2010–2019
දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව

අපි උන්වහන්සේ මත ඉවසීමෙන් සිටින විටදී පවා, අපට ඉක්මනින්ම ලැබෙන සමහරක් ආශිර්වාද තිබෙනවා.

අවුරුදු කිහිපයකට පෙර, අපගේ අවුරුදු පහක් වයසැති පුතා මා ළඟට පැමිණ පැවසුවා, “තාත්තේ, මම යමක් වටහාගත්තා” කියලා. මම වටහාගත්තා ඔබට ඉක්මනින්ම කියන්නේ මට ගොඩක් ලොකු කාලයක් කියලා.”

ස්වාමින්වහන්සේ හෝ උන්වහන්සේගේ සේවකයන්, “වැඩි දවසක් නොගොස්” නැතිනම් “කාලය බොහෝ දුර නොවේ,” වැනි වදන් පවසන විට, එයින් සැබවින්ම අර්තවත්වන්නේ ජීවිත කාලයම හෝ ඊටත් වැඩියෙන් යන්නයි.1 උන්වහන්සේගේ වෙලාව, සහ නිතරම උන්වහන්සේගේ නිශ්චිත කාලය, අපගේ කාලයට වඩා වෙනස්. යතුර ඉවසීමයි. එය නොමැතිව, ජීවිතයට හෝ ගැලවීමට දෙවියන්වහන්සේ තුල ඇති විශ්වාසය වර්ධනය කිරීමට හෝ පෙන්නුම් කිරීමට නොහැක. නමුත් අද මගේ පණිවිඩය වන්නේ, අපි උන්වහන්සේ මත ඉවසීමෙන් සිටින විටදී පවා, අපට ඉක්මනින්ම ලැබෙන සමහරක් ආශිර්වාද තිබෙනවා.

ඇල්මා සහ ඔහුගේ මිනිසුන් ලේමන්වරුන් විසින් යටත් කරගත් විටදී, ඔවුන් ගැලවීම වෙනුවෙන් යාච්ඤා කළා. ඔවුන් ඉක්මනින්ම ගැලවීම ලැබුවේ නෑ, නමුත් ඔවුන් ඉවසීමෙන් ගැලවීම ලැබෙන තුරු සිටින විටදී, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ යහපත්කම සමහරක් සෘජු ආශිර්වාද සමඟ පෙන්වූවා. නිදසුනක් ලෙස, ඔවුන්ව නොමරන පිණිස උන්වහන්සේ සෘජුවම ලැමනයිට්වරුන්ගේ හදවත් මෘදු කල සේක. උන්වහන්සේ තවත් ඇල්මාගේ මිනිසුන්ව ශක්තිමත්කර ඔවුන්ගේ බර අඩු කළා.2 අවසානයේදී ඔවුන් ගැලවීම ලැබූ විට, ඔවුන් සරහෙම්ලා වෙත ගමන් කළා,එහිදී ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් පුදුමයෙන් සිටි සෙනගක් සමඟ බෙදා ගත්තා. මිනිසුන් විශ්මයට පත්ව, “දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුභාවය, සහ ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් … වහල්භාවයෙන්, පිටතට බේරීමේ බලය සිහිපත් වූ විට, ඔවුහු ඔවුන්ගේ හඬවල් ඔසවමින් තවද දෙවියන්වහන්සේට ස්තුතිය දුන්නෝය.” 3

සැබෑ වුවමනාවෙන් සහ හදවතේ අවංක අරමුණනින් දෙවියන්වහන්සේ අයදින සියලුදෙනා වෙත දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුභාවය පැමිණෙනවා. ගැලවීම බොහෝ ඈත බව පෙනෙන විට සහ ඉතා උත්සන්න වූ දුක්විදීම් තවත් දීර්ග වන විට දී පවා, අවංකම බලාපොරොත්තු සුන්ව මොරගසන්නන් පවා මෙයට අදාළ වනවා.

තරුණ දිවසිවරයෙකුට පවා එසේ විය, සිරකුටියේදී අවසාන බින්දුව වන තෙක්ම දුක්විඳ අවසානයේ මෙසේ මොරගැසීය “අහෝ දෙවියනී, ඔබ කොහෙද? … කොපමණ කාලයක් ඔබගේ දෑත් නිහඬව සිටීද … ? එසේය, ස්වාමිනි, කොපමණ කාලයක්ද … ?”4 පිළිතුරු වශයෙන්, ස්වාමින්වහන්සේ ජෝසෆ්ව වහාම ගලවාගත්තේ නෑ, නමුත් ඔහු සෘජුවම සාමය ලබාදුන්නා.5

දෙවියන්වහන්සේ අවසාන ගැලවීම සඳහාද බලාපොරෝත්තුවේ සෘජුභාවය ලබා දෙයි.6 කුමක් වුවත්, කොහේ වුවත්, ක්‍රිස්තුස්වහන්සේ තුල සහ ක්‍රිස්තුස්වහන්සේ තුලින් අප ඉදිරියේ දීප්තිමත්ව හිනැහෙන බලාපොරොත්තුවක් සෑමවිටම ඇත.7 සෘජුවම අප ඉදිරියේ ඇත.

තවදුරටත්, අපට උන්වහන්සේගේ පොරොන්දුව ඇත: “මාගේ කරුණාව ඔබ වෙතින් අහක් වන්නේ නැත.”8

ඒ සැමටම වැඩියෙන්, දෙවියන්වහන්සේගේ ආදරය සෘජුය. පාවුල් තුමා මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුල ඇති, දෙවියන්වහන්සේගේ ආදරයෙන් අපව වෙන්කිරීමට”9 කිසිවකට නොහැකි බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ ආත්මයෙන් යම් කලකට අපව වෙන්කලත්, අපගේ පාපයන් වලටද, උන්වහන්සේගේ නිරන්තර සහ අප්‍රමාද ආදරයෙන් අපව වෙන්කළ නොහැක.

මේවා “උන්වහන්සේ [අපව] සෘජුවම ආශිර්වාද කරන” සමහරක් මාර්ග සහ විධි වේ.10 දැන්, මෙම මූලධර්ම වර්තමානයට සහ ආසන්නයට ගෙන ඒමට, තමන්ගේ ජීවිත දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබවේ සාක්ෂියක් වූ දෙදෙනෙකුගේ අත්දැකීම් මම ඔබ සමඟ බෙදා ගන්නවා.

ඇයගේ නවයොවුන් වියේ පටන්, එමිලී මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩා වින්දා. කාලයෙන් කාලයට සුවපත් වුවත්, අවුරුදු ගණනාවක් පුරා ඇයව බැඳ තබාගත් ඇබ්බැහිවීමකට ලක් කල, අත්හදාබැලීම් පුරුද්දක් බවට පත්වුනා. විශේෂයෙන්ම ඇය බිරිඳක් සහ මවක් වූ පසුව, එමිලී ඇයගේ ප්‍රශ්න පරිස්සමින් සඟවා තබාගත්තා.

ඇයගේ ගැලවීමේ ආරම්භය ගැලවීමක් ලෙස කිසිවිටකත් හැඟුනේ නැත. එක් විනාඩියකදී, එමිලී නිතරම වගේ සිදුකරන වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුනා, ඊළඟ විනාඩියේදී, රෝහලේ නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇයව ගිලන් රථයකින් ගෙනගියා. ඇය ඇයගේ ළමයින්, ඇයගේ ස්වාමිපුරුෂයා සහ ඇයගේ නිවාස වෙතින් වෙන්වීම ගැන කල්පනා කරන විට බියට පත්වුනා.

එම රාත්‍රියේදී, සීතල අඳුරු කාමරයක සිට, එමිලී ඇයගේ ඇඳ මත ගුලි ගැසී හඬන්නට පටන් ගත්තා. සාංකාවෙන්, බියෙන් සහ දරාගත නොහැකි අඳුරකින් කාමරය සහ ඇගේ මුළු ආත්මයම වසා ගත් විට, එමිලී ඇත්තටම සිතුවා එම රාත්‍රියේදී ඇය මිය යන බව. තනියම.

එම බලාපොරොත්තු සුන්වූ තත්වයේ සිට, කෙසේ හෝ ඇය, ඇඳෙන් බැස දනින් වැටීමට ශක්තිය සොයාගත්තා. කිසිම මවාපෑමකින් තොරව, එමිලි මුළුමනින්ම ඇයව ස්වාමින්වහන්සේට යටත් කරමින් බලාපොරොත්තු සුන්ව මෙසේ අයැද සිටියා, “ආදර දෙවියන්වහන්ස, මට ඔබවහන්සේව අවශ්‍යයි. කරුණාකර මට උදවු කරන්න. මට තනියම ඉන්න ඕනේ නෑ. කරුණාකර, මට මේ රැය පහන් කරන්න ඉඩ දෙන්න.”

එවිට එසැනින්ම, උන්වහන්සේ පේදුරුට කලාක් මෙන්, යේසුස්වහන්සේ උන්වහන්සේගේ හස්තය දිගු කර ගිලෙන ඇයගේ හදවත අල්ලාගත්තා.11 එමිලී මතට මවිත කරවන නිශ්චල, ධෛර්යයක්, සහතික කිරීමක් සහ ආදරයක් පැමිණියා. කාමරය තවදුරටත් සීතල නොවුණා, අය දැන සිටියා අය තනියම නොවන බව, සහ ඇයට අවුරුදු 14 සිට පළමු වතාවට, එමිලී දැනගත්තා සෑමදෙයක්ම හොඳින් සිදුවන බව. එමිලී දෙවියන්වහන්සේ වෙතට අවදි වී,”12 සාමයෙන් නින්දට ගියා. එයින් අපට පෙනී යන්නේ “නුඹලා පසුතැවිලි වී තවද නුඹලාගේ හදවත් දැඩිකර ගන්නේ නැතිනම්, නුඹලා වෙතට ඉක්මනින් බලවත් වූ මිදීමේ සැලැස්ම ගෙන එනු ලබන” බවය.13

රූපය
දේවමාළිගාවේ පවුලක්

එමිලිගේ සුවවීම සහ අවසාන ගලවාගැනීමට කාලය ගතවූනා - ඇයගේ ස්ථීර වීමේ කාලයට මාස ගණනක ප්‍රතිකාර, පුහුණුවීම්, සහ උපදේශන මෙන්ම සමහර අවස්තාවන් වල උන්වහන්සේගේ යහපත්කමේ සෘජුබවද ඇතුලත් වෙනවා. ඇය ඇයගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් සමඟ සදාකාලයටම මුද්‍රා තැබීමට දේවමාලිගාවට ඇතුල්වන විටද උන්වහන්සේගේ යහපත්කම ඇය සමඟ දිගින් දිගටම තිබුනා. දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව සහ ඇයව වහල් බවින් මුදවාගනීමෙදී තිබු උන්වහන්සේගේ බලය පිළිබඳව ඇය දැන් මෙනෙහි කරන විට එමිලී පුදුමයට පත්වනවා.

දැන්, තවත් එඩිතර ඇදහිලිවන්තයෙකුගේ ජීවිතයෙන් කොටසක්. 2013, දෙසැම්බර් 27, අලීශියා ශ්රෝඩර් බලාපොරොත්තු නොවූ ලෙස ඇගේ දොරකඩ සිටි ඇයගේ ආදරණීය යහළුවන් වන ෂේන් සහ ශේර්ලා ශිල්කොට් ඉතා සතුටින් පිළිගත්තා. අලිශියාගේ සභාවේ නායකයාද වන ෂේන්, ඔහුගේ ජංගම දුරකථනය ඇයට දෙමින් සෙමින් මෙලෙස කීව, “අලිශියා, අපි ඔබට ආදරෙයි. ඔබ මෙම දුරකථන ඇමතුමට පිළිතුරු දිය යුතුයි.”

අලිශියාගේ, ස්වාමිපුරුෂයා, මාරියෝ, දුරකතනයේ සිටියා. බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දුරස්ථ ප්‍රදේශයක හිම මත විනෝද ගමනක ඔහු සහ ඔවුන්ගේ දරුවන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියා. එහිදී ඔවුන් ඉතා දරුණු හදිසි අනතුරකට මුහුණ පෑවා. මාරියෝ ඉතා දරුණු ලෙස තුවාල ලබා සිටි අතර, ඔවුන්ගේ 10 හැවිදිරි පුතෙකු වන, කලෙබ්, මියගොස් සිටියා. මාරියෝ අලිශියා හට කලෙබ්ගේ මරණය ගැන පැවසු විට, අප කිහිප දෙනෙකුට කවදාවත් දැනගත නොහැකි වන ශෝකයක් ඇයට ඇතිවුනා. එය ඇයව බිම ඇද දැමුවා. කිව නොහැකි තරම් වේදනාවකින් පන නැති වී සිටි අලිශියා හට තවදුරටත් කතා කරගත නොහැකි වුනා.

සභානායකයා සහ සොහොයුරී ශිල්කොට් ඉක්මනින් ඉදිරියට පැමිණ, ඇයව ඔසවා, අල්ලාගත්තා. ඔවුන් යම් කාලයක් එකට මහත් හඬින් කෑගසා හැඬුවා. සභානායක ශිල්කොට් අලිශියා හට පූජකවර ආශිර්වාදයක් ලබාදීමට ඉදිරිපත් වුනා.

ඊළඟට සිදුවූ දෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව පිළිබඳව යම් තේරුම්ගැනීමකින් තොරව තේරුම්ගැනීමට ඉතා අසීරුයි. සභානායක ශිල්කොට් තමන්ගේ දෑත් ඉතා මෘදු ලෙස අලිශියාගේ හිස මත තබා වෙවුලන කටහඬකින්, කතාකිරීමට පටන් ගත්තා. අලිශියාට කරුණු දෙකක් හරියට දෙවියන්වහන්සේ විසින්ම කතා කළා සේ දැනුනා. පළමුව, ඇයට අයගේ නම ඇසුනා, අලිශියා සුසන් ශ්රෝඩර්. පසුව ඇයට ඇසුනා සභානායකවරයා සර්වබලධාරී දෙවියන්වහන්සේගේ බලය ඉල්ලා සිටිනවා. එම මොහොතේම - ඇයගේ නම සහ දෙවියන්වහන්සේගේ බලය ගැන උච්චාරණය කල වහාම -අලිශියා හට විස්තර කල නොහැකි සාමයක්, ආදරයක්, සැනසීමක් සහ කෙසේ හෝ සතුටක් දැනුනා. එය ඇය සමග දිගටම රැඳුණා.

දැන්, සැබවින්ම, අලිශියා, මාරියෝ සහ ඔවුන්ගේ පවුලේ අයට කලෙබ් වෙනුවෙන් වැලපීමත් සහ කාලෙබ් නැති පාළුව දැනීමත් දිගින් දිගටම සිදුවනවා. එය හරිමඅසීරුයි! මම ඇය සමඟ කතාකරන හැම මොහොතකම, ඇය කොතරම් ඇගේ පුතාට ආදරය කරනවාද කියා පවසන සෑම විටම අලිශියාගේ ඇස් කඳුලින් බරවෙනවා. උන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව ආරම්භයේ සිට ඇයගේ බලාපොරොත්තු සුන්වූ කාලය අතරතුර සහ දැන් “වැඩි ඈතක නොවන” මිහිරි හමුවීමක දීප්තිමත් බලාපොරොත්තුවක් සමඟ උතුම් ගැලවුම්කරුවාණන් ඇයගේ බරපතල අමාරුකමේ සෑම මාත්‍රාවක් පාසාම ඇයව ශක්තිමත් කල ආකාරය ගැන පවසන විට ඇගේ දෑස් තවමත් තෙත්ව පවතිනවා

එමිලිට සහ අලිශියාට පැමිණියා වගේ සහනයක් ලබාගැනීමට හෝ හඳුනාගැනීමට දුෂ්කර වන තරමේ, ජීවිතයේ අත්දැකීම් සමහර වෙලාවට කැළඹීම් සහ ව්‍යාකූලතා ගෙනෙඑන බව, මම දන්නවා. මම එවැනි කාල පසුකර තිබෙනවා. මම සාක්ෂි දරනවා, එවැනි කාලවලදී, අපගේ හුඳු සුරක්ෂිතභාවය වන්නේ දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබාවයේ මෘදු සහ ප්‍රබල ප්‍රකාශනය බව. මතකතබා ගන්න, පුරාතන ඊශ්‍රායෙලය අවසානයේදී ගලවා ගත්තේ එදිනෙදා “ඔවුන්ව ආරක්ෂා කල ඒ දෙවියන්වහන්සේම” 14 වන බව.

මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උතුම් ගැලවුම්කාරයාණන් බවට, ඒ වගේම උන්වහන්සේගේ නාමයෙන්, මම පොරොන්දු වනවා ඔබ උන්වහන්සේ වෙතට සැබෑ උවමනාවෙන් සහ හදවතේ අවංක අරමුණින් හැරුණු විට, ඔබගේ ජීවිතය හෝ සතුට අඩු කිරීමට හෝ විනාශ කිරීමට තර්ජනයක් වන සෑම දෙයකින්ම ඔබව ගලවාගන්නා බවට. එම ගැලවීම ඔබ කැමතිවනවට වඩා බොහෝ කාලයක් ගනීවි - සමහර විට මුළු ජීවිත කාලයම. ඉතින්, ඒ අවසාන ගැලවීමේ දවස වන තෙක් ඔබව ස්ථීර කිරීමට සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය සැනසීම, ආරක්ෂාව, සහ බලාපොරොත්තුව ලබාදීමට, මම ඔබට ප්‍රශංසා කරනවා සහ සාක්ෂි දරනවා දෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව පිළිබඳව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.