2010–2019
අවසාන කථාව
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අවසාන කථාව

තිරයෙන් දෙපසම - දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කරන්නට අපි අපගේ ජීවිත කැපකර සහ නැවත කැපකරමු.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මෙම ඓතිහාසික සම්මන්ත්‍රණයේ අවසානයට පැමිණෙන අතර, ස්වාමින්වහන්සේගේ පෙලඹවීම් සහ ආරක්ශාව වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තූති කරමු. මෙම පණිවිඩ අපට මගපෙන්වීම් ලබාදී අපව වෙනස් කර ඇත.

මාතෘකා කථිකයන්ට පවරාදී නැත. මෙම පණිවිඩ වලට සූදානම් වීමේදී ඔවුන් එක් එක්කෙනා යාච්ඤා කර පෞද්ගලික එළිදරව්වීම් ලබාගෙන ඇත. මා සඳහා, ඒවා එකිනෙකට හොඳින් සම්බන්ධ වන අයුරු ඉතාම පුදුමාකාරයි. ඔබ ඒවා අධ්‍යනය කරන විට, ස්වාමින්වහන්සේගේ සේවකයන් තුලින් උන්වහන්සේ ඔබට ඉගැන්වීමට තැත් කරන දේ ඉගෙනීමට සොයන්න.

සංගීතය තේජාන්විතය. සෑම සැසිවාරයකටම ස්වාමින්වහන්සේගේ ආත්මය රැගෙන ඒමට ඔවුන්ගේ හැකියාවන් මිශ්‍ර කළ බොහෝ සංගීතඥයන්ට අපි හද ගැඹුරින්ම ස්තූතිවන්ත වෙමු. සෑම සැසිවාරයකම යාච්ඤාවන් සහ සෙනග උන්වහන්සේ විසින් ආශිර්වාද කර ඇත. සත්‍යයෙන්ම, සම්මන්ත්‍රණය නැවතත්, අපි සෑමදෙනාටම ආත්මික භෝජන සංග්‍රහයක් වුණා.

සෑම සාමාජිකයෙකුගේම නිවෙස් ස්වාමින්වහන්සේගේ ආත්මය වැඩසිටිනා, ඇදහිල්ලේ සංචිත බවට පත්වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. අප වටා ඇති මතභේදයන් කුමක් වුවත්, අධ්‍යනය, යාච්ඤාව සහ ප්‍රේමයෙන් එක්වූ ඇදහිල්ල ඇතිවිට, කෙනෙකුගේ නිවසක් ස්වර්ගීය ස්ථානයක් බවට පත්වන්නට පුළුවන්. අපි කොහේ සිටියත්, උන්වහන්සේ වෙනුවෙන් නැගිට සහ කථා කර, අපිට සත්‍ය ලෙස ස්වාමින්වහන්සේගේ අනුගාමිකයින් වීමට පුළුවන්.

දෙවියන්වහන්සේගේ අරමුණ අපගේ අරමුණ විය යුතුයි. සූදානම් වීමට, සුදුසු වීමට, එන්ඩව්ඩ් වීමට, මුද්‍රා වීමට, සහ ශුද්ධවූ දේවමාළිගාවේ ඇතිකරගන්නා පොරොන්දු වලට ඇදහිලිවන්ත වීමට උන්වහන්සේගේ දරුවන් තෝරාගැනීම උන්වහන්සේට අවශ්‍යයි.

අපට දැන් වෙන්කළ දේවමාළිගා 162 ක් තියෙනවා. පෙර ඒවා අපගේ ආදරණීය පුරෝගාමීන්ගේ ඇදහිල්ලේ සහ දර්ශනයේ ස්මාරක ලෙස නැගී සිටිනවා. එම එක් එක් දේවමාළිගාවක්ම ගොඩනැගී ඇත්තේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ පෞද්ගලික කැපවීම සහ ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි. සෑම පුරෝගාමි ජයග්‍රහණයකම ආකර්ෂණීය ඔටුන්න හිමි ලෙස ඒ එකින් එක නැගී සිටියි.

ඒවා රැකබලාගැනීම අපගේ ශුද්ධවූ වගකීමකි. එමනිසා, මෙම පුරෝගාමී දේවමාළිගා ඉක්මනින්ම අළුත් කිරීම් සහ නැවුම් කිරීම් කරණයට යොමුකරන අතර, සමහරක් සඳහා ප්‍රධාන නැවත පිහිටුවීම් කරයි. හැකි සෑම ආකාරයකින්ම එක් එක් දේවමාළිගාවේ ඓතිහාසික අනන්‍යතාව, පරම්පරා ගණනාවක් පුරාවට පැවති පොලඹවන සුළු අලංකාරය සහ අනන්‍ය වූ අත්කම් ආරක්ශා කිරීමට අවශ්‍ය පියවර ගනී.

ශාන්ත ජොර්ජ් යූටා දේවමාළිගාව සඳහා විස්තර දැනටමත් නිදහස් කර ඇත. සෝල්ට් ලේක් දේවමාළිගාව, දේවමාළිගා චතුරස්‍රය සහ සහා කාර්යාල ගොඩනැගිල්ල අසල ඇඩ්ජොනින්ග් ප්ලාසා අළුත්වැඩියා කිරීමේ සැලසුම් 2019 අප්‍රියෙල් 19 වන සිකුරාදා සිදුකෙරෙයි.

ඉදිරි වසර වලදී මැන්ටි සහ ලෝගන් යූටා දේවමාළිගාද අළුත්වැඩියා කෙරෙයි. මෙම සැලසුම් සූදානම් කළ පසු ඒවාද නිවේදනය කරනු ලැබේ.

මෙම කාර්ය සඳහා එම එක් එක් දේවමාළිගා යම් කාලයකට වසා තැබීමට සිදුවෙයි. ආසන්නයේ ඇති අනෙක් දේවමාළිගා වල වන්දනාමාන කටයුතු සහ සේවාවන් කිරීම සභා සාමාජිකයින් නොකඩවා කරයි. එක් එක් ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, එක් එක් ඓතිහාසික දේවමාළිගාවන් නැවත වෙන්කිරීමක් සිදුකරයි.

සහෝදර සහෝදරියනි, දේවමාළිගාව සභාවේ වඩාත්ම ශුද්ධවූ ව්‍යුහය ලෙස අපි සලකන්නෙමු. අළුත් දේවමාළිගාවක් ගොඩනැගීමට අපි නිවේදනය කළ විට, එය අපගේ ශුද්ධවූ ඉතිහාසයේ කොටසක් බවට පත්වෙනවා. දැන්, කරුණාකර සාවදානව සහ ගෞරවයෙන් සවන්දෙන්න. ඔබට විශේෂ වූ ස්ථානයක දේවමාළිගාවක් මම නිවේදනය කළොත්, සරලව ඔබගේ හිස නවා ඔබගේ හදවතින් ස්තූතිවන්ත නිහඬ යාච්ඤාවක් කිරීමට මම යෝජනා කරනවා. මෙම සම්මන්ත්‍රණය හා ස්වාමින්වහන්සේගේ ශුද්ධවූ දේවමාළිගා වල ශුද්ධ ස්වරූපය අපවාදයට ලක් කිරීමට කිසිම වාචික ආන්දෝලනයක් අපට අවශ්‍ය නැත.

අද දින පහත සඳහන් ස්ථාන වල දේවමාළිගා සෑදීමට සැලසුම් නිවේදනය කරන්නට අපි කැමතියි:

ඇමරිකන් සමෝවාහි, පාගෝ පාගෝ; ඔකිනාවාහි ඔකිනාවා නගරය; ටොන්ගාහි නෙයියාෆු; යූටාහි ටූලේ වැලී; වොශිංටන්හි මෝසෙස් ලේක්; හොන්ඩූරාශි, සෙන්ට් පේඩ්‍රෝ සූලා; චිලීහි, ඇන්ටොෆගස්ටා; හංගේරියෙහි, බුඩාපේස්ට්.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබට ස්තූතියි.

පැරණි සහ නව අපගේ දේවමාලිගා ගැන අප කථා කරන විට, ස්වාම්න් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් ලෙස අපි එකිනෙකා අපගේ ක්‍රියාවන් පෙන්වමු. උන්වහන්සේ තුල අපගේ ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් අපගේ ජීවිත අළුත් කරමු. එදිනෙදා අපගේ පසුතැවීම තුලින් උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට අපි ලඟාවෙමු. තිරයෙන් දෙපසම - දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කරන්නට අපි අපගේ ජීවිත කැපකර සහ නැවත කැපකරමු.

ස්වාමින්වහන්සේගේ මෙම සභාවේ, එළිදරව් නොනවත්වා පැමිණෙන බවට සහතික කරමින්, මම මාගේ ප්‍රේමයත් ආශිර්වාදයත් ඔබ සමග තබා යමි. “දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවී, ශ්‍රේෂ්ඨ යොහෝවා කාර්ය සම්පූර්ණයි කියන තෙක්” එය සිදුවේවි.1

මම ඔබව ආශිර්වාද කරන අතරම දෙවියන්වහන්සේ ජීවමාන බවට මාගේ සාක්ශිය බෙදාගනිමි! යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි! මෙය උන්වහන්සේගේ සභාවයි. අපි උන්වහන්සේගේ සෙනගයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 142.