2010–2019
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල සුභාරංචිය
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල සුභාරංචිය

දේවසේවය, නිවස මූලික කරගත් සභාවේ සහය ඇතුව ඉගෙනීම; සබත්-දින ආත්මික නමස්කාරයේ; සහ ගැලවීමේ කාර්යයන් වල දහම පිළිබඳව වූ අත්තිවාරම වන්නේ දෙවියන්වහන්සේට සහ අසල්වැසියන්ට ප්‍රේම කිරීමයි.

මගේ සහෝදර සහෝදරියනි, අවුරුදු 71කට කලින්, 1948 දී, මම එංගලන්තයේ ධර්මදූතයෙකු වීම සහ අවුරුදු 44කට කලින් කැනඩාවේ ටොරොන්ටෝ ධර්මදූත මෙහෙයේ සභාපතිව සිටියදී මගේ බිරිඳ බාබරා සහ මම අපගේ පවුල රැගෙන කැනඩාවට ගිය බව මට අදහාගත නොහැකියි. 1976දි එහි සේවය කරන විට, හැත්තෑවරුන්ගේ පළමු ඝනපූර්ණයට කැඳවීමක් ලැබුණි, එට පසු අනපෙක්ෂිත ලෙස 1985දි, දොළොස්දෙනාගේ ඝනපූර්ණයට මා කැඳවන ලදී. අනාගතයේදී නිදහස් කිරීම් ඇතුලත් මගේ පෙර කැඳවීම් වගේ නොව, දොළොස්දෙනා සඳහා මගේ කැඳවීමෙන් නිදහස් කිරීම දැනට මගේ හොඳම විකල්පය නොවේ; කෙසේවෙතත්, එම දවස පැමිණිය යුත්තේ ස්වාමින්වහන්සේ කිරීම සඳහා මා කැඳවූ සෑම කාර්යක්ම අවසන් වූ පසුව බවට මම යාච්ඤා කරනවා .

ප්‍රධාන අධිකාරයෙකු ලෙස මගේ පසුගිය අවුරුදු 43 සහ ලෝකය පුරා ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට මට ලැබුණු විශිෂ්ඨ වරප්‍රසාද ගැන මම සිතනවා, ඒ තුලින් මම වඩාත් පුළුල්ව තේරුම්ගෙන තිබෙනවා උන්වහන්සේගේ දරුවන් සියලුදෙනාටම ඔවුන්ගේ ජීවිත වල සාමය, ප්‍රීතිය, සහ සතුට සොයාගැනීමට උන්වහන්සේට අවශ්‍ය බව.

දිවැසිවර ලෙහි ඉගැන්නුවා, “මනුෂ්‍යන් [සහ කාන්තාවන්] පැවතෙන්නේ, එනම් ප්‍රීතිය තිබෙන පිණිසය.”1 සාමය, ප්‍රීතිය සහ සතුට මේ ලෝකයෙන් අපිව මඟහැරීමට හේතු සාධක බොහොමයක් තිබෙනවා, එයට දුප්පත්කම, යුද්ධය, ස්වභාවික විපත්, සහ රැකියාව, සෞඛ්‍ය, සහ පවුල් සම්බන්ධතාවල අනපේක්ෂිත බාධාවන් ඇතුලත් වෙනවා.

කෙසේවෙතත් මේ ලෝකයේ අපගේ ජීවිතයේ ගැටුම් ඇතිකරන එවැනි පිටස්තර බලපෑම් අපට පාලනය කළනොහැකි වුවත්, අප වටා කැරකෙන ලෝකයේ කරදර නොසලකා ස්වාමින්වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයන්වි වීමට අපි උත්සහ කරනවා නම් සාමය, ප්‍රීතිය සහ සතුට සොයාගැනීමට අපට හැකියාව තිබෙනවා,

මගේ එක දරුවෙක් වරක් කීවා, “තාත්තේ, සමහර වෙලාවට මට හිතෙනවා මට එය කිරීමට පුළුවන් වෙයිද කියලා.” ඉතින් මම පිළිතුරු දුන්නා, “ස්වර්ගික පියාණන්වහන්සේ අපෙන් ඉල්ලන එකම දෙය වන්නේ හැම දවසකම අපේ උපරිමය කිරීමටයි.” සහෝදර සහෝදරියනි, ඔබට කිරීමට පුළුවන් උපරිමය දවසින් දවස කරන්න, එවිට ඔබ දන්නෙම නැතිව, ඔබට තේරුම්යාවී ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට ආදරය බව සහ ඔබව දන්නා බව. ඔබ එය දැනගත් විට - හොඳින්ම දැනගත් විට - ඔබේ ජීවිතයට සත්‍ය අරමුණක් සහ තේරුමක් ඇතිවේවි, එවිට ඔබ ප්‍රීතියෙන් සහ සාමයෙන් පිරේවි.

ලෝකයේ ආලෝකය ලෙස, ගැලවුම්කරුවාණන් පැවසුවා, “මා අදහන කිසිවෙකුත් අන්ධකාරයේ නොවසන සේක.”2

“බලන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ විසින් දෙන ලද නාමයයි, අපට ගැලවීම ලබාදෙන වෙනත් නාමයක් නොමැත;

“මක්නිසාද, සියලු මනුෂයන් [සහ කාන්තාවන්] පියාණන් විසින් දෙනු ලැබූ නාමය ඔවුන් මතට ගත යුතුය.”3

ශුද්ධලියවිලි අපට උගන්වනවා සාතන් අන්ධකාරයට මිනිසුන් පමුණුවීමට ආශාවෙන් සිටින බව. ඔහුගේ සෑම උත්සාහයම වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ සුභාරංචියේ ආලෝකය සහ සත්‍ය වැසීමයි. ලෙහි ඔහුගේ දරුවන්ට ඉගැන්වූ ලෙස, යක්ෂයා “ඔහු මෙන් සියලු මිනිසුන් කාලකන්නි විය යුතු යයි සොයන්නේය.”4 ස්වර්ගික පියාණන්වහන්සේගේ “කාර්යය සහ … මහිමය” වන්නේ “[මිනිසුන්ගේ සහ කාන්තාවන්ගේ], සදාකාලික ජීවිතය සහ අමරණීයත්වය ගෙන ඒමයි” නම්, සාතන්ගේ “කාර්යය” වන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට කාලකන්නිකම සහ අනන්ත දුක ගෙන ඒමයි. 5 පාපය සහ අපරාධය අපගේ ජීවිත වලින් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයේ දීප්තිය අඩුකරනවා. ඒ නිසයි සාමය, ප්‍රීතිය සහ සතුට ගෙනෙන ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයේ ගිලීම අපගේ පරමාර්ථය විය යුත්තේ.

පසුගිය අවුරුදු එකහමාර තුල, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දිවසිවරුන්ට සහ අපොස්තුලුවරුන්ට ආශ්චර්යමත් හැඩගැසීම් ගණනාවක් ක්‍රියාවට නැංවීමට උන්වහන්සේගේ පෙළඹවීම ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, මම කරදර වෙනවා මෙම වෙනස්කම් පිලිබඳ උද්වේගය නිසා එහි ආත්මික අරමුණ නැතිවී යයි කියලා.

ජෝසෆ් එෆ්. ස්මිත් පැවසුවා: “සත්‍ය, පිරිසිදු, සරල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය නැවත පිහිටුවා ඇති. ලෝකය තුල එය නඩත්තු කිරීම අපගේ වගකීමකි.”6 ඔහු එකතු කළා, සත්‍ය පිරිසිදු, සහ සරල සුභාරංචිය වන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ දහමයි.”7යනුවෙන්

සභාපති ජෝසෆ් ස්මිත් ඉගැන්වුවා “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින්, සුභාරංචියේ නීතියට සහ වත්පිළිවෙත් වලට කීකරු වීමෙන් සියලු මනුශ්‍ය වර්ගයාට ගැලවීම ලැබේ.”8

සුභාරංචියේ පළමු මූලධර්ම වන්නේ ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල, පසුතැවීම, බෞතීස්මය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව සහ අවසානය තෙක් විඳදරාගැනීමයි. ඔහුගේ පියා, හයිරම් ස්මිත්, නැවතත් කියා සිටියා: “සුභාරංචියේ මුලික මූලධර්මයන් උගන්වන්න - ඒවා නැවතත් උගන්වන්න: දවසින් දවස ඒවා පිළිබඳව අලුත් අදහස් සහ අමතර ආලෝකයක් ඔබට එළිදරවු වන බව ඔබට සොයාගත හැකි වේවි. ඒවා පැහැදිලිව තේරුම් ගැනීම පිණිස … ඔබට ඒවා ගැන වැඩියෙන් සොයන්න. [ඔබ] උගන්වන අයට වඩාත් සරලව පැහැදිලිකර දීමට එවිට ඔබට හැකි වේවි.”9

සභාවේ ආත්මික අරමුණ දැකගැනීමට ඇති හොඳම මාර්ගය වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල ඉගැන්වීම් අනුව ජීවත්වීම බව මම විශ්වාස කරනවා, ඒ වගේම ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ අණපනත් දෙක අදාළ කරගැනීමයි. එනම්: “ස්වාමින්වන දෙවියන්වහන්සේට ඔබේ මුළු හදවතින්ම ආදරය කරන්න. … ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”10

එම උතුම් අණපනත් දෙකට කීකරුවීම වැඩිපුර සාමයක් සහ ප්‍රීතියක් අත්දැකීමට මාර්ගයක් සලසනු අත. අපි ස්වාමින්වහන්සේට ආදරය සහ සේවය කර විට සහ අපගේ අසල්වැසියාට ආදරය සහ සේවය කලවිට, මෙයට වඩා හොඳ මාර්ගයකින් ලබාගත නොහැකි ප්‍රීතියක් අපට ස්වාභාවනම දැනේවි.

දෙවියන්වහන්සේට සහ අසල්වැසියාට ප්‍රේම කිරීම, දේවසේවයේ; නිවාස මුලික කරගත් සභාවේ සහය ඇතිව ඉගැන්වීමේ; සබත් දවසේ ආත්මික වන්දනාව; සහ සහන සමිතියේ සහ වැඩිහිටියන්ගේ ඝනපූර්ණයේ සහය ඇතිව තිරයෙන් දෙපසම සිදුවන ගලවාගැනීමේ කාර්යන් වල දහමේ අත්තිවාරමයි - මේ සෑම දෙයකම පදනම වන්නේ දිව්‍යමය අණපනත් වන දෙවියන්වහන්සේට සහ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. මේ සියල්ලක්ම දෙවියන්වහන්සේට ප්‍රේමකිරීම සහ අපේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම යන දිව්‍යමය අණ පණත් මත පදනම් වෙයි. මෙයට වඩා බොහෝ මුලික, බොහෝ අවශ්‍ය, සහ බොහෝ සරල වෙන යමක් තිබිය හැකිද?

සත්‍ය, පිරිසිදු, සහ සරල සුභාරංචි සැලැස්මට අනුව ජීවත්වීම, වැන්දඹුවන්, අනාථභාවයට පත් වූ අය, තනියෙන් සිටින අය, ලෙඩ වූ අය, සහ දිළිඳු අය බැහැදැකීමට අපට වැඩි කාලයක් ලබා දෙයි. ස්වාමින්වහන්සේට සහ අසල්වැසියන්ට සේවය කිරීම තුලින් අපට අපගේ ජීවිතයේ සාමය, ප්‍රීතිය, සහ සතුට සොයාගත හැකි වේ.

සභාවේ සහය ඇතිව පවුල කේන්ද්‍ර කරගත් ඉගෙනීම සහ සුභාරංචිය අධ්‍යනය කිරීම අවධාරණය කරන සබත් දින වෙනස්කම් අපගේ නිවසේ බිත්ති තුල අපගේ ආත්මය සහ දෙවියන්වහන්සේට අපගේ ඇති භක්තිය අලුත් කිරීමට ඇති අවස්ථාවන් වේ. මෙයට වඩා සරල, මුලික සහ හෘදයාංගම විය හැක්කේ කුමක්ද? සහෝදර සහෝදරියනි, ජීවිත තුල ප්‍රීතිය සහ සතුට සොයාගැනීමට අපගේ පවුල් තුල ශුභාරංචිය ඉගෙනගැනීම සහ ඉගැන්වීම ඉතා වැදගත් මාර්ගයක් බව ඔබට පෙනෙනවාද?

සබත් දවස ගැන කතා කරන විට, ගැලවුම්කරුවාණන් පැවසුවා, “නියත වශයෙන්ම මෙය ඔබගේ කාර්යන් වලින් විවේක ගැනීම පිණිසත්, මහෝත්තමයාණන් වෙත නුඹේ වන්දනා කිරීමටත් නියම කරන ලද දිනයකි.”11 ඔහු තවදුරටත් එකතුකලා, “ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස … ප්‍රමුදිතව සහ යාච්ඤාව [තුලින්]… ඔබ මේ දේවල් ප්‍රශංසා කිරීමෙන්, උද්යෝගිමත් සිත් වලින් සහ මුහුණුවලින් … [සහ] ප්‍රසන්න හදවතකින් සහ උද්යෝගිමත් මුහුනුවරින් කල යුතුය.”12

කරුණාකර මෙම එළිදරව්වේ මූලික වචන කිහිපයක් සටහන් කරගන්න: ප්‍රීතිය, ප්‍රමුදිතව,ප්‍රශංසා කිරීම, උද්යෝගිමත් සිත්වලින්, ප්‍රසන්න, හදවතකින්, සහ උද්යෝගිමත් මුහුණුවරින්. සබත් දින පැවැත්වීම අපගේ මුහුණට සිනහවක් ගෙන ආ යුතු බව මට පෙනී යනවා.

රූපය
සභාවේදී සුභපැතීම

අපි වඩාත් උසස් සහ ශුද්ධවූ ආකාරයකින් දේවසේවය කරන විට, අපේ සභාවේ රැස්වීම් වලට සහභාගී වන සියලුදෙනාට, විශේෂයෙන්ම අලුත් සාමාජිකයන් සහ අමුත්තන් හට ආචාර කිරීම කෙතරම් වැදගත් ද කියා කරුණාකර සලකා බලන්න. අපි සියලු දෙනාම ගීතිකා ගායනා කිරීමෙන් සතුටු විය යුතුයි ඒ වගේම විවෘත වූ හදවතකින් සහ මනසකින් සක්‍රමේන්තු යාච්ඤාවේ වචන වලට ඇහුම්කන් දියයුතුයි.

නිරාහාරශීලය රැකීමේ සහ සාක්ෂි බෙදාගැනීමේ රැස්වීමේ, ඇදහිල්ලේ සාක්ෂි සභානායකත්වයේ සාමාජිකයෙකු විසින් ගැලවීමේ සැලැස්ම, සහ ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු සහ සරල සුභාරංචිය කේන්ද්‍ර කරගත් කෙටි සාක්ෂියක් බෙදාගැනීමෙන් මෙහෙයවනවා. අනෙකුත් සෑම කෙනෙක්ම එම ආදර්ශය අනුගමනය කල යුතුයි. අප මතක තබා ගත යුතුයි කතන්දර කීමට හෝ චාරිකාවක වික්‍රමයන් බෙදාගැනීමට සුදුසු වෙනත් ස්ථානයන් තිබෙන බව. අප අපගේ සාක්ෂිය සරලව සහ ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය කේන්ද්‍ර කර පවසන විට, අපි එකිනෙකා සමඟ අපගේ සාක්ෂිය බෙදා ගැනීමේදී ආත්මික අලුත්කිරීම් උන්වහන්සේ විසින් ලබාදෙනවා.

දෙවියන්වහන්සේට සහ අසල්වැසියන්ට ප්‍රේමකිරීම යන ඉලක්කගත කාචය තුලින් ඵලදායි දේවසේවය හොඳින් දර්ශනය වේ. සරලව ප්‍රකාෂ කරනවා නම්, අපි දේවසේවයේ යෙදෙන්නේ අපි දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට ආදරය කරන නිසා. අපි අපගේ දේවසේවය සරලව තබා ගන්නවානම් අපගේ දේවසේවා ප්‍රයත්නයන් බොහෝ සාර්ථක වන බව මම විශ්වාස කරනවා. වඩාත් සතුට ගෙනදෙන්නේ ජීවිතයේ ඉතා සරල දේවල් විසින්, ඒ නිසා දෙවියන්වහනේගේ දරුවන්ගේ හදවත් තුල ඇදහිල්ල සහ ප්‍රබල සාක්ෂියක් ගොඩනැගීම සඳහා අපට ලැබී තිබෙන මෙම වෙනස්කම් වලට තවත් අවශ්‍යතාවන් ඇතුලත්කල යුතු යයි නොසිතීමට අපි ප්‍රවේසම් විය යුතුයි.

අමතර රැස්වීම්, අපේක්ෂාවන්, හෝ අවශ්‍යතාවන්ගෙන් අපි දේවල් බැරෑරුම් කරනොගත යුතුයි. එය සරලව තබා ගන්න. මම මේ කතාකරන සාමය, ප්‍රීතිය සහ සතුට ඔබට සොයාගත හැකි වන්නේ එම සරල බාවය තුලයි.

අවුරුදු ගණනාවක සිට සභාව තුල නායකත්ව අරමුණු, අත්පොත 2 හි සඳහන් පරිදි, පැහැදිලි සහ සරල දේවල ප්‍රතිපලයි, මම එය සඳහන් කරන්නම්:

රූපය
දසයෙන් කොටස නිරවුල් කිරීමේ රැස්වීමේ පවුලක්

“නායකයන්, සාමාජිකයන්ව වැදගත් වත්පිළිවෙත් ලබාගැනීමට, ඒවා හා සමඟ සම්බන්ධ වන ගිවිසුම් තබාගැනීමට, සහ උත්කර්ෂයට සහ සදාකාලික ජීවිතයට සුදුසුකම් ලැබීමට දිරිගන්වන්න. …

රූපය
දේවමාළිගාවේ යුවලක්

වැඩිහිටියන්: සෑම වැඩිහිටියෙක්ටම දේවමාළිගාවේ වත්පිළිවෙත් ලබාගැනීමට සුදුසු වීමට දිරිමත් කරන්න. සියලුම වැඩිහිටියන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් දේවමාළිගා වත්පිළිවෙත් ඉටු කිරීමට උගන්වන්න.

රූපය
පූජකවත්ය සඳහා වෙන්කිරීම
රූපය
දේවමාළිගා වත්පිළිවෙත් කාඩ්පත් සමග තරුණ ගැහැණු ළමයෙක්

තරුණ තරුණියන්: සෑම තරුණයෙකුටම මෙල්කසදික් පූජකවරය ලබාගැනීමට, දේවමාළිගා වත්පිළිවෙත් ලබාගැනීමට, පූර්ණකාලීන දූතමෙහෙවරකට සුදුසුකම් ලබන්නට සුදානම් වීමට උදවු වන්න. සෑම තරුණ කාන්තාවකුටම දේවමාළිගාවේ වත්පිළිවෙත් ලබාගැනීමට සහ උතුම් ගිවිසුම් ඇතිකර ඒවා තබාගැනීමට සුදුසු වීමට සුදානම් වීම පිණිස උදවු වන්න. අර්ථවත් ක්‍රියාකාරකම් වලට සහභාගීවීම තුලින් තරුණ තරුණියන් ශක්තිමත් කරන්න.

රූපය
කොට්ටාශ මන්ත්‍රණ සභාව

සියලුම සාමාජිකයන්: පුද්ගලයන් ගලවා ගැනීමට, පවුල් සහ සභාවේ ඒකකයන් ශක්තිමත් කිරීමට, පූජකත්ව ක්‍රියාකාරකම් වැඩිකිරීමට, සහ හැරී එම, තබාගැනීම, සක්‍රීය කිරීම තුලින් ඊශ්‍රායලය එකතු කිරීම සඳහා පූජකත්ව සහ උපශාඛා නායකයන්, කොට්ඨාශ විධායක සභා, කොට්ඨාශ සහ පූර්ණකාලීන ධර්මධුතයන්, සහ සාමාජිකයන් හට ගලවාගැනීමේ සමතුලිත උත්සාහයක යෙදීමට උදවු වන්න. සාමාජිකයන් හට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සැපයිමට, වගේම ස්වාමින්වහන්සේගේ ආකාරයෙන් දිළිඳු සහ අවශ්‍යතා ඇති අයට පිහිට වීමට උගන්වන්න.13

බොහෝ අපූරු සහ විශේෂ ආත්මික අත්දැකීම් සමඟ සභාව තුල මගේ සේවය මට ආශිර්වාද කර තිබෙනවා. උන්වහන්සේගේ අරමුණු මම ඉටුකරගැනීම පිණිස ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාව මෙහෙයවන බවට මම සාක්ෂියක්. මගේ හැකියාවන්ට වඩා වැඩියෙන් දිව්‍යමය මඟපෙන්වීම් මට ලැබී තිබෙනවා. මා හට සුභාරංචියට අනුව ජීවත්වීමේ ප්‍රීතිය කේන්ද්‍රවී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල ධර්මයන් සහ සුභාරංචිය මතයි.

සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල්ගේ සිට සභාපති රසල් එම්. නෙල්සන් දක්වා සභාවේ සභාපතිවරු සහ දිවසිවරු හයදෙනෙකුගේ යතුරු සහ මගපෙන්වීම් යටතේ මම සේවය කර තිබෙනවා. මම සාක්ෂි දරනවා ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ තෝරාගත් දිවැසිවරුන් බව. සභාව සහ ක්‍රිස්තුස්වහන්සේගේ දහම සහ සුභාරංචිය පිළිබඳව ඉතා වැදගත් මුලධර්ම ඔවුන් අපට උගන්වා තිබෙනවා. සභාපති නෙල්සන් ස්වාමින්වහන්සේගේ කාර්යයන් ඉදිරියට ගෙනයන්නේ ඉතා වේගවත්වයි. මම “වේගවත්” යයි කීවේ මට වඩා වැඩිමහල් එකම සහෝදරයා ඔහු නිසා සහ මට ඔහු හා සමඟ වේගවත් වීම අසීරු වී තිබෙන නිසා! පූජකත්ව යතුරු සහ දෙවියන්වහන්සේගේ දිවසිවරයෙකුගේ සළුව ඔහු මත ඇති බවට මම සාක්ෂියක්. සභාපති නෙල්සන් උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල සුභාරංචියයි. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව මම මාගේ සාක්ශිය දරන්නෙමි, ඒ වගේම මෙය උන්වහන්සේගේ සභාවයි-මෙලෙස මම නිහතමානීව සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් ආමෙන්.