන් සඳහා එකකි.”8 එය එකිනෙකාට උපදෙස් ලබාදෙන, අනෙක් අයට සේවය කරන, සහ දෙවියන්වහන්සේට සේවය කිරීම මගින් එකමුතුකම, සහෝදරත්වය ගොඩනගන ස්ථානයක්.9 එය ආශ්චර්යන් සිදුවන ස්ථානයක්.

මොචුඩි ඝණපූර්ණයේ ඇන්ඩ්‍රේට සිදුවූ ආශ්චර්යන් කීපයක් ගැන ඔබට කියන්න මම කැමතියි. මෙම උදාහරණ මම බෙදාගන්නා අතර, සෑම පූජකවර ඝණපූර්ණයක්ම ශක්තිමත් කිරීමට ආදාළ වන මූලධර්ම ගැන සැලකිලිමත් වෙන්න.

ඇන්ඩ්‍රේ බෞතීස්ම වුනාට පසුව, ධර්මදූතයින් ඉගැන්වූ වෙනත් තරුණ ළමුන් හතර දෙනෙක්ට ඉගැන්වීමට ඇන්ඩ්‍රේ ඔවුන් සමග එකතු වුණා, ඔවුන්ද පසුව බෞතීස්ම වුණා. දැන් එතන තරුණ පිරිමි ළමුන් පස් දෙනයි. ඔවුන් එකිනෙකාවත් සභාවත් ශක්තිමත් කරන්නට පටන් ගත්තා.

තූසෝ කියලා හයවෙනි තරුණ පිරිමි ළමයෙකුත් බෞතීස්ම වුණා. තූසෝ ඔහුගේ මිතුරන් තිදෙනෙක් සමග සුභාරංචිය බෙදාගත්තා, ඉක්මනින්ම ඔවුන් නවදෙනෙක් බවට පත්වුණා.

යෙසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් බොහෝ වෙලාවට එක් රැස් වන්නේ මෙහෙමයි - ඔවුන්ගේ මිතුරන්ගේ ආරාදනාවන් මත, එක වෙලාවකට කිහිපදෙනා බැගින්. ඉතිහාසයේ, ඇන්ඩෘ ගැලවුම්කරුවාණන්ව සොයාගත් විට, ඔහු ඉක්මනින්ම ඔහුගේ සොහොයුරා වන සීමොන් ලඟට ගොස් ඔහුවත් “යේසුස්වහන්සේ වෙත රැගෙන ආවා.”10 එලෙසම, පිලිප් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වූ විගසම, ඔහුගේ මිතුරෙකු වූ නාතෙල්ට “පැමිණ බලන්නට” ආරාධනා කළා.11

මොචිඩි හි, 10 වෙනි තරුණ පිරිමි ළමයාත් ඉක්මනින්ම සභාවට සම්බන්ධ වුණා. ධර්මදූතයින් විසින් 11 වෙනියාත් සොයාගත්තා. 12 වෙනි පිරිමි ළමයා තම මිතුරන් මත සුභාරංචියේ බලපෑම දැක බෞතීස්ම වුණා.

මොචුඩි ශාඛාවේ සාමාජිකයින් උද්යෝගයට පත්වුණා. මෙම තරුණ පිරිමි ළමුන් “ස්වමින්වහන්සේ දෙසට හැරී, එමෙන්ම … සභාවට එකතු වී” තිබුණා.12

ඔවුන්ගේ හැරීමේදී මොර්මන් පොත සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබුණා.13 “නිවසේදීත්, පාසලේදීත්, සෑම තැනකමදීත්, මම නිදහසේ සිටින සෑම විටම මම මොර්මන් පොත කියවීමට පටන් ගත්තා” යනුවෙන් තූසෝ මතක් කළා.14

ඔහුගේ මිතුරන්ගේ උදාහරණය හේතුවෙන් ඔරාටිල් සුභාරංචියෙඔ ගිලී සිටියා. “ඇසිපිය හෙලන පරක්කුවට ඔවුන් වෙනස් වූවා. … යනුවෙන් ඔහු විස්තර කළා. මම හිතුවා … ඒ ඔවුන් පාසලේදී …හැමවෙලාවෙම අතේ අරගෙන ගිය … පුංචි පොත නිසා කියලා. මම දැක්කා ඔවුන් කොතරම් යහපත් මිනිසුන් බවට පත්වෙලාද කියලා. … [මටත්] වෙනස් වෙන්නට උවමනා වුණා.”15

රූපය
මොචුඩි ශාඛාව

තරුණ පිරිමි ළමුන් 12 දෙනාම එක්වී අවුරුදු දෙකක් ඇතුළත බෞතීස්ම වී සිටියා. ඒ එක් එක්කෙනා ඔවුන්ගේ පවුල් වල එකම සාමාජිකයාද වුණා. නමුත්, ඔවුන්ගේ ශාඛා සභාපති වූ සභාපති රක්වෙලා,16 වැඩිහිටි ටේලර් සහ එම සහෝදරිය,17 ජේෂ්ට ධර්මදූත යුවලස් සහ අනෙකුත් සභා සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ සභා පවුලෙස් සහයෝගය ඔවුන්ට ලැබුණා.

ඝණපූර්ණ නායකයා වන ජූනියර් සහෝදරයා,18 තරුණ පිරිමි ළමුන්ව ඉරිදා දහවල් වලදී ඔහුගේ නිවසට ගෙන්වාගෙන උපදේශ ලබාදුන්නා. මෙම තරුණ පිරිමි ළමුන් එකට එක්ව ශුද්ධලියවිලි අධ්‍යනය කර නිවාස සැඳෑ නිතර පැවැත්වූවා.

රූපය
සාමාජිකයින්ව බැහැදකිමින්

ධර්මදූතයින් විසින් ඉගැන්වූ, සහ බැහැදැකීමක් අවශ්‍ය ඕනෑම කෙනෙක් බැහැදකින්නට ජූනියර් සහෝදරයා ඔවුන්ව රැගෙන ගියා. තරුණ පිරිමි ළමුන් 12 දෙනාම ජූනියර් සහෝදරයාගේ ට්‍රක් රථයේ පිටුපසට ගොඩවැදුණා. දෙදෙනෙකුගෙන් හෝ තුන්දෙනෙකුගෙන් යුත් සහකරුවන් ලෙස නිවෙස් වල ඔහු ඔවුන්ව බස්වා පසුව ඔවුන්ව නැවත නංවා ගන්නවා.

මෙම තරුණ පිරිමි ළමුන් සුභාරංචිය පිළිබඳ තවමත් ඉගෙනගනිමින් සිටියත් එමෙන්ම ඔවුන්ට බොහෝ දන්නවා යැයි ඔවුන්ට නොහැඟුනත්, ඔවුන් බැහැදකින පුද්ගලයින් සමග ඔවුන් දන්න එක් දෙයක් හෝ දෙකක් බෙදාගන්නා ලෙස ජූනියර් සහෝදරයා ඔවුන්ට පවසා තිබුණා. මෙම තරුණ පූජකවර දරන්නන් ඉගැන්වූවා, යාච්ඤා කළා, එමෙන්ම සභාව බලාගැනීමට උදව් කළා.19 ඔවුන් ඔවුන්ගේ පූජකවර වගකීම් සම්පූර්ණ කරමින් සේවය කිරීමේ ප්‍රීතිය අත්වින්දා.

රූපය
සහෝදරයින් කණ්ඩායම

“අපි එකට සෙල්ලම් කළා, එකට හිනාවුණා, ඒවගේම හොඳ සහෝදරයන් බවට පත්වුණා” ලෙස ඇන්ඩ්‍රේ පැවසුවා.20 ඇත්තවශයෙන්ම, ඔවුන් ඔවුන්ව “සහෝදර කණ්ඩායම” ලෙස හැඳින්වූවා.

ඔවුන් එක්ව හැමදෙනාම ධර්මදූත සේවය කරන්නට අරමුණක් සදාගත්තා. ඔවුන්ගේ පවුල් වල සිටි සභාවේ එකම සාමාජිකයින් ඔවුන් නිසා, ඔවුන්ට ජයගන්නට අභියෝග රාශියක් තිබුණා, නමුත් ඒවා ජයගන්නට ඔවුන් එකිනෙකාට උපකාර කළා.

එක් එක්කෙනා බැගින් මෙම තරුණ පිරිමි ළමුන්ඩ ඔවුන්ගේ ධර්මදූත කැඳවීම් ලැබුණා. මුලින්ම ගිය අය සූදානම් වෙන අයට, සේවය කිරීමට උද්යෝගී වන ලෙස ඔවුන්ගේ අත්දැකීම් බෙදාගනිමින් ලිපි එව්වා. එම තරුණ පිරිමි ළමුන්ගෙන් 11 දෙනෙක්ම ධර්මදූත සේවයේ යෙදුණා.

මෙම තරුණ පිරිමි ළමුන් ඔවුන්ගේ පවුල් සමග සුභාරංචිය බෙදාගත්තා. මව්වරුන්, සහෝදරියන්, සහෝදරයන්, මිතුරන් සහ ඔවුන්ගේ ධර්මදූත සේවයේ ඔවුන් ඉගැන්වූ පුද්ගලයින් හැරී බෞතීස්ම වුණා. ආශ්චර්යන් සිදුවී ගණන් කළ නොහැකි තරම් පවුල් ආශිර්වාදිත වුණා.

ඊශ්‍රායලය එක් රැස් වීම ඉක්මන්වන සාරවත් ස්ථානයක් වන අප්‍රිකාව මෙන් ස්ථාන වල පමණක් මෙවැනි ආශ්චර්යන් සිදුවන බව ඔබ සමහරක් හිතන හැටි මට ඇහෙනවා. ඒ කොහොමවුනත්, මොචුඩි ශාඛාවට අදාළ වූ එම මූලධර්ම ඕනෑම තැනකට සත්‍ය විය හැකි බව මම සාක්ශි දරනවා. ඔබ කොහේ සිටියත්, ක්‍රියාකාරීත්වය තුලින් සහ සුභාරංචිය බෙදාගැනීමෙන් ඔබගේ ඝණපූර්ණයට වර්ධනය විය හැකියි. එක් අනුගාමිකයෙක් හෝ මිතුරෙකුට ලඟා වූ විටක, එක් අයෙක් දෙදෙනෙකු වන්නට පුළුවන්. දෙදෙනෙක් හතරදෙනෙක් වන්නට පුළුවන්. හතරදෙනෙක් අටදෙනෙක් වන්නට පුළුවන්. අටදෙනෙක් දොළොස්දෙනෙක් වන්නට පුළුවන්. ශාඛා කොට්ටාශ බවට පත්විය හැකියි.

රූපය
මොචුඩි කොට්ටාශය

ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්වීය, “දෙදෙනෙක් හෝ තිදෙනෙක් [හෝ වැඩිදෙනෙක්] මාගේ නාමයෙන් එකට එක්වූ විට, …තවද, මම ඔවුන් මධ්‍යයේ සිටිමි.”21 ස්වර්ගික පියාණන්වහන්සේ අප වටා සිටින පුද්ගලයින්ගේ මනස සහ හදවත් සූදානම් කරමින් සිටී. පෙළඹවීම් අනුගමනය කරන්නට, සහභාගී කමෙහි දෑත් දිගුකරන්නට, මොර්මන් පොත කියවීමට අනෙක් අයට ආරාධනා කරන්නට, සහ ඔවුන් අපගේ ගැලවුම්කරුවාණන්ව දැනගැනීමට පැමිණෙන විට ඔවුන්ට ප්‍රේම කරන්නට සහ සහයෝගය ලබාදෙන්නට අපට පුළුවන්.

මොචුඩි ශාඛාවේ සහෝදරයින් ඔවුන්ගේ ගමන එකට එක්ව ආරම්භ කර දැන් අවුරුදු 10ක් පමණ වෙනවා, ඔවුන් තවමත් සහෝදරයින් කණ්ඩායමක්.

කැට්ලෙගෝ මෙහෙම කිව්වා, “අපි දුරින් වෙන්වෙලා ඉන්න පුළුවන්, නමුත් අපි එකිනෙකා වෙනුවෙන් තවමත් ඉන්නවා.”22

එක් එක් ඝණපූර්ණයක් අයිති වීමේ ස්ථානයක්, එකතු වීමේ ස්ථානයක්, වර්ධනය වීමේ ස්ථානයක් වනු පිණිස අපගේ පූජකවර ඝණපූර්ණ වල උන්වහන්සේ හා සමග එකට එකතු වී ස්වමින්වහන්සේගේ ආරාධනය පිළිගැනීම මගේ යාච්ඤාවයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන්ය, එමෙන්ම මේ උන්වහන්සේගේ කාර්යය. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. See Mark and Shirley Taylor, comp., The Band of Brothers (Mochudi Branch conversion stories and testimonies, 2012–13), 4, Church History Library, Salt Lake City.

  2. Personal correspondence, Letanang Andre Sebako, Band of Brothers resource files, 2011–19, Church History Library, Salt Lake City.

  3. සභාපති බොයිඩ් කේ. පැකර් මෙසේ පැවසීය: “මිනිසෙක් පූජකත්වය උසුලන විට, ඔහු ඔහුටත් වඩා විශාල දෙයක කොටසක් බවට පත්වනු ඇත. එය ඔහුගෙන් පිටත ඇති ඔහුට සම්පූර්ණ කැපවීමක් කළ හැකි දෙයකි.” (“The Circle of Sisters,” Ensign, Nov. 1980, 109–10).

  4. එළිදරව් සොයන්නේ කෙලෙසද යන්න විස්තර කළ පසු සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවේය, “ඔබ මෙම ක්‍රියාවලිය දවසින් දවස, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද, නැවත නැවත කළ විට ඔබ එළිදරව්වේ මූලධර්මයට වර්ධනය වේවි” (“සභාව සඳහා එළිදරව්, අපේ ජිවිත සඳහා එළිදරව්,” Liahona, May 2018, 95; see also Teachings of Presidents of the Church: Joseph Smith [2007], 132).

  5. අත්පොත 2: සභාව පරිපාලනය (2010), 8.3.2 බලන්න.

  6. සභානායකත්වය, සාමාජිකයින් සහ උපදේශකයින් අතුළු අනෙක් අයද උදව් කළහ. 2018 මාර්තු 31 වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බැන්ඩ් මෙල්කිසදෙක් පූජකත්වය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිවේදනයක් කළා “වැඩිහිටි ඝණපූර්ණයට සහ සහන සමිතියට වැඩි වැඩියෙන් වගකීම් බෙදාහරින්නට සභානායකවරයාට ඉඩහරින්න එවිට සභානායකවරයාට සහ ඔහුගේ උපදේශකයින්ට මූලික වගකීම් සඳහා අවධනය දෙන්නට පුළුවන් - විශේෂයෙන්ම තරුණ කාන්තා සහ ආරෝනික පූජකත්වය දරන තරුණ පිරිමි ළමුන්ට නායකත්වය දීමට” (“තවද බලන්න! රාජකීය හමුදාවක්,” ලියහෝනා, මැයි 2018, 59). දේවදූතයින්ද සහය වේවි. ආරෝනික පූජකවරය දරන්නන් දේවදූතයින්ගේ දේවසේවයේ යතුරු උසුලයි (බලන්න දහම සහ ගිවිසුම 13:1; තවත් බලන්න ඩාලේ ජී. රෙන්ලන්ඩ් සහ රූත් ලිබර්ට් රෙන්ලන්ඩ්, මෙල්කිසදෙක් පූජකවරය [2018], 26.) වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ පැවසීය: “සාමාන්‍යයෙන් [දේවසේවයේ දේවදූතයින්] දැකිය නොහැකියි. සමහරවිට දැකිය හැකියි. දැක්කත් නොදැක්කත් ඔවුන් සැමවිමටම ලඟ සිටී. යම් අවස්ථා වලදී ඔවුන්ගේ පැවරුම් ඉතාම ශ්‍රේෂ්ටයි එමෙන්ම මුළු ලෝකය සඳහාම ඉතාම වැදගත්. යම් අවස්ථා වලදී එම පණිවිඩ ඉතා පෞද්ගලිකයි. කලාතුරකින් දේවදූත අරමුණ අනතුරු ඇඟවීමයි. නමුත් බොහෝවිට එය සැනසීමට, කරුණාවන්ත අවධානයක් ලබාදීමට, අමාරු අවස්ථා වලදී මගපෙන්වීමටයි” (“The Ministry of Angels,” Liahona, Nov. 2008, 29). ඔබට එවැනි උපකාරයක් අවශ්‍ය නම්, ඔබට පුළුවන් “අසන්න, ඔබට ලැබෙනු ඇත” (යොහාන් 16:24).

  7. රසල් එම්. නෙල්සන්, “පටන්ගැනීමේ අදහස්,” ලියහෝනා, නොවැ. 2018, 7–8.

  8. See Alexandre Dumas, The Three Musketeers (1844).

  9. අත්පොත 2, 8.1.2 බලන්න.

  10. යොහාන් 1:40-42 බලන්න.

  11. යොහාන් 01.43-46 බලන්න.

  12. 3 නෙපි 28:23.

  13. See D. Todd Christofferson, “The Power of the Book of Mormon” (address given at the seminar for new mission presidents, June 27, 2017).

  14. Thuso Molefe, in Taylor, The Band of Brothers, 22.

  15. Oratile Molosankwa, in Taylor, The Band of Brothers, 31–32.

  16. ලූකස් රක්වෙල, මොචුඩි, බොට්ස්වානා.

  17. මාර්ක් සහ ශර්ලි ටේලර්, අයිඩහෝ, ඇඑජ.

  18. සිල්වෙස්ටර් ජූනියර් කොගොසිමන්ග්, මොචුඩි, බොට්ස්වානා.

  19. දහම සහ ගිවිසුම 20:46–47, 53, -54 බලන්න.

  20. Personal correspondence, Letanang Andre Sebako, Band of Brothers resource files.

  21. දහම සහ ගිවිසුම 6:32.

  22. Katlego Mongole, in “Band of Brothers 2nd Generation” (unpublished compilation), 21.