2010–2019
අපගේ පියාණන්ගේ දරුවන් සඳහා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක්
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ පියාණන්ගේ දරුවන් සඳහා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක්

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා විසින් අප විසින් අපට භාරකරන ලද ආත්මික අරමුණු සඳහා වූ මූලික ලක්ෂණය සහ චේතනාව ප්‍රේමයයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙය ඉතිහාසයේ අද්විතීය හා වැදගත් කාලයක්. ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට පෙර අවසන් කාලයේ ජීවත් වීමට අප ආශිර්වාද ලබා ඇත. 1829 මෙම කාලපරිච්ජේදය ආරම්භයේදී, සභාව විධිමත් ලෙස සංවිධානය කිරීමට පෙර, “මවිතකර වැඩකටයුතු” සිදුවීමට නියමිතව ඇති බව ආදරණීය එළිදරව්වකින් ලැබී තිබිණි. “ඇදහිල්ල, බලාපොරොත්තුව, පූජනීය ප්‍රේමය හා ප්‍රේමය තුළින් එක ලෙසම දෙවියන්වහන්සේට සේවය කිරීමට” අදහස් කරන අයට සූදානම් වීම සඳහා මෙම එළිදරව් තහවුරු කරන ලදි.1 “ක්‍රිස්තුස්වහන්සේගේ පූජනීය ප්‍රේමය”2 වූ ප්‍රේමය තුල දෙවියන්වහන්සේගේ සියළුම දරුවන් සඳහා උන්වහන්සෙගේ ප්‍රේමය ඇතුළත්ය.3

ධර්මදූත කටයුතු, දේවමාළිගා සහ පවුල් ඉතිහාස වැඩ කටයුතු සහ නිවෙස් කේන්ද්‍රීය වූ, සභාවේ සහය ලබන පවුලේ ආගමික සැමරීම් තුල එවන් ආකාරයේ ප්‍රේමයේ අත්‍යාවශ්‍ය කාර්යභාරය අවධාරණය කිරීම මෙම උදෑසන මගේ අරමුණයි. 2018 දී ප්‍රකාශයට පත් කරන ලද වෙනස්කම්වලදී අපේ ආදරණීය අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් විසින් භාර දෙනු ලැබුවේ අප විසින් ගැළවුම්කාරයාණන්ගේ ප්‍රේමය සහ සෙසු මිනිසුන්ගේ හා කාන්තාවන්4 කෙරෙහි දක්වන ආදරය සහ දේවසේවය සඳහා වූ ආධ්‍යාත්මික අරමුණුයි.5

විසිරී ඇති ඊශ්‍රායලය රැස්කිරීම සඳහා ධර්මදූත ප්‍රයත්න

ධර්මදූත සේවය හා මගේ ජීවිතයේ මුල් අවදියේදී මට තිබූ ප්‍රේමය අතර සම්බන්ධය අතර මම නිරාවරණය වුණා. මට වයස අවුරුදු 11 දී මට පීතෘමූලික ආශීවාදය ලැබුණු අතර එම පීතෘමූලිකයා මගේ සීයා වුණා.6 එම ආශිර්වාදයේ කොටසක් මෙසේ කිව්වා, “ඔබගේ සහෝදරවරුන් සඳහා විශාල ප්‍රේමයක් උදෙසා මම ඔබට ආශිර්වාද කරමි, ක්‍රිස්තුස්වහන්සේ තුලට ප්‍රාණයන් දිනාගැනීමට … සුභාරංචිය ලෝකයට ඔසවාගෙන යාම සඳහා ඔබව කැඳවනු ලබනු ඇත.”7

එම සුභාරංචිය බෙදාගැනීම, අපගේ ස්වර්ගික පියාණන්ගේ දරුවන්ට මහත් ප්‍රේමයක් මත පදනම් වූ බව එම බාල වයසේ මම තේරුම් ගත්තා.

වසර 15 කට පෙර මගේ සුභාරංචිය දේශනා කිරීම පොතෙහි වැඩ කිරීම සඳහා ප්‍රධාන අධිකාරීන්ට පැවරී ඇති නිසා, අප නිගමනය කළ පරිදි, අද දින ධර්මදූත සේවය සඳහා ප්‍රේමයේ අත්‍යවශ්‍ය බව අපි නිගමනය කළා. ධර්මදූතවරුන් අතර වඩාත් ප්‍රචලිත පරිච්ඡේදය වන්නේ, පූජනීය ප්‍රේමය හා ප්‍රේමය ඇතුලත්වන ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංගයන් ගැන ඇති වන 6 වන පරිච්ඡේදයයි.

ගැලවුම්කරුවාණන්ගේ දූතයන් ලෙස, බොහෝ ධර්මදූතයින් මේ හා සමාන ප්‍රේමයක් අත්විඳිනවා, ඔවුන් එලෙස කළ විට ඔවුන් ආශිර්වාද ලබනවා. උන්වහන්සේගේ අරමුණට උන්වහන්සේට උපකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන, මේ ආකාරයේ ප්‍රේමයක් පිළිබඳව සාමාජිකයින්ට දැනී ඇති විට, ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන් ඉශ්ට වෙයි.

රූපය
ආර්. වේන් ෂූට්

මේ ආකාරයේ ප්‍රේමයක් විදහාපෙන්වීමේ ආදර්ශයක් ලෙස මට කුඩා භූමිකාවක් රඟපෑමට ලැබීම වරප්‍රසාදයක් වුණා. මම පැසිෆික් දුපත් ප්‍රදේශයේ සභාපති ලෙස සේවය කරමින් සිටියදී, සභාපති ආර්. වේන් ෂූට්ගෙන් මට ඇමතුමක් ලැබුණා. තරුණ පිරිමි ළමයෙකු ලෙස ඔහු සමෝවාහි ධර්මදූත සේවයක් කර තිබුණා. පසුව ධර්මදූත සභාපතිවරයෙකු ලෙස සමෝවා වලට නැවත ගියා.8 ඔහු මට ඇමතූ විට, ඔහු තමයි සමෝවාහි අපියා දේවමාළිගාවේ සභාපති. ඔහුගේ ධර්මදූත සභාපතිවරයෙකු වූ කාලයේදී, ඔහුගේ ධර්මදූතයෙකු වූ ඔහු දැන් පැසිෆික් ප්‍රදේශයේ සභාපති වන වැඩිහිටි ඕ. වින්සන් හලෙක්. වින්ස් සහ හලෙක් පවුල සඳහා සභාපති ශූට් හට විශාල ආදරයක් සහ ගෞරවයක් තිබුණා. පවුලේ බොහෝ දෙනෙක් සභාවේ සාමාජිකයෝ වූ, නමුත් පවුලේ මූලිකයා වන (ජර්මානු හා සමෝවන් සම්භවයක්) වින්සන්ගේ පියා වන ඔට්ටෝ හාලෙක් සභාවේ සාමාජිකයෙකු නොවෙයි. සභාපති ශූට්, මම ඇමරිකානු සමෝවා හි පාර්ශ්වික සමුළුවකට සහ වෙනත් රැස්වීම්වලට සහභාගි වන බව දැන සිටි අතර ඔහු සමඟ සුභාරංචිය බෙදාහදා ගැනීමේ අදහසින් ඔට්ටෝ හාලෙක්ගේ නිවසේ රැඳී සිටීමට හැකිදැයි ඔහු මගෙන් ඇහුවා.

රූපය
වැඩිහිටි ඕ. වින්සන්ට් හාලෙක් තරුණ ධර්මදූතයෙකු ලෙස

මගේ බිරිඳ වන මරියා සහ මම ඔට්ටෝ සහ ඔහුගේ බිරිඳ ඩොරති සමඟ ඔවුන්ගේ ලස්සන නිවසේ රැඳී සිටියා. උදෑසන ආහාර වේල අතරතුර, මා සුභාරංචි පණිවිඩයක් බෙදාගත් අතර ඔට්ටෝ හට ධර්මදූතයින් හමුවීමට මා ආරාධනා කළා. ඔහු කාරුණිකව, නමුත් ස්ථිරවම, මගේ ආරාධනය ප්‍රතික්ශේප කළා. ඔහුගේ පවුලේ සාමාජිකයින් බොහෝ දෙනා පසු-දවස්වල ශුද්ධවන්තයන් වීම ගැන ඔහු සතුටු වන බව කිව්වා. එහෙත් ඔහුගේ සමෝවන් මවගේ මුතුන්මිත්තන්ගෙන් සමහරක් සමෝවාහි මුල් ක්‍රිස්තියානි දේවසේවකයන් වූ බව ඔහු තදින් ඇඟවුම් කළ අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික කිතුනු ඇදහිල්ලට පක්ෂපාතිත්වයක් දැක්වූවා.9 කොහොමවුණත් අපි හොඳ යාළුවෝ වගේ හිටියා.

පසුව, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලී, සුවා ෆිජි දේවමාළිගාව කැප කිරීම සඳහා සූදානම් වෙමින් සිටියදී, ඔහුගේ පුද්ගලික ලේකම් සහෝදර දොන් එච්. ස්ටේහලි,10 නවසීලන්තයේදී මා හමුවීමට කටයුතු කරන ලෙස ඇමතුවා. සභාපති හින්ක්ලි හට, ෆීජි සිට ඇමරිකානු සැමෝවා දෙසට පියාසර කර ශුද්ධවන්තයන් හමුවීමට අවශ්‍ය වුණා. කලින් සංචාරයක යෙදුණු හෝටලයක් භාවිතා කරන්නට යෝජනා වුණා. මට වෙනස් පිළිවෙතක් සකස් කළ හැකිදැයි මම ඇසුවා. “ඔබ ප්‍රාදේශීය සභාපති; ඒ නිසා ඒක කමක් නෑ” යනුවෙන් ස්ටේහලි සහෝදරයා කිව්වා.

මම වහාම සභාපති ෂූට් අමතා, ඔහුට කීවා අපේ මිත්‍රයා වූ ඔට්ටෝ හාලෙක්ව ආත්මිකව ආශීර්වාද කිරීම සඳහා අපිට දෙවැනි අවස්ථාවක් ලැබී තිබෙන බව. මේ අවස්ථාවේදී ධර්මදූතවරයා වන්නේ සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලියි. සභාපති හින්ක්ලිගේ සංචාරක කණ්ඩායමේ අපි සියලු දෙනා සඳහා නැවතීම සුදුසු දැයි ඔහු සිතනවාද යන්න මම ඔහුගෙන් ඇහුවා.11 සභාපති හා සහෝදරී හින්ක්ලි, ඔවුන්ගේ දියණිය වන ජේන් සහ වැඩිහිටි හා සොයුරිය ජෙෆ්රි ආර්. හොලන්ඩ් යන අයද මෙම සංචාරක කණ්ඩායමේ සාමාජිකයෝ වුණා. සභාපති ෂූට් පවුල සමඟ කටයුතු කර සියලු කටයුතු සූදානම් කර තිබුණා.12

දේවමාළිගා වෙන්කිරීමෙන් පසු අපි ෆීජි සිට පැමිණි විට, අපිව උණුසුම් ලෙස පිළිගනු ලැබුණා.13 එදා සවස සමෝවන් සාමාජිකයන් දහස් ගණනකට අපි කතා කළ පසු අපි නැවත හාලෙක් පවුල් නවාතැනට පැමිණියා. ඊලඟ උදෑසන උදේ කෑමට අපි රැස්වෙද්දී සභාපති හින්ක්ලි සහ ඔට්ටෝ හාලෙක් හොඳ මිතුරන් බවට පත්ව සිටියා. මීට වසරකට පෙර ඔට්ටෝට මා සමඟ තිබුණු එම සංවාදයන්ම ඔවුන් අතර ඇතිවන බව දැක එය මට මහත් උනන්දු සහගත දෙයක් වුණා. අපගේ සභාව සිය ප්‍රතිරාවය ප්‍රකාශ කළ ඔට්ටෝ ඔහුගේ පල්ලියට ඔහුගේ කැපවීම නැවත අවධාරණය කළ විට, සභාපති හින්ක්ලි, ඔට්ටෝගේ උරහිස මත අත තබා, “ඔට්ටෝ, එය ප්‍රමාණවත් නෑ; ඔබ සභාවේ සාමාජිකයකු විය යුතුයි. මේ ස්වාමින්වහන්සේගේ සභාවයි.” සභාපති හින්ක්ලි කී දෙයට විවෘත වූ ඔහුගේ, ප්‍රතිරෝධක යුද්ධායුධ කට්ටලය ඔට්ටෝ වෙතින් බිඳී ගිය බව ඔබ සංකේතාත්මකව දැකගන්නට පුළුවන්.

මෙය අතිරේක ධර්මදූත ඉගැන්වීම් සහ ආත්මික නිහතමානීකමේ ආරම්භය වූ අතර ඔට්ටෝ හාලෙක් ඊට අවුරුද්දකට පසු බෞතීස්ම වී ශුද්ධාත්මයාණන් ලැබුවා. ඉන් අවුරුද්දකට පසු හාලෙක් පවුල සදාකාලික පවුලක් ලෙස දේවමාළිගාවේ මුද්‍රා වුණා.14

රූපය
හාලෙක් පවුල දේවමාළිගාවේ මුද්‍රා වෙමින්

මෙම අද්විතීය අත්දැකීම පුරාම මාගේ හදවත ස්පර්ශ කළේ සභාපති වීන් ෂූට්ගේ හිටපු ධර්මදූතවරයා වූ, වැඩිහිටි වින්ස් හාලෙක් සහ සියළුම හාලෙක් පවුල සදාකාලික පවුලක් ලෙස දැකීමටට ඔහුට ඇති වූ ආශාවයි.15

ඊශ්රායෙලය එකතු කිරීමේදී, අප මේ ආකාරයේ ප්‍රේමයකින් අපගේ හෘදයන් පෙලඹවිය යුතු අතර, හුදෙක් වගකීම්16 පිලිබඳ හැඟීම් වලින් ඈත්ව සිටීම හෝ, ගැලවුම්කරුවාණන්ගේ පණිවුඩය, ලෝකය සමග දේවසේවය සහ මෙහෙවර බෙදාහදා ගැනීමෙහි දිව්‍ය හවුල්කාරිත්වයේ ප්‍රේමයේ සහ සහභාගිත්වයේ හැඟීම් වලට හුරුවීමයි.17

සාමාජිකයන් වශයෙන් අපට සරල ආරාධනා කිරීමෙන් ගැළවුම්කාරයාණන් හා ලෝකය පුරා අපගේ සහෝදර සහෝදරියන් කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්විය හැකියි. නව ඉරිදා රැස්වීම් කාලසටහන සාමාජිකයින් හට, තම මිතුරන්ට හා ආශ්‍රිතයන් වෙත ඇරයුම් කර, සභා අත්දැකීමක් විඳීමට හා පැමිණ බලන්නට හොඳම අවස්ථාවකි.18 නව ගිවිසුම සහ ගැලවුම්කරුවාණන් හෝ ගැලවුම්කරුවාණන්ට හා උන්වහන්සේගේ දහම මූලික කරගත් අදාළ සම්මන්ත්‍රණ පණිවිඩ සහිත මිනිත්තු 50ක රැස්වීම සහ ආත්මික සක්‍රමේන්තු රැස්වීමක් වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් ඊයේ විස්තර කල ආකාරයෙන් ශුද්ධවන්ත වූවානම් යැයි බලාපොරොත්තු වෙනවා.

පූජකවර ඝණපූර්ණ සාමාජිකයන් හා සමග “රැස්වීමේ” පැවරුම් ලබාදී ඇත්තේ ඇයි දැයි යම් සහන සමිති සාමාජිකාවන් පුදුම වෙනවා. මේ සඳහා හේතු තියනවා, එමන්ම සභාපති නෙල්සන් මෙවැනි බොහෝ දේවල් පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සැලසුම් කර තිබුණා. ඔහු මෙසේ අවසන් කළා, “ඔබ නොමැතිව අපට සරලවම ඊශ්‍රායලය එක් කරන්නට බැහැ.”19 මේ කාලයේදී අපගේ පූර්ණ කාලීන ධර්මදූතයින්ගෙන් 30% ක්ම සහෝදරියන් වීම ආශිර්වාදයක්. සහන සමිතියේ සොහොයුරන්ට ප්‍රේමණීයව සුභාරංචිය බෙදා දීමට දීමනාවක් මේ තුලින් සපයනවා. අවශ්‍ය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය බෙදා ගැනීමට, අප සෑම පිරිමි, ගැහැණු, යෞවනයින් සහ දරුවන්ගෙන් ප්‍රේමනීය, දයානුකම්පිත, ආත්මික කැපවීමයි. අපි ප්‍රේමය, කරුණාව සහ නිහතමානීකම පෙන්වන විට, අපගේ ආරාධනාව බොහෝදෙනෙක් පිළිගනු ලබයි. අපගේ ආරාධනය නොපිළිගන්නා අය අපගේ මිතුරන් බවට පත්වෙයි.

ඊශ්‍රායලය එකතු කිරීමට දේවමාළිගා සහ පවුල් ඉතිහාස ප්‍රයත්න

තිරයෙන් එහා ඊශ්‍රායලය එකතු කිරීමට දේවමාළිගා සහ පවුල් ඉතිහාස ප්‍රයත්නයන්ගේ මධ්‍යස්තය ප්‍රේමයයි. අපේ මුතුන්මිත්තන් මුහුණ දුන් පීඩා සහ අපහසුතාවයන් පිළිබඳව අප ඉගෙනගන්නා විට, ඔවුන් කෙරෙහි අපගේ ආදරය හා අගය කිරීම අතිශයින් ප්‍රශංසනීය වෙනවා. ඉරිදා රැස්වීම් කාලසටහන මෙන්ම තරුණ තරුණියන් සඳහා පන්තිවල සහ ඝණපූර්ණයේ වූ වෙනස්කම් නිසා, අපගේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස ප්‍රයත්න විශාල ලෙස ශක්තිමත් වී තිබෙනවා. මෙම වෙනස්කම් අපගේ මුතුන්මිත්තන් පිළිබඳව ඉගෙන ගැනීම හා තිරයෙන් අනෙක් පැත්තේ ඊශ්‍රායලය එකතු කිරීම සඳහා කලින් හා වඩා බලවත් අවධානයක් ලබාදෙනවා. දේවමාළිගා සහ පවුල් ඉතිහාස යන කාර්යයන් දෙකම බොහෝ සේ ප්‍රසාරණය වී තියෙනවා.

අන්තර්ජාලය බලවත් ආයුධයක්; නිවස දැන් අපගේ මූලික පවුල් ඉතිහාස මධ්‍යස්ථානයයි. අපගේ තරුණ සාමාජිකයන් පවුල් ඉතිහාසයේ පර්යේෂණවල විශේෂඥතාවයක් දක්වනවා, ඔවුන් ආදරය කිරීමට හා ප්‍රශංසා කිරීමට ඉගෙනගෙන තම මුතුන්මිත්තන් සඳහා බෞතීස්මය සඳහා ආත්මිකව එසවී තියෙනවා. වයස්-අවුරුදු-11 වයසැති අයට මලවුන් සඳහා බෞතීස්ම වන්නට අවස්ථාව ලබාදීමත් සමගම, ලොව වටා දේවමාළිගා සභාපතිවරුන් සහභාගීවීම් වල විශාල වර්ධනයක් වාර්තා කළා. එක් දේවමාළිගා සභාපතිවරයෙක් අපට පවසන්නේ “බව්තීස්මයේ අනුගාමිකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇති බවත්, 11 හැවිරිදි දරුවන් තවත් වැඩි වැඩියෙන් පවුල් රැගෙන එන බවත්ය. … ඔවුන්ගේ [යෞවන වයසේදී] පවා, ඔවුන් ක්‍රියාත්මක කරන ආඥාව කෙරෙහි ගරුබුහුමන් සහ අරමුණ ඔවුන් අවබෝධ කරගෙන ඇත. එය නැරඹීමට හරිම දර්ශනීයයි!”20

අපේ ප්‍රාථමික හා තරුණ නායකයන් පවුල් ඉතිහාස හා දේවමාළිගාවේ වැඩ කටයුතු සඳහා විශාල උත්සාහයක් දරන බව හා එය නොනවත්වා කරගෙන යන බව මම දන්නවා. සහන සමිතිය සහ පූජක සහෝදරයන් හට තම දේවමාළිගාවේ සහ පවුල් ඉතිහාසයේ වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රේමනීයව සහයෝගය දැක්වන අතරම, දරුවන්ට හා තරුණයින්ට තිරයෙන් අනිත් පැත්තේ ඊශ්‍රායලය රැස්කිරීම සඳහා ඔවුන්ව දිරි ගැන්වීම හා අනුබල දීමෙන්ද උපකාර කළ හැකියි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ නිවස තුළ හා සබත් දවස තුලයි. මුතුන්මිත්තන් සඳහා ප්‍රේමනීය ලෙස වත්පිළිවෙත් ඉටුකිරීමෙන්, වැඩි වැඩියෙන් නපුර බවට පත් වන ලෝකයක අපගේ තරුණ පරපුර සහ පවුල් ශක්තිමත් කරනු ඇත. සභාපති රසල් එම්. නෙල්සන්ට දේවමාළිගා හා දේවමාළිගා කාර්යන් සම්බන්ධයෙන් ප්‍රබල වැදගත් හෙළිදරව් කිරීම් ලැබුණු බව මම පෞද්ගලිකවම සාක්ෂි දරනවා.

සදාකාලික පවුල් සහ පුද්ගලයන් දෙවියන්වහන්සේ සමග ජීවත් වීමට සූදානම් කිරීම

සදාකාලික පවුල් සහ පුද්ගලයන්ට දෙවියන්වහන්සේ හා සමග ජීවත් වීමට ආදරණීයව සූදානම් කිරීමට, නිවස කේන්ද්‍රකරගත් සුභාරංචි අධ්‍යනය පිළිබඳ නව අවධාරණය කිරීම් සහ සභාව විසින් සපයා ඇති සම්පත් විශාල අවස්ථාවක් වෙනවා.21

පුරුෂයෙකු හා ස්ත්‍රියක් දේවමාළිගාවේ මුද්‍රා තැබූ විට, ඔවුන් නව හා සදාතනික ගිවිසුමේදී පූජකත්වයේ අනුපිළිවෙළට ශුද්ධ වූ වත්පිළිවෙතකට ඇතුල් වෙනවා.22 ඔවුන් එකට එක්වී ඔවුන්ගේ පවුලේ සම්බන්ධතා මෙහෙයවීමට බලය සහ පූජකවර ආශිර්වාද ලබාගන්නවා. “පවුල: ලෝකයට ප්‍රකාශයකි”23 හි දැක්වෙන පරිදි කාන්තාවන් සහ පුරුෂයින්ට අද්විතීය භූමිකාවන් ඇති අතර ඔවුන්ගේ වටිනාකම සහ වැදගත්කම දෙස බැලීමේදී ඔවුන් එකිනෙකාට සමානයි.24 තම පවුල වෙනුවෙන් එළිදරව් ලබාගැනීමට ඔවුන්ට සමානවූ බලයක් තියෙනවා. ඔවුන් ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් වැඩ කරන විට, ඔවුන්ගේ තීරණ වලට ස්වර්ගය විසින් ආශීර්වාද කරනවා.

ස්වාධීනව හා තමන්ගේ පවුල්වලට දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට වෑයම් කරන අය ධර්මිෂ්ඨකම, නිහතමානිකම, කරුණාව සහ ප්‍රේමය වෙනුවෙන් වෙහෙසීමට අවශ්‍යයි. නිහතමානිකම සහ ප්‍රේමය යනු විශේෂයෙන්ම ඔවුන්ගේ පවුල් සඳහා විශේෂයෙන්ම ස්වාමීන්ගේ කැමැත්ත සොයන අයගේ ලක්ෂණයයි.

අපව පරිපූර්ණත්වයට පත්කිරීම, ගිවිසුම් ආශිර්වාද කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සහ දෙවියන්වහන්සේ හමුවීමට සුදානම් වීම පෞද්ගලික වගකීම් වේ. අප අවට ඇති කුණාටුවලින්25 හා අපේ ඇදහිල්ලේ ශුද්ධස්ථානයක් වන අපගේ නිවාස සුරක්ෂිත කරගැනීම සඳහා අප අප මතම යැපිය යුතුයි.26. ඔවුන්ගේ දරුවන්ට ආදරණීයව ඉගැන්වීම සඳහා දෙමාපියන්ට වගකීමක් ඇත. ප්‍රේමයෙන් පිරි නිවාස ප්‍රීතියකි, ආශ්වාදයකි සහ ඇත්තවශයෙන්ම ලෝකය මත වූ ස්වර්ගයකි.27

මගේ මවගේ ප්‍රියතම ගීතිකාව “Love at Home.”28 ඇය මුල්ම වාක්‍ය අසන සැම විට, “නිවස ප්‍රේමයෙන් පිරී ඇති විට එහි අලංකාරත්වය පවතී.” ඇය කඳුළින් පිරී යනවා. අපි එවැනි ආකාරයේ නිවසක ජීවත් වන බව කුඩා කළ සිටම අපි දැනගෙන හිටියා; එය ඇයගේ මූලිකම ප්‍රතිපත්තියක් වුණා.29

නිවසේ ආදරණීය වාතාවරණයකට දිරිමත් කිරීමට අමතරව සභාපති නෙල්සන් විසින් අපගේ මූලික අරමුණු කඩාකප්පල් කරන මාධ්‍ය භාවිතය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.30 ඕනෑම පවුලකට වාසි ලබා දෙන එක් ගැලපීමක් නම්, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය බාධාවක් හෝ, වඩාත් නරක, ස්වාමියා බවට පත් කරගන්නවා වෙනුවට එය සේවකයෙකු කරගත යුතුයි. සෑම කෙනෙකුගේම ආත්මය, විශේෂයෙන් ම ළමයින් ආත්මය සඳහා වන යුද්ධය බොහෝ විට නිවසේදී සිදුවෙයි. දෙමව්පියන් ලෙස අප මාධ්‍ය අන්තර්ගතය යහපත්, සුදුසු වයස් මට්ටමක් සහ අප විසින් නිර්මාණය කිරීමට උත්සාහ කරන ප්‍රේක්ෂක පරිසරයට අනුරූප වන බවට වග බලා ගැනීම අවශ්‍යයි.

අපේ නිවෙස් වල ඉගැන්වීම පැහැදිලි හා බලවත් විය යුතු නමුත්,31 ආත්මිකව, ප්‍රිතිමත්ව හා ප්‍රේමයෙන් පිරී තිබිය යුතුයි.

ගැලවුම්කරුවාණන්ට සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි අප දක්වන ආදරය කෙරෙහි අවධානය යොමු කරන විට, අපි අපගේ ගැළවීම කෙරෙහි අවධානය යොමු කරන විට, තිරයෙන් දෙපසම ඊශ්‍රායලය එක්රැස් කිරීම, අන් අයට සේවය කිරීම, දෙවියන්වහන්සේ හමුවිමට සූදානම් වීම සඳහා අප දරන උත්සාහයේ කේන්ද්‍රස්ථානය බවට අපගේ නිවෙස් පත් කරගන්නා විට, ශුභ සිද්ධිය, ප්‍රීතිය හා සමාදානය ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සමග අපගේ නිවෙස් මහිමයට පත් කරනු ඇත.32 මෙම මූලධර්මයම පොරොන්දු පිළිබඳව, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබඳ ස්ථීර සාක්ශියත් පිළිබඳව මම සාක්ශි දරන්නේ උන්වහන්සේගේම යේසුස් ක්‍රිස්තුස් යන නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. දහම සහ ගිවිසුම 4:1, 5.

  2. මොරෝනි 7:47

  3. See “Charity and Love,” Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2019), 124.

  4. ද්විතීය කථාව 6:5; මතෙව් 22:36–40 බලන්න.

  5. “සාමාජික ධර්මදූත සේවය සහ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්ය වෙනුවෙන් වැඩිහිටි ඝණපූර්ණය්‍රි සහ සහන සමිති සභාපතිත්වයේ වගකීම,” දැන්වීම, 2018 ඔක්. 6, බලන්න.

  6. වෙනස් වෙනස් ස්ටේක වල සිටින තම මුණුපුර මිණිපිරියන්ට පීතෘමූලික ආශිර්වාදය ලබාදෙන්නට මගේ සීයාට අධිකාරීත්වය තිබිණි. ඔහු මට එය වයස අවුරුදු 11 දී ලබාදුන්නේ, ඔහු අසනීපයෙන් සිටි නිසා ඔහු මියායාමට ඉඩ ඇති බැවිනි.

  7. Patriarchal blessing given to Quentin L. Cook by patriarch Crozier Kimball, Oct. 13, 1951, Draper, Utah.

  8. සභාපති ආර්. වයිනි ෂූට් චීනයේ ෂැංහයිහි; ආර්මේනියාව, ස්ංගප්පූරුව සහ ග්‍රීසිය වැනි වෙනත් විවිධාකාර දූත මෙහෙවර සඳහා සිය බිරිඳ ලර්නා සමඟ සේවය කළේය. ලෝර්නාගේ මරණයේන් පසු, ඔහු රීයා මේ රොස්වෙල් හා සමග විවාහ වූ අතර, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හි සේවය කළේය. ඔහුගේ දරුවන් නව දෙනාගෙන් හත්දෙනෙක්ම පූර්ණ කාලීන ධර්මදූත සේවයේ යෙදුණෝය. වසර දෙකක දී ඔහු තනොවාහි ධර්මදූත සේවය කරමින් සිටි අතර, වැඩිහිටි ජෝන් එච්. ග්රොබර්ග් ටොංගාහි සභාපති ලෙස කටයුතු කළේය. ඔවුන් දෙදෙනාම අත්දැක තිබූ අත්දැකීම පුරාවෘතයකි.

  9. ඔට්ටෝ හාලෙක් ලන්ඩනයේ මිෂනාරි සමිතියෙන් ආරම්භ වූ සමෝවා හි ක්‍රිස්තියානි පල්ලියෙහි නායකයෙක් විය. ඔහුගේ පියා ජර්මනියේ උරුමය වූයේ ජර්මනියේ ඩෙසාවෝ විසින් පැවත එන්නෙකි.

  10. සභාපති ඩොන් එච්. ස්ටේහෙලී දැනට බවුන්ටිෆුල් යූටා දේවමාළිගාවේ සභාපති ලෙස සේවය කරයි.

  11. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි සහ මාර්ජරී පී. හින්ක්ලි සහෝදරිය සහ ඔවුන්ගේ දියණිය වන ජේන් හින්ක්ලි ඩඩ්ලි, වැඩිහිටි ජෙෆ්රි ආර් සහ සොයුරිය පැට්රීෂියා ටී හොලන්ඩ්, වැඩිහිටි ක්වෙන්ටින් එල්. සහ සහෝදරිය මේරි ජී. කුක් සහ සහෝදර ඩොන් එච්. ස්ටේහෙල් යන සියල්ලම සිටියහ.

  12. වැඩිහිටි ඕ. වින්සන්ට් හැල්කෙක් මට කියා සිටියේ තම පියා වින්ස් සහ ඔහුගේ සහෝදරයා වන ඩේවිඩ් විදේශගතව සිට ආපසු නිවසට පැමිණෙන ලෙස සභාපති හන්ක්ලිගේ සංචාරය සඳහා පැමිණෙන ලෙස තම පියාට ආරාධනා කළ බවයි. වැඩිහිටි හාලෙක්ට තම පියා ප්‍රකාශ කලේ මෙසේය, “ඔබ දන්නවාද ඒ දේවදූතයන් විය හැකියි.” ඔවුන් අනාගතවක්තෘවරයාට නවාතැන් දීමට සූදානම් වනවා නම්, නිවස පරිපූර්ණ වියයුතු බව ඔහු ඔහුගේ දරුවන්ට කීවේය.

  13. සභාපති හින්ක්ලි ඇමරිකානු සමෝවන් ජාතික නායකත්වය සහ පාපන්දු ක්‍රීඩාංගනය තුළ සිය දහස් සමොවන් ජාතිකයන් විසින් පිළිගනු ලැබීය.

  14. වෙහෙස නොබලා ධර්මදූත සේවය තුළින් පවුල් එකමුතු කිරීම සමෝවන් හා සෙසු පොලිනීසියානු ජනතාවගේ ඉතා සුවිශේෂී ලක්ෂණයකි.

  15. සභාපති ෂූට් මහතා එතරම් ආදරයට පත්වූවාද කියනවා නම්, 2006 දී ඔට්ටෝ ආලෙක්ගේ අවමංගල්‍යයට කථා කරන ලෙස ඔහුට ඇරයුම් ලැබුණේය.

  16. “Sometimes we may initially serve from a sense of duty or obligation, but even that service can lead us to draw on something higher … to serve in ‘a more excellent way’ [1 Corinthians 12:31]” (Joy D. Jones, “For Him,” Liahona, Nov. 2018, 50).

  17. See Tad R. Callister, The Infinite Atonement (2000), 5–8.

  18. සභාවේ සාමාජිකයන් ධර්මදූතයින් සමඟ ආරාධනා කරන විට සම්බන්ධීකරණය කළ යුතුය.

  19. රසල් එම්. නෙල්සන්, “ඊශ්‍රායලය එකතු කිරීමට සහෝදරියන්ගේ දායකත්වය,” ලියහෝනා, නොවැ. 2018, 70.

  20. Report by President B. Jackson and Sister Rosemary M. Wixom, president and matron of the Salt Lake Temple, to the Primary General Presidency, Mar. 2019. ඉල්ලුම සඳහා සපයනු පිණිස ඔවුන් වැඩි වැඩියෙන් XXXS බෞතීස්ම ඇඳුම් ඇණවුම් කරන බව වාර්තා වී තිබේ.

  21. රසල් එම්. නෙල්සන්, “පටන්ගැනීමේ අදහස්,” ලියහෝනා, නොවැ. 2018, 6–8.

  22. දහම සහ ගිවිසුම 131:1–4 බලන්න.

  23. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ලියහෝනා මැයි 2017, 145.

  24. “Every father is to his family a patriarch and every mother a matriarch as coequals in their distinctive parental roles” (James E. Faust, “The Prophetic Voice,” Ensign, May 1996, 6).

  25. දහම සහ ගිවිසුම 45:26-27; 88:91 බලන්න.

  26. රසල් එම්. නෙල්සන්, “උදාහරණාත්මක පසු-දවස්වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113.

  27. See “Home Can Be a Heaven on Earth,” Hymns, no. 298.

  28. “Love at Home,” Hymns, no. 294.

  29. මෙම ආකාරයේ ප්‍රේමයක් සාක්ෂාත් කර ගත හැකි නම්, දහම සහ ගිවිසුමෙහි 121: 41-42 හි අරමුණ විය යුතුය:

    “බලයේ හෝ බලපෑමෙන් පූජකත්වයේ වටිනාකම විසින් පවත්වා ගත යුතු හෝ නොසිතිය යුතුය, ඉවසීමෙන්, බොහෝ ඉවසිලිවන්තකම, මෘදුකම සහ නිහතමානිකම, සහ අසාර්ථක වූ ප්‍රේමයෙන්ය.

    “කරුණාවන්තකමත්, පිරිසිදු දැනුමත්, කුහකත්වයෙන් තොරව ආත්මය විශාල ලෙස විස්තීරණය කළ යුතුය.”

    දරුවන්ගේ අනිසි විවේචන වැළැක්විය යුතුය. .වැරදි හා ප්‍රඥාව නොමැති වීම මඟහරවා ගැනීමට අවශ්‍ය විවේචනය කිරීම නොවේ, උපදෙස්ය. පාපයට දඬුවම් අවශ්‍යයි (බලන්න දහම සහ ගිවිසුම 1:25–27).

  30. රසල් එම්. නෙල්සන්, “ඊශ්‍රායලය එකතු කිරීමට සහෝදරියන්ගේ දායකත්වය,” Nov. 69; රසල් එම්. නෙල්සන්, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  31. යම් ආකාරයකින්, නිවස සියලු වයස්වල ළමුන් සඳහා එක් කාමරයක් වැනි ය. 11 හැවිරිදි අයට උගන්වන විට, අවුරුදු 3 ක් වයසැති අය අපට නොසලකා හැරිය නොහැකිය.

  32. බලන්න යොහාන් 17:3; 2 නෙපි 31:20; මොරෝනි 7:47.