2010–2019
අධ්‍යාත්මිකත්වය හා ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් බලකොටුවක් ගොඩනඟන්න
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අධ්‍යාත්මිකත්වය හා ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් බලකොටුවක් ගොඩනඟන්න

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තුල ජීවත් වන විට, ඇදහිල්ලෙන් ඉදිරියටම යමින් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම කෙරෙහි ඇදෙන විට, විරිද්ධකාරයාට විරුද්ධව අපි ශක්තිමත් වනු ඇත.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම සම්මන්ත්‍රණය අවසානයකට ලඟා වන අතර, උපදෙස්, සත්‍ය සහ ගෙවුණු පැය දෙක තුල මෙම වේදිකාව මත බෙදාගත් එළිදරව් වෙනුවෙන් මම අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. දෙවියන්වහන්සේගේ ශුද්ධවූ වචන කතාකිරීමට කැඳවූ උන්වහන්සේගේ සේවකයින් මාර්ගයෙන් අපි ඉගෙනගනු ලැබුවා. පසු-දවස්වල එළිදරව් මගින් ස්වාමින්වහන්සේ මෙසේ අපට මතක් කරනවා, “මාගේම හඬින් වුවද … මාගේ සේවකයින්ගේ හඬින් වුවද, එය සමානය.”1

සාන්තුවරයින්ගේ මෙම අති විශාල ජන සමූහයා දෙස බැලීමෙන් සහ ලෝකය පුරා ප්‍රධාන සම්මන්ත්‍රණය නරඹන සාමාජිකයින් සිහිකිරීමෙන්, මම හිතන්නේ මෝර්මන් පොතේ යේසුස්වහන්සේ උන්වහනේගේ කුරුසපත් වීමෙන් පසු නෙපිවරුන් සමග එකතු වූ අවස්ථාවයි. උන්වහන්සේ සුභාරංචිය උගන්වා ඉන්පසු මෙසේ දිරිමත් කළා, “එසේහෙයින් නුඹලාගේ නිවෙස් වලට යන්න, තවද මම කීවාවූ දේවල් කෙරෙහි මෙනෙහි කරන්න, තවද එනම් නුඹලා තේරුම්ගන්නා පිණිස මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් අසන්න.”2

මෙම ශුද්ධවූ වාතාවරණය යටතේ සභා නායකයින් සහ දිවැසිවරයාගේ වචන “ඔබගේ නිවෙස් වලට ගොස්, මෙනෙහි කරන්න” යනු හදවතට ගත් පසු අප කළ යුතු ඊළඟ පියවරයි. නපුරා “මනුශ්‍ය දරුවන්ගේ හදවත් වියරුකරන, යහපත් දෙයට විරිද්ධව කෝපය ඔවුන් තුල කලඹවන” එළිදරව් කල දිනයේදී, ක්‍රිස්තුස්වහන්සේ කේන්ද්‍ර කොටගත් නිවෙස් දෙවියන්වහන්සේගේ රාජධානි සඳහා මෙළොව බලකොටුය.3

සතුරාව ඉවත්කර තබාගන්නට ඉතිහාසය පුරාවටම මිනිසුන් බලකොටු ගොඩනගා ඇත. බොහෝ අවස්ථාවලදී එම බලකොටුවල දුර බලන්නෙක් - දිවැසිවරයා මෙන් - බලවත් බලවේග සහ පැමිණෙන පහරදීම් ගැන අනතුරු අඟවන ආරක්ශක කුළුණක් ඇත.

රූපය
තෝමස් රස්බැන්ඩ්

යූටාහි පෙර පුරෝගාමීන්ගේ කාලයේ, මගේ මී මුත්තා වූ තෝමස් රස්බැන්ඩ් සහ ඔහුගේ පවුල යූටාහි වස්ටැච් කඳුවැටියේ හීබර් නිම්නයේ පළමු පදිංචිකරුවන් අතර වුණා.

1859 දී, ඔවුන්ගේ ආරක්ශාව සඳහා ගොඩනගන ලද හීබර් වරාය ගොඩනැගීමට තෝමස් උපකාර කළා. එය, කපු ලී කොට එකිනෙක එකතු කර සරල ආකාරයකට හැදූ ව්‍යුහයක් සහිත කොටුවක්. එම පොදු බිත්ති භාවිතා කරමින් බලකොටුව ඇතුළත ලොග් කාමර සාදා තිබුනා. මෙම ව්‍යුහය එම පුරෝගාමී පවුල් සඳහා ආරක්ෂාව හා සුරක්ශිත බව සැපයූ අතර ඔවුන් එහි මුල් ඇදගන්නා අතරම ස්වාමින්වහන්සේට නමස්කාර කළා.

රූපය
පුරෝගාමී වරාය

ඉතින් එය අප සමගයි. අපගේ නිවෙස් ලෝකයේ නපුරට එරෙහි වූ බලකොටුයි. අපගේ නිවෙස් වලදී අපි ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණ, එකට එකතු වී ශුද්ධලියවිලි කියවීම හා යාච්ඤා කිරීම තුලින් සහ ගිවිසුම් මාවතේ රැඳී සිටින්නට එකිනෙකාට උදව් කරමින් උන්වහන්සේගේ අණ පණත් අනුගමනය කරන්නට ඉගෙනගන්නවා. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට අපට උදව් කිරීමට සහ අපගේ හැරීම ගැඹුරු කිරීමට” එන්න, මා අනුගමනය කරන්න වැඩසටහන අපගේ පෞද්ගලික සහ පවුල් අධ්‍යන සඳහා අලුතින් අවධාරණය කොට තියෙනවා.4 එසේ කිරීම තුලින් පාවුලු කී ලෙස අපි “නව නිර්මාණ”5 බවට පත්වී දෙවියන්වහන්සේ සමග අපගේ හදවතත් ප්‍රාණයත් ලංව තබාගන්නවා. විරුද්ධකාරයාගේ පරාවර්තන සහ පහරදීම් වලට මුහුණ දෙන්නට අපිට ඒ ශක්තිය අවශ්‍යයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් ඉපදුණු එම කැපවීම සමග අපි ජීවත් වන විට, සත්‍යයේදී අපට මගපෙන්වන, ස්වාමින්වහන්සේගේ ආශිර්වාද සඳහා සුදුසුව ජීවත් වීමට අපව දිරිමත් කරන එමෙන්ම දෙවියන්වහන්සේ ජීවමාන බවත් අපට ප්‍රේම කරන බවත් සාක්ශි දරන ශුද්ධාත්මයාණන්වහන්සේගේ සාමකාමී සහභාගීකම අපිට දැනේවි. මේ සියල්ල අපගේම නිවෙස් බලකොටු තුලදීය. නමුත් මතකතබාගන්න, අපගේ නිවෙස් බලවත් වෙන්නේ, එම බිත්ති අතර ඉන්නා අපගේ අධ්‍යාත්මික ශක්තිය මත පමණයි.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.6 ස්වාමින්වහන්සේගේ ජීවමාන දිවැසිවරයෙක්, අනාගතවක්තෘවරයෙක් සහ මේ දිනයේ එළිදරව් ලබාදෙන්නෙක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව වන අපගේ බලකොටු කුළුණේ දුර බලන්නා ලෙස, සතුරාට ඉදිරියෙන් ඔහු දකී.

සහෝදර සහෝදරියනි, මනුශ්‍යන්ගේ ප්‍රාණයන් සඳහා අපි සාතන් සමග යුද්ධයක සිටින්නෙමු. අපගේ පෙර ආත්මික ජීවිතයේදී සටන් පේළි ඇඳ තියෙනවා. සාතන් සහ අපගේ ස්වර්ගික පියානන්ගේ දරුවන්ගෙන් තුනෙන් එකක් උන්වහන්සේගේ උසස් වීමේ පොරොන්දුවෙන් ඉවතට හැරුණා. එම කාලයේ සිටම, විරුද්ධකාරයාගේ සෙබළුන් පියාණන්වහන්සේගේ සැලැස්ම තෝරාගන්නා ඇදහිලිවන්තයන් සමග සටන් කරමින් සිටිනවා.

දින ගණන් කර ඇති බවත් කාලය කුඩා වෙන ලෙස වැඩෙන බවත් සාතන් දන්නවා. ඔහු කපටි සහ උපායශීලී වුනත්, ඔහු දිනන්නේ නෑ. කෙසේවුවත්, අප හැමදෙනාගේම ප්‍රාණය වෙනුවෙන් ඔහුගේ සටන ඉදිරියටම යනවා.

අපගේ ආරක්ශාව සඳහා, නපුරා විසින් ඇතුල්වන්නට නොහැකි ලෙස, අපගේ ප්‍රාණයන්ට අධ්‍යාත්මික බලකොටුවක් අප විසින් ගොඩනැගිය යුතුමයි.

සාතන් යනු, බලාපොරොත්තු කඩවීම් සහ කලකිරීම් වලට අපි මුහුණ දෙන අතර, අපගේ ආරක්ශාව බිම හෙලූ විට අපගේ හදවතට සහ මනසට ඇතුලු වන කූට සර්පයෙක්. චාටුවෙන්, ලෙහෙසි පොරොන්දු, සැනසීම හෝ අප වැටී සිටින විට තාවකාලික උස් කිරීමකින් ඔහු අපව පොලඹවනවා. ආඩම්බරකම, අකාරුණිකකම, වංකකම, අතෘප්තිය සහ දුරාචාරය යුක්ති සහගත කරමින් කල්යත්ම ඒවා “අතීත හැඟීම්” බවට පත්කරනවා.7 අත්මයාණන්ට අපව හැර යා හැකියි. “තවද මෙසේ යක්ශයා ඔවුන්ගේ ප්‍රාණයන්ට වංචා කරන්නේය, තවද ඔවුන්ව සැලකිල්ලෙන් පහතට නිරය වෙතට ගෙනයන්නේය.”8

ඊට වෙනස්ව, අප බොහෝ විට මෙවන් වචන සහිත ප්‍රශංසා කරන ගීතිකා උන්වහන්සේ වෙත ගයද්දී ආත්මයාණන් බලවත්ව අපට දැනෙනවා:

බලවත් බලකොටුවක් වන්නේ අපේ දෙවියන්වහන්සේය,

කිසිදා අසාර්ථක නොවූ කුළුණක්.

බලවත් උපකාරයක් වන්නේ අපගේ දෙවියන්වහන්සේය,

ජීවිතයේ පවතින රෝග වලටත් උඩින්.9

ආත්මික ශක්තියේ බලකොටුවක් අපි ගොඩනැගූ විට, නපුරාගේ වාසි පහත දමා, ඔහුට පිටුපස හරවා ශුද්ධාත්මයාණන්ගේ සාමය විඳිය හැකිය. කාන්තාරයේ පරීක්ශාවට ලක්වූ විට “ඔබව මගෙන් අහකට ගන්න, සාතන්” ලෙස කියූ, අපගේ ස්වාමින් සහ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැකිය.10 එය කරන්නේ කෙසේද යන්න අපි එකිනෙකා අපේ ජීවිතයේ අත්දැකීම් වලින් ඉගෙනගත යුතුයි.

එවැනි වූ ධර්මිශ්ට අරමුණක් මොර්මන් පොතේ කැප්ටන් මොරෝනි රැවටිලිකාර, ලේ පිපාසිත සහ බලසම්පන්න ඇමලකායිවරුන් සමග මූණට මූණ සටන් කරන්නට නෙපිවරුන් සූදානම් කිරීමේදී විස්තර කරනවා. නෙපිවරුන් ආරක්ශාකිරීමට මොරෝනි බලකොටු වලට උපදෙස් ලබාදෙනවා “තවද එනම් ඔවුන් ඔවුන්ගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ වෙතට ජීවත් වීමටද, තවද එනම් ඔවුන්ගේ සතුරන් විසින් නම්කරනු ලැබුවාවූ කිතුණුවන්ගේ කාරණය ඔවුන් පවත්වාගන්නා පිණිස උපකාර කළේය.”11 මොරෝනි “ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලේ ස්ථීර වූ අතර”12 “අයුතුකම් නොකොට දෙවියන්වහන්සේගේ අණ පණත් තැබීමෙහි”13 ඇදහිලිවන්ත විය.

ලැමනයිට්වරුන් සටනට ආවිට, නෙපිවරුන්ගේ සූදානම්වීම දැක පුදුමයට පත්වී, ඔවුන් පරාජය විය. නෙපිවරුන් “තම ස්වාමින්වහන්සේ වූ දෙවියන්ට ඔවුන්ගේ සතුරන්ගේ දෑත් වලින් මුදවා දුන් උන්වහන්සේගේ අසමසම බලය පිළිබඳ” ස්තූතිවන්ත විය.14 පිටතින් ආරක්ශාවීම සඳහා ඔවුන් බලකොටු සෑදූ අතර, ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගැඹුරින් - ඇතුලතින් ඔවුන් ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සෙ තුල ඇදහිල්ල ගොඩනගාගත්හ.

“මෙම ශ්‍රේශ්ට කාර්ය කිරීම සඳහා දෙවියන්වහන්සේගේ දෑත් වල මෙවලම් වනු පිණිස” අපගේ අමාරු කාලවලදී අපිව ශක්තිමත් කරගැනීමට අපට කළ හැකි දේවල් මොනවාද?15 අපි ශුද්ධලියවිලි දෙසට හැරෙමු.

අපි කීකරු වන්නෙමු. “වාර්තා සොයා, ඒවා කාන්තාරයට රැගෙන එන පිණිස” තම පුත්‍රයන්ව ජෙරුසලමට යවන ලෙස ස්වාමින්වහන්සේ ලීහායිට අණ කළා.16 ලීහායි ප්‍රශ්ණ කළේ නෑ; ඇයි සහ කොහොමද යන්න ඔහු පුදුම වුනේ නෑ. නීපායිද එසේමයි, ඔහු මෙසේ පිළිතුරු දුන්නා, “ස්වාමින්වහන්සේ අණ කළ දේ මම ගොස් කරන්නෙමි.”17

නීපායි කැමැත්තෙන්ම කීකරු වූ ලෙස අපි ක්‍රියා කරනවාද? හෝ ඇදහිල්ලෙන් මද වූ කාලයත් සමග ස්වාමින්වහස්නේගෙන් ඉවතට ගිය, නීපායිගේ සහෝදරයින් මෙන් දෙවියන්වහන්සේගේ අණ පණත් ප්‍රශ්ණ කරන්නට අපි පෙලඹෙනවාද? කීකරුකම, “හදවතේ ශුද්ධවන්ත කමින්”18 ක්‍රියාත්මක කරන විට , ඒ ස්වාමින්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දෙයයි.

ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ගෙනයන්නට නායකත්වය දෙන්නට ජොශුවා සූදානම් වන විට ස්වාමින්වහන්සේ “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි” කී ලෙස උන්වහන්සේව විශ්වාස කරන්න.19 ජොශුවා එම වචන විශ්වාස කරමින් සෙනඟට උපදෙස් දුන්නා, “හෙට ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍ර වෙන්නැයි සෙනඟට කීවේය.”20 ස්වාමින්වහන්සේ ජොර්දාන් ජලය වෙන් කර, අවුරුදු 40 කාන්තාරයේ සැරිසරමින් සිටි ඊශ්‍රායෙල්වරුන්ගේ සැරිසැරීම අවසන් කළා.

මොර්මන් පොතේ අබිනඩායි දිවැසිවරයා මෙන්, අපි සත්‍යයෙහි නැගී සිටිනවා. අත්ඩංගුවට ගෙන, නෝවා සහ ඔහුගේ අධර්මිශ්ට පූජකවරුන් වෙත ගෙන්වූ පසු අබිනඩායි දස පණත පිළිබඳ දේශනා කර ක්‍රිස්තුස්වහන්සේ “මනුශ්‍ය දරුවන් කරා පහළට පැමිණ, උන්වහන්සේගේ සෙනඟ ගලවන” බව බලයෙන් යුතුව දේශනා කළා.21 ඔහු ඉන්පසු, ඔහු තුල වූ ගැඹුරු ඇදහිල්ලත් සමග මෙසේ ප්‍රකාශ කළා, “අහෝ දෙවියනි, මගේ ප්‍රාණය ලබාගන්න”22 එමෙන්ම අබිනඩායි “ගින්නෙන් මරණය ලැබුවා.”23

රූපය
ඉතාලියේ රෝම දේවමාළිගාව

සක්‍රමේන්තුව ලබාගැනීමෙන් සහ දේවමාළිගාවේ වන්දනාමාන කිරීමෙන් අපි අපගේ ගිවිසුම් සාදමින් ඒවා අළුත් කරනවා. “උන්වහන්සේගේ ආත්මය සෑමවිටම අප තුල තබාගන්නට”24 වූ පොරොන්දුව අපට ලැබෙන, සක්‍රමේන්තුව ඉරුදින නමස්කාරයේ අපගේ කේන්ද්‍රස්ථාන්යයි, එම ශුද්ධවූ වත්පිළිවෙත සමග යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙතට ගන්නටත්, උන්වහන්සේව අනුගමනය කරන්නටත් සහ උන්වහන්සේ කළ ලෙස මෙම දිව්‍යමය කාර්ය සඳහා වූ වගකීම් අපේ උරහිස් මතට ගන්නටත් අපි කැප වෙනවා. දේවමාළිගාවේදී “ලෝකයේ දේවල් පසෙකින් තබා”25 ස්වාමින්වහන්සේගේ වැඩසිටීමත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සාමයත් විඳින්නට අපට පුළුවන්. අපගේ මුතුන් මිත්තන්, සහ පියාණන්වහන්සේගේ අභිමුඛයේ අපගේ සදාකාලික ජීවිතය ගැන අපිට අවධානය ලබාදෙන්න පුළුවන්. රෝමයේදී මෙලෙස සභාපති නෙල්සන් පැවසීම පුදුමයට කාරණයක් නොවේ, “මෙම දේවමාළිගාවෙන් පිටතට යන යහපත අනිවාර්ය ලෙස ශ්‍රේෂ්ඨය.”26

අප කරන සෑම දෙයක් තුලම සම්පූර්ණත්වය තිබිය යුතුය. හරි වැරැද්ද කුමක්ද යන්න නිවැරදිව තීරණය කිරීමට අපට අවශ්‍ය වන පරිදි විචාර බුද්ධිය හා විනය වර්ධනය කර ගත යුතුය. සභාවේ පෙර ප්‍රෙරිතවරයෙකු වූ පේදුරු ප්‍රකාශ කළ වචන අපි හදවතට ගත යුතුය, “සිහි ඇතිව, අවදිව ඉන්න. ඔබ සැමගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”27

අපගේ බලකොටු අප දැඩිව ශක්තිමත් කරන විට, අප උන්වහන්සේගේ සැබෑ ගෝලයන් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් අපගේ ජීවිත ආරක්ෂා කරගන්නෙමු.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබගේ සාක්ශිය ඔබගේ පෞද්ගලික බළකොටුවයි, එය ඔබගේ ප්‍රාණය ආරක්ශා කරයි. මගේ මීමුත්තා සහ ඔහු හා සමග සිටි අනෙක් පුරෝගාමීන් හීබර් කොටුව ගොඩනගන විට,, කොටුව “හොඳින් එකට ශක්තිමත්”28 වන තුරුම ඔවුන් එක ලී කොටය බැගින් දමා ඇති අතර, ඔවුන් ආරාක්ශා වී ඇත. ඉතින් එය සාක්ශිය සමගයි. එක බැගින් “ඇතුලාන්ත කොටස් පිළිබඳ සත්‍ය” උගන්වන, අපගේම ආත්මයට කථා කරන ශුද්ධාත්මයාණන්වහන්සේගේ සාක්ශිය අපි ලබාගනී.29 අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තුල ජීවත් වන විට, ඇදහිල්ලෙන් ඉදිරියටම යමින් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම කෙරෙහි ඇදෙන විට, බිය නොවී විරුද්ධකාරයාගේ ප්‍රයෝගයට විරුද්ධව අපි ශක්තිමත් වනු ඇත. අපගේ සාක්ශීන් ස්වර්ගය හා සමග සම්බන්ධ වී, “සෑම දෙයෙහිම සත්‍ය” සමග අපව ආශිර්වාද කරයි.30 එමෙන්ම පුරෝගාමීන්ව ආරක්ශා කළ බලකොටු මෙන්, ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයේ දෑත් වලින් අප ආරක්ශා සහිතව වටවී සිටින්නෙමු.

ඊතර් දිවැසිවරයා ඉගැන්වූ ලෙස, “එසේහෙයින් කවරෙකු වුවත් දෙවියන්වහන්සේව විශ්වාස කර සැබවින් යහපත් ලෝකයක් උදෙසා බලාපොරොත්තුව තබන්නේද, එසේය දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ ස්ථානයක් පවා, එම බලාපොරොත්තුව පැමිණෙන්නේ ඇදහිල්ල මගින්ය, එය මනුශ්‍යන්ගේ ප්‍රාණයට නැංගුරමක් සාදන්නේය. ඔවුන්ට සහතික සහ ස්ථීරකමින් සැමවිමට යහපත් ක්‍රියාවලින් පූර්ණව දෙවියන්වහන්සේව මහිමවත් කිරීමට මගපෙන්වන්නේය.”31

මගේ දයාබර සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ සුභාරංචිය තුල ආත්මවිශ්වාසයෙන් ඉදිරියට යන්නට මම ඔබ සමග මාගේ ආශිර්වාදය තබා යන්නෙමි. වෙව්ලන අය වටා ඔබේ දෑත් දමන්න, ඔබ තුල ඇති ආත්මයාණන්ගේ ශක්තිය තුලින්, අධ්‍යාත්මික ආරක්ශාව ඇති බලකොටුවට ආදරයෙන් ඔවුන්ට මගපෙන්වන්න. ඔබ කරන සෑම දෙයකදීම “යේසුස්වහන්සේ මෙන් වීමට”32 සොයන්න, නපුරු පරීක්ශා අවහිර කිරීම සඳහා; අපගේ ආදරණීය දිවැසිවරයාණන් ඊයේ අපට අවවාද කළ ලෙස, පසුතැවිලිවන්න; හදවතින් අවංක වෙන්න, ධර්මිශ්ඨ සග පිරිසිඳු වන්න, කරුණාව සහ ප්‍රේමය පෙන්වන්න, සහ සත්‍ය අනුගාමිකයෙකුගේ කැපවීම සහිතව ස්වාමින්වූ ඔබේ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පිළිබඳ අපගේ සාක්ශීන්, අපගේ නිවෙස්, අපගේ පවුල්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවතයන්ගෙන් යුත් සභාවේ අපගේ සාමාජිකත්වය අපගේ පෞද්ගලික බලකොටුව වී නපුරාගේ බලයෙන් අපව ආරක්ශා කර අප වටා සිටිමින් අපව ආරක්ශා කරයි. මේ සම්බන්ධව මගේ එකම සාක්ශිය මම බෙදාගන්නේ අපගේ ස්වාමින් සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.