2010–2019
යහපත් එඬේරා, දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යහපත් එඬේරා, දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උන්වහන්සේගේ නමින් සහ උන්වහන්සේගේම හඬින් කතා කරයි. උන්වහන්සේ අපව සොයා අපව එකතු කරයි. අපට ප්‍රේමයෙන් යුතුව දේවසේවය කිරීමට උන්වහන්සේ උගන්වයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ නිදාගැනීමට අපහසුව කෙදිනක හෝ, පරිකල්පනය කළ බැටළුවන් ගණන් කිරීමට උත්සාහ කළාද? බූල් පිරිණු බැටළුවා වැට උඩින් පනිද්දී, ඔබ ගණන් කරනවා: 1, 2, 3, … 245, 246, … 657, 658 …1

මගේ ප්‍රශ්ණයේදී නම්, බැටළුවන් ගණන් කිරීමෙන් මට නින්ද යන්නේ නෑ. එකෙක් හෝ අතුරුදහන් වීම හෝ අහිමි වීම ගැන මම කණගාටුවෙන් අවදියෙන් ඉන්නවා.

රජෙකු වූ එඬේර දරුවෙකු ගැන අපි මෙහෙම ප්‍රකාශ කළා:

“ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට අවශ්‍ය නැත.

“උන්වහන්සේ මා හරිත තණබිම්වල සැතපී සිටින්නට හැර, උන්වහන්සේ මා නිසල ජලය ඉදිරියෙන් ගෙනයනු ඇත.

“උන්වහන්සේ මගේ ආත්මය යළි පිහිටුවයි.”2

රූපය
යහපත්හ් එඬේරාණන් වීදුරුව පැල්ලම් සහිත කළා

මෙම පාස්කු සමයේදී අපි දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් වන එලෙසම යහපත් එඬේරාණන්ව සමරනවා. ඔහුගේ සියලු දිව්‍යමය ශීර්ෂයන්ට වඩා වෙනත් කිසිවක් මෘදු හෝ කියන සුළු ඒවා නොවෙයි. අප අපගේ ගැළවුම්කාරයාණන්ගේ ගැන යහපත් එඬේරා ලෙසද, දිවැසිවරුන්ගේ සාක්ශීන් වන ,දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයා ලෙසද, උන්වහන්සේගේ ගැලවුම්කරුවාණන් ලෙසද යොමු කිරීම් වලින් අප බොහෝ දේ ඉගෙන ගනී. මෙම භූමිකාවන් සහ සංකේත බලවත් ලෙස අනුපූරක වේ - එඬේරාට වඩා ඉතා වටිනා බැටළුවන් බලාගන්නේ කව්ද, එමෙන්ම දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ට වඩා අපගේ එඬේරා වන්නට සුදුසුකම් ඇත්තේ කාටද?

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් තම පියාණන්ට කීකරුවීමට කැමති වුණු නිසා උන්වහන්සේගේ ජීවිතය අතහරින්නට කැමති වූ සේක.3 “මම යහපත් එඬේරාය; යහපත් එඬේරා බැටළුවන් උදෙසා ජීවනය දෙනු ඇත” කියා යේසුස්වහන්සේ සාක්ෂි දරයි.4 යේසුස්වහන්සේට තම ජීවිතය පහත දමා නැවත එය ලබාගැනීමට බලය තිබුණි.5 උන්වහන්සේගේ පියාණන් සමඟ එකට බැඳී, අපගේ යහපත් එඬේරා මෙන්ම දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණන් ලෙස, අපගේ ගැලවුම්කරුවාණන් අපට විශේෂ ලෙස ආශිර්වාද කරයි.

අපගේ යහපත් එඬේරාණන් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උන්වහන්සේගේ නමින් සහ උන්වහන්සේගේ හඬින් කතා කරයි. උන්වහන්සේ අපව සොයා අපව එකතු කරයි. අපට ප්‍රේමයෙන් යුතුව දේවසේවය කිරීමට උන්වහන්සේ උගන්වයි. මෙම තේමාවන් තුන අපි සලකා බලමු, උන්වහන්සේගේ නාමයන් උන්වහන්සේගේ හඬින් අමතන ආකාරයෙන් පටන් ගනිමු.

පළමුව, අපගේ යහපත් එඬේරාණාන් “තම බැටළුවන්ට ඔවුන්ගේම නම් වලින් කතා කරයි. … ඔවුන් උන්වහන්සේගේ හඬ අඳුනයි.”6 තවද “ක්‍රිස්තුස්වහන්සේ නම් වූ, උන්වහන්සේගේම නාමයෙන් උන්වහන්සේ ඔබ කැඳවයි.”7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා සැබෑ අභිප්‍රායෙන් අප සොයන විට, යහපත කිරීමට, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට සහ උන්වහන්සේට සේවය කිරීමට අපව පොලඹවනු ලබයි.8 අප අධ්‍යනය කරන විට, මෙනෙහි කරනවිට සහ යාච්ඤා කරන විට, අපි නිතිපතා සක්‍රමේන්තු හා දේවමාළිගාවේ ගිවිසුම් අළුත් කරන විට, උන්වහන්සේගේ සුභාරංචිය සහ ආඥාවන් වෙත පැමිණෙන ලෙස අපි සියලු දෙනාට ආරාධනා කරන විට, අපි උන්වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු.

අපගේ කාලයේ දී, සභාපති රසල් එම්. නෙල්සන්, නැවත පිහිටුවන ලද සභාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නමින් කෙළිදරව් කර ඇති ආකාරයට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස හඳුන්වන ලෙස උපදෙස් ලබාදුන්නා.9 ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: “ඔබ කරන කවර දෙයක් වුව ද මාගේ නාමයෙන් එය ඉටු කරන්න. එබැවින් නුඹලා මාගේ නාමයෙන් සභාව අමතන්නේ නම්; ඔබ මාගේ නාමයෙන් පියාණන්වහන්සේට යාච්ඤා කළ යුතු ය, මන්ද උන්වහන්සේ මා වෙනුවෙන් සභාව ආශිර්වාද කරන සේක”10 ලෝකය පුරාවට, අපගේ නිවෙස් වල සහ හදවත් වල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි පියාණන්වහන්සේට කථා කරන්නෙමු. නිවස ආශ්‍රිත, සභාවේ සහයෝගය සහිත නමස්කාරය, සුභාරංචි අධ්‍යනය සහ අනෙකුත් යහපත් පවුල් ක්‍රියාකාරකම් වලින් ලැබෙනා ත්‍යාගශීලී ආශිර්වාද සඳහා අපි ස්තූතිවන්ත වෙමු.

දෙවනුව, අපගේ යහපත් එඬේරාණන් අපව සොයා උන්වහන්සේගේ රැළට අපව එක් රැස් කර ගනී. උන්වහන්සේ මෙසේ අසයි. “නුඹලාගෙන් කෙනෙකු අහිමි වුවහොත්, බැටළුවන් සියයක් සිටින ඔබ, කවර මිනිසෙකු වුවද, නැතිවූ පැටවා සොයාගන්න තෙක්, ඔහු පාළුකරයේ අනූනවයක් හැර දමා නොයන්නේද?”11

අපගේ ගැළවුම්කාරයාණන් එම පැටවාට හා අනෙක් අනූනව දෙනාටම එකම විට එකම කාල සීමාව තුල ළඟා වනු ඇත. අපි දේවසේවය කරන විට, හැරගිය අය පිළිබඳ අපි දුක්වෙමින් සිටියත්, ශක්තිමත්ව නොසැලී සිටින අනූනව දෙනා ගැන අපි සිතන්නෙමු. “අපගේ ස්වාමීන්වහන්සේ පොළොවේ හතරෙන් කොනින්ම”12 අපව සොයා සියලු ස්ථානවලින් අපව ගෙන්වා ගනී.13 උන්වහන්සේ අපව ශුද්ධ ගිවිසුම් හා උන්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය මගින් එකතු කරයි.14

අපගේ ගැළවුම්කාරුවාණන් තම අලුත් ගිවිසුමේ ශ්‍රාවකයන්ට මෙසේ පැවසුවා: “මේ රැළෙහි නොවන, වෙනත් බැටළුවෝ මට ඇත.”15 ඇමරිකාවේ ජීවත් වූ, ලීහායිගේ ගිවිසුම් ලත් දරුවන්ට නැවත නැගිටි ස්වාමින්වහන්සේ සාක්ශි දැරූ සේක “ඔබ මාගේ බැටළුවෝය.”16 තවත් බැටළුවන් උන්වහන්සේගේ හඬ අසනු ඇති බවට යේසුස්වහන්සේ පැවසුවා.17 මොර්මන් පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬ පිළිබඳ තවත් සාක්ශියක් වීම මොනතරම් ආශීර්වාදයක්ද!

උන්වහන්සේගේ හඬට18 සවන් දෙන සියලු දෙනා සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින සියල්ලන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සභාවට කැඳවයි. ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුල ජලයෙන් හා ගින්නෙන් හා ශුද්ධාත්මයෙන් බෞතීස්මය ඇතුලත් වේ.19 “දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණෝ නම්, ශුද්ධව සිටියදීත්, වතුරෙන් බෞතීස්ම වී එසේ නම් සියලු ධර්මිෂ්ඨකම ඉෂ්ට කළ සේක. එසේ නම්, අප කොතරම් අශුද්ධද, එසේය අපිට බෞතීස්ම වීම කෙතරම් නම් අවශ්‍යදැයි නීපායි ඇසුවේය!”20

රූපය
යොහාන් යේසුස්වහන්සේව බෞතීස්ම කරමින්

අද අප අපගේ ගැළවුම්කාරයාණන් අපේක්ෂා කරන්නේ අප කරන දේවල් හා අප කවුරු බවට පත්වෙනවාද යන්න තුලින්, අන් අයට උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසට, උන්වහන්සේ අනුගමනය කරන ලෙසට ආරාධනා කිරීමයි. තිරයෙන් දෙපසම ඊශ්‍රායලය එකතු කරමින්, ගැළවීම පිළිබඳ පරිශුද්ධ ආඥාවන් සියලු පවුල් සහ සාමාජිකයින්ට ආශීර්වාද කළ හැකි වන පරිදි දෙවියන්වහන්සේගේ ශුද්ධවූ දේවමාළිගාව ඇතුලුව, උන්වහන්සේ තුළ ප්‍රේමය, සුව කිරීම, සම්බන්ධතාවය සහ ගිවිසුමක් පැමිණ සොයාගන්න.21

තුන්වනුව, “ඊශ්‍රායලයේ එඬේරුන් ලෙස,”22 ප්‍රේමයෙන් සේවය කරන ඉශ්රායෙල් එඬේරුන් පිළිබඳ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආදර්ශයක් ලබාදෙයි. සීමොන් පේතෘස් සමඟ කළ ලෙස අපගේ ස්වාමින්වහන්සේට අපි ප්‍රේම කරනවාදැයි උන්වහන්සේ ඇසුවොතින්, අපගේ ගැලවුම්කරුවාණන් මෙසේ කියයි: “මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න. … මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න. … මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න. …”23 උන්වහන්සේගේ එඬේරුන් තම බැටළුවන් හා බැටළුව පැටවුන් පෝෂණය කරන විට, උන්වහන්සේගේ පොරොන්දුව නම් “භය නොවී, තැති නොගනු ඇත, ඔවුන්ට හිඟකම නොලැබේ” යන්නයි.v

අපගේ යහපත් එඬේරාණන් අපට අනතුරු අඟවන්නේ ඊශ්‍රායෙලයේ එඬේරුන් දඩයම් නොකළ යුතු බවයි,25 බැටළුවන්ට හැර යාමට හෝ විසිරී යාමට ඉඩ නොදෙන ලෙසයි,26 එමෙන්ම අපගේ ලැබීම සඳහා අපගේ මාර්ගයන් දෙස බලන ලෙසයි.27 දෙවියන්වහන්සේගේ එඬේරුන් සිටින්නේ ශක්තිමත් කිරීමට, සුව කිරීමට, කැඩී ගිය දේ නැවත බැඳීමට, ඉවත ලන ලද දේ නැවත රැගෙන ඒමට, සහ නැති වූ දේ නැවත සොයාගැනීමටයි.28

“බැටළුවන් සඳහා සැලකිලිමත් නොවන,”29 සහ “බැටළුවන්ගේ වස්ත්‍ර වලින් ඔබ වෙත පැමිණෙන වෘකයන් වැනි නමුත් බොරු අනාගතවක්තෘවරුන්” පිළිබඳ ස්වාමින්වහන්සේ අනතුරු අඟවා ඇත.30

අපගේ යහපත් එඬේරාණන් අපි අභිමතාර්ථ හා ඇදහිල්ල ඇතිව තනිවම ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන විට ප්‍රීති වේ. උන්වහන්සේගේ රැළෙහි සිටින අය උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා ස්තූතිවන්තව අපගේ ගැලවුම්කරුවාණන් දෙසට හැරෙයි. නිශ්ක්‍රීය ලෙස හෝ අන්ධ ලෙස හෝ නොවී එකිනෙකාගේ බර උසුලමින් සහ එකිනෙකාගේ ප්‍රීතිමත් දෙයෙහි ප්‍රශංසා කරමින්, අපගේ මුළු හදවතින්ම සහ මනසින්ම දෙවියන්වහන්සේටත් අපගේ අසල්වැසියන්ටත් ප්‍රේම කිරීමට සහ උන්වහන්සේව අනුගමනය කරන්නට අපි ගිවිසාගෙන ඇත. ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්ත සඳහා කැප කළ ලෙස, උන්වහන්සේගේ නම ගෞරවනීයව අපි වෙතට ගමු. දෙවියන්වහන්සේගේ දරුවන් එක් රැස් කිරීමේ සහ දේවසේවය කිරීමේ උන්වහන්සේගේ කාර්යට එකතු වීමට අපි සතුටින් යුතුව සොයමු.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පරිපූර්ණ යහපත් එඬේරාණන්ය. මන්ද අප උදෙසා උන්වහන්සේගේ ජීවිතය පහත හෙලූ අතරම, දැන් මහිමාන්විතව නැවත නැගිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සෙ දෙවියන්වහන්සේගේ පරිපූර්ණ වූ බැටළු පැටවාණන් වන්නේය.31

මුල සිටම දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන් සංකේතාත්මකව ඉදිරිපත් කර ඇත. දේවදූතයා ආදම්ට තම ජීවිත පූජාව ගැන පැවසුවේ “පියාණන්ගෙන් ඒකජාතකාණන්ගේ පරිත්‍යාගයට සමානකමක්” ලෙසයි. “සදාකාලයටම පුත්‍රායාණන්ගේ නාමයෙන් දෙවියන්වහන්සේට මොරගසන ලෙසත් පසුතැවිලි වෙන ලෙසත්” අපට ආරාධනා කරයි.32

පොළොවේ සියලු ජාතීන් සඳහා ගිවිසුමක් ඇති කරගත් ආබ්රහම් පියාණන්, තම ඒකජාතක පුත්‍රයාව පරිත්‍යාග කිරීම කෙසේ දැනෙන්නේ දැයි අත්වින්ඳා.

“ඊසාක් තම පියා වූ ආබ්‍රහම්ට කතා කොට, ‘මාගේ පියාණෙනි’ කියා ඇසූ විට, ඔහු මෙසේ කීවා, “මාගේ පුත්‍රය, මම මෙහි සිටින්නෙමි. තවද ඔහු මෙසේ කිව්වා, “පරිත්‍යාගය සඳහා ගින්දරද දැවද ඇත: නමුත් පුළුස්සන්නට බැටළුවා කොහේද …?

“ආබ්‍රහම් මෙසේ කිව්වා, මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේ බැටළු පැටියෙකු සපයා දෙන්නේය”33

අපෝස්තුලුවරුන් හා අනාගතවක්තෲන් දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්ගේ මෙර වෙන්කර තිබූ මෙහෙය දැක ප්‍රශංසා කළා. පරණ ලෝකයෙහි යොහාන් සහ නව ලෝකයේ නීපායි මෙසේ සාක්ශි දරයි “දෙවියන්වහන්සේගේ බැටළු පැටවා”34 එමෙන්ම “සදාකාලික පියාණන්ගේ පුත්‍රයාණන් වන, … ලෝකයේ මිදුම්කරුවා.35

අබිනඩායි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත පූජාව ගැන සාක්ෂි දැරූයේ මෙසේයි, “බැටළුවන් මෙන් අපි සියල්ලෝම නොමඟ ගොස් ඇත. අපි සෑම කෙනෙකුටම තමන්ගේ මාර්ගය වෙනස් කර තිබේ. උන්වහන්සේ අප සියල්ලන්ගේ [අයුක්ති සහගතභාවය] ඔහු මත තැබුවේය.”36 ඇල්මා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රේශ්ටතම සහ අවසාන පූජාව නම්කළේ “සියල්ලන්ටම වඩා වැදගත්කමක් ඇති එක් දෙයක්” ලෙසය. ඇල්මා මෙසේ දිරිගැන්වූවා “දෙවියන්වහන්සේගේ බැටළු පැටවා කෙරෙහි විශ්වාසය තබන්න”, “එන්න, බිය නොවන්න.”37

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ඇයගේ වටිනා සාක්ෂිය ලබා ගත් ආකාරය, ආදරණීය මිතුරියක් බෙදාගත්තා. පාපය සෑම විටම මහා දඬුවම් ගෙන එන බවත් ඒවා අපි තනිව විඳිය යුතු බවත් විශ්වාස කරමින් ඇය වැඩුණා. දිව්‍යමය සමාවදීමේ හැකියාව ගැන තේරුම්ගැනීමට ඇය දෙවියන්වහන්සේ සමග ආයාචනා කළා. දයාව යුක්තිය තෘප්තිමත් කරන්නේ කෙසේදැයි තේරුම්ගැනීමට සහ දැනගැනීමට සහ පසුතැවිලි වන අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමාව දිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට ඇය යාච්ඤා කළා.

දිනක් ඇගේ යාච්ඤාව නිසා ඇය ආත්මික ලෙස පරිවර්තනය කරන ලද අද්දැකීමක් ලැබුවා. අතරමංවූ තරුණයෙක් සොරාගත් කෑම මළු දෙකක් රැගෙන සාප්පුවකින් පිටතට දුවගෙන පැමිණියා. තදබදයක් සහිත පාරට ඔහු දිව්වා, ඒ පසු පසින් සාප්පුවේ කළමනාකරු හඹාගියා, ඔහුව අල්ලාගත් පසු ඔහු කෑගසන්නටත් පොරබදින්නටත් පටන් ගත්තා. බියට පත් තරුණයා සොරෙකු ලෙස විනිශ්චය කිරීමට සිතනවා වෙනුවට, ඇය විශාල ලෙස ඔහු ගැන කරුණාවකින් පිරි ගියා. ඇයගේ ආරක්ශාව ගැන බියක් හෝ සැලකිල්ලක් නොදක්වා, අරගල කරමින් සිටි මිනිසුන් දෙදෙනා දෙසට ඇය කෙලින්ම ගියා. “මම ආහාර සඳහා ගෙවන්නම්” කියා ඇය මිනිසුන් දෙදෙනෙකුට කියමින් සිටියා. කරුණාකර ඔහුට යන්න දෙන්න. කරුණාකර මට ආහාර වෙනුවෙන් ගෙවන්නට ඉඩදෙන්න.”

ශුද්ධාත්මයාණන්ගෙන් අනුභාවය ලැබ කෙදිනකවත් නැති තරමින් ප්‍රේමයෙන් පිරීගිය ඇය, මෙසේ කිව්වා, “මට අවශ්‍ය වුණු එකම දෙය එම තරුණ පිරිමි ළමයාට උදව් කර බේරාගැනීමයි.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින් - නිර්මල හා පරිපූර්ණ ප්‍රේමයකින් ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වීමට පරිත්‍යාග කිරීමට කැමති වූයේ ඇයි යන්න සහ ඇයට එය අවශ්‍ය ඇයි යන්න තේරුම්ගැනීමට පටන්ගත් බව මගේ මිතුරිය කිව්වා.38

අප මෙසේ ගායනා කිරීම පුදුමයක් නොවේ:

බලන්න, යහපත් එඬේරා සොයන්නේය,

නැති වූ බැටළු පැටවුන් සොයන්නේය,

ඔවුන්ව ප්‍රීතියෙන් ගෙන එන්නේය,

එවැනි අපරිමිත මිළක් යටතේ ගලවාගන්නේය.39

දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයා, අප තනිවම සිටින විට, දුර්වල, අවිනිශ්චිත හෝ භීතියෙන් සිටින විට අපගේ ගැළවුම්කාරයාණන් ඒ ගැන දන්නවා. දර්ශනයකදී “බැටළු පෝතකයාණන්ගේ සභාවේ ශුද්ධවන්තයන් වෙතත් සහ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ලත් ජනයා වෙතත්” දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්ගේ බලය නීපායි දුටුවා. “පොළොවේ සියලු දෙසට විසිරී ගියත්, ඔවුන් ධර්මිෂ්ඨකමෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් තේජසකින් සන්නද්ධව සිටියහ.”40

බලාපොරොත්තුවේ මෙම පොරොන්දුව අද දිනටත් අදාළය.

ඔබගේ පවුලේ, පාසලේ, වැඩපොළේ හෝ සමාජයේ සභාවේ එකම සාමාජිකයා ඔබද? ඔබගේ අතු කුඩා හෝ හුදෙකලා වී ඇති බව යම් විටක ඔබට සිතෙනවාද? නුපුරුදු භාෂාවකින් හෝ සිරිත් විරිත් සමඟ අලුත් තැනකට ඔබ මාරුවී ගොස් තිබේද? සමහරවිට ඔබේ ජීවිතයේ තත්වයන් වෙනස් වී ඇති අතර, ඔබ කිසි විටෙකත් සිතා නොතිබූ දේවල් වලට දැන් ඔබ මුහුණ දෙයිද? අපගේ ගැළවුම්කාරයාණන් අප කවරෙකු වුව ද, අපගේ තත්වය කුමක් වුවද අපට යෙසායාගේ වචන තුලින් මෙසේ සහතික වනු ඇත: “ඔහු බැටළු පැටවුන් උන්වහන්සේගේම දෑතින් එකතු කර, ඔහුගේ ළයෙහි ඔවුන් ඔසවාගෙන, තරුණ ඔවුන්ව මෘදුව මෙහෙයවන සේක.”41

රූපය
යහපත් එඬේරාණන් තම බැටළුවන් එකතු කරමින්

සහෝදර සහෝදරියනි, අපගේ දෙවිවූ එඬේරාණන් උන්වහන්සේගේ නාමයෙන් සහ හඬින් අපට හඬගසයි. උන්වහන්සේගේ ජනයාව සොයමින්, එකතු කරමින් ඔවුන් වෙත පැමිණෙන සේක. උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා හා අප එකිනෙකා සමග, උන්වහන්සේ නැවත පිහිටුවා ඇති සුභාරංචිය හා උන්වහන්සේගේ ගිවිසුමේ මාර්ගයේ සම්පූර්ණත්වය තුළ සාමය, අරමුණ, සුව කිරීම හා ප්‍රීතිය සොයාගැනීමට සියලු දෙනාටම ආරාධනා කරයි. උදාහරණයෙන්ම, උන්වහන්සේගේ ප්‍රේමය තුලින් දේවසේවය කරන ලෙස උන්වහන්සේ ඊශ්‍රායලයේ එඬේරුන්ට උගන්වයි.

දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයා ලෙස, යේසුස්වහන්සේගේ දිව්‍යමය මෙහෙයුම ප්‍රේරිතයින් හා අනාගතවක්තෲන් විසින් ප්‍රශංසනීයව සහ පෙර වෙන්කරමින් ලබාදී ඇත. උන්වහන්සේගේ වන්දිගෙවීම, අසීමිත හා සදාකාලික වන අතරම, මැවීමේ අරමුණට අනුව ප්‍රීතියේ සැලැස්මේ මධ්‍යස්ථයයි. උන්වහන්සේගේ හදවතට ලඟින්ම අපව ගෙන යන බව උන්වහන්සේ අපට සහතික කරයි.

ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අප “දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ නිහතමානී අනුගාමිකයන් වීමට”42 ආශා විය හැකිය. බැටළු පෝතකයාණන්ගේ ජීවිතයේ පොතෙහි ලියා ඇති අපේ නාමයන්,43 බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ගායනා කිරීම සඳහා,44 බැටළු පැටවාගේ රාත්‍රී ආහාරයට ආරාධනාවක් ලැබීම සඳහා අපට ආශාවක් තිබෙන්නට පුළුවන්.45

එඬේරා සහ බැටළු පෝතකයා ලෙස උන්වහනේ මෙසේ අමතන සේක: නැවතත් “නුඹේ ගැලවුම්කරුවාගේ සැබෑ දැනුමට … [ඔබේ] උතුම් එඬේරාණන් දෙසට පැමිණෙන්න”.46 “උන්වහන්සේගේ කරුණාව මත [අපට] ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ විය හැකි” උන්වහන්සේ ඔහු පොරොන්දු වෙයි.47

මෙම පාස්කු සමයේ, අපි උන්වහන්සේව ප්‍රශංසා කරන්නෙමු:

“බැටළු පෝතකයාණන් සුදුසුය!”48

“දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට හෝසන්නා!”49

අපගේ පරිපූර්ණ යහපත් එඬේරාණන්, දෙවියන්වහන්සේගේ පරිපූර්ණ බැටළු පෝතකයාණන් වන උන්වහන්සේ ගැන මම සාක්ශි දරමි. අපගේ නමින් උන්වහන්සේ අපට හඬගසයි, උන්වහන්සේගේ නාමයෙන් - එනම් යේසුස් කිස්තුස්වහන්සේ යන ශුද්ධවූ සහ පූජනීය නාමයෙන් - ආමෙන්.