2010–2019
පසුතැවීම මගින් පවිත්‍ර කරනු ලැබ
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පසුතැවීම මගින් පවිත්‍ර කරනු ලැබ

දෙවියන්වහන්සේගේ සැලැස්ම අසහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, පසුතැවීමේ ක්‍රියාවලිය තුලින් අපට පිරිසිඳු වීමට පුළුවන්.

ලෞකිකත්වයේදී මනුශ්‍යාගේ නීති වලට සහ දෙවියන්වහන්සේගේ නීති වලට අපි යටත්. කලින් යූටා ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තිකරුවෙකුත් දැන් පළමු සභාපතිත්වයේ සාමාජිකයෙකුත් ලෙස - මෙම නීතීන් දෙකම යටතේ බැරෑරුම් ලෙස වැරදි ලෙස හැසිරීම් විනිශ්චය කිරීමේ අසාමාන්‍ය අත්දැකීම මට තියෙනවා. මිනිසාගේ නීති සහ දෙවියන්වහන්සේගේ නීති අතර වෙනස්කම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය සහ යථාර්තය ගැන මගේ අගය කිරීම වර්ධනය වී තිබීම මා අත්විඳ ඇත. මිනිසාගේ නීති යටතේ, බොහෝම බැරෑරුම් අපරාධ වලට හසුවන පුද්ගලයෙකු සමා කාලයකින් තොරව ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලබනවා. නමුත් ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ කාරුණික සැලැස්ම අනුව එය ඊට වෙනස්. “බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක් සහිත හැමදෙනාගේම” පවු වෙනුවෙන් අපගේ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය නිසා එවන්වූම පව් වලට ලෞකික ජීවිතයේ සමාව දියහැකි බව මම සාක්ශි දරා තිබෙනවා (2 නෙපි 2:7). ක්‍රිස්තුස්වහන්සේ මුදවාගනී, සහ උන්වහන්සේගේ වන්දිගෙවීම සැබෑය.

ගීතිකා කණ්ඩායම විසින් දැන් ඉදිරිපත් කළ අලංකාර ගීතිකාව තුලින් අප ගැලවුම්කරුවාණන්ගේ ආදරණීය දයානුකම්පාව පෙනෙනවා.

යේසුස්වහන්සේ වෙත එන්න. උන්වහන්සේ ඔබට ඇහුම්කන්දෙයි,

අඳුරේ ඔබ වෙනතක ගොස් සිටියත්.

උන්වහන්සේගේ ප්‍රේමය ඔබව සොයාගෙන මෘදුව ඔබට මගපෙන්වයි

අඳුරු රාත්‍රියෙන් දහවලට.1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය “පසුතැවිලි වී උන්වහන්සේ වෙත එන සියළු මනුශ්‍යන්” සඳහා දොරටු විවෘත කරයි. (දහම සහ ගිවිසුම 18:11; තවත් බලන්න මාක් 3:28; 1 නෙපි 10:18; ඇල්මා 34:8, 16). අධර්මිශ්ට සහ ලේ පිපාසිතව සිටි අයට පවා පසුතැවීම සහ සමාව දීම ලබාගත හැකිබව ඇල්මා පොත වාර්තා කරනවා (බලන්න ඇල්මා 25:16; 27:27, 30). අද දිනයේ මගේ පණිවිඩය වන්නේ නම් අයින් කර නෙරපා හැර සභාවේ සාමාජිකත්වය නැතිකරගත් අය ඇතුළුව, අප හැමටම තියන එකම බලාපොරොත්තුවක් ගැනයි. අපි සැවොම පසුතැවීමෙන් පිරිසිඳු වියහැකි පව්කාරයන්ය. “පාපයෙන් පසුතැවීම පහසු නැත,” යනුවෙන් වැඩිහිටි රසල් එම්. නෙල්සන් පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයකදී ඉගැන්වූවා. “නමුත් එම ත්‍යාගය එම මිළට වටින්නේය.”2

I. පසුතැවීම

පසුතැවීම අපගේ ගැලවුම්කරුවාණන්ගෙන් ආරම්භ වෙයි, එමන්ම එය බරක් නොව ප්‍රීතියකි. පසුගිය දෙසැම්බර් මාසයේ නත්තල් ආගමික උත්සවයේදී සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “සත්‍ය පසුතැවීම සිදුවීමක් නොවේ. එය කිසිදා අවසන් නොවන වරප්‍රසාදයකි. වර්ධනයට සහ මනසේ සාමය, සැනසුම සහ ප්‍රීතියට එය මූලික සාධකයකි.”3

පසුතැවීම ගැන මොර්මන් පොතේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නම්, “මහත් අවිශ්වාසයකින්,” “අහංකාරකමින් එසවී,” සහ හදවත් “ලෝකයේ ධනය සහ නිශ්ඵල දේ තුළ” රඳවාගෙන සිටි සභාවේ සාමාජිකයින්ට ඇල්මාගේ දේශනාවයි (ඇල්මා 7:6). මෙම නැවත පිහිටවූ සභාවේ සෑම සාමාජිකයෙකුම ඇල්මාගේ අනුභාවය ලත් ඉගැන්වීම් වලින් බොහෝ දේ ඉගෙනගෙන ඇත.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලෙන් ආරම්භ කරමු, මන්ද “ලෝකයාගේ පව් රැගෙන යාමට පැමිණෙන්නේ උන්වහන්සේය” (ඇල්මා 5:48). අපි පසුතැවිලි විය යුතුය, ඇල්මා ඉගැන්වූ ලෙස, “මක්නිසාද පසුතැවිලි වුනොතින් මිස, ස්වර්ග රාජ්‍ය හිමිකරගන්නට ඔබලාට කිසිවිටකත් නොහැකිවන්නේය” (ඇල්මා 5:51). පසුතැවිලිවීම දෙවියන්වහන්සේගේ සැලැස්මේ වැදගත් කොටසකි. මන්ද අපගේ ලෞකික අත්දැකීමේදී සැවොම පව් කරන නිසා අප දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් කපාහරිනු ඇත, පසුතැවිලිවීම නොමැතිව මනුශ්‍යයාට “ගැලවීම” ලබාගත නොහැකිය (ඇල්මා 5:31; තවත් බලන්න හිලමන් 12:22).

මෙය ආරම්භයේ සිටම උගන්වා ඇත. ස්වාමින්වහන්සේ මෙසේ ආදම්ට අණ කළ සේක, “එය ඔබේ දරුවන්ට උගන්වන්න, සැමතැනම සිටිනා, සියළුම මනුශ්‍යයන් පසුතැවිය යුතුය, එසේ නැතිනම් ඔවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍ය උරුමකරගත නොහැකි වන්නේය, කිසිඳු අපිරිසිඳු දෙයක් එහි හෝ උන්වහන්සේගේ අභිමුඛයේ වැඩ වසන්නේ නැත” (මෝසෙස් 6:57). දෙවියන්වහන්සේගේ අණ පණත් වලට විරුද්ධ වන අපගේ ක්‍රියාවන් හෝ ක්‍රියාවන් නොවන සියළු දේ යන - අපගේ සෑම පාපයකටම පසුතැවිය යුතුයි. කිසිවෙක් එයින් නිදහස් නෑ. ඊයේ සන්ධ්‍යාවේ සභාපති නෙල්සන් අපිට අභියෝග කළා: “සහෝදරවරුනි, අපි පසුතැවිලි විය යුතුයි.”4

පසුතැවීම මගින් පිරිසිඳු වන්නට නම්, අපි අපගේ පාප අත්හැර ඒවා ස්වාමින්වහන්සේටත් අවශ්‍ය විටදී උන්වහන්සේගේ ලෞකික විනිශ්චයකරුටත් පාපොච්චාරණය කළ යුතුය (බලන්න දහම සහ ගිවිසුම 58:43). “ධර්මිෂ්ඨකමේ කාර්ය ගෙන ආ යුතු බව” ඇල්මා ඉගැන්වූවා (ඇල්මා 5:35). මේ සෑම දෙයක්ම ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස නිරන්තර ශුද්ධලියවිලි වල ඇතුළත් ආරාධනයකි.

සෑම සබත් දිනකම අපි සක්‍රමේන්තුව ලබාගැනීම අවශ්‍යයි. එම වත්පිළිවෙතේදී අපි ගිවිසුම් තබන අතර අපගේ ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරන ලෙස පරිපූර්ණ වීමෙන් අපව අවහිර කරනා ක්‍රියාවන් සහ ආශාවන් ජයගැනීමට උදව් කරන ආශිර්වාද අපට ලැබෙයි (බලන්න මතෙව් 5:48; 3 නෙපි 12:48). “තවද නුඹලා නුඹලාම සියළු අභක්තියෙන් වැලකී සිටිමින් නුඹගේ සියළු බලයෙන්ද මනසින්ද, ශක්තියෙන්ද, දෙවියන්වහන්සේට ආදරය කරන්නේ නම්,” එවිට අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වී” සහ උන්වහන්සේ හෙලූ රුධිරයෙන් “පිරිසිඳු වී” “ශුද්ධවන්තව, කැළලක් නොමැති බවට” පත්වන්නේය (මොරෝනි 10:32–33). කෙතරම් නම් පොරොන්දුවක්ද! කෙතරම් නම් ප්‍රාතිහාර්යක්ද! කෙතරම් නම් ආශිර්වාදයක්ද!

II. වගවීම සහ ලෞකික විනිශ්චය

මෙම ලෞකික අත්දැකීමේ දෙවියන්වහන්සේගේ සැලැස්මේ එක් අරමුණක් නම් “ස්වාමින්වන දෙවියන්වහන්සේ අපට අණ කරන ඕනෑම දෙයක් අපි කරනවාදැයි බැලීම” “ඔප්පු” කිරීමයි (ආබ්‍රහම් 3:25). මෙම සැලැස්මේ කොටසක් ලෙස, අපි දෙවියන්වහන්සේටත් උන්වහන්සේ තෝරාගත් සේවකයින්ටත් වගවිය යුතුය, එමෙන්ම එම වගවීමට ලෞකික මෙන්ම දිව්‍යමය විනිශ්චය අදාළය.

ස්වාමින්වහන්සේගේ සභාවේ, සාමාජිකයන් හෝ සාමාජිකයන් වීමට සිටින අය සඳහා ලෞකික විනිශ්චය දිව්‍යමය මගපෙන්වීම සොයන නායකයින් විසින් පාලනය වේ. සදාකාලික ජීවිතය කරා ගිවිසුම් මාවතේදී උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය ලබාගෙන ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණෙන්නට සොයන පුද්ගලයින් විනිශ්චය කිරීම ඔවුන්ගේ වගකීමයි. ලෞකික විනිශ්චය කෙනෙකු බෞතීස්මය සඳහා සුදුසු දැයි තීරණය කරයි. පුද්ගලයෙකු දේවමාළිගාවට සහභාගී වන්නට සුදුසුද? සභාවේ වාර්තා වලින් ඉවත් කළ පුද්ගලයෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ප්‍රමාණවත් ලෙස පසුතැවී බෞතීස්මය මගින් නැවත ඇතිල් වීමට සුදුසුද?

දෙවියන්වහන්සේ විසින් කැඳවන ලද ලෞකික විනිශ්චයකරුවෙක් පුද්ගලයෙකුව තවත් දේවමාළිගා ප්‍රතිලාභ වැනි තවත් වර්ධනය සඳහා නිර්දේශ කිරීමෙදී, එම පුද්ගලයා පරිපූර්ණ බව එයින් අදහස් වෙන්නේ නෑ, එමෙන්ම ඔහු කිසිඳු පාපයකට සමාව දෙන්නේ නෑ. ලෞකික “දඬුවම් බැහැර කිරීම” කිරීමෙන් පසු පුද්ගලයෙකු “සැමවිටම උන්වහන්සේට පමණක් විසඳිය හැකි, ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අවසාන පසුතැවීම සෙවිය යුතු බව” වැඩිහිටි ස්පෙන්සර් ඩබ්. කිම්බල් ඉගැන්වූවා.5 අවසාන විනිශ්චය දක්වා පසුතැවුණේ නැති පාපකාරී ක්‍රියා ඇත්නම්, පසුතැවුනේ නැති පුද්ගලයා අපිරිසිඳුව සිටී. පසුතැවීමේ අවසාන පිරිසිඳු කිරීමේ පියවර ඇතුළු, අවසානම වගවීම, අප එකිනෙකා අතර සහ දෙවියන්වහන්සේ අතර වේ.

III. නැවත නැගිටීම සහ අවසාන විනිශ්චය

ශුද්ධලියවිලි වල සඳහන් වන විනිශ්චය බොහෝ විට, නැවත නැගිටීමෙන් පසු ඇති විනිශ්චයයි (බලන්න 2 නෙපි 9:15). බොහෝ ශුද්ධලියවිලි “ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ අප සිටගත යුතුයි” ලෙස හැඳින්වෙනවා (රෝම 14:10; තවත් බලන්න 2 නෙපි 9:15; මොසායා 27:31) “මරණීය ශරීරයේදී සිටියදී කළාවූ ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිමින් විනිශ්චය කරනු ලැබීමට” (ඇල්මා 5:15; තවත් බලන්න එළිදරව් 20:12; ඇල්මා 41:3; 3 නෙපි 26:4. ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව සැවොම විනිශ්චයට ලක්වේ” (3 Nephi 27:15) එමෙන්ම “ඔවුන්ගේ හදවතේ ආශාවන්ට අනුව” (දහම සහ ගිවිසුම 137:9; තවත් බලන්න ඇල්මා 41:6).

අවසාන විනිශ්චයේ අරමුණ නම් ඇල්මා විස්තර කළ ආකාරයට “හදවතේ විශාල වෙනසක්” අපි ලඟා කරගෙන ඇත්ද (බලන්න ඇල්මා 5:14, 26), “නපුර කිරීමට කිසිඳු ආශාවක් නොමැතිව නමුත් අඛණ්ඩව යහපත කරමින්” නව නිර්මාණයක් බවට අප පත්වී ඇත්ද (මොසායා 5:2). විනිශ්චයකරු වන්නේ අපගේ ගැලවුම්කරුවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි (බලන්න යොහාන් 5:22; 2 නෙපි 9:41). උන්වහන්සේගේ විනිශ්චයෙන් පසු “උන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බව” අපි කියනු ඇත (මොසායා 16:1; තවත් බලන්න මොසායා 27:31; ඇල්මා 12:15), උන්වහන්සේගේ සර්වඥතා ඥානය නිසා (බලන්න 2 නෙපි 9:15, 20) ධර්මිශ්ට සහ පසුනොතැවුණු හෝ වෙනස් නොවුණු අපගේ සියළුම ක්‍රියාවන් සහ ආශාවන් ගැන සම්පූර්ණ දැනුමක් උනවහන්සේට ඇත.

අවසාන විනිශ්චයේ ක්‍රියාවලිය පිළිබඳ ශුද්ධලියවිලි විස්තර කරනවා. නැවත නැගිටීමේදී “සියළු දෙයම ඒවායේ නියමිත් ආකාරයට නැවත පිහිටවිය යුතු බව” දෙවියන්වහන්සේගේ යුක්තිය බලාපොරොත්තු වන බව ඇල්මා උගන්වනවා (ඇල්මා 41:2). එනම් “තවද මෙම ජීවිතයේ ඔවුන්ගේ ක්‍රියාවන් යහපත් වන්නේ නම්, තවද ඔවුන්ගේ හදවත් වල ආශාවන් යහපත් නම්, … එනම් ඔව්හු එසේම අවසාන දවසේදී එනම් යහපත් වූ දෙයකට නැවත පිහිටවනු ලබන්නේය” (ඇල්මා 41:3). ඒ හා සමානව, “තවද ඔවුන්ගේ ක්‍රියාවන් දුෂ්ඨ වන්නේ නම්, ඔවුන් වෙතට එය දුෂ්ඨ කම සමග නැවත පිහිටුවන්නේය” (ඇල්මා 41:4–5; තවත් බලන්න හිලමන් 14:31). ඒ හා සමානවම, යාකොබ් දිවැසිවරයා අවසාන විනිශ්චය ගැන මෙසේ ඉගැන්වූවා “එනම් ධර්මිශ්ඨයන් වූ ඔවුන් තවමත් ධර්මිශ්ඨයන්ව සිටිනු ඇත, තවද එනම් අපවිත්‍රයන් වූ ඔවුන් තවමත් අපවිත්‍රයන්ව සිටිනු ඇත” (2 නෙපි 9:16; තවත් බලන්න මෝර්මන් 9:14; 1 නෙපි 15:33). මොරෝනි කියූ ක්‍රියාවලිය එයයි “ජීවත් වන්නවුන් සහ මලවුන් යන දෙගොල්ලන්ම විනිශ්චය කරන සදාතනික විනිශ්චයකරුවාණන් ඉදිරියේ ප්‍රසන්න සිංහාසනය” (මොරෝනි 10:34; තවත් බලන්න 3 නෙපි 27:16).

අපි දෙවියන්වහන්සේ ඉදිරියේ පිරිසිඳුව සිටීම සහතික කිරීමට, අවසාන විනිශ්චයට පෙර අපි පසුතැවිලි විය යුතුය (බලන්න මෝර්මන් 3:22). ඇල්මා තම පව්කාර පුත්‍රයාට කී ලෙස, දෙවියන්වහන්සේ ඉදිරියේ අපගේ පව් සැඟවීමට නොහැකිය, “තවද නුඹ පසුතැවිලි නොවන්නේ නම්, ඒවා අවසාන දවසේ නුඹට විරුද්ධව සාක්ශියක්ව නැගී සිටින්නේය” (ඇල්මා 39:8; අවධාරණය කිරීම් සහිතව). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, පසුතැවීම මගින් අපට අවශ්‍ය පිරිසිඳු කිරීම කරගන්නට එකම මාර්ගය ලබාදෙයි, එමෙන්ම මෙම ලෞකික ජීවිතය ඒ සඳහා කාලයයි. ආත්මික ලෝකයේදී යම් පසුතැවීමක් සිදුවිය හැකි බව අපට උගන්වා ඇතත් (බලන්න දහම සහ ගිවිසුම 138:31, 33, 58), එය සහතික කර නොමැත. වැඩිහිටි මෙල්වින් ජේ. බැලර්ඩ් මෙසේ ඉගැන්වීය “ආත්මය සහ මාංශය එකට එකතු වී ඇති විට ස්වාමින්වහන්සේට සේවය කරන්නටත්, ජයගන්නටත් වඩා පහසුය. මනුශ්‍යන් වඩා ධෛර්යමත් සහ ප්‍රවේශම් කාලය මෙයයි. … මේ ජීවිතය පසුතැවිලි වීමට කාලයයි.”6

අපි පසුතැවිලි වන විට, අපගේ ක්‍රියාවන් සහ ආශාවන් ඇතුළු අපගේ පාපයන් පිරිසිඳු කර එමෙන්ම “ඒවා තවදුරටත් මතක් කර තබානොගත්” දයාවන්ත අවසාන විනිශ්චයක් ලැබෙන බවට ස්වාමින්වහන්සේ සහතික කර ඇත (දහම සහ ගිවිසුම 58:42; තවත් බලන්න යෙසායා 1:18; ජෙරමියා 31:34; හේබ්‍රව් 8:12; ඇල්මා 41:6; හිලමන් 14:18–19). පසුතැවීම මගින් පිරිසිඳු වී, අපිට සදාකාලික ජීවිතය සඳහා සුදුසුකම් ලැබිය හැකි බව “කිසිදින-නිමානොවන ප්‍රීතියකින් දෙවියන්වහන්සේ සමග වාසය කිරීම” ලෙස බෙන්ජමින් රජතුමා විස්තර කර ඇත (මොසායා 2:41; තවත් බලන්න දහම සහ ගිවිසුම 14:7).

දෙවියන්වහන්සේගේ “නැවත පිහිටුවීමේ සැලැස්මේ” තවත් කොටසක් ලෙස (ඇල්මා 41:2), නැවත නැගිටීම “සෑම දෙයක්ම … ඒවායේ පරිපූර්ණ තත්වයට” නැවත පිහිටවෙනු ඇත (ඇල්මා 40:23). උපතේදී හෝ කම්පනයකදී හෝ රෝගයකදී ලෞකික ජීවිතයේ අත්පත් කරගන්නා අසාමාන්‍යතා ඇතුළු අපගේ ශාරීරික අඩුපාඩුකම් වල පරිපූර්ණත්වය මෙයට ඇතුළත්.

අපගේ සියළුම අශුද්ධ හෝ නුසුදුසු ආශාවන් සහ ඇබ්බැහිවීම් මෙම නැවත නැගිටීම මගින් පරිපූර්ණ කරනවාද? එය සිදුවන්නේ නෑ. අපගේ ක්‍රියාවන්ට මෙන්ම අපගේ ආශාවන් අනුවද අප විනිශ්චය වන බව නවීන එළිදරව් කිරීම් මගින් අපි දැනගන්නා ලෙස (බලන්න ඇල්මා 41:5; දහම සහ ගිවිසුම 137:9) අපගේ සිතුවිලි පවා අපව හෙළා දකිනු ඇත (බලන්න ඇල්මා 12:14). මරණය තෙක් “අප පසුතැවිලි වන දිනය” අපි කල් නොදැමිය යුතුය, ඇමියුලෙක් මෙසේ ඉගැන්වීය (ඇල්මා 34:33), මක්නිසාද නුඹලාගේ ශරීර අයත් කර සිටින එම ආත්මයම මෙම ජීවිතයෙන් නුඹ පිටතට යන කාලයේදී, එනම් නුඹලාගේ ශරීරය අයිති කරගැනීමට එම සදාතන ලෝකයේදී එම ආත්මයට බලය ඇත්තේය” (ඇල්මා 34:34). අපව නපුරෙන් පිරිසිඳු කරන්නට අපගේ ගැලවුම්කරුවාණන්ට බලය ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටී. අපගේ අධර්මිශ්ට හෝ අප්‍රකට ආශාවන් සහ සිතුවිලි වලට පසුතැවෙන්නට සොයමින් පිරිසිඳු වී අවසාන විනිශ්චයේ දෙවියන්වහන්සේ ඉදිරියේ හිටගන්නට උන්වහන්සේගේ උපකාරය සෙවීමට කාලය දැන් එළඹ ඇත.

IV. දයාවේ දෑත්

දෙවියන්වහන්සේගේ සැලැස්මේ සියල්ලත් සහ උන්වහන්සේගේ අණ පණත් උන්වහන්සේ අප කෙරෙහි ඇති ආදරයයි, එනම් “එය සියළු දෙයට වඩා ආශා විය යුතු අතර … ප්‍රාණයට බෙහෙවින් ප්‍රීතිදායකය” (1 නෙපි 11:22–23). යෙසායා දිවැසිවරයා මෙසේ අස්වැසීය අධර්මිශ්ඨයන් වුවද ඔවුන් “ස්වාමින්වහන්සේ වෙත හැරුණු විට, … උන්වහන්සේ දයාව පෙන්වා [එමෙන්ම] සමාව ලබාදෙයි” (යෙසායා 55:7). ඇල්මා මෙසේ ඉගැන්වූවා, “බලන්න, උන්වහන්සේ සියළු මනුශ්‍යයන්ට ආරාධනාවක් යවන සේක, මක්නිසාද ඔවුන් දෙසට කරුණාවේ හස්තය දිගුව ඇත්තේය” (ඇල්මා 5:33; තවත් බලන්න 2 නෙපි 26:25–33). නැවත නැගිටි ස්වාමින්වහන්සේ නෙපිවරුන්ට මෙසේ පැවසීය, “බලන්න, මාගේ දයාවේ හස්තය නුඹලා වෙතට දිගුකර ඇත, තවද කවරෙකු මා වෙත පැමිණෙන්නේද මම ඔහුව භාරගන්නෙමි” (3 නෙපි 9:14). මෙම ආත්මික සහ තවත් බොහෝ අධ්‍යාත්මික ඉගැන්වීම් වලින්, දෙවියන්වහන්සේට උන්වහන්සේගේ දරුවන් සඳහා ලබාදීමට ඇති ශ්‍රේෂ්ඨ ආශිර්වාද අත්විඳීම සඳහා සෑම මිනිසෙකුම සහ කාන්තාවක්ම උන්වහන්සේගේ දෑතට ගැනීමට දෑත් දිගුකර සිටිනා බව අපි දනිමු.7

දෙවියන්වහන්සේගේ සැලැස්මත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමත් නිසා, “බලාපොරොත්තුවේ පරිපූර්ණ ආලෝකයක්” සමග මම ඔබට සාක්ශි දරන්නෙමි, දෙවියන්වහන්සේ අපිට ආදරෙයි එමෙන්ම පසුතැවීමේ ක්‍රියාවලිය මගින් අපිට පිරිසිඳුවන්නට පුළුවන්. “එමනිසා [අපි] ක්‍රිස්තුස්වහන්සේගේ වචනය අසමින් ඉදිරියට ගොස් අවසානය තෙක් විඳදරාගන්නේ නම් බලන්න, පියාණන්වහන්සේ මෙසේ කියන්නේය: නුඹලාට සදාතන ජීවිතය ලැබෙන්නේය” යන පොරොන්දුව අපට ඇත (2 නෙපි 31:20). අපි හැමදෙනාම එසේ කරන ලෙස මම අයැද සිටින්නේත් යාච්ඤා කරන්නේත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “Come unto Jesus,” Hymns, no. 117.

  2. Russell M. Nelson, “Repentance and Conversion,” Liahona, May 2007, 102.

  3. Russell M. Nelson, “Four Gifts That Jesus Christ Offers to You” (2018 First Presidency’s Christmas Devotional, Dec. 2, 2018), broadcasts.ChurchofJesusChrist.org.

  4. රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 69.

  5. The Teachings of Spencer W. Kimball, ed. Edward L. Kimball (1982), 101.

  6. Melvin J. Ballard, in Melvin R. Ballard, Melvin J. Ballard: Crusader for Righteousness (1966), 212–13.

  7. See Tad R. Callister, The Infinite Atonement (2000), 27–29.