2010–2019
ආශිර්වාද වලින් පිරීයන්න
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආශිර්වාද වලින් පිරීයන්න

දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන බොහෝ ආශිර්වාදයන් ක්‍රිස්තුස්වහන්සේගේ තුළ අපගේ ඇදහිල්ල මත පදනම් වූ අපගේ ක්‍රියා මත ක්‍රියාත්මක වෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප එකිනෙකාට ආශීර්වාද කිරීමට ආශා කරයි.1 එම ආශිර්වාදයන් ලඟාකරගන්නේ සහ ලබාගන්නේ කෙසේද යන ප්‍රශ්ණය සියවස් ගණනාවක් තිස්සේ දේවධර්මවාදී විවාදයන් හා සාකච්ඡාවන්හි මාතෘකාව වී ඇත.2 අපි ඒවා ලබන්නේ අපගේ ක්‍රියා වලින් පමණි කියමින්; සමහරු ඒ ආශීර්වාද ඔවුන් විසින්ම සම්පූර්ණයෙන්ම උපයන බව තර්ක කරනවා. තවත් අය තර්ක කරන්නේ දෙවියන්වහන්සේ විසින් දැනටමත් උන්වහන්සේ ආශීර්වාද කරන්නේ කාවද සහ කෙසේද යන්න තීරණය කර ඇති බවයි - එමෙන්ම මෙම නිර්ණායක වෙනස් කළ නොහැකි බවයි. එම කාරණා දෙකම මූලික වශයෙන් දෝෂ සහිතයි. ස්වර්ගයෙන් ලැබෙන ආශීර්වාද “යහපත් ඔප්පුවලින්” උපරිමයෙන් උපයා නොලැබෙන අතර, ආශීර්වාද ලොතරැයිය දිනාගන්නේද නැද්දැ යි බලාසිටීමෙන් නොපැමිණෙයි. නැත, සත්‍ය වඩාත් සියුම් නමුත් වඩා උතුම් ප්‍රේමණීය පියාණන් සහ උන්වහන්සේගේ උරුමක්කාරයින් වන - අප අතර ඇති සම්බන්ධතාවයට වඩා උචිතය. නැවත පිහිටුවනු ලැබූ සත්‍ය මගින් අනාවරණය කරන්නේ ආශීර්වාද කිසි දිනක උපයා නොගන්නා බවයි, නමුත් අපගේ මූලික වශයෙන් හා ක්‍රියාත්මක වෙමින්, ඇදහිල්ල-අනුගාමී ක්‍රියාවන් ඒ සඳහා අත්‍යවශ්‍යයි.3

රූපය
දැව තොගය

අපි දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහා, දැවැන්ත දැව තොගයක් ස්වර්ගික ආශිර්වාද වලට සමාන කරමු. ඉහළින් පඳුරුවලින් පිරුණු කුඩා මුදුනක, ලී පතුරු තට්ටුවක් ඇතැයි සිතාබලන්න. කූඩු ටිකක් ඊළඟට එනවා, කුඩා ලොග, අවසානයේ විශාල ලොග්. දින ගණනාවක් ආලෝකය සහ තාපය නිපදවාගත හැකි ඉන්ධන විශාල ප්‍රමාණයක් මේ දැව තොගයේ අඩංගු වෙනවා. දැව තොගයට එහා පැත්තෙ පොස්පරස් තුඩක් සහිත එක් ගිනි කූරක් තිබෙන බව මවාගන්න.4

රූපය
ගිනිකූරු සමග දැව තොගයක්

මේ දැව තොගයේ ඇති ශක්තිය නිපදවීමටනම්, එම ගිනිකූර පත්තුකර අලෝකවත් කළ යුතුයි. එම අලෝකය ඉක්මනින් ඇවිළෙන අතර දැව විශාල කැබලිවලට ගිනිගන්නට පටන්ගනී. මෙම දහන ප්‍රතික්‍රියාව ආරම්භ වූ පසු, දැව සියල්ල දැවෙන තෙක් හෝ ගින්න සඳහා ඔක්සිජන් ඉවර වන තුරු එය සිදුවෙයි.

රූපය
දැවෙන දැව තොගයක්

ගිනිකූර දල්වා අලෝකවත් කර ගිනි තැබීම යන කුඩා ක්‍රියාව, දැව තොගයේ ගැබ්ව ඇති ශක්තිය මුදවන්නට උපකාරී වෙයි.5 ගිනිකූර දල්වන තුරු, දැව තොගයේ ප්‍රමාණය කොතෙක් වුවත්, කිසිම දෙයක් සිදු නොවේ. ගිනිකූර පත්තුවී නමුත් දර කෝටු වලට ගිනි දැල්වුවේ නැත්නම්, ගිනිකූරෙන් නිදහස් වන තාපය සහ අලෝකය ඉතා කුඩා ප්‍රමාණයක් වන අතරම දැව තොගයේ ශක්තිය නිදහස් නොවී පවතිනවා. කිසියම් අවස්ථාවක ඔක්සිජන් සැපයුම නොමැති නම්, දහන ප්‍රතික්‍රියාව නතර වී යනවා.

ඒ හා සමාන ආකාරයකින්, දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන බොහෝ ආශිර්වාදයන් ක්‍රිස්තුස්වහන්සේගේ තුළ අපගේ ඇදහිල්ල මත පදනම් වූ - අපගේ ක්‍රියා මත ක්‍රියාත්මක වෙනවා. ගැලවුම්කරුවාණන් තුළ අපගේ ඇදහිල්ල ක්‍රියාවේ හා බලයේ මූලධර්මයක්.6 මුලින්ම අපි ඇදහිල්ලේ ක්‍රියා කරනවා නම්, බලය පැමිණෙන්නේ -දෙවියන්වහන්සේගේගේ කැමැත්ත හා කාලයට අනුවයි. එම අනුපිළිවෙල තීරණාත්මකයි.7 අවසානයේදී ලැබෙන ආශීර්වාද හා සැසඳීමේදී කිරීමට අවශ්‍ය වූ පියවර සෑම විටම කුඩායි.8

පුරාණ ඊශ්‍රායෙල් මිනිසුන් ඔවුන්ගේ පොරොන්දු දේශයට ගමන් කරමින් සිටියදී පැමිණි භයානක පියාඹන සරපයින් සමග වූ දේ සිතා බලන්න. එම විසකුරු සර්පයෙකුගේ සපාකෑම මාරාන්තිකයි. එහෙත්, සපාකෑමට ලක්වූ පුද්ගලයෙකු මෝසෙස් විසින් සාදන ලද පිත්තල සර්පයා දෙස බැලූ විට ඔහුට සුවපත් විය හැකි වුණා.9 යම්දෙයක් දෙස බලන්නට වැයවන්නේ කොයිතරම් ශක්තියක්ද? බැලූ සෑම කෙනෙක්ටම ස්වර්ගයේ බලයට ලංවීමට හැකිවී සුවපත් වුණා. පිත්තල සර්පයා දෙස බලන්නට නොහැකිවූ අනෙක් ඊශ්‍රායෙල්වරුන් මරණයට පත්වුණා. සමහරවිට බලන්නට තරම් ඇදහිල්ලක් ඔවුන්ට නැති වුණා.10 එවැනි වූ සරල ක්‍රියාවක් තුලින් එම පොරොන්දු වී තිබූ සුවය ලැබෙන බව ඔහුන් විශ්වාස නොකළා වන්නට පුළුවන්. සමහරවිට ඔවුන් දැන දැනම ඔවුන්ගේ හදවත් දැඩිකරගෙන දෙවියන්වහන්සේගේ දිවැසිවරයාගේ වචන ප්‍රතික්ශේප කළා වන්නට පුළුවන්.11

දෙවියන්වහන්සේගෙන් ගලා එන ආශීර්වාද ක්‍රියාත්මක වීමේ මූලධර්මය සදාකාලිකයි. ඉපැරණි ඊශ්‍රායලිතයන් මෙන්, අපත් ආශිර්වාද ලැබීමට නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවිය යුතුය. දෙවියන්වහන්සේ මෙසේ හෙළිදරව් කළ සේක “මේ ලෝකයේ මූලික දේට පෙර ස්වර්ගයේ නියම කර ඇති නීතියක් තිබේ, සියලු ආශීර්වාද රඳා පවතිනුයේය, තවද දෙවියන්වහන්සේගෙන් ඕනෑම ආශීර්වාදයක් ලබා ගන්නා විට, එය එය පදනම් වී ඇත්තේ එම නීතියට කීකරු වීමෙනි.”12 එසේ පවසන පරිදි, ඔබට ආශිර්වාද උපයාගත නොහැකියි - එම මතය වැරදියි - නමුත් ඔබ ඒ සඳහා සුදුසු විය යුතුයි. අපගේ ගැලවීම පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව සහ යහපත නිසා පමණි.13 උන්වහන්සේගේ වන්දිගෙවීමේ අපරිමිත බව නම් දැව තොගය අසීමිත බවයි, අපගේ දඩබ්බර ක්‍රියාවන් සලකන විට සැස්ඳීමේදී එය ශුන්‍ය වේ. නමුත් ඒවා ශුන්‍ය නොවේ, එමෙන්ම ඒවා අවැදගත්ද නොවේ; අඳුරේදී, පත්තුවූ ගිනිකූරක් හැතැප්ම ගාණක දුරක සිට වුවත් දැකීමට පුළුවන් කෙසේවෙතත්, ඇදහිල්ලේ කුඩා ක්‍රියා දෙවියන්වහන්සේගේ නොපෙනෙන පොරොන්දු බාලාපොරොත්තු වන නිසා එය ස්වර්ගයේ දැකිය හැකිය.14

දෙවියන්වහන්සේ දෙන්නට බලාපොරොත්තු වන ආශිර්වාදයක් ලබාගැනීම සඳහා,ඇදහිල්ලෙන් ක්‍රියා කිරීම, ආශිර්වාදය අඩංගු වන ස්වර්ගීය ශක්තිය ක්‍රියාත්මක කරවයි. නිදසුනක් වශයෙන්, යාච්ඤාවේ පරමාර්ථය නම් දෙවියන්වහන්සේ කැමැත්තෙන් සිටින බවට සහතික වන ආශීර්වාද සහතික කර ගැනීම වන මුත් ඒවා අපගේ ඉල්ලීම මත පදනම් වෙයි.15 ඇල්මා දයාව සඳහා මොරගැසූ අතර ඔහුගේ වේදනාව නැති කළේය, ඔහු තවදුරටත් ඔහුගේ පව් වල මතකයෙන් දුක්වින්ඳේ නැත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව ඔහු කෑගැසූ නිසා ඔහුගේ ප්‍රීතිය විසින් ඔහුගේ වේදනාව යටපත් විය.16 යාච්ඤාව තුලින් දෙවියන්වහන්සේගෙන් අවංකව ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ඇදහිල්ලත් මෙන්ම පිළිතුර සඳහා උන්වහන්සේගේ කැමැත්ත සහ කාලයද ලබාගන්නට අපට සක්‍රීය ශක්තිය අවශ්‍යයි.

බොහෝ විට, ආශිර්වාද සඳහා අවශ්‍ය සක්‍රීය ශක්තිය සඳහා ඇසීම සහ බැලීමට වඩා දෙයක් අවශ්‍යයි, ඒ සඳහා අඛණ්ඩ, නැවත නැවතත් සිදුවන, ඇදහිල්ලෙන් පිරුණු ක්‍රියාවන් අවශ්‍යය. 19 වන ශතවර්ෂයේ මැද භාගයේදී බ්‍රිගම් යන්ග් විසින් උතුරු ඇමරිකාවේ වියළි කලාපයක් වන ඇරිසෝනා ගවේෂණය කිරීම හා නැවත පදිංචි කිරීම සඳහා පසු කාලීනව සාන්තුවරයින් කණ්ඩායමක් මෙහෙයවනු ලැබීය. ඇරිසෝනා නගරයට ළඟා වූ පසු එම පිරිසට වතුර හිඟවී ඔවුන් විනාශවේ යැයි බිය වුණා. ඔවුහු උපකාරය පතා දෙවියන්වහන්සේ සමඟ අයැද සිටියා. ඉක්මනින් වැසි සහ හිම වැටීම නිසා ජලය බැරල් පුරවා ඔවුන්ගේ ගව පට්ටි වලට සැපයීමට ඔවුන්ට හැකිවුණා. සානුකම්පිතව සහ ප්‍රබෝධමත්ව, ඔවුන් සෝල්ට් ලේක් නගරය වෙත නැවත හැරී ආවේ දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන සතුටු වෙමිනුයි. ඔවුන් ආපසු පැමිණි පසු ඔවුන් සිය ගවේෂණය පිළිබඳව බ්‍රිගම් යන්ග් වෙත ඔවුන්ගේ විස්තර වාර්තා කළ අතර ඇරිසෝනා හි ජීවත් විය නොහැකි බවට නිගමනය කළ බව ප්‍රකාශ කළා.

රූපය
බ්‍රිගම් යංග්

වාර්තාවට ඇහුම්කන් දීමෙන් පසුව, බ්‍රිගම් යන්ග් විසින් ගවේෂණය සහ ආශ්චර්යය ගැන සිතෙන දේ පැවසීමට කාමරයේ සිටි මිනිසෙකුගෙන් විමසුවා. එම මිනිසා, ඩැනියෙල් ඩබ්. ජෝන්ස්, මෙසේ පිළිතුරු දුන්නා, “මම පුරවාගෙන, නැවත ගොස් යාච්ඤා කළා.” බ්‍රිගම් සහෝදරයා ජෝන්ස් සහෝදරයා මත ඔහුගේ අත තබා මෙහෙම කිව්වා, “අරිසෝනාවට ඊළඟ චාරිකාව භාර ගත යුතු පුද්ගලයා මොහුයි.”17

රූපය
ඩැනියෙල් ඩබ්. ජෝන්ස්

අපි නැවතත් තල්ලු කර නැවත යාච්ඤා කළ විට අපට ආශීර්වාද ලැබුණා. මයිකල් සහ මාරියන් හෝම්ස්ගේ අත්දැකීම් මෙම මූලධර්ම නිදර්ශනය කරනවා. ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස මයිකල් සහ මම එකට සේවය කර තිබෙනවා. රැස්වීම්වලදී ඔහුට යාච්ඤා කිරීමට කැඳවන සෑම අවස්ථාවකදීම ඔහු මට මහත් සතුටක් ගෙන දුන්නේ, ගැඹුරු ආත්මිකතාවයක් විදහා පාමින් දෙවියන්වහන්සේ සමග කතා කරන ආකාරය ඔහු දැන සිටියා. ඔහු යාච්ඤා කරනවා අසන්නට මම ප්‍රිය කළා. මයිකල් සහ මාරියන් ඔවුන්ගේ විවාහයේ මුල් කාලයේදී සභාවට ආවේවත් යාච්ඤා කළේවත් නෑ. කුඩා දරුවන් තුන්දෙනෙක් සහ සාර්ථක ඉදිකිරීම් ආයතනක් සමග ඔවුන් කාර්යබහුල වී සිටියා. ඔහු ආගමට ලැදි මිනිසෙකු බව මයිකල්ට දැනුනේ නෑ. එක සැඳෑවක, ඔවුන්ගේ සභානායකවරයා ඔවුන්ගේ නිවසට පැමිණ එකට එක්ව යාච්ඤා කරන ලෙස ඔවුන්ව දිරිමත් කළා.

සභානායකවරයා ගියපසු, ඔවුන් යාච්ඤා කිරීමට උත්සහ කළ යුතු බව මයිකල් සහ මාරියන් තීරණය කළා. නින්දට යාමට පෙර, ඔවුන්ගේ ඇඳ අසල දනගසා, අසීරු ලෙස මයිකල් පටන් ගත්තා. යාච්ඤාවේ නුහුරු වචන කීපයකට පසු, මයිකල් හදිසියේම නවත්වා “මාරියන්, මට මේක කරන්නට බෑ” කිව්වා. අහකට ඇවිදයන්නට තැත්කරමින් ඔහු නැගිට්ටා, මාරියන් ඔහුව අතින් අල්ලාගෙන, නැවත දනගසන්නට ඔහුව ඇදගෙන මෙහෙම කිව්වා, “මයික්, ඔයාට මේක කරන්න පුළුවන්. ආයෙ උත්සහ කරන්න!” මෙම දිරිගැන්වීමත් සමගම, මයිකල් කෙටි යාච්ඤාවක් අවසාන කළා.

මෙම හෝම්ස් පවුල දිනපතා යාච්ඤා කරන්නට පටන්ගත්තා. සභාවට පැමිණීමට අසල්වැසියෙකුගේ ආරාධනාවක් ඔවුන් පිළිගත්තා. ඔවුන් සභා ශාලාවට ඇතුල්වන විට ආරම්භක යාච්ඤාව ඔවුන්ට ඇසුණු අතර “මෙය සත්‍ය” බව ආත්මයාණන් මිමිණුවා. පසුව, නොදැක සහ නොඅසාම සභා ශාලාවෙන් කුණු මල්ලක් ඉවත් කරන්නට මයිකල් උදව් වුණා. ඔහු එසේ කරන විට, ඔහුට වෙනස්වූ දෙයක් දැණුනා, “මේ මගේ නිවස.”

රූපය
තරුණ මයිකල් සහ මාරියන් හෝම්ස්

මයිකල් සහ මාරියන් සභා කැඳවීම් පිළිගෙන කොට්ටාශයේ සහ ස්ටේකයේ සේවය කළා. ඔවුන් දෙදෙනා එකිනෙකාට මුද්‍රා වූ අතර සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ඔවුන්ට මුද්‍රා වුණා. තවත් දරුවන් එකතු වුණා, ඔක්කොම එකතුව දොළහක්. හෝම්ස් යුවල ධර්මදූත සභාපතිවරයෙක් සහ සහකාරියක් ලෙස දෙවරක්ම සේවය කළා.

රූපය
මයිකල් සහ මාරියන් හෝම්ස් අද

පළමු අස්ථීර යාච්ඤාව කුඩා වූ නමුත් ඇදහිල්ලෙන් පිරි ක්‍රියාවක් වී ස්වර්ගයේ ආශිර්වාද ඇවුළුවා. හෝම්ස් යුවළ සභාවට පැමිණෙමින් සහ සේවය කරමින් ඇදහිල්ලේ ගිනිදළු පෝෂණය කළා. අවුරුදු ගණනාවක් පුරාවට ඔවුන්ගේ කැපවූ අනුගාමීත්වය අද දවසේදීත් පොලඹවන දැල්වෙන දැල්ලක්.

රූපය
ව්‍යාප්ත වූ හෝම්ස් පවුල

ගින්දරක්, කෙසේවෙතත්, දැව තොගයේ සම්පූර්ණ ශක්තිය නිදහස් කරවීමට නම් නියත ඔක්සිජන් සැපයුමක් ලබාදිය යුතුයි. මයිකල් සහ මාරියන් හෝම්ස් කළ ආකාරයට, ගින්න නොකඩවා දැල්වීමට නම් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලේ නියත ක්‍රියාකාරකම් අවශ්‍යයි. කුඩා ක්‍රියාවන් මගින් ගිවිසුම් මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අපට හැකි වන අතර දෙවියන්වහන්සේට දිය හැකි විශාලතම ආශීර්වාද කරා මග පෙන්වනවා. නමුත් ඔක්සිජන් ගලා එන්නේ, සංකේතාත්මකව අප නොකඩවා අපේ පාද චලනය කරනවා නම් පමණි. ආහාර ඇති ස්ථානය ගැන එළිදරව්වීම ලැබෙන්නට පෙර අපි පළමුව දුන්න සහ ඊතලය සෑදිය යුතුයි.18 ඇතැම් විට නැවක් ගොඩනගන්නේ කෙසේදැයි එළිදරව් ලැබීමට පෙර අපට අවශ්‍ය මෙවලම් සාදාගැනීම අවශ්‍යයි.19 යම් අවස්ථාවලදී, ස්වාමින්වහන්සේගේ දිවැසිවරයාගේ මගපෙන්වීම යටතේ, නොසිඳෙන තෙල් භාජනයක් සහ පිටි බැරලයක් ලබාගැනීමට නම් අපට ඇති තෙල් බිඳුවෙන් සහ පිටි ප්‍රමාණයෙන් කුඩා රොටියක් සෑදිය යුතුයි.20 යම් අවස්ථාවලදී අපි “නිසල වී [දෙවියන්වහන්සේ] දෙවියන්වහන්සේ බව දැනගත යුතුයි,” එමෙන්ම උන්වහන්සේගේ කාලය තුල විශ්වාසය තැබිය යුතුයි.21

දෙවියන්වහන්සේගෙන් ඔබ යම් ආශිර්වාදයක් ලැබූ විට, එම ආශිර්වාදය ලැබීම හා සම්බන්ධ වූ සදාකාලික නීතියට අවශ්‍ය දේ සම්පාදනය කල බව දැනගත හැකියි.22 නමුත් මතක තබාගන්න “අත්‍යවශ්‍ය නොවන” නීතිය සඳහා කාලය වැයවේ, එනම් ආශිර්වාද පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ කාලසටහනට අනුවයි. සිය ස්වර්ගික නිවස සොයා ගිය පුරාණ අනාගතවක්තෘවරුන් පවා,23 “ඇදහිල්ලෙන් මියගිය නමුත් පොරොන්දු ලබා නොගත් නමුත් … ඔවුන් දුරින් දුටු විට … ඔවුන් ඒත්තු ගැන්වී ඔවුන් වැලඳ ගත්හ.”24 තවමත් දෙවියන්වහන්සේගෙන් ලැබිය යුතුව ඇති ආශිර්වාදයක් ලැබී නැත්නම්, ඔබ තවත් කරන්නට අවශ්‍ය මොනවාදැයි සිතමින් උපතු වියයුතු නැත. ඒ වෙනුවට, ජෝසෆ් ස්මිත්ගේ අවවාදයට ඇහුම්කන්දෙන්න “[ඔබගේ] පාලනයේ ඇති සියළු දේ සඳහ සතුටු වෙන්න; සහ ඉන්පසු … [දෙවියන්වහන්සේගේ] එළිදරව් වන දෑත දැකීම සඳහා … ඉහලින් එන අස්වැසීමත් සමග ස්ථීරව නැගීසිටින්න.”25 දෙවියන්වහන්සේගේ බොහෝ වික්‍රමාන්විත දරුවන් සඳහාද, සමහරක් ආශිර්වාද පසුවට තබා ඇත.26

මීට හය මසකට පෙර, මූලධර්ම ඉගෙනීමට, ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට සහ පුද්ගලයන් සහ පවුල් පෝශණය කිරීමට, නිවස කේන්ද්‍ර කරගත් සභා සහයෝගය ඇති සැලැස්මක් හඳුන්වා දුන්නා. මෙම වෙනස්කම් මගින් අපට ආත්මිකව ජීවත් විය හැකි අතර, අපගේ සුභාරංචි ප්‍රීතිය වර්ධනය කර, අපගේ ස්වර්ගික පියාණන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරුවන්නට හැකි බව සභාපති රසල් එම්. නෙල්සන් පොරොන්දු වුණා.27 එම ආශිර්වාද ලබාගැනීම රඳාපවතින්නේ අප මතයි. ශුද්ධලියවිලි සහ අනෙකුත් එන්න, මා අනුගමනය කරන්න පොත් සමගම, එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා විවෘත කර අධ්‍යනය කරන්නට අපි එකිනෙකාට වගකීමක් තියනවා.28 අපගේ පවුල් සහ මිතුරන් සමග අපි ඒවා සාකච්ජා කළ යුතු අතරම සංකේතාත්මක ගින්නක් දැල්වීමට සබත් දවස සංවිධානය කරගත යුතුයි. එසේත් නැතිනම් අපට පුළුවන් එහි අන්තර්ගතයේ ඇති ශක්තිය සමගම ඒවා අපේ නිවසේ පොත් රාක්කයක ඒ ලෙසම තිබෙන්නට හරින්න.

දෙවියන්වහන්සේගෙන් විශේෂිත වූ ආශිර්වාද ලබන්නට නම් ඇදහිලිවන්තව ස්වර්ගීය බලය ක්‍රියාත්මක කරගන්නා ලෙස මම ඔබට ආරාධනා කර සිටිනවා. ගිනිකූර ගසා ගින්දර දැල්වීම සඳහා ඇදහිල්ල ක්‍රියාත්මක කරන්න. ඉවසීමෙන් ස්වාමින්වහන්සේ මත රැඳී ඉන්නා අතරතුර අවශ්‍ය ඔක්සිජන් සපයන්න. මෙම ආරාධනාවන් සහිතව, ගීතාවලියේ සඳහන් කර ඇති “ඇදහිලිවන්ත මිනිසා” මෙන් ඔබත් “ආශිර්වාද වලින් පිරීයන ලෙස” ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට මගපෙන්වා මෙහෙයවන ලෙස මම යාච්ඤා කරනවා.29 අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ඔබගේ සුභසාධනය ගැන සැලකිලිමත් බවත්, ඔබව ආශිර්වාද කරන්නට සතුටු වන බවත් සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න දහම සහ ගිවිසුම 41:1; 78:17; 104:33.

  2. See, for instance, Craig Harline, A World Ablaze: The Rise of Martin Luther and the Birth of the Reformation (2017), 20. One such debate was between Augustine (AD 354–430) and his rival Pelagius (AD 354–420). පැලේජියස් කියා සිටියේ, “මනුශ්‍යයන් යහපත කිරීම පිණිස මනුශ්‍යයන් තුළ එය තිබුණු බවත්, දෙවියන්වහන්සේගේ යහපත්කම මත රඳා සිට දෙවියන්වහන්සේගේ සියලු ආඥා පිළිපැදීමටත් ඔවුන් දේව වරප්‍රසාදය උපයාගත් බවයි.” ඔගස්ටින් තරයේ එකඟ නොවීය. See also Eric Metaxas, Martin Luther: The Man Who Rediscovered God and Changed the World (2017), 296. ලූතර් ඉගැන්වූයේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය කරා කිසිදාක ක්‍රියා කිරීමට නොහැකි බවය. ඇදහිල්ලෙන් කරුණාව සහ යහපත් ක්‍රියා අනුගමනය කරයි; “තාපය හා ආලෝකය ගින්නෙන් වෙන් කිරීම නොහැකි තරම් ඇදහිල්ලෙන් ක්‍රියා වෙන් කිරීමට අපහසුය.”

  3. බලන්න දහම සහ ගිවිසුම 82:10.

  4. මෙය කඳවුරු ගිනිකූරක් වන අතර, “ඕනෑම තැනක පත්තුකළ හැකිය.” මුළුතැන්ගෙයි ගිනිකූරු මෙන් වූ නවීන ගිනිකූරු, ගිනිකූර අග ඇවිළෙන සුළු වන ලෙස පොස්පරස් ඇත.

  5. මෙම ක්‍රියාවලියේ ගිල්වීම සඳහා “සක්‍රීය ශක්තිය” සමන්විත වේ. 1889 දී ස්වීඩන් ජාතික විද්‍යාඥ ස්වින්ටේ අර්නෙනුස් විසින් “ක්‍රියාකාරී ශක්තිය” යන වචනය හඳුන්වා දෙන ලදි.

  6. See Lectures on Faith (1985), 3.

  7. See David A. Bednar, “Ask in Faith,” Liahona, May 2008, 94.

  8. බලන්න මොසායා 2:24–25.

  9. බලන්න ගණන් කථාව 21:6–9.

  10. බලන්න 1 නෙපි 17:41.

  11. බලන්න 1 නෙපි 17.42.

  12. බලන්න දහම සහ ගිවිසුම 130:20-21.

  13. බලන්න 2 නෙපි 10:24; 25:23.

  14. බලන්න ඇල්මා 60:11, 21; ඩාලින් එච්. ඕක්ස්, “කුඩා සහ සරල දේ,” ලියහෝනා, මැයි 2018, 89–92; M. Russell Ballard “Be Anxiously Engaged,” Liahona, Nov. 2012, 29–31.

  15. බලන්න බයිබල් ශබ්දකෝශයේ, “යාච්ඤාව”; තවද බලන්න මොරෝනි 7:48.

  16. බලන්න ඇල්මා 36:18–21; තවද බලන්න ඊනොස් 1:5–8.

  17. Daniel W. Jones, 40 Years Among the Indians (1960), 222.

  18. බලන්න 1 නෙපි 16:23.

  19. බලන්න 1 නෙපි 17:9.

  20. බලන්න 1 රාජාවලිය 17:10–16.

  21. බලන්න දහම සහ ගිවිසුම 101:16.

  22. බලන්න දහම සහ ගිවිසුම 130:20-21.

  23. බලන්න හේබ්‍රව් 11:16.

  24. බලන්න හේබ්‍රව් 11:13.

  25. දහම සහ ගිවිසුම 123:17.

  26. See Jeffrey R. Holland, “An High Priest of Good Things to Come,” Liahona, Nov. 2000, 42-45. වැඩිහිටි හොලන්ඩ් මෙසේ පැවසීය. “සමහර ආශීර්වාද පැමිණේ, සමහරෙක් ප්‍රමාද වී; සමහරක් ස්වර්ගයට යන තෙක් නොපැමිණෙයි; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වැලඳගන්නා අයට ඒවා පැමිණෙන්නේය.”

  27. රසල් එම්. නෙල්සන්, “පටන්ගැනීමේ අදහස්,” ලියහෝනා, නොවැ. 2018, 6–8.

  28. See Quentin L. Cook, “Deep and Lasting Conversion to Heavenly Father and the Lord Jesus Christ,” Liahona, Nov. 2018, 8–12.

  29. ගීතාවලිය 28:20.