2010–2019
උන්වහන්සේ කළ ආකාරයටම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේ කළ ආකාරයටම

උන්වහන්සේ කළ ආකාරයටම අපි දේවසේවය කිරීමට සෙවීමේදී අපට අපවම අමතක කර අන් අයව එසවීමට අවස්ථාවන් ලැබෙනු ඇත.

මාස 18 කට පමණ පෙර, 2017 සරත් සෘතුවේදී, වයස 64 වයසැති මයික් සහෝදරයා ඔහුට අග්න්‍යාශයේ පිළිකාවක් ඇතිබව කියමින් මා දැනුවත් කළා. ඔහුගේ නිවාස බැහැදකින්නගෙන් පූජකවර ආශිර්වාදයක් ලැබූ බවත් සභානායකවරයා හමුවූ බව ඔහු මට කිව්වා. ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ සිට ලබාගත් කැලිෆෝනියා ඕක්ලන්ඩ් දේවමාළිගාවේ පින්තූරයක් ඔහු මට එවා තිබුණේ “මගේ රෝහල් කාමරයේ සිට මට දකින්නට පුළුවන් දේ බලන්න” යන පාඨයත් සමගයි.1

නිවාස බැහැදැකීමේ ගුරුවරුන්, පූජකත්ව ආශිර්වාද, සභානායකවරුන් සහ දේවමාළිගාව පිළිබඳ ඔහුගේ අදහස්වලින් මම පුදුමයට පත් වුණා. ආරෝනික පූජකවරයෙකු වූ මයික්, වසර 50 කට ආසන්නව නිතිපතා සභාවට සහභාගි වී තිබුණේ නෑ.

පවුලක් වශයෙන්, පිළිකාවට එරෙහිව සටන් කිරීමේ වර්ධනයත් සමගම ඔහුගේ ආත්මික ප්‍රගතිය ගැන මුළුමනින්ම කුතුහලයක් වුණා, මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෝර්මන් පොත, මුද්‍රා තැබීමේ බලය සහ මරණයෙන් පසු ජීවිතය පිළිබඳව ඔහු නිතර ඇසූ ප්‍රශ්ණයි. මාස ගණනක් ගතවී ගිය පසු පිළිකාව පැතිර ගිය නිසා අතිරේක සහ වඩාත් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් සඳහා මයික්ව යූටා සහ හන්ට්ස්මන් පිළිකා ආයතනය වෙත ගෙන ආවා.

ඔහුගේ පැමිණීමෙන් කෙටි වේලාවකට පසුව, ඔහු ජීවත් වූ රැකවරණ මධ්‍යස්ථානයේ සේවය කළ කොට්ටාශ ධර්මදූත නායක ජෝන් හොල්බෲක් මයික්ව බලන්නට ආවා. ජෝන් ප්‍රකාශ කලේ “මයික් දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් බව මට බොහෝම පැහැදිලි” බවත්, ඔවුන් ඉක්මනින් බැඳීමක් හා මිත්‍රත්වයක් ඇතිකර ගත් බවත්, ඒ නිසා ජෝන් මයික්ගේ සැබැවින්ම දේවසේවා සහෝදරයා බවට පත්වීමට හේතු වූ බවයි. ධර්මදූතයින් පැමිණීම සඳහා ක්ෂණික ආරාධනයක් ලැබුණු නමුත් මගේ සහෝදරයා කාරුණිකව එය ප්‍රතික්ෂේප කළ නමුත් මාසයක් පුරා ඔවුන්ගේ මිත්‍රත්වයෙන් පසු, ජෝන් නැවතත් මයික්ට මෙසේ පැහැදිලි කර දෙමින් ඇසුවා, “මම හිතනවා සුභාරංචි පණිවිඩය ඇසීම ඔබ ප්‍රිය කරයි.”2 මේ අවස්ථාවේදී එම ආරාධනාව පිළිගත් අතර, ධර්මදූතයින් සමඟ රැස්වීම් පැවැත්වීම හා සභානායක ජෝන් ෂාප් සමග සංචාරයන් අවසානයේ දී මයික්ගේ පීතෘමූලික ආශිර්වාද ලබා ගැනීම ඔහුගේ බෞතීස්මයෙන් වසර 57 කට පසු සිදුවුණා.

පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මුලදී, මාස ගණනාවක ක්‍රියාවලීන්ගෙන් පසු, පිළිකා ප්‍රතිකාර නවත්වන්නට මයික් තීරණය කළා, මන්ද ඒ නිසා ඔහු නොයෙකුත් ආකාර අතුරු ආබාධ විඳිමින් සිටි නිසා ස්වභාවධර්මයට ඔහු ඉඩදුන්නා. ඔහුගේ වෛද්‍යවරයා විසින් අපිට දැනුම් දුන්නේ අනුමාන කළ හැකි ලෙස ඔහුට ජීවත් වීමට මාස 3ක් ඇති බවයි. මේ අතරතුරදී, ඔහුව රැකබලාගත් ස්ථානයට පැමිණි දේශීය පූජකවර නායකයන් සහ මිතුරන්ගෙන් - සුභාරංචි ප්‍රශ්ණ ඇසීම අඛණ්ඩව පැවතුණා. මයික් සමඟ අප හමුවූ විට අපි සුභාරංචිය යළි පිහිටුවීම, පූජකත්වයේ යතුරු සහ දේවමාළිගාව හා මිනිසාගේ සදාකාල ස්වභාවය ගැන තවත් බොහෝ දේ සාකච්ඡා කළ බොහෝ අවස්ථාවලදී විවෘත කර තැබූ මෝර්මන් පොතක් අපි දුටුවා.

දෙසැම්බර් මැදදී, ඔහුගේ පීතෘමූලික ආශිර්වාදය අතැතිව, මයික් ශක්තිමත් ලෙස පෙනී සිටි අතර, අවම වශයෙන් තවත් මාස තුනක කාලපරිච්ඡේදයක් ඔහුගේ අපේක්ෂාව විය හැකිවුණා. ඔහුව නත්තලට, අළුත් අවුරුද්දට සහ අනෙකුත් උත්සව වලට සහභාගී කරගන්නට අපි සැලසුම් හැදුවා. දෙසැම්බර් 16 වන දින, මට ශාර්ප් සභානායකවරයාගෙන් බලාපොරොත්තු නොවූ ඇමතුමක් ආවා, ස්ටේක සභාපති මයික් සමග සම්මුක සාකච්ජාවක් පැවැත්වූ බව මට දැනුම් දුන් ඔහු, මයික් මෙල්කිසදෙක් පූජකවරය ලබන්නට සුදුසු බව පවසා, මට සහභාගී වීමට හැකිවේදැයි ඇසුවා. එම වත්පිළිවෙත දෙසැම්බර් 21 වන එම සිකුරාදා දිනට සැලසුම් වුණා.

එම දවස පැමිණි විට මගේ භාර්යාව වන කැරොල් සහ මම ඔහුගේ කාමරයට ළඟා වූ ශාලාව අසලට පැමිණි අතර මයික්ට කිසිදු ස්පන්දනයක් නොමැති බව දැනගන්නට ලැබුණා. අපි එම කාමරයට ඇතුල් වන විට, පීතෘමූලික, සභානායකවරයා සහ ඔහුගේ ස්ටේක සභාපති බලාසිටින අයුරු දැක්කා - ඉන්පසු මයික් ඇස් ඇරියා. ඔහු මා හඳුනගෙන තිබූ අතර පූජකත්වය ලබන්නට සූදානම් යැයි මම කියනවා ඇසුණු බව ප්‍රකාශ කළා. අරෝනික පූජකත්වයට වෙන්කර අවුරුදු 50කට පසුව, ඔහුගේ දේශීය නායකයන් සමග එක්ව මගේ සොහොයුරාව මෙල්කිසදෙක් පූජකවරය ලබාදී වැඩිහිටි තත්වයට වෙන්කිරීමේ වාසනාව මට ලැබුණා. ඉන් පැය 5කට පසු, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු ලෙස අපගේ දමාපියන් හමුවීමට තිරයෙන් එපිටට මයික් අප හැරගියා.

වසරකට පෙර අපගේ සහෝදර සහෝදරියන්ට “උසස්, ශුද්ධවූ ආකාරයකට” සලකන ලෙස සභාපති රසල් එම්. නෙල්සන් කැඳවීමක් ලබාදුන්නා.3 ගැලවුම්කරුවාණන් පිළිබඳ කථා කරන විට, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වුවා; “මේ උන්වහන්සේගේ සභාව නිසා, උන්වහන්සේ කළ ආකාරයට අපි උන්වහන්සේගේ සේවකයන් ලෙස, එකිනෙකාට දේවසේවය කළ යුතුයි. අපි උන්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ බලය සහ අධිකාරීත්වය සහිතව සහ උන්වහන්සේගේ ආදර-කරුණාව තුලින් දේවසේවය කරමු.”4

දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ ආරාධනයකට ප්‍රතිචාර වශයෙන්, එක් එක් කෙනාට සේවය කිරීම සඳහා කැපීපෙනෙන උත්සහයන් ලෝකය පුරා සිදු වෙමින්, සම්බන්ධීකරණය කරන ලද ප්‍රයත්නයන් දෙකෙහිම සාමාජිකයන් විශ්වාසවන්ත ලෙස තම සේවා පැවරුම් ඉටු කරන අතරම, “මාංශික” දේවසේවකයෙකු ලෙස, බොහෝදෙනෙකු නොසිතූ අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම තුලින් ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් ආදරයක් විදහා දක්වයි. අපේම පවුල තුළ, අපි මේ ආකාරයේ සේවය කිරීම් හා සමීපව සිටින්නෙමු.

මයික්ගේ මිතුරා, දේවසේවා සහෝදරයා සහ, කලින් ධර්මදූත සභාපතිවරයෙකු වූ ජෝන්, තම ධර්මදූතයින්ට මෙසේ කියන්නට පුරුදුවී සිටියා “ඔබගේ ලැයිස්තුවේ ‘උනන්දුවක් නෑ’ ලෙස කියන යමෙකු සිටිනවානම් අතහැර දමන්නට එපා. මිනිසුන් වෙනස්වෙනවා.” එවිට ඔහු අපට කිව්වේ, “මයික් බලගතු ලෙස වෙනස් වුණා.”5 ජෝන් පළමුව ඔහුට නිරන්තර දිරිය සහ සහය ලබාදුන් මිතුරෙක් - නමුත් එම මිත්‍රත්ව හමුවීම් වලදී ඔහුගේ දේවසේවාව නැවතුනේ නෑ. අපි දේවසේවය කරන විට දේවසේවය කියන්නේ මිත්‍රත්වයකට වඩා වැඩි දෙයක් බවත් එසේ කරන විට මිත්‍රත්වය තව තවත් වර්ධනය වන බවත් ජෝන් දැනගෙන හිටියා.

මගේ සහෝදරයාට මෙන් දේවසේවයේ අවශ්‍යතාව අවශ්‍ය වෙන්නට කෙනෙකුට ජීවිතයට බලපාන අසනීපයකින් දුක්විඳින්නට අවශ්‍ය නෑ. එම අවශ්‍යතා එක එක හැඩ, ප්‍රමාණ සහ තත්ව වලින් පැමිණෙනවා. තනි දමාපියෙක්, ක්‍රියාකාරී නැති යුවලක්, අරගල කරන තරුණයෙක්, කම්පාවට පත්වූ මවක්, ඇදහිල්ලේ, මූල්‍යමය, හෝ විවාහයේ අභියෝගයක් - ඒ ලැයිස්තුව අසීමිතයි. කෙසේවුවත්, මයික් වගේ, කිසිම කෙනෙක් ඕනෑවට වඩා දුරගිහින් නෑ, එමෙන්ම ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමනීය ලඟාවීමට එය කවදාවත් ප්‍රමාද නෑ.

සභාවේ දේවසේවා වෙබ් අඩවියේ අපට මෙසේ උගන්වනවා, “දේවසේවයට අරමුණු කීපයක් තිබුණත්, අපගේ ප්‍රයත්නයන් අන් අයට ගැඹුරු පුද්ගලයකු බවට පරිවර්තනය වීමට ගැළවුම්කාරයාණන් මෙන් වැඩි වැඩියෙන් අන් අයට උපකාර කිරීමට ඇති ආශාවට මඟපෙන්විය යුතුයි.”6 වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් එය මේ ආකාරයෙන් කිව්වා:

“හොඳ හදවතක් ඇති පුද්ගලයෙකුට ටයරයක් හදන්නට, තම කාමරයේ ඇති අනෙකාව දොස්තර කෙනෙකු ලඟට ගෙනියන්න, දුකින් සිටින අයෙකු සමග දිවා ආහාරය ගන්න හෝ හිනාවී කොහොමද කියා අසා දිනය ආලෝකමත් කරන්න පුළුවන්.

එහෙත්, පළමු ආඥාවේ අනුගාමිකයා මෙම වැදගත් කාර්යභාරයන් වෙත ස්වභාවයෙන්ම එකතු කරනු ඇත.”7

අපගේ දේවසේවය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් සැකසීමේදී, ක්ශණික අවශ්‍යතාවය සැපිරීමට වඩා උසස් අරමුණක් වන, ප්‍රේම කරන්නට, ඔසවන්නට, සේවය කරන්නට සහ ආශිර්වාද කරන්නට වූ උන්වහන්සේගේ ප්‍රයත්න මතක තබාගැනීම වැදගත්. උන්වහන්සේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් පිළිබඳව පැහැදිලිව දැන සිටි අතර, උන්වහන්සේ සුවකර, පෝෂණය කර, සමාවදී හා උගන්වා ඔවුන්ගේ වත්මන් දුක්විඳීම කෙරෙහි අනුකම්පා කළේය. අද දවස රැකබලාගැනීමට වඩා දෙයක් කිරීමට උන්වහන්සේට අවශ්‍යය. උන්වහන්සේ වටා සිටින අය උන්වහන්සේව අනුගමනය කිරීම, උන්වහන්සේව දැනගැනීම සහ ඔවුන්ගේ දිව්‍යමය හැකියාවට ලඟාවීම උන්වහන්සේට අවශ්‍යය.8

“උන්වහන්සේ කළ ආකාරයටම”9 අපි දේවසේවය කිරීමට සෙවීමේදී අපට අපවම අමතක කර අන් අයව එසවීමට අවස්ථාවන් ලැබෙනු ඇත. මෙම අවස්ථා බොහෝවිට අපහසු වුවත්, සෑම සේවයකට වඩා අතිවිශිෂ්ට සේවයක් වූ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම කළ අපගේ ස්වාමියාණන් මෙන් වීමට අපගේ සත්‍ය උවමනාව පහසුය. මතෙව් 25 වන පරිච්ඡේදයේ අපට මතක් කර දෙන්නේ අප ගැන උන්වහන්සේ අපට දැනෙන පරිදි, උන්වහන්සේ මෙන්, අප බොහෝ විට මුහුණ දෙන අරගල, පරීක්ෂාවන් සහ අභියෝගවලට මුහුණ දී ඇති නමුත් ඒවා බොහෝ විට නොසලකාහැරීමට ඉඩ ඇත:

“මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න:

මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය. …

“එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?

“කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? …

“එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි - මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.”10

අප දේවසේවා සහෝදරයන් හෝ සහෝදරියන් ලෙස සේවය කරන විට හෝ, අවශ්‍යතාවක් ඇති කෙනෙකු පිළිබඳව අප දැනුවත්ව සිටින විට, දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුම අද්විතීය හා වටිනා නිසා, ශුද්ධාත්මයේ මඟපෙන්වීම සහ ඉන්පසු ඒ අනුව ක්‍රියාකිරීමටත් මගපෙන්වීම අපිට ලැබෙයි. අපට සේවය කළ හැකි හොඳම ආකාරය ගැන අප කල්පනා කළ හැකිය, නමුත් ස්වාමින්වහන්සේ එය දන්නා අතර, උන්වහන්සේගේ ආත්මයාණන් තුළින් අපගේ ප්‍රයත්නයන් මෙහෙයවනු ඇත. නීපායි මෙන් “කළ යුතු දේවල් දැන නොසිටි අවස්ථාවේ, ආත්මයාණන්වහන්සේ විසින් නායකත්වය දෙනු ලැබූ ලෙස”11 උන්වහන්සේගේ දරුවන්ට ආශීර්වාද කිරීම පිණිස ස්වාමින්වහන්සේගේ අත් විදහා දැක්වීම පිණිස අප ආත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබනු ඇත. අප ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම සොයමින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට අපට ක්‍රියා කිරීමට සහ ආශීර්වාද කළ හැකි වන පරිදි එම අවස්ථාවන් වලට - වෙනත් වචනයෙන් කියනවානම්, දේවසේවය කරන්නට අප යොමුවනු ඇත.

අවශ්‍යතාවක් අපට හඳුනා ගත හැකි වෙනත් අවස්ථා තිබුණද, අපට දීමට ඇත්තේ මඳක් පමණක් යැයි සිතමින්, ඒවාට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් නොවන බවක් අපට හැඟෙන්නට පුළුවන. උන්වහන්සේ කළ ආකාරයටම12 කිරීමට නම්, කෙසේවෙතත් අපට දියහැකිදේ දීමෙන් දේවසේවය කරමින් අපගේ “මෙම ජීවන ගමනේ අනෙකුත් ගමන්කරුවන්”13 සඳහා අපගේ ප්‍රයත්න විශාල කර ආශිර්වාද කරන බවට ස්වාමින්වහන්සේ තුල විශ්වාසය තබන්න. සමහරුන්ට, එය කාලය හා තලෙන්ත ලබා දීම විය හැකිය; අනිත් අයට, එය කරුණාවන්ත වචනයක් හෝ ශක්තිමත් කොන්දක් විය හැකිය. අපේ ප්‍රයත්නයන් ප්‍රමාණවත් නොවන බව අපට හැඟිය හැකි වුවද, සභාපති ඩාලින් එච්. ඕක්ස් “කුඩා හා සරල” යනුවෙන් වැදගත් මූලධර්මයක් මේ සම්බන්ධව බෙදාගත්තා. ලබාදෙන්නා සහ ලබාගන්නා යන දෙදෙනාම ආශිර්වාද කරන සහයකයා වන “ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගීත්වයට”14 ආරාධනා කරන නිසා කුඩා හා සරල ක්‍රියාවන් බලවත් බව ඔහු ඉගැන්නුවා.

ඔහු ඉක්මනින් මියයන බව දැන, මගේ සහෝදර මයික් මෙහෙම කිව්වා, “අග්න්‍යාශයේ පිළිකා ඔබව වඩාත් වැදගත් දේවල් සඳහා අවධානය යොමු කරවීම පුදුමයි.”15 විනිශ්චය නොකර, අවශ්‍යතාවක් දැකිය හැකි පුදුමාකාර පිරිමින් හා කාන්තාවන්ට ස්තුතිවන්ත වන අතර, ගැලවුම්කරුවාණන් මෙන් සේවය කිරීම, එය මයික් සඳහා ප්‍රමාද නොවීය. සමහරුන් සඳහා, වෙනස ඉක්මනින් පැමිණේවි: අනෙක් අය සඳහා තිරයෙන් එපිටදී පැමිණේවි. කෙසේ වෙතත්, එය කිසිවිටෙකත් පරක්කු නැති බවත්, ඔහු හෝ ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ ක්‍රියාවන්ගේ සීමාව ඉක්මවා යන මාර්ගයේ සීමාවක් නැති බවත් මතක තබාගත යුතුය.

පසුගිය ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්නුවා “අප මාර්ගයෙන් පිටත කොපමණ කාලයක් රැඳී සිටියත් අපි වෙනස්වන්නට තීරණය කරන මොහොතේම, අපට නැවත පැමිණීමට දෙවියන්වහන්සේ උදව් කරනු ඇත.”16 කෙසේ වෙතත්, වෙනස්වීම සඳහා එම තීරණය බොහෝ විට, මෙවැනි වූ ආරාධනාවක ප්‍රතිඵලයකි. “මෙම සුභාරංචි පණිවුඩය ඇසීමෙන් ඔබට සතුටක් ලැබෙනවා යැයි මම සිතනවා.” එය ගැලවුම්කරුවාණන්ට ප්‍රමාද නොවුනත්, ආරාධනාවක් යොමුකරන්නට එය ඉක්මන් නෑ.

මෙම පාස්කු සමයේදී අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබිඹු කිරීම සහ නැවත වරක් අප සෑම කෙනෙකුම උදෙසා කළ දැවැන්ත පිරිවැය පිළිබඳව පිළිබිඹු කරන අනර්ඝ අවස්ථාවක් සපයයි, උන්වහන්සේ තමා විසින්ම මෙසේ ප්‍රකාශ කළ සේක “සෑමදෙයකටම වඩා දැවැන්තව වේදනාව නිසා වෙව්ලුවේය” කෙසේවෙතත්, “මා මනුශ්‍ය පුත්‍රයන් වෙනුවන් එය රැගෙන මාගේ සූදානමද අවසාන කළෙමි” කියා උන්වහන්සේ පැවසුවා.17

මම සාක්ශිදරන්නේ මන්ද උන්වහන්සේ “අවසාන කළ” නිසා සැමවිටම බලාපොරොත්තුවක් ඇති නිසාය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.